Category: සුපිරි Politics

  • ‘ශ්‍රීලනිප – එජනිස’ ජය ලැබූවන් සහ සියලු සංවිධායකවරු ජනපති නියමයෙන් අද කොළඹට

    ‘ශ්‍රීලනිප – එජනිස’ ජය ලැබූවන් සහ සියලු සංවිධායකවරු ජනපති නියමයෙන් අද කොළඹට

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් අද (15) කොළඹට කැඳවා තිබෙනවා.

    එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. 

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජය ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ටද ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

    පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී ආසන සංවිධායකින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    බහුතරය පිළිබඳ ගැටලූ පවතින පළාත් පාලන ආයතන පිළිබඳව මෙහිදී ජයග‍්‍රහණය ලැබූ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.

  • ජනපතිට අගමැති ඉවත් කළ හැකි ‘වගන්ති’ මෙන්න – රනිල්ට ගෙදර යන්න වෙන ලකුණු

    ජනපතිට අගමැති ඉවත් කළ හැකි ‘වගන්ති’ මෙන්න – රනිල්ට ගෙදර යන්න වෙන ලකුණු

    ජනාධිපතිවරයා විසින් වත්මන් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කර ඒ සඳහා වෙනත් අයෙකු පත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුවත් ඒ සඳහා නීතිමය හැකියාවක් තිබේදැයි මතවාදයක් පවතිනවා.

    සිය අභිමතය පරිදි අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිරවයාට තිබූ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් වෙනස් කර ඇතැයි පළවන අදහස් ඊට හේතුවයි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වයන් යටතේ අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධීපතිවරයාට නීතිමය බාධාවක් නොමැති බව, අප ඒ පිළිබඳ කළ විමසීමකදී නීතීඥ ශිරාල් ලක්තිලක කියා සිටියා.

    “19වන සංශෝධනය යටතේ මේ සඳහා අදාළ වගන්ති වන්නේ 42 (04), 46 (02), 48 සහ 70 කියන වගන්ති. ඒ වගන්ති අනුව බැලූ බැල්මට පේන්නේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට හෝ කැබිනට්ටුව වෙනස් කිරීමට වසර හතරහමාරක් යන තෙක් සිදු කළ නොහැකි බව. නමුත් මේ වගන්ති එක්ව ගත් කළ ඒ සඳහා වියතිරේක පවතින බව.. විශේෂයෙන්ම 48 (01) වගන්තිය යටතේ පෙන්නුම් කරනවා. ඒ නිසා කිසිම ව්‍යවස්ථානුකූල සිරවීමක් මේ තුළ නෑ. අවසන් වශයෙන් නීතිය කුමක් වුවත් දේශපාලනය ක්‍රියාත්මක වීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ.”

  • බල අරගලය අතරතුර අගමැතිකම ගැන මහින්දගෙන් ජනපති මෛත්‍රිට ලිපියක්…

    බල අරගලය අතරතුර අගමැතිකම ගැන මහින්දගෙන් ජනපති මෛත්‍රිට ලිපියක්…

    පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත හැකි මන්තී‍්‍රවරයෙකු අග‍්‍රාමාත්‍යධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

    ඒ, එහි ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීරගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියකින්. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදීද සංවාදයට ලක්වූ ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුව ඇති බව මෙම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා. 

  • ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසම විශාල අර්බුදයක – ඇතුලාන්තය මෙන්න

    ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසම විශාල අර්බුදයක – ඇතුලාන්තය මෙන්න

    පළාත් පාලන මැතිවරණයට තරග කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ (14) පැවැත්වුණා.

    පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කිරිම තවදුරටත් පමා වීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    පළාත් පාලන ආයතනවලට ලැයිස්තුවෙන් පත් කළ යුතු සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් තවමත් ලබා දී නොතිබීම මෙම පමාවට එක් හේතුවක් බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර තිබෙනවා.

    පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු කිරීමද අසීරු වී ඇති  බවයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙන්නේ.

    ඇතැම් පළාත් පාලන ආයතනවල වැඩි සභිකධුර සංඛ්‍යාවක් හිිමිකර ගත් කණ්ඩායම ඔවුන්ට හිමි සියලූ සභිකධූර හිමිකර ගෙන ඇත්තේ කොට්ඨාශ ජය ගැනීමෙන්.

    ඔවුන්ට ලැයිස්තුවෙන් මන්තී‍්‍රධූර කිසිවක් හිමිවී නැහැ. ඒ අනුව එවැනි පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු කිරීමේදී දෙවැනි සහ තුන්වෙනි වැඩිම සභිකධූර ලාභීනිට වැඩි කැප කිරීමක් සිදු කිරීමට වනු ඇතැයි මැතිවරණ කොමිසම පෙන්වා දී තිබෙනවා. 

  • ” මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න ” – ජනපති මෛත්‍රී

    ” මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න ” – ජනපති මෛත්‍රී

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා. 
    වත්මන් රජයේද අනාගතය අවිනිශ්චිතව තිබෙන මොහොතක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්  ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

    එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. රජයේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

    මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.  අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට ද රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් දැන්වූ බවද  ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. එම ඉල්ලීම අග‍්‍රාමාත්‍යවරයා නොසළකා හැර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද අග‍්‍රාමාත්‍යවරයා විසින් අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩාම හමුවේ පවසා තිබෙනවා.

    තමන් බිත්තර කට්ට කඩා ඇති බවත් දැන් කළ යුතුව ඇත්තේ පැටවා එළියට ගැනීම බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

  • වැටුණු වලෙන් ගොඩ එන්න ‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි.

    වැටුණු වලෙන් ගොඩ එන්න ‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි.

    එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම හෝ එජාපයේ තනි ආණ්ඩුවක් යටතේ පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි අරගලයක නිරත වේ. මේ මොහොතවන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතාගේ නිවසේ එජාප මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 40 කට අධික පිරිසක් කරු ජයසුරිය මහතාව අගමැති ලෙස පත්කර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන ලෙසට බලකරමින් සාකච්ඡා සිදුකරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    වසර ගණනාවක් දහ දුක් විඳ ලබාගත් ආණ්ඩු බලය රනිල් වික්‍රමසිංහ මහතාගේ බලලෝභීත්වය හේතුවෙන් අහිමි වීමට දිය නොහැකි බව ඔවුන් දැඩිව අවධාරණය කරමින් සිටින අතර, මෙම අවස්ථාව ගිලිහී යෑම පක්ෂයේ අවසානය බවත්, අපට තවදුරටත් පාක්ෂිකයින්ට මුහුණ දිය නොහැකි බවත්, එම නිසා වහාම මේ මොහොතේ උපක්‍රමශීලීව ජනාධිපතිවරයාගේ අභිමතයට ඉඩ දී කරු ජයසුරියව අගමැති කොට ආණ්ඩු බලය රැකගත යුතු බව ඔවුන්ගේ දැඩි ඉල්ලීම වී තිබේ.

    කෙසේ වෙතත් කබීර් ගේ නිවසේ මෙම පෙරළිය සිදුවෙමින් තිබෙන බව දැනගත් රනිල් වික්‍රමසිංහ මහතා වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හරහා එතැනට තවත් බෝලයක් පාස් කර ඇත. රනිල් මෙලෙස සජිත් අත යවා ඇති පණිවුඩය වන්නේ, කරු ජයසුරියට අගමැතිකම නොව, පක්ෂ සභාපතිකම සහ ප්‍රබල ඇමතිකම් දෙකක් ලබාදීමට තමා එකඟ බවයි. එසේම පක්ෂයේ මහලේකම් තනතුර ඉමිතියාස් බාකීර් මාකර් මහතාටත්, නියෝජ්‍ය නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් වන පරිදි ලබාදීමට තමා කැමති බවයි. මෙය රනිල් විසින් කට්ටි පැනීම උදෙසා ගැසූ තවත් ගැටයක් වන අතර, රනිල්ගේ මෙම කූට යෝජනාව රැගෙන ආ සජිත්ටද එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් බැන වැදී ඇත.

    කෙසේ වෙතත් මෙම 40කට අධික එජාප මන්ත්‍රීවරුන්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ මේ මොහොතේ උපක්‍රමික ලෙස අප පසුබසින බව පෙන්වා ජනාධිපතිවරයා ඉල්ලන කරු ජයසුරියව අගමැති ලෙස පත්කොට ඔහු ලවා යළි පෙරට වඩා දැවැන්ත ප්‍රහාරයක් ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එල්ල කිරීමට අවස්ථා සකසා ගත යුතු බවයි. වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එවැනි කිසිඳු සංවිධානාත්මක ප්‍රහාරයකට යා නොහැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත. මේ නිසා මේ මොහොතේ ජනාධිපතිවරයාට වඩා එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයාට මෙම වෙනස අත්‍යවශ්‍ය බව ඔවුන් දැඩිව කබීර් හසීම්ට අවධාරණය කර ඇති අතර එය තමාද එකහෙලා පිලිගන්නා බව ඔහුද පවසා ඇත.

    මේ අතර පස්වරුවේ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු යටතේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළ නොහැකි බව පවසමින් අද පක්ෂයෙන් ඉල්ලා අස්වූ අතර ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් කබීර් හසීම් මහතාට භාර දී ඇත. එය ඔහු විසින් භාරගත නොහැකි බව පවසා ඇති අතර එහෙත් අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.

  • ලිපියකින් රනිල්ගේ ජාතිය අමතමින් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..

    ලිපියකින් රනිල්ගේ ජාතිය අමතමින් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..

    මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අපට වාර්තා වේ.

    උපතින්ම අසාර්ථක පුද්ගලයෙකු වන රනිල්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පාක්ෂිකය දිනෙන් දින අසරණ වූ අතර වසර ගණනාවකට පසුව බලය ලැබුණු පසු තම රාජකීය මිතුරන්ගේ පාරාදීසයක් බවට එජාපය පත්වීමෙන් එජාප පාක්ෂිකයා කබලෙන් ලිපට වැටි ඇති බවත් ගමේ එජාප පාක්ෂිකය අමතක කල රනිල් වහාම එජාපයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු තම ලිපියෙන් සදහන් කර ඇත. බැදුම්කර හොරුන්ගේ පාරාදිසයක් බවට පත්ව ඇති එජාපය හොරුන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම මේ මොහොතේ ආරම්භ නොකළහොත් එය එජාපය ඉදිරි මැතිවරණ වලදී ලබන දැවැන්ත පරාජයන් වල මුලික හේතුව බවට පත්වනු ඇති බවද රංගේ බණ්ඩාර තම ලිපියෙන් දන්වා ඇත.

    තවදුරටත් පක්ෂය වනසමින් සිටින රනිල්ගේ ඒකාධිපතිවාදී නායකත්වයෙන් දිනෙන් දින බැටකන පාක්ෂිකයා වෙනුවෙන් සටන් වැදී තමන් හට එජාපයෙන් හිමිවුයේ කැපිල්ල පමණක් බවත් ඒ නිසා ඇතිවූ කලකිරීම මත තමන් අද දින සිට පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කල බව පාලිත රංගේ බණ්ඩාර සිය ලිපිය මගින් අගමැති රනිල්ට දන්වා ඇත.

  • බයිසිකලයෙන් මහරගමට පත්වු පිටගම්කාරයන්ට එරෙහිව එජාප-ශ්‍රිලනිප නායකයන් අධිකරණයට

    බයිසිකලයෙන් මහරගමට පත්වු පිටගම්කාරයන්ට එරෙහිව එජාප-ශ්‍රිලනිප නායකයන් අධිකරණයට

    පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින්  තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ වෙතත්  එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මහරගම බලය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමට  එරෙහිව අධිකරණය හමුවට යෑමට තීරණය කර තිබෙනවා.

    නගර සභා සංශෝධන ආඥා පනත අනුව සියලුම අපේක්ෂකයන් අදාළ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවන් බවට තහවුරු කළ යුතු යැයි සඳහන් වගන්තියට පටහැනිව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු එම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව ඔවුන්  මෙම විරෝධතාව ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

    ඔවුන්ට නාමයෝජනා ලබාදීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතාවද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නොසලකා හැර ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර  මෙම අපේක්ෂකයන් තිදෙනා මහරගම නගර සභා සීමාවේ පදිංචිකරුවන් බවට ග්‍රාමසේවා නිලධාරිවරයකු සහ විජේරාම කොට්ඨාසයේ සාමදාන විනිශ්චයකාරවරයකු සහතික කොට තහවුරු කර තිබෙනවා.

    මේ පිළිබඳව නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතාවද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නොසලකා හැර ඇති අතර  මෝටර් බයිසිකලය ලකුණින් තේරී පත්වූ අපේක්ෂකයන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීමටද තීරණය කර තිබෙනවා.

  • සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

    සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත.

    තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී එජාප තරුණයන්ගෙන් එක් රකියාවක් සඳහා රුපියල් ලක්ෂ තුනක් අයකර ඇති බවටත් ඊට අමතරව ඇමති කබීර්ගේ අනියම් බිරිඳ වන ෂීනා සම්සුදීන් නැමති කාන්තාවගේ සොහොයුරෙකු වන අබ්බාස්  විසින් එම ආයතන වල රැකියා 23 ක් අලෙවි කර රුපියල් මිලියන 4.7 ක පමණ  මුදලක් උපයා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ තරුණයින් සදහන් කරයි.

    ඇමති කබීර්ගේ මෙම ක්‍රියාවන් වල තවත් විශ්ෂ කරුණක් නම් ඔහු හා ඔහුගේ කටු ලොවන සහචරයින් විසින් කොපමන සුදුසුකම් සපිරූ එජාප පාක්ෂිකයින් සිටියත් මෙම රැකියා සියල්ලම පාහේ මුදලට හෝ ලබා දී ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට වීමත් එයත් එජාපයේ අයට පමණක් නොව මුදල් දෙන ඕනම මුස්ලිම් තරුණියකට හෝ තරුනයෙකුට වීමත් නිසා පරම්පරා ගනනක එජාප පාක්ෂිකයින් ඉතා කලකිරීමෙන් සිටින බව එම තරුණයින් වැඩි දුරටත් කියා සිටියෝය.

     

     

  • ඉදිරි පැය 48 තුල ජනපතිගෙන් ජාතික ආණ්ඩුව ගැන තීරණයක් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    ඉදිරි පැය 48 තුල ජනපතිගෙන් ජාතික ආණ්ඩුව ගැන තීරණයක් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    ඉදිරි පැය 48 ඇතුළත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසනවා.

    පළාත් පාලන ආයතන ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වූ පළමු අවස්ථාව මෙයයි.

  • ඡන්ද ප්‍රතිඵලයත් සමගින් දයාසිරි දැඩි තීන්දුවක.. චතුර සේනාරත්න යලිත් කරලියට…

    ඡන්ද ප්‍රතිඵලයත් සමගින් දයාසිරි දැඩි තීන්දුවක.. චතුර සේනාරත්න යලිත් කරලියට…

    තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අටයුතු කරනවා නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉතා දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ බව සඳහන් කරමින් දයාසිරි අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය පෞද්ගලික බඩු භාණ්ඩ රැසක් නිවසට ගෙනගොස් ඇති බවත් එසේම තම ඉල්ලා අස්වීමේ සූදානම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ වන ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

    මේ පිළිබඳ අමාත්‍යවරයා වෙතින් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටීමට තීරණය කර ඇත්නම් එය ජනවරමට පිටුපෑමක් බව තම ස්ථාවරය වන බවයි. එසේම ආණ්ඩු පාර්ශවයේ සිටින සිය පක්ෂයේ අනෙක් සහෝදර මැති ආමතිවරු රැසක්ද එම තීන්දුවේ සිටින බවත්ය.

    විපක්ෂ නායකකම නිමල් සිරිපාලට

    එසේම ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතුවුවහොත් තම පාර්ශවය නියෝජනය කරනා මැති ඇමතිවරුන් 42ක පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බවත් ඒ තුළ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂනායකයා ලෙස පත්කර ගැනීමටද තමන් අතර එකඟතාවක් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    පෞද්ගලික අමනාපයක් නෑ

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු පෞද්ගලික තරහක් නොමැති බවත් නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හරහා යහපාලන සම්මුති ආණ්ඩුවට ජනතාව එවා ඇති පණිවිඩය තේරුම් නොගන්න තරම් බොළඳ විය නොහැකි බැවින් මෙම තීන්දුව ගන්නා බවය.

    තවද ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් නොකර මේ ආකාරයටම පවතාගෙන යාම තුළ අත්වන විනාශකාරී දේශපාලන ඉරණම ගැන තමන්ට නිවැරදි කියවීමක් ඇති බවත් දැන දැන ඒ පාප කර්මයට අතගසන්න නොහැකි බැවින් මෙම තීන්දුව තමන් වෙනස් නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

    රතන හිමියන් සමඟත් කතාකරනවා

    එසේම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ තමන් මේ වන විට අතුරලියේ රතන හිමියන් ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    “උයා මොකටද එහේ ගියේ” චතුරට මළ පැනලා

    ඊයේ (12) රාත්‍රියේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රැකගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවත්වා ඇති අතර, මේ අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර සමඟ රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද එක්ව සිට ඇත.

    පවතින දේශපාලන වාතාවරණය හමුවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් වන වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනුලැබූ එම සාකච්ඡාව අවසානයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිවසට ගොස් ඇති අතර එහිදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා, “උයා මොකටද තාත්තේ ඕවට යන්නෙ, දන්නෙ නැද්ද එයාට විරුද්ධව දැන් ලොකු රැල්ලක් යනවා. කවුද දැන් එයාව රකින්න කින්නේ.කවුරුත් නෑ. අපි ඕවට පැටලෙන්න ඕන නෑ නේ. උන්න ආයි නම් යන්න එපා. ඇති ඔය” කියලා තියෙන්නේ ටිකක් කේන්තියෙන් වගේ.

    කොහොම වුනත් චතුර මන්ත්‍රී පුතාගේ මේ කතාව රාජිත අමාත්‍යවරයා බොහොම සිනාමුසු මුහුණින් “දැන් රෑ වෙලා, ඔයා ගිහින් නිදාගන්න. හෙට උදේ කතා කරමු” පිළිතුරු දුන් බවයි  දැනගන්න ලැබුණේ.

  • පොහොට්ටු පරකරමින් කොටිකාවත්ත මුල්ලේරියාව හවුලේ පිහිටුවන්න සාකච්ඡා රැසක්..

    පොහොට්ටු පරකරමින් කොටිකාවත්ත මුල්ලේරියාව හවුලේ පිහිටුවන්න සාකච්ඡා රැසක්..

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය අතර තිරණාත්මක සාක්ච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ආසනයේ ප්‍රධාන සංවිධායකයින් දෙපල වන ප්‍රසන්න සෝලංගආරච්චි සහ එස්. එම් මරික්කාර් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

     මැතිවරණ ප්‍රතිඵලයට අනුව පොහොට්ටු පක්ෂයට ආසන 16කුත් එජාපයට ආසන 12කුත් එජනිසයට ආසන 04කුත් ජවිපෙට ආසන 03කුත් රාජාලියා පක්ෂයට ආසන 01කුත් හිමිවු අතර ඒ අනුව එජනිසය එජාපය සහ රාජාලියා එක්ව ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේ සුදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

    නිල නොලත් ආරංචි මාර්ග අනුව ප්‍රසන්න සෝලංගආරච්චි නම් කරන එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස පත්කිරිමට මරික්කාර් එකගතාව පලකර ඇති අතර උප සභාපතිධුරය එජනිසයට ලැබීමට නියමිත බව සදහන්.

  • ප්‍රතිඵලයත් සමග දෙහිවල බල අරගලයක්.. බලය උදෙසා පක්ෂ සියල්ල එකතු වෙන ලකුණු?

    ප්‍රතිඵලයත් සමග දෙහිවල බල අරගලයක්.. බලය උදෙසා පක්ෂ සියල්ල එකතු වෙන ලකුණු?

    මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ බලය පිහිටුවීම එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.

    මැතිවරණ ප්‍රතිඵලය අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තරග කළ එජාපය ඡන්ද 36,085ක් ලබාගත් අතර ඒ අනුව එම පක්ෂයට මන්ත්‍රීවරු 15 දෙනෙකු හිමිවිය.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 36,029ක් ලබාගත් අතර එම පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී සංඛ්‍යාව 14 කි.

    නව ඡන්ද ක්‍රමය අනුව සමානුපාතික ලයිස්තුවෙන් එජාපයට මන්ත්‍රීවරු 04ක්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රීවරු 05ක්ද හිමිව තිබේ.

    ඒ අනුව දෙපක්ෂයේම මන්ත්‍රීවරු සංඛ්‍යාව 19 ක් ලෙස සමාන වී ඇත.

    මේ නගර සභාවට තරග කර ඡන්ද 10,956ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 06ක් හිමිව තිබේ.

    ඒ අනුව දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ බලය පිහිටුවීමට නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුතුව තිබේ.

    කෙසේවුවද, මේවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා දැනට ප්‍රකාශකර ඇත්තේ බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවන බවයි.

    මැතිවරණ ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු !

    අදාළ, සිද්ධියත් සමඟ නව මැතිවරණ ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ඉඟි පලකර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    ඔවුන් කියා සිටින්නේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමේ බලය මේවන විට ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බවයි.

    ඒ අනුව ජයග්‍රාහී පක්ෂයට පාලන බලය පිහිටුවීමේ අවස්ථාව අහිමිවීම කනගාටු දායක බව ඔවුන් කියා සිටිති.

  • මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

    මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

    හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එහි සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි අදායම් තත්ත්වය පහළ වැටි ඇති බව එම ඩිපෝෙවි ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා පවසනවා.

    හැටන් ඩිපෝවේ කළමනකාරවරයා සහ තමන් ඇතුලූ තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම ඇතැම් සේවක පිරිසක් විසින් තර්ජනය කිරිම හේතුවෙන් එම තර්ජනයට ලක්වු සියලූ දෙනා දින කිහිපයක් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහණ සිල්වා කියා සිටින්නේ. 

    පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලත් සමග එම ඩිපෝවේ ඇතැමි සේවකයින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූපය බස් රථ වල අලවා සිය පාලන බලය බලහත්කාරයෙන් ඔවුන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයයෙන් අද (14)  දිනය වන විට බස් රථ හතලියක් පමණක් ධාවනය වන බවයි රෝහන ද සිල්වා කියා සිටින්නේ.

    හැටන් ලංගම ඩිපෝවේ දිනක ආදායම රැපියල් ලක්‍ෂ පහළොව දක්වා පැවතියද දැනට දින කිහිපයක සිට එම ආදායම් තත්ත්වය රැපියල් ලක්‍ෂ අට දක්වා පහත වැටි ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට සහායෝගය දැක්වු එම ඩිපෝෙවි විශාල සේවකයන් පිරිසක් පවත්නා තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහන ද සිල්වා වැඩි දුරටත් කියා සිටින්නේ. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මගින්ද හැටන් පොලිසිය මගින්ද ෙමි වන විට පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා. 

  • අදුරදර්ශි කතිරයේ තීන්දුව නිසා උගත් බුද්ධිමත්, මහරගම නගර සභාවේ පාලනය බඩල්ගමට..

    අදුරදර්ශි කතිරයේ තීන්දුව නිසා උගත් බුද්ධිමත්, මහරගම නගර සභාවේ පාලනය බඩල්ගමට..

    මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.  නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීමට තරම් අදූරදර්ශී වී ඇත්ද යන්න වටහා ගත හැක.

    එම මැතිවරනයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය.  නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය. 

    මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ කල්ලියේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කල මෙම කණ්ඩායම මහරගම  ජනතාව රවටා බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ. 

    මෙම අපේක්ෂක ලයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුදගල්යෙකි. 

    අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය  දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ. 

    වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය. 

    මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ. 

    පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත. 

    මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය.  ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු  දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක්  මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ. 

     
     

     

  • පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

    පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

    ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව එජාපයේ අතිබහුතරයකගේ මුලිකම අවධානය යොමුව ඇත්තේ තමන්ට පරාජය අත්කරදීමට බලපෑ අමාත්‍යධුර අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව අතර, හොරු නොඇල්ලීමේ ප්‍රතිවිපාකය මෙයින් ප්‍රධාන බව ඔවුන්ගේ ඒකමතික මතයක් වී ඇත. ඒ අනුව කොන්දේසි විරහිතව නීතිය හා සාමය අමාත්‍යධුරය වහාම සාගල රත්නායකගෙන් ගලවා, එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීම සඳහා පූර්ණ එකඟතවය හිමි ව ඇති අතර ඒ සඳහා ඔහුට විශේෂ කොන්දේසියක්ද දැමීමට තීරණය වී අත. එම කොන්දේසිය නම් එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර රාජපක්ෂ රෙජීමයේ සියළු හොරුන්, දූෂිතයින් ඇතුළු පිරිස් අත් අඩංගුවට ගෙන සිරගත කොට අවසන් කළ යුතු බවට වන ඉලක්කයයි.

    මෙය මෙවර පළාත් පාලන මැතිවරණයේ පරාජයට දැඩිව බලපෑ කරුණ වන අතර එය නිසි පරිදි සිදුකළහොත් එළඹෙන පලාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම ජය ගත හැකි වනු ඇති බව එජාපයේ ඒකායන විශ්වාසය බවට පත්ව ඇත.