Category: සුපිරි Politics

  • සිංගප්පුරු – ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ සිංගප්පුුරුවේ කසළ මෙහෙට ගේන්නෙ නෑ…

    සිංගප්පුරු – ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ සිංගප්පුුරුවේ කසළ මෙහෙට ගේන්නෙ නෑ…

    සිංගප්පුරු – ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ සිංගප්පුුරුවේ කසළ මෙරටට ගෙන එන්නේ නැතැයි වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 

    සිංගප්පුරු – ශ‍්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට අනුව යම් යම් දේවල් ලැයිස්තුගත කර තිබුණත් නීත්‍යානුකූලව එවැනි දෙයක් සිදුකළ නොහැකි බව ද හෙතෙම ඊයේ (22 )සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    මෙම ගිවිසුම උපයෝගී කර ගෙන විපක්‍ෂය විසින් අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බව ද එවැනි අසත්‍ය ප‍්‍රචාරවලින් රටේ ජනතාව මුලා නොකරන ලෙස ඉල්ලා සිටින බව ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.

    රටේ අනාගතය වෙනුවෙන් අප ආසියානු කලාපයට ඇතුළු වීම අත්‍යවශ්‍ය දෙයක් බව ද, එය දේශපාලන කෝණයකින් බැලිය යුතු නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

    අදාළ ගිවිසුම තුළින් සිංගප්පුරු, ඉන්දියා, පාකිස්තාන, බංග්ලාදේශ ශ‍්‍රමිකයන් මෙරටට පැමිණෙන බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

  • ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි

    ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි

    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා අවම වයස් සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (21) පවසා තිබේ. සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පවසා තිබේ. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන්ට අවම වයස අවුරුදු 35 ක්, උපරිම වයස අවුරුදු 70 ක් බව සඳහන් කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මීට පෙර ගැසට් නිවේදනයක් පළකර තිබුණි.

    අදාළ නීතිය බලාත්මක කරන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දිනයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

    මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවයි.

    මේ අතර ත්‍රිරෝද රථ නියාමනය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

  • මහින්ද හිතාගෙන ඉන්නෙ එයා තාමත් ජනාධිපති කියලයි

    මහින්ද හිතාගෙන ඉන්නෙ එයා තාමත් ජනාධිපති කියලයි

    ඉදිරි ජනාධිපතිවරණයක්‌ සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් යම් කිසි මත විමසීමක්‌ කළ යුතු නම් එය කිරීමේ නීතිමය බලතල ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එසේ තිබියදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පවත්නා ව්‍යවස්‌ථාව අනුව නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව ඇති දැයි ඔහුගේ පාර්ශ්වය විසින් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත විමසීමක්‌ කිරීමට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සිතාගෙන සිටීම නිසා විය හැකි යෑයි අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (21) ප්‍රකාශ කළාය.
     
     දෙවරක්‌ ජනාධිපති ධුරය දැරූ අයකුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට තිබූ නීතිමය අවසරය 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබියදීත් හිටපු ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත වීමසීමක්‌ කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය දරන උත්සාහය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරිය එලෙස ප්‍රකාශ කළාය.
     
     විශේෂ මහාධිකරණය විවෘත කිරීමේ අවස්‌ථාට එක්‌වූ අවස්‌ථාවේදී මාධ්‍යවේදියකු අධිකරණ අමාත්‍යවරියගෙන් එම ප්‍රශ්නය ඇසුවේය. 
     
     හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තමයි 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළේ එතුමාට තුන්වන වරටත් ජනාධිපති ධුරයක්‌ දැරීමට අවශ්‍ය ලෙස. නමුත් අපේ රජය එම අවස්‌ථාව 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් වෙනස්‌ කළා. නීතිමය තත්ත්වය එහෙම වුණත් මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය එවැනි මත විමසීමක්‌ කිරීමට උත්සාහ දරන්නේ ඇයි දැයි කියන එක තමයි තේරුම් ගන්න බැරි. සමහර විට එතුමාගේ අනුගාමිකයන් මහින්ද රාජපක්‌ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස තවමත් හිතාගෙන ඉන්නවාද දන්නේ නෑනේ.

  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

    ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය.

    අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ යන අයගේ සහ නැසිගිය ගාන්ධිණී රාජපක්ෂ හා ජයන්ති රාජපක්ෂ යන අයගේ සොහොයුරා විය.

    චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල මැදමුලන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

  • හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු

    හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු

    ”ද නේෂන්’  පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ කෲර ලෙස වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයේදී … 

    සිද්ධිය වූ දින තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තමන්ට මතක නැති බව ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (20) ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

    ඉහත සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌ බවද කියා සිටියාය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සාක්‍ෂිකරුවන්ට මෙලෙස අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක්‌ සිදු කරන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

    මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇතත් ඊට පිළිතුරු ලැබී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

    ඇය සඳහන් කළේ තව දුරටත් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

    මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළේය.

  • කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි

    කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි

    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.

    රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්‌ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්‌ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.

    එහෙත් ඊයේ (20) පෙරවරුව වන විටත් නගරාධිපති නිල කාමරයෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයා ගැනීමට නොහැකිව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇත. එම අවස්‌ථාවේ නගරාධිපතිනිය කලබල වී ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක නිල කාමරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර ජනාධිපති කාර්යාලය නොමග යෑවූ බව කොළඹ නගර සභා සේවකයෝ පැවසූහ.

    රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල කාමරයේ දැනට තැන්පත් කර තිබෙන සුදු පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූප  බැලුවහොත් එය වටහා ගැනීමට අපහසු නොවන බවද ඔවුහු කියති.

    ඓතිහාසික වටිනාකමක්‌ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්‍ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස්‌ ඉමිටියාස්‌, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස්‌ කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.

  • ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය

    ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය

    ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.

    එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක්‌ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.

    ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක්‌ පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.

    ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.

    එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක්‌ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.

    ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක්‌ පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.

    ඒ අනුව ආණ්‌ඩුව Rජු රැකියා අවස්‌ථා හාරලක්‍ෂ තිස්‌දහසක්‌ බිහිකර ඇති අතර විදේශීය රැකියා සහ ස්‌වයං රැකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක්‌ පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.

    2015 වසරේදී මෙරට රැකියා නියුක්‌තිකයන්ගේ ප්‍රමාණය මිලියන 7.8 ක්‌ වූ අතර එය 2017 අවසන් වන විට මිලියන 8.23 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අගමැතිවරයා කීය.

    එම ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවන බවත් ඉහළ ආදායම් ලබන රැකියා මෙරට බිහිකිරීම තම අභිප්‍රාය බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ ආර්ථිකය නැවත නඟාසිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළ නිසා මෙසේ රැකියා ලක්‍ෂ 07 ක්‌ පමණ බිහිකිරීමට හැකි වූ බවද ඉදිරියේදී රටේ ණය අඩුකර ගැනීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

  • ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි

    ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි

    මහනුවර දිස්ත්‍රික්කයේ, හසලක ග්‍රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්‍රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්‍රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්‍රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත.

    මේ සබැඳිව සේවයෙන් පහ කිරීමේ ලිපියක් හෝ ඇය හට ලබා දී නොමැති අතර, ආසන්න හේතුවක් වශයෙන් දක්වා ඇත්තේ ඇය සේවය පැහැර හැරීමක් පිලිබඳව හා කාර්යාලයේ නොසිටීමක් පිළිබඳව වුවද ඇය රාජකාරී දිනයන්හි මෙන්ම අමතර දිනවලද සේවය කර ඇති බව වාර්තා වල සඳහන් වේ. එසේම ඇය කිසි දිනක රාජකාරිය පැහැර හැර නොමැති බවද අප කල විමසුමකදී ගම් වැසියන් සඳහන් කලා

    ඇය සේවයෙන් පහ කිරීම පිළිබඳව  මහියංගන ප්‍රාදේශීය ලේකම් විසින් ඇය හට දැනුම් දී ඇති අතර, ඒ අවස්තාවේදී ඇය විමසා ඇත්තේ හේතුව කුමක්ද කියාය. එවිට ප්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ එය ඉහලින් පැමිණි නියෝගයක් බවත්, ලිපියක් ඉදිරියේදී එවන බවත්ය. නමුත්, අැයගේ රැකියාව අහිමිකොට මේ වන විට මාස 03 ක් පමණ වන අතර, මේ වන තෙක් ඇයට කිසිඳු ලියවිල්ලක් හෝ යම් සාධාරණයක් ඉටු වී නොමැත.

    ගම්වාසීන් පවසන ආකාරයට එයට ආසන්නතම සිදුවීම වනුයේ ඇය හා අමනාපකම් ඇති ඥාතීන් විසින් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ සේවයේ නියුතු නිශ්ශංක නැමැත්තෙකු මාර්ගයෙන් මැයගේ රැකියාව අහිමි කොට ඇති බවයි. නිශ්ශංක නැමැත්තා අවස්තා කිහිපයකදී ඇයගේ දුරකථනය අමතා රැකියාව අහිමි කරන බවටද තර්ජනය කොට ඇත. මේ සබැඳිව ප්‍රදේශවාසීන් විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇය නැවත රැකියාවට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ඇතත්, ඒ සියලු ලිපි ඇයගෙන් සඟවන බව දැනගන්නට ඇත.

    යහපාලනය මුවාවෙන් ඇමතිලා සහ හෙංචයියලා විසින් සිදුකරනු ලබන මෙවන් අකටයුතු කම් නැවතිය යුතුව ඇත.

  • එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි

    එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට  තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත්  එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති  ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

     එය පක්ෂය විසින් ගත යුතු තීරණයක්  බවත්  තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ  ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන  බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

    තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි

    විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි

    එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක්  පැවසීය.

    විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි හෙතෙම කීවේය.

    විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.

    මේ සම්බන්ධව කථානායක කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් මෙතෙක්‌ කථානායකවරයා වෙත විජයකලා මන්ත්‍රීවරිය පිළිබඳ වාර්තාවක්‌ එවා නැති බවයි.

    පොලිස්‌පතිවරයා විසින් මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇතත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වී ඇතිද යන්න සම්බන්ධව නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දීමක්‌ කළ විට අවශ්‍ය පියවර ගත හැකි බවද හෙතෙම කීවේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක්‌ නොඉක්‌මවන කාලයක්‌ සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.

  • ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ වසරේදී අවසන් වීමට නියමිත අතර එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.   ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර එය මෙම වසරේදී අවසන් වීමට නියමිතය.

    ගිවිසුම් කාලය අවසන් වූ පසු දෙන සහන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත

  • පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
    2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අප කළ විමසිමක දී සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීම සඳහා ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුය. එම නිසා පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට මෙහිදී 16 කණ්ඩායම යෝජනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණ (සංශෝධන) නව පනත අනුව සීමා නිර්ණ කොමිෂන් සභා වර්තාවද තුනෙන් දෙකක වැඩි ඡන්ද සංඛ්‍යවකින් සම්මත විය යුතු බවට වගන්තියක් පවතියි. එම නිසා පැරණි ක්‍රමයට මෙම ඡන්දය පවත්වා ඉදිරියේදී නව ක්‍රමයට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    ලබන 24 දා සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එහිදී සුළු සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම තුළ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය හැකිවේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් එය ජනවාරි මාසයේදී පළමු සතියේදී පැවැත්වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය. ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වුවහොත් 2018 ඡන්ද හිමි නාම‍ලේඛනය යටතේ මැතිවරණය පැවැත් වෙනු ඇත.

  • මොන වර්ජන කළත් දඩ අඩු කරන්නේ නෑ

    මොන වර්ජන කළත් දඩ අඩු කරන්නේ නෑ

    රථවාහන සඳහා වැඩි කළ දඩ ගාස්තු ඉවත් කිරීමට හෝ අඩු කිරීමට කිසිසේත්ම නොහැකි බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ ඊයේ (16 ) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
     
     එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට රටේ නීතියක්‌ බවට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය. 
     
     රථවාහන වැරදි සඳහා දඩ ගාස්‌තු වැඩි කළේ 2005 වසරින් පසුව බවත් විවිධ අවශ්‍යතා හා නව ප්‍රවණතා සලකා මෙලෙස දඩ ගාස්‌තු ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඇමැතිවරයා කීය. එබැවින් වසර 13 කට පසුව සිදු කළ දඩ ගාස්‌තු සංශෝධනය හකුළා ගන්නා ලෙස බල කරමින් විරෝධතා දැක්‌වීමෙන් කිසිම ප්‍රයෝජනයක්‌ නොලැබෙන බවද ඊයේ පෞද්ගලික බස්‌ සේවක සංගම් සිදු කළ වැඩ වර්ජනය අසාර්ථක බවද හෙතෙම සඳහන් කළේය.
     
     වර්ජකයන්ගේ මෙම ඉල්ලීම වංචා, දූෂණ සිදු කොට ඒවාට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටීම වැනි දෙයක්‌ බවත් රටේ නීතියක්‌ බවට පත්ව ඇති නව දඩ ගාස්‌තු වර්ජනයකින් ඉවත් කර ගැනීම දැන් කළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.
     
     එබැවින් මෙම බස්‌ වර්ජනයට ආණ්‌ඩුව නොබියව මුහුණ දෙන බවත් ලංගම බස්‌ රථ වැඩිපුර යොදවා මගී අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් බස්‌ රථ යොදවා ප්‍රවාහන පහසුකම් අඛණ්‌ඩව සපයන බවත් කීය.
     
     වර්ජකයන් ලංගම බස්‌ රථවලට හෝ වෙනත් ප්‍රවාහන සේවාවන්ට අලාභ හානි සිදු කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණහොත් ඊට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පති දැනුවත් කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

  • විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට

    විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට

    විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉකුත් දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
    නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටි අතර දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට  කිසිවටකත් තමන් කටයුතු නොකරන බව  අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු.10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත්  විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට පියවර ගත් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලදී.
    එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා මෙවැනි දේවල් සිදුකරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
  • ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක යුද ආධාර

    ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක යුද ආධාර

    ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්‍රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතියට යටත් වූ එම මූල්‍යාධාරය පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව ලක් රජය සමඟ සාකච්ඡා කරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. 

    බෙංගාල බොක්කේ ආරක්ෂක ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ මානුෂීය හා ආපදා ප්‍රතිචාර වැඩසටහන සඳහා අදාළ මූල්‍යාධාරය යොදා ගනු ඇති බව ඇමරිකාවේ අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

  • ගෝඨාභය මගෙ නෑයෙක් තමයි ඒත් බැසිල් තමයි හැබෑ දක්ෂයා

    ගෝඨාභය මගෙ නෑයෙක් තමයි ඒත් බැසිල් තමයි හැබෑ දක්ෂයා

    බැසිල් රාජපක්ෂ මහතා ඉතා දක්ෂයෙක් බවත් ඔහු නිසා අද තමන් ඇතුළු මන්ත්‍රීවරුනට අද කොන්ද කෙළින් තියාගෙන සිටිය හැකි තත්වයක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    තමන්ගේ මතය නම් බැසිල් රාජපක්ෂ මහතා ඉතා මහන්සි වී පක්ෂයක් ගොඩ නගා මේ අද තිබෙන ජයග්‍රහණය ලබාගත් බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඥාතියෙක් වන බවත් ඔහු සමග කිසිදු අමනාපයක් අකමැත්තක් නැති බවත් ඔහු සඳහන් කළේය.