Category: සුපිරි Politics

  • සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    අධිකරණය තුල සිදුකල වරදකට දඩුවම් වශයෙන් සිරගත වු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බවත් ඒ අනුව අනාගතයේ දී මෙරට ප්‍රථම පුරවැසියා බවට පත්වීමේ හැකියාව ද පවතින නමුත් ඥාණසාර හිමියන් ඉදිරිපත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. 

     

  • නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිඛෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.
    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 
    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.
    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුථ පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • උපන් දිනයදාම ගෝඨාව මිනිමරුවෙක් ලෙස හැදින්වු වෙඩරුවේ උපාලි හිමියන්ගේ අමුතු කතාව මෙන්න…

    උපන් දිනයදාම ගෝඨාව මිනිමරුවෙක් ලෙස හැදින්වු වෙඩරුවේ උපාලි හිමියන්ගේ අමුතු කතාව මෙන්න…

    වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස සංඝ නායකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර තිබේ.

    “ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමාව හිට්ලර් හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා  ඔබතුමාට මිලිටරි පාලනයක් විදියට තමයි ඇවිල්ලා මේක ජයගන්න වෙන්නේ කියලා නැවත මතක් කරනවා.” යි අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියෝ පැවසුහ.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

    මෙම අවස්ථාවට ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබීම විශේෂත්වයකි.

    ඇඩොල්ෆ් හිට්ලර්

    ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පාලනයේ දී යුද ඇස්තමේන්තුගත මිලියන 19.3 සිවිල් වැසියන් හා සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු විය.

    මීට අමතරව, සොල්දාදුවන් හා සිවිල් වැසියන් මිලියන 29 ක් දෙවන ලෝක මහා යුද්ධය දී යුරෝපීය රඟහල හමුදා ක්‍රියා මාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අතර දෙවන ලෝක යුද්ධ සමයේ මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මානව ඉතිහාසයේ දරුණුතම ඝාතනය ලෙස හැඳින්වේ.

     

  • බැසිල් සහ ගෝඨා බලය උදෙසා මරාගනිද්දී මහින්දානන්ද  සහ වාසු සමස්ත රාජපක්ෂවරුන්ටම එරෙහිව සටනට…

    බැසිල් සහ ගෝඨා බලය උදෙසා මරාගනිද්දී මහින්දානන්ද සහ වාසු සමස්ත රාජපක්ෂවරුන්ටම එරෙහිව සටනට…

    රාජපක්ෂ පවුලේ පටු ක්‍රියාමාර්ග හේතුවෙන් කඩාවැටෙමින් පවතින ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
    මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ කුඩා කුඩා කණ්ඩායම් කිහිපයක් නිර්මාණය වී ඇති අතර නමට පමණක් එය ඒකාබද්ධ වී තිබේ. විශේෂයෙන් මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් තිදෙනා තමන්ට හිතවත් කණ්ඩායම් තුනක් වෙන වෙනම නඩත්තු කරමින් සිටින අතර ඔවුන් අතර රහසිගතව පැවති බල අරගලය මේ වනවිට විවෘත වේදිකාව දක්වාම පැමිණ තිබේ.
    මෙම කණ්ඩායම් තුන නියෝජනය කරන මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහින්ද පිල නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් ආණ්ඩුවට වාසිදායක තත්වයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
    මේ අතර ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද පිලේ නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි. ඔහුගේ ප්‍රතිපත්ති මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රතිපත්ති ද ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වන බැවින් එවැනි පුද්ගලයෙකුට සහාය දැක්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
    මහින්ද පිලට මෙතෙක් ස්ථිර වැඩපිළිවෙලක් නොමැති බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා එ් නිසා විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මහින්ද පිලේ ප්‍රතිපත්ති ලෙස ඇතැම් පුද්ගලයන් සලකන බව පවසයි.
  • මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….

    මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….

    මහරගම මහ නගරසාභාවේ හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර මහත්මිය එහි  බයිසිකලය සලකුණ යටතේ පාලන බලය ලබාගෙන සිටින පිරිස විවේචනය කිරීම හේතුවෙන් අද(20) සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බවත් ඒ හමුවේ සභාවේ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බවත් වාර්තා වෙයි.

    මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ මහරගම මහ නගර සභාවට පිට ප්‍රදේශ වලින්  බයිසිකලය සලකුණ යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි  හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර   පැවසීමෙන්  අනතුරුවය.

    සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් (20) මහරගම නගර සභාව පැවැත්වූ අවස්ථාවේ මෙය සිදුව ඇති අතර එසේම ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා  දැනුම්දිමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින්  වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින්  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරුන් පිරිසක්  විරෝධතාවකද නිරතවූ බව දැනගන්නට ඇත.

    මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදුන් ස්වාධීන කණ්ඩායම වන බයිසිකලයෙන් ඉදිරිපත්වූ පාර්ශව අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේද සභාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධව අවධානමක් ඇති බවද වාර්තාවේ.

  • ජනපති නියෝගයෙන් මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට පහළට….!

    ජනපති නියෝගයෙන් මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට පහළට….!

    අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඉතා මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. එහි ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට මීට පෙර පියවර ගනු ලැබු අතර දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට ජනාධිපතිතුමාගේ නියෝගය අනුව තමන් කටයුතු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

    ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා තුලින් වැට් බදු ඉවත් කිරිම නිසා ගැටලු රැසක් විසදුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කළා.

     පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට රජයට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    එම එන්නත හදුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කරන ලදි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

  • තරුණයින්ට මුදල් දීලා කරවන රාජ්‍ය වීරෝධී සමාජ මාධ්‍ය ජාලා 80 ක් ගැන ආණ්ඩුවට තොරතුරු එලියට….!

    තරුණයින්ට මුදල් දීලා කරවන රාජ්‍ය වීරෝධී සමාජ මාධ්‍ය ජාලා 80 ක් ගැන ආණ්ඩුවට තොරතුරු එලියට….!

    රජය අපහසුතාවයට පත් කරන සහ අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න සදහන් කරනවා.

    මෙයින් මාධ්‍යජාලා 40 ක් ජාතිවාදය වපුරන්නට සකස් කළ ඒවා බවත් ඉතිරි 40 ආණ්ඩු විරෝධී ප්‍රචාර සිදු කිරීමට යොදාගැනීමට සකස් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙන බව ද ඇමැතිවරයා පවසනවා.

    ඒ මාධ්‍යජාලා සම්බන්ධයෙන් වූ ගූගල් සිතියම පවා දැන් ලැබී තිබෙන අතර මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් පරික්ෂණ ආරම්භ කෙරෙනු ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළා.

    ළඟදී අටවා ගත් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් මෙය සංවිධානය කර ඇති බවත් තරුණ කණ්ඩායම් සඳහා මුදල් ගෙවා ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

  • ඇලෝසියස්ගේ රුසියන් ගණිකාවන් ගෙන්වා ගත් නාමල්ගේ නිල් බලකායේ තොරතුරු හෙළිවෙයි…… (VIDEO)

    ඇලෝසියස්ගේ රුසියන් ගණිකාවන් ගෙන්වා ගත් නාමල්ගේ නිල් බලකායේ තොරතුරු හෙළිවෙයි…… (VIDEO)

    මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් රාජ කුමාරවරු ඇතුළු නිල් බලකායේ ඇතැම් මන්ත්‍රීවරුන් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවන්ද ලබාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සඳහන් කරයි.

    පාර්ලිමෙනේතුවේදී රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

    විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේ පසුගිය රාජපක්ෂ රෙජිමයේ පාලන සමය තුල නාමල් ප්‍රමුඛ නිල් බලකාය තම උත්සව සදහා රුසියානු නැට්ටුක්කාරියන් සහ තම ලිංගික අවශ්‍යතා සංතර්පණය කර ගැනීම සදහා ගණිකාවන් පවා ගෙන්වාගෙන ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් බවයි.

    https://www.youtube.com/watch?v=oVo3Gik51fs

     

    https://www.youtube.com/watch?v=ly7jRQLS9Eg

  • නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ සිද්ධියේ සත්‍ය කරුණු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයකට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටී.
    “නකල්ස් කඳුකරයේ සංවේදී පරිසර කලාපයක්. ඒ වාගේම අපේ පරිසර සම්පතක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි අපි මාධ්‍යවේදීන් පිරිසක් එක්ක ඒ ප්‍රදේශයට යන්නේ. එහි ඇත්ත තොරතුරු අපි අදාළ අංශ  සමගත් සාකච්ඡා කරලා රටට හෙළි කරනවා” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. 
  • ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.

    ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරනවා සේම වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන අතර ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

     

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ 

  • මම හදපු පක්ෂයේ ඉන්න බැරිනම් යන්න… කුපාම මහින්දගේ ප්‍රහාරයට කුප්‍රකට බැසිල්ගෙන් දැඩි පිලිතුරක්…

    මම හදපු පක්ෂයේ ඉන්න බැරිනම් යන්න… කුපාම මහින්දගේ ප්‍රහාරයට කුප්‍රකට බැසිල්ගෙන් දැඩි පිලිතුරක්…

    ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම සම්බන්ධ කර ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (19) උදැසන පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4 දී රැස්වූ අතර එහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී විමසා ඇත්තේ ඔවුන්ට කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වීමට ඉඩ ලබා දෙනවාද යන්න පිළිබඳවයි. එහෙත් එහිදී නැගී සිටි ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පවසා ඇත්තේ 16 කණ්ඩායම නිදහස් පක්ෂයේ දරණ තනතුරු අතහැර පැමිණෙන්නේ නම් පමණක් ඔවුන් භාරගත යුතු බවයි. 

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී රත්නපුර නගර සභාවේ බලය පිහිටුවීම සහ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා කැඳවූ රැස්වීමක් හදිසියේ අවලංගු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. 

     මේ අතරතුර මෙම ස්ථානයට පැමිණි බැසිල් රාජපක්ෂ මුලදී ඉතා නිහඩ පිළිවෙතක් අනුගමණය කරමින් සියල්ල නිරික්ෂනය කරනු දක්නට ලැබුනු අතර පොහොට්ටුවේ කළුතර ප්‍රබලයෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් බැසිල් ලබාදුන් ආන්දෝලනාත්මක පිළිතුර සියළුදෙනාගේ දැඩි අවධානයට ලක්විය.  

    පොදුජන පෙරමුණ හැදුවේ මම.. අත්තිවාරම දැම්මේ මම… සල්ලි වියදම් කලේ මම.. යාන්ත්‍රණයම මගේ… මගේ පක්ෂේ ඉන්න බැරි අය ඉන්නවා නම් යන්න… යන අයට යන්න පුළුවන් යන්න එම ආන්දෝලනාත්මක ප්‍රකාශයයි…

     

  • සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…

    සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි. 

    කුහක සහ ආත්මාර්තකාමීව කටයුතු කිරීම හේතුවෙන් අද වනවිට මානව හිමිකම් විහිළුවකට ලක්ව ඇති බවයි අමෙරිකාව චෝදනා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලී සිය රටේ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47ක්.

  • බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (19) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
    වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස රිසාඩ් බද්යුදීන් මහතා කටයුතු කරන අතර මේ අනුව ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා පත්වී ඇත.
    මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. එම අවස්ථාවේදී බුද්ධික පතිරණ මහතා විදෙස් ගතවී සිටි බැවින් තමන්ට හිමි නියෝජ්‍ය ඇමැති ධුරයේ ඔහු ඊයේ (19) දිවුරුම් දුන්නේය.‍ෙ
  • ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවැවසීය.

  • අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති බව වාර්තා වෙයි.

    වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අධිකරණයට ලබාදීමට උත්සාහ කර ඇත්තේ  අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක්ය.

    ඒ අදාළ නඩුවේ වින්දිත පාර්ශවය පසුගිය නඩු දිනයෙන් අනතුරුව  ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැති අය  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් ලියන ලද්දකි.

    ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලබා සිටින   පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

    මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ  තමන්ට  එරෙහිව නඩු විභාගයක් පවතින අතර තුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත්ය.

    යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.

    මෙම  නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

  • 16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    * ජනාධිපති අපේක්ෂක වීමට රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ
    * බැසිල්ගෙන් 16 කණ්ඩායමට අවවාද
    * මහින්දගේ මනාපය කාටදැයි ගැටලුවක්
    * මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක් ඇතිව තිබේ.

    පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබවූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත​. මේ අතර, පසුගියදා පැවැති නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දයේ දී, ඡන්දය වර්ජනය කළ යුතු යයි බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වෙත නිර්දේශ කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.

    මෙම ඡන්දයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය දරුණු පරාජයකට පත් වූවා ය​. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් දොලහකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගිය අතර එම අවස්ථාවේම ඔව්හු පාර්ලිමේන්තු ආපනශාලාවේ දී අනෙක් මන්ත්‍රීන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සිටියහ​. මෙසේ ඡන්දය වර්ජනය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත බව වාරතා වේ.

    ඉන් අනතුරුව, මහින්ද රාජපක්ෂ, සිය බාල සහෝදරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමාගේ දේශපාලන තීරණවලට විරුද්ධව කටයුතු සිදු වන්නේ නම් තමා වෙනමම පක්ෂයක් නිර්මාණය කරන බවට තර්ජනය කළ බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    තවද මෑත දී රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට පහර වදින ආකාරයේ ප්‍රකාශයන් බැසිල් රාජපක්ෂ විසින් සිදු කර තිබීම පිළිබඳ ද හිටපු ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කොට ඇත​. සිය Òසැලුන් දොර​Ó ඕනෑම අයකු වෙනුවෙන් විවෘතව තිබිය යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය වන බවත්, බැසිල් රාජපක්ෂ එයට වඩා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට අවශ්‍ය පිරිස් එක පයක් එක පැත්තකත්, අනෙක් පය අනෙක් පැත්තෙත් තබාගෙන ක්‍රියා නොකළ යුතු බව බැසිල් රාජපක්ෂ මෑතක දී ප්‍රකාශ කළේ ය​. පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නොපිළිගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය​. ඔවුන් එයින් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත යුතු යයි බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ ය​.

    මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ උදහසට හේතු වූ අතර ඔව්හු ද​ බැසිල් රාජපක්ෂව​ ප්‍රසිද්ධියේ විවේචනය කළ හ​.

    මේ අතර මෑතක දී පවත්වන ලද උත්සවයක දී, ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සහ වෙළෙඳ ප්‍රචාරණ ආයතන සමූහයක ප්‍රධානියකු, බැසිල් රාජපක්ෂගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ඔහුගේ රූපවාහිනී නාලිකාව යොදාගනිමින් තමාට දිගින් දිගටම පහර දෙන්නේ නම් අයහපත් ප්‍රතිඵල අත් විඳීමට සිදු වනු ඇතැයි හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි දී ප්‍රකාශ කර ඇත​. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරියේ සිදු වූ මෙම බැණවැදීම එය දුටු බොහෝ දෙනා පුදුමයෙන් ගල් ගැස්සවීමට සමත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට මතුවන හඬ ඉහළ යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ එතරම් පැහැදීමකින් පසු නොවන බව සඳහන් ය​. හිටපු ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපතිවරයා අතර මෑතක දී සිදු වූ හමුවේ දී මතුව ඇති කරුණු කාරණාවලට ද එක් හේතුවක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය බව කියවේ. මෙම හමුව පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා කළ කාලයික්කතීර් දමිළ පුවත්පතට එය ලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයකින් බව වාර්තා වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවලට​ සංශෝධනයක් සිදු නොවුණහොත් හිටපු ජනාධිපතිවරයාට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන පසුබිමක, ඔහුගේ සහය කිනම් සහෝදරයා වෙත ලැබේදැයි පැහැදිලි නැත​. සිය කැමැත්ත හිමි වන්නේ මහින්ද රාජපක්ෂගේ ද වැඩිමහළු සහෝදරයා මෙන්ම හිටපු කතානායකවරයකු සහ වරාය ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂ වෙත​ බව ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින පැරණි වම​ මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයාට සමීප අයකු ලෙස සැලකෙන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෑතක දී සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්ත් වන ආකාරයේ මධ්‍ය වාමාංශික​ රජයක් මනාව ප්‍රතිමූර්තිමත් කළ හැකි තැනැත්තා චමල් රාජපක්ෂ බැවින් තම මනාපය ඔහු වෙත හිමි වන බව ය​. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වඩා යුධකාමී කඳවුර නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් සෘජුවම සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ වෙත පළ කොට තිබේ.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත්තේ අන් කවරකුත් නොව මහින් ද රාජපක්ෂ විසින්ම බවයි. නම සඳහන් කිරීමට අකමැති වූ එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ මෙම තීරණය ගැනීමේ දී ඔහු සිය පවුලෙහි අභිවෘද්ධිය සහ අනාගත බල අපේක්ෂාවන් පිළිබඳ නිසැකවම සළකා බලනු ඇති බව ය.

    තුන් වසරකට පෙර​, එවකට පැවැති රාජපක්ෂ පාලනය බිඳ වැටීමට පවුල් වාදය ප්‍රධාන හේතුවක් වී තිබියදීත්, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂය තුලින් මතුව ඇති තිදෙනාම රාජපක්ෂ සොයුරන් වීම එක්තරා ආකාරයකින් පුදුමයට කරුණකි. මේ අතර ‘අතීතය ද රාජපක්ෂවරුන්ගේ විය​. අනාගතයත් සෙස්සන්ට ඉඩ නොදී ඔවුන්ගේ පවුලටම නතු කරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ’ යනුවෙන් එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ තරමක් නොරිස්සුම් සහගතව ය​. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහ ඒකාබද්ධ විපක්ෂයෙහි ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිවරයා සිටින තාක් කල් වෙනත් රාජපක්ෂවරයකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියේ ය