Category: සුපිරි Politics

  • ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්න කලින් ඇමතිවරුන්ගේ බඩ ගැන බැලුවොත් නරකද?

    ඇමති දයාසිරි පවසන ආකාරයට මෙතන ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩකයන්ගේ උදරයේ පමණි. තරගයකට කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුව සහ ඇමතිවරයා එක්ව බව මේ ඇමතිවරයාට අමතක වී ඇත. ක්‍රීඩකයන් කරන කැපකිරීමෙන් 1% වත් මේ ඇමතිවරුන් කරනවාද යන්න විමසුවොත් ඇමති දයාසිරිට දෙන්න පිළිතුරක් නැත.

    නොමිලේ ලැබෙන පෙර්මිට් ආතල් එකේ ගමන් යන මේ ඇමතිලා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඔවුන් වගේම සැප ගමනක් ආපු අය කියාය. ගරු ඇමතිතුමනි ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්නාට පෙර ඇමති මණ්ඩලයේ සිටින ඔබේ සහෝදර මැති ඇමතිවරුන්ගේ බඩ වැඩිවීමට හෙතුව සොයාබලන්න…

    අපි තරග පැරදුනා තමයි. එත් එහෙම කියා අපේ කොල්ලන්ව ඔය විදියට අවතක්සේරු කරන්නට ඉඩදිය නොහැක.

    [rns_reactions]

  • ලගට එන්න හදපු පොඩිත්තන්ව ඇමති වජිර නවතයි. රනිල් අත වනමින් යන්න යයි…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගංවතුරෙන් සහ නායයාම් වලින් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඒ මහතා ගමන් කල හෙලිකොප්ටරය ක්‍රීඩා පිටියට ගොඩබෑ පසු පාසල් සිසුන් (කුඩා දරුවන්) පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමීපයට පැමිණීමට උත්සාහ කරන අයුරු අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ වීඩියෝවක දැක්වෙනවා.

    නමුත් ඒ මොහොතේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන විසින් එම දරුවන්ට සීමාවෙන් එහාට නොපැමිණෙන ලෙස දැනුම්දෙන අතර අග්‍රාමාත්‍යවරයා දරුවන්ට ආයුබෝවන් යැයි බවසා එම ස්ථානයෙන් නික්ම යනවා.

    රටේ දරුවන්ට ජනාධිපති, අගමැති යනු තමුන්ගේ භාරකරුවායි. ඔවුන් රූපවාහිනියේ දකින ඒ චරිත තමුන් අසලට ආ විට ඔවුන් අසලට පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ අවස්ථාවලදී ඒ දරුවන්ට සීමා මායිම් දැමීම නුසුදුසු ක්‍රියාවක්.

    එම වීඩියෝව පහතින් දැක්වේ

    https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1053301774769328/

    [rns_reactions]

  • තජුදීන් සිදුවීම යලිත් සිදුවේවිද? රාජපක්ෂ පුතෙකු සහ පෙම්වතියක් අතර වලියක් කරලියට…

    මහින්ද රාජපක්ෂ මෙන්ම  රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මහින්දගේ සල්ලි වලින් පෙම් ලෝකේ උන්මාදයෙන් සැරිසරන මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා.

    ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත් රාණ්ඩු වුණු ඡායාරූප. ඒ අතරේ බේබි නාමලුත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න ස්වරූපයක් තමයි එම ඡායාරූපවල පේන්න තිබුණේ. තජුදීන් සිදුවීම අපට මතක් උනත් මොවුන් මෙහෙම රණ්ඩුවෙලා තියෙන්නේ ඇත්තටම නම් නෙවෙයිලු. මේ රෝහිතගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප කිහිපයක් කියලා තමයි අපට ආරංචි වුණේ.

    01p 01o

    [rns_reactions]

     

  • ශ්‍රීලනිපය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිති නෑ – මහින්දගෙන් ප්‍රකාශයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයත් පක්ෂයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායමට අදාළ පක්ෂයක් බවට සිතා සිටින බවයි.

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගනිමින් ඉදිරියට ගෙන යමින් සිටින බව  අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    [rns_reactions]
     

  • සුදානම් වන්න – වසර අවසානයේ මැතිවරණයක් – මහින්දගෙන් ප්‍රකාශයක්…

    නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි.

    නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08 වැනි දා අවසන් වන අතර සබගරමු පළාත් සභාවේ නිල කාලයක සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදායි. පළාත් සභා සම්බන්ධයෙන් වන මැතිවරණ නීති අනූව එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. 

    [rns_reactions]

  • රෝගීන්ගේ දුක සැප සොයන්න ජනපති මෛත්‍රී අයි ඩී එච් රෝහලට..

    මුල්ලේරියාව අයි ඩී එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්වුනා. 

    ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින මෙහි අඩුපාඩු සොයා බැලු ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

    ඩෙංගු රෝගීන්ගෙන් මෙම රෝහල පිරීයාම නිසා ඇති වූ තදබදය හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම ඉකුත්දා තාවකාලිකව නතර කෙරුණු අතර වැඩි රෝගින් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ. 

    කෙසේවෙතත් අයි ඩී එච් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි දැන් සිදුවනවා. 

    අදාළ රෝහල් වෙත යොමු කෙරුණු රෝගීන්ට අවශ්‍ය සියලූ විශේෂඥ වෛද්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී තිඛෙනවා. 

    ජනාධිපතිවරයා මෙම  චාරිකාවේදී අයි ඩී එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක්ද විමසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රෝහල් අධ්‍යක‍ෂිකා දිමුතු රත්නායකද එක්ව සිටියා.  





     [rns_reactions]
  • බඩ නැතිකරන්න ක්‍රිකට් කණ්ඩායම යුධ හමුදා පුහුණුවට – දයාසිරිගෙන් අමුතු කතාවක්..

    ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං නම් දැකලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තම බොහොම ටිකදෙනයි ශ්‍රී ලංකා ටීම් එකේ ශක්තිමත්ව ඉන්නේ.. යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා පසුගියදා උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කලා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුදා කඳවුරකට යවා මාස 6ක් වත් ශාරීරික පුහුණුවකට යොමු කල යුතු බව අමාත්‍යවරයාගේ මතය බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා

    https://www.youtube.com/watch?v=PogxxJ9fvyo

    [rns_reactions]

  • Page Hitකරන්න ජනපති මෛත්‍රීගේ රුව විකෘති  කලොත් වෙන දේ මෙන්න…

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර විකෘති කර ෆේස්බුක්හි පල කලහොත් එම ගිණුම් අවහිර වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

    ජනාධිපතිවරයාගේ පින්තූරවල අයිතිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයිද විකෘති  කරන ලද එම පින්තූර පල කරන ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමෙන් පසු වසා දමා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පින්තූර විකෘති නොකර යොදා ගන්නේ නම් ගැටළුවක් නොවනු ඇතැයිද තව දුරටත් සදහන්ය.

    [rns_reactions]

  • නිදහස් පක්ෂය දෙකඩ කරන්නට වෙරදරන යහපාලන ඇමතිගේ නිරුවත එලියට….

    කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී ඇත.

    දකුණු පළාතේ ප්‍රබලයකු වන මේ ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන තැනැත්තෙකි.
    එම සාකච්ඡාවට සහභාගි වී ඇති රාජපක්ෂ හිතවාදී නිලධරයා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල භූමිකාවක් ගෙන ගිය ආයතන කිහිපයකම මුල් පුටු හෙබවූ අයකු බව දැනගන්න ලැබේ.

    මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සමීපතමයකු වන සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයකු බවටද තොරතුරු වාර්තාවනවා.

    ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ රහසිගත වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද ආණ්ඩුවේ ඉහල තැන්වලට අනාවරණය වී තිබේ.

    මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර යහපාලන රජයට සම්බන්ධ එජාප හා ශ්‍රී ලනිප අතර වසර දෙකක් සඳහා ඇති කරගෙන තිබෙන එකඟතාව තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින මොහොතක උත්සාහයක යෙදීම දේශපාලන අංශවල ප්‍රබල කතාබහට ලක්ව තිබේ.

    [rns_reactions]

  • මෛත්‍රීගේ ග්‍රහයෝ ප්‍රභලයි. හූනියම් කලාට කිසිම පලක් නෑ..

    තමන්කඩුව – ගාමිණී ඔබේසේකර

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාම ප්‍රබලයි. කිසිම කෙනකුට එතුමාට ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලින් හෝ වෙනත් අයුරකින් හිරිහැර කිරීමට නොහැකි යැයි ඇළහැර, බකමූණ, ප්‍රාදේශීය සංඝනායක ශාස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යා්තිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ පැවැසූහ.

    “මව්බිම”ට විශේෂ ප්‍රකාශයක් කරමින් ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ මෙසේද කීහ.

    එතුමාගේ වාසනාගුණය අනුව මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්වුණා. එම ග්‍රහබලය ඉතාමත්ම ශක්තිමත් කිසිම සතුරකුට එතුමාට එරෙහි වන්නට හැකියාවක් නැහැ.

    ඇතැම් පුද්ගලයන් ගුප්ත ක්‍රියා මඟින් එතුමාට නපුරක් කරන්නට උත්සාහ කරන්නේ මානසික මට්ටම පහත දමන්නටයි. එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැහැ.
    මා දන්නා තරමින් ජනාධිපතිතුමා එම කටයුතු කෙරෙහි කිසිදු විශ්වාසයක් තබන්නේ නැහැ.

    ජනාධිපතිතුමා තෙරුවන් නමැඳ පුද පූජා පවත්වමින් ආශීර්වාද ලබාගන්නවා. ඒ අනුව ධර්මානුකූලව හැසිරෙන තැනැත්තා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. ජනාධිපතිතුමාගේ ග්‍රහබලය 2006 වසරේ සිට ඉතාම බලවත්, එය 2025 වනතුරු බලපවත්වයි.

    මේ අවස්ථාවේදී එතුමාට සිතින් හෝ හිරිහැරයක් කරන්නට මොනයම් කෙනෙක් උත්සාහ ගන්නේ නම් ඒ අයට විශාල අකුසලයක් සිදුවන බවද නාහිමියෝ සඳහන් කළහ.

    [rns_reactions]

  • ඇමති රවීට තවත් ප්‍රබල ආයතන දෙකක්!

    විදේශ කටයුතු අමාත්‍යංශයට තවත් ප‍්‍රබල ආයතන දෙකක් එක් කිරීමේ සූදානමක් ඇතැයි අපට වාර්තා වුණා. ඒ අනූව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ සුරැකුම් පත් හා විනිමය කොමිසම විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමට නියමිත බවයි වාර්තා වුණේ.

    පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ කටයුතු අමාත්‍යංශයට අයත්ව නොතිබුණු. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරුණා. මීට අමතරව මහපොල භාර කාර අරමුදල ද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කිරීමට සූදානමක් ඇති බව මීට පෙර අනාවරණ කළා.

    [rns_reactions]

  • IDH උණ රෝහලේ ගැටළුව මාධ්‍ය සංදර්ශනයක් – ඇමති රාජිත

    අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් උණ රෝහලේ මතුවූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් රජයේ වෛද‍්‍ය නිළධාරින්ගේ සංගමය විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    එය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    ඩෙංගු උණ රෝගය වැළදී පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට අවශ්‍ය  පියවර මේ වන විටත් ගෙන ඇති අතර රජයේ වෛද්‍ය  නිළධාරින්ගේ සංගමය වර්තමානයේ වෘත්තිය අයිතීන් දිනා ගැනීම පසෙකලා දේශපාලන ව්‍යාපාරවල නිරත වන බව ද අමාත්‍යවරයා පවසයි.
    ඩෙංගු ජනාධිපති කාර්යය සාධක බලකාය වහාම කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය කිරිම පිළිබඳව ද තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව කියා සිටියේය.
    [rns_reactions]
  • ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – ඉෆ්තාර් සමරමින් මහින්දගෙන් අමුතු කතාවක්…

    ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසයි.
    එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ  මෙහිදී ප්‍රකාශ කළේය.
    මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ  පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    [rns_reactions]
  • මම අහිංසකයි – මාව රැවට්ටුවා – ඇමති ජෝන් රටම හින්ස්සයි…

    බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමේ දී තමා බැන වැදුණේ උවමනාවෙන් නොවන බවත් ඔහු විසින් තමා කුපිත කළ අතර දරා සිටීමේ සීමාව ඉක්මවා ගිය නිසා එලෙස හැසිරීමට සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
    අද එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    තමාගේ නිවසේ මුතුරාජවෙල ජනතාවගේ කුණු කසළ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශිය ස්වෙච්ඡා සංවිධානයක් පැමිණ සිටි මොහොතක විවිධ ප්‍රශ්න අසමින් නැවත නැවත ජනතාව කුපිත කරලීමට එම මාධ්‍යවේදියා උත්සහ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
    අද වන විට රටේ ඇති නිදහස යටතේ ජන මාධ්‍යවේදීන්ට කිසිදු සදාචාරයක් නොමැති බවත් මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කරමින් සිටින බවටත් අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.
    [rns_reactions]
  • රට තුල සහල් හිඟයකට කිසිදු ඉඩක් නෑ – ජනපති කියයි

    වෙළෙඳ පොළ තුළ කිසිදු අවස්ථාවක සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.
    සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා  මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
    වෙළෙඳ පොළ තුළ සහල් හිඟයක් පවතින බවට ලැබුණ තොරතුරුවලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡාව  කැඳවූ බව සඳහන් වෙයි.
    අවශ්‍ය පරිදි සහල් ගබඩා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍යාංශය ඒ පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බව දැනුම්දී ඇත.
    පාලන මිලට වඩා වැඩි මිලට වෙළෙඳ පොළේ සහල් අලෙවි කිරිම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
    එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි සහල් ආනයනය කිරිම සහ පෞද්ගලික අංශය ඒ සඳහා සූදානම් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 
    [rns_reactions]
  • දුෂිත ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

    මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි අද නියෝග කළේය.

    ඒ කොළඹ මහාධිකරණය විසින්.

    ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.

    නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.

    [rns_reactions]