Category: සුපිරි Politics

  • මහින්ද යුද හමුදා මූලස්ථානය තිබුන ඉඩම ෂැංග‍්‍රිලා සමාගමට අත්තනෝමතිකව විකිණීමෙන් කෝටි 500ක් රජයට පාඩුයි…

     

    නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්  වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    එතුමා එසේ පැවසුවේ පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව ඇතැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව සඳහන් කරමිනි.

    මෙම ඉඩම විකිණීමට පෙර යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට හෝ එක් නිශ්චිත ස්ථානයක් තෝරාගැනීමට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා ෂැංග‍්‍රිලා සමාගමට මෙම ඉඩම ලබාදී ඇත්තේ ද සින්නක්කරවම බව ප‍්‍රකාශ කළේය.

    ඇමෙරිකාවේ ආරක්‍ෂක මූලස්ථානය වන පෙන්ටගනය හා සමානව යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු ආරම්භ වුවත් එහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට රජයට සිදුවූ බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • සුජීව කියන්නේ අද ඊයේ ආපු එකෙක්.. මට අභියෝග කරන්න එයා කවුද? ඇමති ජෝන්ට මල පනියි..

    මේ සැරේ ආවොත් ගහලා එලවනවා ඕන එකෙක්ව. මේ සැරේ රජයත් අපේ. පොලීසියත් අපේ. ඒක හින්දා බයක් සැකක් තියාගන්න ඕන නෑ. අපිට ඕන කරලා තියෙන්නෙ තමුන්වහන්සේලාගේ වටිනා කතිරය විතරයි‘‘පසුගියදා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියපු මේ කතාව තවමත් ඔබට මතක ඇති.

    කොහොම වුනත් අමාත්‍යවරයා කියපු මේ කතාවෙන් පස්සෙ පක්ෂ විපක්ෂ බොහෝ දෙනා මේ ගැන කතා කලා. ඒ වගේම  සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් කිවුවෙ ඇමති ජෝන් අමරතුංග අමාත්‍යවරයාට දැන් වයස අවුරුදු අසූවකට විතර ආසන්න බවත් තවමත් ඔහු ජනතාව වෙනුවෙන් සේවය කරන නිසා ඔහුට  අනුකම්පා කල යුතු බවත්ය.

    හැබැයි මේ කතාවෙන් පස්සෙ ජෝන් අමරතුංග අමාතත්‍යවරයා කිවුවෙ  සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට වඩා තමන් සිහිබුද්ධියෙන් කටයුතු කරන බවයි. එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පිළිබඳ මෙලෙසද ප්‍රකාශ කලා.

    ඊයේ පෙරේදා දේශපාලනයට ඇවිල්ලා සුජීවලා මොනවාද දන්නේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මං මැතිවරණ කීයකට මුහුණ දුන්නාද? කෙතරම් මැර තර්ජන අපට එල්ල වුණාද? පසුගිය ආණ්ඩුව කාලේදී කෙතරම් මැර තර්ජන එල්ල වුණාද? ඒ වගේ තර්ජන ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට එල්ල කරන්න එපා. එහෙම කවුරුහරි මැර තර්ජන අපට කරන්න ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එකයි මං කිව්වේ.

    මට වයස ගියාට සුජීවලාට වැඩිය ඉතා හොඳ සිහි බුද්ධියෙන් මම කටයුතු කරනවා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපායි කියලා ජනාධිපතිතුමා පසුගියදා කිව්වේ කාටද? ජනාධිපතිතුමාට දොස් කියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා අවවාද කළේ කාටද? කියලා හොයලා බලන්න. එතකොට සිහිබුද්ධිය නැතිව වැඩ කරන්නේ කවුද? කියලා කාටත් දැනගන්න පුළුවන්.

    [rns_reactions]

  • ප්‍රතිපත්තියක් ජන පදනමක් නැති විමල්ලට ගම්මන්ලට නිදහස් පක්ෂයේ ඉඩක් නෑ.. – එස්.බී

    මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු (19) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇමැතිවරයා මේ බව කීවේය.

    අසූචි වළ කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් කර ගැනීමේ කිසිදු අවශයතාවක් නොමැති බවත් ඔහු කීය.

    පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවන බව ද අමාත්‍යවරයා කීය.

    [rns_reactions]

  • කාණ්ඩ 4ක් යටතේ රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා

    2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ.

    එම කාණ්ඩ නම්,

    කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන්  –  රු. 15,000

    කාණ්ඩ අංක 02 – පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් – රු. 13,500

    කාණ්ඩ අංක 03 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත –   රු. 5, 000

    කාණ්ඩ අංක 04 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් – රු. 3, 000

    සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබන අතර ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

     

     

     144 total views, 24 views today

  • ඇස්බැස්ටස් තහනම කල් යයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී 2018.01.01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

    රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
     

  • ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණයි – මහින්ද අමරවීර

    ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එසේ තීන්දුවක් ගන්නවානම් එය ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එසේ සිදු වනවානම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට පෙරද පසුද කියා නිශ්චිතව කිව නොහැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

     

  • කුඩු ලංසත් ඒකාබද්ධ හොර කල්ලියට…

    ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර සිය ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ.

    ඔහු පසුගිය ආණ්ඩු සමයේ කුඩු ගෙන්වීම හා බෙදාහැරීම යටතේ  ඡෝදනා ලැබ තැබූ අතර එසමයේ ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙන් වැටලූ අවස්ථාවේදී එවකට හිටපු ජනපති මහින්ද ගොස් ඔහුව වැළද ගෙන විශාල මාධ්‍ය සංදර්ශනයක්ද දැම්මා මෙරට වැසියන්ට අමතක නැත.පසුගිය ආණ්ඩුව විසින් එසේ යටගැසූ එම ප්‍රශ්න වලට අදාල ෆයිල් බැසිල් රාජපක්ෂ විසින්   නැවත එළියට ගෙන ඒමට සැරසෙන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ….

     

     

  • 2020 ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි… මහින්ද ගෝඨව බැසිල්ව චමල්ව කපලා නාමල් ගේන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…

    2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    එහිදී , “දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා බලන්න සුජීව අර නරි රැලක් දාගෙන මහින්ද රාජපක්ෂ පිස්සු කෙලිනවා කියලා අපිට කියනවා. අද විශාල ප්‍රශ්නයක් ඒ පක්ෂේ ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම ප්‍රාර්ථනය නාමල් රාජපක්ෂ මහත්තයාව විපක්ෂ නායක කරන එක.අවුරුදු 30ක් විපක්ෂේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ප්ලෑන හදන්නේ. ගෝඨාවත් කපනවා, බැසිල්වත් කපනවා,චමල්වත් කපනවා. දැන් ගේම පටන් අරන් පවුල ඇතුළේ. කලින් සෙට් එක එකට ගැහැවුවා. දැන් ඒවා නැහැ.”

    “දැන් හිතා ගන්නකො කොහොමද අපේ අරික්කාල දැන් ඉන්නේ කොහොමද භාගේ, කාල වීගෙන දැන් හැදීගෙන ඉන්නේ. මේක විනාශ වුණ පක්ෂයක්. ගහලා බිම වැටුණු පක්ෂයක් දැන් හැදීගෙන එන්නේ. අලියා කෙලින් වෙලා දැන් කන් සොලෝගෙන එනවා ඉස්සරහට.

    සියයට 4.2 දැන් අපේ සංවර්ධනය. අපි 2020 වෙනකොට සියයට 7 අපි පහු කරනවා ඉන්දියාවට වැඩිය සංවර්ධනයක් අපි වේගයක් ලගා කර ගන්නවා ලංකාවේ ඉදිරි අනාගතයේ. ඒක නවත්තන්න බැහැ කාටවත්. ඒවා කරනකොට 2020 ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා.” යැයිද එතුමා වැඩිදුරටත් පැවසීය.

  • ජනපති මෛත්‍රී නියමයෙන් පොහොර ගැටලුවට විසදුම්.. පොහොර ටොන් 7000ක් ගොවිජන මධ්‍යස්ථාන වලට

    රටපුරා ගොවිජන මධ්‍යස්ථාන සියයක් සඳහා පොහොර මෙටි‍්‍රක් ටොන් හත්දහසක් ඊයේ (18) නිකුත් කළ බව ලංකා පොහොර සමාගම පවසනවා.

    ඉදිරි දින කිහිපය තුළ ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් එම පොහොර ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ. 

    ලංකා පොහොර සමාගම පැවසුවේ කිසියම් පොහොර වර්ගයක හිඟයක් ඇත්නම් ගොවීන්ට ඒ පිළිබඳ තමන්ගෙන් ඍජුව විමසිය හැකි බවයි.

    [rns_reactions]

  • බැසිල්ගේ කුහක දේශපාලනයට විරුද්ධව යසපාල කෝරලගේත් යහපාලනයට…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ බැසිල් රාජපක්ෂ නැවතත් පෙර ආණ්ඩු සමයේ මෙන් ඔහුගේ කුහක දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට දතකන නිසා බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • ගම්මන්පිලට තියෙන්නේ මොලේ අමාරුවක්… නෙලුම් කුළුණ ගැන ව්‍යාපෘති නිලධාරියා ඇත්ත කියයි..

    ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම උසම කුලුණේ පෙතිවල වර්ණය පිළිබඳව මේ වන විට සමාජය තුල විශාල කතාබහකට ලක්ව තිබෙනවා. මෙලස නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය දිවා කාලයේදී රතු පැහැයෙන් දිස්වන අතර රාත්‍රී කාලයේ දී නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මුද්‍රත මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

    එසේම කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙය බවත්,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක නිරත වන බවත්  ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

    මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙය  බොහෝ දෙනා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමසා බලන්නට වුනා. 

    පසුව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්දන මහතා අප වෙත ප්‍රකාශ කලේ එහි සත්‍යතාවයක් නොමැති බවයි. නෙලුම් කුලුනේ පෙති වලට යොදා ඇති විදුලි බුබුළු රතු,නිල්,කොළ වැනි වර්ණ රැසකින් යොදා ඇති අතර ප්‍රථමයෙන්ම රතු පැහැති විදුලි බුබුළුවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුල කොළ පැහැති විදුලි බල්බ පරීක්ෂා කර තිබුනා. එසේම ඉදිරියේදී අනෙකුත් වර්ණයන්ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

    එසේම අද (18) දින  පරීක්ෂණ කටයුුතු සඳහා  රතු පැහැති විදුලි බල්බ නැවත දල්වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

    [rns_reactions]

  • නාමල් අයියා හොදායි.. බොන්නෙත් නෑලු..පෙම් සභදතාවයේ ඇත්ත නැත්ත මාධවී ඇන්තනි හෙළිකරයි .!

    මාධවී ඇන්තනි.. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා, නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ  කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ. මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් , නාමල් රාජපක්ෂ අතර තිබෙනවා යැයි කියූ ප්‍රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා. පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා, 

    එම සංවාදය පහතින් 

    මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
    ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක. මගේ පශ්චාත් උපාධියේ වැඩත් කරනවා. නිවේදන, රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒවගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

    අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
    නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තවත කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සුවිශේෂීත්වයටත් මං ආසයි.

    අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ?
    එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැලපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

    දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
    ඔව්. දැන් කළින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවනේ වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා.

    අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවාද?
    නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා කරලා හදලා නෑ.

    මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද?
    නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.

    පසුගිය කාලේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා?
    ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

    ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
    එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නෑ.

    එතකොට මේ පැතිරෙන කතා බොරු?
    ඔව් නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තිනේනේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

    එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
    මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චීගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නාගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්නම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

    මාධවීගේ ජීවිතේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
    විශේෂ දවසක් එයි. ළඟදී කියලා සැලසුමක් නෑ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

     



    [rns_reactions]

  • පරාජයේ අදුරු සෙවනැලි මතුකරමින් ගම්පහ එජාපය නාය යාමක… ප්‍රබලයන් පිරිසක් ශ්‍රීලනිපයට..

    ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගනිති…….

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගනු ලැබූහ.

    අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් ශාන්ත නවරත්න, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කීර්ති කොරතොට, නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුථ දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රබල ක්‍රියාකාරින් රැසක් මේ අතර වේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

    [rns_reactions]

  • නොමග ගිය යසපාල කෝරලගේත් ජනපති මෛත්‍රී සමගින් හරි අතට….

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

    අද (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරනු ලැබීය.

    ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

    [rns_reactions]

  • ශ‍්‍රීලනිප සභාපතිධුරය පවා ලබාදෙන්න ජනපති මෛත‍්‍රී සූදානම් උණා.. ඇමතිවරයෙක් හෙළිකරයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් වූ බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම කැපකිරීම සිදු කරනු ලැබවේ ශ‍්‍රීලනිපයේ සමගිය වෙනුවෙන් යයිද ඇමතිවරයා සදහන් කලේය.

    ජනාධිපතිවරයා සේම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද ඒ සදහා විශාල කැපකිරීමක් කිරීමට සූදානමින් සිටි බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් අවසානයේ ඒ සියල්ල ව්‍යවර්ථ වී ගිය බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

    [rns_reactions]

  • පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා කැඳවීම අද සිට

    ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා ද නාමයෝජනා කැඳවීම අද (18) ආරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා දහවල් 12.00 ටයි.

    මෙම පළාත් පාලන ආයතන 248 සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදි තිබූ කාලය ලබන බදාදා දහවල් 12.00ට අවසන් වනවා. 

    මීට පෙර පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් බ‍්‍රහස්පතින්දා දහවල් 12.00න් අවසන් වුණා. එහිදී භාරදුන් නාමයෝජනා කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වුණා.

    ඉන් 6 ක්ම අයත් වුණේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණටයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර දෙකක්ද එහිදී ප‍්‍රතික්‍ෂේප වුණා. 

    මෙවැනි තත්ත්වයන් හමුවේ නිවැරදි ලෙස නාමයෝජනා භාරදිමට ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක කරුණු පැහැදිලි කළා.

    එහිදී “දින තුනහාමාරක් තියෙනවා. ඒක නිසා අවසන් දිනය දක්වා ඉන්න එපා..අවසන් මොහොතේ කඩිමුඩියේ ඇවිත් නාමයෝජනා භාරදීමෙදී ඔබ අතින් අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්වේලා ඇතිව සකසා නිවරැදිව නාමයෝජනා භාරදීමට කටයුතු කරන්න..” යනුවෙන් සඳහන් කෙරුණා.

    නාමයෝජනා භාරදීමෙන් පසුව නිත්‍යානුකූලව සියලූ කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    නාමයෝජනා භාරගන්නා සමයේ මැතිවරණ නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.

    [rns_reactions]