Category: සුපිරි Politics

  • ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය ඕනිමයි

    ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය ඕනිමයි

    රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය.

    ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත්, අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (26) අරලියගහ මන්දිරයේ පැවැති ධනාභිමානී කාන්තා සම්මේලනය අමතමිනි.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම සම්මේලනය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “මේ රටේ කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. රටේ බහුතරයක් වන කාන්තාවන්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ඇතුලූ සියලූ අංශයන්ගෙන් බලගැන්විය යුතුයි.

    එහි එක් පියවරක් ලෙස අපි ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය ඉහළ දැමුවා. එම අවස්ථාවේ ඊට බොහෝ දෙනා විරුද්ධ වුණත් කෙසේ හෝ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා.

    අපි කාන්තා නියෝජනය ඉහළ දැමූ නිසා අද කාන්තා නියෝජිතවරියන්ට එක් එක් පක්‍ෂවලින් ඉදිරියට ඒමට අවස්ථාව උදා වී තිබෙනවා. ධනාභිමානී වැඩසටහන ඔස්සේ කාන්තාවන්ට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. රටේ සෑම ප්‍රදේශයකම කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇරැඹිමට අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම විදේශ රැකියාවල නියුතුවූවන්ට නිවාස සෑදීම සඳහා මෙවර අයවැයෙන් සහන ක්‍රමයට ණය මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. කාන්තාවන් නගා සිටුවීම සඳහා මෙවැනි වැඩසටහන් ගණනාවක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.”යැය පැවසීය.

  • FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්

    FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්

    පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

    අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් යම් යම් දුෂණ වංචා පිළිබඳ නඩු කටයුතු සිදුවන අවස්ථාවල ඒවා පිළිබඳ විරුද්ධ පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පසුගිය කාල වකවානුවේ පැවති නඩු කටයුතු වලදී ඇතැම් දූෂිතයන් නිදහස් වූයේ එවැනි තොරතුරු ලබාදීම් නිසාවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ අදාළ ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරන ඕමාන සමාගම පිළිබඳ පැතිර ගිය ව්‍යාජ ප්‍රචාර එරට ඛණිජ තෙල් අමාත්‍යවරයා මෙරටට පැමිණිමෙන් පසු නතර වු බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

  • හිටපු ජනපති සහ වෙන්ට ජනපති ආශිර්වාදයෙන් මධු මාධව 3 වන මඟුලත් කයි

    හිටපු ජනපති සහ වෙන්ට ජනපති ආශිර්වාදයෙන් මධු මාධව 3 වන මඟුලත් කයි

    ගායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරියකු වන මධුමාධව අරවින්ද ඊ‌යේ (23) තෙවෙනි වරට විවාහ දිවියට පිවිසියා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාරිත්‍ර සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්වූ අතර ඔවුන් දෙදෙන සාක්ෂි අත්සන් කර තිබුණි.

    ප්‍රකට නිළි නිල්මිණි තෙන්නකෝන් සමග පළමු විවාහයෙන් දියණියකද සිටින මධුමාධව එම විවාහයෙන් ඉවත්වූයේ වසර 2000 දීය. අනතුරුව රෙනුෂා නමැති මුස්ලිම් ජාතික තරුණියක හා 2011 දී ඔහු දෙවන විවාහයකට ගියත් එය 2015දී අවසන් විය.

    මදු මාධව අලුතින් විවාපත් තැනැත්තිය ගැන වැඩි විස්තර තවම හෙළි නොවූ රහසකි. පසුගිය දින කිහිපයේ මේ පිළිබඳව ආරංචි පැතිර යද්දී මධුමාධව ඒ ගැන තැබූ සටහන

    මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. අරවින්ද යායේ අවසාන මලත් 2015 පරවුණා… ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ.. කියලා කිව්වා.
    ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා…

  • ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

    ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

    අප වෙබ් අඩවිය මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා හෙළිකරන ලදී.එහිදී අප විසින් මෙම චූදිත සභාපති වරයා(ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය) විසින් මෙරටට සිදුකරන ලද මිනිය නෙහෙැකි පාඩුව ගැන සඳහන් කරන ලදී.නීතීඥ වරයෙකු වීම දායාදයක් කර ගනිමින් නීතියේ දෙවඟනව මහ දවාලේ දෙනෝදාහක් ඉදිරියේ නිරුවත් කරමින් නීති විරෝධී ක්‍රියා කිරීමට කිසිම ලැජ්ජා බයක් නැති මෙම උපුල් වැන්නවුන්ටද අරාබි දඬුවම් දිව යුත්තේ නොවේද ?

    මේ උපුල් වෘත්තීය ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේද අසාමන්‍ය චරිත ලක්ෂන පෙන්නුම් කරන්නෙක් බව අප වෙබ් අඩවියේ මීට පෙර සඳහන් කර ඇති අතර අමු අමුවේම රට කන මෙවන් වසලයින් වෙනුවෙන් තවමත් පොලීසි වල උසාවි වල දොරවල් වැසී ඇත්තේ ඇයි දැයි උභතෝකෝටිකයකි.

    එවන් වකවානුවක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිතැති සේවකයින් සහ මවුබිමට ආදරේ කරන සිවිල් සමාජ බොහොමයක එකතුෙවෙන් ආයෝජන මණ්ඩලයේ වූ මෙම සියළු අක්‍රමිකතා ගැන සිදුකරමින් ඇති පරීක්ෂණ කඩිනම් කිරීමටත් තවමත් ආරම්භ කර නැති පරීක්ෂන ආරම්භ කර උපුල් ජයසූරිය නම් මෙම අදූරදර්ෂී වංචනික පුද්ගලයාගෙන් මේ රටට සිදුවූ පාඩුව අයකරගෙන ඔහුව සහ ඔහුට සම්බන්ධ නඩයම රටින් පිටුවහල් කරන මෙන් ඉල්ලා ලිපියක් අතිගරු ජනාධිපති තුමා වෙත නුදුරු දිනයකදී භාරදීමට සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාරග වල සඳහන් වේ… ඔවුන් කොටුව දුම්රිය පොල,ලිප්ටන් වටරවුම,පාර්ලිමේන්තු වටරවුම යන ස්ථාන වලසිට පාගමනින් ජනාධිපති කාරයාලය වෙත පැමිනීමට සූදානම් ඇතැයිද එම ආරංචි මාරග වල සඳහන් වන අතර එදිනට මේ වන විට 10000ක පමණ පිරිසක් එම සංවිධන වලින් කොළඹට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

    අතිගරු ජනාධිපති තුමන් විසින් මේ වන විට රටේ පැතිරයන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මනා සංවිධානාත්මක ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින සහ එම ක්‍රියාමාර්ගයන් වල ප්‍රගතිය ඉතා සාර්ථකව අපට පෙනීයන මොහොතක එසේ මත් උවදුරින් අපේ රටේ අනාගත තරුණ පරපුර බේරාගත්තත් මේ උපුල් වැන්නවුන්ට පිං සිද්ද වෙන්න එම තරුණ පරපුරට වෙන්නේ හිගාකන්නය.මන්ද මේ උපුල් නිසා රටට නොලැබී ගිය ආයෝජන අතිමහත් නිසාත්.ලැබුණු ඒවායෙනුත් කෝටි ගනන් පිල්ලි ගැසූ නිසාත්ය.

    අප වෙබ් අඩවිය මඟින් මීට ඉහත කී මේ කාරණා මේ වන විට රටේ කතාබහට ලක්වී තිබීම ගැන කවදත් රට වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින අපට සතුටු විය හැක.එලෙස ඊතලය මාසික සඟරාව සහ http://www.ethalayanews.com අඩවිය විසින් මේ පිළිබඳ මනා ලෙස කරුණු කාරණා ඉදිරිපත් කර ඇත.එම උපුටනය පහතින්,

    “රටේ ජාතික ආර්ථිකය ශක්මත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇති හැකියාව ඉතාමත් ප‍්‍රබලය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කර්මාන්තකරුවන් දිරි ගන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙෂ ලබාදෙමින් ඔවුන්ගේ දායකත්වය රටේ ප‍්‍රවර්ධනය උදෙසා ආයෝජන මණ්ඩලය ලබාගැනීමට උත්සුක විය යුතුය. නමුත් ලංකා ආයෝජන මණ්ඩලයෙන් නිසි ලෙෂ එය ඉෂ්ට වනවාද යන්න ගැටලු සහගත තතත්වයක් පැන නගින්නේ එම මණ්ඩලයේ ඇති කි‍්‍ර‍්‍රයාකාරිත්වය පිලිබඳව විමර්ෂණය කිරීමේදීය.


    ශ‍්‍රී ලංකාවේ ඇති සියලුම ආයතන දූෂණයට ලක්වී ඇති යුගයක ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් ඉන් ගැලවී යා නොහැකි බව සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මුලු රටම දූෂිත වුවද යම් ආයතනයක පිරිසිදු නිලධාරීන් සිටිනම් එම ආයතනය හෝ නිසිලෙෂ නඩත්තු කරමින් දූෂණයෙන් වංචාවෙන් තොර  මහජන යහපත තකා කටයුතු කරමින්  රට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට එම ආයතනය ප‍්‍රවිශ්ඨ විය හැකිය. නමුත්  ආයෝජනය මන්ඩලයතුලින් නම් එවැනි දෙයක් දක්නට නැත. තනිකරම නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙන්නේ  ඒ තුළ සිදුවන අයුතු සහගත දේවල්ය. මේවාට සෘජුව හෝ වක‍්‍රව එහි අධ්‍යක්ෂ ජනරාල් සභාපති අතැුලු පිරිස් වගකිව යුතුය. මහින්ද රාජපක්ෂ  පාලනය තුල  ආයෝජන මණ්ඩලය කියන්නේ දූෂිතයන්ෙ රජදහන්ක ලෙෂ ප‍්‍රතලිතව පැවැතිනි.


    නමුත් රනිිල් මෛත‍්‍රී 2015 දී බලයට පත්වූයේ  දූෂණයෙන් නාස්තියෙන් තොර යහපත් අනාගතයක් වෙනුවෙනි. එහෙත් එම පරමාදර්ශී චේතනාව නිසි ලෙෂ ඉෂ්ට වුවාද නැත. යහපාලන බලයට පත්වූ පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය හිමිවුයේ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරියටය.  නීතිය පිළබඳ හසල දැනුමක් ඇති බව කියන ඔහු තම බලය අභිබවා යමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් ආයෝජන මණ්ඩලය තුල කිසියම් දූෂිත හෝ අක‍්‍රමිකතාවක් සිදුකලානම්් එය  බලවත් වරදක් නොවේද ? 


    උපුල් ජයසුරිය මතුපිට සමාජය තුල පෙනී සිටිනේනේ තමා ඉතාමත් නිවැරදි පුද්ගලයෙකු ලෙසය. දූෂණ අක‍්‍රමික තාවලින් තොර ුපිරිිසිදු නීතිඥයෙකු ලෙසය. සාමාන්‍ය පුද්ගලයෙක් යම් වරදක් කරනවාට වඩා නීතිඥයෙක් යම් වරදක් කළොත් එහි ඇති බරපතලකම වැිඩිය. ඊට හේතුව වන්නේ ්නීතිය දැන දැනත් වරදේ පැටලීම සමාව දිය නොහැකි කරුණක් බැවිනි.ඒ අනුව උපුල් ජයසුරිය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙෂ ක‍්‍රියාත්මක වීමේදී එම මණ්ඩලයට සිදුව ඇති අලාභය සුලුපටු නොවේ. ඒ සියල්ල සිදුවී ඇත්තේ අනිසි අක‍්‍රමවත් තත්ත්වයන් හේතුකොට ගෙනය. ආයෝජ මණ්ඩලයය තුළ අක‍්‍රමිකතා සිදු වීම තුළින්  එහි අලාභය  විදීමට සිදු වන්නේ රටටත් ජනාතවත්ය. එසේ නම් ජයසූරිය පාලය තුල සිදු වී ඇති අනිසි  තත්ත්වයන් හට සමාවක් දිය හැකිද ? 


    මොහු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විට රටට අහිමි වී ඇති බදු ප‍්‍රමාණය ඉතා විශාලය. ඉන් බිලියන ගණනක අලාභයක් සිදූ ඇත.  මොහුගේ පරිපාලනය මොන තරම් අනිසිද කිවහොත් එම කාල පරිච්චේදය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් පමණක් පවරා ඇති නඩු ප‍්‍රමාණය 41 ක් පමණ වේ. ආයෝජන මන්ඩලයේ සභාපතිවරයා වශයේ උපුල් ජයසූරිය  කටයුතු කරමින් එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි චුලානන්ද පෙරේරාට පවා  බලපෑම් එල්ල කර ඇත. ඒ අනිසි  වැඩ කිරිම උදෙසාය. එනම් ග්ලෝබල්  සීෆූඩ් ආයතනය නීති විරෝධී ලෙස ලංකාවට ගෙනා කන්ටේනර් තොගයක් රේගුවෙන් නිදහස් කරන ලෙස ඔහු මෙකී බලපෑම සිදුකර ඇත.රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වගකීව වන්නේ අයුතුුුසහගත කන්ටේනර් තොගයක් පැමිණියහොත් එය අත්අඩංගුවට ගෙන නීති මගින් කටයතුු කිරීමයි. එවැනි පසුබිමක් තුළ නීතිය දන්නා  උපුල්  ජයසුරිය රේගු අධ්‍යකෂ ජනරාල්වරයාට  නීතිය බල්ලාට යවමින ්බලපෑම්  එල්ල කිරිම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ දඩබ්බ්ර කීයාකාරීත්වය හැර වෙන කුමක්ද ?  මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ් උපුල් ජයසූරිය ආයොජන මණ්ඩල හා රේගු නීති රීතිවලට පරිබාහිව හිතුවක්කාරී ලෙෂ සිය ධුරයේ වැඩ කටයුතු කර ඇති බවයි. සාමාන්‍යයෙන් දිනකට කටුනායක හා කොග්ගල වෙළඳ කලාපවලට ආයෝජන මන්ඩල ව්‍යාපෘති  මගින් කණ්ටේනර් 300 ක් පමණ පැමිණෙනු ඇත.ඒවා නිසි ලෙෂ පරීක්ෂා කරමින්  නීති විරෝධී දේවල් තිබෙනවාද නැද්ද බදු වංචා සිදු විමේ ස්වභායන් තිබනෙවාද යනාදි කරුණු පරීක්ෂා කර බැලීමේ වගකීම රේගු දෙපාර්තමෙන්තුවට ඇත. එහෙත් උපුල් ජයසුරිය පාලනය තුළ එකී   පරීක්ෂාවෙන්  තොරව බොහෝ කන්ටේනර ්පිට කිරීමෙට උත්සාහ කර ඇත.එවැනි ජාවාරම් කටයුතු සිදිුවීමේදී ඒවාට හරස් වූ  ඇතැම් රේගු නිලදාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමටද  ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ දරා ඇත.  සමහරු මාරු කර දමා ඇත.   නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට එහි කටයුතු කිරීමේ නොහැකි තත්තවයක් තිබූ බවමින් පෙන්නුම් කෙරෙනු ඇත.


    එපමණ් නොව” කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල  ගිවිසුම් උල්ලංඝනය කරමින් නූල් පන්දු ුකාටුන් 1056  ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරිමටද ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ කර ඇත.  නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට  එහි කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයක් තිබූ බව  මින් පෙන්නුම් කෙරෙනු ඇත.


    එපමණක් නොව කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල ගිවිසුම උල්ලංගනය කරමි්න් ්නූල් පන්දු කාටුන් 1056 ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරීමටද ආයේජන මණ්ඩලයේ  ලෝකකෝ උත්සාහ කර ඇත. මේ ආකායර උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙෂ කටයුතු කරන විට සිදු වී ඇති අක‍්‍රමික ක‍්‍රියා බොහෝය.


     ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආයෝජන මන්ඩලය පිලිබඳව පිසුගිය දිනවල බොහෝ  ප‍්‍රකාශ සිදුර තිබිණි.  ඒ තුල බරපතල අක‍්‍රමවත් කි‍්‍රයා සිදුවන බවට ඔහු චෝදනා කරෙණි.  මෙහි ප‍්‍රථිපලයක්  වශයෙන් ආයොජන මන්ඩලයේ අදධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු පිරිසට ඉන් ඉල්ලා අස්වී යාමට සිදු විය.නිවැරදි ආකාරයට නම් පුද්ගලයෝ ඉල්ලා අස්වීම හෝ ඉවත් කර හැරීම තුලින් ඔවුන්ට එල්ල වී ඇති දූෂණ වංචා  අක‍්‍රමිකතා හා අයුතු ක‍්‍රීයා තුරන් වී යන්නේ නැත. ඔවුින් සිදුකර ඇති  අලාභයන් ඉන් වියැකී යන්නේද නැත. එම නිසා අනිවාර්යෙන්ම මෙවැනි චොද්නා ඇති නිලධාරීන් පිලිබඳව වහාම ජනාධිපතිවරයා පරීක්ෂන පවත්වා ඔවුන් එම සිදුකර ඇති අලාභයන් අය කර ගැනීමට කටයුතු කළයුතුය. එලෙෂ බලන කල ශ‍්‍රි ලංකා  ආයෝජන මණ්ඩජලයේ සභාපතිවරයා ලෙෂ ජනාදිපති නීතිඥ උපුල් ජයසූරිය කටයුතු කරන පාලය තුළ එහි සිදුවී ඇති බරපතල හා සුලු ගණයේ සියලු දූෂණ අක‍්‍රමිකතා සෙයා බැලීමට  ජනාධිපතිවරයා විසින් විශේෂ  පරීක්ෂණයක් කළ යුතුය. මලික් සරමරවික‍්‍රම  ඇමැතිවරයා සමග සමබන්ධ වී ආයෝජන  මණ්ඩලය  තුළ සිදු වී ඇති  බලවත් අලාභ හානි පිලිබඳ සොයා බැලිය යුතුය


    නමුත් තවමත් මෙම කාර්යය ජනාධිපතිවරයා අතින් සිදුවී  නැත. එය බලවත් වරදකි. එම නිසා වංචා දූෂන වැඩවලට එරෙහිව විශාල හඩක් ්නගන ජනාධිපතිවරයා  අවංකවම මෙම ක‍්‍රියාදාමයන්ට විරුද්ධ නම් ආයෝජන මණ්ඩලජයේ දූෂණ වංචා මගහැර දමා යා නොහැකි ඒවා සොයා බැලියයුතුය.රට ආර්ථික වශයෙන් අද වන විට දුර්වල තත්වයට පත් වී ඇත්තේ ආවාට ගියාට  සිදු වූ ස්වභාවික තත්තවය මත නොව මෙවැනි වංචනික අක‍්‍රමවත් සවබාවයන් හේතු කොට ගෙනය. ජනාධිපතියා 2020 ඊළග ජනාධිපතිවරණයට සූදානම් වන්නේ් නම් ඊට පෙර ඔහු ප‍්‍රායෝගිකව තමන්ගේ අවංකභවාය රටට ඔප්පු  කර පෙන්විය යුතුය. ඒ සඳහා සුදුසු සහ හොඳම අවස්ථාවක් ලෙස ඇතේ අණ්ඩුවේ ආයතන හොරා කෑ ලොක්කන්ගේ පැටිකිරිය අනාවරණය කිරීමයි. ඔවුන් මෙම වංචා වැඩ සිදු ිකර ඇතේතේ රටේ ජනතාවගේ හිස මත බදු බර පටවමිනි’ ලංකාවෙ මෙතරම් පීඩනයකට පත්වීමට මෙම හොර තක්කඩියන් සිදුකළ  වංචනික වැඩ ප‍්‍රබල ලෙෂ බලපා ඇත.එසේ නම් ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ ්හිටපු සභාතිවරයා වන උපුල් ජයසූරිය පරිපාලනය පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීීපාල සිරසේනට මග හර යා නොහැක. අනිවාර්යෙන්ම ඔහුගේ පාලනය තුල සිදු වී ඇති දේවල් පිලිබඳව පරීක්ෂණ පවත්වා ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව එහි සේවකයෝ උස් උඩින් ප‍්‍රකාශ කර සිටිති.”

  • ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී..

    එහිදී එතුමන්,

    “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට හැදීමට උදවු වෙනව වගේම රට නැත්තට නැති කිරීමටත් ලොකු දායකත්වයක් දීල තියෙනවා.එහෙනම් දැන් තමයි මේක හදන්න තියෙන වෙලාව.අපේ පක්ෂෙත් කතාකාරයො ගනනාවක් ඉන්නවා නමුත් වැඩකාරයෝ බොහොම අඩුයි.ඔබ තුමාද දේශපාලනඥයො පත්කරල එවන්නෙ ඔබතුමාලට සේවයක් කරන්න මිසක් දේශපාලනඥයින්ට සේවය කරන්න නෙමෙයි.මේ වෙනස ඇති කිරීම තමයි අවශ්‍ය වෙන්නේ.අපේ නායකයොන්ට තියෙන්නෙ රටේ ප්‍රශ්න වලට උත්තර දෙන එක… මෙතන තේ මිල අඩුවෙනකොට තේ ගස් ගලවන එක නෙමෙයි.. අපේ කෘෂිකර්ම පද්ධතියෙ 23% ආදායම සපයන රබර් මිල අඩුවෙනකොට රබර් ගස් ගලවල දාන එක නෙමෙයි … අපේ විරැකියා ප්‍රශ්නෙට උත්තර දෙනකොට උසනම් සිකුරුටි මිටිනම් කම්කරු කියන මේව නෙමෙයි… කොහොමද රැකී රක්ෂා ඇතිකරන්නෙ කොහොමද ආදායම් උත්පාදන ක්‍රම ඇති කරන්නේ… මට ගෙයක් නෑ කියල කිව්වම මෙන්න රු.100 ක් කියල දුන්නම ලක්ෂ ගානක ගෙයක් හදන්න පුළුවන්ද? මෙන්න මේව පරිවර්ථනය කරන්න ඕන එහෙම තමයි සැබෑ ආර්ථිකය ඇති කරන වෙනස ඇති කරන විදිහ…”

  • රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

    රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

    මෙරට ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතට රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂය පවසනවා.

    එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ එම පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කළේ “වසර 71ක් තිස්සේ මේ කරත්තය ඇදගෙන ආවේ එක්කො කොළ පාට ගොනෙක් නැත්නම් නිල්පාට ගොනෙක්. අන්තිම අවුරුදු තුනේ කොළපාට නිල්පාට ගොන්නු දෙන්නම එකතු වෙලා කරත්තය ඇද්දා. එහෙම ඇදලත් දැන් ඇදගන්න බෑ.  රට ආර්ථික වශයෙන් බංකොලොත් කියලා ජනාධිපතිවරයා කියනවා. මේක තමයි තත්ත්වය.” යනුවෙනි. 

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන්  සුබ පැතුම්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටේ දී ම තර 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

    ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපති සිය ස්තුතිය පළ කරයි.

    එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග‍්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

  • විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (22) පෙරවරුවේ චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ වැඩි අවධානයක් යොමු වූයේ ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ……

    “මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

    වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

  • එජාපය දැඩි අනතුරක…..  සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

    එජාපය දැඩි අනතුරක….. සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

    පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය අහවර විය.එම නිවාස දෙන ආකාරය ගැන මේ වන විට රටම දැනගෙන සිටින අතර සජිත් ප්‍රේමදාස වෙත ජනතා අප්‍රසාදය සීග්‍රෙයන් වැඩි වෙමින් ඇත.

    එවන් වකවානුවක මේ කරුණු ඉස්මතු කරමින් මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය වල සජිත් ප්‍රේමදාසට එදිරිව සිය මත පල කරන්නන් නිහඬ කිරීමේ රහස් වෑයමක් මේ වන විට එළිවෙමින් පවතී.එනම් එසේ සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරන්නවුන් හට ව්‍යාජ මුහුණුපොත් ගිණුම් මගින් අමු තිත්ත කුණුහරුයෙන් බැන වැදීමත් ඔවුන්ගේ මව පියා බිරිඳ දරුවන් සහ පෙම්වතිය හෝ පෙම්වතා වැනි අතිශය සමීපමයන්ගේ මුහුණු පොත් ගිණුම් වලට ගොස් ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප එඩිට් කර ඔවුන්ට මඩ ගැසීමේ සූක්ෂම උපායයි. මෙමගින් එසේ සජිත් ප්‍රේමදාසට විරුද්ධව මත පල කරන්නන් නිහඬ කිරීමට SPG 2020 නමින් සයිබර් මඩ බලකායක් පවත්වාගෙන යන අතර ඊට අමතරව මෙම SPG -2020 කණ්ඩායමට පැවරී ඇති කාර්ය නම් නගරවලින් ඔබ්බට ඈත ගම්මාන වලට ගොස් ඒ ගම් වල වෙසෙන අහිංසක ජනතාව අතර එජාප වත්මන් පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසංහ සහ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් ලෙස දැනට කරලියේ නිතර නම් කියවෙන පාඨලී චම්පික රණවක / කරූ ජයසූරිය / නවීන් දිසානායක යන මහත්වරුන් එජාප අනාගතය විනාස කරන බවත් එජාපය ගොඩගැනීමට හැක්කේ සජිත් ප්‍රේමදාසටම පමණක් බවත් මතයක් සමාජගත කිරීමය.

    එජාප වේදිකාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ගුණ ගයන සජිත් මෙසේ සිය කණ්ඩායම් නගරවලින් පිට ගම්මාන වලට යවා ඉතා සූක්ෂම ලෙස රනිල්ගේ සහ ඉහත කී අයගේ රෙදි ගලවන්නේ කිසිම හිරිකිතයකින් තොරවය.සජිත් මේ ගෙනියන්නේ 2015 වන විට මංගල ගෙන ගිය තියරියම බව යාන්තමින් ඇස් ඇරිය බළල් පැටියෙකුට උවද තේරෙනවා නොඅනුමානය.සජිත් විසින් මීට කලින් දෙවරකදී එජාපය හයිජැක් කිරීමට උත්සාහ කලද සජිත්ගේ සුකුමාල ළඳ බොළද කම් හමුවේ ඒ වෑයම් අසාර්ථක වූ අතර මෙවර අහිංසක ජනතාව බළලා කර ජනපති අපේක්ෂක කොස් ඇටය බා ගැනීමට සැළසුම් කර ඇත.තමන්ගේ ජනපති සිහිනය වෙනුවෙන් පක්ෂයේම නමක් තියාගෙන ඉන්න කරූ ජයසූරිය නවීන් දිසානයක වැනි අයත් රනිල් සහ පාඨලී යන අයවත් සමස්ථයක් ලෙස එජාපයම මේ යන ක්‍රමය වැරදියි එය නිවැරදි කිරීමට හැක්කේ සජිත්ට පමණක් යැයි කීමෙනුත් සජිත් විසින් කරන මෙම පක්ෂ විරෝධී ක්‍රියාවලිය නතර කිරීම පිරිසිදු එජාප පාක්ෂිකයාගේ වගකීමකි.

    එලෙස මෙම SPG -2020 මඩ බලකාය විසින් ඉහත කී ආකරයේ ගසන ලද මඩ සහ කුණුහරුප වල ස්කීන් ෂොට් කිහිපයක් පහතින්,

  • හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

    හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

    හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.

    ඒ කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවු අවස්ථාවේදිය.

  • පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

    පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

    පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක පමණ කාලයක් සිරවී සිටි බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු පමණ එම විදුලි සෝපානයේ සිර වී සිටි බවයි.

    හදිසි දුරකතන ඇමතුම් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කළද විනාඩි 15ක් පමණ යන තුරුම විදුලි සෝපානය විවෘත කිරීමට අදාළ අංශ ක‍්‍රියාත්මක නොවූ බවයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කියා සිටියේය. 

    ඒ පිළිබඳ වහාම සොයා බලන ලෙස ද මන්ත‍්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

  • ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

    ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

    ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත.

    ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අරමුණ බවද ඔහු කියා සිටියේය.

    යුද අපරාධ විමර්ශනය සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට ලබාදුන් කාලය මාර්තු මස අවසන් වන බව පැවසූ විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ හිමිකම් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද සඳහන් කර ඇත.

    ද්‍රවිඩ ජාතීන්ට එරෙහිව සමූල ඝාතන ක්‍රියාදාමය තවදුරටත් සිදුවන බවට චෝදනා කළ විග්නේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් අයිතිය ලබාදීම පැහැර හැර ඇති බවත් කීය.

    ද්‍රවිඩ අයිතීන් උදෙසා තමා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, අසන්තුරේසන් සහ ආනන්දි සසිතරන්ගේ සහය ද ලබාගන්නා බව විග්නේෂ්වරන් කීවේය. 

  • කොහොමත් රටේ නිදහසක් නැති නිසා ජාතික උත්සවය කියල දාන්න ඇති…

    කොහොමත් රටේ නිදහසක් නැති නිසා ජාතික උත්සවය කියල දාන්න ඇති…

    මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බවත් කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා ඊයේ (02) මහනුවරදි පැවැසිය.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා ඊයේ (02) පෙරවරවේ මහනුවරට පැමිණ මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා මාළිගාවට ගොස් වැද පුදා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු මාධ්‍ය වේදින් නැගු ප්‍රස්න  හමුවේ මේ බව සදහන් කළේය.

    වත්මන් රජය ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා ජාතික රජයක් සෑදීමට යන බවත් ජනතාව රවටීමකින් තොරව ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා කියා ව්‍යවස්ථාව වෙනස් කරගතු යුතුවුවා නම් හොඳ බවත් ඔහු සඳහන් කළේය.

  • ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

    ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

    කෘතීම වැසි මඟින් ජල විදුලිය නිලදවීම ගැන මීට ඉහත නියඟ කාලයන් වලදී කතාබහට ලක්වූවත් ඒ ඒ කාලවල විදුලිබල ඇමතිව සිටි කිසිම අමාත්‍යවරයෙකුට එම අදහස සාක්ෂාත් කරගැනීමට නොහැකි විය.එසේ තිබියදී නියඟයක් ඇතිවීමට පෙර ඒයට සූදානම් වීමක් වශයෙන් දුරදිග බලා වැඩ කරන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය.

    විදුලිබල, බලශක්ති අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම ගිවිසුම අත්සන් තැබූ අතර මෙහි ප‍්‍රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේය.

    නියග පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප‍්‍රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා එහිදී පැවසූ අතර රවී කරුණානායක මහතාගේ දුරදක්නා නුවන ඇගයීමටද අමතක කලේ නැත.

  • ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසයි

    ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසයි


    පැරණි මනාප ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එමගින් සිදු වන්නේ ජනමතය යටපත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    මීට පෙර කළ විමසීමක දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි පැවසුවේ පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මේ වනවිටත් කෙටුම්පත් සකස් කෙරෙමින් ඇති බවයි. සති 02ක් ඇතුළත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එහි කටයුතු අවසන් කරනු ඇතැයි ද එහිදී ප‍්‍රකාශ කෙරුණි. 

    කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු නම් ඊට ඇති සුදුසුම ක‍්‍රමය නැවත පැරණි ක‍්‍රමය බල ගැන්වීම නොවන බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ඒ පිළිබඳ සඳහන් කරන ලද අතර එහිදී  “ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසා” යනුවෙන් ද සඳහන් කලේය.

    කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් එකගතාවකට එළඹ ඇති බවයි. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මේ බව සඳහන් රෙන ලදී.

    පළාත් සභා 09න් පළාත් සභා 06ක නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර යන පළාත් සභාවලයි. බස්නාහිර, දකුණ සහ ඌව යන පළාත් සභාවල පමණක් නිල කාලය තවත් ඉතිරිව ඇත. එසේ තිබියදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී ඇත්තේ එම මැතිවරණ සමානුපාත සහ කොට්ඨාශ මිශ‍්‍ර නව ක‍්‍රමයට පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්මත කර ඇතත් ඊට අවශ්‍ය සීමා නිර්ණයන් පාර්ලිමේන්තුව විසින් තවමත් සම්මත කර නොමැති නිසාය. ඒ අනුව සීමා නිර්ණයන් සම්මත කිරීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් පැරණි ක‍්‍රමයට හෝ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බවට මත ඉදිරිපත් වී ඇත. 

  • එජාපය තරම් සංවර්ධනයට මුදල් වෙන්කරපු පක්ෂයක් තවත් නෑ…

    එජාපය තරම් සංවර්ධනයට මුදල් වෙන්කරපු පක්ෂයක් තවත් නෑ…

    “2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත්  ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව නෙමෙයි ක්‍රියාවයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පල කළේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර,  අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අද අපේ රටේ සංවර්ධනයක් සිදු වුණත්, ඇගට දැනෙන සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. යම් පැතිවල සංවර්ධනය සමබරතාවයක් නොමැති බව පේනවා. මේ සදහා අපි ස්වයං විවේචනයක් තුළින් කටයුතු කළ යුතුයි. අපි තරම් මේ රටේ සංවර්ධනට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ. අපි සෑම විටම ජනතාවට තීන්දු කිරීමට අවස්ථාව දිය යුතුයි කොහොමද මේ රට ඉදිරියට ගෙනයන්නේ කියලා.

    එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. නමුත් පෙනෙන්නේ එක කොටසක විතරයි මේ සංවර්ධනය  ඇති වන්නේ කියලා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මම කෝට්ටේ අවුරුදු ගණනාවක් කටයුතු කරද්දි විශාල පෙරළියක් කළා. ඒ ශ්‍රිඝ්‍ර සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යායුතුයි.

    යම් තැන්වල අදටත් එය ඇනහිටලා තිබෙනවා. එදා අපි මේ ප්‍රදේශ වලට මහල් නිවාස ක්‍රමය හදුන්වල දුන්නට ජනතාව තවමත් ඒවා භුක්ති විදින්නේ නැහැ. මේවා තමයි රජයේ නිලධාරීන් තුළ පවතින නිලධාරිවාදය. දේශපාලනඥයින් යම් යම් දේ අදහස් කරනවා. නමුත් නිලධාරිවාදය තුළින් ඒ කටයුතු නැති කරනවා. මේක තමයි රටේ පවතින් ලොකුම ප්‍රශ්නය. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි.  ඒ තමයි රටේ සංවර්ධනය ඇනහිටින වැඩ කරන්නෙපා. පාට පක්ෂ ගැන සැලකිලිමත් වෙන්නෙපා.  ජනතාව විසින් දේශපාලනඥයෝ පත්කරද්දි, ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නයි අපි එන්නේ. නමුත් මේවා ක්‍රියාත්මක කරන්නෙ රජයේ නිලධාරීන් විසින්.යැයි ඔහු පැවසිය.