Category: සුපිරි Politics

  • සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරු ජයසුරියට සිවුදෙසින් බලපෑම්

    සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරු ජයසුරියට සිවුදෙසින් බලපෑම්

    පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා දැනුම් දෙන ලදී.

    එහෙත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්නොවී බලහත්කාරයෙන් අගමැතිධුරයේ රැඳී සිටීම හේතුවෙන් මේ වන විට රටේ අස්ථාවර තත්වයක් මෙන්ම එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යෑමටද ආසන්න තත්වයක පවතී. මේ හේතුවෙන් මෙම දේශපාලන අර්බුදය සමනය කොට යහපාලන ආණ්ඩුව දිගටම පත්වාගෙන යෑම සඳහා කරු ජයසුරිය මහතාට වහාම අගමැතිධුරය ලබාදිය යුතු බවට එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දසතින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවට වාර්තාවේ.

    මෙම දේශපාලන අර්බුදය නිමාකිරීමටත්, වත්මන් යහපාලන ආණ්ඩුව පවත්ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය තබාගැනීමටත් ඇති එකම විසඳුම මෙය බව දේශපාලන විචාරකයෝ මේ වන විට අදහස් පළකරමින් කියති.

  • බලය පිහිටුවීමට වෙනත් පක්ෂ සමග එක්වෙන්නේ නෑ – අනුර කුමාරගෙන් ප්‍රකාශයක්..

    බලය පිහිටුවීමට වෙනත් පක්ෂ සමග එක්වෙන්නේ නෑ – අනුර කුමාරගෙන් ප්‍රකාශයක්..

    ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි  අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

    තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
    “අපේ ඡන්ද ප‍්‍රමාණය මහමැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිවි තිබෙනවා. අපට ඡන්දය දුන් සියලූ දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීමයි. ඒ වගේම මේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප‍්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපිට ඡන්දය ලබාදුන්නේ. එසේ තිබියදී අපිට වෙනත් පක්ෂයක් සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නැහැ. අපි පළාත් පාලන ආයතන තුලදීත් ඉන් පිටතදිත් අපිට ඡුන්දය දුන් ජනතාවට කිසිදා කණගාටුවන්නට කාරණා ඉතිරි නොවන පරිදි සැබෑ මහරජන සේවකයන්ගේ කාර්යභාරය ඉටු කරනවා.

    ඒ වගේම දැන් ඇතැමුන් මේ වෙලාවේ ආණ්ඩුබලය හුවමාරු කරන්න කතා කරනවා. දැන් වෙන්න පුළුවන් කාරණා තුනයි තියෙන්නේ. එක්කෝ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග එක්ව මෛත‍්‍රීපාල කණ්ඩායම ආණ්ඩුවක් හදන්න  ඕන. නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වෙනම ආණ්ඩුවක් හදන්න  ඕන. එහෙමත් නැත්නම් තිබුණ ආණ්ඩුවම කැබිනට් සංශෝධනයක් කරලා පවත්වාගෙන යන්න  ඕන. වඩාත් වැඩි ඉඩකඩක් තිබෙන්නේ තුන්වෙනි ආකාරයයි. මේ කොයි ආකාරයේ ආණ්ඩුවක් හැදුවත් රටේ ජනතාවට සිදුවන සුගතියක් නැහැ. මොකද දැන් මේ කවුරු බලය පවත්වාගෙන ගියත් 2015 වෙනස කළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න ඔවුන්ට පුලූවන්කමක් නැහැ. ඒ අභිලාෂයන් ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක් අපි ඉදිරියේදී ගොඩනගනවා. “

  • අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

    අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

    පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු ඇත.

    වැඩිදුරටත් දේශපාලන විචාරකයින් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව ගෙදර යනවාද? එසේ නොමැති නම් එජාප ආණ්ඩුවත්, පක්ෂයත් ඉවර කොට නම් හිරේ යනවාද..? යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක් වනු ඇති බවයි.

  • ඉදිරි පැය 24 තුල එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම සියල්ල හෙලිකරයි..

    ඉදිරි පැය 24 තුල එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම සියල්ල හෙලිකරයි..

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

    “ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.

    ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි  මුතුහෙට්ටිගම මහතා කිය.

  • අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

    අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

    අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය.

    වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.

  • අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

    අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තවත් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්ද මේ වනවිට පැවැත්වෙනවා. 

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

  • අසාර්ථක රනිල් නිසා තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි..

    අසාර්ථක රනිල් නිසා තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි..

    මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක් පවතින අතර එය යම් හෙයකින් සිදුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය අහිමි වී යන අතර එසේ වුවහොත් යළි එජාප ආණ්ඩුවක් සිහිනයක්ම පමණක් වන්නේ, බලය තබාගෙන වත් මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි එජාපය බලය නැති තත්වයක් තුල කිසිදා ජය නොගන්නා බව දශක දෙකකට අධික ඉතිහාසයක් තුල ඔප්පු කර ඇති හෙයිනි.

    පවතින දේශපාලන තත්වය තුල එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉල්ලීම් කොට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතාට ඉඩ ලබාදුනහොත් එය එජාපයේ ආණ්ඩු බලයත්, පක්ෂයේ ඉදිරි ගමනත් සුරැකෙනු ඇත.

    මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු බලය ගිලි හී ගියහොත් යළි වසර 20 කින් 30 කින් එජාප ආණ්ඩුවක් ගත නොහැකි බව දේශපාලන විචාරයකින්ගේ මතයි.

  • දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…

    දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…

    මේ වන විට පවතින දේශපාලන අර්බුදයත් සමග සිදුවීමට නියමිත පක්ෂ මාරු කිරීම් හමුවේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනස මන්ත්‍රී ආසන 4ක් දක්වා අඩුවී තිබේ.

    ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ඒකාබද්ධ විපක්ෂයට) එක්වීමට තීරණය කර ඇති හෙයිනි.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 103ක් බවට පත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 99ක් ලෙසට වර්ධනය වී ඇති හෙයිනි. මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම තීරණාත්මක සාධකයන් බවට පත්වීම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.

  • පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

    පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ.
    ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.
  • පෙරලිකාර ගාල්ල මහ නගර සභාවේ බලය ගැන පක්ෂ සියල්ල විශාල ගැටළුවක..

    පෙරලිකාර ගාල්ල මහ නගර සභාවේ බලය ගැන පක්ෂ සියල්ල විශාල ගැටළුවක..

    ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අර්බුධයකට ලක්ව සිටිනවා. 

    ගාල්ල මහ නගර සභාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 35කි. ඉන් 14ක් එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13ක් දිනාගෙන තිබෙනවා. කිසියම් හෝ කණ්ඩායමකට බහුතරය සකස්කර ගැනීමට මන්ත්‍රීවරුන් 18 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 4 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 05ගේ සහය අවශ්‍ය වනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන තුන බැගින් දිනාගෙන ඇති අතර එක්සත් ජාතික පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් ආසන එක බැගින් දිනාගෙන තිබෙනවා. 

    කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය පමණක් ඇතුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ගාල්ල මහ නගර සභාවේ බලය ලබා ගැනීමේ හැකියාව හිමිවන්නේ නැත. එබැවින් මේ වනවිට ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුධයකට මුහුණ දී තිබෙනවා.

  • එජනිසයේ නිමල් සිරිපාල අගමැති කරන්න රතන හිමි සටන් බිමට..

    එජනිසයේ නිමල් සිරිපාල අගමැති කරන්න රතන හිමි සටන් බිමට..

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

    මේ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ  (14) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා ජනපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුවය.

    ඒ එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය නම් අගමැතිධූරය සිරිපාල මහතාට ලබාදීමට අකමැත්තක් නැති බවත්, එම අවස්ථාව ඔහුට පළමුව දෙන බවත්, ඒ සඳහා හෙට (15) පස්වරු 2.00ට පෙර වැඩි බහුතරය වන මන්ත්‍රීන් 113 පෙන්වන්වා ලබා ගන්නැයි පවසා තිබේ.

    කෙසේවුවද, කුමන තත්ත්වයක් යටතේ හෝ මහින්දට ආණ්ඩුවක් සෑදීමට සහය නොදෙන බවට, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා හා මහින්ද සමරවීර යන අමාත්‍යවරු එකඟතාවයක සිටින බවද පැවසේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 96ක් වන අතර වැඩි බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරු 113ක් පෙන්විය යුතුවේ.

  • මෙවර පුංචි ඡන්දයෙන් ඉතිහාසයට එක්වන ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය මෙන්න.

    මෙවර පුංචි ඡන්දයෙන් ඉතිහාසයට එක්වන ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය මෙන්න.

    පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.

    පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කර ජය ලැබුවාය.

  • මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

    මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

    ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට තීරණය කර තිබෙනවා.
    කෙසේ වෙතත් ඔහු තෙදිිනකට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බව ප්‍රකාශ කළා. ඒ පළාත් පාන මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරග කිරීමෙන් අනතුරුවයි.
    එහෙත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගන්නා ඕනෑම තිරණයකට සහාය දක්වන බවයි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ.
    ජනපතිවරයා සමග ඊයේ (14දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
  • නව රජයේ අගමැති තනතුරට ඇමති නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

    නව රජයේ අගමැති තනතුරට ඇමති නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

    ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. 

    නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 

    මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති. 

    නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල  මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ . 

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

    ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ

  • “නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

    “නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් රජය දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දී තිබෙනවා. මේ අතර ශ්‍රිලනිප හො එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබදවද පක්ෂ දෙකෙහිම අවදානය යොමුව තිබෙනවා. රජයේ අනාගතය පිළිබදව ආණ්‌ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (16 දා) විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය. 

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණය දැනුම්දී තිබෙන බව එකී ආරංචි මාර්ග සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව මෙම හමුව පවත්වා තිබේ. ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට්‌ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ආණ්‌ඩු පක්‍ෂයට සහාය දක්‌වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මෙම හමුවට සහභාගී වී ඇත.

    මේ අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යොමුකර ඇත. මෙම ලිපියට සන්ධාන මහලේකම් මහින්ද අමරවීර හා සන්ධාන ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත.
     

  • එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත කියාසිට ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඔවුන්ගේ‍ෙ සහය ලබාදෙන බවත්ය.