Category: සුපිරි Politics

  • හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට්‌ යෝජනාවට අනුමැතිය

    හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට්‌ යෝජනාවට අනුමැතිය

    හින්දු කෝවිල්වල සත්ත්ව බිලිපූජා නතර කළ යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත.

    හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මීට අදාළ යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

    ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

  • පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

    පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවකට පැමිණෙන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

    ඡන්ද බලය භාවිත කර නියෝජිතයන් පත්තර ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටිම රටක යහපැවැත්මට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලටද මරු පහරක් එල්ල කරන බව පැෆරල් සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

    විවිධ අවස්ථාවලදී මැතිවරණ කල්දැමීම හරහා රටක් ලෙස ඕනෑවටත් වඩා අනිසි ඵලවිපාකවලට මුහුණ දී ඇති බැවින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන පරිදි ජනතා අභිලාෂයන් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීම රජයට අයත් ප්‍රමුඛ වගකීමක් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

    එබැවින් හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා දැනට හඳුනාගෙන ඇති අඩුපාඩුකම්වලට පිළියම් යොදමින් ඒ ගැන තීන්දුවක් ගත යුතුව ඇති බවත්, මැතිවරණ පවත්වන්නේ පැරණි ක්‍රමයටද යන්න ගැන නිශ්චිත තීන්දුවක් ගත යුතුව ඇති බවත් පැෆරල් සංවිධානය පවසා ඇත.

    ඒ තුළින් ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරදීමට කටයුතු කරන ලෙසත් පැෆරල් සංවිධානය එමගින් කථානාකවරයාගෙන් ඉල්ලා තිබේ.

  • මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය.

    තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා ඛනිජතෙල් සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල මහතාද පවසයි.

    ඒ මහතා පවසන්නේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.

    මේ අතර අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය වෙළෙඳපොළ සංවේදී දෙයක් වන හෙයින් එය ලබාදීම සුදුසු දෙයක් නොවන්නේ යැයි මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දසේන වීරසිංහ පවසා ඇත.

    මෙහිදී පැන නගින ගැටලුව වන්නේ ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇතිකරවන තෙල් මිල සම්බන්ධයෙන් රටේ ජනතාවට අයිතිය බලධාරීන් විසින් අහුරවා ලන්නේ කෙසේද යන්නයි.

    පසුගියදා පැවති රජයේ කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් ප්‍රකාශයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද “තෙල් මිල සූත්‍රය” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීම් සිදුකරන ලද අතර එහිදී අමාත්‍ය රාජිතද පවසා සිටියේ එය තමාද හරි හැටි නොදන්නා බවයි.

  • ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

    ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

    වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි.
    ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
  • පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

    පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

    පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට රුපියල් 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (03 ) පැවැසීය.

    මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාරය මෙන්ම ශිෂ්‍යාධාර සංඛ්‍යාවද වැඩි කිරීමට අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා කීවේය.

    කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියට අනුව අඩුආදායම්ලාභී දරුවන් පහළොස්‌දහසකට මාසිකව රුපියල් 750 බැගින් උසස්‌ පෙළ දක්‌වා ශිෂ්‍යාධාරය හිමිවෙයි. මෙම ශිෂ්‍ය සංඛ්‍යාව තිස්‌දහස දක්‌වා වැඩි කිරීමට අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී නැත.

  • පක්‍ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙන්න ජීඑල් තීරණය කරයි

    පක්‍ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙන්න ජීඑල් තීරණය කරයි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා ලෙස පක්‍ෂයේ ජාතික මහා සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනය කරන බව පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 

    පක්‍ෂයට වසර දෙකක්‌ සපිරෙන ලබන මාසයේදී (නොවැම්බර්) පැවැත්වීමට නියමිත ජාතික මහා සම්මේලනයේදී මෙම කෙරෙන ආරාධනය මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගනු ඇතැයි පාක්‍ෂිකයන්ගේ දැඩි අපේක්‍ෂාව හා රටේ බලාපොරොත්තුව බවද හෙතෙම සඳහන් කළේය.

    මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්‌ථාව සකස්‌ කර ඇති අතර තරුණ හා කාන්තා පෙරමුණු සඳහා වෙන වෙනම ව්‍යවස්‌ථාව සකස්‌ කර ඇති බවත් හෙතෙම කීවේය.

    පක්‍ෂ ජාතික මහා සම්මේලනයට පෙර ශාඛා සමිති භික්‌ෂු සංවිධාන, වෘත්තීය සංවිධාන, ගොවි සමිති, කලාකරුවන්ගේ සංවිධාන ඇතුළු සංවිධාන ජාලය පිහිටුවා අවසන් කිරීමටත් තීරණය කර තිබේ.

    බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (01 ) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

  • ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…

    ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…

    වත්මන් ආණ්ඩුවේ ඩීල් දාන්නයි කොමිස් කෙළින්නයි ප්‍රසිද්ධම අමාත්‍යවරයා කවුද ඇහුවොත් ඒ ඉතිං එකෙන්ම මලික් සමරවික්‍රම කියල යාන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආව පොඩි එකත් දන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අද මේ හෙලිකරන්න යන්නෙ අන්න ඒ කොමිස් පප්පගෙ ඇඟේ එල්ලිල ඉන්න මැක්කෙක්ගෙ දහදුරා වැඩ ගැනයි.නමින් උපුල් ජයසූරිය වන මෙයා වෘත්තියෙන් නීතීඥයෙක්.ආයෝජන මණ්ඩයේ හිටපු සභාපතිත් මෙයාම තමයි.මෙයාට මේ වන විට නඩු 241 ක් තියෙනව කියල ආයෝජනය මණ්ඩලය මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු දවස් වල සිදුකරන ලද විවිධ දූෂණ ක්‍රියා හේතුවෙන් දැනට සක්‍රීය තත්වයේ පවතින නඩු 41 ක් පිළිබඳ වෙබ් මාධ්‍ය මගින් කරුණු හෙළිකරයි කියන බයට වෙබ් මාධ්‍යෙව්දීන් බොහෝ දෙනෙක්ව මිලට ගන්න මෙයා සමත් වෙලා තිබුනත් සල්ලි වලට කිසිදා නොනැමෙන අපි නීතීඥ ලෝගුවට මුවා වෙලා ජාතික ධනය මංකොල්ල කන උපුල් ජයසූරිය වන් මිනිසුන්ගේ ඇත්ත මුහුණ සමාජයට ඉදිරියේ හෙළිකිරීමට ඇප කැප වන බව ආඩම්බරයෙන් කියා සිටීමට කැමැත්තෙමු.

    උපුල් ජයසූරියගේ කතාවස්තුව ඉතා කෙටියෙන් මෙහෙමයි,

    මේ වන විට ලංකාවේ ආර්ථිකය මරණාසන්නව වැටී සිටින බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.එහෙම වෙන්න එක හේතුවක් තමයි කාලක පටං ඒ කියන්නෙ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු කාලයේ ඉඳන් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලය. මේ මහා මුදල් මංකොල්ලයේ මහා මොලකරු වෙන කවුරුත් නෙමෙයි අපි කතාකරන උපුල් ජයසූරිය බවට සැක පහල තියෙනවා.සැකයක් කියල කිව්වට සැකයක්ම නෙමේ ඒක ඇත්ත කියල මේ ගැන ටිකක් හොයල බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙයි.

    මලික් සමරවික්‍රමගෙයි ඔහුගේ ගජයෙක් වන සිංගප්පූරු ජාතික ශ්‍රි රාම්ගෙයි ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට ශ්‍රි ලංකාව වෙතින් ආයෝජනය කරනු ලබන මලික් සමරවික්‍රමගේ කොමිස් මුදල් සිංගප්පූරුවේ ශ්‍රි රාම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ඇන්ඩ් ප්‍රොපටීස් ආයතනය වෙත යොමුකරන බව මීට කලින් අතේ මාට්ටු වෙලා තිබුන කියල ඔබට මතක ඇතිනේ.මලික් සමරවික්‍රම යටතේ තියෙන මහපොල ශිෂ්‍යත්ව අරමුදලෙන් රුපියල් මිලියන 10000 ක කොටස් ශ්‍රි රාම් ඉන්ඩස්ට්‍රීස් ආයතනය වෙත නිසි ක්‍රමවේදයකින් තොරව පවරලා කියල ඒ තොරතුරු වල සඳහන් වුණා කියලත් මතකයිනේ.

    අන්න ඒ ගනුදෙනුව පිටුපස්සෙ නීති උපදේශකයා වශයෙන් පෙනී ඉඳල තියෙන්නෙ එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයාව හිටපු උපුල් ජයසූරිය බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. 2015 මැයි මස සිට 2018 අගොස්තු මස දක්වා මේ අයතා ගනුදෙනුවේ මූලික මැදිහත්කරු වශයෙන් පෙනී ඉඳල තියෙන්නේ උපුල් ජයසූරිය වන අතර, ඒ වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

    ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුව වෙත යැවෙන මෙම කොමිස් මුදල් ශ්‍රී රාම් ප්‍රොපටීස් ආයතනය මගින් හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ ප්‍රදේශයන්වල අඹ, පොල් සහ අඹුටන් වගාවන් වෙනුවෙන් ආයෝජනය කරල තියල තමයි ආරංචිය.එ් ආයේජන මුදල රුපියල් මිලියන 76.5 ක් වන අතර, ඒ සඳහා එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය අනිවාර්යයෙන් මැදිහත් වෙලා තියෙනව කියල Merbok MDF Lanka (pvt) ආයතනය වෙතින් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කරල තියෙනවා. එම පෙත්සමට අදාල නඩුව, ගොනු අංක C.A.(writ) 49/2106 දරණ අංක යටතේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරු ආයතනය වෙත රුපියල් මිලියන 1000 කට අධික මුදලක් අයතා අන්දමින් ලබාදී ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 76.5 ක මුදලක් පමණක් මෙරටට ආයෝජනය කර ඉතිරි මුදල් මිලියන 963.5 ක මුදල් අවභාවිතාවක් සහ වංචාවක් සිදුකර ඇති බවත් එම නඩුවේ කරුණු අනුව සඳහන් වෙනවා.

    මේ ආකාරයට ශ්‍රී ලංකා රජයට සහ ජනතා බදු මුදලින් මිලියට ගණනක වංචාවක් සිදුකර ඇති වගඋත්තරකාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ නීතිඥ උපුල් ජයසූරිය හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටින බැව් සඳහන් කල යුතුය.

     

    උපුල් ජයසූරියට එරෙහිව දැනට ඇති නඩු 241න් දැනට සක්‍රීයව පවතින නඩු 41න් වැඩි කොටසක් විවිධ සමාගම් විසින් හිටපු සභාපතිවරයා වන උපුල් ජයසූරියට එරෙහිව පවරා ඇති නඩු වන අතර,නඩු කිහිපයක් පවරා ඇත්තේ හිටපු සභාපතිවරයා වගඋත්තර කරුවෙකු කරමින් ආයෝජන මණ්ඩලයට එරෙහිව බව සඳහන් වන අතර ආයෝජන මණ්ඩලයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතාවන් හේතුවෙන් එය වසන් කිරීමට මොහු ඉල්ලා අස්වූ බව තතු දන්නෝ පවසයි.

    මේ පිළිබඳව මාධ්‍ය වෙතින් කරුණු අනාවරණය වූ පසු ඔහු යම් යම් මාධ්‍යවේදීන් හට මුදල් ගෙවා තම නඩු කටයුතු වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කර ඇති බවත්  එසේම එම නඩු යට ගැසීම සඳහා විවිධ පාර්ශව හරහා පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරල තියෙනව කියලත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහුගේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ආයෝජන මණ්ඩලයට සිදු වූ පාඩුව අයකර ගැනීමට කිසිඳු ආකාරයේ නීතිමය කටයුත්තක් නොපවතින බැවින් වින්දිතයන්ට නඩු කටයුතු කඩිනම් කර තමන් හට සිදු වූ පාඩුව හෝ අයකර දෙන ලෙසට නීතියෙන් ඉදිරියේ ඉල්ලා සිට ඇත. 

    කරුණු කාරනා මෙහෙම ගලාගෙන යද්දි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා වන්නේ උපුල් ජයසූරිය බව එඩ්නා චොකෝ පුද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මහතා කියා සිටීමත් සමඟ උපුල් ජයසූරිය යන්තමින් විලි වසාගෙන හිටිය රෙදි කෑල්ලත් ගැලවෙලා වැටුනා.

    ඔහු පැවසූ ආකාරයටම පහතින්,

    “අපි අතීතයේ සිට මේ රටට විවිධ ආයෝජන හරහා මුදල් ගෙන ආ සමාගමක්. අපි ආයෝජන මණ්ඩලය සමග සුහදව කටයුතු කර තිබෙනවා. ඒ සුහද බව හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අප ගැන දැඩි විශ්වාසයක් ඇති වී තිබුනා. නමුත් මෑත කාලයේ සිටි සභාපතිවරු අතරින් නීතිඥ උපුල් ජයසූරිය සමග එවැනි සුහද බවක් ඇති වූයේ නැහැ. එයට හේතුව ඔහුට නිරතුරුව අවශ්‍යව තිබුනේ ඔහුගේ පෞද්ගලික ලාභයක් මිස රටට සෙතක් ඇති වන අයුරින් කටයුතු කිරීම නොවේ.

    කිහිප අවස්තාවල ඔහු අප සමග එවැනි අයතා ගනුදෙනුවකට යෝජනා කලත්, අප සමාගමේ ඇති කීර්තිමත් ඉතිහාසය සහ රටේ ආර්ථිකයට සෘජුව දායක වූ සමාගමක් බැවින් අප එකහෙලාම ඔහුගේ යෝජනාව බැහැල කලා. එතැන් පටන් ඔහු විවිධ පුද්ගලයන් මාර්ගයෙන් අපට බලපෑම් කරන්න කටයුතු කලා. අපට ආයෝජන අවස්තා ලබා දුන්නේ නැහැ. නමුත් අප සමාගමේ ඉතිහාසය දෙස බලන ඕනම අයෙකුට බලන්න පුලුවන් අප රටේ ආර්ථිකයට දායක වූ ආකාරය කොහොමද කියල.

    කෙසේ නමුත් රටේ වාසනාවකට මෙන් ඔහු ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වුනා. නමුත් අපි සමාගම් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් එක්ව ඔහුට විරුද්ධව නඩු පවරන්න කටයුතු කලා. අපගේ සමාගමේ කීර්ති නාමයට ඔහු නිසා සිදු වූ හානියට අපි වන්දි ඉල්ලා නඩු පවරන්න කටයුතු කලා C.A. (wirt) 465\2015 පැමිණිල්ල යටතේ ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා සහ නීතිඥ සඳමාල් රාජපක්ෂ යන අයගේ මෙහෙයවීමෙන් එම නඩු ක්‍රියාත්මක වනවා. අපට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල වුනා මේ හිටපු දූෂිත සභාපතිවරයා නීතිඥයෙකු බැවින්. නමුත් අප උත්සාහය අත්හැරියේ නැහැ. උපුල් ජයසූරිය වැනි පුද්ගලයින් මෙවන් තනතුරු වලට පත්කරන අයටත් මේවට වගකියන්න සිදු වෙනවා. මේ වැනි දේ වලින් වෙන්නෙ රටට සහ ජනතාවට හානියක්.”

     

    ඔන්න ඔහොමයි උපුල් ජයසූරිය කියන පුද්ගලය කළු ලෝගුව පොරවගෙන ඒ ලෝගුවේම පිහිටෙන් නීතියේ දෙව්දුවව හිත්පිත් නැති විදිහට  දූෂණය කරල බේරිල ඉන්නෙ. මේ උපුල් ගැන කියනවනම් ඊලග කෑල්ල තවත් රසවත්  ඒ මෙයා ගත්තු ලිංගික අල්ලස් ගැන හෙළිදරව්වක්…. කෙටියෙන් කියන්න හිතුවට මේ විස්තරෙත් සෑහෙන දිග වුන නිසා උපුල් ජයසූරිය ලිංගික අල්ලස් ගත්තු ගැටි ඊලග ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම්.

     lanka gossip today / lankaCnews.lk  කරුණු කාරණා සැපයූවාට ස්තූතියි!!!

  • අයවැයත් සමඟ රවී යෝධ පෙරළියකට සැරසෙයි

    අයවැයත් සමඟ රවී යෝධ පෙරළියකට සැරසෙයි

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවෙන් පසු පක්ෂය හා පක්ෂ නායකයා බේරීම වෙනුවෙන් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා දේශපාලනිකව පිම්මකට සැරසෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි. ඔහු මේ තීරණය ගන්නට සැරසෙන්නේ 2019 වසරට අය-වැය ඉදිරිපත් කිරීමත් සමඟ ය.

     කොළඹ නගර සභාවේ ද තීරක බලය ඇත්තේ රවී කරුණානායක අත වීමත්, එය එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඍජු ආශීර්වාදය ලබමින් සිටින රෝසි සේනානායක වෙත හිමි වීමත් මෙහිදී සැලකිල්ලට ලක්වී ඇති බව ද දැනගන්නට තිබේ.

    රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස තවමත් කටයුතු කරන අතර, උතුරු කොළඹ ආසන බල ප්‍රදේශයේ සංවිධායකවරයා ද වෙයි. එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේ දී ඔහුට කතාවක් වෙන් වන්නේ ද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දැරීම හේතුවෙනි. එමෙන් ම පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ට සියලු කොට්ඨාස ජයග්‍රහණය කරදුන් ආසන සංවිධායකවරයා වන්නේ ද රවී කරුණානායක මහතා ය.

  • රටට හෙනගැහිල ගියත් කමක් නෑ කියල හිතන සුජීවයි හා මලිකුයි එකතු වෙලා  කොමිස් ගහන්නෙ මෙන්න මෙහෙමයි

    රටට හෙනගැහිල ගියත් කමක් නෑ කියල හිතන සුජීවයි හා මලිකුයි එකතු වෙලා කොමිස් ගහන්නෙ මෙන්න මෙහෙමයි

    ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.

    ඇමැතිවරයකුගේ හා රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය මහජන දේපළ අවභාවිත කිරීමක් මෙන්ම රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

    මේ තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරියට යුරෝපයේ සිට දන්වා සිටි අවස්ථාවේ ඇයට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි වන ලෙස මෙම ව්‍යාපෘතියේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස ඉහත කී අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව දැනගන්නට ලැබුණු බවද සමාගමේ සභාපතිනිය පවසයි.

    ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියකුගේ හා තවත් බලවත් නිලධාරියකුගේ ඉල්ලීම පරිදි තමන් ආයෝජන මණ්ඩලයට ගිය අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙම ව්‍යාපෘති සැලසුම, ගැනුම්කරුවන්, සැපයුම්කරුවන්, ලබන්නාවූ ලාභ හා අනෙකුත් තාක්ෂණික හැකියාවන් පිළිබඳ රහස්‍ය තොරතුරු ඔවුන් වෙත ලබාදෙන ලෙස බවත් තම කර්මාන්තපුරවල පාරවල් සහ යටිතල පහසුකම්වලට සමාගම පෞද්ගලික වැය කරන වියදම් ඇතුළු අනෙකුත් විස්තර ඔවුන්ට ලබාදිය යුතුවූ බවද ඉල්ලා සිටි බවද ඇය සඳහන් කරයි.

    ආයෝජන මණ්ඩල ඉහළ නිලධාරීන් දෙදෙනකු ඉතාලියේ සංචාරයක යෙදෙන බැවින් එහිදී තම සමාගමේ යුරෝපීය අධ්‍යක්ෂවරයා හමුවිය හැකි බවට කරන ලද දැනුම් දීමක් මත 2017.09.28 දින ඉතාලියේ මිලාන් සෙන්ට්‍රල් දුම්රියපළ අසල හෝටලයකදී ඔවුන් දෙදෙනා හමුවූ බව සඳහන් කරන සභාපතිනිය, මෙම ව්‍යාපෘතිය අනුමත කරගැනීමට අවශ්‍ය නම් ආයෝජන මණ්ඩල බලධාරියා පවසන ආකාරයට කටයුතු කරන ලෙස අදාළ ලිපි ලේඛන අලුතින් ඔහුට ලබාදෙන ලෙසත් අනිත් පුද්ගලයා පැවසූ බවත් ජනාධිපතිට යවූ ලිපියේ සඳහන් කරයි. එසේ නොවෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය අනුමත කළ නොහැකි බවත්, මෙම හමුවීම කිසිවකුට නොදන්වන ලෙසත්, මෙම ව්‍යාපෘතිය පිළිබඳව කිසිවිටෙක සාමාන්‍ය දුරකථනයකින් කතා නොකරන ලෙසත් ඔහු උපදෙස් දුන් බවද ඇය සඳහන් කරයි.

    සභාපතිනිය සිය පැමිණිල්ල සමඟ මෙම සිදුවීම්වලට අදාළ හඬපට, වීඩියෝපට ව්‍යාපෘතිය සඳහා මිලට ගෙන ඇති යන්තේ‍රා්පකරණවල ඡායාරූපද යාකර ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

  • බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි

    බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි

    බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව සිය අධිකරණය විසින් ලබාදුන් සියලූම නියෝගයන් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (21) නියෝග කළේය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් පසුගිය 14 වැනිදා විමර්ශනවලට සහාය දැක්‌වීමක්‌ ලෙස නිකුත් කළ එම නියෝග ස්‌ථිරව අවලංගු කරන්නේ ද යන නියෝගය ලබන 28 වැනිදා නිකුත් කිරීමට ද අධිකරණය තීරණය කල අතර ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නීතිපතිවරයාට හා සැකකාර පාර්ශ්වයට නියෝග කළේය.

    පසුගිය වසරේ අගෝස්‌තු 02 වැනිදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කොට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබුණි.

    රවි කරුණානායක මහතාට අයත් යෑයි කියන ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් ලොජිස්‌ටික්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක්‌ ගොනු කරමින් කළ ඉල්ලීමක්‌ අනුව එම නඩුව ඊයේ (21) කැඳවිණි. එහිදී ජනාධිපති නීතිඥවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබූ නියෝගයන් පිළිබඳ නෛතික විරෝධතාවක්‌ ඉදිරිපත් කරමින් ජනාධිපති කොමිෂන් සභාවක්‌ හමුවේදී අනාවරණය වූ කරුණු මත නඩු පැවරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් විමර්ශන අංශයකට උපදෙස්‌ ලබාදීමේ නෛතික බලයක්‌ නීතිපතිවරයාට නොමැති බව සඳහන් කළේය.

  • ජනපති අනින් නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මිලියන 9000 ක්

    ජනපති අනින් නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මිලියන 9000 ක්

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000ක මුදලක් වෙන්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දී ඇත.

    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා එක්ව මෙම මුදල වෙන්කිරීමට සහ එම ජනතාවට අවශ්‍ය අනිකුත් සියලු පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.

    වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000කි. එම සමස්ත මුදල දිස්ත්‍රික් ‍ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

    එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.

  • නීතිය හා සාමය වහාම ජනපති යටතට ගත යුතුයි

    නීතිය හා සාමය වහාම ජනපති යටතට ගත යුතුයි

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පත්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

    පොලිසිය භාර ඇමැතිවරයකු සිටියත් එය පාලනය කරන්නේ අරලිය ගහ මන්දිරය සහ සාගල රත්නායක ඇමැතිවරයා බැවින් පොලිසිය පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ මේ මොහොතේ තැබිය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

    නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා විසින් කළ බව කියන එම හඬ පටයේ ජනාධිපතිවරයාත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලසුම පිටුපස යම් දේශපාලන කුමන්ත්‍රණයක්‌ තියෙනවා. හඬ පටය නියෝජ්‍ය පොලිස්‌පතිගේ නොවේ නම් වෙන අයෙකුගේ නම් එයත් කුමන්ත්‍රණයක්‌. ඒ නිසා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ස්‌ථීරයි. ඒ නිසා ජනපති ඝාතනය කිරීම පමණක්‌ නොව මැතිවරණයකින් තොරව ජනපති ධුරය ලබා ගැනීම සඳහා වූ දේශපාලන කුමන්ත්‍රණයක්‌ මේ තුළින් හෙළි වෙනවා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ජනපතිට යම් ඇබැද්දියක්‌ සිදු වුවහොත් ජනපති පුටුවේ වාඩි වෙන්න පුළුවන් අගමැතිට විතරයි. එම නිසා මෙම තත්ත්වය බරපතළයි. 

    හමුදාපතිවරයාට සරත් ෙµdන්සේකා බනින විට ඔහුගෙන් කටඋත්තර ගත්තේ නැහැ. ඒ වගේම කීත් නොයාර් සිද්ධියේදී හිටපු ජනපතිගෙන් හා හිටපු ආරක්‍ෂක ලේකම්ගෙන් කටඋත්තර ගත්තත් සරත් ෙµdන්සේකාගෙන් කිසිම කටඋත්තරයක්‌ ගත්තේ නැහැ. මෙවැනි සිදුවීම් මත හදිසි කටයුත්තක්‌ ලෙස සලකා වහාම පොලිසිය ජනපති යටතට පවරා ගත යුතුයි. එක තැන එකවර දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ කුමන්ත්‍රණය රටේ සිදුවූ අසාමාන්‍ය තත්ත්වයක්‌.

  • රුපියල පහලයාමට ඇත්තම හේතුව හර්ෂ කියයි

    රුපියල පහලයාමට ඇත්තම හේතුව හර්ෂ කියයි

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහලයාමට බලපා ඇති ප්‍රධාන හේතුව ඇමෙරිකාවේ පොලී අනුපාතය ඉහළයාම බව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
    ඔහු පවසන්නේ මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 7.7කින් අවප්‍රමාණය වී ඇති බවයි.
    කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    රුපියල අවප්‍රමාණයවිම වැලැක්විම සඳහා ආණ්ඩුව මැදිහත්ව කටයුතු කළ යුතු බව ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
    කෙසේවෙතත් රුපියල අවප්‍රමාණය වීම කෘතිමව වැලැක්විම අනාගතයේදි වඩා අහිතකර ප්‍රතිඵල ගෙනදෙන්නක් විය හැකි බව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
  • පොලිස්පතිට ඉල්ලා අස්වීමට ජනපති සහ අගමැති සති දෙකක් දෙයි

    පොලිස්පතිට ඉල්ලා අස්වීමට ජනපති සහ අගමැති සති දෙකක් දෙයි

    සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද පැවති හෙයින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

    (under the courtesy of srilankamirror.lk news web

  • ජනපති – ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ

    ජනපති – ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ

    ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව හෙළි කළ පුද්ගලයා ‍පොලිස් ඔත්තුකරුවකු බවත් ඔහු ‍පොලීසියට ලබාදී ඇති ඇතැම් ඔත්තු සම්බන්ධයෙන් මුදල් ගෙවීම් ප්‍රමාද වී ඇති බවටත් තොරතුරු වාර්තා වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (19) පැවැසීය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදාළ සිදුවීම පිළිබඳව මාධ්‍යය විමසූ ප්‍රශ්න හමුවේ ඇමැතිවරයා:

    අදාළ පුද්ගලයා මීට පෙර ‍පොලීසියට ලබාදුන් ඔත්තුවකට රුපියල් ලක්ෂ 5 ක් ගෙවා තිබෙනවා. මහනුවර සිදුවීම සම්බන්ධයෙනුත් ඔහු තොරතුරු සපයා තිබෙනවා. නමුත් ඒ සඳහා ඔහුට තාම ‍පොලීසිය මුදල් ගෙවා නොමැති බව වාර්තා වන බවද ඇමැතිවරයා පැවැසීය.

    මොහු කරන චෝදනාව බරපතළයි. මේ පිළිබඳව ‍පොලිස්පතිවරයා ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් වාර්තාවක් සපයා තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. එම පරීක්ෂණවලට රජය ඇඟිලි නොගසන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    අදාළ චෝදනාව එල්ල කළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ පසු ඩී.අයි.ජී. වරයාගෙනුත් ප්‍රශ්න කරනු ඇති බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    වත්මන් ‍පොලිස්පතිවරයාගේ ඇතැම් හැසිරීම් පිළිබඳව මාධ්‍යය මෙහිදී ඇමැතිවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවේ එවැනි හැසිරීම් සම්බන්ධයෙන් තමාද එකඟ නොවන බව රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.

  • මිනීමැරුම් නඩුව අවසන් වනතුරු පුත්තලම සභාපති රිමාන්ඩ්

    මිනීමැරුම් නඩුව අවසන් වනතුරු පුත්තලම සභාපති රිමාන්ඩ්

    එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 

    පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පුත්තලම අධිකරණයේ විභාග වන මිනිස් ඝාතන නඩුවේ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් නඩුව අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා ඊයේ (17) නියෝග කළේය.

    2010 වර්ෂයේ ජනවාරි මස 16 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන්කුලිය නගරයේ පැවැති රැලියකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසිංහ ආරච්චිගේ සමන් කුමාර නමැති අය මරණයට පත් විය.

    එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 

    ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන නඩුවේ නියෝග නිකුත් කිරීම ඊයේට යෙදී තිබුණු අතර අධිනීතිඥ අග්බෝ පණ්‌ඩිතරත්න මහතා සභාපතිවරයා ඇප කොන්දේසි කඩකරමින් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමට කටයුතු කිරීම සම්බන්ධව අධිකරණයේ කරුණු දැක්‌වීය. 

    එම කරුණු සලකා බැලූ පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා නඩුව අවසන් වනතුරු සැකකාර සභාපතිවරයා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.