Category: සුපිරි Politics

  • බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්

    බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්

    බැඳුම්කර කොමිසම මගින් ලබා දුන් බැඳුම්කර වංචාව සඳහා වන එම වාර්ථාව ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පොරොන්දු වූ බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුවට දැණුම් දී ඇත.

  • මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත්  ‍පොලිස් මූලස්ථානය පවසයි.
    දෙසැම්බර්  9 –  ජනවාරි 9  වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තිස් අටක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන් අසූ තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අපේක්ෂකයන් 4 ක්ද වේ.මෙම කාලය තුල මැතිවරණ පැමිණිලි අසූහතරක් වාර්තා වී තිබේ. ඊට අදාළ සැකකරුවන් හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර අපේක්ෂකයන් අට දෙනකුද වේ.
    ‍පෝස්ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම් 9, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය 2, ඡන්ද ‍පෝස්ටර් ඇලවීම හා ළඟ තබාගැනීම 24, නීති විරෝධී පෙළපාළි පැවැත්වීම් 1, බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම් 1, ‍පෝස්ටර්, බැනර්, කටවුට් හා ධජ ප්‍රදර්ශනය කිරීම 1, පහර දී තුවාල සිදු කිරීම් 11, බැණ තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 36, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම 1, ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාම ‍ලේඛන සැකසීම් 1, ‍පෝස්ටර් කටවුට් ආදියට අලාභහානි කිරීම් 7, ද්‍රව්‍ය හා උපකරණ බෙදීම් 7, ඡන්ද ‍පෝස්ටර් සන්තකයේ තබා ගැනීම 1, නිවසට ඇතුල් වී ගල් ගසා අනර්ථය කිරීම් 6, නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම 2, මුදල් බෙදා දීම් 2, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම් 2, රැස්වීමකට ගල් ගසා කඩාකප්පල්කාරී ක්‍රියා 1, අත් පත්‍රිකා බෙදීම් 2, කාර්යාලවලට අලාභහානි සිදුකිරීම් හා භාණ්ඩ සොරා ගැනීම් 2, ‍පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය 1, ඡන්දය ආයාචනා කිරීම් 1, රැස්වීම් භූමියේ ගැටලු 1 ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබෙන බව ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
  • පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා

    පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා

    එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවේදී ප්‍රකාශ කළේය.
    මෙවර ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළ හැකි යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
     
  • අගමැති ප‍්‍රකාශයෙන් රාජපක්‍ෂ රෙජීමයේ හිස ගිණිගනී (Video)

    අගමැති ප‍්‍රකාශයෙන් රාජපක්‍ෂ රෙජීමයේ හිස ගිණිගනී (Video)

    2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’
    මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’
    මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය.
    උපුටා ගැනීම: අපි UNP පිටුවෙනි
  • කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..

    කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
     
    එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට පැවරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
     
    මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතනවල සභිකධූර සඳහා පත්වීමට නම්කර ලැයිස්තුවේ සිටින (තරඟ නොකර) අපේකෂකයින් අතර කුමන අපේක්ෂකයින් පත්කරන්නේද යන්න තීන්දු කිරීමේ බලයද දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට ලැබෙන බවද මැතිවරණ කොමිසම කියයි.

  • ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

    ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

    19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා.

    අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ.

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක්.

    එහෙත් එම ධුර කාලය වසර 05ක් දක්වා අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබුවා.

    එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාට ද අදාළ තීරණය වලංගු වන්නේද යන්න පිළිබවයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ.

    ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් අනිද්දා විමසා බැලීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.

     

  • බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙල (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

    සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • 2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

    2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

    2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ද සිය ආශිර්වාදය පළකළේය.

    මාතර සුජාතා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිට ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ දිලිනි සඳුනිකා පළිහක්කාර, වාණිජ අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ එස්. ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සූරියආරච්චි යන සිසුවියන් ද, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප‍්‍රථමස්ථානය ලැබූ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ස්ථානය දිනූ බී. ඒ. හසිත් පුන්සර යන සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ඔවුන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එම පාසල් නියෝජනය කරමින් පැමිණි විදුහල්පතිවරුන්ගේ සහ ගුරු බවතුන්ගේ සේවය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

    අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට

    ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වන ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම මෙම මස 11 දින පෙරවරු 10 ට ජනතා අයිතියට පත් කෙරේ.

    ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර යටතේ ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.

    මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

  • ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ

    ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ

    පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධන කරන මහජන රැලි හා රැස්වීම් මාලාවේ මංගල රැලිය හා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 2 ට අනුරාධපුරයේදී පැවැත්වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පක්ෂ නායකයන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රුවන්මැලි සෑ රඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්වීමට සහභාගී වීමට නියමිතය.

    මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වීමට නියමිත අතර සන්ධානයට බලය හිමි වන පළාත් පාලන ආයතන නව තාක්ෂණය හා නව කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් ජනතා හිතවාදී හා පිරිසුදු ආයතන ලෙස පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබේ.

    මෙවර මංගල රැලිය සඳහා කොළඹින් සීමිත පිරිසක් එක් වීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ම අපේක්ෂකයින් හා පාක්ෂිකයින් මේ අවස්ථාවට සහභාගී වනු ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

  • උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා… (Video)

    උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා… (Video)

    මේ දින සමාජ ජාලා වෙඩ් අඩවි සහ පිටු වල UNP තීම් සෝන්ග් නමින් සංසරනය වන සංගීත වීඩියෝවක් දකින්න ලැබෙනවා… මෙන්න ඒ වීඩියෝව

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/FQ2-pb3IgZk” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

     

  • බැඳුම්කරය,පොලීසිය,පාතාලය,මත්උවදුර හා පුංචි ඡන්දය ගැන ඇමති සාගලගේ අදහස්

    බැඳුම්කරය,පොලීසිය,පාතාලය,මත්උවදුර හා පුංචි ඡන්දය ගැන ඇමති සාගලගේ අදහස්

    ප්‍රශ්නය:- මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද?
    පිළිතුර:- දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන ගියා. දැන් අපි ලෑස්තියි.

    ප්‍රශ්නය:- මැතිවරණය ළංවෙත්ම බැඳුම්කර වාර්තාව එළියට ඒම එ.ජා.පයට අහිතකරව බලපායි නේද?
    පිළිතුර:- එහෙම බලපෑමක් ඇත්තෙම නැහැ. අගමැතිතුමා කළ පත්වීම විධිමත් එකක් බව බැඳුම්කර කොමිසම් වාර්තාවේ තිබෙන බව ජනාධිපතිතුමා කිව්වා. අපි තාම මේ වාර්තාව දැකලා නැහැ. ඒ නිසා මේ ගැන වැඩිපුර කතා කරන්න බැහැ. 2008 පටන් ඉදිරි කාලය ගැනම පරීක්ෂණ කරන්න වෙනවා. මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා. අපි ඒකට එකඟයි. ඒක රටට හොඳ දෙයක්.

    ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට බැඳුම්කරේ අපවාදය සම්පූර්ණයෙන් එල්ල වෙන්නේ එ.ජා.ප.යට නේද?
    පිළිතුර:- ඒ මාධ්‍යයෙන් සමහරවිට පෙන්නන හැටි වෙන්න පුළුවන්. මේක 2008 පටන් දිගට ඇවිත්  තිබෙන එකක්. 2015 අපි ආවට පස්සේ වෙන්දේසි ක්‍රමයකට ගියා. විනිවිදභාවයෙන් මේ කටයුතු කෙරෙන තැනට අපි වැඩ කළා. යහපාලනය යටතේ කිසි දෙයක් හංගන්න අපි කටයුතු කරලා නැහැ. නීතිපතිතුමාට නැතිනම් කෝප් කමිටුවට මේවා ගැන සොයන්න ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලුවාම ඒකත් දුන්නා. අගමැතිතුමා පවා මේ කොමිසම හමුවට ගිහින් කරුණු ඉදිරිපත් කළා. අපි කිසි දෙයක් හංගන්න උත්සාහ කරලා නැහැ. පක්ෂයක් හැටියට වගකීමෙන් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. 2015ට පෙර මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණා නම් කොයි වගේ ප්‍රතිචාරයක් ලැබේවි ද? මේ ගැන හරි තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. මෙතනින් එහාට වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. වාර්තාව දැක්කාම තමා හරියටම මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

    ප්‍රශ්නය:- එ.ජා.ප. ඇමැතිවරුන්ටයි ඍජුවම චෝදනා එල්ල වෙන්නේ. මෙය ශ්‍රී.ල.නි.ප. පැත්තෙන් එ.ජා.ප.යට කරන හානියක් නොවේ ද?
    පිළිතුර:- අපි 2008 පටන් එන කරුණුත් විමසලා බැලුවම මුළු ඉතිහාසය ගැනම එළියට ඒවි. ඊට පස්සේ අපට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ වාර්තාව සහ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව බිලියන දහයක පමණ පාඩුවක් ගැන සඳහන්. බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක් ගැන කතා කරන්න අමාරුයි. ඒ වෙලාවේ අවශ්‍ය වූ මුදල් ප්‍රමාණය තිබ්බෙ නැත්නම් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද? සමහරවිට පඩිනඩි ගෙවන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න බැරිවෙන්න පුළුවන්. අපි බාරගත්තේ දුෂ්කර තත්ත්වයක තිබූ ආර්ථිකයක්. ඒ වෙලාවේ කරන්න තිබූ ගෙවීම්වලට මුදල් අවශ්‍ය වුණා. ඒ ක්‍රියාදාමවල යම් යම් අඩුපාඩු තිබුණා. අවශ්‍ය මුදල මුල් අවස්ථාවේම ඇස්තමේන්තු කර තිබුණා නම් තත්ත්වය පැහැදිලියි. අපට තවමත් නොගෙවූ පැරැණි බිල් මතුවෙනවා. කිසිම ගිවිසුමක් අත්සන් නොකරපු ප්‍රසම්පාදන ක්‍රියා අනුගමනය නොකරපු දේවල් තවමත් මතුවෙනවා.
     මීට කලින් රජය කාලයේ හානිය ටි්‍රලියන හතරක්. බිලියන හාරදහසක්. මිලියනවලින් ගත්තොත් මිලියන මිලියන හතරක්. පොඩි ගණනක් නෙමෙයි. මේව කළේ කවුද? ශ්‍රී.ල.නි.ප.යනේ. ඒත් අපි මේ වෙලාවේ ඇඟිලි දිගු කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේ රට වෙනුවෙන් වැදගත් පියවර රාශියක් ගන්න එ.ජා.ප.ය නායකත්වය දී තිබෙනවා.

    ප්‍රශ්නය:- පසුගිය කාලයේ සිදුවූ දේවල් පිළිබඳව ඔබ කිව්වත් ඒවා ගැන මොකුත් වෙන බවක් නම් පේන්න නැහැනේ?
    පිළිතුර:- ඒව සොයනවා. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී.ය මේවා පිළිබඳ කටයුතු කරගෙන යනවා. අපි මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළා. ෆොන්සේකා මහත්තය හිරේ දාපු ආකාරයට මේ කවුරුත් හිරේ දාන්න අපි කටයුතු කළේ නැහැ. මේ කටයුතු කරගෙන යාමට නීතියට අවස්ථාව දී තිබෙනවා. අපිට ඕනකමක් තිබෙනවා. ඒ දේශපාලන වශයෙන් නෙවෙයි. නීතිමය වශයෙන්. නීතිය සැමටම පොදුයි කියන ස්ථාවරයේ ඉඳන්. කවුරු හෝ වරදක් කර තිබෙනවා නම් ඒකට නීතියෙන් දඬුවම් පැනවෙන්න ඕන. ඒ වෙනුවෙන් පරීක්ෂණ කිරීම ඇතුළු පියවර රාශියක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. මේවා බොහෝම සියුම් කාරණා. සමහර ඒවා රටවල් දෙකක සිදුව තිබෙන ගනුදෙනු. රටවල් අතර නීති වෙනස්. තොරතුරු ගන්න ගියාම ගැටලු මතුවෙනවා.
    සමහර තැන්වලදී සාක්ෂි සියල්ල විනාශ කරලා. එක වකවානුවකදී පොලිස් පොත්වල ලියපුවා පවා නැති වෙලා. එවැනි තැන්වලදී කටයුතු කිරීම දුෂ්කර වී තිබෙනවා. මුල්ම සාක්ෂි නැති වුණාම කටයුතු කිරීම හරිම අපහසුයි. ඒත් බොහෝ තැන්වලදී ගොඩක් හොඳ මට්ටමකට අපි පැමිණ සිටිනවා. ඉදිරියේදී ඒවායේ ප්‍රතිඵල එනවා. කවුරුත් කතා නොකළට පවරපු නඩු රාශියක් තිබෙනවා. නඩු ඇසීම වේගයෙන්, කඩිනමින් සිදු නොවීමයි ප්‍රශ්නය. මේ කටයුතු කඩිනම් කිරීමට පියවර කීපයක් ගෙන ඇති බව කියන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තිබෙනවා. සැමටම සාධාරණය ඉටු කිරීමට යන ගමනෙදි මේ වැඩවලට දීර්ඝ කාලයක් යන නිසා ජනතාවට අසාධාරණයක් වෙන බව කීමත් සාධාරණයි.

    ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට පැහැදිලි ස්ථාවරයක ආණ්ඩුව ඉන්නවා ද?
    පිළිතුර:- අනිවාර්යයෙන්ම. පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. එ.ජා.ප.යත් ඒ ස්ථාවරයේ ඉන්නවා.

    ප්‍රශ්නය:- මීට ඉදිරිපත්ව ඇති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක වී නැහැ. ඒ ඉරණම මේකටත් අත්වේ ද?
    පිළිතුර:- ඒ ඉරණමම මේකට අත්වෙන්න බැහැ. ඒ වගේම ඒ වාර්තා නිර්දේශවලට වෙනම ඉරණමක් අත්වෙන්නත් බැහැ. ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඕන.

    ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තා බෝලය නීතිපතිට පාස්කර එජාපය ඇඟ බේරාගන්න ද හදන්නේ?
    පිළිතුර:- තවම අපිවත් වාර්තාව දැකල නැහැනේ. මේක ජනාධිපතිතුමාගෙ කොමිෂන් වාර්තාවක්. එජාපයට ඒක පාස් කරන්න බැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. රජයක් වශයෙන් යම් යම් පියවර ගන්න පුළුවන්. මේ නිර්දේශ අනුව සමහර පරීක්ෂණ අරඹන්න පුළුවන්.

    ප්‍රශ්නය:- තමන්ගේ කඩුවට කැපෙන අය ගැන ජනාධිපතිවරයා ඉඟි පළ කළා. මේ කඩුවට එජාපයම කැපේවි ද?
    පිළිතුර:- ජනාධිපතිතුමත් අපිත් එකට වැඩ කරනවා. ගිවිසුම අවසන් බව ශ්‍රීලනිප සමහර ඇමැතිවරු කියනවා. ඒත් අපි තවමත් කටයුතු කරගෙන යන්නේ ජනතාවට දීපු පොරොන්දුව අනුවයි. ජනාධිපතිතුමා දැක්වූ අදහස මොකක් ද කියන්න දන්නෙ නැහැ. අපි හරි දේ කළොත් කැපෙන්න ඕන නැහැනේ.

    ප්‍රශ්නය:- මොනවා කිව්වත් ජනතාව ඉන්නේ අමාරුවෙන්. මේ තත්ත්වය යටතේ ඡන්දය ජයගන්න එජාපයට පුළුවන් ද?
    පිළිතුර:- අපි ජයගන්න බව පැහැදිලිව කියන්න පුළුවන්. මැතිවරණය නිසා අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා නැහැ. මේක ගමේ මැතිවරණයක්. එහෙත් වැදගත් මැතිවරණයක්. අවුරුදු දෙකක් අපි වැඩ කළේ ගමේ ආණ්ඩුව නැතුවයි. ඒ අඩුපාඩුව අපට හොඳට දැනුණා. ඩෙංගු උවදුර වෙලාවෙ මේ මන්ත්‍රීවරු සිටිය නම් වැඩ කඩිනම් කරගන්න තිබුණා. අපි ගමට මුදල් යොදවනවා. හැබැයි සියල්ල වියදම් කරලා නැහැ. ගමේ මන්ත්‍රීවරයෙක් සිටිය නම් ඒ දේ වෙනවා. අපි ඉන්නේ ආණ්ඩුවේ. අපේ මන්ත්‍රීවරු සිටියොත් වැඩියෙන් ගමට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ බහුතරය ඉන්න පක්ෂයට තමයි ගමේ ආණ්ඩුවත් ලැබෙන්නේ. මේක සාමාන්‍ය සූත්‍රයක්. අපි ගොඩක් වැඩ කර තිබෙනවා.
    කලක් රාජපක්ෂ ආණ්ඩුව පාරවල් හදලා ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ ආණ්ඩුව වැටෙන්නත් ඒ පාරවල් හේතුවක් වුණා. මේ පාරවල් නැවතුනේ නැහැ. හැබැයි මේවායේ කොන්ත්‍රාත් කළ කෙනා හැදුණා. සාමාන්‍ය ජනතාවට වැඩක් වුණේ නැහැ. දැන් අපට මුල ඉඳන්ම පාරවල් හදන්න වෙලා. අපි කරන්නේ ඒක විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය හරිහැටි කළමනාකරණය කරනවා. ණය බර පාලනය කරගෙන තිබෙනවා. රටට ආදායම් වැඩිකරගෙන රට දියුණු කිරීම කරගෙන එනවා. මේක ලේසි නෑ. අපි ගෙවන්නේ පසුගිය ආණ්ඩුවේ පව්. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු අංශ දියුණු කරනවා. මේ කාලයට අවශ්‍ය දේ කරනවා. පාසල් යන දරුවන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අපට හැකිවී තිබෙනවා. අපි කිසිවක් නතර කරල නෙමෙයි අනෙක් දේවල් කරන්නේ. බෙහෙත් මිල කොයි තරම් අඩු කළා ද. මූලික ප්‍රතිකාර සහිත 1990 ගිලන් රථ සේවාව ගමට ගෙන ගියා. මේක මුළු රටේම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
    පොලිසිය ගැන විශ්වාසයක් නැති කාලයක් තිබුණා. දැන් ඒක වෙනස්. හැබැයි මේක බොහෝ අයට අමතකයි. 2015 මැතිවරණයේදී පොලිසිය කෙළින් සිටි නිසා වෙනසක් කරන්න ජනතාවට අවස්ථාව ලැබුණා. එතැන් පටන් අපි පොලිසිය දියුණු කළා. ස්වාධීනව හරි විදියට කටයුතු කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නත් ක්‍රමයෙන් විසඳමින් සිටිනවා.

    ප්‍රශ්නය:- ආණ්ඩුව හැටියට එජාපය ජය ගන්නා බව ඔබලා කියනවා. ඔය කතාවම ආණ්ඩුවේ ඉඳගෙන ශ්‍රීලනිපයත් කියනවා නේද?
    පිළිතුර:- තමන් දිනන බව ජවිපෙත් කියනවා. එත් කවද ද දිනල තියෙන්නේ? ශ්‍රීලනිපය දෙකට බෙදිලා. බෙදුන තැනක් ඉදිරියට යන්නේ නැහැ. රටක් වශයෙන් වුණත් බෙදුනොත් ඉදිරියට යන්න අමාරුයි. දේශපාලනයෙන් අපේ රටේ වෙනසක් වෙන්න ඕන දෙයක් තිබෙනවා. ඡන්දෙ කාලෙට බෙදිල වැඩ කළාට පාර්ලිමේන්තුවේ වැඩ කරන ක්‍රම තිබෙනවා. මේක පෙරළන්න හන්දි ගානේ කතා කිරීම රටට කරන විනාශයක්. වෙන රටවල් දියුණු වෙලා තිබෙන්නේ එකට වැඩ කිරීමෙන්. ඒත් ඡන්දය පැරදුණු වෙලාවේ ඉඳන් මහින්ද මහත්තය කළේ හන්දි ගානේ උද්ඝෝෂණ කරවීමයි. ඒ මොන අභියෝග තිබුණත් රට ඉදිරියට ගෙන යන්න අපට හැකි වී තිබෙනවා. ඉදිරි වසර දෙකේදී මේ ගමන මීට වඩා වේගවත් වේවි.

    ප්‍රශ්නය:- පොහොට්ටුව නම් බලවත් බව කියනවා. මේක අභියෝගයක් නොවෙයි ද?
    පිළිතුර:- සෑම මැතිවරණයකදීම ප්‍රතිවාදීන් තර්ජනයක් නෙමෙයි කියා සිතුවොත් ඒක අපේ දුර්වලකමක්. අපිට තිබෙන තර්ජන මොනවා ද කියා අවබෝධ කරගන්න ඕන. ඒවාට අවශ්‍ය පියවර ගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය ඒ අනුව සකසාගෙන මහන්සිවෙලා තමයි දිනන්න යන්නේ. තර්ජන නැතිව අභියෝගයක් නෑ. අභියෝග නැතිව දේශපාලන ගමනකුත් නෑ. තර්ජන, අභියෝග සෑම දෙයකටම මුහුණ දෙන්න අපි ලෑස්තියි.

    ප්‍රශ්නය:- සාගලට ඕන හැටියට පොලිසිය හසුරුවනවා කියන චෝදනාව ගැන මොකද කියන්නේ?
    පිළිතුර:- ඇමැති හැටියට පොලිසිය බාරව ඉන්න රජයේ නියෝජිතයා මමයි. නිවැරැදි ආකාරයට රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. වැරැදි විදියට නෙමෙයි. ඔය ප්‍රශ්නය අහන්න ඕන මගෙන් නෙමෙයි. පොලිසියෙන්. ඒ අය පිළිතුරු දේවි.

    ප්‍රශ්නය:- ඔබේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් වෙන්නේ සාගලට ඕන හැටියට පොලිසිය හැසිරවීම නිසා නෙමෙයි ද?
    පිළිතුර:- සෑම අමාත්‍යාංශයකටම වගේ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. මගේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත්වීම ගැන මම සතුටුයි. මේක ලොකු අමාත්‍යාංශයක්. සමහරවිට එක වෙලාවට තැන් දෙකක මට ඉන්න බැරි වෙනවා. තවත් කෙනෙක් සිටියොත් මට හයියක්. අපි කරන්න යන දේ ගැන සෑම මොහොතකම අගමැති තුමාටයි ජනාධිපතිතුමාටයි වද කරන්න මට බැහැ. ඒව ගැන කතා කරන්න තව කෙනෙක් සිටීම හොඳයි.

    ප්‍රශ්නය:- හැබැයි දෙන්නා පක්ෂ දෙකෙන්. කඹ ඇදීමක් වෙන එකක් නැද්ද?
    පිළිතුර:- ඒක දැනගන්න ඕන එතුමයි, මායි. අපි දෙන්න අතර එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එක ගමේ. එතුමටත් මටත් වැඩ කර හොඳ පළපුරුද්දක් තිබෙනවා.

    ප්‍රශ්නය:- ඔබේ රාජ්‍ය ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට ගාල්ලේදී බැණ වැදී වැඩ අල්ලා තිබුණා. ඇමැති හැටියට ඔබ මොකද කියන්නේ?
    පිළිතුර:- එහෙම එකක් පත්තරවල තිබෙනවා මමත් දැක්කා. අපි ඒ ගැන කතා කළා. අපි වැඩ කරන විදිය එහෙම නෙමෙයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට තරාතිරමක් නෑ. එතුමත් ඒකට එකඟයි. මේ කාලයේ සැර ටිකක් අඩු කරන්න බැරි දි කියා ඡන්ද අපේක්ෂකයන් මගෙන් අහනවා. හෙල්මට් නැතිව යන්න, වේගයෙන් යන්න පොඩි චාන්ස් එකක් දෙන්න බැරි ද අහනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. ජීවිත වටිනවා. අපේ අය වෙනත් රටවල වැඩ කරනවා. මේ සෑම රටකම නීතිය අකුරට ක්‍රියාත්මකයි. නීතිය ලිහිල් කරන්න කියා ඒ රටවල අය කියන්නේ නෑ. ලස්සනට ඒ නීතිය තුළ ජීවත් වෙනවා. තමන්ගේ රටේ නීතිය ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? නීතිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක අපේ වගකීමක්.
    පොලිසියත් ජනතාවට හිරිහැර කරන්න බෑ. මානුෂීය පැත්තක් තියෙන්න ඕන. මේක බොහොම සියුම් කාරණයක්. ජනතාවට සේවය කරන්න ඕන. ඒත් වද දෙන්න හොඳ නෑ.

    ප්‍රශ්නය:- පාතාල ප්‍රශ්නය නිතර කතා වෙන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇයි?
    පිළිතුර:- පාතාලය මර්දනයට ලොකු දැලක් දාලා තිබෙනවා. ඒ බව දැනිලා දැන් සමහරු රට පනින්න පටන් අරන්. ඒත් වැඩිකල් ඒ අයට ඉන්න බැහැ. අපි මේක ඉවර කරනවා. කුඩු සහ පාතාලය එකට යන්නේ. මේ කිසිවකට ඉඩ දෙන්නේ නෑ. මර්දනය කරනවා.අල්ලන මත්කුඩුවලට වෙන්නේ මොකක් ද කියන ප්‍රශ්නය තිබුණා. ලබන 15 වැනිදා මහජනයා ඉදිරියේ මත්කුඩු කිලෝ 1000ක් පුළුස්සනවා. මේක වෙන්නේ පියවර දෙකකින්. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සහභාගි වෙනවා. පළමු පියවර කටුනායකදී ක්‍රියාත්මක කරනවා. පාතාලයට, කුඩුවලට ඉඩක් දෙන්නේම නෑ.

    -පුවත්පත් උපුටනයකි

  • එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

    එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
     
    ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක්  කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි ඇයගේ නිවසට ගලකින් පහර දි ඇයට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය දිඹුල පොලීසියට පැමිණිලි කර ඇත. 
     

  • බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙය සිදුකිරිමට නියමිත බව සදහන්..

  • ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බෝධි පූජාවක් අද අනුරාධපුරයේදී

    ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බෝධි පූජාවක් අද අනුරාධපුරයේදී

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තුන්වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන බෝධි පූජා පින්කමක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී අද (8දා) දින පැවැත්වීමට නියමිතය.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කර ඇත.

    සාමාජිකයන් 1000ගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අබියසදී පහන් පූජාවක් සහ නෙලුම් මල් පූජාවක්ද මහා දේවාලයේ දේව පූජාවක් සහ රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර නුවර බළකා මූලස්ථානයේ සාමාජික සාමාජිකාවන් 400කගේ සහභාගිත්වයෙන් දළදා මාලිගාව අබියසදී බෝධි පූජාමය පින්කමක් පැවැත්වේ. පොළොන්නරුව බළකා මූලස්ථානය මඟින් සාමාජික සාමාජිකාවන් 1000ගේ සහභාගිත්වයෙන් ගල්විහාරයේදී බෝධි පූජාමය පින්කමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

  • පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් එහි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මන්ත්‍රිවරයා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත කිරිඇල්ල මහතා නියම කළේය.

    රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රිවරයා පොලිස් නිලධාරීන් භාරයට පත්කර තිබිණි. සපුගස්කන්ද පොලිසිය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රංවල මන්ත්‍රිවරයා නිරීක්ෂණයට ලක්කර මෙසේ රෝහල තුළම රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඊයේ (07දා) වනවිටත් මන්ත්‍රිවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.