Category: සුපිරි Walks

  • “කරු” නම් වන ඔහු කවුරුද..?

    “කරු” නම් වන ඔහු කවුරුද..?

    මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාල­ක­යකු ඉල්ලා සිටී. එවන් පාල­ක­යන් තම දරුවා කප්පම් උදෙසා පැහැ­ර­ගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් අනෙක් අතට වත්මන් ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ ක්‍රියා කලා­ප­යද මෙවන් සිති­වි­ලි­ව­ලට හේතු වී තිබෙන බව පෙනේ. පාර්ලි­මේ­න්තුවේ 225ම එපා යැයි බොහෝ දෙනකු සඳ­හන් කරන්නේ ඒ නිසාය.

    එහෙත් දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කර­මින් සොයන පාලන රික්ත­යට හමුදා ප්‍රධා­නීන් ආදේශ කරන මාන­සි­ක­ත්වය නිර්මා­ණය වන්නේ කෙසේ­දැයි සිතා­ගත නොහැ­කිය. එය රට­ටම විනා­ශය කැඳ­වන නරුම මාන­සි­ක­ත්ව­යකි. මීට හොඳම උදා­හ­ර­ණය හිට්ලර්ය. මාධ්‍ය විසින් බැට­ළු­වන් බවට පත් කර­මින් සිටින අතී­තයේ වැඩ පෙන්නා ඇති හමුදා චරිත අද “රියැ­ලිටි ෂෝ” විලා­ස­යෙන් දේශ­පා­ලන කර­ළි­යට ඉදි­රි­පත් වන්නේ මේ නිසාය. මේ කඳ­වුරු දෙක­ටම අයත් “රියැ­ලිටි ෂෝ” අපේ­ක්ෂ­කයෝ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සූදා­න­මින් සිටිති. මේ රටේ දේශ­පා­ලන ක්‍ෂේත්‍රය කොත­රම් පසු­ගාමි තැන­කට ඇද­දමා තිබේද යන්න මින් පැහැ­දි­ලිය. සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල වර්ත­මා­නයේ දේශ­පා­ල­නයේ යෙදෙන බහු­ත­රය පිළි­බඳ කල­කි­රී­මක් ඇති වුවද අඩුම තර­මින් ප්‍රාදේ­ශීය සභා දේශ­පා­ල­න­ය­ක­වත් යෙදී නොසිටි පිට­ස්තර චරිත ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ලෙස බව්තීස්ම කිරීම අණු­වන චින්ත­න­යකි; යළිත් වතා­වක් පසු­තැ­විලි වීමට හේතු­වක් සාදා ගැනි­මකි.

    මේ නිසා කොත­රම් අඩු-පාඩු පැව­ති­යද අපට තෝරා­ගැ­නී­මට සිදු වන්නේ මේ දේශ­පා­ලන ක්ෂේත්‍ර­යේම සිටින නිර්මල චරි­ත­යකි. එහෙත් සැබ­වින්ම අද එබඳු චරිත සිටීද?

    රට එත­රම්ම අවා­ස­නා­වන්ත නැත. එවන් චරිත මේ රටේම සිටී. මේ දින­වල එවන් චරිත පිළි­බඳ කතා­බ­හක් ඇති වෙමින් පවතී. රටම පෙළ­ගැ­සෙ­මින් පව­තින්නේ ඒ දෙස­ටය.

    මේ රටේ ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී වහ­ලුන් සේ ඇස්-කන් පියා­ගෙන ඡන්ද පොළට යන පිරි­සක් සිටිති. එ ප්‍රමා­ණය 40%කට ආස­න්නය. කවු­රුන් කුමන දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කළත් එසේ ඡන්දය දෙන එකී 40%ක පිරිස අතු­රින් නාය­ක­යකු හෝ දේශ­පා­ලන කණ්ඩා­ය­මක් රට බාර­ගැ­නී­ම­ටද ඉඩ-කඩක් නැති­වාම නොවෙයි. මීට හොඳම නිද­සුන පසු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යයි. මේ වන විට මන්ත්‍රී­ව­රුන් වූ සම­හ­රුන්, හිස් මිනි­සුන් බවට පත්ව ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ අඳෝ­නාද අසන්න ලැබේ. මේ නිසා දේශ­පා­ල­න­ඥ­යන් ප්‍රති­ක්ෂේප කරන පිරි­සට සිදු වන්නේ එක්කෝ මේ 40% පිරි­සට එකතු වීම­ටය; නැත හොත් ඔවුන්ගේ තීර­ණ­යට අව­නත වීම­ටය.

    දෙවැනි කරුණ වන්නේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙක­ටම මේ රටේ මැති­ව­ර­ණ­ය­කට තනිව තරග කර ජනා­ධි­ප­ති­ව­ර­යකු හෝ ආණ්ඩු­වක් හෝ ලබා ගැනී­මට නොහැකි වීමයි.

    ඒ අතර මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකෙ­හිම ඇතැම් පාක්ෂි­කයෝ අඳ ගොළු බිහිරි පාක්ෂික භාව­යෙන් ඉවත් වී නිද­හස් ඡන්ද­දා­ය­ක­යන් බවට පත්ව සිටිති. මීට අම­ත­රව අලු­තින් එකතු වන තරුණ ඡන්ද දාය­ක­යන්ද නාය­ක­යාගේ මට්ටම හා ඒ මොහොතේ ප්‍රව­ණතා ගැන කල්පනා කරන නිර්පා­ක්ෂික පිරි­සක් බවට පත්ව ඇත. 2015 ජන­වාරි 08 වැනිදා ජනා­ධි­පති මෛත්‍රීගේ ජය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක පිරිස බවට පත් වූයේ මේ නිර්පා­ක්ෂින ඡන්ද­දා­ය­ක­යාය. ඒ පිරිස හා වාමාං­ශික කොටස් ප්‍රථම වතා­වට එක්සත් ජාතික පක්ෂය මූලික වූ පෙර­මු­ණ­කට සාම්ප්‍ර­දා­යික එජාප විරෝ­ධය පසෙක දමා තම ඡන්දය භාවිත කළහ. මේ නව ප්‍රව­ණ­තාව ගැන කල්පනා නොක­රන පිරිස් අද එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටු පෙර­මුණේ සිටින බව පෙනේ. ඒ අතර ග්‍රාමීය මට්ටමේ යූඑ­න්පී­කා­රයා හොඳ­යැයි සිතන වීර චරිත එජාප ඡන්ද­ව­ලට පම­ණක් ආක­ර්ෂ­ණය වූ චරිත විය හැකිය.

    මොන කඳ­වු­රෙන් ආවත් ගම කියන්නේ ලෝකය යැයි සිතා සිටින ඝෝෂා­කා­ර­ය­කුට අද රට වැටී ඇති ආගා­ධ­යෙන් කිසි සේත් ගොඩ ගත නොහැ­කිය. එසේම ණය බරින් මිරි­කුණු රටක ජන­තා­වට සහ­නා­ධාර බෙද­න­වා­යැයි බොරු පොරොන්දු දෙමින් හර­වත් දෙයක් ගැන කතා නොක­රන බොල්පි­ළිම දේශ­පා­ල­නය මේ වන විට අව­සන් වී ඇති බව මේ අයට නොතේ­රීම කන­ගා­ටු­දා­ය­කය.

    මේ නිසා අප සොයා­ගත යුතු වන්නේ කොහො­මත් ලැබෙන පාක්ෂික ඡන්ද ගොඩට අලු­තින් ඡන්ද එකතු කර­ගත හැකි, පාක්ෂික නොවන ඡන්ද දිනා­ගත හැකි අපේ­ක්ෂ­ක­යෙකි.

    මේ වන විට පැරණි එජාප විරෝධී කඳ­වුර වශ­යෙන් නාම­ධාරි වූ, ප්‍රග­ති­ශී­ලීන් ලෙස අතී­තයේ පෙනී සිටි පිල දිය වෙමින් පවතී. ඔවුහු ජාති­වා­ද­යට යට වුණු, අන්ත­වාදි ලෙස එක් ජාති­ක­ත්ව­යක් හා ආග­මක් ගැන පම­ණක් කල්පනා කරන, බොරු අධි­රාජ්‍ය විරෝධි කඳ­වු­රක් බවට පත්ව සිටිති. ඔවුන් අධි­රා­ජ්‍ය­වා­දීන් සමඟ ගිවි­සුම් අස්සන් කළ අමෙ­රි­කානු පුර­වැ­සි­යන් ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ආදේශ කරන තැනට බංකො­ලොත් වී ඇත.

    මේ අය අතර සිටින සම­හ­රුන් කල්පනා කරන්නේ මේ නැනෝ තාක්ෂ­ණික යුගයේ රජ කෙනකු සහිත වැඩ­ව­සම් පාල­න­යක් ගැනය. ‘මහ­ර­ජාණෝ‘ සංක­ල්පය හිමි වන්නේ මේ වැඩ­ව­සම් සන්ද­ර්භය තුළය. මේ රටේ පැරණි වම මේ අය සමඟ පෑහෙන්නේ සමා­ජ­වා­දය වෙනු­වට අව­ස්ථා­වා­දය කරට ගෙන සිටීම නිසා විය යුතුය.

    මේ නිසා සම්ප්‍ර­දා­යික යූඑන්පී විරෝ­ධය අද දුගඳ හමන දිරා ගිය කඩ­මා­ල්ලක් බවට පත්ව ඇත. අද වන විට ජාතීන් අතර එක­මු­තුව, ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව හා ශ්‍රී ලාංකික ජාතිය ගොඩ­නැ­ගීම එජා­පය ප්‍රමුඛ දේශ­පා­ලන සන්ධා­නය විසින් නාය­ක­ත්වය දෙන කාර්ය­යක් බවට පත්ව තිබේ. අද මේ රටේ ප්‍රග­ති­ශී­ලි­ත්වය නියෝ­ජ­නය කරන්නේ මේ කඳ­වුර බව පැහැ­දි­ලිය. ජාති­වා­දය හෝ ආග­ම්වා­දය උසි­ගන්වා බලය අත්පත් කර­ගන්නා කඳ­වු­රට අවා­ස­නාව හා පසු­ගා­මි­ත්වය හැරෙ­න්නට මේ රටට දිනා දිය හැකි කිසි­වක් නැත. එහෙත් ඒ කඳ­වුරේ සුළු පිරි­ස­කට ආවේ­ණික හොර­කම නම් භීෂ­ණය හා දූෂ­ණය මැද්දේ ගන සැරේට කළ හැකිය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඔවුන් ඒ සඳහා ජන අනු­මැ­ති­යක් අපේක්ෂා කරන බව පෙනේ. කෙන­කුට දුර-දිග කල්පනා කරන බුද්ධි­යක් අවශ්‍ය වන්නේ මෙය තේරුම් ගැනී­ම­ටය.

    එජාප පිලේ හොරුන් නැතැයි මින් අද­හස් නොවේ. පැරණි හොරුන්ගේ නඩු-හබ ඇදි-ඇදී යෑමට ඉඩ සලසා තිබෙන්නේ ඒ සඳහා වාගේය. සම­හර නඩු ඉදි­රි­පත් කර ඇති­තේම දුර්වල පැමි­ණිලි ලෙසිනි. මෙය තමන්ට ජය ගත හැකි­යැයි සිතා­ගෙන සිටින වත්මන් හොරුන් පැරණි හොරු­න්ගෙන් රැක­ව­රණ අපේක්ෂා කර­නවා වාගේය. එහෙත් සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල එදාට වඩා නිද­හ­සක් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් වර්ත­මා­නයේ රටේ පව­තින බව පිළි­ගැ­නී­මට සිදු වේ.

    2020ට අපට අවශ්‍ය වන්නේ දෙපැත්තේ හොරුන්ගේ ඩීල් ප්‍රති­ක්ෂේප කරන, මේ රට මීට වඩා හොඳ තැන­කට ඔසවා තැබිය හැකි දෑහි­ත­කාමි, අත්දැ­කීම් සහිත පරි­ණත නාය­ක­යෙකි. ඔහු මේ දේශ­පා­ලන මඩ ගොහො­රු­වෙන් මතු වන අර­වි­න්ද­යක් බඳු අයෙක් විය යුතුය.

    හෙට දවසේ ශ්‍රී ලංකාව බාර දිය යුත්තේ එවන් නාය­ක­ය­කු­ටය. ඕනෑම කෙන­කුට කැත නැතුව හිතට එක­ඟව දේශ­පා­ල­නය කළ හැකි වන්නේ එවන් නාය­ක­යකු සම­ඟය. ඔහු පවු­ල්වා­දය හා ආග­ම්වා­දය ප්‍රති­ක්ෂේප කරන දේශී­ය­ත්වය හඳු­නන නාය­ක­යකු විය යුතු බව අමු­තු­වෙන් කිව යුතු නැත. ඔහු අතේ ලේ නොතැ­ව­රුණු, භීෂ­ණ­යට සම්බන්ධ නැති, හොරකු නොවන අයෙක්ද විය යුතුය.

    මේ සුවි­ශේෂ මිනිසා මෙන්ම අත්දැ­කීම් සහිත දේශ­පා­ල­න­ඥයා අප අතර සිටීද? සත්‍ය වශ­යෙන්ම සිටී. ඔහු සූදා­නම්ද? කවු­රුත් එක් වී ඒ වග­කීම භාර දෙන්නේ නම් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ප්‍රති­ක්ෂේප කරන තැනක ඔහු නොසි­ටින බව පෙනේ.

    ඔහු නම් අන් කව­රකු වත් නොව; ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ වත්මන් කථා­නා­යක කරු ජය­සූ­රි­යයි. වත්මන් දේශ­පා­ල­නයේ නියැළී සිටින, ඉහත සඳ­හන් සාධ­නීය ලක්ෂණ සියල්ල එකට කැටි වූ එකම මෙන්ම අව­සන් නාය­ක­යාද කරු විය හැකිය. කාර­ණා­කා­රණ විම­සි­ල්ලෙන් සොයා බලන විට මෙය සිහි­බු­ද්ධි­යක් ඇති ඕනෑම කෙනෙ­කුට තේරුම් යනු ඇත.

    එහිදී ඇතැ­මුන් ඇඟිල්ල දිගු කරන්නේ ඔවුගේ වයස දෙස­ටය. ජේආර් ප්‍රථම වරට 1977දී මේ රට භාර ගත්තේ තරු­ණ­යකු ලෙස නොවේ. කොහො­ම­ටත් ආසි­යානු දේශ­පා­ල­නයේ රාජ්‍ය නාය­ක­ත්ව­යට වයස ප්‍රශ්න­යන් නොවේ. මහ­තීර් මොහො­මඩ් මෙවර මැලේ­සි­යාව බාර ගන්නේ වයස අවු­රුදු 91දීය.

    වැද­ගත් වන්නේ අවං­ක­කම, කළ­ම­නා­ක­ර­ණය හා සුදුස්සා සුදුසු තැනට පත් කර රට මෙහෙ­ය­වී­මය; රට මීට වඩා හොඳ තැනක තැබී­මය. කරූට ඒ ශක්තිය තිබෙන බව දින 52 පාල­න­යේ­දීද පැහැ­දි­ලිව ප්‍රද­ර්ශ­නය කර ඇත. එසේ නම් ‘කරූ‘ අම­තක කර මේ රටේ යුක්ති ගරුක ජන­තා­වට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර­ගත නොහැකි බව පැහැ­දි­ලිය.

  • නාමල් ගෝඨාගේ කටවුට් හම්බන්තොටින් ඉවත්කරන අතරේම නාමල් අමුතුම ෆේස්බුක් ප්‍රචාරණ මෙහෙයුමක් අරඹයි (Photos)

    නාමල් ගෝඨාගේ කටවුට් හම්බන්තොටින් ඉවත්කරන අතරේම නාමල් අමුතුම ෆේස්බුක් ප්‍රචාරණ මෙහෙයුමක් අරඹයි (Photos)

    රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා හම්බන්තොට නගරය පුරා හන්දියක්, කණුවක් ගානේ එල්ලා තිබූ ගෝඨාගේ කටවුට් සහ බැනර් වහාම එම ස්ථානවලින් ඉවත් කරන ලෙසට එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ දුන් නියෝගයකට අනුව ගෝඨාට විජයග්‍රහණයක් පතා එල්ලා තිබු සියලු කටවුට්, බැනර් හම්බන්තොටින් ඉවත් කර තිබේ.

    මෙතෙක් අප්‍රකාශිත ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ බවත් එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවත් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙම නියෝගය එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින්ට ලබා දී ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ විසින් මෙලෙස නියෝග දී සිය බාප්පා වන ගෝඨාභය රාජපක්ෂගේ කටවුට්, බැනර් ඉවත් කරන අතරතුරේදී ඩොලර් දහ දහස් ගණන් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ෆේස්බුක් සමාජජාල මාධ්‍ය ඔස්සේ අතිදැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් අරඹා ඇති අතර මේ පහත දැක්වෙන්නේ නාමල් එලෙස ඩොලර් විසි කරමින් සිදුකරන ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයයි.

    මේ මොහොත වන විටත් ෆේස්බුක් තුල මුදල් ගෙවා වැඩිම ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයක් සිදුකරන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ වන අතර ඔහුගේ ප්‍රචාරණ දැන්වීම් වල ප්‍රධානම තේමා පාඨය වන්නේ “මම ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයෙක්මි”. මෙය ඇමෙරිකානු පුරවැසියෙකු වන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ (බාප්පගේ ) ප්‍රචාරණ ව්‍යාපාරයට කෙතරම් රැකුලක්ද, පරහක්ද යන්න දේශපාලනය දන්නෝ දනිති.

  • නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

    ඒ මහතා ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර නව හමුදාපති මේජල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකු වීමට යන බවට වන කට කතාවක්ද සමාජජාල මාධ්‍ය ඔස්සේ කලක සිට සංසරණය වෙමින් පවතී.

  • GMOA යළි වැඩ අල්ලන්න සූදානම්!

    GMOA යළි වැඩ අල්ලන්න සූදානම්!

    ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට ඊයේ (19) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ප්‍රධාන ගැටළු 06ක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරන බවත්, මෙහිදී ආරක්ෂක අංශ සතු රෝහල්තුළ හා ළමා මාතෘ, වකුගඩු, පිළිකා රෝහල්තුළ වෛද්‍ය වැඩ වර්ජනය සිදු නොකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    ඖෂධ හිඟයට විසදුම් ඉල්ලා ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදෙන ලෙස හා ස්ථාන මාරු ගැටළු උසස්වීම් ගැටළු විසඳන ලෙස හා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරගැනීමට හා නුසුදුසු පුද්ගලයින්ට වෛද්‍ය පත්වීම් ලබාදීම වළක්වා ගැනීමට මෙම වැඩ වර්ජනය සිදුකරන බවද කියා සිටියේය.

  • කන්ජිපානි සමඟ සමඟ ඩීල් දැමූ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනාට ස්ථාන මාරු

    කන්ජිපානි සමඟ සමඟ ඩීල් දැමූ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනාට ස්ථාන මාරු

    පාතාල කණ්ඩායම් සමාජික කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා ඉල්ලා වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    ඒ අනුව එම නිලධාරින් යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

    රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමඟ එක්ව උපන්දිනය සැමරූ බව එම නිලධාරින් චෝදනා එල්ල වී ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරම්භ කර ඇති විමර්ශනය බාධාවකින් තොරව සිදුකිරීම සඳහා චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු මෙලෙස ස්ථානමාරු කර තිබේ.

  • වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි

    වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි

    හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට පිහිටුවා තිබෙනවා. එය ඊයේ දින නිලවශයෙන් එළිදක්වනු ලැබුවා.

    එමෙන්ම හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කිරීමත් සමගම හෝමාගම සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයටද නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා.

  • මහින්ද දින 52ට අල ටොන් 900ක් වළ දාලා

    මහින්ද දින 52ට අල ටොන් 900ක් වළ දාලා

    ඉකුත් වසරේ ඔක්තෝ­බර් 26 දා පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධි දින 52 ආණ්ඩුව සම­යේදී උඩ­රට ගොවී­න්ගෙන් මිල­යට ගත් රු. 8,30,00,000කට අධික වටි­නා­ක­ම­කින් යුතු අර්තා­පල් මෙට්‍රික් ටොන් 890ක් පාරි­භෝ­ගි­ක­යන් අතට පත් නොකොට වළ දැමීම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පව­සයි.

    මේ අර්තා­පල් තොගය ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සමි­තිය මඟින් ගොවී­න්ගෙන් මිල දී ගෙන ඇති අතර, ඒවා නිසි පරිදි ගබඩා නොකි­රීම, විධි­මත් ලෙස පාරි­භෝ­ගි­ක­යන් වෙත යැවී­මට අවශ්‍ය කට­යුතු නොයෙ­දීම ඇතුළු හේතු නිසා කල් ඉකුත්ව නරක් වී ඇති අතර, ඉනි­ක්බිති ඒවා වළ දැමී­මට කට­යුතු කර ඇති බවද අමා­ත්‍ය­ව­රයා කියා සිටී.

    දින 52 ආණ්ඩුව එකල උඩ­රට ගොවීන්ගේ අර්තා­පල් නිෂ්පා­දන අති­රි­ක්ත­යක් පව­තින බව පවසා වෙළෙඳ සහ වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශයේ මුදල් රු. මිලි­යන 188ක් වැය කොට අර්තා­පල් අල මෙට්‍රික් ටොන් 2000ක් පමණ මිල දී ගෙන ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති සම්පූර්ණ මුදල රු. කෝටි 20 ඉක්ම­වයි. එලෙස මිල­යට ගත් අල තොග වෙනු­වෙන් ගොවීන් වෙත තමත් රු. කෝටි 7කට ආසන්න හිඟ මුද­ලක් ගෙවී­මට ඇති අතර, මේ කට­යුතු හේතු­වෙන් ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සම්මේ­ල­න­ය­ටද රු. කෝටි 10කට වඩා අලා­භ­යක් විඳි­න්නට සිදුව ඇති බවද වාර්තා වේ. මෙලෙස රජයේ මුදල් අති­වි­ශාල ප්‍රමා­ණ­යක් වැය කොට මිල දී ගෙන, දේශීය වෙළෙ­ඳ­පොළේ ඉහළ පාරි­භෝ­ගික ඉල්ලු­මක් ඇති දේශීය අර්තා­පල් ටොන් 890ක් මේ අයු­රින් ඉවත හෙළීම මහත් අප­රා­ධ­යක් බවද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය. ජීවන විය­දම් පිළි­බඳ කමි­ටු­වට මේ අර්බු­දය පිළි­බඳ වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවද, ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් අදාළ නීති පිය­වර ගැනී­මට කට­යුතු කරන බවද අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

  • අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” ගොඩනඟමින් අනෙකුත් පක්ෂ සන්ධාගත කරගැනීමට අදාළව එජාපයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අද(17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඔ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

    මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ් කරියවසම්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අය සහභාගී වී ඇත. පැය දෙක හමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා සකස් කර අවසන් කිරීම, සන්ධානය පිහිටුවන දිනය පිළිබඳ තීන්දුවක් ගැනීම සහ සන්ධානය පිහිටුවන දිනයේම අපේක්ෂකයා නම්කිරීම යන ප්‍රධාන කරුණු 03 සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.

    මෙම කරුණු ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කොට අවසන් කරගැනීමට දින නියම කරගෙන ඇති අතර ඒවා අවසානයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධීකාරී මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කිරීමට එකඟ වී ඇත.

    එසේම සන්ධානය ගොඩනැඟීමට ප්‍රථම ජනාධිපති අපේක්ෂකයා නම් කර සිටින්නැයි සජිත් පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, මෙතෙක් ප්‍රකාශයට පත්නොකළ ජනාධිපතිවරණයක් සඳහා “ගෝඨාභය නඩුවලින් කට්ටි පැනයාමට සිදුකරන උපක්‍රම” වලට රැවටී අපි ඉල්ලන් කෑමට ජනාධිපති අපේක්ෂකයෝ පත් නොකල යුතුයැ’යි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීමත් සමඟම සජිත්ගේ පංචාකාර මුහුණ චතුරෂ්ෂාකාර වී ඇත.

    ඒත් සමඟම සජිත්ගේ අටපට්ටම් වුණු මුහුණ දෙස බැලූ මංගල එල්ල වුණු ප්‍රහාරය අස්වැසීම සඳහා “නැහැ අපි පාක්ෂිකයින්ට පොඩි කාලෙකට මොරාල් එකක් දෙන්නත් එක්ක ජනාධිපති අපේක්ෂකයා කියන එකත් එළියට දාමු” යැයි කියද්දී මේ වන විට නිදිවැද සිටින පාක්ෂිකයින්ට එය යම් උත්තේඡනයක් වන බව වටහා ගත් එජාප ප්‍රධානීන් ඊට එකඟ වී ඇත්තේ, එනම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනඟන දවසේදීම අපේක්ෂකයාත් නම් කරනු යැයි අදහසටය.

    ඊට වේදිකාවේ අමුතුම ආකාරයේ කථා ගොතන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සද්ද නැතිව එකඟ වී ඇත්තේ සජිත් වෙනුවෙන් කඩේ ගිය අයවලුන්ද අනාථ කරවිමිනි. කෙසේ වෙතත් මේ අනුව තීරණය වී ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” නම් සන්ධානය බිහිකරන දිනයේදීම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමයි.


  • ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වීසින් ඊයේ(15) තහවුරු කර සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු ලෙසකින්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත්ය. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවිමසා තම හිතුමතයට අපේක්ෂකයෙකු පත්කර ගත්තේ නම් ඔහුව ජයග්‍රහණය කරගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇති බවයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව කණගාටු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබා නොගැනීම පිළිබඳව සතුටු වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.


  • ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් ඊයේ (12) දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

    විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත.

    එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

    මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

    එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

  • Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

    Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

    පසුගිය අගෝස්තු 11 වනදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ නැකතට අනුවත්, ඔහු පළමු ජාතිය අමතා කළ කථාව ආරම්භ කළ වේලාව අනුව ඔහු ඔහුගේ ජීවිතය විශාල හානියකටත්, සිය පෞරුෂය විශාල පරිහානියකටත් ලක්කර ගන්නා බව දේශපාලන විචාරයකින් නොවන ජ්‍යේතීෂ්වේදීන් පිරිසක් විසින් තත්කාල විශ්ලේෂණයෙන් යුතුව අනාවරණය කොට ඇත.

    මේ ඒ පිළිබඳව විස්තරයයි.

  • මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

    මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

    මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් මංගල මෙන් මොංගල් ඉන්ධන මිල සූත්‍රය අනුව අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යනු ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3කින්.

    මේ අතර ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

  • ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

    ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

    රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමටත් පෙර ගෝඨාගේ සහචරයෙකු වූ කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක ඇතුළු ඔහුගේ සහචර මැරයින් විසින් ඉතා සාමකාමීව සංවිධානය කොට තිබූ උද්ඝෝෂණයකට පහර දී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් තඟ දමා ඇතැයි වාර්තාවේ.

    පසුගියදා නුගේගොඩදි අගනගරයේ කුණුකසල සහ අපද්‍රව්‍ය පවිත්‍ර නොකිරීමට එරෙහිව කෝට්ටේ ශ්‍රී පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායකට එරෙහිව සාමකාමී විරෝධතාවයක් පැවැති අතර එම ස්ථානයට කඩා වැදුණු ගෝඨාභයගේ සමීප මැරයෙකු වූ මන්ත්‍රී විරාජ් වික්‍රමනායක විරෝධතාකරුවන්ට බැන වදිමින් කැමොර දෙමින් පහර දීමට උත්සහ කළේය.

    තවමත් නගරසභා වල බලය ඇත්තේ පොහොට්ටුවට හෙයින් ඔවුන් මෙයට වගකිවයුතු බව පැහැදිලි කලද එය මගහැරී මන්ත්‍රීවරයා දිගින් දිගටම තඟ දමමින් උද්ඝෝෂකයින්ට පහර දීමට උත්සහ . තමාගේ නායකයා බලයට පත්වීමටත් ප්‍රථම මෙවැනි හැසිරීම් වලින් පැහැදිලි වන්නේ බලයට පත්වීමෙන් පසු තමාගේ අවසරයකින් තොරව නුගේගොඩ මන්සන්ධියට හෝ පැමිනීම මහජනතාවට තහනම් වන බව නොවේද ? මොවුන් මේ අධම, මජර,වගකීම් විරහිත ගෝඨාභය රාජපක්ෂගේ මැර දේශපාලක හෙන්චයියන් කෙදිනක හෝ පාර්ලිමේන්තුවට පැමිනියහොත් එයට වගකිවයුතු වන්නේ මේ රටේ සිවිල් ජනතාව නොවේද ? මොහු දේශපාලනයට සුදුසුද? ඒ සදහා ඇති එකම සුදුසුකම රාජපක්ෂලාගේ පක්ෂයේ වහල් මැරයෙක් වීමද..? සිතන්න තවත් වරක් සුදු වෑන්,මැර සහ කුඩු සංස්කෘතියකට රට ගෙන යනවාද..? නැතිනම් දිනු ජනතා නිදහස ඉදිරියට ගෙනයනවාද..? තීරණය ඔබ සතුයි.

  • කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො

    කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො

    කොළඹ නගර සීමාව තුළ එකතු වී තිබෙන කසළ දින දෙකකින් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඊයේ (11දා) පැවසීය.

    වර්තමානයේ ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වයත් සමග කසළ මෙටි‍්‍රක් ටොන් 10 ක් අරුවක්කාලූව වෙත රැගෙන යාමට නගර සභාවට රුපියල් ලක්ෂයක පමණ වියදමක් දැරීමට සිදුවන බව ද ඒ මහතා කීය.

    මේ වන විට නගර සීමාව තුළ කසළ මෙටි‍්‍රක් ටොන් 1800ක් පමණ එකරැස් වී තිබෙන බවත් පසුගිය සිකුරාදා (09දා) අභියාචනාධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කසළ අරුවක්කාලූ කසළ අංගනයට අඛණ්ඩව රැගෙන යන බවත් නානායක්කාර මහතා කීය.

    කොළඹ නගර සීමාව තුළට රැකියාවන් සඳහා පිට පළාත්වලින් පැමිණෙන විශාල පිරිසක්ද රැගෙන එන කසළ සමග දෛනිකව කසළ මෙටි‍්‍රක් ටොන් 400 ක් 500ක් එකතු වන බව ද ඒ මහතා කීය.

    මේ වන විට නගර සභාව විසින් එකතු කරන කසළ කෙරවලපිටිය කසළ අංගනයට රැගෙන යාමෙන් පසු පෞද්ගලික සමාගමක් විසින් එම කසළ අරුවක්කාලූ කසළ අංගනයට රැගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

  • මහින්දට තිලංගගෙන් ලිපියක්..

    මහින්දට තිලංගගෙන් ලිපියක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත.

    මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ මහතා වෙත සිය ගෞරව පුදකොට ඇති අතර 2009 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 160,000ක් ඉක්මවමින් පළාත් සභාවට පත්වෙමින් දේශපාලනයට අවතීරණය වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය සහ මඟ පෙන්වීම ගෞරවයෙන් යුතුව සිහිපත් කොට ඇත.

    එසේම පසුගිය මහමැතිවරණයේදී තම සන්ධානයේම පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක තමාව පරාජය කිරීමෙන් අනතුරුව අහිමි වූ පාර්ලිමේන්තු අසුන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම හොඳින්ම දන්නා ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට ජාතික ලැයිස්තුවෙන් යළි ලබාදෙමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙසට ඔසවා තැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ගෞරවාදරය නිතැතින්ම පුදකරන බවත් එම කෘතවේදීත්වය කිසිදා අමතක කළ නොහැකි බවත් සුමතිපාල මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

    එසේම පසුගිය 2018 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ගත් වෙහෙස සහ උත්සහය අපමණ බවත් එම ඔබතුමා හොදින් දන්නා කරුණකි. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී පොදු ජන පෙරමුණ අතර බිඳ වැටුණු සබඳතා යළි ගොඩනඟමින් ශ්‍රීලනිප, ශ්‍රිලපොපෙ අතර නව සන්ධානයක් ගොඩනැඟුමේ කටයුතු කරන ලද්දේද මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිවාර්දය යටතේ වන අතර එය දැන් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එකම ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් එකම වේදිකාවක සිටිනු දැකීම තම ඒකායන ප්‍රාර්ථනය බවයි.

    තවද ඔබ දෙපළ එක්ව නම් කරන ජනාධිපති අපේක්ෂකයා දිනවීමේ ක්‍රියාන්විතය තමා කිසි විටෙකත් අමතක නොකරන බව පවසා ඇති සුමතිපාල මහතා ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ එක්කිරීමේ කර්තෘවය සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කර සිටී. එසේම මෙම සම්මේලනයට සහභාගී වීම සඳහා කළ ආරාධනය ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් මේ සඳහා තමා පෞද්ගලික සහභාගී නොවන බවත් තිලංග සුමතිපාල මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


  • දේශපාලඥයෝ  නිසි වේලාවට නිවැරදි  තීන්දු තීරණ නොගැනීම තමයි රටේ  සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    දේශපාලඥයෝ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම තමයි රටේ සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    “තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි හැංගි කටයුතු කරනවා මිසක්, සෘජුව තීරණ අරගෙන ගැටළු විසදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් පැහැදිළි, සෟජු නායකත්වයක් අවශ්‍යයි, විනයක් අවශ්‍යයි, රටට ආදරයක්, කැපවීමක් අවශ්‍යයි. නිදහස ලැබුණදා පටන් සෑම දෙයක්ම නිකන් දෙන්න සැලසුම් කළා. නමුත් අද වෙනකල් රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වුණාද. එදාටත් වඩා අද දුප්පත්කම වැඩිවෙලා. මේ වනවිට සංවර්ධනය වෙලා තිබෙන රටවල් ගැන සලකා බැලුවම අපිට පැහැදිලි වෙනවා, ඒ රටවල් අද දියුණූ වෙලා තිබෙන්නේ ජනතාවට සෑම දේම නිකන් දීලා නොවෙයි කියලා. දෙයක් ජනතාවට නිකන් දෙනවා කියන්නේ, තවත් පාර්ශවයක් විසින් ඒ දේ සදහා ගෙවනවා කියන එකයි. මෙන්න මේ අසමතුලිතතාවය නැති කරනකල් රටක් සංවර්ධනය කරන්න බැහැ” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

    සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පක්ෂ භේදයකින් තොරව දීපව්‍යාප්ත පදනමක් මත සමානුපාතිකව බෙදී යන අකාරයෙන් ලබාදුන් මෙම නව පත්වීම්, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ පුද්ගලයන් වෙත ලබාදුන් අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය ඇතුළු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ලං.වි.ම. කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකය තුල එක රැකියාවක් ලබාගන්න සියදෙනෙක් බලාගෙන ඉන්නවා. අද අපි මේ රැකියා ලබාදීලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොවෙයි. මේ රැකියාලාභීන් අතරෙ සෑම පක්ෂයකම පිරිස් සිටිනවා. ඒ නිසා මම මේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ රැකියා පාට වලට සීමා කරන්න, කොටු කරන්න එපා කියලා. ලං.වි.ම . කියන්නේ රටේ ජනතාවගේ ප්‍ර‍ධාන යටිතල පහසුකමක් සපයන ආයතනයක්. ඒ නිසා අද රැකියා ලබාගන්නා මේ පිරිසට මම කියන්නේ, ඔබ අද මෙම ආයතනයට සම්බන්ධ වෙන්නේ ඒ සේවය තවදුරටත් සාර්ථකව ඉටු කරන්නයි. එහෙම නැතිව පැය 8 ක් නිකන් ගෙවලා යන්න නොවෙයි. අපි ලංවිම තුළ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. එසේ නොවුනොත් රටේ සංවර්ධනයට එය මහත් බාධාවක් වෙයි.

    අද ලංකා විදුලිබල මණ්ඩලය වසර 50 ක් සමරණ අවස්ථාවේ, ලංවිමත් වෙනස් ආකාරයකට අළුතින් සිතිය යුතුයි. මේ ආයතනයත්, රට ලෝකයට එකතුවීමේ වැඩපිළිවෙලට සම්බන්ධ විය යුතුයි. මෙය කොටස් 03 ක් යටතේ සිදුවිය යුතුය. එක් කොටසක් තමයි පාරිභෝගිකයා. පාරිභෝගිකයා ගැන අපි අළුතින් සිතිය යුතුයි. ඒ අනුව පෙර තිබූ ඒකාධිකාරිය වෙනස් කල යුතුයි. ඒ නිසා තමයි පාරිභෝගිකයා රජා යන සංකල්පය ඇති කලේ. ඒ වගේම පාරිභෝගිකයාට ක්ෂණික මෙන්ම ගුණාත්මක සේවයක් ලබාදිය යුතුයි. මීට ඉහතදි පාරි‍භෝගිකයා යම් විදුලි ගැටළුවක් දැනුම් දුන්නම, ඒ තතත්වය යතා තත්ත්වයට පත්කිරීමට දිනක් දෙකක් වැනි කාලයක් ගතවෙනවා. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වෙලා, වඩාත් ඉක්මන් සේවයක් සපයන්න ලංවිමට හැකිවෙලා තිබෙනවා. ඒ තුළින් තමයි ආයතනය ජනතාව වෙත වඩාත් සමීප වෙන්නේ. අද අපේ පාරිභෝගිකයෝ ලක්ෂ 72 ක් පමණ සිටිනවා. ඒ පාරිභෝගික පිරිස වෙතට මාසයකට වතාවක්වත් යන එකම ආයතනය ලංවිම පමණයි. ඒ අනුව ජනතාවට වඩාත් ලංවෙමින් හැගීම්බරව කටයුතු කලහැකි ආයතනයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය.

    ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක්. මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම. මොන ආයතනයද මේ විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙම අලාභය අඩු කරන්න, අපිට ලේසියෙන්ම විකුණූම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වන්නේ ජනන වියදම අඩුකිරීමෙන් එම අලාභය මකාලන්නයි. මුල් යුගයේ විදුලිය නිපදවූයේ දර වලින්. පසුව අපි ජල විදුලියට මාරු වුණා. මේ වනවිට ජල මූලාශ්‍රයන් සියල්ලම වාගේ අවසන් වී ඇති නිසාත්, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් තමයි පුනර්ජනනීය ප්‍රභවයන්, තාප බලාගාර වැනි විකල්පයන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. නිරන්තරයෙන්ම අපේ රටේ වර්ධනය වෙන විදුලි ඉල්ලුමට සරිලව සැපයුමක් ඇති කරන්න අපට තවම හැකිවෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගල් අගුරු වැනි මිල අවම ප්‍රභවයන්ට යන්නේ. නමුත් එහිදීත් නොයෙක් පිරිස් වලින් විරෝධතා මතු වෙනවා. කුඩා ජලවිදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න ගියත් එහෙමයි. පරිසර සංවිධාන වලින් විරෝධතා මතු වෙනවා. මේ තත්ත්වයන් නිසා අපි සූර්ය, සුළං වැනි ප්‍රභවයන්ට යොමු වුණා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු කියන්නේ සූර්ය සුළං වැනි ප්‍රභවයන් ස්ථිර ජනන සැලසුම් නොවන නිසා ඒවා වැදගත් නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. ඒ නිසා අපි එල්.එන්. ජී. තාක්ෂණයට යොමු වෙන්න තීරණය කරනවා. එහි මිල අවම නිසා අපි සැලසුම් කරලා තිබුණේ 2012 ඉදලා එල්.න්.ජී. වලින් විදුලිය ජනනය කරන්න. නමුත් මේ වනවිටත් ඒ තත්ත්වයට එන්න අපිට නොහැකිවෙලා තිබෙනවා. ලං.වි.ම. තුළ සැලසුම් සහගත වැඩපිලිවෙලක් තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කරලා නැහැ. විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මේවට වගකියන්න ඕන. දේශපාලඥයෝ නිසි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීම තමයි මේ ප්‍රමාදයන්ට හේතුව වන්නේ. මේ හැමදේකම අවසන් ප්‍රිතිඵලය තමයි, ඉන්ධන යොදාගනිමින් අධික මිලක් යටතේ විදුලිය ජනනය කරන්න සිදුවීම. ඉන්ධන මාෆියාවන් ඇති වන්නේ මේ හේතුවෙන්.

    අපි නිර්භීතව නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම සැලැස්ම තුළින් ගල් අගුරු, එල්.එන්.ජී. පුනර්ජනනීය ශක්තිය තුළින් හැකිතරම් විදුලිය නිපදවන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙනුත් නොයෙක් බාධක එල්ල වෙනවා. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. ඒකයි මම කියන්නේ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. හැකිතාක් දුරට අපි පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි. විදුලි නිෂ්පාදනය වගේම විදුලිය සම්ප්‍රේෂණය, බෙදාහැරීම තුළ තිබෙන ගැටළුත් අපි විසදා ගතයුතුයි ” යැයි පැවසීය.