Category: සුපිරි Politics

  • කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්

    කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්

    මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින්  සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය….
    “බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා මේකට හොඳ වචනයක් හැදුවා ෆේක් නිවුස්. (Fake News) එතුමා ජනතාව ඉදිරියට ගිහින් මේ ගැන කරුණු කිව්වා. 99 ක්ම මාධ්‍ය එරෙහිව ඉඳලත් එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ජනතාව ඒ දේ තේරුම් ගත්තා. ඒ නිසා මම මාධ්‍යයට කියනවා ඔබට සීමාවක් තියෙන්න ඕනේ, සීමාව ඉක්මවා ගියොත් ජනතාව පෙබරවාරි මාසේ 10 වෙනිදා උත්තරයක් දෙනවා. එදාට මේ රටේ සමහර මාධ්‍යවලට අමතක නොවෙන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා කියන එක මම කියන්න කැමැතියි.
    මේ ජනාධිපතිතුමා පත් කරන්නත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ආණ්ඩුව හදන්නත් ශක්තිය ලැබුණේ කන්ද උඩරටින්. පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ඡන්ද විශාල ප්‍රමාණයකින් මහනුවර ජයග්‍රහණය කළා. මේ පළාත් පාලන මැතිවරණයේදීත් කන්ද උඩරට තියෙන සෑම සභාවක්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.”
  • රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

    රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

     

    අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

     

  • ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි

    ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කල ඉල්ලීමට අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලලේ සිදුවූ විමර්ශනයෙන් ජනාධිපි ධූර කාලය වසර 5කට සීමා වන බව දන්වා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

     

  • පිටකොන්දක් ඇති නම් පක්ෂයෙන් ඉවත්වෙලා අලුත් පක්ෂ හදන්න – ජනපති මෛත්‍රී….

    පිටකොන්දක් ඇති නම් පක්ෂයෙන් ඉවත්වෙලා අලුත් පක්ෂ හදන්න – ජනපති මෛත්‍රී….

    අලූත් පක‍්ෂ ගොඩනගන අයට දේශපාලන පිටකොන්දක් තිබේ නම් ඔවුන් එම පක‍්ෂ ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයෙන් ඉවත්ව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    හෝමාගම ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති ජන හමුවේදීයි.

    වංචාවදූෂණය පිටුදැකීමට සහ වංචා දූෂණ සිදුකරන අයට එරෙහිව දැඩි තීරණ ගැනීමට තමන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

    ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල ඉදිරියටම ගෙනයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.

  • මත්පැන් සැල් විවෘත කර තැබීමේ වේලාවට අද සිට වෙන්න යන දේ ජනපති කියයි

    මත්පැන් සැල් විවෘත කර තැබීමේ වේලාවට අද සිට වෙන්න යන දේ ජනපති කියයි

    මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය  (15) සිට අහෝසි කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

    එමෙන්ම කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන්  අලෙවිකරන ස්ථානවල සේවය  කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ද   (15) සිට නැවැත්වීමටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  (14) අගලවත්තේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින්.

     

  • දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට

    දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට

    ලාංකික දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ  අයිතිවාසිකම්  සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බව ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.

    මෙවර පවත්වන  පළාත් පාලන මැතිවරණය සදහා  මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත්  ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන්  රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට යැවීම තම බලාපොරොත්තුව බවත් වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති මුත් නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් මේ සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක්  සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇති නිසා   තම වරිගයේ ඇත්තන් ගම පළාත  දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත්  එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.

  • නොපිපෙන පොහොට්ටුවේ මැතිවරණ පරාජය අභියස මහින්ද රාජපක්ෂ රට හැරයයි..

    නොපිපෙන පොහොට්ටුවේ මැතිවරණ පරාජය අභියස මහින්ද රාජපක්ෂ රට හැරයයි..

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද සවස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව ඇත.මැතිවරණයක් පවතින මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මෙරටින් වෙනත් රටකට යෑම පුදුමය ජනවන කාරණයකි.
    ඉකුත් සතියේ ආණමඩුවේ පැවති ජනහමුවකදී පොදුජන පෙරමුණේ සන්විධායකවරයෙක් සමග ගැටුමක් ඇති කරගත් මහින්ද රාජපක්ෂ එදින ආණමඩුවෙන් පිටත් වුයේ බැසිල් රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු මෙම මැතිවරණ ව්‍යාපාරය පිළිබද දැඩි නොසතුටෙන් සිටින බව දැනුම් දී තිබුනේ පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය අක්‍රමවත් බව කියාය.කෙසේ වෙතත් මැතිවරණයක් පවතින මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාම පොදුජන පෙරමුණේ මැතිවරණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් ඇති කරනවා නොඅනුමානය.මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිඅත්ව යන මහින්ද තව සතියකටවත් මෙරටට නොපැමිණෙන බවද සදහන්ය.මෙම මැතිවරණය ආරම්භ වන මොහොතේම ගෝටාභය රාජපක්ෂද ඇමරිකාව බලා පිටත්ව ගියේය.

  • මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?

    මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?

    පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ.

    මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද ටිකක් කොට නිසාත් වාඩි වුණු පසු කකුල බිම නොගෑවෙන නිසාවෙනුත් මහින්දට කකුල් දෙක තබා ගන්නට උසට සරිලන බංකු කොටයක් ද තබා තිබුණි. අප එම පක්ෂයේ සංවිධායකයින්ට සහ සමාජිකයින්ට ස්තුති කළ යුතු වන්නේය. ඒ අන් කවරක් නිසාවත් නොව තම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ මානසිකත්වය ඉතා නිවැරදිව තේරුම් ගැනීම නිසාය. ජනාධිපතිකමත් නැති එකේ නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසාවෙන් සියල්ලටම වඩා මහින්ද ලොකුයි කියා පෙන්වීමට අනිත් උන්ට නැති ලොකු බාබර් ටයිප් පුටුවක් හෝ මහින්දට ලබාදීමට ඔවුන් කටයුතු කිරීම අගනේය.

    එදා මහින්ද වටේ සිටි සැටකපට ජැක්සන්ලා වැනි අන්දරේලා මහින්දව ඇන්දූ ඇන්දිල්ලේ හැටියට පැරදුණු මහින්ද රට වටේ, පන්සල්, පල්ලි, හන්දි, බෝක්කු ගානේ බලය සිඟමින් යන අතරේ මෙවැනි බාබර් පුටුවක වාඩි වී හෝ තමා තවම රජ’යැයි සිතා හෝ මානසික සැනසීමක් ලබන්නේ නම් එයම පිනක් නොවැ අපේ හාමුදුරුවනේ..

  • කොලේ ඉරාගෙන ඇගේ හලාගත් රනිල් යලිත් සරණ පතා ජනපති සරණ යන ලකුණු….

    කොලේ ඉරාගෙන ඇගේ හලාගත් රනිල් යලිත් සරණ පතා ජනපති සරණ යන ලකුණු….

    මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය.

    එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය.

    රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට පත් වූ චරිතයක් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. එහෙත් එම මහත්මා චරිතයේ සැබෑ නිරුවත ඊයේ රටක් නොව ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය විය.

    මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයාණන් යැයි පාක්ෂියකින් වන්දනාමාන කළ තම නායකයා ප්‍රතිවිරුද්ධ මතවාදයක් දරාගත නොහැකිව, මෙසේ හැසිරෙතැයි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ තමාට අන් ප්‍රතිවිරුද්ධ ඉවසා දරා ගත නොහැකිව වියරු වැටෙන අයෙකු බව ඊයේ(10) ඔප්පු කළේය.

    ඊයේ දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ තම කොළේ ඉරාගෙන ඇඟේ හලා ගත්තේය. රනිල් ඔහුගේ හැසිරීම තුළින් කොළය ඉරාගත් අතර, ‘කවුද හොරා, කවුද හොරා’ කියා වියරුවෙන් කෑ ගසමින් ඔහු එය තම ඇඟේ හලා ගත්තේය. රනිල් වික්‍රමසිංහට මෙතෙක් ගරු කළ අය සහ ඔහුගේ අනුගාමිකයින් පවා ඔහුගේ මෙම පහත් හැසිරීම හෙළාදැක විවේචනය කර තිබෙනු දක්නට ලැබිණ

     

  • පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

    පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

    සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා.

    පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

    “අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්‍රියාවලියක් නෑ. ජී එල් මහත්තයාගේ පක්ෂෙට, ඒකට පරම්පරාවක් බිහි කරන්න බෑ. ඒක නිසාම 11 වෙනිදා වෙනකොට ජී එල් මහත්තයාගේ පක්ෂය වඳ වෙලා යනවා. අනුරාධපුරයේ සහ මේ මුළු රටේම මේක ස්ථීරයි කියන එක මම මතක් කරන්න ඕන,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

  • මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

    මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ.

    මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෙකු පැවසීය.

    බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය. රාජ්‍ය දේපළ, වත්කම් විනාශ කරන අයට, හොරුන්ට, වංචාකාරයන්ට ඒ සියලු දෙනාට, ඒ අයගේ තත්ත්වය, තනතුරු, පක්ෂය කිසිදෙයක් නොබලා ගතහැකි සියලු තීරණ ගෙන දඬුවම් කිරීමට අවශ්‍ය පසුබිම හදන බව පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

  • මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ

    මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ

    එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ඊයේ (12 ) අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකයින් අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදී,

    “මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා…..ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ 

    ‘19 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවට අනුව මගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබුණා . සමාජය තුල වගේම උගතුන් බුද්ධිමතුන් නීති විශාරදයින් පවා මත දෙකක සිටි නිසා මට අවශ්‍ය වුණා නිවැරදි මතය දැනගන්න

    එහෙම නැතිව අවුරුදු හතරක්ද පහක්ද හයක්ද කියලා බලයේ රැදී ඉන්න නෙවෙයි .  පළාත් පාලන හෝ පළාත් සභා හෝ මහ මැතිවරණ ආදී ඕනෑම ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵලය ජනතාව පිළිගන්නවා . සියයට සියයක් නොවුනත් පහුගිය මැතිවරණ වල ඒ විනිවිද භාවය තිබුණා.

    ඡන්දයෙන් ලැබෙන තීරණය වගේම අධිකරණය ලබා දෙන තීරණ ගැනත් ජනතාව තුල විශ්වාසය ඇති වී තිබෙනවා .පහුගිය රජය කාලේ වගේ නඩුකාරයින්ට කෝල් දීලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තත්වයක් දැන් රටේ නැහැ . පහුගිය අවුරුදු තුනේම අධිකරණය ස්වාධීන ආයතනයක් බවට මා පත් කළා .ඒ නිසා මට ලැබී තිබෙන බලතල අනුව නීතිපතිවරයා මගින් අවශ්‍ය ලිපි ලේඛන මා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.“

  • රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා

    රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.

     

  • අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි

    අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි

    ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

  • ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

    ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

    ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට  සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන් පසු දහවල් 12.15ට සභාව ආරම්භ වුවද නියමිත ඝණ පූර්ණය නොමැති විය.