සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.
https://youtu.be/-lqliNBK4lY
[rns_reactions]
සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.
https://youtu.be/-lqliNBK4lY
[rns_reactions]
කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.
මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.
[rns_reactions]
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මග නැගුම’ හිටපු සභාපති ජාලිය කුලසේකර නැමැත්තාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.
[rns_reactions]
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කරනවා.
මෙසේ ආරම්භ කරන දන්සලේ ආරම්භක පියවර වන්නේසංඝයා වහන්සේලා වෙත දානය පිරිනැමීමයි. සුපුරුදු පරිදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බුද්ධ පුජාවෙන් අනතුරුව සංගයා වහන්සේලා උදෙසා දානය පිරිනැමීම ආරම්භ කරා..
එහිදී ජනාධිපති තුමා එක් පොඩි හාමුදුරු නමකට දානය බෙදන අවස්ථාවේදී උන්වහන්සේ කණගාටුවෙන් සිටිනවා දැක “ඇයි පොඩි හාමුදුරුවනේ දුකින් වගේ“ යයි විමසුවා.
එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “නෑ මොකවත් නෑ… “ කියායි. කෙසේ වෙතත් හාමුදුරුවන් වහන්සේ දානය ගැනවත් නොසතුටින් පසුවෙතැයි සිතු ජනාධිපති තුමා නැවතත් “අපේ හාමුදුරුවනේ මොකක්ද ප්‍රශ්නේ මට කියන්නයි” පැවසුවා.
එවිට පොඩි නම පවසා ඇත්තේ “එහෙනම් පොඩ්ඩක් ඔලුව පාත් කරන්න….” ජනාධිපති තුමාද බොහෝ බැතිබර සිතින් පොඩිහාමුදුරුවන් වෙත ඔලුව නමා කාරණය විමසා තිබෙනවා. එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “මේ ඔයාට පුලුවන්ද මට උඩ යවන ප්ලේන් එකක් අරන් දෙන්න”
එකවරම ඒ ප්‍රකාශයට එකඟ නොවී ජනාධ්පති තුමා පැවසුවේ “අපේ හාමුදුරුවනේ අපි එහෙනම් ලොකු හාමුදුරුවන්ගේනුත් අහාලාම ප්ලේන් එකක් ගමු” කියායි..
“ආ එහෙනම් ඉතින් ඒක ගන්න වෙන එකක් නෑ” කියා පොඩි හාමුදුරුවන් පැවසුවද ජනාධිපති තුමා විසින් ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරියකුට පැවසුවේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගෙන පොඩි හාමුදුරුවන් හට අවශ්‍ය සෙල්ලම් භාණ්ඩය අරන්දෙන ලෙසයි.
[rns_reactions]
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ ජපානයේ සිය පෞද්ගලික සංචාරයක නිරත වු අතර මෙම සංචාරය සඳහා නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුද සහභාගී වී සිටින අතර ඔවුන් ජපානයේ ඉතා සුවසේ නිවාඩුවක් ගත කරන බව වාර්තා වී තිබේ.
ජාවාරම්කරුවන්ට ආයුධ සැපයී,මිනීමැරුම් ආදී චෝදනා ලත් එසේම මෙරට ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය අපරාධකරුවකු වන උදයංග වීරතුංගද මේ දිනවල සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජපානයේ වන අතර ඔහු රුසියාවේ සිට පැමිණ මේ දිනවල මහින්ද සමඟ විනෝද වෙමින් කාලය ගත කරණ බව සඳහන් වේ.
අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයාද උදයංග වීරතුංග සමඟ ආතල් ගන්නා අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් උදයංග විසින්ම සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
අප අසන සරල ප්‍රශ්ණය නම්, අත් අඩංගුවට ගතයුතු බවට ජාත්‍යන්තර ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත්වී ඇති උදයංග වීරතුංග වැනි පුද්ගලයෙකු සමඟ රජයේ ඇමතිවරයෙකු ආතල් ගන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදුකරන්නේ නැත්තේ ඇයි?


[rns_reactions]



පැවැති ආපදා තත්ත්වයෙන් පසුව පාසල් දරු දැරියන්ට පොත්පත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ජාතික නිදහස් පෙරමුණද සිසුදරු අත්වැල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අධාර ලබාගැනීමට විමල් වීරවංශ පක්‍ෂයේ විදෙස් නියොජිතයන් සමග ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ පසුගිය ඉරිදා කතා කළේය. මෙරටට ගැළපෙන පරිදි පොත්පත් හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නැයි විමල් එහිදී ඉල්ලා සිටියේය.ඉතාලිය හා බ්‍රිතාන්‍යයේ විදෙස් කමිටු කාර්යාල සක්‍රීය මට්ටමේ තිබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය ආධාර ලබාදිය හැකියැයි එම කාර්යාලවල නියෝජිතයෝ විමල්ට පොරොන්දු වූහ. මේ අතර පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ආපදාවට ලක්වුණු ජනතාවට දැනෙන සේවයක් කරනවා යැයි විමල් ජානිපෙ සාමාජිකයෙකු සමග කතාකරමින් සිටින විට විමසීය. එවිට එම සාමාජිකයා ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය. අත්‍යවශ්‍ය උපකාරයක් තිබේදැයි තෙවරප්පෙරුමගෙන් විමසන ලෙසට එවිට විමල් කියා සිටියේය.
අනතුරුව එම සාමාජිකයා තෙවරප්පෙරුමට ඇමතුමක් ගෙන විමල් කියූ පණිවිඩය පැවසීය. ”මල්ලි යූඑන්පී මන්ත්‍රී කෙනෙක්වත් මගෙන් ඔය විදියට ඇහුවේ නෑ. විමල් තමයි මට මුලින්ම ඔය විදියට කතා කළේ. පුළුවන්නම් මල්ලි හාල් තුනපහ ටිකක් මේ පැත්තට දුන්නොත් හොඳයි” යැයි තෙවරප්පෙරුම කීවේය. ඉන්පසුව ජාතික නිදහස් පෙරමුණ විසින් එකතුකර තිබූ ආධාර තොගයක් ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණි.
[rns_reactions]
උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
පුවත්පත් මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් ඒ කවුරුදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොකළ බැවින් තමා මෙම හෙළි කිරීම සිදු කරන බව එම මහතා කියා සිටියේය.
ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර කිට්ටු සබඳතාවයක් පවතින අතරම එම හිමි නම මුලින් ජාතික හෙළ උරුමයේ සිටි බව එම මහතා අවධාරණය කළේය.
ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කළ බවද ඔහු පවසයි.
එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන හැදිගල්ලේ විමලසාර හිමි ද මුල් කාලයේ බොදු බල සේනාව සමඟ සම්බන්ධ වී සිටි බව ද තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය අතර සමීප සබඳතාවයක් පවතින බව එම මහතා කියා සිටියේය.
පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි.
ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි ව්‍යසනයට හසුවූ සංවර්ධන ලොතරැයි කුටි වලට පවා එවකට රජය අර්ධ සහනයක් පමණක් ලබාදී තිබුන අතීතයක් වෙනස් කරමින් ලොතරැයි වෙලෙන්දාගෙන් ලබාගන්නා 50% මුදල ලබා නොගෙන එම මුදල් ඔවුන්ගේ පවුල්වල සුභසුද්ධිය උදෙසා යොදවන ලෙස දැන්වූ අමාත්‍යවරයා, මෙම වෙළද කුටි සහ සන්නිවේදන කුටි සදහා මුදල් ලබාගැනීම එකහෙලාම ප්‍රථික්ෂේප කලේය. එම තීරණයත් සමග ලොතරැයි අලෙවිකරුවන් ඉමහත් බලාපොරොත්තු සහිතව සිය අනාගතය පිළිබදව අමාත්‍යවරයා සමග සුහදව කථාකරනු දක්නට ලැබුණි.
එසේම ඔවුන් හට පැනනැගී ඇති ගැටලු පිළිබදවද අමාත්‍යවරයා අලෙවිකරුවන් සමග පුද්ගලිකවම අදහස් හුවමාරුකරගත් අතර, සියලු ලොතරැයි අලෙවිකරුවන් අමතා ඔහු ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේදී වැඩි පහසුකම් සහිත අනර්ඝ සහ අලංකාර වෙළද කුටියක් ලබාදෙන බවත් ඒ සදහා මේවන විට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්ය.
[rns_reactions]
රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය සතුව මතෛක් පැවැති ආයතනවලට අමතරව එම නව ආයතන දෙකද ඇතුළත් කර ඇත.
එමෙන්ම මෙම නව ආයතන ගැසට් කිරීම යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇත. එම ආයතන තුන මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවැතිණි.
ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හා මිලෝදා ආයතනය සංවර්ධන කාර්යභාර අමාත්‍යංශය යටතට ගැසට් කර ඇත. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කලින් අගමැතිවරයා යටතේ පැවැති ආයතනයකි.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ආයතන 33ක් ගැසට් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයට ආයතන 5ක්ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට ආයතන 8ක්, සංවර්ධන කාර්යභාර අමාත්‍යංශයට ආයතන 3ක්ද අයත් වේ. ඊට අමතරව කන්තලේ සීනි සමාගමද ඇතුළත් කරමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 8ක් අයත්ව ඇත.
[rns_reactions]
ශ්රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ දැනුවත් කළ එක් ප්‍රධාන පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සඳහන් කළ හැකියි.
LTTE සාමාජිකයන් උපක්‍රමශීලිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නොනිල සෙබළුන් බවට පත්කරමින් ඔවුන් හරහා වැදගත් තොරතුරු ලබා ගනිමින් LTTE ය බියට පත්කරවන අයුරින් බුද්ධි අංශය හා බැඳි දිගු දුර විහිදුම් බළකාය (LRRP) නිර්මාණය වෙනවා.
ඉතින් අද ලිපිය ලියැවෙන්නේ යුද්ධහමුදා පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස 2004 වසරේ කටයුතු කළ, දිගු දුර විහිදුම් බළකායට අවශ්‍ය රහස්‍ය ඔත්තු කොටි අඩවියෙන් ලබා ගත්, ත්‍රස්තයන්ට අවශ්‍යම ඉලක්කයක් බවට පත්ව LTTE යතුරුපැදි වෙඩික්කරුවෙකු විසින් 2005 වසරේ මැයි 31 වනදින ඝාතනය කරන ලද හමුදා බුද්ධි අංශයේ ප්‍රබල පුරුකක් වූ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් පිළිබඳවයි. යුද්ධහමුදා බුද්ධි අංශයේ සිටි “දක්ෂම වැඩකරුවා” ලෙස අනෙක් බුද්ධි අංශ නිලධාරීන් විසින් හැඳින්වූ තුවාන් නිසාම් මුතාලිෆ් බුද්ධි අංශය තුළ නොමැකෙන සටහනක් තැබූ නිලධාරියෙක්.
වම් කෙළවරේ සිටින්නේ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් (Colombo Telegraph)
1966 වර්ෂයේ ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ කළුබෝවිල ප්‍රදේශයේ මැලේ පවුලක උපදින තුවාන් නිසාම් මුතාලිෆ් මූලික හා ද්විතික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්. 1986 ජූලි මස 2 වන දින ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස දියතලාව පුහුණු කදවුරට ඇතුලත් වී මූලික නිලධාරී පුහුණුව ලබා ඒ සමඟම පකිස්ථානයේ විශේෂ යුද්ධ පුහුණුවක් ලබා 4 වන ගැමුණු හේවා බල ඇණියට දෙවන ලුතිනන් වරයෙක් ලෙස අධිකාරිය ලබනවා.
දක්ෂ නිර්භීත සොල්දාදුවෙක් ලෙස උතුරු නැගෙනහිර කළ සේවය හේතුවෙන් 1989 ජුනි මස 2වන දින ඔහුට ලුතිනන් නිලය දක්වා උසස් වීමක් පිරිනැමෙනවා. 88/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මැඩ පවත්වන්නට යුද්ධ හමුදා අංශ නිලධාරියෙක් ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරනවා. යුද්ධ හමුදාව හා එක්ව ක්‍රියාකරන බුද්ධි අංශයේ කාර්ය මණ්ඩල තුන් වන ශ්‍රේණියට ඔහුව අනුයුක්ත කරන්නේ 1990 වසරේදීයි. අනතුරුව 1992 වසරේදී කපිතාන් නිලයටත් 1995 වසරේ මේජර් නිලය දක්වාත් උසස් වීම් ලබනවා. මේ කාලය තුළ ඔහු කොළඹ මුලස්ථානයේ සේවය කරනවා.
පසුව 1997 වසරේ සිට පුරා වසර තුනහමාරක් පමණ ඔහු වන්නි ආරක්‍ෂක සේවා මූලස්‌ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. 2000 වසරේ සිට 2001 වසර දක්වා යුද්ධ හමුදා බුද්ධි බළකායේ නිලධාරියෙක් ලෙස වවුනියා දිස්ත්‍රික්කයේ සේවය කරනවා. 2004 වසරේ සිට ඝාතනය වීම දක්වා ඔහු කොළඹ පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශාල වැඩ කොටසක් සම්පූර්ණ කරනවා. කොළඹ කලාපයේ බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස මෙම සමයේ කටයුතු කරන්නෙත් ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ය.
ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් (Wikipedia)
ඔහු උතුරු නැගෙනහිර සේවය කරන කාලයේදී වන්නි ප්‍රදේශ තුළ LTTE සංවිධානය විසින් සිදුකරන ප්‍රහාරයන් සහ ඊට අදාළ ඔවුනගේ සැලසුම් හා ක්‍රියාකාරකම් පිළිබඳ රහසිගත තොරතුරු ඉතා සූක්‍ෂ්ම ලෙස සතුරු කටටම රිංගා ලබාගෙන යුද්ධ හමුදා ප්‍රහාර සැලසුම් කරන නිලධාරීන්හට ලබා දෙන්නට මුතාලිෆ් ක්‍රියා කළ ආකාරය ඉතා දක්ෂ බව අනෙක් බුද්ධි අංශ නිලධාරීන් පවසනවා. එම තොරතුරු උපක්‍රමශීලී ලෙස ලබා ගැනීමේ බිහිසුණු අවදානම් රාජකාරියක යෙදෙමින් LTTE සාමාජිකයන් කිහිපදෙනෙක් තම මිතුරන් බවට පත් කරගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙලෙස ලබාගත් තොරතුරු මත ක්‍රියාත්මක වී ශ්‍රී ලංකා හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාව ලැබෙනවා.
විශේෂයෙන්ම යුද්ධ හමුදා දිගුදුර විමර්ශන මෙහෙයුම් ඒකකය වන්නියේ කොටි ප්‍රදේශවලට ඇතුල් වී කොටින් හට තියුණු ප්‍රහාර එල්ල කළේ මුතාලිෆ් ලබාදුන් තොරතුරු මතයි. මුහුදු කොටි අංශයේ නියෝජ්‍ය නායකයා වූ කණ්‌ගෙයි අමරන් මරුමුවට පත්වන්නේද මුතාලිෆ් විසින් බුද්ධි අංශය හරහා දිගු දුර විමර්ශන මෙහෙයුම් ඒකකයට ලබා දුන් තොරතුරු මගින්.
LTTE ගුවන් බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත් වූ ගුවන් බළකා ප්‍රධානී කොටි සංවිධානයේ පැරණිම නායකයකු වූ වෛද්‍ය ලිංගම් ස්‌වර්ණලිංගම් හෙවත් ශංකර් 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා මරණයට පත් වන්නේ මුතාලිෆ් විසින් දිගුදුර විහිදුම් බළකායට ලබා දුන් ඔත්තුවක් හේතුවෙන්.
සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා බුද්ධි අංශය ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් මුතාලිෆ් කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා.
මුතාලිෆ් විසින් බංගලාදේශයේ බුද්ධි අංශ නිලධාරී පාඨමාලාව, ප්‍රති බුද්ධි අංශ පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව,ඇමරිකාවේ අන්තර්ජාතික බුද්ධි පාඨමාලාව හා හවායි හි සාමය සඳහා වූ දකුණු ආසියාතික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සාර්ථකව එම පාඨමාලා නිම කරනවා.
වසර 19ක් යුද්ධපිටියේ පෑ දස්කම් හේතුවෙන් රණවිරු පදක්‌කම, පූර්ණ භූමි පදක්‌කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්‌කම, වඩමාරච්චි සංග්‍රාමික පදක්‌කම, රිවිරැස සංග්‍රාමික සේවා පදක්‌කම හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ සේවා පළඳනාව වැනි සේවා සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා.
වෙඩි වැදුණු ඔහුගේ මෝටර් රථය
දීර්ඝ කාලයක් තිස්සේ මුතාලිෆ් පසුපස ආ LTTE තුවක්කුකරුවන් ඔවුන්ගේ අවසාන අරමුණ 2005 මැයි මස 31 දා ඉටු කරගන්නවා. පරිගණක පාඨමාලාවක් උදෙසා කොතලාවල ආරක්‍ෂක පීඨය බලා පිටත් වූ ලුතිනන් කර්නල් මුතාලිෆ්ව රැගත් හුදෙකලා මෝටර් රථය කිරුළපන නාරාහේන්පිට පාරේ පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්වෙනවා. හොඳින් වෙඩි වදින මුතාලිෆ්ගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරු කඩාගෙන ආ වෙඩි උණ්ඩ කිහිපය දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙක් සදහටම නිහඩ කරවීමට සමත් වෙනවා. වසර ගණනාවක යුද්ධය නිමකිරීමට තම දිවිය පරදුවට තබා ක්‍රියා කළ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් නම් දේශප්‍රේමියා රටට අහිමි වන්නේ දේශපාලනයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් යන්න ලියා තැබීම නිවැරදියි.
[rns_reactions]
ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන අයුරින් කටයුතු කරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අප්‍රෙල් මාසයේ සිටි මේ දක්වා ප්‍රධාන සිද්ධින් 16ක් පොලිසිය විමර්ශනය කරමින් පවතිනවා.
බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.
නුගේගොඩ විඡේරාම හා අවට ස්ථාන හතරක ගිනි තැබීම් සිදු වුණා. ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. වයස අවුරුදු 32 වයසැති අයෙක් මෙම සිද්ධින් හතරටම සම්බන්ධ බව විමර්ශනයේ දී හොළි වුණා. 2014 වසරේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව හෙළි වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය අද පස්වරුවේ සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කළා.
එහි සාමාජික ඩිලන්ත විතානගේ පැවසුවේ බොදුබල සේනා සංවිධානය කිසිදු අන්තවාදී ක‍්‍රියාවකට සම්බන්ධ නොමැති බවයි.
ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය අවම කිරීම සඳහා ඉකුත් සමයේ බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.
යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම ගැටළුවට විසඳුමක් නොලැබෙන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
[rns_reactions]
දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමුකිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
[rns_reactions]
නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.
2004 වසරේ සිට මෙම පුද්ගලයා බොදු බල සේනා සංවිධානය සමග එක්ව ක‍්‍රියාකාරී ලෙස එම සංවිධානයේ කටයුතුවලට දායකත්වය ලබා දී තිබෙනවා.
එම සංවිධානය විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වන ලද උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලිවලට ද මෙම පුද්ගලයා සක‍්‍රිය ලෙස දායක වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර බුදු දහමට අපහාසවන අයුරින් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විවිධ ප‍්‍රචාර සිදු කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
[rns_reactions]
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි අත්තනායක මහාත සීනිගම දේවාලයේ පැවැති ආගමික වැඩසටහනකට එක්ව ඉන්පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.
කෙසේවුවද, අත්තනායක මහතාට එජාප නායකයින් බහුතරයක් යළි එජාපයට එක්වීමට සලකා බලන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.
[rns_reactions]
නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක හෙවත් ‘ඩීල්ගල‘ නමැත්තා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ.
මෙහි දැක්වෙන්නේ ඒ බව තහවුරු කරන සේයාරුවකි.
සාමාන්‍ය ඇමැතිවරයෙකු වන සාගල, අගමැතිවරයාගේ ආරක්ෂකයන් තම ආරක්ෂකයන් ලෙස මහජන මුදලින් විදේශ සංචාර වලටද රැගෙන ගොස් තිබේ. ඒ බව තහවුරු කෙරෙන මෙහි දැක්වෙන සේයාරුවේ රතු පැහැයෙන් ලකුණු කර ඇති දෙදෙනාම අනුයුක්ත වන්නේ අගමැති ආරක්ෂක ඛණ්ඩයටය. ඒ සාගල සමග ගිය විදේශ සංචාරයක දී ය. මීට අමතරව සාගල රටේ මග තොට ගමන් කරද්දී පවා අගමැති ආරක්ෂකයන් සහිත රථ 6 ක් භාවිතා කරයි.
ජීවිත තර්ජනයක් පිලිබඳ ආරක්ෂක කවුන්සිලය අනුමත කිසිදු වාර්තාවක් නොමැති නමුත් තමන් පෙළෙන හුදු ප්‍රදර්ශන කාමයට හෝ හීනමානයට හෝ “නාරි මොටාලාගේ“ හිත සුව පිණිස හෝ එක එකපුද්ගලයන්ට මහජන මුදලින් හිතූ හිතූ ආකාරයෙන් ආරක්ෂාව සැපයීමට රටේ නීතියෙන් ඉඩක් නැත.
ජනාධිපති ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය. අගමැතිවරයාගේ ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය.
එසේ නොමැතිව මාතර අඩුම ජන මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ යෙදෙන සාගලට අගමැති ආරක්ෂකයන් ගේ ආරක්ෂාව ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. ඇමැතිවරයෙකු සතු බලය අයුතු ලෙස භාවිතා කිරීම යනු සදාකාලිකවම ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි විය හැකි වරදකි.
මේ සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව බාර ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුය.
[rns_reactions]