Category: සුපිරි Politics

  • මුදල් නාස්ති කරන්න හදන්න ඒපා – බිලියන හතරක ටැබ් යෝජනාව ජනපති කුණු කූඩයට දමයි…

    මුදල් නාස්ති කරන්න හදන්න ඒපා – බිලියන හතරක ටැබ් යෝජනාව ජනපති කුණු කූඩයට දමයි…

    මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතුයි – ජනාධිපතිවරයා
    උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
    ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. 
    2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.
    පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය. 
    කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ. 
    ජනපතිගේ මැදිහත්වී, බිලියන 4ක ටැබ් ව්‍යාපෘතිය නවතී
    මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි බීබීසී සිංහල සේවයට ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. 
    එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන තිබියදී ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන නවතා දැමීමට තීරණය කළේය. 
    ජනාධිපතිවරයාගේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන්ගේ එකගතාව හිමිවූ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, වයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතයවූ බව ද කැබිනට් මණ්ඩලයට එක්වූ තවත් අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
    මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සාමාන්‍ය පරිදි පැවත්වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ඇමතිවරුන් පිරිසක් ඊට සහභාගිවී වුහ. කෙසේවෙතත්, අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළ නිදහස් පක්ෂ ඇමැතිවරුන්වන දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගිවී නොමැත.
  • එජාපය පසුබැස්සේ ඇයි? පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා නිරුවත් වන ලිපියක්.

    එජාපය පසුබැස්සේ ඇයි? පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා නිරුවත් වන ලිපියක්.

    මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා  සහ පක්ෂයේ ඉහළ නිළධාරීන් නිරුවත් වන  ලිපියක් යවා ඇත.

     

     

  • බයිසිකලයෙන් බඩල්ගම ඉදන් මහරගම නගර සභාවට ආ 7දෙනා අස්වෙන්නේ නැතිලු.

    බයිසිකලයෙන් බඩල්ගම ඉදන් මහරගම නගර සභාවට ආ 7දෙනා අස්වෙන්නේ නැතිලු.

    පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 7 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේ ඔවුන් සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්‍යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

    නාගරික සභික ධුර ප්‍රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.

    ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන , දිලන්ති කුසුම්සිරි , බෝඹුවිල දේවගේ ජොසපින් , චමිඳු ලක්ෂාන් රණසිංහ , ධම්මිකා නිශාන්ති , ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.

  • හෙට කරන්න යන දේ ගැනත් සාකච්ඡා කරන්න රැස්වු කැබිනට් රැස්වීමට අාපු නැති දෙන්නා…

    හෙට කරන්න යන දේ ගැනත් සාකච්ඡා කරන්න රැස්වු කැබිනට් රැස්වීමට අාපු නැති දෙන්නා…

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණා.

    ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

    පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    හෙට (21) සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට අමාත්‍යවරුන් දෙදෙනෙක් පැමිණ සිටියේ නැහැ.

    ඒ අමාත්‍ය දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයායි.

    නමුත් අනෙක් සියලු කැබිනට් අමාත්‍යවරු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ සිටි අතර සාමාන්‍ය පරිදි රැස්වීම පැවැත්වුණු බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

     

     

  • කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.

    කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.

    පලාත් පාලන මැතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විචිත්‍ර ධර්ම කථිකයෙකු  වන වියත්  හිමිනමක් විසින්  රට කැළඹෙන උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වී තිබේ.

    “මහින්ද, මේ අහනවා. තමුසෙට මේ මිනිස්සු ජන්දේ දීලා තියෙන්නේ ජනාධිපතිකම් වත්, අගමැතිකම්වත් කරන්න නෙමෙයි. නිදහසේ මැරෙන්න. හිතහදාගෙන නිදහසේ මැරෙනවා” යනුවෙන් එහිදී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත.

    මෛත්‍රීපාල සීරිසේන, රනිල් වික්‍රමසිංහ යන දෙපළ පිළිබඳව පසුගිය සමයේ දැඩි විවේචන කල උන්වහන්සේ දැඩි රාජපක්ෂවාදියෙකු වන අතර දැඩි යහපාලන ආණ්ඩු විරෝධී මතයක සිට කටයුතු කරයි.

    ආවේගශීලී ධර්ම දේශකයෙකු  වන උන්වහන්සේ නම කියූ සැනින් සියලු දෙනා දන්නා දකුණු පළාතට සම්බන්ධ හිමිනමකි.

  • මොරගහකන්දේ නිල් දියවරේ පිහිටෙන් වියලි කාලගුණය පරදා පැරකුම් සයුර වාන් මට්ටමට..!

    මොරගහකන්දේ නිල් දියවරේ පිහිටෙන් වියලි කාලගුණය පරදා පැරකුම් සයුර වාන් මට්ටමට..!

    වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි.

    පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් පවතින බවත් වාන් දොරටු විවෘත කිරිම සඳහා අක්කර අඩි එක් ලක්ෂ දාහත්දාහක් තිබිය යුතුය. මේ වන විට දිනකට වැවෙන් තප්පරයට ඝණ අඩි 200 ක් මුදාහරින අතර දිනකට පරාක‍්‍රම සමුද්‍රයට ඇළහැරින් තප්පරයට ඝණ අඩි 200 ක් සහ කලුගගෙන් තප්පරයට ඝණ අඩි 500 ක් වැවට ජලය ලැබෙන බව කියයි.

    ඉදිරි යල් කන්නය සඳහා කිසිදු බාධාවකින් තොරව පරාක‍්‍රම සමුදුයේ කන්න වගා කිරිමට හැකියාව ඇති බවත් මින්නේරිය ගිරිතලේ සහ කවුඩුල්ල වැව් සඳහා ඉදිරියෙදි වර්ෂාව ලැබුනොත් වැව් පිරවිය හැකි බව ඒ මහතා කීය.

    වර්ෂාව නොලැබුණත් මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනිමේ හැකියාව ඇති බැවින් ඉදිරි යල් කන්නයේ ජල හිගයකින් තොරව ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට හැකියාව ඇති බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා වැඩිදුරටත් කිය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිපලයක් වන මොරගහකන්ද මහා ජලාශය මගින් ගොවි ජනතාවට සෙත සලසන්නට මෙතරම් ඉක්මනින් හැකියාව ලැබීම සැබවින්ම ජනතාවගේ ජයග්‍රහණයකි…

  • ‘‘ඊළම පූදින්නේ මහින්දගේ නෙළුම් පොහොට්ටුව මතින්” – ආර් සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්..!

    ‘‘ඊළම පූදින්නේ මහින්දගේ නෙළුම් පොහොට්ටුව මතින්” – ආර් සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්..!

    පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළේය.

    විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

    ”දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්. රාජපක්‍ෂ මහතා මේ ක්‍රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින්” යැයි පවසා සිටියේය.

  • අගමැති රනිල්ගේ හෙංචයියයා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙ ආයේ එන්නේ නෑ..! ජී.එල් කියයි..!

    අගමැති රනිල්ගේ හෙංචයියයා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙ ආයේ එන්නේ නෑ..! ජී.එල් කියයි..!

    මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ  අර්ජුන මහේන්ද්‍රන් යළි මෙරට පස් පෑගීමටවත් නොඑන බව තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.  ඔහු මේ බව ප්‍රකාශ කලේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

    අර්ජුන මහේන්ද්‍රන් මෙරටින් කොල්ලකා ගත් ධනයෙන් අසීමිත ලෙස සැප සම්පත් විඳිමින් නිදැල්ලේ හැසිරෙන පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද සඳහන් සඳහන් කලා.

     

    ‘‘අර්ජුන මහේන්ද්‍රන්ට  පෙබරවාරි 15 ට කලින් සී.අයි.ඩී. එකට පැමිණ ප්‍රකාශයක් කරන්න කීවා. නමුත් අද වන තෙක් ඔහු ආවේ නැහැ. අප හොඳින්ම දන්නවා ඔහු එන්නේ නැහැ කියලා. කිසිසේත් මේ ලංකා පොළොවේ පස් පාගන්න ආයෙ අර්ජුන මහේන්ද්‍රන් එන්නේ නැහැ. එයා මෙරටට පැමිණි විගසම ගුවන් තොටුපොළේදී එයාට මාංචු දාන බව දන්නවා.

    අර්ජුන මහේන්ද්‍රන් පත් කරන වෙලාවේදී කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධයක් මතු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා කවුරුත් මේ සඳහා කලබල විය යුතු නැහැ. මම ඔහු පිළිබඳව පෞද්ගලිකවම වගකීම භාර ගන්නවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන විට එයා සඳහන් කළා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා පැය විසිහතරකට පසුව අර්ජුන මහේන්ද්‍රන්ට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ලබා දීලා මහ බැංකුවේ අධිපතිකම භාර ගන්න කියලා පැවැසුවා කියලා.

    ඇමැතිවරු පත් කරන්නත් පෙර අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න කල්පනා කළා. ඒ නිසා ඉන් පෙනෙනවා මෙය සැලසුම් සහගතව සිදුකළ මහා කොල්ලයක් කියලා. අද අපි අහනවා ඒ වගකීම දැන් අගමැතිවරයා භාරගන්නවාද කියලා. මේ රටේ මහ බැංකුව කොල්ල කාලා භාණ්ඩාගාරය හිස් කරලා අසීමිත ධනයක් අපේ ජාතියට අහිමි කළ මේ පුද්ගලයා අද නිදැල්ලේ ඉන්නවා. මේ රටින් කොල්ල කා ගත් ධනය භුක්ති විඳිමින් ඔහු අද පිටරට ජීවත් වෙනවා. දැන් අගමැතිවරයා මොනවාද කරන්නේ කියන ප්‍රශ්නය අපි අගමැතිවරයාගෙන් අහනවා.

  • මෙවර මැතිවරණයේදී ජවිපේ වෙනුවෙන් එකම කොට්ඨාශය දිනූ, අවුරුදු 75 සමාජවාදියා මෙන්න..

    මෙවර මැතිවරණයේදී ජවිපේ වෙනුවෙන් එකම කොට්ඨාශය දිනූ, අවුරුදු 75 සමාජවාදියා මෙන්න..

    පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත මුළු ඡන්ද  සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නය. එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස  6.3%කි. එම පක්ෂය මෙවර නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රීධූර 432ක් දිනා  ගැනීමට සමත් විය. කෙසේවෙතත් එම මන්ත්‍රීධූර අතුරින් 431ක් ඔවුන් ජයග්‍රහණය  කළේ අතිරේක ලැයිස්තුවෙනි.
    පානදුර නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ  නියෝජනය කරමින් වෑකඩ උතුර ඡන්ද කොට්ඨාසය සඳහා තරඟ කළ එම්. පියසේන  ප්‍රනාන්දු මහතා එම කොට්ඨාසය ජයග්‍රහණය කරමින්, කොට්ඨාස ජයග්‍රහණයක් ලද එකම  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා බවට පත් විය.
    ක්‍රියාකාරී  දේශපාලනයේදී සමාජවාදී ධාරාව සිය දේශපාලන මතවාදය බවට පත් කර ගත් ඒ මහතා, සිය  දේශපාලන ආගමනයේ සිට මෙවර ජයග්‍රහණය දක්වා ගමන්මඟ පිළිබඳ ඉතිහාසය ‘රැස’ට  මෙලෙස හෙළි කළේය.
    ‘1956 අප්‍රේල් මාසේ 5 වෙනිදා තමා මට මුලින්ම  දේශපාලනය ගැන අදහසක් ආවේ. ඒ වෙනකොට මම පාසල් යනවා. ලංකා සම සමාජ පක්ෂයේ  ආරම්භකයෙක් වුණ ලෙස්ලි ගුණවර්ධන 1956දී පානදුර ආසනය නියෝජනය කරලා  පාර්ලිමේන්තුවට තරඟ කළා. මේ වෙලාවේ ඔහුව පිළිගනිමින් තමා මම දේශපාලනයට  ආරම්භයක් ගත්තේ.’
    1935දී ඇරඹි ලංකා සම  සමාජ පක්ෂය ජාතික නිදහස් ව්‍යාපාරය තුළ සිටි දැවැන්ත චරිත ගණනාවක නවතැන  විය. 1956 වන විට එම පක්ෂය ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ තීරණාත්මක දේශපාලන  මෙහෙවරක් ඉටු කරමින් සිටි පක්ෂයක් බවත් පත්ව තිබීම පියසේන ප්‍රනාන්දු  මහතාගේ ආකර්ෂණයත් සම සමාජ ව්‍යපාරය දෙසට නැඹුරු වීමට හේතු වූවා නිසැකය.  
    ‘ඊට  පස්සේ දිගටම ලෙස්ලි ගුණවර්ධනත් එක්ක කොමියුනිස්ට් ව්‍යාපාරයේ මම වැඩ කළා.  1970දි ප්‍රවාහන ඇමති බවට පත් වුනාට මම කොට්ඨාස ලේකම් විදිහට කටයුතු කළා.’
    එතකොට  ඔබ මොන කාලෙද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔහුගේ වර්තමාන  දේශපාලන පරිච්ඡේදය පිළිබඳ දැනගනු රිසියෙන් ඒ පැනය අපෙනි.
    ‘2003  අවුරුද්දෙදි මම ලංකා සම සමාජ පක්ෂයෙන් ඈත් වෙලා ජනතා විමුක්ති පෙරමුණට  සම්බණ්ධ වුණා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු පානදුර නගර  සභාවේ මන්ත්‍රීවරයෙක් හිටියා උදිත සමරක්කොඩි කියලා. ඔහු මාර්ගයෙන් තමයි මම  පක්ෂයට එකතු වෙන්නේ. මම පානදුර නගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු  කරන්නේ 2006 ඉඳලා. ඒ අවුරුද්දෙත් උදිත සමරක්කොඩි සහ මම තමා පක්ෂය නියෝජනය  කරලා නගර සභාවට පත් වෙන්නේ. පස්සේ උදිත පක්ෂයෙන් ඈත් වුණා.’  
    ඒ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණු ආගමනයයි.
    1943දී  උපන් පියසේන ප්‍රනාන්දු කුඩා කල පටන් සමාජ සේවය සහ සමානාත්මතාවයට  ඇලුම් කළ අයෙකි. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන තුරුම වෑකඩ මධ්‍යම සණස  සමිතියේ සභාපතිධූරයේ සහ භාණ්ඩාගාරිකධූරයේ වරින් වර කටයුතු කර තිබේ. පානදුර  ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංවර්ධන කටයුතුවලදි, ප්‍රදේශයේ ශ්‍රමදාන ආදී වූ  පොදු කටයුතුවලදී පියසේන ප්‍රනාන්දු මහත්මා ආගන්තුක චරිතයක් නොවේ.
    විශේෂයෙන්  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරිය ලෙස  කටයුතු කරන සමයේ නගර සභාවට අයත් ඉඩම් දෙකක අනවසරයෙන් පදිංචිව සිටින පවුල්  70ක පිරිසට නීත්‍යානුකූල අයිතිය ලබා දීම සහ පානදුර නගර සභා සීමාව තුළ කාණු  පද්දතිය පිරිසිඳු කිරිමේ කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම සඳහා තම ප්‍රමුඛත්වය  ලැබෙන බව ප්‍රනාන්දු මහතා අප සමඟ පැවසීය.
    මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 3260 ලබාගෙන අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 5ක් ලබා ගනිද්දි ඡන්ද 3252ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට එම ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 3ක් පමණක් ලැබීම ගැන තමන් විමතියට පත්ව සිටින බවද පියසේන ප්‍රනාන්දු මහත්මා අප සමඟ පැවසීය.
  • පාස්පෝට් නඩුවට විත්ති කූඩුවට නැග්ග විමල් වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි..!

    පාස්පෝට් නඩුවට විත්ති කූඩුවට නැග්ග විමල් වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි..!

    කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශ ගත ගතවීම සඳහා උත්සාහ දැරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවරා ඇති නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ ඔහුට විත්ති කූඩුවේ සිටගෙන සිටීමට නොහැකිවීම හේතුවෙන් විත්ති කූඩුවේ පුටුවක් තබා නඩුව අවසන් වන තුරු වාඩිවී සිටීමට ඔහුගේ නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

    ඒ අනුව ඔහුට එහි වාඩිවී සිටීමට අදිකරණය අවසර ලබා දී තිබේ.

    විමල් වීරවංස මහතා සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍රයේ විස්තර පරිගණකයට ඇතුළත් කළ පසු එහි “අක්‍රීය (අවලංගු) විදේශ ගමන් බලපත්‍රයක් බව පරිගණක තිරයේ දිස්වුණා” යැයි එම නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි ජයන්ත රත්නායක ප්‍රකාහ කර තිබේ.

    රජයේ අධිනීතිඥ දිස්නා වර්ණකුල මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙය වූ අතර තවදුරටත් සාක්ෂි දුන් ජයන්ත රත්නායන මහතා…

    “මම 2015 ඔක්තෝම්බර් 22 දින සවස 5ට පමණ රාත්‍රී සේවයට වාර්තා කළා. 23 දා අලුයම ප්‍රභූවරුන්ගේ පර්යන්තයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදේශ ගතවන බව මට දැනුම් දුන්නා.

    අලුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන විට එය අලුත් ගමන් බලපත්‍රයක් බවට ඉංග්‍රිසි අක්ෂරයෙන් සදහන් කර මුද්‍රාවක් තබනවා. ලංකාවේ නීතිය අනුව එක් අයකුට භාවිතා කළ හැක්කේ එක් විදේශ ගමන් බලපත්‍රයක් පමණයි. ගමන් බලපත්‍රයක් නැතිවූ විට නැවත අලුත් ගමන් බලපත්‍රයක් නිකුත් කරනවා. පරණ ගමන් බලපත්‍රය අක්‍රිය කරනවා. අක්‍රිය වූ ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීමට බැහැ. විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ සියලුම විස්තර ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල හා ප්‍රධාන කාර්යාලයේ පරිගණකවලට ඇතුළත් කර තිබෙනවා.”

    රජයේ නීතිඥ :

    “එම ගමන් බලපත්‍රය අක්‍රිය එකක් බව මන්ත්‍රීවරයාට දැනුම් දුන් විට සිදුවූයේ කුමක්ද ?”

    සාක්කිකරු :

    “මන්ත්‍රිවරයාගේ ස්වාභාවයේ වෙනස් වීමක් සිදුවුණා. මෙම විදේශ ගමන අත්‍යාවශ්‍ය ගමනත් බව ඔහු ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතා අත ගමන් මල්ලක් තිබුණා. මන්ත්‍රීවරයා මගෙන් ඇසුවා වෙලා තියෙන්නේ කුමක්ද කියලා. ඔහු එමිරේට් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමටයි පැමිණ සිටියේ. විමල් වීරවංශ මහතා සන්තකයේ තිබුණේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්. විමල් වීරවංශ මහතා ඔහුගේ මුල් විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවී වෙනත් ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබුණා. එය අක්‍රිය ගමන් බලපත්‍රයක් බැවින් එම අක්‍රිය ගමන් බලපත්‍රයෙන් විදේශ ගතවීමට ඔහුට නොහැකි බව දැනුම් දුන්නා. ඔහු විදේශ ගත වීමට පැමිණියේ නැතිවුණා යැයි කියන විදේශ ගමන් බලපත්‍රයද සමඟයි.”

    අවිධිමත් ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි විට ගුවන් තොටුපළ බළධාරින් විසින් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේ 2015 ඔක්තෝබර් 23 දීය.

    නඩුව ආරම්භයේදීම සාක්ෂිකරු මීට පෙර දෙන ලද සාක්කිවල සටහන් කිහිපයක් නිවැරදි විය යුතු යැයි රජයේ අධිනීතිඥවරිය අධිකරණයේ අවධානය යොමුකර එය පැමිණිල්ලේ සහ විත්තියේ එකඟතාව මත නිවැරදි කරනු ලැබීය.

    මෙදින විත්තියේ නීතිඥ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි විමල් වීරවංශ මහතාට විත්ති කූඩුවේ පුටුවක් තබා නඩුව අවසන් වන තුරු වාඩිවී සිටීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

    නැවත විභාගය ජුනි 14දා කැඳවීමට නියමිතය.

  • අගමැතිකම භාරගන්න පෙරට ආපු කරුගේ ඔළුව කාපු රනිල් මං-ගලගේ එහෙයියා මෙන්න..

    අගමැතිකම භාරගන්න පෙරට ආපු කරුගේ ඔළුව කාපු රනිල් මං-ගලගේ එහෙයියා මෙන්න..

    කතානායක කරු ජයසූරිය මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 53 දෙනෙකු පමණ ඊට සහය දීමට සූදානමින් සිටින බව පවසමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ඒ සම්බන්දයෙන් කතානාවකවරයාගේ අදහස විමසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලා පිටු කිහිපයක වාර්තා කර ඇත.

    ඒ අනුව ඒ සදහා කරු ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බවට වාර්තා වූ තොරතුරු මත ආණ්ඩුවේ එජාප තවත් ප‍්‍රබලයෙකුගේ හිතවතෙකු වන ක‍්‍රිෂාන් කුරේ නම් පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුණ ගැසී අදහස් විමසා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී තොරතුරු සත්‍ය බවට ඒත්තු ගැන්වෙන කරුණු සදහන් කර ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

    මේ තොරතුරු ප‍්‍රමාණික ලෙස තහවරු කර ගැනීමෙන් පසු ක‍්‍රිෂාන් කුරේ කරු ජයසූරිය මහතා මුණ ගැසීමට පැමිණ අගමැතිකම බාර නොගැනීමට දැඩි ලෙස ඔහුට බල කර ඇතැයිද සදහන්ය.

    මේ ආකාරයේ වැඩකට කර නොගසන ලෙසත් කලින්ද මේ ආකාරයේ වැඩක් කර පක්‍ෂයට ද්‍රෝහියා වූ බවත් ඔය කියන පනස්ස ගණනක් නොඑනු ඇති බවත් වැඩිම උනොත් දහයක් එනු ඇති බවත් පෙන්වා දී ඇත.

    එසේ අටවන ලද ආණ්ඩුවක් වැඩි කල් නොපවතින නිසා මෙම යෝජනාවට එකග නොවන ලෙසද දන්වා කරු ජයසුරිය මහතාගේ අදහස වෙනස් කර ඇති බවද දැක්වෙයි.

    මෙලෙස කරුව සහ ජනාධිපතිවරයාව පාවාදීම වෙනුවෙන් රනිල්ගේ ගලක් වන මං-ගල විසින් කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේට අල්ලස් ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් මෙන්ම නියෝජ්‍ය ඇමතිධුරයක් ද ලබාදෙන බවට පොරොන්දු දී ඇත.

    උපුටනය: ලංකාලීක්ස්

  • දූෂිතයින්ට නඩු පැවරීම වැළැක්වූ හිටපු අගවිනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීමේ තැතක්.

    දූෂිතයින්ට නඩු පැවරීම වැළැක්වූ හිටපු අගවිනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීමේ තැතක්.

    අයුතු සහගත නීතිපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඩී. නවාස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
    අදහසක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනාවකට ලක්වීමට සිදුවීම සම්පූර්ණ පද්ධතියටම බලපෑමට හැකියාව ඇති හෙයින් හිටපු අගවිනිසුරුවරයා සහ වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා තීරණය කොට ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
    වෘත්තීයමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනා නැඟීම පූර්වාදර්ශයක් බවට පත්වුවහොත් එය නීතිඥ හා විනිසුරු ක්ෂේත්‍රයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවට නීතිඥ සංගමයේ සාමාජිකයන්ගේ අදහස් අනුව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මෙම තීරණය ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
    හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් නීතිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී දූෂණ හා අක්‍රමිකතා සිද්ධීන්වලට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත අන්දමින් නීතිපති වාර්තාවක් ලබාදෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා එල්ල කොට ඇත.
  • මැතිවරණ ක්‍රමය විහිළුවක් වෙයි : රටම බලාසිටි 25% කාන්තා නියෝජනය නොසළකා හරියි.

    මැතිවරණ ක්‍රමය විහිළුවක් වෙයි : රටම බලාසිටි 25% කාන්තා නියෝජනය නොසළකා හරියි.

    පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර  තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා  හැරීමට  දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.

    පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා  නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස ඇතැම් සභා ස්ථාපිත කිරිමේ දී කාන්තා නියෝජනය නොසළකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර  පක්ෂ නායක නායකයින්ට අමතර  මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ.

  • අගමැතිකම බැරිනම් අඩුම ගානේ මට විපක්ෂ නායකකමවත් දෙන්න – කුපාම මහින්ද ඉල්ලයි

    අගමැතිකම බැරිනම් අඩුම ගානේ මට විපක්ෂ නායකකමවත් දෙන්න – කුපාම මහින්ද ඉල්ලයි

    පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාවාරයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටියදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

    ආණ්‌ඩු කියන දේවල් තිබෙනවා. නැති වෙනවා. තව වෙසක්‌ පෝය දෙකයි මේ ආණ්‌ඩුව තිබෙන්නේ යෑයි ද රාජපක්‌ෂ මහතා එහිදී කීය.

    අගමැති ධුරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පත් කරනවා නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් එක්‌සත් ජාතික පක්‌ෂයේ අගමැතිවරුන්ට සහාය දෙන්න තමන් සූදානම් නැති බවත් පැවසූ හෙතෙම එහෙත් ජනාධිපතිවරයා දැන් කටයුතු කරන ආකාරයට අනුව අගමැති ධුරයේ වෙනසක්‌ සිදු වනු ඇතැයි විශ්වාසයක්‌ තැබිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

    කතානායකවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කරනවා ” – දිනේෂ්

    පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බවත්, ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ‘මව්බිම’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

    ආණ්ඩුවේ විවිධ බාධා රැසක් මධ්‍යයේ එම අභියෝගවලට මුහුණ දෙමින් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියම භූමිකාව සිදු කළ බවත් විපක්‍ෂ නායක ධුරය ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව සැබෑ විපක්‍ෂයේ භූමිකාව දැඩිව සිදුකරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටු වීමට ක්‍රියා කළහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදෙන ලෙසට කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා තිබේ.

  • තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා

    තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ විපක්ෂයට එක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
    එහිදී තමා විසින් ඉදිරි මාසයක කාලය රැඩිකල් තීන්දුවක් ගැනීමට සුදානම් බවත් ඒ නිසා  මේ ටිකේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සුසන්ත පුංචි නිළමේට කියා ඇත.

     

  • හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

    දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති.

    අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇත්තේ එම පිරිස තමන්ට ඉපැයිය හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවයි. එසේ උපයා ඇත්තේ අල්ලස් ලබා ගනිමින්, දූෂණවල යෙදෙමින් බව සඳහන් වෙයි.

    අල්ලස් කොමිසම එසේ ලැබුණ පැමිණිලි පරීක්ෂාවට ලක්කර එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කර අදාළ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගනිමින් අවසානයේ ඒ සියලු ආදායම් ඉපැයූ ආකාරය පිළිබඳ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් එම වත්කම් ඉපැයූ ආකාරය හෙළිදරව් කිරීමට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

    එහෙත් ලක්ෂ, කෝටි ගණනින් ඉපැයූ එම ධනය පිළිබඳ අල්ලස් කොමිසමට පිළිගත හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් කර නොමැත.