Category: සුපිරි Politics

  • ඉන්දියාවට වාසි වෙන්න තනතීරූ හදලා මුදලට මවුබිම පාවා දුන් ගාල්ලේ නිළධාරියා මෙන්න .!

    ඉන්දියාවට වාසි වෙන්න තනතීරූ හදලා මුදලට මවුබිම පාවා දුන් ගාල්ලේ නිළධාරියා මෙන්න .!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය දරන තරගාවලියන්හි ශ්‍රී ලංකාවේ තනතීරූ ඉන්දීය බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සකසා තිබෙන බවට හෙළිව තිබේ. අල් ජසීරා මාධ්‍යය මගින් සිදු කළ විමර්ෂණයකින් මේ බව හෙළිකරන අතර ගාල්ල ක්‍රීඩාංගනයේ තනතීරූව මෙලෙසින් බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සැකසී තිබෙන බව කියවේ.

    මෙහිදි ගාල්ල ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය කළමණාකරු ලෙසින් කටයුතු කළ තරංග ඉන්දික නැමැත්තා බුකිකරුවන් ලෙසින් පෙනි සිටි අල් ජසීරා මාධ්‍යවේදීන්ට පවසන්නේ මින් කිහිපවතාවක්ම තමන් මෙලෙසින් තනතීරූව බුකිකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ බවය.

    පසුගිය ඉන්දීය තරගාවලියේදී තමන් පිතිකරුවන්ට හිතැති තනතීරුවක් සකස් කළ බවද එම තරගයේදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වූ බවත් තරංග ඉන්දික පවසනවා.

    2017 වසරේ ජුලි මස 26 සිට 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි මෙම තරගය පැවති අතර ඉන්දීය කණ්ඩායම තරගය ලකුණු 304කින් ජය ගත්තේය. මෙහිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 600ක විශාල ලකුණු ගණනක් රැස් කිරීම විශේෂත්වයකි. මෙම තනතීරූවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට කිසිදු සහයක් නොලැබීමද කතාබහට ලක්විය.

    මේ අනුව ශ්‍රී ලංකාව අන්ත පරාජයට ලක්වූ මෙම තරගයේ ප්‍රතිඵලය බුකිකරුවන්ගේ බලපෑමට ලක්ව තිබෙන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීමට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් සිය තනතුරු වලින් නෙරපා තිබෙන බව සදහන්. 

    ගාල්ල ක්‍රීඩාංගනයේ නියෝජ්‍ය කළමණාකරු තරංග ඉන්දික 


    සිදුවීම පිළිබද අල් ජසීරා නිකුත් කර තිබෙන වීඩියෝව,

     

  • රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම නඩුව දෛනිකව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්  නඩු විභාගය ජුලි මස 06 වනදා දක්වා කල් තබන බව විනිසුරු හෙයියන්තුඩුව මහතා නියම කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවයි.ඒ අනුව විත්තිකරුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

    2004 වසර සහ  2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

  • අගමැති අද උතුරුකරය බලා යයි

    අගමැති අද උතුරුකරය බලා යයි

    උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) යාපනය සහ කිලිනොච්චිය යන  දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වීමට නියමිතය.
    වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරිම්, ඉඩම් මුදාහැරීම්, රැකියා සහ යටිතල පහසුකම් සැපයීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති අතර එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ ඒවායේ පවතින අඩුපාඩු සමාලෝචනයට භාජනය කිරිම් අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
    ඒ අනුව අද පෙරවරුවේ  යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකට ද සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරික්ෂණය කරන අතර පසුව කිලිනොච්චිය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැතිවෙන සාකච්ඡාවකට එක්විමට නියමිතය.
    මෙම සාකච්ඡා සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් එක්වීමට නියමිතය.
  • Office Boy ගම්මන්පිලගේ ජංගිය දක්වා පිරුවට රෙදි ගැලවූ ජැනට් ෂෙඩික් කියන කතාව මෙන්න..

    Office Boy ගම්මන්පිලගේ ජංගිය දක්වා පිරුවට රෙදි ගැලවූ ජැනට් ෂෙඩික් කියන කතාව මෙන්න..

    උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.

    එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින්  අද(26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.

    2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.

    නමුත්  මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්,  නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමන් අපේක්ෂා භංගත්වයට මෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

    නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමන්ට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට් මහත්මිය මේ යන ක්‍රමවේදයට ගියහොත් නඩු කටයුතු අවසන් කරගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගතවනු ඇති බවද සඳහන් කරයි.

    උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදාගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන්  ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවද ජැනට් මහත්මිය පවසයි.

    මෙවැනි සිදුවීම් මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳවැටීම සිදුවන බවත් ඔවුන් මෙරට ආයෝජන කටයුතු වලින් ඉවත්වීමට හේතුවන බවද බ්‍රයන් ෂෙඩික් මහතාගේ මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා මහතා පෙද්වා දෙයි.

    බ්‍රයන් ෂෙඩික් මහතා 90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙත් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක්කර ඔවුන්ගේ දේපල අත්පත් කරගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවද ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි.

  • ගංවතුරෙන් අසරණ වූ මිනිසුන්ගේ දුක සැප බලන්න සහන සලසන්න ජනපති මෛත්‍රී හලාවතට…..

    ගංවතුරෙන් අසරණ වූ මිනිසුන්ගේ දුක සැප බලන්න සහන සලසන්න ජනපති මෛත්‍රී හලාවතට…..

    අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (26) පස්වරුවේ හලාවත ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    මේ අතර මහවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීය.

    අවතැන්වූවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව විධිමත්ව කි‍්‍රයාවට නැංවීමට උපදෙස් දුන්නේය.

    අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන අතර ආපදා අවස්ථාවේදී ලබාදිය යුතු සහන පිළිබඳව මෙන්ම ආපදා අවස්ථාව පහව යාමෙන් අනතුරව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එමෙන්ම ආපදාවට ලක්වූ විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයින් වෙනුවෙන් විශේෂ සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙම සියලූ සහන කටයුතු කි‍්‍රයාවට නැංවීමේදී කිසිවිටෙකත් චක‍්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි කි‍්‍රයාත්මක කරන ලෙසත් නිලධාරින්ට දැනුම් දුන්නේය.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදුවූ හානි පිළිබඳව ද මෙහිදී ප‍්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

    මෙම ආපදා අවස්ථාවලදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ප‍්‍රමුඛ ආරක්ෂක සාමාජිකයින් ඉටුකරන මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා, ගංවතුරට කොටු වූ පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් ද සිය කණගාටුව පළ කළ අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු පියවර කඩිනමින් සොයා බලන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම ද ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    එහිදී ද ප‍්‍රදේශයේ ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබඳ සොයා බැලූ අතර එම පාලම කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සදහන් කළේය.

    ඉන් අනතුරුව ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාව රඳවා සිටින නාත්තණ්ඩිය ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීය.

    ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 40 ක පුද්ගලයන් 250 දෙනෙකු පමණ මෙහි තාවකාලිකව රඳවා තිබෙන අතර ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක ද නිරත විය.

  • පාතාල වෙඩි පහරින් මියගිය ‌ද‌ෙහිවල මන්ත්‍රි රංජන්ගේ බාල පුත් සාවිත්‍රගේ අතීත පැටිකිරිය ‌‌‌‌ම‌ෙන්න..

    පාතාල වෙඩි පහරින් මියගිය ‌ද‌ෙහිවල මන්ත්‍රි රංජන්ගේ බාල පුත් සාවිත්‍රගේ අතීත පැටිකිරිය ‌‌‌‌ම‌ෙන්න..

    ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි. ගොනාකෝවිලේ රෝහණ සහ රන්ජන් ද සිල්වා අතර හිතවක්‌කමක්‌ තිබූ බවත් රෝහණ ඇතුළු කල්ලියට රැකවරණය ලබා දීමට රන්ජන් මහතා කටයුතු කර තිබූ බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක්‌ සමග රන්ජන් ද සිල්වා අතර ගැටුම් හටගෙන තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි. 

    තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක් ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015  ජනාධිපතිවරණයේදි සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.

    මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත් ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා. 

    2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්

  • කෙල්ලගේ තට්ටම අනුව ඉපදෙන්න ඉන්න දරුවා ගැන කියන්න පුළුවන් දේවල් මෙන්න…

    කෙල්ලගේ තට්ටම අනුව ඉපදෙන්න ඉන්න දරුවා ගැන කියන්න පුළුවන් දේවල් මෙන්න…

    අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව ලිපියට පහලින්.

    අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා.

    එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.

    විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.

    එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.

    පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා.

    ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ.

    ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.

    මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.

    ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි.

    විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

    තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.

    පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු ශ්‍රී ලාංකික තට්ටම් වීඩියෝව පහතින් ඇති වීඩියෝවේ පස්වන තත්පරයේ සිට.

  • හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…

    හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…

    පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින දයාසිරි ජයසේකර මහතාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (24) දැනුම් දුන්නේය.

    මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.

    රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

  • ගම්මන්පිල හොරෙක් වංචාකාරයෙක්…ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ බිරිඳ කියයි…

    ගම්මන්පිල හොරෙක් වංචාකාරයෙක්…ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ බිරිඳ කියයි…

    තම සැමියාට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් විකිණීමට කිසි දිනක උදය ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයක් මගින් බලය පැවරීමක් නොකළ බව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ බිරිඳ  කොළඹ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

    ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති වයාපාරිකයෙකුට  විකිණීමෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවත් පුද්ගලයකු රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව නඩුව වැඩිදුර විභාගය සදහා කොළඹ මහාධිකරණයේදී කැදවන ලද අවස්ථාවේදීය.

    අධිකරනයට ඉදිරිපත් කර ඇති ඇටෝනි බලපත්‍රයේ අසත්‍ය කරුණු කිහිපයක් ඇති බවත් එවැනි  ලේඛනයක් කිසි විටක ගම්මන්පිල ට ලබා නොදුන් බව සාක්ෂිකාරිය වන ජැනට් එලිසබත්  පැවසුවා . තවද එම ලේඛනයේ ඇති අත්සන තමාගේ අත්සන ලෙසට වෙනත් අයෙකු යොදා ඇති බවත් ඇය මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයේ ඇති කොටසක තිබුණු අත් අකුරු උදය ගම්මන්පිලගේ බවට පවසා සිටියා.

    උදය ගම්මන්පිල තම සමාගමේ සහායකයකු ලෙසට කටයුතු කළ බවත් එහිදී තමා බුද්ධ ධර්මය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වූ විට ඒ ගැන කරුණු විමසීමට සිඩ්නි ජයසිංහ නැමැත්තා තමා උදය ගම්මන්පිල වෙත යොමු කළ බව සාක්ෂිකාරිය පැවසුවා . එහිදී බුදු හාමුදුරුවන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කරුණු විමසූ බව සාක්ෂිකාරිය පැවසුවා. එහිදී ගම්මන්පිල ඔහුගේ අත් අකුරින්  තමාට පිටු කිහිපයකින් යුත් ෆැක්ස් පණිවුඩයක් තමාට එවූ බවත් එම අකුරු කැපිටල් අකුරුවලින් ලියා තිබූ නිසා ඇටෝනි බලපත්‍රයේ ඇති අකුරු ගම්මන්පිලගේ බවට හදුනා ගත හැකි බව සාක්ෂිකාරිය පැවසුවා .

    වැඩිදුර සාක්ෂි විමසීම හෙටට කල් තබන ලදී .

    ඩිජිටල් නොමිනී පුද්ගලික සමාගම හා සම්බන්ධ මෙම ගනුදෙනුව 1997-2000 වර්ෂය අතර කාලය තුල සිදු වී ඇති බවට නීතිපතිවරයා  චොදනා කරමින් උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරන ලදී .

  • දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    රත්මලාන ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දී සිදු වූ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මරණයට පත් විය.

    එසේ මියගියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ය.

    සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමග කතා කරමින් සිටිය දී නාගරික මන්ත්‍රීවරයා එසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ඇතැයි පොලීසිය පවසයි.

    පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දිවගොස් ඇති අතර ඔහු එළවා ගොස් නැවත වෙඩි තබා ඇති බව වාර්තා වේ.

    මියගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ වැඩි මහල් පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා පැවසුවේ මෙම වෙඩි තැබීම රත්මලාන ප්‍රදේශයට ව්‍යසනයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙයවන කුඩු අංජු නමැත්තා විසින් සිදු කළ බවයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ව්‍යාපාරයට එරෙහිව කිසිවකු නැගී නොසිටි අවස්ථාවක ඔහු සහ පියා ඊට එරෙහිව නැගී සිටීමට විරුද්ධව මෙම ඝාතනය සිදු කළ බව සාවිත්‍ර ද සිල්වා පවසා ඇත.

    මීට පෙර ද කුඩු අංජු සහ ඔහුගේ සහෝදරයාවන කුඩු ලංසියා නමැත්තා තමන් ඝාතනයට කිරීමට උත්සහ කළ බව ඔහු පවසයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ජාවාරම පිළිබඳ තමන් සහ පියා පොලිසයට පැමිණිලි කළ බවත් ඊට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන්ගේ (කුඩු ලංසියාගේ සහ කුඩු අංජුගේ) ජාවාරම වැටලු බවත් ඉන් අනතුරු ව තම පවුල සමග මේ පුද්ගලයින් වෛර බැඳගත් බව හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා හෙළි කරයි.

    ඒ හේතුවෙන් ඉකුත් ජනවාරි 03 වැනි දා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සහ කළ බවත් එම උත්සය එම මොහාතේ අසාර්ථක වූ බවත් ඔහු පවසයි.

    අනතුරුව තමන් වෙනුවට සිය පියා මේ පුද්ගලයින්ගේ ගොදුරක් බවට පත් වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

    ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

    එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට පාක්ෂිකයා බලා‍පොරොත්තු වන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
    ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ඇගැයීම් සම්මන්ත්‍රණය පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළ අතර පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන විශාල බලා‍පොරොත්තු ඇති බවත් මීට වඩා වෙනසක් ඇති කරයි කියලා පාක්ෂිකයා බලිපොරොත්තු වූ බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කලේය.
    බලා‍පොරොත්තු වූ වෙනස සිදුවුණේ නැහැ. ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ. කනගාටුයි යනුවෙන්ද පැවැසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී ගමනක් සඳහා ගෙන යා හැකි වෙනසක් සිදුවුණේ නැතැයි ප්‍රකාශ කළේය.
    එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සඳහා අප ගෙන ගිය අරගලය අවසන් වී නොමැති බව එහිදී මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
  • ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….

    ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….

    ජනපතිවරනයට සොහොයුරු ගෝඨා එන්නේ කොහොමද? එයා ඇමරිකා පුරවැසියෙක්. ගෝඨා ෆෝම්වෙලා කියපු කතාවට හදිසියේ කුපාම මහින්ද හමුවු  නීතිවේදින්ගෙන් දැඩි පිළිතුරක්.

    ඊයේ දින එක්තරා ගුවන් විදුලි නාලිකාවකට ගෝඨා භය විසින් සිදුකරන ලද ප්‍රකාශයක වලංගු භාවය පිළිබදව හදිසියේ මහින්ද හමුවු නිතිවේදින් පිරිසක් විසින් ප්‍රශ්ණාර්ථයක් මතුකර තිබෙන බව අපට වාර්තා වේ.

    ගෝඨා භය සදහන් කරන ආකාරයට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ශ්‍රි ලංකාවේ වලංගු නිතියට අනුව හුදෙක් සිහිනයක් පමණක් බවත් ද්විත්ව පුරවැසි භාවය හිමි කිසිවෙකුට ශ්‍රි ලංකාවේ ජනපති පුටුවට පත්විය නොහැකි බවත් මහින්ද හමුවු එම නීතිවේදින් පිරිස කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත..

  • නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..

    නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..

    වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන්ගේ පිරිසිදු පානීය ජල ගැටලුවට වසර 20කට පසු ජනපති මැදිහත්වීමෙන් විසඳුම්

    ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තාවී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (23) බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

    ගුරු වෘත්තීය වෘත්තියකට වඩා උතුම් සේවාවක් ලෙස සැලකූ යුගය සහ ගුරු වෘත්තිය වෘත්තියක් ලෙස පමණක් සලකන වත්මන් යුගය තුළ ඇති වෙනස මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ ගුරු වෘත්තිය යනු ජාතියක් ගොඩනගන සහ රටේ අනාගතය ගොඩනැගීමේ පූර්ණ වගකීම පැවරෙන කිසිදු වෘත්තියකට දෙවැනි නොවන උතුම්ම වෘත්තිය බවයි.

    අද ගුරු සේවයේ සිටින දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිස අතරේ එම උතුම් වෘත්තියට සුදුසුකම් නොලබන සියයට අටක් – සියයට නමයක් අතර පිරිසක් සිටින බව ද සිදුකළ සමීක්ෂණවලින් කරුණු පෙන්වා දී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව නොව සිය සේවයට දක්වන ගෞරවය, කැපවීම, කුසලතාවය සහ දක්ෂතාවය මත පෙන්වන දුර්වලතා අනුව බවද පෙන්වා දුන්නේය.

    ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රයේද පවතින මෙම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම දියුණුව කරා පියනගන ජාතියක් ලෙස ඉතා අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඕනෑම ක්ෂේත‍්‍රයක පිළිගැනීම සහ ගෞරවය ආරක්ෂා වන්නේ එම ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරන පිරිස් සමාජයට ලබාදෙන චරිතවත් බව සහ ආදර්ශය තුළින් බව ද කියා සිටියේය.

    බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අලුතින් ඉදිකරන ලද ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    2018 අපේ‍්‍රල් 28 වන දින බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා ගුවන් මගින් වයඹ විද්‍යාපීඨ කී‍්‍රඩාංගණය වෙත පැමිණි අවස්ථාවේ එම සිසුන් කළ ඉල්ලීම පරිදි මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් වෙන් කෙරුණු අතර, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව එම ඉදිකිරීම් නිම කෙරිණි. ඒ අනුව 2000 වසරේ ආරම්භ වූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආරම්භයේ සිටම පැවති උග‍්‍ර ජල හිඟයට පිළියම් ලබාදෙමින් වසර 20 කට පසු එම සිසුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයට විසඳුම් හිමිව තිබේ.

    නව ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විද්‍යා පීඨයේ විශිෂ්ටතා දැක්වූ සිසුන් සඳහා සහතිකපත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විනි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පා.ම නලින් බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ වයඹ පළාත් අධ්‍යාපන නිලධාරින් මෙන්ම පීඨාධිපතිනිය, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකරන ලද ජල ප‍්‍රතිආශ‍්‍රැතිකරණ පද්ධතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-05-23 වන දින – බිංගිරියේදී)

    ඔබේ විදුපියසට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. සංවර්ධන වැඩ කටයුතුවලදී ගම්වල සහ පොදුවේ ගත්විට ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමේදී සමහර වේලාවට මැති ඇමතිවරු, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවයන් සාකච්ඡා කරනවා.

    නලින් බණ්ඩාර මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවට ගිය දවසේ සිට බිංගිරිය ආසනයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රශ්න මැති ඇමතිවරු සමග කොතෙක් කතා කරන්න ඇතිද. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඇතිද. අනෙක් නිලධාරීන්ට කොපමණ කතා කරන්න ඇතිද. එයින් සමහර දේවල් ඉෂ්ටවී ඇති. සමහර දේවල් ඉෂ්ට නොවී ඇති. ගම්වල ග‍්‍රාම සංවර්ධන සමිතිවල, කාන්තා සමිතිවල, බෞද්ධ සමිතිවල වැඩ කරන අයත් තමන්ගේ ගමේ තිබෙන ප‍්‍රශ්න, පාර හදාගන්න, බොන්න වතුර ගන්න, ගමේ පාසලට ගොඩනැගිල්ලක් ගන්න, ක‍්‍රීඩා පිටිය හදාගන්න, කනත්ත හදාගන්න කොපමණ ලිපි ලියන අය ඉන්නවාද. සමහර වෙලාවට උද්ඝෝෂණය කරනවා. කතා කරනවා. ඒ දේවල් ලැබුණ විට කියනවා මෙය අපේ ගමට ලැබුණේ අහසින් පාත්වෙලා නොවෙයි, ලිපි ලියලා උද්ඝෝෂණය කරලා කෑගහලා උඟුර ලේ රහ වෙනකම් කෑගහලායි කියනවා.

    දරුවනේ ඔබට මේ යම් දෙයක් ලැබී ඇත්නම් එය ලැබී ඇත්තේ එසේ නොවේ. සති තුනකට පෙර මා මෙහි පැමිණි වේලාවේදී මහ ඇමතිතුමා කිව්වා විද්‍යාපීඨයේ දරුවෝ ඉන්නේ කියා. පීඨාධිපතිතුමියත් මා ළඟට ඇවිත් කතා කළා. මහ ඇමතිතුමා කිව්වා වෙසක් උත්සවයට හදිසි වූවත් ළමුන් සමග කතා කර යන්න කියලා. මම ඔබ සමග කතා කළ විටයි මේ ඉල්ලීම ආවේ.

    නාවික හමුදාපතිතුමා ඇතුළු තාක්ෂණික ඉංජිනේරු කාර්ය මණ්ඩලයටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු සංවර්ධන, නිවාරණ අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහත්මයාටත් මම ස්තූතිවන්ත වෙනවා ලබා දුන් උපදෙස් මත එම කාර්යය ඉක්මනින් ඉටු කිරීම පිළිබඳව. විද්‍යාපීඨ පිළිබඳව ගුරු විද්‍යාල පිළිබඳව අවබෝධය සහ අත්දැකීම් මට තිබෙන්නේ ඉතා කුඩා කාලයේ සිටයි. ඒ අන් කිසිවක් නිසා නොව මගේ මව ද ඔබ මෙන් ගුරු විද්‍යාලයක මේ විදියටම පුහුණුව ලැබූ ගුරු වෘත්තියේ කෙනෙක් නිසායි. පොළොන්නරුවේ දුෂ්කර ගම්මානයක හැදුනු වැඩුණු මම පාසලේ පැය පහක් ගත කරද්දී දවසේ පැය 24 න් ඉතිරි මුළු කාලය මම ගත කළේ මගේ නිවසේ. එය තක්සලාවක් වගෙයි කිවහොත් වරදක් නැහැ. අද වගේ නොවෙයි ඒ කාලේ. මම හැදුණු වැඩුණු මගේ ගමට ඔබ ගියහොත් ඔබට දකින්න පුළුවන් කාපට් කරපු ලස්සන පාරවල් සියලු දෙයින් අංග සම්පූර්ණ ගමක් මහා කර්මාන්ත, උද්‍යානයක්, දුම්රිය පොළක් කිසි දෙයකින් අඩුවක් නැති ගමක්. අපි කුඩා කාලයේ හැදිච්ච දුෂ්කර, කටුක පරිසරය තුළ පොළොන්නරුවේ ලක්ෂ උයන විද්‍යාලයට ඔබ වගේම පුහුණු වෙලා පළවැනි පත්වීම ලැබී අපේ ගමට ආවිට බොහෝ අය තමාගේ නවාතැන කරගත්තේ අපේ නිවසයි. මගේ මෑණියන් ගුරු වෘත්තියේ නිසා බොහෝ වෙලාවට ආපුවහම ඉන්නේ කොහෙද කියලා බලනවිට විදුහල්පතිතුමා කියනවා ඔන්න ඔහෙ ටීචර්ලාගේ ගෙදර නම් ඉඩ ඇති පොඩ්ඩක් අහලා බලන්න කියලා. අපේ ගෙදර සෑම විටම අඩු වශයෙන් පස් දෙනෙක් සිටියා. අපේ ගමේ පාසලේ ගුරු මාතාවන් මහත්මයින් අපේ නිවසේ නැවතිලා හිටිය නිසා දවසේ පැය 05 ක් පාසලේදී ඉගෙනගන්නවා වගේම අනෙක් කාලය මගේ නිවස මට තක්සලාවක් වුණා.

    ඒ කාලේ අපේ ගම එච්චර හොඳ නැහැ. කසිප්පු, අරක්කු පිරිලා තිබුණා. එහෙම ගමකින් ජනාධිපතිවරයෙක් බිහිවෙන්න සෙවණ දුන්නේ, මඟපෙන්වීම ඇතිවුණේ මගේ නිවස ද තක්සලාවක් කළ ගුරුවරුන් නිසයි. ඔබේ මේ වෘත්තිය මේ යුගයන් තුළ වෘත්තියක් වූවත් එය සැබෑ ලෙසම අතීතයේ හැඳින්වූයේ වෘත්තියක් ලෙස නොවෙයි. සිදුහත් කුමාරයාගේ උපතත් අධ්‍යාපනයත් ඔබ දන්නවා. එදා සිදුහත් කුමරාගේ උපතේ සිට බුද්ධත්වය දක්වා ඉතිහාසය ඔබ දන්නවා. එදා භාරත සමාජයේ දුෂ්කර වූත් කටුක වූත් සමාජ පසුබිම ඔබ දන්නවා. ජේසු ස්වාමී දරුවන් කුරුසයේ ඇණගැසූ සමාජයේ තත්ත්වය ඔබ දන්නවා. සමාජය සහ මිනිසුන් හොඳ වුණේ සහ නරක් වූණේ මේ යුගයේ විතරක් නොවේ. එය බුදුන් වහන්සේගේ දවසෙත්, ජේසුස් වහන්සේගේ දවසෙත්, මහම්මත්තුමාගේ දවසෙත්, භගවත් ගීතාවේ සඳහන් වන ආකාරයට හින්දු ශාස්තෘවරුන්ගේ් මුල් කාලයේ සිටත් සමාජයේ පැවතුණා.

    යම් ක්ෂේත‍්‍රයක වැඩකරන ඕනෑම කෙනෙක් දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරීයෙක්, ආගමික පූජකවරයෙක්, ව්‍යාපාරිකයෙක් ආදී සෑම කෙනෙක්ම සමාජයට දෙන ආදර්ශය තුළ තමයි තමාගේ වෘත්තියේ හෝ සේවාවේ වටිනාකම්, ගෞරවය හා පිළිගැන්ම පවතින්නේ. අධ්‍යාපන ඇමතිතුමා දන්නවා, ඔබ දන්නවා මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට හා පළාත් සභාවලට අයත් පාසල් දහ දහස් එකසිය ගණනක් අතරේ ඔබේ සේවයේ සිටිනවා දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක්. මම පසුගිය දිනක වාර්තාවක් දැක්කා ගුරු සේවයේ සිටින අයගෙන් හරියටම සියයට අටක් නමයක් ඉන්නවා පැහැදිලි ලෙසම ගුරු සේවයට සුදුසු නැති අය. එහෙම කියන්නේ ඒ අයගේ අධ්‍යාපන සහතිකයේ ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. සේවය කිරීමේදී කුසලතාවය, දක්ෂතාවය තුළ ලබාගන්නා වාර්තා නිසයි. ඒ වාර්තාව මම කියෙව්වා. මේක මේ රටේ ගුරු සේවයේ විතරක් තිබෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ දේශපාලනඥයින්ගෙත් ඒක තමා තත්ත්වය. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14 ක් ඉන්නවා. ඒ ලක්ෂ 14 සමීක්ෂණයක් කළොත් ඔය විදියෙම වාර්තා එයි. ඒ අභියෝගය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මම නම් මගේ පාසල් ජීවිතයේත් මගේ ජීවිත කාලයේත් කවදාවත් උපකාරක පන්තියකට ගිය කෙනෙක් නෙවෙයි.

    මම ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලබපු කාලයේ සමහර ගුරු මෑණිවරු සහ ගුරු පියවරු අපිට කොතරම් ආදරයක් සෙනෙහසක්, දයාවක්, දක්වපු අවස්ථා වගේම අපිව නොසලකා හැරපු අවස්ථා ද මගේ මතකයේ තිබෙනවා. මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු කාලයේ අපිට භෞතික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් හිටියා.

    ඔබ දන්නවා ළමයි ඉගෙන ගන්න එක එක විෂයන්වලට විවිධ ශාලාවලට යනවා. විද්‍යාගාර වලට යනවා, රසායනාගාර වලට යනවා, භෞතික විද්‍යාව ඉගෙන ගන්න ගියාම පටන්ගන්න කොටම සර් කියනවා “අපොයි තමුසෙලාද ආවේ, තමුසෙලාට මම කියන්නම්, මේ ඉන්න එක මිනිහෙක්වත් කවදාවත් හරි මිනිහෙක් වෙන්නේ නැහැ. කමක් නැහැ පාඩම පටන් ගමුකෝ” කියලා පාඩම පටන් ගන්නවා. කලාතුරකින් දවසක තමයි එහෙම ඇහුවේ නැත්තේ. ඉතිං කොච්චර හොඳට ඉගැන්නුවත් ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න පටන් ගන්නේ එහෙමනම් ඒ පුංචි වයසේ දී ඒක මොනතරම් පීඩාවක් ද කියලා. ඔබ මේ ගුරු විද්‍යා පීඨයේ පුහුණුව ලබන කාලේ ඔබේ ආචාර්යවරුන් දේශනවලට ඇවිත් එහෙම පටන් ගත්තොත් ඔබට කුමක් හිතෙයිද?

    මේ ගුරු වෘත්තිය කියන්නේ ජාතියක් ගොඩගන්න වෘත්තියක්. රටක අනාගතය පූර්ණ වගකීමක් තිබෙන සේවයක්. තවත් සේවාවකට කිසිවිටෙකත් දෙවැනි නොවන සේවයක්. ගුරුවරයා හා ශිෂ්‍යයා හඳුනාගැනීමේදී එදා වගේම අදත් අපේ පාසල්වල ගුරුවරයා හා ශිෂ්‍යයා අතරේ ඒ තිබෙන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය, කැපවීම, ගෞරවය වගේම මොනතරම් දරුවන්ට අසාධාරණකම් සිදුවෙනවාද කියලා වාර්තා වෙනවා. සමහර පාසල්වල පන්තිභාර ගුරුතුමිය, නැත්නම් විදුහල්පතිතුමිය, ළමයින්ට කියනවා මට මෙහෙම ප‍්‍රශ්නයක් තිබෙනවා මේ දේ කරන්න, මේ දේ ගේන්න කියලා. සමහරවිට දරුවට ඒ දේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරිවෙන්න පුළුවන්. ඒ කියන දේ දරුවන්ට තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්න බැරිවුණාම ඒ දරුවාට වෙනස්කම් කරන්න පටන්ගන්නවා. මේක අදත් මේ රටේ බරපතළ තත්ත්වයක්. මට දරුවෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාම ඉගෙන ගත්තේ මම වගේම පොළොන්නරුවේ පාසල්වල. 2001 මේ රටේ මහ මැතිවරණයක් තිබුණා. එදා මම නියෝජනය කළ පක්ෂය පරාජයට පත්වුණා. මගේ දරුවෝ තුන්දෙනාට මම ඉගෙන ගත්ත පාසලේ ඉගෙන ගන්න බැරිවුණා. ශිෂ්‍යයින් නෙමේ ගුරු මහත්ම මහත්මීන් නොයෙකුත් දේ කියන්න පටන්ගත්තා. පාසල් ගිහින් ඇවිත් දරුවෝ මාව අල්ලගෙන අඬන්න පටන්ගත්තා. අපිට බැහැ ඉස්කෝලේ යන්න කිව්වා. කවදාවත් මගේ දරුවෝ කොළඹ පාසල් වලට දාන්න කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම විපක්ෂයේ මන්ත‍්‍රී කෙනෙක් වුණාට පසුව මගේ දරුවෝ පොළොන්නරුවෙන් අස්කරලා කොළඹට ගේන්න සිදුවුණා.

    බොහෝ ඈත ගම්වලින් එන මන්ත‍්‍රීවරුන් කරන වැඩක් තමයි ගමේ ඉස්කෝලෙන් තමන්ගේ දරුවන්ව ඉවත් කරගෙන කොළඹ පාසල්වලට දානවා. දිගටම අල්ලගෙන හිටියොත් ඇති. ආයිත් පැරදුණොත් එහෙම දරුවන්ට යන එන මං නැහැ. ආයිත් ඒ ළමයින්ට ඉගෙනගන්න නැතිව ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. මම මගේ ලොකුකමට කියනවා නෙමේ. මේකේ අනෙක් පැත්ත කරපු ලංකාවේ එකම දේශපාලනඥයා මමයි. මම පාර්ලිමේන්තුවට ආවේ 89දී. මම මාර්තුවල දිවුරුම් දුන්නා. මට එතකොට හිටියේ දුවලා දෙන්නා විතරයි. දුවලා දෙන්නා ඉගෙන ගත්තේ මගේ දෙමාපියන්ගේ ගමේ හොඳයි කියන, ජනප‍්‍රියයි කියලා සලකන පාසලක. මම මන්ත‍්‍රී වුණ ගමන් මගේ ළමයි දෙන්නා ඉන් අස් කරගෙන පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. මම අහලා නැහැ මේ වගේ දෙයක් කළ වෙනත් අයෙක් ගැන.

    අපේ මේ තිබෙන සමාජ අභියෝග තේරුම්ගන්න ඕන. ඔබ පාසලට ගියාට පස්සේ දරුවන් භාරගත්තට පස්සේ ඔබේ වගකීම හා යුතුකම ජාතියක් ගොඩනැගීම. ඒ කාර්යභාරයේදී ඔබ ඇසුරට ගන්නේ හොඳින් අධ්‍යාපනය ලබන දරුවා පමණද, හොඳ දක්ෂකම් පෙන්වන දරුවා විතරද?. එහෙනම් ඒක තමයි ඔබ කරන ලොකුම අපරාධය. අවධානයට යොමුවිය යුත්තේ දක්ෂකම් පෙන්වන දරුවා පමණක් විතරක් නෙමේ සියලු දරුවන්ට ඔබේ අවධානය යොමුකිරීම ඔබේ වගකීම බව ඔබ පෙන්වා දෙමින් මාගේ කතාව අවසන් කරනවා.

    ස්තුතියි.

  • ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන

    ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන

    ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක අවශ්‍යතාව පවතින බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.
    කැළණි සහ කළු ගඟ මෙන්ම අත්තනගලු ඔය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
  • වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.

     අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මඟින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කල අතර ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැළකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය. 

  • පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව

    පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව

    මේගන්ගේ තාත්තාගේ පවුලේ අය මට හරියට වෙනස්කම් කළා..”

    “ඒ නිසයි අපි දික්කසාද වුණේ, දුව ගැන සතුටුයි…”

    මේ දවස්වලහැම තත්ත්පරයේම හැම කෙනාම කතා කරන්නේ රජපවුලේ රාජකීය විවාහය ගැන. රාජ කුමාරයෙක් නිකම්ම නිකම් නිළියක්ව කසාද බදින්න යනවා. ඒ නිළිය රාජ කුමාරයාට වඩා වැඩිමල්. ඇය මිට පෙර විවාහ වෙලා දික්කසාද වුණු කෙල්ලක් මේ දේවල් තමයි මාධ්‍ය විකාශය කළේ. නමුත් හැරිට නම් ඒ කතා කිසිවක් ගැන වගක් නැහැ. හිත ගිය කෙල්ලගේ පාට ජාතකය හොයන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ.

    ඔහු ඇයව සරණපාවාගෙන රජමාළිගයට කැදවාගෙන ගියා. ඔහු ඒ විදිහට විවාහ කරගත්තේ තනියම හැදුණු කෙල්ලෙක්, ඇය ඉපදිලා වසර දෙක තුනකින් ඇයවත් ආදරණිය අම්මාවත් අතරමං කර පලාගිය තාත්තා කෙනෙකුගේ දියණියක් කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒ අම්මා හැමෝගෙම දුක් අවලාද මැද දියණිය හදලා ලෝකෙට මුදාහරිනවා. ලෝකයම ඇය දැනගන්නේ හැරී නිසාම නෙමෙයි. ඇය නිලියක් නිසයි. රාජකීය පුතණුවන්ගේ අතිනත ගත් ආදරණිය දියණියගේ විවාහයේදී ඇය අල්තාරයේ තනියම වාඩි වෙලා හිටපු එකත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. ඒ ගැන මාධ්‍ය කතා කරද්දී ඇය කියන්නේ මෙහෙම කතාවක්.

    “Doria Loyce Ragland නමින් මම උපන්නේ වර්ෂ 1956 දී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් මම ජිවත් වෙන්නේ. යෝගා ගුරුවරියක් වගේම සමාජ සේවිකාවක් මම. මම මේගන්ගේ තාත්තා Thomas Markle එක්ක විවාහ වෙන්නේ 1979 දෙසැම්බර් 23. අපි වර්ෂ 88 දී දික්කසාද වෙනවා. මම ඔහු එක්ක ජිවත් වෙන කාලේ ඔහුගේ පවුලෙන් හරියට බැනුම් අහලා තියෙනවා. මාව හැල්ලුවට ලක් කරලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක් එක්කම මම ඔහු එක්ක කාලයක් ජිවත් වුණා. පසුව ඔහු අපෙන් ඉවත් වෙනවා. අපි ගොඩක් සාමාන්‍ය පවුල්වල අය. නමුත් මම හොදින් ඉගෙන ගත් නිසා රැකියාවක් කරලා මගේ දරුවා මේගන්ව මම තනියම හදාවඩා ගත්තා. මට හැමදෙයකටම වඩා දුවගේ අනාගතේ වැදගත් නිසා. ඇය අද සුර සැප විදිනවා. සුර දුතියක් වගේ ලස්සනට ඉන්නවා. මම දුක් වින්දා වගේ ඇය දුක් විදින්නේ නැහැ කියලා මට විශ්වාසයි. හැරී කුමරු මගේ කුමාරිකාව ලස්සනට බලාගනිවී කියලා මම විශ්වාස කරනවා. මගේ දුව සතුටු වෙනවා මම පැත්තකට වෙලා සතුටින් බලාගෙන ඉන්නවා..