Category: සුපිරි Politics

  • ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    අද 2018 ජනවාරි 02 ඒ කියන්නෙ ලැබුවා වූ 2018 නව වසරේ වැඩ කරන පළමු දිනය(පළවනදා එනම් ඊයේ පොහොය දිනයක් නිසා) ඉතින් ඔන්න 2018 වසරේ වැඩකරන පළමු දිනයේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඝ , වෙද , ගුරු , ගොවි හා කම්කරු කියන පංච මහා බලවේග එකතු කොට හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අයුරකින් කිවුවහොත් 2005 එවකට හිටි හොඳ කම්කරු නායකයෙක් වූ මහින්ද රාජපක්ෂට ජනපති වරම් හිමිකරදුන් පක්ෂය දෙකඩ කිරීමේ මහත් වූ පාප කර්මයට උරදෙන්න යන බවට ආරංචි ලැබී ඇත.

    ඒ, අද ඔහු සුගතදාස ක්‍රීඩාංගනයේ පොහොට්ටුව නමින් තමන්ව හදුන්වාගන්නා බැසිල් ප්‍රමඛ දේශපාලන අනාතයන් සුළුතරයක් සමඟ අත්වැල් බැඳගෙන නාමල්ව 2025 වනවිට ජනපති අපේක්ෂකයා ලෙස කල එළි දැක්වීමට ඇති පටු දේශපාලන කොණය නිසා පමණක් බව උගත් බුද්ධිමත් පාඨක ඔබ සැමට අලුතින් කියන්න දෙයක් දෙයක් නැත.

     

  • ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..

    ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..

    වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් වන අවසන් තීරණය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘මව්බිම’ට පැවැසීය.
    එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්
    පක්‍ෂය එක්ව පිහිටුවා ඇති සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය පෙරේදා (31දා) අවසන් වූ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට රැගෙන යනවාද නැද්දැයි ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් වීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවට තවත් පාර්ශ්වයක් පවසති.

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව පරාජය වූ පසු ඊට සහාය දෙන ශ්‍රී ලනිප කණ්ඩායම ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇති බවයි.
    කෙසේ වෙතත් ශ්‍රී ල.නි.ප.යේ සිටිමින් වෙනත් පක්‍ෂයකට සහාය පළ කරන්නන් පිළිබඳ
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනය ක්‍රියාමර්ග ගැනීමට අනිවාර්ය බවද අමරවීර මහතා වැඩිදුරටත් පැවැසුවේය.

  • ජනිපෙ අවසන් ගමන් යයි….විමල්ට තරු පෙන්වමින් මුසම්මිල් ලගදීම මෛත්‍රී ලගට..

    ජනිපෙ අවසන් ගමන් යයි….විමල්ට තරු පෙන්වමින් මුසම්මිල් ලගදීම මෛත්‍රී ලගට..

    ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ඉදිරි දින කිහිපය තුලදි මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

    මිට අමතරව ජනිපෙ තවත් පළාත් සභා මන්ත්‍රීවරයේකුද ඔහු සමග ආණ්ඩුවට එක්වෙමිට නියමිතයි.

    ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමේදි ජානිපේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් මතුවු ගැටලුකාරී තත්ත්වය සහ විමල් සහ ඔහුගේ බිරිද සම්බන්ධයෙන් ඇති චොදනා වලින් නිදහස් විමට එජාප නායකත්වය සමග ඩිල් කිරිම වැනි කරුණු රැසක් හේතුවෙන් විමල්ගේ පක්ෂය දෙදරා ගිය අතර පක්ෂයේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක ඇතුලු සමාජිකයන් රැසක් පක්ෂය හැර ගියා.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂය හැර යැමත් සමග එහි සංවිධාන යාන්ත්‍රනය සම්පූර්ණයෙනම බිඳවැටී ඇති අතර පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කල අපේක්ෂකයන් රැසක්ම එම ලැයිස්තු වලින් අවසන් මොහොතේ කැපි ඉවත් විමත් හේතුවෙන් දැනට ඉතුරුව සිටින පක්ෂයේ කිහිප දෙනා ඉදිරියේදි මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිපයට එක්විමට නියමිත බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

  • රට හෙල්ලූ බැඳුම්කරය ගැන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් 03දා..

    රට හෙල්ලූ බැඳුම්කරය ගැන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් 03දා..

    බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා (03) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

    ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා එහිදී එම වාර්තාව ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 
    තමන් මාධ්‍ය වෙත සිදු කරන මෙම ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමේද සටහනක් තබා තිබෙනවා. 
    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබුවේ ඉකුත් 30 වැනිදායි.
    ඒ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි විසින්.  
    2015 – 2016 අතර කාලසීමාවේදී සිදු වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ මෙම වසර මුලදීයි.  

  • ලොක්කා අපතයන්ගේ ලණු කෑවට අපි කන්නේ නෑ.. එකාබද්ධයට සහය දුන් බහුතරයක් ශ්‍රීලනිපයට

    ලොක්කා අපතයන්ගේ ලණු කෑවට අපි කන්නේ නෑ.. එකාබද්ධයට සහය දුන් බහුතරයක් ශ්‍රීලනිපයට

    ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මහින්ද විශේෂ ප්‍රකාශයක් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

    මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.

    හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට සම්බන්ධ වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

  • නොමේරු පොහොට්ටු පුප්පන්න සුගතදාසේට යන යන මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවෙන් දොට්ට..

    නොමේරු පොහොට්ටු පුප්පන්න සුගතදාසේට යන යන මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවෙන් දොට්ට..

    හෙට සිට ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

    ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

    මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.

    මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

    හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට හේත්තු වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

  • නාමල්ට වකුගඩුව දුන් උතුම් මිනිසාට නාමල්ගේ නොමිනිස් බිරිඳ කල කුජිත කතාව…(video)

    නාමල්ට වකුගඩුව දුන් උතුම් මිනිසාට නාමල්ගේ නොමිනිස් බිරිඳ කල කුජිත කතාව…(video)

    ක්‍රිෂාන්ත යනු නාමල් උඩුගම යන පච කලා කාරයාට තම වකුගඩුවෙන් 70%ක් මුදලට විකිනු පුද්ගලයායි. මේ කථාව දැන් සමාජයේ සෑම දෙනාම දන්නා කාරණාවකි.

    මෙම වීඩියෝව හොදින් අසන්න,,,,,

    ඔව්. ක්‍රිෂාන්ත මුලින් ලක්ෂ 7කට වකුගඩුව විකුනන්න කථා කලා පසුව අවසාන මොහොතේ එය ලක්ෂ 20 දක්වා වැඩි කලා..එය කැත වැඩක් කියමුකෝ. ඊට පස්සේ උබලා ඌ දිහා ඇහැක් ඇරලා බැලුවද?

    අද කාලේ ලක්ෂ 7කින් මොනවාද කල හැක්කේ. ලක්ෂ 20ක් ඉල්ලීම අපටනම් සාධාරණ යැයි විටක හැගේ. . එමෙන්ම නාමල්ට මෙම අසනීප කාලය තුල විවිධ පුද්ගලයන් හා සමාජ ආයතන වලින් ඔහුගේ බැංකු ගිණුම කොපමණ පිරෙන්න ඇතිද?

    නාමල්ගේ බිරිඳට මතක් කල යුතු දෙයක් ඇත. එනම් තමන්ගේ  වකුගඩුව ලබා දෙන්න උබලාගේ පරම්පරාවේ එකෙක් හෝ උබලා වටේ ඉන්න එකෙක් ඉදිරිපත් උනාද?

    ඔය ක්‍රිෂාන්තයා නැත්නම් උබේ මිනිහා මේ වන විටත් පොළොවට පස් වෙලා…

  • මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

    මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    මැතිවරණය සහා ඉදිරිපත්ව ඇති සියලූම කාන්තා අපේක්ෂයන් සමග මත්ද්‍රව්‍ය මර්දනය සහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    රටේ ස්වභාවික සම්පත් රැකගනිමින් පරිසරය සුරැකීම සහා උගත් තරුණ පිරිසගේ දායකත්වය ද ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

    පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

  • කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

    කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

    VOICE OF CEYLON වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි

    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි.

    එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු පලාත් පාලන ආයතන වලට තරග වදින මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹ මහ නගර සභාවට පමණක් තනිව තරග වදින්නේ ඇයිදැයි යන්න අපගේ ගවේෂණයට හේතුවූ පලමු හේතු සාධකය විය.

    මෙය හුදෙකලා සිද්ධියක් නොවන වගත් මෙය පිටුපස කුමක් හෝ දේශපාලන කාරණාවක් ඇති බවත් වටහාගත් අප ගවේෂක කණ්ඩායම සොයාගත් කරුණු මෙසේය.

    කොළඹ මහනගර සභාවේ බලය ඉදිරි මැතිවරණයන්හීදී අතීශය තීරණාත්මක සාධකයක් නිසාවෙන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුනම කොළඹ මහ නගර සභාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇත. එහෙයින් එජාපයෙන් රෝසි සේනානායකද ශ්‍රිලනිප පාර්ශවයෙන් අසාද් සාලිවද නම් කොට ඇත. ඩීල් එක ගොඩ නැගෙන්නේ එතනින් නොව. පොහොට්ටුවෙන් ඉදිරිපත් කොට ඇති නාමමාත්‍රික නගරාධිපති අපේක්ෂකයා වෙනුවෙනි.

    නාමයෝජනා සකස් කරමින් පවතින කාලය පුරාම මනෝ කටයුතු කලේ එජාප නාම යෝජනා මණ්ඩලය සමග වුවත් අවසාන දින රාත්‍රියේ මනෝට අදාල ස්ථානයෙන් පිටව යෑමට තිබුණේ ඉතා හදිසියකි. ඒ කලින් කතා කරගත් පරිදි අදාල ඩීල් එක වනවාද නැද්ද යන්න දැන ගැනීමටය. රාත්‍රී 10.00ට පමණ එජාප නාමයෝජනා මණ්ඩලයෙන් මනෝනැගිට යන්නේ හදිසියේ ලැබෙන වයිබර් පණිවුඩයක් හේතුවෙනි. ඒ පණිවුඩය එවන ලද්දේ අන් කිසිවෙක් නොව කොළඹ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හා වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකුගෙනි.

    ”වැඩේ හරි….යුරේ…. සල්ලි ටිකත් එක්ක ඇමතිතුමාගේ ගේ ගාව”

    එලෙස සටහන්ව ඇති පණිවුඩය දුටු වහාම මනෝ එජාප නාමයෝජනා මණ්ඩලයට පවසා සිටියේ තමන්ගේ අපේක්ෂකයින් හත්දෙනා සමග තමන් තනිව කොළඹ මහනගර සභාවට තරග වැද ජයග්‍රහණයෙන් පසුව එජාපය සමග එක්වෙන බවයි. මනෝගේ අපේක්ෂකයින් වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩ වහාම තමන්ගේ අපේක්ෂකයින් දැමීමට එජාප නාමයෝජනා මණ්ඩලය කටයුතු කල අතර මනෝ එම ස්ථානයෙන් පිටත්ව තම නිවස බලා ආවේ විදුලි වේගයෙනි.

    එදා රාත්‍රිය මනෝට කාමාසුඛල්ලිකානුව ගත කිරීමට අදාල මාධ්‍ය හිමිකරු එවා තිබූ ජනප්‍රිය නිළිය සමගවූ බීෆ් කේසය දැක මනෝ වහාම අදාල මාධ්‍ය ආයතන හිමිකරුට දුරකථනයෙන් ඇමතීය. දුරකථනය විසන්ධිකල අදාල මාධ්‍ය හිමිකරුවා වයිබර් හරහා මනෝ සමග සම්බන්ධ විය.
    ” මනෝ මම ඔන්න වැඩේ කලා. අපිට කොළඹ දිනන්න ඕනේ,ඒක අපේ බිස්නස් වලට වටිනවා. අපිට සුළු ජාතික ඡන්ද වල අඩුවක් තියෙන්නේ. අපි දන්නවා ඔයාට ඒක කවර් කරන්න පුළුවන්. ඉතිරි හරිය මම වෙනත් විදියකට කතාකරගෙන යනවා. ඔයා අපිට සහාය දෙන්න”

    එදින රාත්‍රිය සුවපහසුව කාමයෙන් හා සුරාවෙන් වෙලී ගතකල මනෝ අවධිවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමතුමෙනි.”ඇයි මනෝ ඔයා කොළඹින් වෙනම ඉල්ලන්නේ” අගමැතිවරයා එසේ විමසද්දී මනෝ ප්‍රකාශ කලේ
    ”සර් මම කොහොම ඉල්ලුවත් සර්ලා එක්ක ඉන්නවනේ” යනුවෙනි.
    ” ආ එහෙමනම් ගැටලුවක් නැහැ මනෝ” අගමැතිවරයා දුරකථනය විසන්ධිකල අතර උදෑසන 11ට පමණ ජනපති මෛත්‍රීපාල සිරිසේන මනෝව දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින්
    ” මනෝ මොකද ඔයා කොළඹ විතරක් තනිවම ඉල්ලන්නේ” විමසා සිටි අතර මනෝ එවෙලේ පැවසුවේ අපූරු පිළිතුරකි.

    ” සර් එජාප ලිස්ට් එකේ අන්ඩර්වර්ල්ඩ් අය ගොඩාක් ඉන්නවා මගේ අය දැම්මොත් එයාලව කපලා මගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන්”

    මනෝව දිනා ගැනීමේ අවස්ථාවක් ලෙස භාවිතා කල හැකි අවස්ථාවක් යැයි කල්පනා කල ජනාධිපතිවරයා
    ” මනෝ මම දැන්ම ඔයාට STF ගාර්ඩ් එකක් එවන්නම්. භය වෙන්න එපා”යනුවෙන් ප්‍රකාශ කලේය.

    මනෝගේ මේ ප්‍රකාශය නිසා ක්ෂණිකයෙන් කොළඹ එජාප ලැයිස්තුවට පාතාල සාමාජිකයින් ඇති බවත් ඒ නිසා මනෝට STF  ආරක්ෂාව ලබාදුන් බවත් පුවත නිර්මාණය විය. මේ පුවත නිර්මාණය වන්නේ අදාල මාධ්‍ය හිමිකරුට අයත් ප්‍රචාරක ආයතනයෙනි. පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයාද සේවය කරන්නේ අදාල ප්‍රචාරක ආයතනයේයි.

    STF පිරිවරාගෙන මනෝ කොළඹ ඡන්දේ කරන හැටි

     

    රටේ ජනපති අගමැති අන්දවා මනෝගේ ඩීල් නාට්‍ය හා STF ආරක්ෂක වලල්ල නිර්මාණය වන්නේ එලෙසිනි. පෙබරවාරි 11 වැනි දින වන විට මනෝ ජනපතිව හා අගමැතිව ඇන්දූ බව තේරෙන විට ඔවුන්ට විහිදෙනේ තරු සමග රැස් වළලුය.

    VOC ගවේෂක කණ්ඩායම

    මනෝගේ චීන්නු බෝඩිම් හා අවුරුදු දෙකහමාරෙන් හදපු සැප නිවාස ගැන තොරතුරු බලාපොරොත්තු වන්න

  • ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

    ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

    කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැහැ මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් එතනදි මට අදාල වෙන්නෙ නෑ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය ප‍්‍රතිඥාව දීමේ උත්සවයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32ක නායකයෝ හා ක‍්‍රියාකාරීහු ඉදිරියේදී පැවසීය.

    “මට අවශ්‍ය වන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මා ප‍්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරි ගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් මේ වැඬේ පටන් ගත්තම ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳ සාක්ෂියක් කර ගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩු ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගනිමු. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති රටක් වෙනුවෙන් සියලූ දෙනා අධ්‍යාත්මික දර්ශනය අනුව කැපවෙමු.’ යයිද ජනපති තුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

    ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

     

    ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනකසාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් පොලිසිය ඉදිරිපටදීම බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත.

    පුජා භාණ්ඩ වලටද පහර දෙමින් මේක බෞද්ධ විහාරයක්.. තමුසෙලා ඔක්කොටම වැඩේ දෙනවා යයි පවසමින් බැතිමතුන් විසින් පොළොවේ ඇඳ තිබූ කෝලම් නම් සහල් පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල සැරසිල්ලක් ආණ්ඩුකාර බිරිද විසින් පාවහන් සහිතව පෑගීම නිසා තත්වය උණුසුම් වී ඇත.

    වීඩියොව පහතතින් බලන්න

  • ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    1958 දී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් ප්‍රථම වරට පිදුම් ලද සේනක බිබිලේ ගැන ලංකාව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇතිකිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබා දීමෙන් ඖෂධ වල වෙළෙඳ නාම වෙනුවට ඖෂධීය වෙළෙඳ නාම භාවිතා කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේ මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද මේ සඳහා යොමුවූ අතර එහි පැසසුමටද ඔහු පාත්‍ර විය. ඖෂධ ප්‍රතිපත්තිය හරහා පහර වැදුන වෙළෙඳපොල ක්‍රියාකාරීන් ඖෂධ මාෆියාවෙන් සේනක බිබිලේට නිර්භය ලෙස පහර දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 1977 සැප්තැම්බර් 26 වෙනිදා ගයනාවේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වීමයි.

    සේනක බිබිලේ ප්‍රතිපත්තිය වසර 40 කට අධික කාලයක් හමස් පෙට්ටියකට ගොස් තිබියදී එය ගොඩ ගෙන නැවත කරලියට ගෙන එන්නේ සෞඛ්‍ය ඇමති රාජිතය. රාජිත ඖෂධ 48 ක මිල අඩු කලේ බටහිර රටවලින් එන බාධක මැද්දේය. මිල අඩු කරන්නට සැරසෙන විට හැම තැනින්ම දෝෂාරෝපණ ගලා එන්නට විය. තර්ජන එල්ල විය. ඖෂධ මාෆියාකරුවන් විවිධ උපක්‍රම එල්ල කරඖෂධ මිල නතර කිරීමට නොයෙකුත් ගැට දැමීය. නමුත් යහපාලනය හෝ රාජිත එයට හිස නැමුවේ නැත. ඖෂධ මිල අඩු කලේය. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වලින් පීඩා වින්ද රෝගීහු සැනසුම් සුසුම් හෙලීය. හොම්බෙන් යන බැහැල තිබුණු ආණ්ඩුව කෙලින් කලේ ඖෂධ මිල අඩු කිරීමෙනි.

    ලෝක ආර්ථිකය කඩා ඇති මොහොතක ලංකාවේද ආර්ථිකයට පහර වැදී තිබිණි. ඩොලරය සීඝ්‍ර ලෙස ඉහල යන්නට විය. ඩොලරය වැඩි වීම ඖෂධ මාෆියාකරුවන්ට ලොතරැයියක් ඇදුනාක් මෙන් විය. රාජිත හමුවීමට ඔවුන් ආවේ දුන්නෙන් විදුනු හීයක් වාගේය. ඖෂධ මිල වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ලොකු වැඩිවීමක් දෙන්න. ඖෂධකරුවන්ගේ ඉල්ලීම එය විය. බෑ එහෙම වැඩි කරන්න. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මෙය රාජිතගේ පිලිතුරය. වෙළෙඳපොල අධ්‍යයනයක් කිරීමෙන් පසු 5% ක් මිල වැඩි කිරීමට අවසරයක් දුන්නේය.

    මාධ්‍ය වෙත මේ මාෆියාකරුවන් ගෙන ගියේ වැරදි මතයකි. ඔන්න ඖෂධ මිල වැඩි කරලා. නමුත් ඔවුන් එම මිල ගණන් වැඩි කලප්‍රතිශතය ගැන කිව්වේ නැත. ඇත්තටම පැරසිටමෝල් පෙත්ත මිල අඩු කල පසු තිබුණේ රුපියල් 1.30 කටය. මිල වැඩි කලාට පසුව එය රුපියල් 1.37 කි.ශත 7 කට ලෝක විනාශය වගේ කට්ටිය කෑගසන්නට පටන් ගත්තේය. දෙල් ගෙඩිය කොලයක් උඩට වැටිල ඒ සද්දේ ඇහිලා දුවපු හාවා කැලයම අවුල් කලා වගේ මේ ඖෂධ මාෆියාකරුවන් ජනතාව අවුස්සන්නට විවිධ සංවිධාන හරහා කටයුතු කලේය.

    විවෘත ආර්ථිකයක් ඇති රටක ඩොලරය ඉහල යන විට ඊට සාපේක්ෂව මිල වැඩි වීම අතිශය සාමාන්‍ය දෙයකි. නමුත් මේ කාරණා ලොකු කරගෙන කතා ගොතමින් ජනතාව ඇන්දවීම නම් අතිශය පිළිකුල් සහගතය. අවුරුද්දක් මිල අඩු කර තිබූ ඖෂධ ගැන කතා නොකරපු අය 5% ලොකු කරගෙන කෑගැහුවේය. ඇත්තෙන්ම කල යුත්තේ කොරහේ කිඹුලෙක් දැකීම නොවේ. හොඳ දේට හොඳයි කීමය. ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඖෂධ මාෆියාකරුවන්ට හිස එසවීමට ඉඩ නොදී අපේ එවුන් බේරා ගැනීමය.

    උපුටා ගැනීමකි

  • එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තියෙනවා. ඒ අතරෙ දේශපාලන ලෝකයෙන් එක එක විදියෙ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. කොහොම වුනත් මෙවර මැතිවරණයෙදි දූෂණ චෝදනා තියෙන අයට මැතිවරණය ඉදිරිපත් වෙන්න දෙන්නෙ නෑ කියලා තමයි මැතිවරණ කොමසාරිස් වරයා කිවුවෙ.

    කෙසේ වෙතත්   තමාට පෙට්‍රල් ෂෙඩ් එකක්‌, තෙල් බවුසර් දෙකක්‌, මැණික්‌ අපනයන ව්‍යාපාරයක්‌, පුළුන් නිෂ්පාදන කම්හලක්‌, ඉඩකඩම්, ගොඩනැඟිලි සහ වාහන ඇතුළු වත්කම් හා දේපළ රැසක්‌ ඇති බව බැඳුම්කර කොමිසමේදී කියා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ තහනමට ලක්‌ව සිටින ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික සමන් කුමාරගේ අනියම් බිරිඳ ලෙස බැඳුම්කර කොමිසමේදී පිළිගත් තක්ෂලා කුමාරි මෙවර බෙන්තර ප්‍රාදේශිය සභාවට තරඟ කරන්නට තීරණය කර තිබෙනවා.

    නිරූපන ක්ෂේස්ත්‍රයේ රැකියාවක නිරතවන ඇයට අලුත්ගම ප්‍රදේශයේ වෙළඳ සැළකද සහ සැලූන් එකක් පවත්වාගෙන යන බව ඉන්දික සමන් කුමාර බැඳම්කර කොමිසමේදී ප්‍රකාශ කර තිබුණා. 

    ඇය කෙසෙල් ඇවරිය ලකුණෙන් ස්වාධීනව තරඟ බිමට පිවිසුනද ප්‍රභල දේශපාලන පක්ෂයක සමීප සබඳතා ඇති බවද ආරංචි වෙනවා.

    ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඔස්සේ කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායකගේ ඡන්ද පදනම අඩුකිරීමේ අරමුණින් නිත්‍යා සේනානි සමරනායක පොදුජන පෙරමුණ ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වන බවට තොරතුරු වාර්තා වෙනවා.

    නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කිරීමේ ඡෝදනාව මත පසුගිය වසරේදී බන්ධනාගාර ගතව සිටි ඇය එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කර තිබුණා.

    දීර්ඝ කාලයත් ගුවන් සේවිකාවක් ලෙසද කටයුතු කල ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමීපව ඇසුරු කල බවද වාර්තා වෙනවා.

  • දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය

    පසුගිය දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ අතර ඉදිරියේදිත් දිනේෂ්ගේ නායකත්වය පසෙකලා පොහොට්ටුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් තවත් කණ්ඩායමක් ශ්‍රීලනිපය වෙත පැමිණීම සනාත කර ඇති බවත් ඒ හේතුවෙන් දිනේශ් ගුණවර්ධන මේ දින වල ඉතාමත් කණගාටුවෙන් පසුවන බවත්  නෙළුම් මාවත කාර්යාලයේ විශේෂ ඔත්තු කරුට තහවුරු වී ඇත.

    මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතින බැවින්‍ෙ එයට සෘජුවම බැසිල් වගකිව යතු යයි ජී.එල් මහින්ද රාජපක්ෂට පැවසීමත් සමග මේ දින වල බැසිල් හා ජී.එල් අතර දැඩි නොහොඳ නෝක්කඩුවක් පවතින බවට ද ආරංචි ලැබී ඇත.

  • පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි…  සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි… සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධයෙන් ඉවත්ව ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩ කටයුත් සඳහා සිය පූර්න කැපවීම යොදන බවට අද උදෑසන ජනපකි මෛත්‍රී හමුවී ප්‍රකාශ කර ඇත.

    එතුමන් මෙම තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව තුල බැසිල් රාජපක්ෂ විසින් ගෙනයන ඒකාධිකාරී පාලනය නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.තමන්ට මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසිදු අමනාපයක් නැති අතර මහින්ද නම විකුණා බලය ලබා ගන්න දගලන බැසිල් හා නාමල් යන දෙපලගේ අවිචාරවත් දේශපාලන හැසිරීම නිසා මේ රට ඉදිරියේදී මහා ව්‍යවසනයකට ලක්විය හැකි බැවින් ඒ සඳහා කොටස් කාරයෙක් වෙන්න තමන්ට නොහැකි යයි ඔහු සිය සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.

  • ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ.

    (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූ මෙම පිරිස රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.