Category: සුපිරි Sports

  • ඉන්දියාවේ රෙදි ගැලවු සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක්

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් අද (17) නව ටෙස්ට් ක‍්‍රිකට් වාර්තාවක් බිහි කළා. 

    ඒ, 2001 වසරෙන් පසු ප‍්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. 

    ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඔහු යැවූ පළමු පන්දු 46දී පිතිකරුවන්ට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකිවූයේ නැහැ. 

    මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කොදෙව් කණ්ඩායමේ ජෙරුමි ටේලර්. ඒ, නිලකුණු පන්දු 40ක් යවමින්. 

    සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    [rns_reactions]

  • වැස්සක් කල හදියක්

    ඊයේ දිනයේදී වැස්සෙන් බාදා එල්ල වුන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අත හැර දැමීමට තීරණය වුනා

    තරඟය නැවතත් අද දිනයේදී ආරම්ඹ කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ

    දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දෙමින් හිටිය ඉන්දීය පිල කඩුලු 3ට ලකුණු 17 එක් කරගෙන හිටියා

    නායක විරාත් කෝලි ඇතුළු කඩුලු තුනම සුරංග ලක්මාල් ගෙන්

    අරම්බක පිතිකරු ලෝකේශ් රාහුල් සහ කෝලි ලකුණු නොලබාම දැවී ගියා

    ඊයේ තරඟය නවත්වන විට සුරංග ලක්මාල් පන්දුවාර 6 යවා තිබු අතර, ඒ එකකවත් ඉන්දීය පිලට ලකුණු රැස් කරගත නොහැකි විය

  • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට… වාසියෙන් කඩුලු දෙකක් බිඳ වැටේ – තරගයට වැස්සෙන් බාධා

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ කඩුළු 02ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටින්නේ පන්දුවාර 8යි පන්දු 2ක් හමුවේයි.

    [rns_reactions]

     

     

  • හතුරුසිංහගේ පැමිණීම ස්‌ථිරයි… දයාසිරි කියයි

    හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා.

    චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා ඊයේ (15 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටි අතර බංග්ලාදේශයේ ලබාදී තිබු අධික වැටුප හා පහසුකම් සියල්ල දමා ආපසු පැමිණීමට ඔහු ගත් තීරණය අගය කළ යුතු බවද ප්‍රකාශ කළා.

  • ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද …

    තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී. 

    ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තියෙනවා

    දෙරට අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග 3 බැගින් පැවැත්වෙනවා. 

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියට සහභාගිවීමට පෙර අදහස් දක්වමින් කියා සිටියේ කණ්ඩායම යහපත් මානසික මට්ටමක මේ වනවිටත් පසුවන බවයි.

    මේ අතර අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

    India (probable): 

    1 KL Rahul, 
    2 Shikhar Dhawan, 
    3 Cheteshwar Pujara, 
    4 Virat Kohli (capt.), 
    5 Ajinkya Rahane, 
    6 Rohit Sharma, 
    7 Wriddhiman Saha (wk), 
    8 R Ashwin/ Ravindra Jadeja, 
    9 Bhuvneshwar Kumar, 
    10 Mohammed Shami, 
    11 Umesh Yadav.

    Sri Lanka (probable): 

    1 Dimuth Karunaratne, 
    2 Sadeera Samarawickrama, 
    3 Dhananjaya de Silva, 
    4 Dinesh Chandiwal (capt.), 
    5 Angelo Mathews, 
    6 Niroshan Dickwella (wk), 
    7 Lahiru Thirimanne/ Dasun Shanaka ,
    8 Dilruwan Perera, 
    9 Suranga Lakmal, Rangana Herath, 
    11 Lahiru Gamage/ Vishwa Fernando

  • ” ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා ” ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!

    වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම සමත් වුනා. ඒ අනුව කලාපයේ ප්‍රබලම ක්‍රිකට්‌ රාජ්‍ය වන ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු 19 කින් අදාළ ජය ලැබීමට නේපාල යෞවනයෝ සමත් වුනා.
     
     “මේ අපිට ඉතිහාසගත ජයක්‌. මේ ජය වෙනුවෙන් ඉන්දියානු පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් නිහතමානීව අපිට සුබ පැතුවා. ඔහු කීවා අපි මේ ජයග්‍රහණයට ගොඩක්‌ වෙහෙසුන බව. කවදාවත් අපි ඉන්දියාව පරාජය කර නැති නිසා මේක අපිට ලොකු සතුටක්‌.” යෑයි සිය ජයග්‍රහනය පිළිබදව අදහස් දක්වමින් නේපාල පුහුණුකරු බිනෝද් කුමාර් ඩෑෂ් මාධ්‍යයට පවසා තිබෙනවා.

    තමන් බලාපොරොත්තු නොවු අයුරින් නේපාල කණ්ඩායම ක්‍රීඩා කළ බවත් , ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට තමන් සුභ පතන බවත් ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවීඩ් නේපාල කණ්ඩායම හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායම ලැබූ පරාජය පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුනා,.
     
     තරගයේ ලකුණු තත්ත්වය
     
     නේපාල යොවුන් කණ්‌ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8ට ලකුණු 185 යි. (ජිමේන්ද්‍ර තාකුර් 36, දිපේන්ද්‍ර සිංග් 88, අභිෂේක්‌ ෂර්මා 38/2 යි.)
     
     ඉන්දියානු යොවුන් කණ්‌ඩායම පන්දුවාර 48.1 කදී සියල්ල දැවී ලකුණු 166 යි. (හිමන්සු 46, මනෝර් කල්රු 35, අභිෂේක්‌ ෂර්මා 27, දිපේන්ද්‍ර සිංග් 39/4 යි.)

    [rns_reactions]

  • පෝල් ඇඩම්ගේ ලාංකීය පුනරුප්පත්තිය

    හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්, ලංකාවේ නැවත ඉපදී ඇති බව කියන කතාවක් ලොව පුරා කතා වෙනවා. මේ කතාවට මුල් වෙන්නේ අවුරුදු 19න් පහල ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලි සංචිතයට ඇතුලත් වුන අමුතුම පන්දු යවන්නෙක්.

    ඒ යොවුන් ක්‍රීඩක කෙවින් කොත්තිගොඩයි.

    මේකට හේතුව ඔහුගේ විශේෂ පන්දු යැවීමේ ඉරියව්වයි.

    Image result for kevin koththigoda

    දකුණු අප්‍රිකානු පෝල් ඇඩම්ගේ ඉරියව්ව මේකට සමානයි.

    ජාත්‍යන්තර මාධ්‍ය නම් කියන්නේ පෝල් ඇඩම්ගේ නැවත පැමිණීම කොත්තිගොඩ කියලයි.

    පහලින් තියෙන්නේ කොත්තිගොඩ පන්දු යවන ආකාරය වීඩියෝවක්

    පෝල් ඇඩම් ගේ වීඩියෝවක් පහතින්

     

     

  • ලයිට් විකට්

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නම් නොවුනට එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය ගැන දන්නවද?

    Image result for zing wicket system

    සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙන්.

    ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින් සමන්විත විකට් කූරු නිෂ්පාදනය කරන්නේ ප්ලාස්ටික් වලින්.

    ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ආලෝක ධාරා නිකුත් වන විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වූයේ 2013 වසරේ ජුලි මාසයේදී.

    එතැන් පටන් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LED බල්බවලින් සමන්විත විකට් කූරු සහ බේල්ස් යොදා ගැනිණි.

    කඩුලු මත තිබෙන බේල්ස් ඉන් ගිලිහුණු විට ක්‍රීඩකයා දැවී යාමට ලක් වන අතර එවැනි සියුම් අවස්ථාවක් විනිශ්චය කිරීම ඇතැම් විටක විනිසුරන්ට අපහසු කටයුත්තක්.

    නමුත් ‘Zings’ ලෙස නම්කර ඇති අධිතාක්ෂණික විකට් කූරු සහ බේල්ස් නිසා එවැනි විනිශ්චයන් ලබා දීම තවදුරටත් දුෂ්කර නොවේ.

    බේල්ස් හා විකට් කූරු අතර වන ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග ක්ෂණයෙන් බේල්ස් හා විකට් කූරුවලට සවි කොට ඇති LED බල්බ ක්‍රියාත්මක වේ.

    Image result for zing wicket system

    සෙල්ලම් බඩුවක්?

    ආලෝකය දැල්වෙන විකට්ටුව නිර්මාණය කිරීමේ ගෞරවය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රොන්ටේ එකමන්ට හිමි වන අතර ඔහුට ඒ පිළිබඳ මුල්වර සිතුවිල්ලක් පහළ වන්නේ සිය දියණියගේ සෙල්ලම් බඩුවක් ඇස ගැටීමෙන් අනතුරුවයි.

    බේල්සයකට සමාන විශාලත්වයෙන් යුත් සිය දියණියගේ සෙල්ලම් බඩුවක් තුළ LED බල්බ දැල්වෙන ආකාරය ඔහුගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

    Image captionබේල්ස් දෙකෙළවර හා විකට් කූරු අතර ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග LED බල්බ දැල්වේ

    නව ක්‍රමයේදී බේල්ස් යුගලයට විදුලිය සපයනු ලබන්නේ අඩු වෝල්ටීයතාවයක් (low voltage) සහිත විදුලි කෝෂ (batteries) දෙකකිනි.

    විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට ඇත.

    Image result for zing wicket system

    ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් (radio signal ) නිකුත් කෙරෙනවාත් සමග විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ ද දැල්වේ.

    විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.

    ඒ හේතුවෙන් සිය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්‍රදාය අතීතයට එක් වනු ඇත.

  • ක්‍රිකට්‌ පිටියෙන් ගිය රොෂාන් මහානාමගේ අගය කල යුතු දෙවැනි ඉනිම

    පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තීරකයෙක්‌ වශයෙන් කටයුතු කරනු ලබන රොෂාන් මහානාම මහතා පැමිණ තිබේ.

    ඉකුත්දා පිහිටි SOS ගම්මානය වෙත පැමිණි ඒ මහතා එදින උදැසන වරුවම එහි රැඳී සිටින දරුවන් හා ඔවුන්ට මව් සෙනෙහස ලබාදෙන මව්රුවන්ගේ සුවදුක්‌ විමසමින් කාලය ගතකර තිබේ. රොෂාන් මහානාම මහතා දරුවන් සමග ක්‍රිකට්‌ ක්‍රීඩාකළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

    [rns_reactions]

  • නව ක්‍රීඩා ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව හතුරුසිංහට හදිසියේම ජනපති මෛත්‍රීගෙන් ඇරයුමක්

    දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ.

    හතුරුසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද ඇරයුමක් අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තහවුරු කරයි.

    හතුරුසිංහ මහතා නව පුහුණුකරු ලෙස 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවට විශ්වාස කෙරේ.

    මීට පෙර බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර මහතාද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එක් වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

    [rns_reactions]

  • ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය චන්දික හතුරුසිංහ ගැන මෙහෙම ලු කියන්නේ

    බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියනවා

    හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති බව ඒ වාර්තා වල සඳහන් වන්නේ.

    ඊට අමතරව එම තනතුර භාර ගැනීම පිලිබඳ, ඕස්ට්‍රේලියාවේ ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් යන පුහුණුකරුවන් ගෙන්ද විමසීම් සිදුකරලා තියෙනවා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් කිව්වේ මෙම සියලු පුහුණුකරුවන් අදාළ තනතුර භාර ගැනීමට පෙර තමන්ට අවශ්‍යතාවක් ඇති වූ විට ගිවිසුමෙන් ඉවත් වෙන්න කොන්දේසියක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි

    බංග්ලාදේශ පිලේ දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ

    කොහොම උනත්, නොවැම්බර් 15 වැනිදායින් පසු බංග්ලාදේශයට පැමිණ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි හතුරුසිංහ දැනුම් දීලා තියෙන්නේ

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ගැන එරට ක්‍රිකට් බලධාරීන් මේ වෙනකන් තීරණයක් අරගෙන නැහැ කියලයි

  • චමින්ද වාස් යලි විවාහ වෙයි..

    ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

    ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

    ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා.

    ඔහු මෙසේ විවාහ වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේදී හමුවූ බර්නි ද අල්විස් නම් කාන්තාවක් සමගයි.

  • විස්සයි විස්සෙන් සුපිරි පිතිකරු ඉවතට

    සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා. 

    ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නිමාවු නවසිලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝණි දක්ෂතා අතරට නොපැමිණීම සහ තරුණ ක්‍රිඩකයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. 

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 20 වනදා ආරම්භ වනවා.

    මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට්, විස්සයි විස්ස, එක්දින තරඟ තුන බැගින් පැවත්වෙන අතර එම තරඟාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

    ශ්‍රී ලංකා කණ්ඩායමක් විදේශ සංචාරයක් සඳහා ගුවන් තොටුපොල වෙත පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත වීමත්, ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට අවස්තාව ලබා දීමත්, වසර ගණනාවක් පුරා පැවති ක්‍රමවේදයක්.

    නමුත් ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම පිටත්ව ගියේ අද උදෑසන වුවත්, ඔවුන්ගේ සමූහ ඡායාරූපය ගැනීම සහ ආගමික වතාවත් ඊයේ පස්වරු 4ට පවත්වන්නට කටයුතු යොදා තිබුණා.

    කෙසේ වෙතත් පස්වරු 3 පසුවන තෙක්ම මේ පිලිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය පැහැර හැර තිබුණේ, එය තමන්ට අදාළ රාජකාරියක් බව අමතක වීම නිසාද නැතහොත් හිතාමතාම මාධ්‍යයෙන් සැඟවීමට ද යන්න ප්‍රශ්නාර්ථයක්.

    අවසානයේ අදාළ වැඩකටයුතු ආරම්භ කිරීමට මිනිත්තු 35කට පෙර ලැබුණු ඊ මේල් පණිවිඩයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිය මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි අයුරින් ඉටු කර ගන්නට ද ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන උපදේශකවරයෙක් ඔහු විසින්ම නායකයාගෙන් අසන ලද ප්‍රශ්න දෙකකින් සෑහීමකට පත් විය යුතු බවට නොයෝග කළේ ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට ජනමාධ්‍යට ඇති අයිතියද උදුරා ගනිමින්.

    ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය උපදේශකවරයකු බව පැවසෙන මේ පුද්ගලයා කලක් අන්වර්ථ නාමයකින් පුවත්පතකට ක්‍රීඩාවේ අඩුපාඩු පිලිබඳ ලිපි ලියූ හිටපු මාධ්‍යවේදියකු වීම කණගාටුවට කරුණක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කටයුතු සඳහා මෑත කාලීනව විශාල පිරිසක් සම්බන්ධ වනවා. 

    විදෙස් තරග සංචාර වලට සහභාගී වෙමින් ක්‍රිකට් ආයතන වෙබ් අඩවියට ලිපි සපයන්නන්ගේ සිට මාධ්‍ය උපදේශකවරුන් දක්වා පිරිසක් ඊට ඇතුලත්.

    කෙසේවෙතත් දිනේෂ් චන්දිමාල් තම පෞද්ගලික විශ්වාසයන් පිලිබඳ සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කළ විදෙස් මාධ්‍ය, පාකිස්තාන ටෙස්ට් තරගාවලි ජය සඳහා ශ්‍රී ලංකාව මායාකර්ම භාවිත කළ බවට පුවත් පල කරමින් ලොව පුරා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන විට එය නිවැරදි කරන්නට හෝ
    මේ මාධ්‍ය විශාරදයන් කිසිවෙකුට උවමනාවක් තිබුණේ නැහැ.

    මේ කරුණු හරහා පැනනගින ගැටලුව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ රාජකාරිය තම වේතනය රැකගැනීම සඳහා මාධ්‍ය මර්ධනය කරමින්, බලධාරීන්ගේ සට කපට ක්‍රියා සියල්ල සැඟවීම ද යන්නයි.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි…

    ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) මලයාසියාවට

    මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස් වන අතර
    ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජෙහාන් ඩැනියල් කටයුතු කරනවා.
    මෙවර ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන 9 වනදා සිට 20 වනදා දක්වා මලයාසියාවේ දී පැවැත්වීමට නියමිතයි.

    තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුනද පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තම ක්‍රීඩකයන් ඉන්දියාවයට යැවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන මලයාසියාවේ පැවැත්වීමට නියමිතය.

    නම් කර ඇති ශ්‍රී ලංකා යොවුන් සංචිතය

    කවිදු මෙන්ඩිස්‌ (නායක), ජෙහාන් ඩැනියෙල් (උපනායක), අශේන් බණ්‌ඩාර, ධනංජය ලක්‌ෂාන්, නිශාන් මධුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නුවනිදු ප්‍රනාන්දු, ආර්.රණසිංහ, තිසුරු රශ්මික, නිපුන් රන්සික, පී. ජයවික්‍රම, කලන පෙරේරා, කේ.කේ.කෙවින්

     

  • කුසල් මෙන්ඩිස් ඉවත් කරපු හේතුව ලැබ්රෝයි කියයි

    මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සාධාරණීකරණය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තරුව ලෙස සැලකුණු 22 හැවිරිදි කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ක්‍රීඩාලෝලීන්ගේ ද විරෝධතාවය එල්ල විය. මෙම වසරේ මුල භාගයේ දී ද මෙන්ඩිස් මේ ආකාරයට ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා ඔහුව සංචිතයෙන් ඉවත් නොකර ඔහු හට තවදුරටත් අවස්ථාව ලබා දීමට කටයුතු කළේය

    කෙසේ නමුත් තේරීම් කමිටුවේ සභාපති ලැබ්රෝයි, මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින්, ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;

    “අපිට ඔහුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න හරි, ඉන්දියාවට ඔහුව අරන් ගිහින් ක්‍රීඩා නොකර නිකං තියන්න හරි ඕන වුනේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඔහුට දේශීය තලය තුළ ක්‍රීඩා කරන්න ඉඩ ලබා දීලා, ඔහු ක්‍රීඩා කරන ආකාරය හදා ගන්න දීලා, නැවතත් ඔහුගේ විශ්වාසය ගොඩනංවගන්න අවස්ථාවක් දෙන්න.”

    එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ;

    “ඔහු ගොඩක් විශ්වාසය තුළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔහුගේ විශ්වාසය මත. ඔහුට ඉහළ දක්‍ෂතා දක්වන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. ඔහු තව ඉනිම් දෙකක් ක්‍රීඩා කරලා, එහි දී අඩු ලකුණු ලබාගෙන, එවිට ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා ඔහුගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමන අවස්ථාවක් හදන්න අපිට ඕනේ නැහැ. ඔහුට තවමත් වයස ඉතිරි වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ඉදිරියේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වෙනවා දකින්න. තවත් අවුරුදු 10කට ඔහු ක්‍රීඩා කිරීම අපිට අවශ්‍යයි.”

    එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා කෞෂාල් සිල්වා පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැනි ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම අතිශය වැදගත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීම පුදුමය දනවන කරුණක් විය. පසුගිය මාසයේ දී පාකිස්තාන කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 4 තුළ ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වුවත්, නික් පොතාස් මහතා ඔහුව සාධාරණීකරණය කිරීම නිසා බොහෝ දෙනා අනුමාන කළේ ඔහුව ඉන්දියානු සංචාරය සඳහා ද ඇතුළත් කෙරෙනු ඇති බවයි.   

    “අපි හිතන්නෙත් නික් හිතන විදිහටම තමයි. කොහොම වුනත් අවසානයේ දී වැදගත් ක්‍රීඩකයෙක් ලකුණු අතරට එන එක. චරිතය, ආකල්ප, කණ්ඩායම් හැඟීම; මේ හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. නමුත් අපි පිතිකරණයේ දී ඔහුගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා.” යැයි ලැබ්රෝයි පැහැදිලි කර සිටියේය.

  • පකිස්තානයට ගියේ නැති උන්ට බෝනස් සත පහක් දෙන්නේ නෑ…- බුකි තිලංග මාරා වේශයෙන් කියයි…

    ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල බව පාකිස්තාන ක්‍රීඩා විචාරක රමිස් රාජා පවසනවා.

    මෙම තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුයේ සුළුපටු වගකීමක් නොවේ. තිසර පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ අවසන් තරඟයට පාකිස්ථානයට ගියේ ශ්‍රී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම අතීතයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හුදකලා වී සිටි යුගය නිමා කරමින් පාකිස්ථානයට නැවත ක්‍රිකට් වසන්තය උදා කිරීමේ අරමුණෙනි.

    මෙම තරඟයට පෙර පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබුනේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයගෝෂා කරන ලෙසය. ඒ අනුව තරඟය නැරඹීමට පැමිණි බොහෝ ක්‍රීඩා ලෝලීන් අත ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ ශ්‍රී ලංකාවට ස්තුතිය පල කරන පුවරු දැකගත හැකි විය.

    තරඟය පාකිස්ථානය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දෙන ආකාරය දැකගත හැකි වූ අතර,තරඟයෙන් අනතුරුව පාකිස්ථාන නායකයා පැවසුවේ සහෝදර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම රටට ක්‍රිකට් තරඟ ලබා ගැනීමට තිබු බාදාවක්ව තිබු දොර හැර දුන් බවය.

    තරඟාවලියේ වීරයා වූ ෂොහිබ් මලික්ද මේ තරඟාවලියේ සුවිශේෂ ක්‍රීඩකයෙක් බවට පත්වුණේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කල අවාසනාවන්ත සිදුවීම සිදුවූ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මේ තරඟාවලියට සහභාගී වී තිබුනේ ඔහු පමණක් වූ නිසාවෙනි.

    තරඟයේ ප්‍රතිපලය සමඟ පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් පාකිස්ථානයට සුභ පතන අතරම ශ්‍රී ලංකාව කල මෙහෙය පිළිබඳව තම ප්‍රණාමය පුද කර තිබුණා.

    පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ෂොහිබ් අක්තාර් පවසා තිබුනේ පාකිස්ථානය තරඟාවලිය දිනුවද හදවත දිනාගත්තේ ශ්‍රී ලංකාව බවයි. මෙම ඉතිහාස ගත සංචාරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදා අමතක නොවන බව පාකිස්ථාන ප්‍රහාරාත්මක පිතිකරු අර්ෆෙඩ් පවසා තිබුණා.

    ජය පැරදුම සමව බාරගත යුතු ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ලබාගත් ජය කිසිදා නොමැකෙනු ඇති බව පාකිස්තාන ක්‍රීඩක හසන් අලී පවසා තිබුනා.

    මේ අතර මෙම තරගාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා.

    මෙම සංචාරය සදහා සහභාගී වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බවත්, සංචාරය සදහා අකමැති වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදල් නොලැබෙන බවත් තිලංග පවසා සිටියා.

    [rns_reactions]