Category: සුපිරි Sports

  • පුහුණු කරන්න මහේල පොඩි වැඩියිලු…. තිලංගගෙන් අමුතු කතාවක් කරලියට..

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    විදෙස් රටක සිට දුරකතනයෙන්  අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

    ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයී.

    පුහුණුකරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට  සාකච්ඡා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියා.

    [rns_reactions]

  • දස්කම් පාන අපේ අසේලට BPL ශූරයන්ගේ බැල්ම වැටේ..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ එකතු වූ වටිනාම සොයාගැනීමක් ලෙස හැදින්විය හැකි අසේල ගුණරත්න කෙරෙහි පසුගිය වර බංගලාදේශ ප්‍රිමියර් ලීග තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.

    තවමත් මෙම අවස්ථාව පිරිනමන බවට නිල වශයෙන් තහවුරු කර නැති අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ තම කණ්ඩායම සමඟ එක්වීමට යන අමුත්තා අනුමාන කරන ලෙස අසේල ගුණරත්නගේ නමේ අකුරු අපිලිවලට දැක්වෙන ජයාරූපයක්   මෙලෙස පළකර ඇත.

    asela-gunaratne

    ඩකා කණ්ඩායම සමඟ ප්‍රබල ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර,සහීඩ් ඇෆ්රෙඩ්,ෂේන් වොට්සන්,මොහොමඩ් අමීර් සහ සුනිල් නාරයන්ද විදෙස් ක්‍රීඩකයන් ලෙස පසුගිය වසරේ ක්‍රීඩා කළහ.

    [rns_reactions]

  • මට චන්ද්‍රපෝල් වෙන්න බෑනේ.. සමුගැනීම ගැන ඇසු විට සංගක්කාරගෙන් අමුතු කතාවක්..

    කුමාර සංගක්කාර සහ ශිවනරීන් චන්ද්‍රපෝල් යනු ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන අයුරින් නම සටහන් කරගත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකි.දෙදෙනාම වමත් පිතිකරුවන් වන අතර චන්ද්‍රපොල්ගේ අපුරු පිතිහරඹ රටාව කිසිදා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවනු ඇත.සංගාගේ සුපිරි දක්‍ෂතාද එසේමය.

    මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට මේ වසරේ ක්‍රීඩා කරන අතර දෙදෙනාම දැන් ජාත්‍යන්තර පිටියට සමුදී ඇත.

    සංගා සරේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වද්දී චන්ද්‍රපෝල් ලන්කර්ශයර් කණ්ඩායම සමඟ එකතුව සුපිරි දක්ෂතා පෙන්වමින් සිටී.කුමාර සංගක්කාරට වඩා අවරුදු 3ක් වයසින් වැඩි චන්ද්‍රපෝල් තවමත් ක්‍රිකට් පිටියේ සුපිරි දක්ෂතා දක්වද්දී සංගා සමුගැනීමට ඉක්මන් වන්නේ ඇයි දැයි  cricbuzz.com විමසු විට සංගා අපුරු පිළිතුරක් දී ඇත.

    “ශිවි කියන්නේ මහ අමුතු හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,එයා අපිත් එක්ක තිබුන තරඟයකදී ලකුණු 182 ක් ගත්ත කිසිම මහන්සියක් නැතුව.ඉතින් සමහර වෙලාවට අපි දෙන්නගේ දක්ෂතා සංසන්දනය කලාම අපි එක වගේ කියල හිතනවා ඇති,හැබැයි අපි දෙන්නගේ මානසික තත්වය එක වගේ වෙන්නේ නෑනේ,

    මම හිතන්නේ මම සමුගන්න හොඳම වෙලාව තමයි මේක කියල,මේ අව්රුද්දෙ සරේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා.මටත් හොඳ අත්දැකීමක් දක්ෂ තරුණ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න ලැබුන එක.ඒ වගේම එයාලටත් පුළුවන් වුනා මගේ අත්දැකීම වලින් වැඩක් ගන්න.මේ තරුණයන් එක්ක සරේ කණ්ඩායමට හොඳ ගමනක් තියෙයි අනිවාර්යයෙන්ම.”

    මෙම තරඟ වාරයේ චන්ද්‍රපෝල් සහ සංගා වැනි ජාත්‍යන්තර තරඟ වලින් සමුගත් ක්‍රීඩකයන් සුපිරි දක්ෂතා දැක්වීමට හේතුව ජාත්‍යන්තර ක්‍රිකට් සහ ප්‍රාන්ත ක්‍රිකට් අතර තිබෙන වෙනසදැයි සංගාගෙන් ඇසු විට සංගක්කාර අපුරු පිළිතුරක් දී ඇත.

    “මට එකට උත්තරේ දෙන එක ටිකක් අමාරු වැඩක්,මොකද එහෙම වෙනසක් නෑ,අපි හොඳ පිතිකරුවෝ නිසා ලකුණු ගන්නවා කියල මට කියන්න බෑනේ,ඔයාම හිතල බලන්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ගහන අය එංගලන්ත ජාතික කණ්ඩායමට ආවම ලොකු වෙනසක් තියනවද කියල.දැන් ප්‍රාන්ත ගහන රෝලන්ඩ් ජෝන්ස්,කරන් සහෝදරයෝ දැන් ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ එක්ක ඇත්තටම ලොකු වෙනසක් නෑ,එංගලන්තයේ ප්‍රාන්ත තරඟ කියන්නේ ඇත්තටම ගොඩක් තරඟකාරී තැනක්.දේශීය ක්‍රීඩකයෝ වගේම විදෙස් ක්‍රීඩකයනුත් එතන ඉන්න නිසා මම හිතන්නේ නෑ ජාත්‍යන්තර තරඟ,ප්‍රාන්ත තරඟ කියල ලොකු වෙනසක් තියනවා කියල.”

    [rns_reactions]

  • එංගලන්තයේ රෝයි ආන්දෝලනාත්මකව ඉතිහාසගත වෙද්දී, දකුණු අප්‍රිකාව ජයගනී.

    දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

    මේ තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු රකින්නනට බාදා කිරීම නිසා දැවී ගිය අතර ක්‍රිකට් ඉතිහාසයේ T20 තරඟයක ඒ ආකාරයෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස රෝයි ඉතිහාසගත වූ අතර රෝයි දැවී නොයන්නට එංගලන්තයට ජය හිමිවන්නටද වැඩි ඉඩක් තිබිණි.

    තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුල ලකුණු 174 ක් ලබාගැනීමට සමත් වුනේ නායක ඩිවිලියස් සහ ආරම්භක පිතිකරු ස්මුට් ලබාගත් වේගවත් ඉනිම් සමඟය.පන්දු යැවීමේදී ටොම් කරන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

    ලකුණු 174 හඹා යාමට පැමිණි එංගලන්තයේ මුල් පෙළ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත් විය.අන්තරජාතික ඉනිම 11 කට පසුව ජේසන් රෝයි අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ජොනී බ්‍රස්ටෝ අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය.

    අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 12ක් අවශ්‍ය වුවද එංගලන්තයට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණි.තරඟයේ අවසන් පන්දුවාරයේ 5වන පන්දුවට හතරේ පහරක් එල්ල කිරීම සමඟ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් අවශ්‍ය වුවද අන්ඩෙල් පිෂකොලොවා අවසන් පන්දුව ලකුණු නොදී යොමු කිරීම සමඟ දකුණු අප්‍රිකාවට ජය හිමි විය.

     

    1011

    [rns_reactions]

  • සීකුගේ ප්‍රසන්නගේ තැනට වයස 19යේ ක්‍රිකට් තරුව කැඳවයි ද…?

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන  සීකුගේ ප්‍රසන්න පුහුණු වීම් අතර තුර ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට එළබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව යාහැකි බව පැවසේ.

    ප්‍රසන්නගේ තැනට තෝරා ගැනීම සඳහා  තේරීම් කමිටුවේ අවධානය තවත් නවක ක්‍රීඩකයකු වෙත යොමුව තිබෙනවා. ඒ වනිදු හසරංගයි. මේ අනුව බොහෝ විට ප්‍රසන්න  වෙනුවට හසරංග කණ්ඩායමට එක් වීමේ අවස්තාවක් ඇත.

    මෙම තරගාවලිය  ශ්‍රී  ලංකාවේ පැවැත්වීම සහ සිම්බාබ්වේ කණ්ඩායම  සමග පැවැත්වීම හේතුවෙන් නවක ක්‍රීඩකයකු අත්හදා බැලීමට මෙය අවස්තාවක් කර ගන්නවා නම් වැදගත් වේ.

    හසරංග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර ඉන් පසුව ක්‍රිකට් ආයතනය චැම්පියන්ස් කුසලානය සඳහා සංචිතය තෝරා ගැනීමට පැවති එක්දින තරඟාවලියදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

    තවමත් 19 වන වියේ සිටින මේ තරුණ ක්‍රීඩකයා මෙතෙක් සහභාගී වී ඇති තරඟ වලදී  පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙන්නේ ක්‍රිකට් තරුවක් වන පෙරනිමිති පහල කරමිනි.

    capture-20170625-051341

    [rns_reactions]

  • තරඟාවලිය ඇරඹීමට පෙරම, සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි..

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය මෙම මස 30 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.මෙම තරඟාවලියට සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්කොට්ලන්තය සමඟ සහ නෙදර්ලන්තය සමඟ එක්දින තරඟාවලි දෙකකට සහභාගී වීමෙන් අනතුරුවය.

    සිම්බාබ්වේ කණ්ඩායම දක්වන දක්ෂතා මේ වන විට තරමක පසුබෑමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අනතුරු ඇඟවීමට සමත් වී ඇති අතර,නෙදර්ලන්තය සමඟ තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සිම්බබ්වේ කණ්ඩායම සමත් වී ඇත.

    තරඟාවලියේ පළමු තරඟයේ සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක චාතුර්යා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර දෙවන තරඟයේ නෙදර්ලන්තය ලබාගත් ලකුණු 291 හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හයකින් තරඟාවලිය ජයගැනීමට සමත් වුනේ වර්ෂාව නිසා ඉලක්කය පන්දුවාර 37 කදී ලකුණු 230 කිරීමෙන් අනතුරුවය.

    මෙම තරඟයේ සුපිරි පිතිහරඹයක නිරත වූ සොලමන් මීරා සහ ක්‍රෙග් අර්වින් අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.ශ්‍රී ලංකාවට එන ආසන්නම ප්‍රතිවාදීන්ගේ ආසන්නම දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විටත් හොඳ අවබෝදයකින් සිටීනම් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පහසු එකක් වනු ඇත.

    [rns_reactions]

  • මම ඔය දෙන්න ගැනම හොඳට දන්නවා. -ඩේව් වට්මොර් කෝලි සහ කුම්බ්ලේ ගැන කියන කථාව

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුහුණු කරු ලෙසින් කටයුතු කල ඩේව් වට්මෝර්, කුම්බ්ලේ  කෝලි ගැටුම පිළිබඳව අදහස් දක්වා ඇත.

    වට්මෝර් විරාත් කෝලි ගැන හොඳ අවබෝදයක් ඇති පුද්ගලයෙකු වන්නේ කෝලි 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙමින් ලෝක කුසලානය ඉන්දියාවට ලබාදෙන විට ඉන්දීය 19 පහල කණ්ඩායම පුහුණු කලේ වට්මෝර් වීම නිසාය.

    වට්මෝර් පවසන්නේ කුම්බ්ලේ සහ කෝලි එකම ජාතියේ බඩු දෙකක් බවයි.දෙදෙනාම තමන්ගේ මතයේ දැඩිව සිටින පුද්ගලයන් දෙදෙනෙකු බව වට්මෝර් පවසා ඇත.

    “ඇත්තටම ඒ ප්‍රශ්නය ටිකක් අසාමාන්‍ය දෙයක්,මට පේන විදියට මේ දෙන්න අතර වැරදි වැටහීමක් වගේම හොඳ සන්නිවේදනයක් නැති එක තමයි ප්‍රශ්නේ.මේ වගේ ප්‍රශ්න වලින් ක්‍රීඩකයන් ට වත් පුහුණු කරුවටවත් වාසියක් වෙන්නේ නෑ,අනික මේ වගේ ප්‍රශ්නයකට මේ තරම් ප්‍රසිද්දියක් ලැබෙන එක ඒ තරම් හොඳ දෙයකුත් නෙවෙයි.”

    “කුම්බ්ලේ කියන්නේ ගොඩක් දුරට තමන්ගේ මතයේ දැඩිව ඉන්න කෙනෙක් කොලිත් ඒ වගේම තමයි,මම කොලිගේ හැටි හොඳට දන්නවා මොකද කෝලි 19 පහල නායකත්වය දරද්දී මම තමයි පුහුණු කරු,ඒ විදියට දැඩි මත දාරියෝ ඉන්නවා එයාල එක්ක වැඩ කරන්නත් ක්‍රමයක් තියනවා ඒක තේරුම් අරගෙන වැඩ කරනවානම් ඇත්තටම මේ ප්‍රශ්න එන්නේ නෑ.කෝලි කියන්නේ හරි කෙලින් මිනිහෙක් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි.”

    ඇත්තටම පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන් සමඟ ගනදෙනු කල යුතු ආකාරයද මෙම ප්‍රවීණ පුහුණු කරුවා පැහැදිලි කර ඇත.

    “හැම වෙලාවකම හොඳ පුහුණු කරුවා හොඳ නායකයෙක් වගේම හොඳ කළමනාකරුවෙක් වෙන්න ඕන.විවේකාගාරය හරි සුහදශීලී තැනක් කරන්න ඕන.කණ්ඩායම ඇතුලේ හැම කෙනාටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් පරිසරයක් හදන එකත් පුහුනුකරුවගේ වගකීමක් වෙන්න ඕන.”

    ඉන්දීය කණ්ඩායමේ පුහුණු කරුවා වීමට වට්මොර්ගේ කැමැත්තක් නැති නිසා ඔහු එම තනතුරට ඉල්ලුම් කලේ නැති බවත් එම තනතුරට රවී ශාස්ත්‍රී සුදුසුම පුද්ගලයා බවත් වට්මෝර් වැඩි දුරටත් පවසා ඇත.

    [rns_reactions]

  • ලංකාවට අගයක් නැති සංගා එංගලන්ත තේරීම් කමිටුවට – ඔබ නොදත් පුවත මෙන්න…

    හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යෙහිම ඉහල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ඨයෙකු වන නිසාම කුමාර් සංගක්කාරට එංගලන්තයේ පූජණීය MCC ක්‍රිඩා සමාජයේ කොලින් කවුඩ්‍රී දේශනය කිරීමට පවා ආරාධනා ලැබුනු අතර ටෙස්ට් තරගවලින් සමුගැනීමත් සමගම එංගලන්තයේ විමබ්ල්ඩන් ටෙනිස් තරගාවලිය රාජකීයන්ට වෙන්වූ පීඨීකාවේ සිට නැරඹීමට හැකි තරමටම සංගක්කාරට එංගලන්තයේ පිළිගැනීමක් ඇත.

    අසල්වැසි ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුර ආපදාවක් පැමිනි විට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිහඩව සිටි අවස්තාවේ වහාම ක්‍රියාත්මක වී ඉන්දියාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වීම නිසාද සංගාගේ කීර්ති නාමයට ජාත්‍යන්තර මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් හිමි උනා. මේ කීර්තිනාමය නිසාම වර්තමානයේ එංගලන්තයේ සරේ කණ්ඩායමට ක්‍රිඩා කරන කුමාර් සංගක්කාරගේ  අදහස් එංගලන්තය පුරාම දැඩි අවදානයට ලක්වේ.

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිබදව නිරතුරුවම අවධානයෙන් සිටිමින් සිය අදහස් දක්වන සංගා පසුගිය දිනක එංගලන්ත තරුණ ක්‍රීඩකයෙකු පිළිබඳව විශේෂයෙන් කථා කර ඇත.

    එම ක්‍රීඩකයා ජේසන් රෝයි ය.ඔහු පසුගිය කාලය තුල ජාත්‍යන්තර පිටියේ තරමක අසාර්ථකභාවයක් පෙන්වූ අතර ඒ නිසා චැම්පියන්ස් කුසලානයේ එංගලන්තය පකිස්ථානය සමඟ ක්‍රීඩා කල අවසන් තරඟයේ රෝයිගේ තැනද ඔහුට අහිමි විය.

    නමුත් සංගක්කාර එංගලන්ත මාධ්‍යයට පවසා ඇත්තේ ජේසන් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයකු බවයි.

    එංගලන්ත මාධ්‍යයට අදහස් දක්වා ඇති සංගා පවසා ඇත්තේ

    “මම නම් හිතන්නේ නෑ,ජේසන් කණ්ඩායමේ අසාර්ථක වුන කාලයක් තිබුන කියල,මට පුදුමයි පකිස්ථානය එක්ක තරඟයට එයා හිටියේ නැත්තේ ඇයි කියල.ඔහුට පුළුවන් එක ඉනිමකින් තරඟයක් වෙනස් කරන්න,මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ජේසන් පකිස්ථානය එක්ක තරඟයේ ජේසන් තරඟය වෙනස් කරන ඉනිම ක්‍රීඩා කරයි කියල.”

    “ජේසන් වගේ ක්‍රීඩකයෙක් ඉන්නව කියන්නේ කණ්ඩායමකට ලොකු ශක්තියක්.එයාගේ පන්දු රැකීමත් සුපිරියි.මම හිතන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ට නරක කාලයක් තියනවා,ජේසන් වගේ ක්‍රීඩකයෙක් අතාරින්නෙ නැතුව වැරදි තියන තැන් හදාගන්න එක තමයි හොඳම දේ.”

    සංගා පැවසු කථාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නැවතත්  එංගලන්ත කණ්ඩායමේ  රෝයිගේ තැන ස්ථාවර වී තිබීම විශේෂ්ත්වයකි. ජේසන් රෝයී කුමාර් සංගක්කාරගේ සරේ කණ්ඩායමම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! දයාට අභියෝග කල මාලිංගත් දයාවෙන් සංචිතයට….

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
  • අවසන් මොහොතේ සියල්ල සලකා බලා මහේල තීරණය වෙනස් කරයි…

    ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එළඹෙන නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරඟාවලිය සඳහා ලන්කර්ශය ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ගෙන තිබු තීරණය වෙනස් කරමින් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    මහේලගේ මෙම තීරණය පුද්ගලික කරුණක් නිසා ගත් තීරණයක් බවත් වාර්තා වේ.මහේල ලබන මස මුලදී ලන්කර්ශයර් කණ්ඩායම සමඟ එකතු වීමට සැලසුම් සකස් කර තිබිණි.

    මෙම තීරණය සම්බන්දයෙන් ලන්කර්ශයර් පුහුණුකරු ග්ලෙන් චැපල් තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

    “ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා මහේලගේ මේ තීරණය ගැන,අපි මේ වෙලාවේ කණ්ඩායමක් විදියට සැලසුම් සකස් කරමින් ඉන්න වෙලාව.”

    තමන්ගේ තීරණය පිළිබඳව මහේල ද අදහස් දක්වා ඇත,

    “ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා සැලසුම් කල විදියට ලන්ක්ෂයර් කණ්ඩායම එක්ක එකතු වෙන්න බැරි වුන එක ගැන,මම සුබපතනවා මේ අව්රුද්දෙ ලන්කර්ශයර් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න කියල.

    [rns_reactions]

  • දයාසිරිගේ නිර්දේශයෙන් දුර්වල පන්දු රැකීමේ පුහුණුකාර නික් පොතා ප්‍රධාන පුහුණුකාර ධුරයට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිර නැති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පොතා පත් කිරීමට නියමිතය.

    ආරංචි වන අන්දමට පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුනවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇත.

    ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතාවයන්ට පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ පන්දු රැකීමේ පුහුණුකරුවා ඒ තනතුරෙන් උසස් කර ප්‍රදාන පුහුණු කරු තනතුරට පත් කිරීම විමතියට කරුණකි

    [rns_reactions]

  • ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නිවුන් දරු උපතක්… ඔබ නොදත් කතාව මෙන්න…

    ටෙස්ට් ක්‍රිකට් මාතාව විසින් මීට වසර 140 කට පෙර තම පළමු දරුවන් දෙදෙනා ලෙස ඕස්ට්‍රේලියා,සහ එංගලන්ත නිවුන් දරුවන් ලෝකයට බිහිකළ පසුව තමන්ගේ 11 වන සහ 12 වන දරු දෙදෙනා ලෙස ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය නමින් තවත් නිවුන් දරු උපතක් සිදු කර ඇත.

    ටෙස්ට් ක්‍රිකට් මාතාවගේ මෙම දරුවන් ලැබීම කාලයක් පුරා විලිබරව සිට සිදු කල දරු උපතක් වන අතර අවසන් වරට මැය ටෙස්ට් ක්‍රිකට් ළදරුවෙක් බිහි කලේ මීට වසර 17 කට පෙරය.එම දරු උපතෙන් බිහිවූ බංගලාදේශය දැන් හිරිමල් යෞවනයෙකි.මෙම අලුත් ටෙස්ට් ක්‍රිකට් උපත පිළිබඳව පුවත මාද්‍ය වාර්තා කර තිබුනේ මෙසේය.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිව තිබේ. ලන්ඩන් නුවරදී  (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත.

    මෙම රටවල් දෙකත් සමගම ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 12 දක්වා වැඩිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ මීට වසර 17 කට පෙරදීය. ඒ බංග්ලාදේශයට ටෙස්ට් වරම් පිරිනැමීමෙනි.

    වසර 1981 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයන් වූයේ රටවල් 7 ක් පමණි. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූ අතර 1992 දී සිම්බාබ්වේ කණ්ඩායම පූර්ණ සාමාජිකයන් අතරට ඇතුළත් කරගන්නා ලදි. වසර 2000 දී බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගම ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩිවිය.

    පාකිස්තානයට උතුරින් පිහිටි ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන උනන්දුවක් තිබුණ අතර වසර 2011 සිට නිල වශයෙන් එක්දින ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට ලැබිණ. වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.

    වසර 2007 සිටම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අයර්ලන්තය 2007 දී පාකිස්තානු පිල පරාජය කිරීමද සමත් විය.

    [rns_reactions]

  • කෝලි දුකෙන් වියරු වැටිලා දෝනිට කෙලින්න යන අයුරු මෙන්න…

    ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදි ලැබු නොසිතු පරාජය නිසා ඉන්දීය කණ්ඩායමේ වෙනස් කම් රැසක් සිදු කිරීමට නායක විරාත් කෝලීට අවශ්‍යව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

    මෙහි මුල් පියවර ලෙස කණ්ඩායමේ පුහුණුකරුගේ සේවය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත් නොවන බව විරාත් කෝලී දැන්වීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
    අනිල් කුම්බ්ලේ ඉන්දියාවේ ඉතාමත් ජනාදරයට පත් වූ ක්‍රිඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි.

    ජ්‍යේෂ්ඨත්වය හෝ ඔහුන්ගේ කීර්ති නාමය යන කිසිවෙක්  නොසලකා නැවත කිසිදු තරගාවලියක් පරාජය නොවීමට ගත ‍යුතු සෑම දැඩි පියවරක්ම ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බව විරාත් කෝලී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා. ඒ අනුව බොහො විට ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයන් වන මහේන්ද්‍ර සිං දෝණී සහ යුවරාජ් සිංගේ පවා ස්ථාන වෙනස් වීමට හැකි අතර ලද පරාජයෙන් විරාත් කෝලී දැඩි ලෙස සිත් රිදීමකට පත්ව තිබෙන බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆිට්නස් ටෙස්ට් එක කරපු හැටි මෙන්න…

    ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකල මීටර විස්ස කෙටි දුර ධාවන ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එළි දක්වා තිබෙනවා. ඒ අදාළ පරීක්ෂණය සිදු කරන අයුරු දැක්වෙන ඡායාරුප මගින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙන සුපිරි පහසුකම් වලින් යුත් ක්‍රිඩාගාරයක පිතිකරණයේ යෙදෙන ටර්ෆයක් මත අදාළ කෙටි දුර ධාවන පරීක්ෂණය සිදු කර තිබෙනවා,

    වරකට දෙදෙනා බැගින් මෙහි ධාවනයේ යෙදෙන අතර කාළය මනින්නෙ පුහුණුකරුවෙකු විසින් විරාම ඝටිකාවක් උපයෝගි කර ගනිමින්.

    කෙසේ නමුත් ස්වයංක්‍රීය කාළය මැනීමේ උපකරණ භාවිතා නොකර විරාම ඝටිකා මගින් කාළය මැනීමේදි නිවැරදිම ප්‍රතිඵල ලබා ගැනීම අපහසු වනබව ක්‍රිඩා විචාරකයන් පෙන්වා දෙනවා.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම මහේලට! මෙන්න හේතුව(EXCLUSIVE)

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

    ඔහුගේ හදිසි නික්ම යාමත් සමග  ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

    මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද අප වෙත වාර්තා වුණා.

    කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

    මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද අප වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

    [rns_reactions]