Category: සුපිරි Politics

  • ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලා‌ග‌ේ එත‌ෙක් ම‌ෙත‌ෙක් අතීත කතාව ම‌ෙන්න…..

    ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලා‌ග‌ේ එත‌ෙක් ම‌ෙත‌ෙක් අතීත කතාව ම‌ෙන්න…..

    ඉතිහාසයේ කුනුබක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝටාබයලා

    මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය .

    ගෝටාබයගේ උපන්දිනයදා පැවැත්වූ ‘හිට්ලර්’ උපමා අනුශාසනාව නොසිතූ විරූ අලකලංචියකින් කෙලවර විය . දේශපාලන කෝන වලින් බලන්නේ යයි සිංහළ ජනයා වෙත යම් චෝදනාවක් එල්ල කල හැකි නමුදු යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපහසු බරපතල සිත් බිදීමක් සුලු ජනයා කෙරේ සිදුව ඇත . ගෝටාබය රාමාලාන් මාසය පුරා නෝම්බි අරිමින් අමාරුවෙන් හදා ගත් මල් පාත්තිය එක් ‍රැයකින් සුනු විසුනු වී ඇත .‘හිට්ලර්’ කථාවට ප්‍රතිචාර දැක්වූ මහින්ද කියාසිටියේ, ගෝටාබය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයෙන් කටයුතු කරන බවය. නමුත් මහින්දගේ තර්කය ආපිට කැරකවෙන කථාවක් ගම්මන්පිල කීවේය. ඔහු චම්පික රණවක පොල්පොට්ට සමාන කලේය. ගම්මන්පිල වැනි ගෝටාගේ අගසව්වන් චම්පිකව මඩේ දමන්නේ ඉදිරි මැතිවරණයෙදී ඔහුගේ භූමිකාවට ඇති බිය නිසා මිස අන් යමකට නොවේ.

    ලක් ඉතිහාසයේ පලවෙනි ගෝටාබය

    ලියුම්කරුගේ මෙම වෑයම ඉතිහාසයේ කුනු බක්කියට විසිවූ හිට්ලර්ලා පොල්පොට්ලා ගැන ලිවීම නොවේ. ලක් ඉතිහාසයේ රජකමට කුරුමානම් ඇල්ලූ ගෝටාබයලා ගැන සටහනක් තැබීමය. ලක් ඉතිහාසයේ පලමු ගෝටාබය කරලියට එන්නේ (ක්‍රි. පූ. 290-250) කාලයේදීය. දේවානම්පියතිස්ස රජු තමාගේ මලණුවෙකු වූ මහානාග යුවරජ තනතුරට පත්කර ගෙන රට පාලනය කලේය. රජුගේ ඇවෑමෙන් ඔ‍ටුන්න තම පුත්‍රයාට නොදී මහානාග විසින් අත්පත් කර ගනීවි යයි සැක සිතූ රජුගේ බිසවක වූ අනුලා මහානාග මැරීමට සැලසුම් කලාය. අනුරපුරයේ ‘වලස්වැව‘ඉදිකිරීම් කටයුතු සිදුවන විටෙක විෂ යෙදූ අඹ පැසක් මහානාග වෙත එවී ය. නමුත් කූඩයේ උඩම තිබූ විෂ අඹ ගෙඩිය අනුභව කලේ අනුලා බිසවගේ පුත් කුමාරයාය . එම සිදුවීමෙන් පසු තමා ඝාතනය කිරීමට රජ වාසල තුල කුමන්ත්‍රණයක් ඇති බව තේරුම් ගත් මහානාග රුහුනට පලා ගියේය.

    පලාගිය මහානාග රුහුනේ රජ විය . ඔහු ගොඩනැගූ රෝහණ උප රාජධානිය යථාලතිස්ස, අභය සහ ගෝටාබය වෙත පිලිවෙලින් මාරු විය. රුහුනේ එකල්හි තවත් උප රාජධානිනි කිහිපයක් විය. දසබෑ රජවරුන්ගේ ශ්‍රී විභූතිමත් කාජරගාම (කතරගම) උප රාජධානිය මේඅතර ප්‍රධාන විය. අම්පාර දිස්ත්රික්කයේ මොට්ටයාකල්ලු ශිලා ලිපියේ දසබෑ රජවරුන් අතර “නාවික උපරජ” කෙනකු පිලිබදව දක්වා ඇත. දකුනුලක කේන්ද්‍රකර ගනිමින් ස්ථාපනය කරතිබූ විශාලතම වෙළද නැව් සමූහය දස බෑ රජවරුන් සතු වූ බව එහි විස්තර කරයි. . (Incriptions of Ceylon Vol.i, senarath paranvithana 1970 Introduction. p.lvi. and p.37 no 487.) වස්තු තන්හාව සහ බලකාමය හේතුවෙන් ගෝටාබය විසින් දසබෑ රජවරුන් කෲර ලෙස ඝාතනය කල ආකාරය 14 වන සියව සට අයත් කකුසඳ හිමිගේ ධාතුවංශයේ සඳහන් කර ඇත. එම පාපී ක්‍රියාව හිලව් කරගනුවස්, අනතුරුව ගෝටාබය මල්වට්ටි අතින් ගෙන පන්සල් සරණ ගිය ආකාරය (ධාතුවංශය 49-50 පිටු) විස්තර කර සිටියි.

    ලක් ඉතිහාසයේ දෙවැනි ගෝටාබය

    දෙවන ගෝටාබය කරලියට එන්නේ ක්‍රි.ව ක්‍රි.ව.242 දී රජ පැමිණි විජයිදු රජුගේ කාලයේදීය . රුහුනේ වාසය කළ සංඝතිස්ස, සංඝබෝධි (සිරිසඟබෝ) , ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනා රාජ සේවයට යම්න් සිටියදී අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් ” “ලක් පොළවට ස්වාමී වූ මේ තිදෙනා ව පොළව දරා සිටින්නේ ය.” (මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය) “කී බව මහා වංශයේ දැක්වෙයි. එය අසා බල කාමයෙන් මත් වූ ගෝටාබය අන්ධ අනාවැකි කියන්නා වෙත යලි හැරී ගොස් වැඩි විස්තර ඇසූ බව සදහන්ය. එහිදී, අවසානයේ රජ වන්නා වැඩි කාලයක් පාලනය ගෙන යන බව කියා තිබුනි. අනාවැකිය දැඩිව සිතට ගත් ගෝටාබය මුලින්ම විජයිදු ඝාතනය කරන අයුරුත් පසුව සංගතිස්ස සහ සංගබෝධි කුමාරවරුන්ට රජවීමට දී ඔවුන් ඝාතනය කරන අයුරුත් සැලසුම් කලේය.

    අනුරපුර රජවාසලට සැපත් වූ ගෝටාබය විජ්යදු රජුගේ කපටි ආරක්ෂකයා බවට පත් විය. ගෝඨාභය වසරක් යාමටත් මත්තෙන් විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස ජම්බු වලට වස දමා මරණයට පත් කලේය. මීලගට රජකම සංඝබෝධි හෙවත් සිරිසඟබෝ කුමාරයාගේ ඇගේ ගැහුවේය. දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර ගෝඨාභය කුමන්ත්‍රනකාරීව සිරිසඟබෝ රජුට එරෙහිව ජනයා කුපිත කරමින් කැරලි ගැසීමට උල්පන්දම් දුන්නේය. කැරලි නිසා සිදුවන ලේ වැගිරීම් පිලිබදව කම්පාවුනු සිරිසඟබෝ රජකම අතහැර තපස් ‍රැකීමට වනේ වන ගත වූයේය.

    සිරිසඟබෝ රජකම අතහැරීම හේතුවෙන් ගෝටාබයට රජකම ලැබිනි. සිය සැලසුම පරිදිම අවසානයේ රජ වුවද ඔහු ඉන් සෑහීමකට පත් නොවිනි. සිරිසඟබෝගේ හිස රැගෙන එන්නෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව දන්වා රට පුරා අණ බෙර කරුවන් යැව්වේය. වස්තුවට කෑදර පිරිස් සිරිසගබෝගේ මුහුනට සමාන වූවන් මරා දමමින් හිස් ‍රැගෙන ආවෝය. මේ අතර මෙම ඛේදවාචකය මගියෙකු හරහා සිරිසඟබෝගේ කන වැ‍ටුනේය .තමා නිසා සිදුවන ලේ වැගිරීමෙන් කම්පා වූ සිරිසඟබෝ මගියාට හිස දන් දුන්නේය. ගෝටාබය පිලිබද හොදින් දන්නා සිරිසඟබෝ යම් හෙයකින් මේ හිස පිලිගැනීමට ඔහු අකමැති වුව හොත් හිස අහසට විසි කරන ලෙසත් එවිට හිස අහසේ ‍රැදෙනු ඇති බවත් මගියාට කියා සිටියේය. විසි කල හිස අහසේ ‍රැදුනා හෝ නො‍රැදුනා වන්නට පිලිවන, නමුත් මහාවංශ කතුවරයා මෙවැන්නක් ලියා තිබෙන්නේ ගෝටාබයගේ කපටි කෲර වෘතාන්තය වර නැගීමට බව නිසැකය.

    ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබය

    මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය . 1971 වසරේ ඇතිවූ ජ.වි.පෙ කැ‍රැල්ල හේතුවෙන් හමුදාවේ පිරිස් බලය දෙගුනයකින් වැඩි කිරීමට රජය තීන්දු කලේය. ඒ අනුව 1972 වසරේ සිදුවූ 4 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාවට නවකයන් 6o දෙනෙකු බදවා ගැනීමට තීන්දු වූයේය . එවක පැවති සිරිමාවෝගේ ආන්ඩුවේ නිලධාරීන්ට කන් කෙදිරිගා ගෝටාබය කෙසේ හෝ 4 වැනි කැඩෙට් පාඨමාලාවට රිංගා ගත්තේය.හමුදා පුහුනුව යාන්තමින් ගැටගහ ගත් ගෝටාබය රජරට රයිපල් බලකායට අනුයුක්ත වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාහක් දෙදාහක් සිටි කාලයේදී පවා උතුර දකුන මාරු වී සිටි ගෝටාබය 1992 වසරේදී මොලේ අමාරුවක් ඇතැයි කියා විශ්‍රාම ගත්තේය . ඒ සමගම ඇමෙරිකාවට ගිය ඔහු 2005 වසර වන තෙක් මෙහි පස් පෑගුවේ නැත.

    2005 වසරේ මහින්ද ජනපති වීම නිසා ගෝටාබයට ආරක්ෂක ලේඛම් තනතුර ලැබිනි. ගෝටාබය හමුදාවට අවි ආයුධ සපයන අතර තුර මිලියන ගනනින් ගාන කැපුවේ කැබිනට් මන්ඩලයද ගොනාට අන්දවමිනි. තමාගේ හොර මැරකම් පිලිබද කතා කරන උන් අප්‍රමාදව නිවන් යැව්වේය. මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන් ඇතුලු බර ගනනකට නිවන් සැප ලැබුනි. ආයතන සංග්‍රහයේ අකුරක්වත් නොදන්නා ගෝටාබය රටේ හොදම අමත්‍යශ 7ක් පවරාගෙන සිවිල් සේවයටද අත ගැසුවේය. සිවිල් සේවයේ තරම කොතෙක්දයත් විමලේ සහ ඇඹේනියට කල ගමන් බලපත්‍ර නිකුතුව හොද උදාහරණයකි .ගෝටාබය යටතේ වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ගමන් බලපත්‍ර දෙක බැගින් දුන්නේ බස් ටිකට් කඩනවා මෙනි. යුද හමුදා මූලස්ථානය චීන හෝටලයකට සින්නක්කරව විකුන්නේය. චීනාගෙන් ලද මුදල නව හමුදා සංකීර්ණය සෑදීමට තියා කුලී ගෙවීමටත් මදි වී ඇත.හමුදාවට අද ගෙදරත් නැත, සල්ලිත් නැත, ඉඩමත් නැත. කෙසේ වුවද හමුදා සංකීරණය කුඩු කර චීනා සැදූ හෝටලෙයේ ‍රැස්වීමක් තියා ඊලග ජනපතිවරණයට ඉදිරිපත් වීමට කැමති බව ගෝටාබය කීවේය.

    චෝරනාගගේ අඩි පාරේ යන ගෝටාබය

    තමන්ට මොන තනතුරු තාන්න මාන්න හිමි වුවද සසර පුරුද්දට හොරකම් කළ, මිනී මැරූ , මං පැහැරූ දාමරිකයන්ගේ කතා අතීත රාජාවලියේද හමු වෙයි. මහාවංශයට අනුව ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් ලංකාවේ කිරුල දැරුවේ චෝරනාග නම් රජෙකි . වලගම්බා රජුගේ පුත්‍රයෙකු වන මොහුගේ සැබෑ නම චෝරනාග නොව මහානාගය. මොහු හොරුන්ගෙත් හොරෙකි .කුමාර කාලයේ සිටම මහානාග මං පහරන අග්‍රගණ්‍ය සොරෙකු වූයේය. ඔහුගේ නම ඇසූ පමණකින්ම රටවැසියන් බියපත්ව හිස් ලූලූ අත දිව ගියේය . මහානාග රජ වුවද ඔහුගේ කලකිරියාව වෙනස් නොවින. රජ වූ පසුත් ඔහු හැසුරුනේ මහා චෞරයෙකු ලෙසය. රටවැසියන් මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළද පසුව ඔහුට ‘චෝරනාග’ නම පට බැදීය. මහාවංශයේ ඔහුගේ නම ලියවුනේද චෝරනාග ලෙසිනි. ගෝටාබයටද කොතරම් තනතුරු තාන්න මාන්න හිමි වුවද ඔහු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි. චෝර නාග මෙන්ම ගෝටාබයගේ නමද ඉතිහාසයට එක්වනු ඇත්තේ රටවැසියන් පටබදින විශේෂණ පද සහිතවය.

    ලියුම්කරු කීර්ති රත්නායක

  • කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….

    කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….

    ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුලන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි.

    වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසලට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මඳනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.

    එහෙත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කළක සිට පවතින කැළි කසළ ගැටලුව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.

    අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.

    ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා අද (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක‍්‍රම සමුද්‍රය අසල මෙම කනගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.

    අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

    එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය.

    එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඓතිහාසික උරුමයක් වූ පරාක‍්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.

    එමෙන්ම මෙම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.

     

  • රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…

    රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…

    ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ කිසිඳු දේශපාලන භේදයකින් තොරව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    අද (24) පොළොන්නරුවේදී පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තොරාගත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් වාර්තා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඳිළිඳුකම වැඩිම ග්‍රාම සේවාවසම් බව  ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • 2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!

    2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!

    2020 අවුරුද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා 2025 වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ රට පාලනය සිදු කරගෙන යන්න පක්ෂ මෙ වන විට කටයුතු සිදු කර අවසන් යැයි අධිකරණ, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

    අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ අරණායක හබලක්කාව ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා…

    අපේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද බොහෝ දෙනෙක් චෝදනා කරනවා විවේචන කරනවා නමුත් අපි කියන්න කැමැතියි එතුමා ලබා දි තිබෙන නිදහස දිහා ටිකක් හැරිලා බලන්න කියලා. ඒ කාලයේ කාව හරි විවේචනය කරා නම් යන්න වෙන්නේ කොයිබටද කියලා ඔබතුමාලාගේ හෘද සාක්සියෙන් අහලා බලන්න. අද රටේ ජනාධිපතිවරයා වුනත් ඔනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මතවාද දක්වන්න පවා පුළුවන්. එහෙම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල සකස් කරලා තිබෙනවා.

    අප මැතිවරණයකට ගිහින් අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පළාත් පාලන මැතිවරණයෙන් අහවර කිරිමට නොවෙයි මිනිස්සු ජන්දය ලබා දුන්නේ නොයෙකුත් වතාවරණයන් රට තුල පවතින විටදි ලක්ෂ 17 ආසන්න ප‍්‍රමාණයක් අපේ රටේ බුලත් කොළයට ජන්දය ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් බණ්ඩාරණායක මහත්මා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳ, වෙද, ගුරු, ගොවි , කම්කරු බලවේගය ආරක්ෂා කරගනිමින් අපි වෙනුවෙන් මෙපමණ තීන්දු තීරණ ගත්තු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපිට කොයි මොහොතකවත් විනාශ කර දමන්න හැකියාවක් නැහැ. මෙ වන විට අපේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පවා ආරම්භ කරලා තිබෙනවා.

    මෙ වන විට දේශපාන වශයෙන් නොයෙකුත් කැලබිම් තිබෙන්න පුළුවන් පසුගිය මැතිවරණයේ ජන්ද ඉල්ලූ අපේ අපෙක්ෂකයින්ට ජාති දෝහින් සහ දේශදෝහින් ලෙස පවා හන්වඩු ගැසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අරන් ගියපු අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරන්නට උර දුන්න අපි මාස කිහිපයක් ඇතුලතදි දේශදෝහින්, ජාතිදෝහින් හැටියට හන්වඩු ගැසුවා අපේ දිස්ත‍්‍රික්කය ඇතුලේ සමහර පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්.

    හැබැයි ඒ පිරිසට අමතක වේලා තියෙනවා එදා අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරවන්න අපි සහයෝගය ලබා දුන්නා. එතනින් පැරදුනාට පස්සේ එතුමා අගමැති කරන්නත් අපි සහයෝගය ලබා දුන්නා.

    එහෙමනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි නායකයකුගේ පක්ෂයක් නොවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම පොඩි මිනිහා නිරූපනය කරන පක්ෂයක් විය යුතුයි. සම්පුර්ණයෙන්ම බණ්ඩාරනායක මහත්මාගේ ප‍්‍රතිපත්ති තීරණ වල ජිවත් වෙන පක්ෂයක් විය යුතුයි. ඒ නිසා මම කණගාටු වෙනවා පසුගිය මැතිවරණයෙදි අපිට සමහර වේලාවට බොහෝම අන්තවාදි විදිහට සමහර වේලාවට බෞද්ධාගම පවා මූලික කරගෙන මඩ ගැසිල්ලක සමහර අපෙක්ෂකයන් නිරත වුනා ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා. 
    සමහර අය කිවා බෞද්ධාගම අපේ රටින් නැති වේලා යනවා ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. සමහර අය කිවා තුපාරාමය අපි විකුණන්න ඉන්නේ කියලා. රුවන්වැලිසෑය විකුණන්න ඉන්නේ කියලා. ඒ නිසා සමහර ගමේ අපේ ජනතාව මෙවාට රැුවටුනා. මම සතුටු වෙනවා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල ඉදිරියට යනවා. බොහෝම පහසුවෙන් දිනන්න තිබුණු රැුලි තිබුණා. ඒ රැුළි උඩ නගින්නේ නැතිව සැබෑ ශ‍්‍රි ලාකීකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න තමුන්වහන්සේලා එකතු විම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ප‍්‍රණාමය පුද කර සිටිනවා.

    පසුගිය කාලයේ අපි ජාතික ආණුඩවක් සමගින් ඉදිරියට යද්දි ගැටලූ ප‍්‍රශ්න තිබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතු වුනාම ප‍්‍රශ්න නැතිව මෙක ඉස්සරහාට යයිද ? යන්නේ නැහැ. එජාපයේ සමහර ක‍්‍රියාකාරකම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවිධ මතවාද ගැටලූ තිබෙනවා. ජාතික ආණ්ඩුව හදලා අවුරුදු 3 තමයි මෙ ගත වෙන්නේ එහෙම වේලාවක ප‍්‍රශ්න නැතිව මෙ ගම ඉස්සරහාට යන්න ඉන්නවා නම් එක විහිළුවන් ඒ නිසා ඒ නිසා මෙ මතවාද එක තැනකට ගන්නට රට තුල ඉන්න සියලූ පක්ෂ එක තැනකට එම වරදක්ද ?

    දැන් අපි කියනවා සමගිය බලය වේ කියලා. පක්ෂ දේශපාලනය නිසා රටේ වෙච්ච සමහර දේවල් එක්ක බලද්දි දේශපාන පක්ෂ එකතු වේලා ගමේ ඉන්න ජනතාවත් එකාවන්ව මෙ දේශපාලන ගමන යනවා දකින්න සමහර අය අකමැතියි එයඅපේ රටේ ආවසානක්. 
    අපි පෙබරවාරි 10 වැනිදා ජන්දයකට ගියා අපිට ප‍්‍රතිඵලයක් ලැබුණා. අපේ අරමුණ වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ලක්ෂ 17 තව කිහිප ගුණයකින් වැඩි කරලා. නැවත වතාවක් අපේ රටේ පාලනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යෙන්ම භාර කර යුතුයි කියන කාරණාව මෙ අවස්ථාවේ මතක් කර යුතුව පවතිනවා. ඔබතුමල්ලාට ජනතාව වශයෙන් යම් ප‍්‍රශ්නයක් වුනොත් එය විසදා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා කොයිම වේලාවකවත් හිතන්න හපා මෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. විධායකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තියෙනවා. ඒ නිසා තමන්ට ආසාධාරණයක් වනවා කියලා හැගෙනවා නම් ඔබ තමුන්වහන්සේලා සමග අපි වෙනත් සටනක් ආරම්භ කර යුතුයි.

    මිලග මැතිවරණය මොන මැතිවරණය වුනත් මම නම් කැමැති ජනාධිපතිවරණයටයි. සියලූ ජාතින් වලට රටේ නිදහස අගයන සියලූ දෙනා එකතු වේලා ජන්දය පාවිචිචි කරන්න අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරන් නැවත වතාවක් අපේ ජනාධිපතිතුමා 2025 තෙක් ජනාධිපතිකරවන්න අපි සියලූ දෙනාගේ වගකිමක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක ජනාධිපතිවරුන් රට පාලනය කරා. තාමත් නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන්නේ ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් රට පාලනය කරනවා දකින්න තමයි අපේ කැමැත්ත.

  • 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! කුපාම මහින්දගේ මනාපය බැසිල්ට…..!

    2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! කුපාම මහින්දගේ මනාපය බැසිල්ට…..!

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වන්නේ නම් මහින්ද මෙන්ම තමාද කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමලවිර දිසානායක මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් විමලවිර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

    ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම ගිනියම් වන අභ්‍යන්තර ගැටුම් හා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන කරුණු කාරනා මත මෙම මත ගැටුම් ඉහල යමින් පවතිනවා.

    මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ තම මතයට ඉඩ නැතිනම් තමා වෙනමම පක්ෂයක් හෝ හදන බවයි.

    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පක්ෂ කඩා හැදු පක්ෂ වලට එදා අත් වූ ඉරණම ක්ෂණිකව පිපුණු පොහොට්ටුවට මේ අත්ව ඇති තත්වයත් සමඟ යලි මතක් කර දෙන්නේ තම පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂ හදා ගත්තත් ඒවායේ පැවැත්ම තාවකාලික බවයි….

  • අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම

    අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම

    අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම… චන්ද්‍රිකා බලයට ගෙනඒමේ කූට උපාය 

    පසුගිය සිකුරාදා දින මාතර සිදුවූ සිද්ධිය හා සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අනතුරකට ලක් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කලේය. එනම් ට්විටර් පණිවුඩක් හරහා පොලිසිය විසින් සිදුකල එම ක්‍රියාව හෙලා දැක වත්මන් ආණ්ඩුව විවේචනය කලේය.

    ” මෙය යහපාලනය නොව යමපාලනය “

    යනුවෙන් මංගල ට්විටර් පණිවුඩය හරහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය ඉදිරියේ හඳුන්වාදීමට කටයුතු කරන ලදී. එය ජාත්‍යන්තර වශයෙන් මෙය ශ්‍රී ලංකාවට ප්‍රබල හානියකි. රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් මෙය හෙලා දැකීම හරහා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයදැයි සක්සුදක් සේ පැහැදිලිය. සැබැවින්ම ඔහුට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පාවාදීමට අවශ්‍යව ඇත. එයට හේතුව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාජය ඉදිරියේ නින්දාවට ලක්කර ආණ්ඩු බලය ඩැහැගැනීමට සහ චන්ද්‍රිකාගේ බලය සහිත රජයක් පත්කර ගැනීමට මංගලට උවමනාය.

    කවුද මේ පසුපස ඉන්න කණ්ඩායම ?

    එදා පටන්, එනම්, මහින්ද රාජපක්ෂ රජය පෙරළීමට කටයුතු කල රාජ්‍ය නොවන සංවිධාන (NGO) අතකොලු සියල්ල මේ සමග ඇත. කවුද මේ පුද්ගලයින්?

    * ක්‍රිශාන්ත කුරේ
    * සාලිය පීරිස්
    * නිතීඥ නිලන්ති පීරිස්
    * මනෝ තිත්තවැල්ල
    * තිලාන් විජේසිංහ

    කොහොමද මේ සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ?

    මෙහි මූලික සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ඇමති මංගල සමරවීර අතිනි. එනම්, රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වශයෙන් රජයේ ක්‍රියා ජාත්‍යන්තරය හමුවේ සහ දැනගැනීම පිණිස විවේචනය කිරීමයි. සන්ධ්‍යා එක්නැලිගොඩ කරළියට ගෙන එන්නේද මංගල සමරවීර විසිනි. මාතර පොලිස් සිද්ධිය හරහා කොල්ලකරු හට වෙඩි තැබීම මංගල විවේචනය කරන්නේ සැලසුම් සහගතවය. මෙහි නීති උපදේශිකාව වන්නේ මංගලගේ පෞද්ගලික නීතිඥ නිලන්ති පීරිස් විසිනි. පොලිසිය විසින් සැලසුමකින් තොරව සිදුකල කාර්ය නිසාම මංගලගේ අවශ්‍යතාව ඒ අයුරින්ම ඉටු විය. එම නිසා මාතර සිද්ධිය හරහා මංගල ඩයස්පෝරාවටත් ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවට දැලක් එලීමට තවත් උත්තේජනයක් ලබාදෙන ලදී.

    මංගල සමරවීර විසින් රජය අපහසුතාවයට ලක් කරන තවත් කාර්යකට අතගසා ඇත. එනම් රැකියා ලබාදීමේදී රාජ්‍ය කලමණාකරන දෙපාර්තමේන්තුව (DMS) හරහා අනුමැතිය ගෙන රැකියා ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරුන්ට නියෝග කිරීමයි. මේ සඳහා හදිසි සංස්ථා සභාපති රැස්වීමක් ජුලි මස 05 දින ඇමති මංගල විසින් කැඳවා ඇත. මෙහිදී සංස්ථා සභාපතිවරුන්ට නියෝගයක් ලබාදීමට මංගල සූදානම්ය. එනම් උදාහරණයක් වශයෙන් කම්කරු රැකියාවට බඳවා ගන්නවාද , උපරිම සුදුසුකම් ලත් සහතික ලබාගත යුතු අතර, එය රාජ්‍ය කලමණාකරණ දෙපාර්තමේතුව හරහා අනුමැතිය ගෙන රැකියාව ලබාදිය යුතු බවයි.

    බැලූ බැල්මට මෙය සුදුසුම් ලත් වඩාත් උගත් රාජ්‍ය සේවයක් ඉටු කිරීම පිණිස මෙන් පෙනුනද එහි අභ්‍යන්තරය එය නොවේ. රැකියා අපේක්ෂකයන් බලවත් අපහසුතාවයට ලක්කර ඔවුන් රජය කෙරෙහි පිලිකුලක් ඇති කිරීම බව වැටහේ. මේ හරහා එජාපයද, ශ්‍රීලනිපයද දෙකට බෙදී මංගලගේ සහ චන්ද්‍රිකාගේ අල්ලේ නටන ආණ්ඩුවක් බවට පත්කර දෙමළ ඩයස්පොරාවේ බලපොරොත්තු සපල කිරීමකි. මෙය කියවන ආණ්ඩු විරෝධීන් හට විනෝදජනක දෙයක් වුවද, ඉන් පසුව ඇතිවන අභ්‍යන්තර පිපිරීම ඉතාමත් භයානකය. දමිල ඩයස්පෝරාවේ අණ අනුව සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විධානයන් අනුව මේ රට තුල යුධ අපරාධ පිළිබඳව කතාව නැවත කරළියට පැමිණෙනු ඇත.

    මේ හරහා මංගල බලාපොරොත්තු වන දේ .

    මංගල සමරවීර හට මේ වන විට අවශ්‍යව ඇත්තේ අගමැති පුටුවට පැන ගැනීමයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කොට අගමැති බලතල මංගල අතට ගෙන මංගලට හිතවත් පාලන තන්ත්‍රයක් පත්කර ගැනීමයි. මෙය ඉතාමත් දරුණු අවදානම් තත්වයකි. දමිල ඩයස්පෝරාව මුලු රාජ්‍ය තන්ත්‍රය පුරාවට පිළිලයක් සේ ගමන් කරනවා ඇත. පාර්ලිමේන්තුව තුල ඒකීය ශ්‍රී ලංකා නියෝජනය වෙනුවට තමිල්නාඩු නියෝජනයෙන් බලගැන්වෙනු ඇත.

    අද වන විටත් මුදල් අමාත්‍යාංශය තුල ඇත්තේ චන්ද්‍රිකාගේ බල අදිකාරියයි. එය මංගලට හෝ පාලනය කල නොහැකි තත්වයකි. ක්‍රිශාන්ත කුරේලා සිදුකරන්නේ රටේ ප්‍රබල පෞද්ගලික ව්‍යවසායකයන් සහ සමාගම් දැලේ දමා ඩීල් දැමීමයි. ඒ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත බව ඔබ දන්නවාද ?

    * ධම්මික පෙරේරා
    * හැරී ජයවර්ධන
    * හේලීස් සමාගම

    යන ත්‍රිපුද්ගල මූල්‍ය මෙහෙයුම්කරුවන් හරහා මංගලගේ සහ චන්ද්‍රිකාගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ඩීල් ගනුදෙනු සිදු කරන බවට තොරතුරු ඇත. ක්‍රිෂාන්ත කුරේ විසින් බොරැල්ල ඔස්ටින් පෙදෙසෙන් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගන්නේද මේ ඩීල් ගනුදෙනු අනුහසින් බව ඔබ දන්නවාද ? එම මුදල් වලින් ඩයස්පෝරාව සන්තර්පනය වන බව ඔබ නොදන්නවා ඇති.

    මෙය කලින් දැන සිටි පුද්ගලයා කවුද ?

    මංගලගේ මෙම කුමන්ත්‍රණය අද ඊයේ සිදුවූවක් නොවේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු මෙම සැලසුම ක්‍රියාවට නංවන්නට කටයුතු කලේය. එදා සිට මංගල ලඟ සිටි පිරිස වන ක්‍රිෂාන්ත කුරේ, සාලිය පීරිස්, නිලන්ති පීරිස්, තුසිත හල්ලොලුව වැනි පිරිස් මෙම සැලසුම පිටුපස සිටියෝය. එම සැලසුම මහින්දගේ කණ වැකුණ පසු සිදුකලේ මංගලගේ අමාත්‍යාංශ පවරාගෙන මංගල ඉවතට විසි කිරීමයි. මංගල, චන්ද්‍රිකා යන දෙපල මහින්ද සමග වෛර බැඳගන්නේද මේ සිද්ධිය නිසාය.

    කල් ගතකරමින් පැමිණි මංගල යහපාලන රජය තුල ප්‍රබල අමාත්‍ය ධූරයක් ලබාගෙන අද වන විට සිදුකරන්නේද මේ සැලසුම ක්‍රියාවට නැංවීමයි. මෙය රටේ පැවැත්මට ඉතාමත් භයානක සිද්ධියකි. රජයේ පුවත්පත් තුලින් රජය විවේචනය කරවීම මංගලගේ මෙම සැලසුමේ තවත් එක් අවස්තාවකි. අද වන විට රජය එම අනතුරට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. එය රටේ ඉදිරි අනාගතයටද බරපතලව බලපාන කරුණක් බව සඳහන් කල යුතුය. අද වන විට යහපාලන රජයේ ඇතැම් දෙදරීම් වලට හේතුවද මංගල සමරවීර – චන්ද්‍රිකා කුමාරතුංග හවුල බව සියල්ල දැනගත යුතුව ඇත.

    මෙම අනතුර වලක්වා නොගතහොත් නැවතත් මේ රට ත්‍රස්ථවාදයෙන් ඇලලී යන රටක් හා දමිල ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව පාලනය වන රටක් වනු ඇත.

    – උපුල් බණ්ඩාර

  • ඇඟ බේරගන්න මහින්ද කියපු කතාවත් එක්ක ජනාධිපතිවරණයට කලින්ම පොහොට්ටුවේ පෙති ගිලිහෙන ලකුණු…

    ඇඟ බේරගන්න මහින්ද කියපු කතාවත් එක්ක ජනාධිපතිවරණයට කලින්ම පොහොට්ටුවේ පෙති ගිලිහෙන ලකුණු…

    බැසිල් සහ ගෝඨා ජනපති අපේක්කෂත්වයට පොරකමින් සිටියදී මහින්ද රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබදව දැක්වු ප්‍රකාශය කරලියේ සංවාදයට ලක්ව ඇත…

    එනම් ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින්  සිටින බව මහින්ද පැවසීම තුලින් මහින්දගෙන් බැසිල්ට ප්‍රහාරයක් එල්ල වුනාද යන්න ගැන කරලියේ සංවාදයක් ඇරඹී ඇත.

    හිටපු ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීම හුදු ඇඟ බේරාගෙන යාමේ ප්‍රකාශයක් මිස හිට්ලර් කෙනෙකු වීම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව විචාරක මතය වී ඇත

    වෙඬරුවේ උපාලි හිමිගේ අනුශාසනාවට වෙල්ගමගේ විරෝධය 

    මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉහත සඳහන් ආකාරයේ ‘ඇඟ බේරාගැනීමේ’ ප්‍රකාශයක් කල ද ඒකාබද්ධයේ ප්‍රධානියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.

    අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි ඔහු පවසයි.

    යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බව ඔහු අවධාරණය කරඇත.
    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

  • රාජපක්‍ෂ පරපුරේ සුපිරි කෞතුකාගාරය ගැන කරුණු කියන්න Local හිට්ලර් (ගෝඨා) අද FCIDයට…

    රාජපක්‍ෂ පරපුරේ සුපිරි කෞතුකාගාරය ගැන කරුණු කියන්න Local හිට්ලර් (ගෝඨා) අද FCIDයට…

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (25දා) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණීමට නියමිතව ඇත.

    තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය.

    මෙම සිද්ධිය මුල්කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

    මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.

    මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

  • අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති  පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා  එහි පාලන අධිකාරීය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.
    මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර එම වාහනද රුපියල් කෝටි 03 ක වියදමින් කුලී පදනම මත ලබා දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වේ.
  • කිලිනොච්චියේ දිවියා මැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව හෙළාදකී

    කිලිනොච්චියේ දිවියා මැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව හෙළාදකී

    කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක්  කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම අමානුෂික ක්‍රියාව හෙළා දකිමින් වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් කළ ඉල්ලීමෙන් පසුවය.

  • පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

    පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

    මෙරට අධ්‍යාපනයේ අනාගතය දැන් තියා හඳුනාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් මේ වන විටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

    ඒ අනුව සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණෙන සෑම දරුවෙකුටම ටැබ් පරිගණකයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී තිබූ බවත් එය හදිසියේ නතර කිරීමට සිදු වුවත් යළිත් වතාවක් තමා එම යෝජනාව පසුගියදා ඉදිරිපත් කළ බවද සඳහන් කළා.

    ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට හැකි වෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන අතර මෙම ක්‍රියාමාර්ගය සමගින් මෙරට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුවෙනු ඇති බවද සඳහන් කරන ලදී.මේ අතර හය ශ්‍රේණියෙන් ඉහළ සියලූම පාසල්වලට පරිගණක බෙදා හැරීමට තවත් මාස කිහිපයක් ඇතුළත පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පුකාශ කරන ලදී.

  • ආණ්ඩුවේ සූක්ෂම මාධ්‍ය මර්දනය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..!

    ආණ්ඩුවේ සූක්ෂම මාධ්‍ය මර්දනය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..!

    ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

    මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරඹා ඇති අතර ඒ හරහා එම පුවත් සංස්කරණය කල මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක්කිරීමට කටයුතු කර තිබේ.

     

     

     

     

     

     

    පසුගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පලකල මාධ්‍යවේදීන්ගේ නම්,ලිපිනය ඇතුලත් විස්තරයක්ද ඉල්ලා තිබේ.

    ඊට අමතරව ලිපිය පලකිරිම සදහා අනුමැතිය ලබාදුන් අය සහ එම පලකරන ලද ලිපියේ සහතික කල පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පල කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගෙ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.

    අනිත් අතට රජයේ රහස්‍යභාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නිතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මෙය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට පරික්ෂණයක් කරන බව දැන්වු ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.

    රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්.. ජනපති -අගමැති උපදෙස් දෙති! යනුවෙන් පලකල පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේවෙතත් ආණ්ඩුව තුල සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පලකල මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ අකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරණ බව නම් මනාව පැහැදිළිය. එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් හි උත්සහය බව අපගේ මතය වේ. එය තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කව්ද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.

    ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමුකල යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

    කැදවුම්කරු,
    දුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

  • රාජපක්ෂ කල්ලි වාදය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවෙයි…! තිරය පිටුපස වෙච්ච සිදුවීම් මෙන්න….!

    රාජපක්ෂ කල්ලි වාදය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවෙයි…! තිරය පිටුපස වෙච්ච සිදුවීම් මෙන්න….!

    ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ තර්ජනය කළේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමටයි. ඔහු කීවේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න ඉඩ නැති බවත්, පළමුවෙන් පහර දෙන්නේ එබඳු උදවියට බවත්ය. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ කණ්ඩායම් පිළිගන්න තමන් සූදානම් නැති බවයි. එන කෙනෙක් පැමිණ තම පක්ෂයට බැඳිය යුතු බව ද ඔහු කීවා.

    බැසිල් රාජපක්ෂ මහතා තවත් ප්‍රකාශයක් කරමින් කීවේ තම පාලන කාලයේ වැරදි සිදුවූ බවයි. රතුපස්වල දී හලාවත දී හා නිදහස් වෙළෙඳ කලාපයේ දී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම වැනි දෑ තමන්ගේ ඉදිරි පාලනයක දී සිදු නොවන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතු බව බැසිල් කීවා. සමාජ මාධ්‍ය මෙය හැඳින්වූයේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනියමින් කළ පහරදීමක් වශයෙනුයි.

    උදය ගම්මන්පිල මහතා සඳුදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ශ්‍රීලනිපයෙන් එන දහසය දෙනාට දොස් පවරා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දේශපාලනය හරියට තෝරාගෙන නැති බවයි. වෙන රටක දී නම් එලෙස එන අය මල්මාලා දමා පිළිගන්නා බව ද ගම්මන්පිල මහතා කීවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ල කර කරන ලද ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍යවල අවධානයට ලක් වුණා.

    එක්සත් වාමාංශික පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වූ වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ ‘වියත්මඟ’ වැඩපිළිවෙළටයි. ‘වියත්මඟ’ ලෙස ඉදිරිපත් කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් කිරීම ගැන වාසුදේව මහතා විරුද්ධත්වය පළ කළා. මෙබඳු තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන වැඩපිළිවෙළක් සකසා ඉදිරිපත් නොකිරීම නිසා බව කී වාසුදේව නානායක්කාර මහතා එවැන්නක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව කීවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ නොපිළිගන්නා බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් කීවා.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමියකුට බැසිල් රාජපක්ෂ මහතා දැඩිලෙස බැණ වැදී ඇති බව වාර්තා වුණා. තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමට මෙම මාධ්‍ය ආයතනය කටයුතු කිරීම නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස එම ආයතන ප්‍රධානියාට බැණ වැදී තිබෙනවා.

    • පුවත් මුලාශ්‍රය – දිනමිණ පුවත්පත.
  • සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබෙනවා.

    කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී කොටියා ඝාතනය කර තිබුණා.

    මෙලෙස කොටියෙකු ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද සඳහන් කර තිබුණා.

    https://www.facebook.com/NewsfirstSL/videos/vl.704753026338536/1995536053839976/?type=1

  • ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පවසයි.

    එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (21)පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

    ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.

    ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැුසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප‍්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.

    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

  • ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන බවයි.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පසුගියා දා ප්‍රකාශ කර තිබුණේ රට සංවර්ධනයට මිලිටරි පාලකයෙකු හෝ පත්විය යුතු බවයි.