නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය….
යහපාලන ආණ්ඩුව බලයට පත්වුණි. ඒ 2015 වර්ෂයේදී ය. එලෙස බලයට පත් වූ එම ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැරදි සෙවීමට පටන් ගත්හ. ඒ ඔවුන් බලයට පත්වීමට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන්ගේ ය. එයිනුත් ප‍්‍රධාන ලෙස චෝදනා එල්ල වූයේ නාමල් රාජපක්‍ෂටය.
එයහපාලන ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු නාමල් රාජපක්‍ෂට රත්රන් කඩු” රත‍්‍රන් අශ්වයෝ සහ ලැම්බෝගිනි මෝටර් රථ ආදිය ඇති බවට චෝදනා එල්ල කළහ. යහපාලන ආණ්ඩුව බලයට පත් වී දින කිහිපයක් යන්නට මත්තෙන් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක අරලියගහ මන්දිරයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් නාමල්ගේ රත‍්‍රන් කඩු අශ්වයෝ සෙව්වේය. එහෙත් ඔහුට රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයාගැනීමට නොහැකි විය.
අවසානයේ රන්ජන් රාමනායක අරලියගහ මැඳුරේ තිබී රන් ආලේපිත කඩුවක් සොයා ගත්තේය. පසුව සොයා බැලීමේදී එය සිහිවටනයක් ලෙස අරලියගහ මන්දිරයට ලැබුණු කඩුවකි. එහෙත් රන්ජන් එය රත‍්‍රන් කඩුවක් යැයි පවසා නාමල්ට චෝදනා එල්ල කළහ.
රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයා ගැනීමට නොහැකි වු කල නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීමට එම යහපාලන ආණ්ඩුව උත්සාහ කළේය. ඒ අනුව කඩුවෙල ප‍්‍රදේශයේ නිවසක තිබූ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ නියෝගයකට අනුවය.
එය ‘ෆෝර්ඞ් මස්ටෑන්ග්. මෝටර් රථයකි. එහෙත් එකල මාධ්‍ය හරහා එය ප‍්‍රචාරය කළේ නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි. එහි හිමිකරු එය තමන්ට අයිති ‘ෆෝර්ඞ් මස්ටෑන්්ග්. මෝටර් රථය බව පැවසුවත් යහපාලන ආණ්ඩුව එය පිළිගත්තේ නැත. ඔවුන් පුනපුනා පැවසුවේ එය නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි.
දින සති ගණන් ගතවිය. එම මෝටර් රථයේ අයිතිකරුට එය ආපසු ලැබුණේ නැත. අවසානයේ අයිතිකරු තමාට වූ අසාධාරණය පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කළේය. වසර දෙකක් එම නඩුව විභාග කෙරුණි. අවසානයේ අධිකරණය විසින් එය නාමල් රාජපක්‍ෂට අයිති මෝටර් රථයක් නොවන බව තීන්දු කළේය.
අවසානයේ නියම හිමිකරුට මෝටර් රථය ලැබිණිි. එහෙත් වසර දෙකක් එම මෝටර් රථය එකම තැන නවතා තිබූ බැවින් විශාල ලෙස විනාශ වී තිබිණි. නාමල්ගේ ලැම්බෝගිනි ජවනිකාවත් අවසන් වූයේ එලෙසින්ය.
එය එසේ අවසන් වුවත් යහපාලන ආණ්ඩුව නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීම නතර නොකළේය. එකල එම ආණ්ඩුවේ සිටි මන්ත‍්‍රී නලින් බණ්ඩාර ‘හෙළිදරව්ව. නමින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ‘‘නාමල්ට අයිති ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ තුනක් ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බවයි. එහෙත් එයද ඔප්පුකර පෙන්වීමට නොහැකි විය.
යහපාලන ආණ්ඩුව බිඳවැටී නව ආණ්ඩුවක් පත්විය. ඒ පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදාය. එම ආණ්ඩුව පත් වී දින දෙකක් ගත වීමට මත්තෙන් යළිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට චෝදනාවක් එල්ල විය. ඒ තම පියා එනම් මහින්ද රාජපක්‍ෂ අගමැති වීමත් සමග නාමල් යළිත් රත‍්‍රන් කාර් පැදීමට පටන්ගෙන ඇති බවයි.
ඉන්ධන පිරවුම් හලක් අසල රත‍්‍රන් පාට වර්ණයෙන් යුතු මෝටර් රථයක් ඉන්ධන ගසන අයුරුත්” ඉන් පසු එම මෝටර් රථය ඉන් පිටව යන අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවි ජාලාවල හුවමාරු වෙමින් තිබිණි. ඒ පින්තූර තුළට නාමල් රාජපක්‍ෂගේ පින්තූරයක් ද එකතු කර තිබිණි. එයට අමතරව එහි සඳහන් වි තිබුණේ තාත්තා අගමැති වීමත් සමග නාමල් රාජපක්‍ෂ යළි රත‍්‍රන් කාර් පැදීමට පටන් ගෙන ඇති බවයි.
ඇත්තටම එම රන්වන් පැහැති මෝටර් රථයේ හිමිකරු නාමල් රාජපක්‍ෂ ද? නැත්නම් වෙනත් අයෙක් ද යන්න අපි සොයා බැලූවෙමු. අවසානයේ සත්‍ය සෙයා ගැනීමට අපට හැකි විය.
නිපුන කලූපහන නුවර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ව්‍යාපාරිකයෙකි. නුවර ඔහුටම අයිති ආපන ශාලාවක් තිබේ. ඔහු සාමාන්‍යයෙන් අන් තරුණයන්ට වඩා වෙනස් තරුණයෙකි. සෑම විටම ඔහුට වුවමනා වෙනස් ආකාරයේ දෙයක් කිරීමටය.
දැනට මාස හතකට පමණ ඉහත නිපුන මෝටර් රථයක් මිලදී ගත්තේය. එය තරමක් සුඛෝපභෝගී එකකි. එය සුදු පැහැයෙන් යුක්තය. නිපුන එය මිලදී ගත් දින සිටම එම මෝටර් රථයට කිසියම් වෙනසක් සිදුකළ හැකි දැයි කල්පනා කළේය.
ඔහු අන්තර්ජාලයෙන් නවීකරණය කළ මෝටර් රථ පිළිබඳව සොයා බැලූවේය. ඒවා පිළිබඳව දන්නා හඳුනන අයගෙන් විමසුවේය. එහෙත් ඒ කිසිවක් ඔහුගේ සිතට ඇල්ලූවේ නැත.
නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය. ගොස් තමාගේ සිතේ තිබෙන අදහස ඔවුනට පවසා එලෙස කළ හැකි දැයි විමසුවේය. ඔවුන් ද එසේ කළ හැකි යැයි පැවසුවේය.
මෝටර් රථය රත‍්‍රන් වර්ණ ගල්වන අයුරු සහ මිල ගණන් කතා කර ගත්තේය. සති දෙක තුනක් ගතවිය. නිපුනගේ සුදු පැහැති මෝටර් රථය සම්පූර්ණයෙන් ම රත‍්‍රන් පාට විය. ඉන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් එයට අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි ද සාදා ගත්තේය.
සුදු පාට මෝටර් රථය වෙනුවට නිපුනට දැන් තියෙන්නේ රත‍්‍රන් පාට මෝටර් රථයකි. ඔහු ඉතා උජාරුවෙන් එහි ගමන් කරයි. නිපුනගේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරන විට කුඩා ළමයාගේ සිට මහලූ මිනිසා දක්වා එදෙස බලති.
වර්ණය වෙනස් කළ පසු නිපුන එම මෝටර් රථයෙන් කොළඹ පැමිණියේ එක් වරකි. ඒ ඔක්තෝබර් මස 28 වැනිදාය. එනම් අලූත් ආණ්ඩුව පත් වී දින දෙකකට පසුවයි. කොළඹ පැමිණි ඔහු එක්තරා ඉන්ධන පිරවුම්හලකින් එම මෝටර් රථයට ඉන්ධන ගැසුවේය. ඒ අතර එක්තරා පුද්ගලයෙක් නිපුනගේ රත‍්‍රන් පාට මෝටර් රථයේ පින්තූර කිහිපයක් ගත්තේය.
එම මෝටර් රථයේ පින්තූර ගත් පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. ඔහු එම පින්තූරවලින් අලූත් ආණ්ඩුවට මඩක් ගැසීමට තීරණය කළේය. තම මිතුරන් කිහිපදෙනෙකුට ද එම පින්තූර පෙන්නුවේය.
ඔවුන් සියලූ දෙනාම යෝජනා කළේ මෙම රත‍්‍රන් පාට මෝටර් රථය නාමල් රාජපක්‍ෂගේ බව පවසා බොරු ප‍්‍රචාරයක් කරමු කියාය. ඒ අනුව එම මෝටර් රථයේ පින්තූර සමග නාමල් රාජපක්‍ෂගේ ද පින්තූරයක් එකතු කළේය. ඉන් පසු එම පින්තූර යටින් ‘‘තාත්තා අගමැති වූ ගමන් නාමල් රත‍්‍රන් කාර් පදියි.. කියා ලීවේය. පසුව ෆේස්බුක් හරහා අන්තර්ජාලයට දැමුවේය. එය දැකීමෙන් සමහරු යළි කුපිත වූහ. ඔන්න නාමල් බේබි යළි වැඩ පටන් අරන් යැයි පැවසූහ.
අන්තර්ජාලය එම පින්තූර හුවමාරු වීමත් සමඟ සමහරු සිතුවේ ඇත්තටම එය නාමල් රාජපක්‍ෂගේ බවයි. එහෙත් සත්‍ය එය නොවේ. එම මෝටර් රථයේ සැබෑ අයිතිකරු නිපුන කලූපහනයි. අපගේ හැඟීම වනුයේ නාමල් රාජපක්‍ෂගේ ගිණුමට එම රත‍්‍රන් පාට මෝටර් රථය බැර කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බවයි.
Category: සුපිරි Politics
-

නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්
-

බෆල් එකක් දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්
මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොහොට්‌ටුව) විසින් 14 හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක් තුළදී අපහරණයට ලක් කළ බවට මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මොහු ලබන 31 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිරිල් විමලසේන මහතා ඊයේ (19 ) නියෝග කරන ලදී.
සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.
ඉකුත් 14 දින උකුවෙල – ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබූ මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසල් සිසුවාද සහභාගි වී ඇත. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගි වී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලීව සුහද වී මිතුදමක් ගොඩනගා ගෙන ටික වේලාවකින් තමන් පැමිණි යතුරුපැදියේ යතුර නැති වී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස සිසුවාගෙන් ඉල්ලා තිබේ.
පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග දරුවා මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොයා ටික වේලාවකින් යතුර හමු වී ඇති බව පවසා එය සොයාදීමට උදව් කළාට පාසල් සිසුවාට තෑග්ගක් ලෙස බෆල් එකක් ලබාදීමට යෑයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක් පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස් තිබේ. පසුව ඒ අසල ගරාජයක නතර කර තිබූ වෑන් රථයක් තුළදී තමාව අපහරණයට ලක් කළ බව සිසුවා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට 17 දින පැමිණිලි කර ඇත.
අපහරණයට ලක් වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ. -

ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය
දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර වගේම කිසිම කෙනෙක් ඉසුරට ඒ වගේ භාරධූර තානාන්තරයක් හම්බෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ.ගාමිනී තිලකසිරිල වගේ පරිනත දේශපාලනඥයින් බයි පාස් කරල ඉසුරට මේ තානාන්තරය හම්බුනේ ඉසුරව බළල් අතක් කරගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මේ අවුරුදු තුනටම ඉසුර ගැන පළවුනේ අර පාරවල් වල හයිකරපු උත්තල දර්පණ විවෘත කරන්න ගිය ඒව විතරක් වුනාට මෑතකදී ඉසුර ගැන රටම කතාකරන්න පටං ගත්තා.ඒ පළාත් සභාවෙ පුටුවකට ලක්ෂ 6 කට වඩා වැඩියෙන් දාපු එකටයි පළාත් සභාව සුවඳ කරන්න පට්ට ගානක් වියදම් කරල එයාර්ෆෙරෙෂ්නර් හයි කරන්න හදපු නිසයි.කොහොම හරි මාධ්‍ය විසින් මේ කතාව එළිදරවු කරාට පස්සෙ ඉසුර හිමීට ඒ ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින් සමහර මාධ්‍යෙව්දීන්ව මුදලට අරං දැං මේ වෙනකොට ෂේප් න්‍යායෙන් නොකර සද්ද ඉන්නවා කියල ආරංචියි.
ඉසුරගෙ ලක්ෂ 6 පුටුව ගැන කතාකරන්න නෙමෙයි මේ හදන්නෙ ඊට වඩා ලොකු කතාවක් මේ දවස් වල තිරය පිටුපස කැරකෙනව කියල ලැබුණු ආරංචියක් කියන්නයි.පළාත් සභාවෙ ඉන්න අනිත් ජේෂ්ඨ ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් පවසන ආකාරයට ඉසුර මේ දිනවල ශ්‍රීලනපයේ හා පොහොට්ටුවේ දෙපැත්තටම කකුල් දෙක තියිගෙනළු ඉන්නෙ.ඉසුර ශ්‍රීලනිපය වෙනුවෙන් පණ වුනත් දෙනවා යැයි ජනපතිට පවසමින් හොර රහසේ පොහොට්ටුව සමඟ වැඩ කරමින් යන වා යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්ජිත් සෝමවංශ මහතා සිය සමීපතමයන් සමඟ පවසා ඇත.ඔහු විසින් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ” ජනාධිපති තුමන් කටුස්සගෙ කරේ රත්තරං බඳිද්දි කටුස්සට පාට මාරු කරන්න උපන් හැකියාවක් තියෙනව කියල අමතක කරලා” යනුවෙනි.
ඒ කෙසේ වෙතත් ගතවූ අවුරුදු 3න ඇතුලත ඉසුරගෙන් කොළඹට වූ සෙතක් නොමැති බව ඕන අඳබාලයෙකුට උවත් තේරෙන අතර මෙම අවුරුදු තුන ඇතුලත ඉසුරට නම් ඉසුරින් පිරි ජීවිතයක් ලැබී ඇති බව පෙනී යයි.
-

ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ස්වාභාවික මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේය. ජනාධිපතිවරණයත් කල් දැමීම ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ මෙම සංශෝධනයේ අඩංගු කරුණු තිහකටම ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 20 වන සංශෝධන යෝජනාව ස්වභාවිකව මරණයට පත්වී ඇති බව පැහැදිලියි. මොකද මැතිවරණ නොපවත්වන මේ රජය ජනමත විචාරණයකට යන්නේ නෑ. ඒක ස්ථීරයි, යැයිද පීරිස් මහතා කීවේය.
-

අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය.
පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ තාර වන අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට තාර ගෙන්වීමට සිදුකරනු ලබන ප්‍රසම්පාදන කටයුතු තෙල් ඇමති අර්ජුන රණතුංගගේ හා නි. ඇමති අනෝමා ගමගේගේ දේශපාලන බලයෙන් අත් හිටුවා ඇත්තේ අනෝමා ගමගේගේ සැමියා වු ඇමති දයා ගමගේගේ ව්‍යාපාරය හරහා 80/100 වර්ගයේ තාර ගෙන්වීමට බලපත්‍රය ලබා ගනිමිනි.
අර්ජුන රණතුංග ඇමතිවරයා පවුල් පාලනයෙන් තෙල් සංස්ථාවේ දුෂණ වංචා සිදු කරමින් තම මඩිය තර කරගන්නා විට නි. ඇමති අනෝමා ගමගේට ඇයගේ ව්‍යාපාර වලින් ලාභ ඉපැයීමට තාර ගෙන්වීමේ ඒකාධිකාරය ලභාදී ඇත්තේ තෙල් සංස්ථාව ඇමති හා නි. ඇමතිගේ පවුලේ බූදලයක් ලෙස තබා ගනිමිනි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන රටේ ජාතික සම්පතක අනාගතය තම පවුල් වල සුඛ විවරණයට යොදා ගනිමින් ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවත් සමග රටම වළ පල්ලට ඇදගෙන යන්නට තෙල් ඇමති අර්ජුන හා නි. ඇමති අනෝමා කටයුතු කරන්නේ යහපාලන මූලධර්ම අමු අමුවේ මරා දමමින් වීම කණගාටුවට කරුණක් බව ඛණිජ තෙල් සේවකයෝ පවසයි…
-

භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ
භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන තෙක් පවත්වා නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
පවතින ආණ්ඩුව එළඹෙන 2020 වනතෙක් කිසිදු වෙනසකින් තොරව පවතින බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තම ආණ්ඩුව සමග එකඟ විය හැකි බවත් හෙතෙම කීවේය.
අද බොහෝ දෙනා නව ආණ්ඩුව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ යැයි ඇමැතිවරයා පැවැසීය.
-

අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා
යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ‍්‍රීමාල් මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා ඉතාලියට ගොස් තම සමාගම සමග කටයුතු කරන එරට සමාගමේ නියෝජිතයන් හමුවී මෙම මුදල ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් අනුමැතිය ඉල්ලා වසර දෙකක් ගතව ඇති බවත් තවම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආයෝජන මණ්‌ඩලය දක්‌වා නැතැයිද ඒ මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ පෙරේදා (13 කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. -

මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්
ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (14) උදේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
තෙල් මිල ප‍්‍රශ්නය ගැන තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට භාර දෙනවිට 2014 අගදී තෙල් බැරලයක් ලෝක වෙළෙඳපළේ ඇමෙරිකානු ඩොලර් 105 ක් වුණා. එහෙම තියෙද්දී එදා පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රු.150 කටයි. ඞීසල් ලීටරයක් අලෙවි කළේ රු.111 ටයි. භූමිතෙල් ලීටරයක් අලෙවිකළේ රු.80 ටයි. මේවා තමයි සත්‍ය මිල ගණන්. දැන් අද මේ මිල සූත‍්‍රය එනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් රු.80 යි. මෙහෙම එදා ඩොලර් 100 ටත් වැඩිය තිබූ තෙල් මිල දැන් ඩොලර් 80 ට බැහැල තියෙද්දීත් පෙට‍්‍රල් ලීටරයක් රු.155 යි. ඞීසල් ලීටරයක් රු.123 යි. භූමිතෙල් විතරක් රු.70 ට දෙනව. මේ අනුව ඉතාම පැහැදිලිව රටට හෙළිදරව් වෙනව මහින්ද රාජපක්‍ෂ යුගයේ ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබියදීවත් මෙවැනි මිල පීඩාවක් මහජනයා මත පැටෙව්වේ නැහැ කියල. 2012, 2013 සහ 2014 යන වසරවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා වැඩියි. 2015, 2016 සහ 2017 යන වසරවල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවුනා. අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ගණන් අඩු වුණා. 2016 දී ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 45 දක්වා අඩුවුණා. එය 2016 දී තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 105 ටයි. මේ වාසිය මේ ආණ්ඩුව මහජනතාවට දුන්නද? නැහැ. මේ නිසා කෙතරම් මුදල් ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණාද? සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් විතර ඛනිජ තෙල් ආනයනය කරන්න ගියා. මේ රජය යටතේ ඛනිජ තෙල් වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 කින් පමණ එනම් හරි අඩකින් පමණ මිල අඩුවෙලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඛනිජ තෙල් ආනයන වියදමක් සමඟ සාපේක්‍ෂව සැසඳීමේදී 2015, 2016 සහ 2017 යන වර්ෂ තුනේදී රටින් පිටට නොගොස් ඉතුරු වූ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ අතිවිශාල මුදලක්. ඒ ඉතුරු වූ මුදලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. දැන් හම්බන්තොට වරායට ගියේ ඩොලර් මිලියන 1100 යි. නොරොච්චෝලෙ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740 යි. මාතර දක්වා එම අධිවේගී මාර්ගය දිගුකිරීමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 152 යි. උතුරු නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට මිලියන 700 යි. කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 385 යි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩොලර් මිලියන 240 යි. මේ සියලූම මහා පරිමාණ ව්‍යාපෘති වලට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 යි. ඛනිජ තෙල් වියදම් අඩුවීමෙන් ආණ්ඩුවට ඉතුරු වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක්. මේක තමයි ඇත්ත කතාව.
මේ සියල්ල විනාශ වුණේ රුපියල රැුකගැනීම සඳහා දිගින් දිගටම දේශීය වෙළෙඳපොළට මුදාහැරියා. මේ වසරේදී විතරක් රුපියල මස්ත බාල්දු වීම නවතා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා මේ වන විට යොදල තියෙනව. මේ මුදල කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයක් අලූතින් හදන්න වැය වන තරම් වූ මුදලක්. මෙහෙම කරල රුපියල රැුකගන්න බැහැ. සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය පිළිබඳ විශ්වාසය අද පළුදු වෙලා. මේ දිනවල දකුණේ ගෙන්ගෙට යනව විදේශ රැුකියාවල නියුතු අයගෙ ගෙවල් වලින් ඩොලර් එකතු කරන්න. මෙසේ රුපියලේ අගය විශාල ලෙස කඩාවැටීම නිසා විදේශ විනිමය කළු කඩය ඉතා විශාල ලෙස සක‍්‍රීය වෙලා තියෙනවා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා තෙල් මිලේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නොහැකිවී තිබෙනවා. හේතුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ රුපියල කඩා වැටිල තියෙනවා.
මේ ආණ්ඩුවේ අය මේ තියන මිල සූත‍්‍රය නොදන්නව නෙවෙයි. මේ අයට ඒ මිල සූත‍්‍රයෙන් ගැලවෙන්න බෑ. හේතුව ආණ්ඩු කිරීම සඳහා කොන්දේසි පනවල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාට සිදුවුණා 2015 වසරෙදී සියයට 9.3 රුපියල අවප‍්‍රමාණය වන විට, රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමට අනුව ඉදිරි වර්ෂ තුන සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළා. මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වූ එම ණය මුදලේ වාරික වරින් වර මුදාහැරීමේදී ඔවුන්ගේ කොන්දේසි මේ රජය ඉටුකළාද කියල වරින් වර මේ රටට ඇවිත් අධීක්‍ෂණය කරනවා. ඒ අනුව ඔවුන් කිව්ව ඛනිජ තෙල් සඳහා අනිවාර්යයෙන්ම මිල සූත‍්‍රයක් හඳුන්වා දියයුතුයි කියල. ඒ නිසා දැන් අලූත් තීරණයක් ගන්න බෑ, මේ ඇත්ත රටට කියන්න ඕන. නිලධාරීන්ට දොස් කියා වැඩක් නෑ. ඛනිජ තෙල් මිල සූත‍්‍ර තීරණය කරන්නේ රජය විසිනුයි. එනම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවී තියෙනව මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් මිල ගණන් තීරණය කරන බවට. නිලධාරීන් කරන්නේ රජය තීරණය කළ සූත‍්‍රයට ඉලක්කම් ඇතුළත් කිරීම පමණයි. රජයට අනන්‍යතාවය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොකර සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
-

ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී
පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක මහතා එවෙලේ මෙම උපුල් ජයසූරියට දුරකනයෙන් අමතන ලදී.
එම අවස්ථාවේදී ස්පීකර් ෆෝන් දාන්නට එපා කියූ උපුල් ජයසූරිය රන්ජන් නියෝජ්‍ය ඇමතිතුමාට කියා සිටියේ ඔහු සභාපතිව සිටියදී ඔහු විසින් සංවිධානය කල ඉවෙන්ට් එකකට මෙම ලක්ෂ විසි පහ ලබාගත් බවයි.(අදාල වීඩියෝව පහතින් ඇත)මෙම උපුල් ජයසූරිය නම් තැනැත්තාව පසුගිය කාලයේ ජනපති තුමන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති කමින්ද ඉවත් කරන ලද්දේ මොහුට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ පමණක් ඡෝදනා 241ක් පමණ ඇති හෙයින් බව වෙබ් මාධ්‍ය වාර්ථා බොහොමයක සඳහන්ව තිබූ අතර.මෙම උපුල් ජයසූරිය සමස්ථ නීති වෘත්තිකයින්ටම මහත් කැළලක් බව අප සමඟ අදහස් පවසා සිටි නීතීඥ වරු බොහොමයක් පවසා සිටියේය.
-

බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා
වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12 ) ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා සභාග ආණ්‌ඩු පිහිටුවීමට කතා කළත් කිසිවකු රටේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට නැතැයි ද ඔහු කීවේය.
කෙසේ වෙතත් රට ගැන නොසිතා කරන ක්‍රියා සහ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද කී තෙවරප්පෙරුම මහතා ජනතාව නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් කිසිදා පසුතැවිලි ඇති නොවන බව ද කියා සිටියේය.
වත්මන් ජරාජීර්ණ දේශපාලන වටාපිටාව පිළිබඳව තමා අතිශයින්ම කලකිරී සිටින බවත් බොහෝ මැති ඇමැතීන් ද තමාගේ මතය පිළිගන්නා බවත් කී හෙතෙම අද මේ පවතින දේශපාලන වටපිටාව පිළිබඳව කිසිවකු තෘප්තිමත් නොවන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය වෙනස් කර රට යහමඟට ගැනීමේ වගකීම දේශපාලනඥයා වැඩි වශයෙන් භාරගත යුතු බවත් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය. -

ඥානසාර හිමිවයි මාවයි සමාන කරන්න එපා… – මාගල්කන්දේ සුදත්ත හිමිට රන්ජන් දුන් පිළිතුර
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රංජන් රාමනායක මහතාට ඇත්තේ එක හා සමාන ඡොදනා බව පසුගියදිනකදී මාගල්කන්දේ සුදන්ත හිමි විසින් පවසා ඇති බවත් ඒ පිළිබඳව රංජන් රාමනායක මහතා දක්වන්නේ කුමන අදහසක්ද යන්න මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නයකට රන්ජන් රාමානායක මහතා විසින් මෙසේ කියා සිටියේය…
-

නව අගවිනිසුරු ගැන තීරණයට නව ව්‍යවස්‌ථාදායක සභාව අද රැස්‌වෙයි
නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නව ව්‍යවස්‌ථාදායක සභාව අද (12) පළමුවරට රැස්‌වන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.
ආණ්‌ඩුව ව්‍යවස්‌ථාදායක සභාව සඳහා පත් කළ සාමාජිකයන් දස දෙනාගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්‌ථාදායක සභාවට අදාළ සිවිල් පුරවැසියන් තිදෙනාගේ නම් පෙරේදා පැවැති පක්‍ෂනායක රැස්‌වීමේ දී ඉදිරිපත් කර තිබූ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ද ඇතුළුව නව ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනා සඳහා අනුමැතිය හිමි විය.
සාමාජිකයන් දස දෙනාගෙන් යුත් ව්‍යවස්‌ථාදායක සභාවට අගමැති කථානායක සහ විපක්‍ෂ නායක නිල බලයෙන් පත් වෙති.
ඊට අමතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ, විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්‍ෂ සහ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් නව ව්‍යවස්‌ථාදායක සභාව නියෝජනය කරති.
සුළු පක්‍ෂ නියෝජනය ලෙස බිමල් රත්නායක මහතාද සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවුඩ් යූසුµa සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් පත් කර තිබේ.
ව්‍යවස්‌ථාදායක සභාවට පත් කරන ලද සාමාජිකයන්ට ඒ සම්බන්ධයෙන් පත් කිරීම් ලිපි නිකුත් කර ඇති බවද කථානායකවරයා පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ රීති පිළිබඳව අපි කවුරුවත් දන්නේ නැහැ. ව්‍යවස්‌ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී ඇති බවට පුවත්පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්‌ථාදායක සභාව මගින් මෙතෙක් කළ පත් කිරීම් වැරැදි බවට තොරතුරු හෙළි වෙනවා. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන තීරණයද යොදා ගත්තේ?
සභානායක -දිනේෂ් ගුණවර්ධන මහතා පක්‍ෂනායක රැස්‌වීමේදී මේ පිළිබඳව කිසිම විරුද්ධත්වයක් දැක්‌වූයේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනවිත් ජනාධිපතිට ඕනෑ විදියට හැම දෙයක්‌ම කළා. අපි 19 ගෙනාව. අද ජනාධිපති එවන නමට වුණත් විරුද්ධ වෙන්න පුළුවන්. මහින්දගේ සපත්තුවට යට වෙලා හිටපු අයව අපි බේරා ගත්තා.
වාසුදේව නානායක්‌කාර මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනේ. මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය සිදු වන ආකාරය අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව ඒ ගැන දන්නෙ නැහැ.
අජිත් පී. පෙරේරා මහතා – පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා කිව්වට වග නොකියන ස්‌වරූපයක් තිබෙනවා. ඒක අපි හදා ගන්න ඕනෑ.
විජයදාස රාජපක්‍ෂ මහතා – ව්‍යවස්‌ථාදායක සභාව මගින් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමිකයන් පත් කිරීමෙන් වැඩක් සිදු වෙන්නෙ නැහැ. ඔවුන් කාටවත් වග කියන්නේ නැහැ. කොමිෂන්වල සංයුතිය පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කළ යුතුයි. -

රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි – පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි කියා සිටියේය.
වීඩායෝව පහතින්
-

රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රවි කරුණානායක මහතා නම් කිරීමට තරම් මෙතෙක් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) පෙන්වා දුන්නේය.
නමුත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තම අධිකරණය විසින් පනවා තිබූ නියෝග අත්හිටුවීමේ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා රවි කරුණානායක මහතාගේ හා ඔහුගේ පවුලේ ඥතීන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේය. විමර්ශන ප්‍රගතිය ලබන 22 වැනිදා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
-

2020 ජනපති අපේක්‍ෂක ගැන එජාපය තීන්දුවක් ගෙන නෑ
2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක්් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‌ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් වන අතර එසේ තිබියදී එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන ලද වාර්තා තරයේ ප්‍රතික්‌ෂේප කරන බව හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව ඇතැම් මාධ්‍ය පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් පෙරේදා (07 වැනිදා) කුරුණෑගලදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ නලින්a බණ්ඩාර මහතා තවදුරටත් මෙසේ ද කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත පොදු අපේක්‌ෂක ලෙස නම් කිරීමට සාකච්ඡා කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරය මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරනවා.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‌ෂකයා සම්බන්ධව එක්‌සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නැහැ. ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපති අපේක්‌ෂකයා නම් කරනු ලබන්නේ පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ගන්නා ලද තීන්දු අනුවයි.
2020 මැතිවරණය සඳහා තවත් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිබෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂය යනු අවුරුදු එකහමාරකට පෙර අපේ ජනාධිපතිවරණ අපේක්‌ෂකයා කවුදැයි තීරණය කරන පක්‌ෂයක් නොවන බව කිව යුතුයි. 2020 වනවිට රටේ පවතින දේශපාලන තත්ත්වයත්, සියලු පක්‌ෂ හා සිවිල් සංවිධානවල වගේම සුළු ජාතීන්ගේa විශ්වාසය ලබාගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයා ජනාධිපති අපේක්‌ෂකයා ලෙස අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තුව වන්නේa 2020 දී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ බහුතරයකගේ මතය වන්නේ එයයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව අපි කිසි විටෙක ප්‍රතික්‌ෂේaප කරන්aනේ නැහැ. අපි එතුමා සමග වැඩ කරනවා. එතුමා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය විශාල දායකත්වයක් ලබා දුන්නා. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ද බලාපොරොත්තු වන්නේ 2015 දී එතුමාට විරුද්ධව කටයුතු කළ බලවේග සමග එකතු නොවී ජනතා අපේක්‌ෂාවන් මුදුන් පත් කරවා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරනු ඇති බවටයි.
-

ජනපති සමඟ සාකච්ඡා කල දේවල් හිටපු ජනපති හෙළිකරයි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට (09) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.ඉදිරියේදී ගත යුතු තීරණ පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ.මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මීගමුවේ ඊයේ පැවති දේශපාලඥයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක දී මුණගැසී ඇති බවට ද වාර්තා පළ වුණා.