Category: සුපිරි Politics

  • සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සුළං කිරිල්ලිය ජාතික රූපවාහිනියේ සභාපති තනතුරේ වැඩ භාරගත්තාය. නමුත් මේ ගමන තුළ, ඈ මෙතෙක් නොකී කඳුළු කතාවක් සැඟව තිබේ. අප දැන් පවසන්නේ ඒ කතාවයි.

    1954 වර්ෂයේ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ ආදරණීය පියා වූ ටියුඩර් කීර්තිනන්ද මහතා, මෙකල නීතීඥවරයෙක් හෙවත් එකල ඇඩ්වකේට්වරයෙක් වශයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය. ඒ කාලයේ නීති විද්‍යාලයේ අවසන් විභාගයෙන් දෙතුන් සියයක් සමත් වූයේ නැත. සමත් වන්නෝ අපේ යුක්තියේ දේවාලයේ මහා කුලුනු බඳු වූහ. 54 වසරේ අවසන් විභාගයෙන් ද සමත් වූයේ හය දෙනෙකි. ඒ අල්පයක් දෙනා අතර සිටි අමතක නොකළ යුතු නම් තුනක් වන්නේ අපගේ කථා නායකයා වන ටියුඩර් අලුත්ගමගේ කීර්තිනන්ද, සරත් මුත්තෙට්ටුවේගම සහ ජනාධිපති නීතීඥ දයා පෙරේරා ය.

    59 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා ජාතික සේවක සංගමය පිහිටුවීමට මුල් තැන ගෙන ක්‍රියා කළේය. එහි ප්‍රථම ලේකම්වරයා ද ඔහුම විය. ටියුඩර් කීර්තිනන්ද මහතා නව ලෝකය සමග එක්ව ගමන් කරන රටේ ප්‍රමුඛ පෙළේ නූතන පක්ෂයකට පණ පිඹිමින් සිටියේය. පසුකලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට පත්වුණේ ද එයින් තුන් වසරකට පසු 1962 වසරේ ය.

    60-70 දශක යනු ‘මුළු දිවයිනටම සාම විනිසුරු‘ පදවිය, අද මෙන් බාල්දු වී තිබූ යුගයක් නොවේ. එය, බැලූ බැලූ අත සාම විනිසුරුවරුන් දැකගත හැකි යුගයක් නොවීය. එනයින්, සාම විනිසුරු පදවියක් ලැබීම දුලබ ගෞරවයක් විය. සැමරීමට තරම් කාරණයක් ද විය. 1972 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබූ විට ඔහුගේ නිවසේ විශාල සාදයක් පැවැත්විණි. ඒ සාදයට පැමිණ සිටිවුන් අතර ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ වූහ. ඔවුන් ‘ප්‍රබලයන්‘ නම්, ටියුඩර් කීර්තිනන්ද මහතා, ඒ ප්‍රබලයන් හට බලය ලබාගැනීමේ මං පෙහෙළි කළ ‘අති ප්‍රබලයෙක්‘ බව පක්ෂයේ සැවොම දැන සිටියහ. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සඳහා ටියුඩර් කීර්තිනන්ද මහතා කළ කාර්යභාරය සුළුපටු නොවේ.

    රටට බියකරු අවිචාර සමයක් උදා වන්නේ ඉන් පසුව ය. ඒ 1988 වර්ෂයයි. දිනපතා මහමග අලුත් මිනී පිළිස්සෙමින් තිබූ, නාඳුනන තුවක්කුකරුවන් හැන්දෑ යාමයේ දොරින් දොර තට්ටු කරමින් උණ්ඩ වියදම් කරමින්, නිරපරාද ජීවිත අත්තනෝමතික ලෙස බිලිගනිමින් සිටි අවිචාර සමයයි. නමක් නැති මරණ ගැන දොරින් දොර කන් වැකුණු සමයයි. මරණයට පෙර මරණ සහතික ලියැවුණු යුගයයි. 1988 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ටියුඩර් කීර්තිනන්ද මහතා, බම්බලපිටිය සාන්ත පාවුළු මිලාගිරි කාන්තා විද්‍යාලයේ උප විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ සිය බිරිඳ කමලා කීර්තිනන්ද පාසලට ඇරලවීම පිණිස සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියේය.

    වේලාව උදෑසන 6.45 විය. එකල නාවල ඔපිලන්ට් කේටර්ස් ඉදිරිපිට වාහන තදබදය තුළ රථයේ ගමන මන්දගාමී විය. වාහන තදබදය තුළ නැවතී තිබූ ටියුඩර් කීර්තිනන්ද මහතාගේ රථයට එකවරම වෙඩි වර්ෂාවක් එල්ල විය. නාඳුනන තුවක්කුකරුවන් පස් දෙනෙක් විසින් වාහනය වට කර තිබණි. ඝාතකයන්, මරණ ලැයිස්තුවේ සිටි සියල්ලන්ම මෙලොවින් තුරන් කරන්නට පිළිණ දී සිටි හෙයින්, වෙඩි වර්ෂාවෙන් පසු බෝම්බයක් ද එල්ල විය. ගිනි ගෙන දැවෙන රථය තුළින් කීර්තිනන්ද මහතා සහ කමලා කීර්තිනන්ද විදුහල්පති මාතාව පිටතට ගන්නට උදව් කළෝ ඒ අවට සිටි ජනතාව ය. අවසන, ටියුඩර් කීර්තිනන්ද මහතාගේ ප්‍රාණය, දේශප්‍රේමී යැයි කියන සංවිධානයක් විසින් දේශයට අහිමි කර තිබිණි. මේ ඝාතනය සිදු කර තිබුණේ එකී සංවිධානයට එරෙහිව ආක්‍රමණකාරී ප්‍රහාරයන් එල්ල කිරීම සතියකට නතර කළ බව රජය විසින් නිවේදනය කර පැය 24 ක් ඉක්ම යන්නට ද මත්තෙනි.

    කමලා කීර්තිනන්ද උප විදුහල්පති මාතාවගේ දිවි බේරී තිබුණ ද ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. අවසානයේ හදිසි ශල්‍යකර්මයක් මගින් පාදයක් ඉවත් කෙරිණි. එතැන් පටන් අද දක්වාම, හරියටම පුරා වසර 30කට ආසන්න කාලයක් ඈ සිය දිවිය ගෙවා දමන්නේ රෝද පුටුවක් මත ය.

    කුප්‍රකට දේශප්‍රේමී සංවිධාන විසින් පනවා තිබූ නිල නොලත් ඇඳිරි නීතියට අනුව එකල සවස් වන විට නිවෙස්වල විදුලි පහන් නිවා දැමිය යුතු විය. අකාලයේ කපා දැමුණු විසල් රුක අහිමි කීර්තිනන්ද මහතාගේ නිවසට එය විශේෂයෙන් අදාළ වූයේ ඔහු ඝාතනය කර තිබුණේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම වූ නිසා ය. එනිසා මළ ගෙදර හඬන්නට හැකි නමුත් ඉකිබිඳීම තහනම් විය. හැඬිය යුතු වූයේ හඬ නොනගා ය.

    සිය ආදරණීය පියාණන්ගේ අකල් වියෝව සිදුවන විට අපගේ කථා නායිකාව වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විවාහක ය. නීති උපාධිධාරිනියකි. ඇය පියාගේ නිසල දේහය දැකීමට සොවින් බර හදින් යුතුව ආවාය. අද ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකුව සිටින පුත් පණ්ඩුක කීර්තිනන්ද සහ අද එංගලන්තයේ ජීවත් වන වැඩිමල් සොයුරිය ප්‍රශාන්ති කීර්තිනන්ද සමග එක්ව වැළපුණාය. නමුත් ඉකි නොබින්දාය. කඳුළු ගඟක් ගැලුවත් ඉකි බිඳීම තහනම් නිසා ය.

    ඝාතනයට ලක් වන විට ටියුඩර් කීර්තිනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ය. එසේම ඔහු පක්ෂයේ විධායක කමිටුවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද විය. මේ, එක්සත් ජාතික පක්ෂයේ විසල් රුක්, නාඳුනන තුවක්කුකරුවන්ගේ පොරෝ පහරින් එක පිට එක ඇද වැටී තිබිණි. 1987 වසරේ දෙසැම්බර් 23 වැනිදා පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ද 1988 මැයි මාසයේ පක්ෂ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ද අවනීතික දේශප්‍රේමීන් විසින් ඝාතනය කර දමා තිබිණි. පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් ඝාතනය කිරීමේ සැලසුමේදී මේ වන විට ඉදිරියෙන් සිටියේ ටියුඩර් කීර්තිනන්දයන් ය.

    ඔවුන් අවසානයේ පක්ෂය වෙනුවෙන් දිවි දුන්නෝ වූහ. ඔවුන් මිය ගියේ, අධික බීමතින් නාන කාමරයේ ඇද වැටීම වැනි සිල්ලර හේතු මත නොවේ. ඔවුන් පක්ෂය වෙනුවෙන් වැඩ කළේ අවට සිදුවන දේ ගැන, ඒ මහා අවදානම ගැන නොදැන නොවේ.

    මේ අවිචාර සමයට පසුව 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි විය. 2001-2004 වසර දක්වා ඔවුන්ට නැවත බලය හිමිවිය. 2015 වසරේ දී නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි විය. දැන් තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂය අවියෝජනීය සංරචකයක්ව පවතින පාලන තන්ත්‍රයකි. නමුත් පක්ෂයේ මහා කොන් ගල් බඳු වූ ටියුඩර් කීර්තිනන්ද ප්‍රමුඛ පෙර කී තිදෙනාගේ සිරිකොතේ තිබෙන ඡායාරූපවල අද වන විට මකුළු දැල් බැඳෙමින් තිබේ!

    එනිසා, තමන්ගේ පාක්ෂිකයන් බිල්ලට දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර, මේ අර්ථයෙන් ගත්කල තිබෙන වෙනස කුමක්දැයි අපි අසන්නෙමු. පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වුන් ගැන මේ පක්ෂවලට අද වගක්වත් තිබේද?

    නාඳුනන තුවක්කුකරුවන් විසින් දිවි සොරාගන්නා විට නීති උපාධිය ලබා සිටි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මුල පටන්ම රැඩිකල් චරිතයකි. ඇයට පිය උරුමයෙන් නාවලපිටියේ අක්කර දහයක තේ වත්තක් හිමිව තිබිණි. ඇය එය විකුණා දමා චිත්‍රපට නිෂ්පාදනය කළාය. බැංකුවලට ණයකාරියක වූවාය. අධිකරණය ඉදිරියේ බැංකුවලට වගඋත්තරකාරියක ද වූවාය. අවාසනයේ සියල්ල අහිමිව මහමගට බසින්නට පවා විටෙක ඇයට සිදුවිය.

    අද, ඇය ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත්කිරීම ගැන පුරුෂාධිපත්‍යධාරී සිවිල් සමාජයේ ඇතැම් සංචරක නොසන්සුන් වී තිබේ. පිරිමියෙකු මුල් පුටුවට පත් කළා නම් ඒ පත් කළ කෙනාගේ සුදුසුකම් තබා නමවත් නොසොයන රටේ ඔවුන් නගන ජුගුප්සාජනක පැනය මෙබඳු ය. ‘‘කාන්තාවක්ම පත් කළ යුතුයි යැයි නියමයක් තිබුණාද?!!“

    මෙකී පත්වීමට මුල් වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී පිලක සිට දේශපාලනය කළ දෙදෙනෙකි. මේ උපහාරය සැබවින්ම ඇයට නොවේ. ඇගේ පියාණන් වූ ටියුඩර් කීර්තිනන්ද නාමයට ය. ඒ බව වටහාගැනීමට තරම් දියුණු මනසක් ඊනියා විවේචකයන් හට නොවේ.

    ටියුඩර් කීර්තිනන්දයෝ රසාලිප්ත පුද්ගලයෙකු වූහ. ඔහු සත්‍යාංගනාවියට සෞන්දර්යය කියා දුන්නේය. ඔහු සමග මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුට සෞන්දර්යයේ යහළු මදනළින් පවන් සැලුවෝ තිදෙනෙක් වූහ. ඒ, මහගම සේකරයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් ය.

    රෝද පුටුවට ජීවිතය එක්තැන් වුවද පුරා තිස් වසරක් මුළුල්ලේ කමලා කීර්තිනන්ද මාතාව නොසැළෙන ඉන්ද්‍රකීලයක් සේ සිය දරුවන් සමග උපේක්ෂාවෙන් යුතුව ජීවත් වන්නීය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනියේ වැඩ භාරගැනීමට පැමිණියේ ඒ මාතාව පෙරටුකරගෙන ය. වැඩභාරගැනීමට පෙර මුලින්ම ඇය ගියේ සිය ආදරණීය පියා නිසල දෑසින් තමන් දෙස බලා සිටින ඡායාරූපය වෙත ය. එය අබියස සිට ඈ නිසැක වශයෙන්ම ඔහුට මේ ගී පද දෙක මුමුණන්නට ඇත. 

    අන්දර යායේ වැව් තාවුල්ලේ – සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට – කෙතේ නිලයි – ගහ වැලේ මලයි මට අප්පච්චී…

  • තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    මුදල් හා ජනමාධ්ය අමාත්‍ය මංගල සමරවීර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබේ.

    අමාත්‍යවරයා විසින් අද (22) දින ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබුනේ රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව හා ණය සේවාකරණය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට ය.

    එසේම හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කල නිසා තමන් මෙම ආරාධනාව නිකුත් කල බවද අමාත්‍යවරයා නිකුත්කල ටිව්ටර් පණිවිඩයේ සඳහන් වේ.

  • ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    තමන් ඇමරිකානු පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරවා ගැනීම සඳහා ‍ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

    ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

    පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

    නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

    ගෝඨා – බැසිල් ගැටුම

    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි

  • මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය.

    මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම  (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

  • ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ පිළිබ`දව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

    එම ගැටලූවලට දැඩි ඕනෑකමකින් ඇහුම්කන්දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලූවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබදව ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවිය.

    බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ත්‍රික්ක සදහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව මහතා සහ පක්ෂ විපක්ෂ පළාත් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    https://www.facebook.com/maithripalas/posts/10156146615016327

  • ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්….

    ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්….

    දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසු දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, පෙළ පොත් සහ පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය වන 1988 ට දැනුම් දිය හැකියි.

    එම තොරතුරු අනුව අදාළ අවශ්‍යතා කඩිනමින් සපයාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළ පොත් සහ පාඩම් සටහන්  කඩිනමින් සපයාදීමට විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

    ඒ අනුව පීඩාවට පත් වූ සිසු දරුවන්ට, ගුරුවරුන්ට හෝ මාපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 හදිසි  දුරකථන අංකය  අමතා ඉහත සහන සඳහා තොරතුරු ලබා දිය හැකියි.

  • විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

    එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

    මේ අතර ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද දුමින්ද දිසානායක මහතාට අපදාවට ලක්වී ඇති ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදුකරන ලෙස උපදෙස්දු න්නේය

    එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ ග්‍රාම ශක්ති වැඩසටහෙන් ඌව පළාත් වැඩසටහන සදහා බදුල්ල නගරයට ගොස් සිටියදී දුරකථනය ඔස්සේ දුමින්ද දිසානායක මහතාට ආපදා තත්වය පිළිබද කරුණු විමසා ඇත. අවශ්‍ය ඕනෑම පහසුකමක් ඉල්ලන ලෙසද එහිදී ජනාධිපතිවරයා විසින් දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇත.

  • ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි

    ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි

    පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
    ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේ දී එම විවාදය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසෙ ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීමක් කර ඇත.කෙසේවෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දහවල් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
  • කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

    කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

    නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත.

    ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහා වන අතර එම අවස්ථාවේ දර්ශන පහතින්……

  • ගැටළු විසදමින් නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට…

    ගැටළු විසදමින් නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට…

    දිවයින පුරා ඇති සියලුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ‍්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.

    ශ‍්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

    මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25ම සහ විදුලි ගී‍්‍රඞ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පවතී.

    කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ගී‍්‍රඞ් උප පොළවල් 35ක පමණි.

    සෑම සම්පේ‍්‍රෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප‍්‍රමාණයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබඳව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙමගින් ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

    එමෙන්ම දෛනිකව ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වෙයි. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතී.

    සම්පේ‍්‍රෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතී.

    සමරු ඵලකය නිරාවරණය කර නව මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි පාලන මැදිරියේ කටයුතු ද නිරික්ෂණය කළේය.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • අතට හම්බවෙන ගාණ නිසා හැමෝගෙම සුරතලියක් වුනු අහිංසකාවියකගේ ඇත්ත කතාව මෙන්න…

    අතට හම්බවෙන ගාණ නිසා හැමෝගෙම සුරතලියක් වුනු අහිංසකාවියකගේ ඇත්ත කතාව මෙන්න…

    වැරදි පාරේ ගියොත් ජීවිතේ කවදාමහරි දවසක වරදිනවා.
    සමහර වැරදි අපිට කවදාවත් හදාගන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරදවලින් නැතිවුණු ජීවිතේ ආයෙමත් ලබාගන්නත් බැරිවෙන්න පුළුවන්.
    මේ ජීවිතේ වැරදි පාරේ ගිහින් ජීවිතය වරද්දගත්තු තරුණියකගේ ජීවිත කතාවයි.

    “”තව දවස් පහයි.. ඊට පස්සේ මම ගෙදර යනවා.”
    ඇය එසේ කියන්නේ දෑසේ කඳුලක් පුරවාගෙන. අමායා හැඩකාරියක්. ඇගේ වයස අවුරුදු 25 යි.

    කොයි තරම් කාලයක් හිරේ හිටියද..?
    අවුරුදු 4 යි.. හිරගෙදර එන්නට හේතුව කියන්න මුලදී ඇය අකමැතිවූවාය.
    නමුදු අපි බොහෝ දේ කතා කළෙමු. ඇය ඇගේ කතාව කියන්නට එකඟ වූවාය.
    මම ඉගෙනගත්තේ ගමේ ඉස්කෝලේ. අපේ පවුලේ ඔක්කොම අටදෙනයි.
    අම්මා විවාහ වෙලා තියෙන්නේ අඩුවයසෙන්. මම පවුලේ හය වැනියා.
    අයියලා දෙන්නයි අනිත් ඔක්කොම ගැහැණු ළමයි.
    තාත්තයි අම්මයි හේන් වැඩ කරන්නේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දුන්නම හේනේ වැඩට යනවා. අපේ ලොකු අයියා වහ බීලා මැරුණා.

    ඒ මොකද..?
    ලොකු අයියා තමයි ඉස්සෙල්ලම විවාහ වුණේ. එයා පදිංචි වෙලා හිටියේ අපේ මහගෙදරට ටිකක් එහායින් ගෙයක් හදාගෙන.
    අයියා කුලී වැඩ කළේ. අයියලා දෙන්නා නිවුන්නු.
    කොහොමහරි ලොකු අයියා නැතිවෙලාවක පොඩි අයියා නෑනට කරදර කරලා තිබුණා.
    මුලින් මුලින් නෑනා අකමැති වුණත් පස්සේ එයා නිහඬවම හිටියා.
    ඒත් මාස ගාණකට පස්සේ ලොකු අයියට මේක දැනගන්න ලැබුණා.
    එයා පොඩි අයියයි නෑනයි එක්ක රණ්ඩු කළා.
    පොඩි අයියා ලැජ්ජාවට වහ බිව්වා. පොඩි අයියා මැරිලා සුමානෙකට විතර පස්සේ ලොකු අයියා වහබිව්වා.
    ඒත් එයාව බේරගන්න පුළුවන් වුණා. අයියා හොඳ වෙලාවට ගෙදර ආවට පස්සේ නෑනගෙන් අයින් වුණා.
    ඒදෙන්නා දික්කසාද වුණා. අම්මයි තාත්තයි තවමත් පොඩි අයියා මැරුණු දුකෙන් ඉන්නේ. ලොකු අයියට පොඩ්ඩක් කල්පනාව අඩුයි වගේ.
    ඉන් පස්සේ අපේ පවුලට තිබුණ හයිය නැතිවෙලා ගියා.
    අක්කලත් වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. එයාලත් අඩුවයසින් විවාහ වුණා. අක්කලා දෙන්නා විවාහ වෙලා ගමෙන් පිට ගියා.
    නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි විතරයි ඉතිරි වුණේ.

    කීයට යනකම් ඉස්කෝලේ ඉගෙන ගත්තද..?
    මම සාමාන්‍යෙපළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගන්න උනන්දු වුණේ නැහැ.

    ඊට පස්සේ මොකද වුණේ..?
    අම්මයි තාත්තයි හැමදාම හේනේ වැඩ. නංගිලා දෙන්නා ඉගෙන ගන්නවා. හේන් කළාට හුගක් සල්ලි හොයන්න බැහැනේ.
    මම හිතුවා මම රස්සාවකට යන්න ඕන කියලා. මම රස්සාවල් හෙව්වා.
    නමුත් ඉගෙනගෙන නැති නිසා ලොකු රස්සාවල්වලට යන්නත් බැහැ. ඒත් මම රස්සාවකට කොළඹ ආවා.

    ඒ කොහෙද..?
    පත්තරේ දැන්වීමක් තිබුණා. රූපලාවන්‍යාගාරයකට පුහුණුවෙන්න ළමයි ගන්නවා කියලා. මම ඒක දැක්කා.
    ගමේ අයියා කෙනෙක් ඒ කියන්නේ බාප්පගේ පුතා එක්ක මම කොළඹ ආවා. එදා එතැනට ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියා.
    මාව තේරුණා. පහුවදා ඉදන්ම එන්න කිව්වා.
    අපි හොඳ වෙලාවට ඇදුම් අරගෙන ආවේ. අලුතින් ආපු ගෑණු ළමයින්ට බෝඩිමක් ලැබුණා. මාත් හිටියේ ඒකේ. ගමෙන් ආව අපේ ඇදුම් ඒ ගොල්ලන්ට හොඳ වුණේ නැහැ. හැම වෙලාවෙම මැඩම් කිව්වේ ලස්සනට ඉන්න කියලා. අපිට ලස්සනට ඉන්න මැඩම් හොඳට වියදම් කළා.
    දවල් දවසේ සැලුන් එකේ වැඩ කරපු අපට නිල ඇඳුමක් ලැබුණා. ඒ ඇඳුම් ඇදන් ඉන්නවා දැක්කමනම් අම්මා මට බනිනවා. ගවුම තිබුණේ දණහිසෙන් උඩට. කර හොඳට කපලා. කොටින්ම කිව්වොත් බොහොම සුළු කොටසයි වැහිලා තිබුණේ.

    රූපලාවන්‍ය විතරමද කළේ..?
    මුලින් මුලින් අපිත් හිතුවේ රූපලාවන්‍ය විතරයි කියලා.
    ටික දවසක් ගියාට පස්සේ තමයි දැනගත්තේ රූපලාවන්‍යාගාරය පිටිපස්සේ මසාජ් ක්ලින්ක් එකකුත් තියනවා කියලා. ඒකේ වැඩ කරන්න හම්බවුණේ ලස්සන සුදු කෙල්ලන්ට.
    මමත් සුදු නිසා මටත් ඒකේ වැඩ කරන්න ලැබුණා.
    මං වැඩ කළේ කැමැත්තකින් නෙවෙයි. ඒත් සතියක් දෙකක් යද්දි මට ඒක හුරුවුණා. එක එක ජාතියේ පිරිමි එතැනට ආවා.
    ගොඩක්ම ආවේ අවුරුදු හතලිහ පැනපු අය. හිතට මහා අමුත්තක් දැනුනත් අතට හම්බවෙන ගාණ ගැන හිතලා මම රස්සාව කරගෙන ගියා.

    වෙන කරදර තිබුණේ නැද්ද..?
    ඇයි නැත්තේ..? අපේ මැඩම් වැඩිය කැමති ගැහැණු ළමයින්ට. අපිට එයා වෙනුවෙන් ඉන්නත් වුණා. එයාගේ මහත්තයත් අපිව එයාගේ කාමරයට ගෙන්න ගත්තා. මේ කිසිම දේකට මම මුලදි කැමතිවුණේ නැහැ. ඒත් අම්මා අංශභාග රෝගියෙක් වුණා.
    නංගිලා අම්මට අසනීපයි කියලා දන්නලා එව්වම මං හොඳටම ඇඩුවා.
    එදාම රෑ නෝනයි මහත්තයයි මාව ගමට එක්කගෙන ගියා.
    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. මම දවස් පහක් විතර ගෙදර හිිටියා.
    අතේ සල්ලි ඉවරවෙනකොට මට ආයේ කොළඹ එන්න සිද්ධ වුණා..

    වෙන රස්සාවක් හෙව්වේ නැද්ද..?
    නැහැ.. මම ආයෙත් නෝනා ළඟටමයි ගියේ. මම හිතාගත්තා අපිට එතනින් තොර ලෝකයක් නැහැ කියලා.
    මම අම්මට බෙහෙත් කළේ ඒ ලැබුණු පඩියෙන්.
    නංගිලාට වියදම් කළේ එතැනින් ලැබුණු සල්ලිවලින්.

    ගෙදර අය දන්නවද කොහෙද රස්සාව කළේ කියලා..?
    කවුරුවත් දන්නේ නැහැ. හැමෝම දන්නේ මම කොළඹ ගාමන්ට් එකක රස්සාව කරනවා කියලා..

    හිරේ එන්න වුණේ ඇයි..?
    ඇත්තටම ඒක වුණේ මගේ වරදින්. මම කොල්ලෙක් එක්ක යාළුවුණා.
    එයාගේ නම සමන්ත. සමන්තලට සල්ලි තිබුණා. එයා අපේ නෝනා හම්බවෙන්නත් එනවා.
    සමන්ත ආව හුගක් දවස්වල මට තමයි එයාව බාර වෙන්නේ.
    එහෙම තමයි අපි යාළුවුණේ. සමන්ත කුඩු බිස්නස් කරන බව මම දැනගෙන හිටියේ නැහැ. සමන්ත මා එක්ක යාළුවුණේ එයාට මගෙන් වාසි ගන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ.
    සමහර දවස්වලට සමන්ත මැඩම්ට කියලා මාව එළියට එක්කගෙන යනවා. එයා එහෙම ගිය දවසට මාව චිත්‍රපටය්‍රක් බලන්න කෑමකට ඒක්ක යනවා.
    සමහර දවස්වල මම ඒයත් ඒක්ක ක්ලබ්වලටත් යනවා. දවසක් ඒයා මට බෑග් ඒකක් දුන්නා. බබී ඔයා මේක අර පාරේ එහා පැත්තේ ඉන්න කෙනාට දෙන්න කියලා. මට සමන්තව විශ්වාස නිසා මම ඒ බෑග් එක දුන්නා. එදා බෝඩිමට යද්දි සමන්ත මට රුපියල් විසිදාහක් දුන්නා. මම එයාගෙන් ඇහුවා ඇයි මේ තරම් සල්ලි දෙන්නේ කියලා. එයා මට කිව්වා ආදරේට කියලා. මම ඒක විශ්වාස කළා.
    කාලය ගෙවිලා ගියා. මගේ නංගිලා විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ ගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. අම්මා මැරුණා. තාත්තා ගමේ හිටියේ. මම මගේ අක්කලව නංගිලව හැමෝම බැලුවා. ඒත් කවුරුත් මගෙන් ඇහුවේ නැහැ සල්ලි ලැබෙන විදිහ.
    දවසක් අපේ තැනට පොලිසියෙන් පැන්නා. එදා අපිට බේරෙන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ඊට කළිනුත් පොලිසියෙන් පැන්නා. ඒ හැම පාරම නෝනා අපිව බේරගත්තා. අපිව අල්ලන්න ආව පොලිස්කාරයෙක් එක්ක මම රණ්ඩු වුණා. හේතු තමයි ඒ පොලිස්කාරයා අපි ඉන්න තැනට නිතර යන එන කෙනෙක්. ඒත් එයා එදා අපිට සමාවක් දුන්නේ නැහැ. ඒකට හේතුව එයා නෝනගෙන් ලොකු ගාණක් ඉල්ලලා. ඒක දෙන්න අකමැතිවුණු නිසා තමයි අපිව පොලිසියෙන් ඇල්ලුවේ.

    දැන් හිරෙන් නිදහස් වෙලා කොහෙද යන්නේ..?
    ගෙදර යනවා.. මම හිරේ හිටපු කාලේ නෝනයි මහත්තයයි දෙන්නම මාව බලන්න ආවා.
    ඒ ගොල්ලෝ මට කියන්නේ ආයෙත් එයාලා ගාවට එන්න කියලා. ඒත් ඒ කාලකන්ණි ජීවිතයට මම කැමති නැහැ. මම හිතාගත්තා ගෙදර යන්න.
    තාත්තා වයසයි.. නංගිලාට ඒ ගොල්ලන්ගේ කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. මම ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. පුංචි කඩයක් පටන් ගත්තම ජීවත් වෙන්න පුළුවන්.. නංගිලා මාව අහකදාන එකක් නැහැ.

  • වැසිකිලි පහසුකම් නැතුව ඉන්න බැරි නිසා ලක්ෂ 57ක මුදල් වැසිකිළියට දමා රෝසි වැඩ අරඹයි

    වැසිකිලි පහසුකම් නැතුව ඉන්න බැරි නිසා ලක්ෂ 57ක මුදල් වැසිකිළියට දමා රෝසි වැඩ අරඹයි

    කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.

    මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

    පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.

    මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

  • අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

    අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

    උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරුද්ධ පොල්ගම්පොලව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක් තුළ ජනපතිවරයා ඔහුව තනතුරෙන් ඉවත් කළ අතර ඔහුට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ පී. දිසානායකද රුපියල් මිලියන 20 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්විය.

  • සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරේ කරක් ගැසූ ගෝඨා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල සමග ගැසු ගේම් මෙන්න

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ ය. කිසිදා දැක නොතිබූ මේ පුද්ගලයා පිළිබඳව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයා වන ‘චිචී ’ හෙවත් රෝහිත් රාපක්ෂට ඇති විය. ඔහු තම අයියා ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් මෙසේ ඇසීය.

    “කවුද යෝ මේ ඩයල් එක..?“

    ‘චිචී’ගේ කථාව එම පුද්ගලයාට ඇසුනද ඔහු එය නෑසුනා සේ ඉවතට ඇවිද යමින් දුරකථන ඇමැතුම් ගැනීමේ නිරත විය.

    “ඔය අපේ තව එක බාප්පා කෙනෙක්. මෑන් ඊයෙ පෙරේදා තමයි ඇමරිකාවේ ඉඳන් ඡන්ද වැඩ වලට ඇවිත් තියෙන්නේ.“ ‘යෝ’ තම මලනුවන්ට පැවසූවේය.

    “ආ මෑන්ද අපිට චොක්ලට් එවන ඇමරිකාවේ බාප්පා ?“

    “අපෝ මෙයා එවන චොක්ලට්, ටිකක් අප්සෙට් ඩයල් එකක්ලු…බලාගෙන“

    මලනුවන්ගේ කනට කොඳුරා අනතුරු ඇඟවූ යෝෂිත යන්න ගියේය.

    ‘ගෝටා බාප්පි’ රාජපක්ෂ පුතුන් මුල්වරට දැක්කේ ඒ ආකාරයෙනි. මන්ද යත් ඔහු ඇමරිකාවට ගිය පසු ඒ දක්වා වසර 15 ක් යන තුරු ලංකාවට පය තබා නොතිබූ බැවිනි. රාජපක්ෂ පුතුන්ට පමනක් නොව ශිරන්තිට, බැසිල්ට පමනක් නොව චමල්ටද ‘ගෝටා බාප්පි‘ අප්සෙට් ඩයල් එකකි. ලක් වාසීන් බොහොමයකට ද ගෝඨා පිලිබඳ ඇත්තේ ඒ සිතුවිල්ලම ය.

    ඇමෙරිකාවේ පදිංචියට ගිය බැසිල් මහින්දගේ දේශපාලනයට යලි හේත්තු වූයේ 2004 අග භාගයේදී ය. බැසිල් හීන්සීරුවේ මහින්ද යටතේ වූ මහා මාර්ග අමත්‍යංශයට රිංගා ගත්තේ ය. මග නැගුම ව්‍යාපෘතියේ තනි අතේ ඩීල් කරුවා වූයේ බැසිල්ය.

    2005 මැතිවරණයේ මහින්ද මුහුන දුන් ලොකුම අභියෝගය මුදල් හිඟ කමය. හෙල්පින් හම්බන්තොට සුනාමි සහන අරමුදලට පවා සුද්දය දුන්නේය. කොටි හිතවාදීන්ගෙන් පවා මැතිවරණයට මුදල් ගත්තේය. බැසිල්ගේ ව්‍යාපෘතිය වූ මග නැගුම හැදූ පාරවල් කෙසේ වෙතත් මහින්දගේ මැතිවරණ ව්‍යාපෘතියට නම් එහි මුදල් අත්වැලක් විය. මහින්දගේ 2005 ජනපති සටනේ පළමු වටයේ පෝස්ටර් ටික පවා අලවා ගත්තේ ජ.වි.පෙ ට පින්සිදු වන්නට ය.

    මහින්දගේ 2005 මැතිවරණ සටන වෙනුවෙන් ප්ලේන්ටියක් හෝ වැය කිරීමට ගෝටාබයට නොහැකි විය. සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරු මිදුලේ ඔබමොබ ඇවිදිමින් සිටි ගෝටාබය නිකමෙකු විය. කිසිවෙක් ඔහු සමග කථා කිරීමට හෝ නොගියේය. ඔහු එක දිගට හමුදාවේ පැරණි සගයින්ට කථා කරමින් මුදල් උපකාර ඉල්ලුවේය. යුද්ධයට බියේ පලා ගොස් හමුදාවේ උන් උන්නා ද මලා ද නොබැලූ ඔහුට කිසිවෙකුගෙන් වචනයෙන් හෝ උදව්වක් නොලැබින. සරත් ෆොන්සේකාට ද කතා කළ ගෝටා ඔහුගෙන්ද මුදල් ඉල්ලා තිබුනි. මුදල් නොමැති යයි කී විට හමුදා සාමාජිකයන්ගේ ගෙවල්වල ලිපින ලැයිස්තුවක් ඉල්ලා තිබුනි.

    ඉහල හමුදා නිලධාරීගේ බොහොමයක් නිල නිවාස පිහිටා තිබුනේ බෞද්ධාලෝක මාවතේ ය. ගෝටාබය මොවුන්ට දුරකථන ඇමතුම් දුන්නා පමනක් නොව උදව් ඉල්ලීමට ඔවුන් මුන ගැසීමට ද ගියේය. ‘දෙන්නම් කාසි‘ මිස ඉන් එහා යමක් ඉහල නිලධාරීන්ගෙන් ද නොලැබිනි. ගෝටාබය සමග කථා බහට හෝ සෙට් වූයේ ඉහල නිලධාරීන්ගේ පරිවාර කටයුතු සඳහා අනුයුක්ත කර සිටි මැද පෙලේ නිලධාරීන්ය. ඔවුන් ගෝටාබයට එකල ඇමතුවේ මචං කියාය.

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    එකෙකු ගෝටා වෙත පැවසුවේය. මේ කථාව ඇසූ ගෝටාබයට පොඩි ගැම්මක් ආවේය. සිය සමකාලීන ජ්‍යෙෂ්ඨයන් තමන් පඩයකට ගණන් නොගන්නා තත්වයක් තුල ගෝටා සිටියේ එල්ලෙන්න වැල් නැතුවය . ‘සීනියෝරිටි ගැප්‘ එක අමතක කළ ගෝටා දෙවන පෙළේ උන් සමග පෑහුනේය.

    මේ අතර තීරණාත්මක මැතිවරණයකින් එල්ටීටීඊය උතුරේ ඡන්ද වර්ජනය කළ නිසා මහින්දට ජය අත්විය.

    මතු සම්බන්ධයි..

    කීර්ති රත්නායක විසිනි
    (ගෝටා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල උන් සමග දුන් වැඩ සටහන් මීලගට)

  • රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…

    රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…

    රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනී තබයි…

    ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

    පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවක වන ඥානඅක්කාගේ දේවාලයට රාජපක්ෂලාගේ ජනපති බල අරගලයේ ගැටුමක් හේතුවෙන් ගිනී තබා විනාශ කර තිබේ.

    ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

    ඥානඅක්කා,ශීරන්තිට පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ රාජ යෝග ඇත්තේ නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට පමනක් බවයි.ඒ සදහා තවත් වසර 10ක පමණ කාලයක් දුක විදිමින් කාලය ගත කලයුතු බවද පවසා තිබේ.

    පසුව මේ සම්බන්ධයෙන් ශීරන්ති මහින්ද සමග පවසා ඇති අතර කටින් කට ගොස් ඇති එම අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ පවුලේ 2020 ජනාධිපති අපේක්ෂකයන් විමේ අසාවෙන් පෙලෙන රාජපක්ෂලා සහ ඔහුන්ගේ වන්දිබට්ටයන් මරාවෙශ වි තිබේන බවයි වාර්තා වන්නේ.

    මේ අතර රාජපක්ෂවරු කිසිවෙකුටත් නැවැත රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි බව, මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ පස් දෙනෙකුගේ හඳහන් පරීක්ෂා කර බැලූ අති දක්ෂ ඉන්දියානු දෛවඥයෙකු විසින් රාජපක්ෂ පවුලේ උදවියට දන්වා ඇතැයි මැදමූලන වලව්වට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාව යෝජනා කරන බව එම පෙරමුණේ සිටින වාසුදේව නානායක්කාර ඇතුලු කණ්ඩායම කියා සිටින අතර, විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු කණ්ඩායම උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය.

    ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත්, ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව එළැඹෙන 2025 ජනපතිවරණයට තම වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂව සූදානම් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වී ඇති බැවින්, ඉහතකී දෛවඥයාගේ පිහිට පතා ඇත්තේ නාමල්ගේ අනාගතයට අවහිර නොකරන පුද්ගලයා කවුද යන්න සොයා ගැනීම යැයි මැදමූලන ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

    අදාල දෛවඥයා මැදමූලනට කැඳවා ගෙන විත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ හඳහන් ඔහු වෙත ලබා දුන් බවත්, දින දෙකක් පුරා මැදමූලන රැඳී සිටි දෛවඥයා එම හඳහන් සියල්ල පරීක්ෂා කළ බවත්, ඉන් අනතුරුව එක් එක් පුද්ගලායා පිලිබඳව සවිස්තරාත්මක පලාඵල විස්තර කථනයක් ලබා දුන් බවත්, ඊට අනුව රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත් මැදමූලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

    දෛවඥයාගේ පලාඵල කථනයෙන් අනතුරුව මේ වන විට රාජපක්ෂ පවුල තුළ මහත් අරබුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් , ගෝඨාභ, බැසිල් හෝ ශෂීන්ද්‍ර යන අය අතුරින් කිසිවෙකුටවත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි තත්ත්වයක් තුළ , ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳව මහත ව්‍යාකූල තත්ත්වයක් මේ වන විට මතු වී තිබේ.

    මේ තත්ත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරයට ගමන්කොට, ඒ සඳහා දේශපාලනයට හෝ රාජපක්ෂවරුන්ට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති රටේ පිලිගත් පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුය යන්නය.

    ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවලදී , ඔහුට ඒ සඳහා සෘජු පිලිතුරක් ලබා දීමටනොහැකි වී ඇත්තේ මෙම ව්‍යාකූල තත්ත්වය නිසා බව මැදමූලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

  • දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ

    2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්‍ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු මෙන්ම ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව සමග සමීප සබඳතාවයන් පවත්වන උග්‍ර ෆෙඩරල්වාදියෙකු ගෙන්විම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත.

    උග්‍ර දෙමළ ඩයස්පොරාවේ ඉත්තෙකු වන මහාචාර්‍ය රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් ගෝඨාභය පිළේ කිහිප දෙනෙකුම රැස්විම අවසානයේ විමසා ඇති අතර එහිදි ගෝඨා සදහන් කර ඇත්තේ “ඡන්ද දිනන්න බෑ ඒ වගේ මිනිස්සු නැතුව ” යනුවෙනි.

    එදා මහින්ද රාජපක්ෂ,ගෝථාභය රාජපක්ෂ ඇතුළු හමුදාවේ ඉහළ නිළධාරින් මිනීමරු LTTE ය සමග යුද වැදී සිටින විට රොහාන් ගුණරත්න මහතා හිටියේ LTTE යට පක්ෂපාතී ස්ථාවරයකය.ඔහු එදා ප්‍රකාශ කළේ LTTE සංවිධාන යුදමය වශයෙන් පරාජය කළ නොහැකි සංවිධානයක් බවයි.ඔහු එම මතය ලොව පුරා තහවරු කිරීමට ප්‍රධාන ලෙස දායක වූ ජාත්‍යන්තර යුද විශ්ලේශකයෙකි.

    ගෝඨාභයගේ වියත් මගේ 2030 වසර දක්වා ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආරක්ෂක උපායන් සම්බන්ධව දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්‍ය රොහාන් ගුණරත්න වන අතර ඔහු ආරක්ෂක කටයුතු සම්බන්ධව විශේසඥයෙකි.එසේම දේශපාලන අපරාධ හා ත්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර ගවේශකයෙකි.ඔහුගේ ගවේෂණ කටයුතු පසුගිය දශකයේ බටහිර ආක්‍රමණයන්ට ලක්වූ සියලු රටවල් පදනම් කරගෙන සිදුකර ඇත.ප්‍රසිද්ධ “the lost revelation”(අහිමි විප්ලවය) හා සුප්‍රසිද්ධ ” inside al qaeda global network of terror ” යන පොත් රචනා කළ අයෙකුද වේ.

    මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ 2020 ජනාධිපතිවරණය ජය ගැනිමට නම් දෙමළ සහ් මුස්ලිම් ඡන්ද අතිශය වැදගත් මෙන්ම තීරණාත්මකම ඡන්ද විම හේතුවෙන් දැන් තියාම ගෝඨාභය තමන් සම්බන්ධයෙන් සුළු ජන කොටස් අතර මතය වෙනස් කිරිම සදහා දැන් සිටම මෙහෙයුම දියත් කරමින් සිටින බවයි එහි එක් පියවරක් ලෙස මහාචාර්‍ය රොහාන් ගුණරත්න කැදවිම දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ.