Category: සුපිරි Walks

  • රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11) ප‍්‍රකාශයට පත් කළේය.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) සවස පැවැති එම පෙරමුණ පළමු ජාතික මහා සමුළුවේදී හෙතෙම මේ බැව් සඳහන් කළේය.

    පස්වරු 3.00 ට ආරම්භ වූ මෙම සමුළුවට පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, චමල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සී. බී. රත්නායක, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. එම්. චන්ද්‍රසේන, ඩිලාන් පෙරේරා පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූදෙනා සහභාගි වූහ.

    මෙයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම, එස්. බී. දිසානායක, ටී. බී. ඒකනායක, එක්සත් ජාතික පක්‍ෂයෙන් විපක්‍ෂයට පැමිණි දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, ආනන්ද අලූත්ගමගේ, කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන පක්‍ෂවල නායකයන් පළාත් සභා හිටපු මැති ඇමැතිවරු පළාත් පාලන ආයතන සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

  • උසස් පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරු

    උසස් පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරු

    නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා තනතුරුවල පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය ඊයේ (11 දා) සහ පෙරේදා (10 දා) කටයුතු කර ඇත.

     සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු 10 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, පොලිස් අධිකාරීන් 11 ක්, සහකාර පොලිස් අධිකාරීන් 19 ක්, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු සහ පොලිස් පරීක්‍ෂකවරයකු සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

     ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් මෙසේය.

     නියෝජ්‍ය පොලිස්පතිවරුන් 

     කේ. අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂක දිසාවේ සිට නියෝජ්‍ය පොලිස්පති නීති, විනය හා කල්ක‍්‍රියා දිසාව ලෙස, ඩබ්. එම්. එම්. වික‍්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පති දුක්ගැනවිලි දිසාවේ සිට නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂක දිසාව ලෙස, ඞී. ජේ. පලිහක්කාර නියෝජ්‍ය පොලිස්පති මොනරාගල දිසාව හා බදුල්ල දිසාවේ සිට නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන දිසාව ලෙස, බී. ආර්. එස්. ආර්. නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිට නියෝජ්‍ය පොලිස්පති ත‍්‍රිකුණාමලය දිසාව ලෙස, එල්. එච්. කේ. ඩබ්. කේ. සිල්වා නියෝජ්‍ය පොලිස්පති අපරාධ සංවිධානාත්මක අපරාධ සහ නීති, විනය හා කල්ක‍්‍රියා දිසාවේ සිට තාවකාලික පදනම මත ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානය වෙත, එල්. කේ. ජේ. ජී. සරත් පීරිස් නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යංශයේ සිට නියෝජ්‍ය පොලිස්පති දුක්ගැනවිලි විසඳුම් දිසාව ලෙස, ජේ. ඒ. ඞී. එම්. පී. එන්. ජයකොඩි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන දිසාවේ සිට නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව ලෙස, පී. කේ. ඞී. ප‍්‍රියන්ත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිට නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන දිසාව ලෙස, ටී. සී. ඒ. ධනපාල මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ සිට නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යංශ දිසාව ලෙස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. යූ. පී. ජයසිංහ කන්තලේ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරි ලෙස.

     පොලිස් අධිකාරිවරුන්

     එස්. ජී. ජේ. රුවන් ගුණසේකර අධ්‍යක්‍ෂ විනය හා කල්ක‍්‍රියා/ වැඩබලන අධ්‍යක්‍ෂ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කොට්ඨාසයේ සිට මහජන සම්බන්ධතා හා මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස, ඞී. එම්. යූ. එම්. දිසානායක කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කන්තලේ කොට්ඨාස භාර නිලධාරි ලෙස, ජී. ටී. එල් ද සිල්වා පොලොන්නරුව කොට්ඨාසයේ සිට වව්නියාව කොට්ඨාස භාර නිලධාරි ලෙස, ඩබ්. පී. ජේ. සේනාධීර මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන පරිපාලන නිලධාරි තනතුරේ සිට කන්කසන්තුරය කොට්ඨාස භාර නිලධාරි ලෙස, එම්. ඒ. ඒ. ආර්. පේ‍්‍රමරත්න කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට විනය හා කල්ක‍්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස, ඩබ්. එල්. ජේ. රසල් ද සොයිසා විශේෂ කාර්යාංශයේ සිට කොළඹ වංචා විමර්ශන කර්යාංශයේ අධ්‍යක්‍ෂ ලෙස, ඩබ්. ඒ. ජේ. විශාන්ත ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සිට අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස, ඞී. එම්. එම්. ඒ. බී. මහගිරිල්ල ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සිට එම ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන පරිපාලන නිලධාරි ලෙස, එච්. සමුද්‍රජීව යාපනය කොට්ඨාසයේ සිට සුබසාධක කොට්ඨාසය ලෙස, විජිත ද අල්විස් මහතා කෑගල්ල කොට්ඨාසයේ සිට අනුරාධපුර කොට්ඨාසය වෙත, ඩබ්. එස්. නිශ්ශංක මහතා අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂක තනතුරේ සිට පොලිස් මූලස්ථානය වෙත, සී. ආර්. කොට්ටහච්චි මීගමුව කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානය වෙත, ටී. ලූඩවයිට් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත.

     සහකාර පොලිස් අධිකාරිවරුන්

     එච්. ඞී. කේ. එස්. පෙරේරා නුගේගොඩ කොට්ඨාසයේ සිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත, එම්. එස්. කේ. වික‍්‍රමනායක පොලොන්නරුව කොට්ඨාසයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත, ජේ. එම්. එස්. බී. ජයසිංහ කුරුණෑගල කොට්ඨාසයේ සිට නුවරඑළිය කොට්ඨාසය වෙත, පී. ටී. සිසිර ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත, එන්. ආර්. එච්. පී. කේ. ගුණසේකර – මුලතිව් කොට්ඨාසයේ සිට අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන්ගේ සහයක ආරක්‍ෂක කොට්ඨාසය වෙත. බී. ඒ. ආර්. පුෂ්පකුමාර අධිවේගී මාර්ග කොට්ඨාසයේ සිට යෝජිත නව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත. ඞී. ඩබ්. එච්. එස්. බී. දියකෙලිනාවල මහනුවර කොට්ඨාසයේ සිට කෑගල්ල කොට්ඨාසය වෙත. එන්. ජේ. එදිරිසිංහ තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසයේ සිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත. ජී. ජී. එස්. ඞී. අංගම්මන බදුල්ල කොට්ඨාසයේ සිට මහනුවර කොට්ඨාසය වෙත. එස්. ඒ. පී. කේ. දයානන්ද කැලණිය කොට්ඨාසයේ සිට ගම්පහ කොට්ඨාසය වෙත (අත්තනගල්ල දිස්ත‍්‍රික් භාර නිලධාරි ලෙස), එල්. අමරකෝන් කුලියාපිටිය කොට්ඨාසයේ සිට නිකවැරටිය කොට්ඨාසය වෙත. එස්. එම්. ජේ. සමරනායක ගම්පහ කොට්ඨාසයේ සිට ත‍්‍රිකුණාමලය කොට්ඨාසය වෙත. ඩබ්. එම්. සමරකෝන් බණ්ඩා නිකවැරටිය කොට්ඨාසයේ සිට මහනුවර කොට්ඨාසය වෙත. ඊ. එල්. එම්. චන්‍ද්‍රසේන බණ්ඩාර යාපනය කොට්ඨාසයට ලබා දී ඇති ස්ථාන මාරුවීම අවලංගු කර මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත. එස්. ආර්. එච්. ගමගේ – නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර සිට ත‍්‍රිකුණාමලය කොට්ඨාසය වෙත. එච්. ඞී. එස්. තුසිත කුමාර ගම්පහ කොට්ඨාසයේ සිට මන්නාරම කොට්ඨාසය වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම් තාවකාලිකව පොලිස් මූලස්ථානය වෙත අනුයුක්ත කිරීම. කාන්තා සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංආරච්චි ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ. එම්. අයි. බී. විජේරත්න මහතා යෝජිත තෙල්දෙණිය කොට්ඨාශයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති ලෙස, පොලිස් පරීක්‍ෂක පී. බී. කේ. පී. ජයරත්න මහතා අංකුඹුර පොලිස් ස්ථානාධිපති සිට සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත.

  • වැසි සහ සුළං ඉදිරි දිනවලත්

    වැසි සහ සුළං ඉදිරි දිනවලත්

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත‍්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත‍්‍රික්කවලත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 දක්වා ක්‍ෂණිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

     බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

     මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

     බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

     ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

    ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

    පාර්ලිමේන්තුවේ ඇතැමුන් 08 වසර හෝ ඕලේවල් වත් සමත් නොවුනද තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත්, උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවත් අද(05) අ.පො.ස(උ.පෙ ) විභාගයට පෙනී සිටීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටියේය.

    අද(05) උදෑසන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරයා විභාගයට පෙනී සිටියේය.

    අනිවාර්යයෙන් තමා විභාගය සමත් වෙන බවත්, එසේ නොවුන හොත් නිරන්තරයෙන් නැවත නැවතත් උත්සහ කරන බවත් රාමනායක මහතා පැවසීය.

    මෙම ප්‍රකාශය හරහා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම නොකියා පහර දුන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වීමට කුමන්ත්‍රණ කරන අ.පො.ස(සාමාන්‍ය පෙළ) වත් සමත් නැති සජිත් ප්‍රේමදාසට බව දන්නෝ හොදින්ම දනිති.

    රන්ජන් කියූ දෙය සරලවම අපේ භාෂාවෙන් කියනවා නම් “සජිත්, උඹ ඕලෙවල් පාස් නැත්නම් එංගලන්තයේ හොර උපාධි පෙන්වන්නේ නැතුව මං වගේ අවංකව විභාගය ලියලා පුළුවන් නම් ඕලෙවල් පාස් වෙලා පෙන්නපන්, බොරුවට ගොන් මීමෙක් වගේ රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ නැතුව”

  • එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි.

    අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම අහඹු සිදුවීමක් බවත් මාධ්‍ය විසින් ඒ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා දුන් බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදු කළ බවත් කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා බලාපොරොත්තුවක් නොතිබු බවත් ඔහු ප්‍රකාශ කළේය. දැනට ඒ පිළිබඳ තමන්ට සූදානමක් නැති බවත් ඉදිරියේ දී එවන් අදහසක් ඇතිවේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

    තමන් ජාත්‍යන්තර දේශන පවත්වන අයෙකු බවත් දෙස් විදෙස් උපාධි හදාරා ඇති බවත් පැවසූ ඔහු තම දේශන සඳහා මෙම සිදුවීමෙන් බාධාවක් එල්ල නොවන බවත් කියා සිටියේය. තමන්ට ඇතිවිය හැකි තර්ජන සඳහා තම ගෝලයන් ලෙස පිරිසක් සිටි බවත් එම පිරිස ප්‍රභූ ආරක්ෂකයින් ලෙස හැඳින්විය නොහැකි බවත් අදාළ දේශකයා කියා සිටියේය.

    මෙම සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබීය. කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත ආචාර්ය දිනේෂ් අමරතුංග ඇතුළු 8දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

  • ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවායැ’යි රට වටේ තම්මැට්ටම් ගසමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන අ.පො.ස (සාමාන්‍ය පෙළ ) ත් අසමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දෙන ලෙසට ඉල්ලා ඔහුගේ සභචරයින් ලවා කොළඹ ලිප්ටන් වටරටුමේ සිදුකළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ 30කටත් අඩු පිරිසකි.

    සජිත් ප්‍රේමදාසට විශාල ජනබලයක්, ජනමතයක් තිබෙනවා යැයි සජිත් වටා සිටිමින් ඔහු යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවන් සහ සජිත්ගෙන් පඩි ගන්නා පිරිස් පාරම්බෑවද සජිත් ප්‍රේමදාසට ඇති ජනමතයේ තරම හොඳින්ම පෙනෙන්නේ මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස තම සියලු ආසන පරාජයට පත්වෙද්දී සහ පාරට බැස නිර්ව්‍යාජව ජනතා මතය විමසද්දීය.

    කිලීගේ මාධ්‍යයට වීඩියෝ කට් ගැනීම පිණිස එම පිරිසද කුලී පදනම මත මුදලට ගෙන්වා ඇති අතර විනාඩි කිහිපයක මාධ්‍ය සංදර්ශනයෙන් අනතුරුව පැමිණි පිරිස කොන්ත්‍රාත්කරුගෙන් මුදල් ගැනීමට වලිකන අයුරු නම් පෙනෙන්නට තිබිණ.

  • ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

    ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී.

    ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර වැන්න වුන් රෙදි නැතිව රටේ සජිත්ගේ උපාධිය ගැන අපුල්ලමින් ගියද 1991 වසරේදී එවක සජිත්ගේ පියා වන හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නොහොත් ආර්.ප්‍රේමදාස ජනාධිපතිව සිටියදී ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයේ නියමිත කාලය ගත කරමින් අවසන් විභාගයට රෝගී තත්වයක් යැයි පවසමින් සජිත් ප්‍රේමදාසට පෙනීසිටීමට නොහැකි යැයි කරන ලද අඬ ඇඩියාවක ප්‍රතිථලයක් ලෙස “සානුකම්පිතව” සලකා බලා නිසි “පිළිගත් සුදුසුකම් නොමැති උපාධියක්” හෙවත් “An Aegrotat” පදනමින් පිරිනමන ලද උපාධියක් ලෙස පිරිනමා ඇත. මෙය එංගලන්තයේ “University of London ” විශ්ව විද්‍යාලයෙන් කරන ලද විමසීමකදී ඔවුන් විසින් සහතික කොට එවන ලද පිටපත මෙහි දැක්වේ.

    මේ අනුව මෙතෙක් කල් අ.පො.ස(සා/පෙ ) O/L සමත් නැති සජිත් ප්‍රේමදාස එංගලන්තයේ උපාධිධාරියෙක් යැයි රටවටේ කෙබර කෙලිමින් ගිය මධු සමය සජිත්ගේ වටේ සිට ඔහුට නකුට වනමින් අනෙක් අයට බුරමින් ගිය බලු කුක්කන්ට අහිමිවී යනු ඇත.

    https://youtu.be/UMkaz4VzPNs?t=106
  • රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු කළේය. එහෙත් ඔහු රණතුංගලාගේ ඡන්මයෙන් එන සල්ලාල, බයිබෝස් ක්‍රමයට හාත්පසින්ම වෙනස් අයුරුකින් මීට පිළිතුරු දුන් ආකාරය පාර්ලිමේන්තු සිටි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවීම සුවිශේෂී සිදුවීමක් විය.

    ක්‍රිකට් සහ දේශපාලනය මතින් දුවන රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන රණතුංග නැඟූ චෝදනාවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “වර්තමානයේ අපේ අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු ඉරුදින වෙච්ච සිද්ධියෙන් පස්සේ ලංකාවට ආව ප්‍රධානම අවස්ථාව තමයි මේ බංගලිදේශ ශ්‍රී ලංකා තරඟාවලිය 21වෙනිදායින් පස්සේ ආණ්ඩුවක් හැටියට ඒ වගේම අගමැති තුමාත් ජනපතිතුමාත් කටයුතු කිරීම පිළිබඳව මේ රටේ හැමෝම මං හිතන්නේ අපි කටයුතු කරන දේ දිහා බැලුවම ගිය පණිවුඩය නම් සුභවාදී නෑ. මොකද 9/11 එකේ ඇමරිකාවට ගහපු වෙලාවේ මුළු රටේ සියළු දෙනා ඒ වෙලාවේ හිටියේ බුෂ් ජනාධිපති තුමාත් එක්ක එකතුවෙලා ක්‍රියාත්මක කලා.

    නමුත් අපි කලේ හතර වෙනිදා ආපු ලියුම මොකද පස් වෙනිදා ආපු ලියුම මොකද මොකද්ද කරේ කියලා අතීතයට ගිහිල්ලා වෙච්ච ඒවා සොය සොය ඒවට වැරද්ද ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට, පොලිස්පතිතුමාට යන නිලධාරි වටා ගිහිල්ලා අපි විශ්වාසය පළුදු වෙන ආකාරයට ක්‍රියාත්මක වුනා. මේ හදිසි නීතිය මේ මාසය තුල පමනක් නෙවෙයි තව මාස දෙකක් වත් තුනක් වත් තියාගන්න සුදුසු නම් ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන.

    අද මේ මාර්තෘකාව වෙලාවෙත් කිසිම සම්බන්ධයක් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථාකරලා අර්ජුන රණතුංග මහතා මඩ ව්‍යාපාරයක්, මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මේකත් පාවිච්චි කලා ඔහුගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණ තුනක් ඔහු සභාපතිවරණෙට ඉල්ලලා පැරදුණා, උප සභාපතිට ඉල්ලා දෙපාරක් පැරදුනා. ඔහුගේ මල්ලිත් එක්ක ඉල්ලලා පැරදුනා. ඒ නිසා එහි සාමාජිකයින් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ඔහු තරඟ පාවා දෙන්න ඩොලර් 15000 ක් අරගත්ත කියන ඉතිහාසයේ තියන ඔහු චූදිතයෙක් වෙලා සිටිය නිසා, ඔහු පරිපාලනය කරපු කාලයේදි නොයෙකුත් දේවල් කරලා වැරදි කරපු නිසා විශ්වාසයක් නෑ .

    ඒකට මට කරන්න දෙයකුත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි සාමාජිකයින්ට කරන්න දෙයක් නෑ. ඔහු පරිපාලකයෙක් හැටිය විශ්වාස කරන්නෙත් නෑ කැමතිත් නෑ. ඒ වගේම මම කියන්න ඕන අර්ජුන රණතුංග මහත්මයත් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයත් තමයි මේ ඇන්ජලෝ මැතිව්ස් මහත්මය අපේ කැප්ටන් මැච් ෆික්සිං කරනවා කියලා කොම්ප්ලේන් කරේ. ඒ කරාට පස්සේ FCID දාලා පොලිසියෙන් ගිහිල්ලා හොයලා පරීක්ෂණ කරලා ඇන්ජලෝ මැතිව්ස් ව සම්පූර්ණයෙන් විනාශ කලා.

    ඔහු කැප්ටන්සියෙන් ඉවත් කලා. ඊට පස්සේ ඔහුට මානසික තත්වයක් තිබුණෙ නෑ ක්‍රීඩා කරන්න. අපි ඕස්ට්‍රේලියාවට 3-0 ගහලා තිබිච්ච කණ්ඩායම නැවත සම්පූර්නයෙන්ම අපේ කණ්ඩායම ඒ ප්‍රමෝදය සහ අර්ජුන තමයි ආරම්භ කලේ විනාශ කරන්න. ඊට පස්සේ අපිට තේරුම් කමිටුවට ඇඟිල්ල දැම්මා ඒට පස්සේ ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තා.

    ඒ නිසා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ දෙන් අපි බොහොම අමාරුවෙන් පෙබරවාරි 21 න් පස්සේ චන්දෙන් තමයි අපි තෝරා පත් වුනේ. කණ්ඩායමට අවශ්‍ය පසුබිම හදමින්, පුහුණු කරුවෝ හදමින් අවශ්‍ය නායකත්වය හදාගෙන යනව. ඉතින් මේවට දේශපාලන ඇඟිලි ගහලා හැමතිස්සෙම පෞද්ගලික තමන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ඇඟිලි ගැහුවම වෙන්නේ පරිපාලනයට තියෙන තරහ මත ක්‍රීඩාවෙන් පලිගන්න එක. ඒ නිසා අපිට නිදහසේ පාලක මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න දුන්නා නම්, තමන්ගේ ඒ පෞද්ගලික දේවල් පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේක විනාශ කරන්න දෙන්නේ නැතුව මෙතන අපිට පුළුවන් ඒ තත්වයට මුහුණ දෙන්න. ක්‍රීඩා ඇමති වරයෙක් ඉන්නවා.

    එතුමා එක්ක අපි සාකච්ඡා කරනවා. එතුමාට අපි අවශ්‍ය තොරතුරු ලබා දීලා තියනවා. දැන්පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් හදනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කරන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. පාර්ලිමේන්තුවට පුළුවන් ක්‍රීඩා නීති වෙනස් කරන්න.

    ක්‍රිකට් නීතී වෙනස් කරන්න පුළුවන් අයි සී සී එකට. ඒ නිසා මේ අයි සී සී එකේ රාජකාරි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කිරීමේ හැකියාවක් ක්‍රිකට් නීති වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තුවට පුළුවන් කියලා මං හිතන්නේ නෑ.හැබැයි ක්‍රීඩා නීති වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්න කැමතියි.

    ඒ වගේම පාලක මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව සියළු දේවල් කරලා තියෙනවා. කටයුතු කරලා තියෙනවා. ඒවගේම ගිය අවුරුද්ද ඇතුලත මාස 10 ක්ම ඉන්ටරිං කොමිටියක් එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිතුමායි පාලනය කලේ. ඒ පාලනය කරපු කාලේ මේක කඩාගෙන වැටුනා. නායකයෝ වෙනස් කලා. කණ්ඩායම වෙනස් කලා. පුහුණු කටයුතු වෙනස් කලා. ඉතින් අපි මේක දැන් සන්සුන් කරගෙන හදාගෙන යනවා. බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ කණ්ඩායම කඩා වට්ටන්න එපා කියලා”.

  • නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ.

    මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවත් එම පක්ෂයේ සජිත්ට විරුද්ධ අයවලුන්ට එරෙහිවත් කුමන්ත්‍රණය කරමින් කැරලි ගසමින් සිටිති.

    මින් පෙර සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසුරියට එජාප නායකත්වය ලබාදීම වෙනුවෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහට සහ සිරිකොත එරෙහිව කැරලි සහ කුරුඳු පොලු ගසා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන අයට එම පක්ෂයේ තිබූ තැන අහිමි කරගත් අතර සමහරුන්ට පක්ෂයෙන්ද ඉවත් ව යෑමට සිදුවිය.

    එසේ දිර්ඝ කාලයක් කැප කිරීම් සිදුකරමින් දේශපාලනය කළ පක්ෂයෙන් ඔහුගේ තනතුරු සහ වරප්‍රසාද අහිමි වෙද්දී, තමා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ ඔවුන් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස නම් කෙලෙහි ගුණයක් නොදත් කුහක අපතයා එක් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. මේ නිසාම දක්ෂයෙකු වූ දයාසිරි ජයසේකරකට එජාපයට හැරදා යෑමට සිදු වු අතර, බුද්ධික පතිරණට වසර ගණනාවක් කිසිඳු තනතුරක් හෝ ඇමතිකමක් වත් නොලැබ ගුණමකු සජියාගේ බිලි පූජාවේ පව් කරගැසීමට සිදුවිය.

    කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට පිළිලයක්ව ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලිය මේ වන විට යළිත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වටලා ගල් ගැසීමටත්, පක්ෂය විනාශ කරමින් කැරළි ගැසීමටත් සූදානම්ව සිටින අතර මේ සඳහා එජාපයට සම්බන්ධව සිටි ඇතැම් බාහිර පිරිස් අවශ්‍ය තෙල් පොම්ප කරමින් සිටිති.

  • අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපි වසර ගණනාවක් නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. අද අපේ පැහැදිළි වෙනස්කම් දැකිය හැකියි. එදා කළු ලෑල්ලට හුණු කූරට සීමාවුණ අපේ අධ්‍යාපනය, අද ස්මාර්ට් පන්ති කාමර දක්වා රැගෙන ඒමට හැකිවෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් අපි වෙනස් වුණේ නැත්නම්, මේ පුංචි ලංකාවට ලෝකය සමග එකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එදා තිබුණ සමාජය නෙමෙයි අද තිබෙන්නේ. එදා හිතපු විදියට නෙමෙයි අපේ දරුවෝ අද සිතන්නේ. එදා පාසලෙන් පැමිණි දරුවා නිදහසේ සෙල්ලම් කරලා ජීවත් වුණා. නමුත් අද දරුවාට එසේ නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් නැහැ. පාසලෙන් පිටවන දරුවා නැවතත් ටියුෂන් වලට යනවා. ඊට පස්සේ ගෙදර එන දරුවාට නිදහසේ සතුටින් ඉන්න බැරි තවත් කොඩිවිනයක් තිබෙනවා. ඒ තමයි ජංගම දුරකතන. අද දෙමව්පියන්ටවත් සීමා කරන්න බැරි තත්ත්වයට මේ ජංගම දුරකතනය පත්වෙලා තිබෙනවා. මේ නිසාම අද අපේ දරු පරපුර විශාල වශයෙන් නොමග යනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුරට අද අපේ තරුණ පරපුර විශාල වශයෙන් ගොදුරු වෙලා. මත්ද්‍රව්‍ය උවදුර අද ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ව්‍යාප්ත වෙලා. අපේ අනාගතය තමයි අපේ දරුවන්. ඔවුන් ආරක්ෂා කරන්නනම්, අපි මේ උවදුරු වලින් අපේ දරුවන් රැකගත යුතුයි. අපි දේශපාලඥයෝ වශයෙන් ඒ සදහා නායකත්වය දියයුතුයි. දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් ඔවුන්ට ආදරය, සෙනෙහස නොඅඩුව ලබාදිය යුතු යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පෙරවරුවේ, කොටහේන කැතඩ්‍රල් පිරිමි පාසලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ළඟම පාසල – හොදම පාසල සංකල්පයට අනුව අළුතින් ඉදිකල ගොඩනැගිලි පරිශ්‍රයක් සිසු අයිතියට පත්කිරීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

    අධ්‍යාපනයේ තිබෙන වටිනාකම නිසා තමයි, 2014 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් ඒ වෙනුවෙන් වෙන්කරලා තිබෙන්නේ. වසරක් පාසා මෙම මුදල් ප්‍රමාණය වර්ධනය වෙලා, 2019 දී මෙය 3.2% ක් බවට වර්ධනයට කරලා තිබෙනවා. ලගම පාසල හොදම පාසල වැඩසටහනට මුදල් වෙන්කලේ ඒ ආකාරයෙන් තමයි. අපේ තිබෙන දුර්වලතාව තමයි සංවර්ධනයත් සමගින් මාධ්‍ය එකට ගමන් නොකිරිම. දරුවන්ගේ අනාගතය සුරක්ෂත කිරීමේ වගකීම තිබෙන්නේ අපේ අතේ. ඒ අනුව ජනතාවගේ ඡන්දයක් අරන් දේශපාලනය කරන එක විතරක් නෙමෙයි දේශපාලඥයින් වශයෙන් අපේ යුතුකම. නිරන්තරයෙන් රට සහ ජනතාව නිවැරදි මාර්ගයට යොමුකිරීම තමයි අපේ වගකීම.

    ඒ වගේම අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමෙන්. ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන තමයි සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. නමුත් අපි එකට හිතලා, එකට කටයතු කළොත්, කාටවත්ම අපිව පරාජය කරන්න බැරි වෙනවා. මේක තමයි අපි ලබාගත යුතු ලොකුම පාඩම. හෙටක් ගැන නොසිතන අවස්ථාවාදි කෲර දේශපාලඥයෝ මොනයම් ආකාරයෙන් කටයුතු කලත්, අපි ඔබේ සමගිතාවය ඇති කරන්න කටයුතු කරලා තිබෙනවා. අද දේශපාලනයේ හිතන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. එදා කරන්න පටන්ගත්ත දේ අදටත් ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන ඉදිරියට යන තත්ත්වයක් තමයි වර්තමාන දේශපාලනය තුළ දකින්නට තිබෙන්නේ. ඒ තුළින් අපි එකම තැනක හිරවෙලා. නමුත් වියයුත්තේ එය නොවෙයි. වෙනස්වන ලෝකයත් සමගින් අපි වෙනස් ආකාරයෙන් සිතා කටයුතු කළ යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් අපි නව දර්ශනයක් තුළින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන් ආකාරයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් කරලා, රට වඩාත් ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.

  • ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ(30) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.

    මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.

    ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.

    මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.

    ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අදාල සමුළුව ඊයේ පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.

  • බලාගෙනයි..! දේශපාලනය පක්ෂයකට මුවා වී අන්තවාදී ත්‍රස්තවාදී සමාගමක් අතට රටවැසියන්ගේ සියලු පෞද්ගලික තොරතුරු පත්වීමේ අවදානමක..!

    බලාගෙනයි..! දේශපාලනය පක්ෂයකට මුවා වී අන්තවාදී ත්‍රස්තවාදී සමාගමක් අතට රටවැසියන්ගේ සියලු පෞද්ගලික තොරතුරු පත්වීමේ අවදානමක..!

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ‌හෙවත් ‌ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතු‌රේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක් බවත් ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය ජාතික නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු වීරපරාක්‍රම ධර්මවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්‌වෙන අතර ‌පොහොට්ටු ඇප් එකේ ‌සේයාරුවක් ද පහතින් දැක්වේ..

    2019 ජූලි 28 දින 
    ජාතික නිවේදන අංක 228

    අන්ත්‍රාවයි..! වගකීමෙන් තොර ‘ස්මාර්ට්’ දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් බැංකු ගිණුම් අනතුරේ..! අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක්..!

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂයක් විසින් ලබන මස 3 සහ 4 යන දෙදින තුල රට පුරා තිබෙන නිවෙස් වලට ගොස් නිවෙස් වල සිටින පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගෙන් එකතු කරගෙන ජංගම දුරකථන හරහා අන්තර්ජාලය මගින් නොදන්නා වෙනත් දත්ත ගබඩාවකට සම්ප්‍රේෂනය කිරීමේ සූදානමක් තිබෙන බව දැනටමත් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබේ.

    මෙහිදී එකතු කිරීමට නියමිත දත්ත අතර, පුද්ගලික ලිපිනය, ඒ ලිපිනයේ ඉන්නේ දෙමළ ජාතිකයන්ද, සිංහල ජාතිකයන්ද, මුස්ලිම් ජාතිකයන්ද යන වග, ඔවුන්ගේ වයස, සහ වැදගත්ම දේ ඒ එකිනෙකාගේ ජාතික හැඳුනුම්පත් අංකයන් ද වේ.

    පළමුවෙන්ම අනතුරු ඇඟවිය යුත්තේ දක්ෂ හැකරුන්ට පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය හරහා ඒ පුද්ගලයාගේ බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් වලට ඇතුළු විය හැකි බවයි. එසේ ඇතුළු වී ඒ පුද්ගලයා සතු මුදල් කිසිවෙකුටත් නොදැන අන්තර්ජාලය හරහා සොරකම් කළ හැකි බවයි. එසේ කළ බවට ඔ්නෑ තරම් උදාහරණ තිබේ. ලංකාවද සම්බන්ධ එක් ප්‍රකට උදාහරණයක් මෙසේය.

    ඇමරිකාවත් අමාරුවේ වැටුනා නම් අපි කව්ද?

    ඇමරිකාවේ, එංගලන්තයේ පැවැති මැතිවරණ වලදී අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකාවේ කරන්නට සුදානම් වන දේම මීට පෙර කර තිබේ. ඇමරිකාවේ මැතිවරණයකදී එක් දේශපාලන කණ්ඩායමක් විසින් දත්ත එකතු කිරීම සඳහා රුසියානු පරිගණක විශේෂඥයන්ගේද සහාය ලබා ගත්තේය. ඒ අතර සිටි එක් රුසියානුවෙකුගේ නම වූයේ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ ය. කවුරුත් නොදන්නා නමුත් ඔහු අති දක්ෂ පරිගණක හැකරෙකි. පසුකලෙක ඔහු ඇමරිකානුවන් ගේ ගිණුම් වලින් කිසිවෙකු නොදැන සොරකම් කළ මුදල ඩොලර් බිලියන ගණනකි. මහා ලොකු ඇමරිකානු සීඅයිඒ සංවිධානය ඒ ගැන දැන ගන්නා විට ඔහු අතුරුදහන් ය. ඔහු අල්ලා ගැනීම සඳහා ඇමරිකාව ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කෙළේය.

    පසුකලෙක 2017 මාර්තුවේ දී ලංකාවේ වැලිගමදී මනි ලොන්ඩරින් චෝදනාවකට ‘ෆරීන් මනොකින්’ නමැති රුසියානුවෙක් වැලිගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හරින්නේ ය. කොළඹ රහස් පොලිසිය ඔහු ගැන පරීක්ෂණ බාර ගැනීමෙන් පසුව කළ සොයා බැලීමේ දී තහවුරු වූයේ ‘ෆරීන් මනොකින්’ යනු ඇමරිකාවේ ඩොලර් බිලියන ගණනකට විද අතුරුදහන් වූ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ බවයි. ඔහු ලංකාවේ සිටින බව දැනගත් සීඅයිඒ නිලධාරීන් වහා ලංකාවට පැමිණීමට පිටත් විය. ඔවුන් පැමිණීමට පෙර අවසානයේ හැකරා සීඅයිඒ සංවිධානයේද, ලංකාවේ රහස් පොලිසියේද කණෙන් රිංගා ලංකාවෙන් අතුරුදහන් විය. රුසියානු යුද නැව් ඩීල් එකක් වෙනුවෙන් ඊට උදව් කළ ලංකාවේ දේශපාලනඥයා කවුදැයි කවුරුත් දනිති.

    රටක පුරවැසියන්ගේ පුද්ගලික දත්ත අයාලේ ඔ්නෑ ඔ්නෑ අයට එකතු කිරීමට ඉඩ දීමෙන් වන හානි එවැනිය. ඇමරිකාවටත් එසේ වී නම් අප ගැන කවර කතාද?

    දත්ත එකතු කිරීමේ බලය ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණයි

    ලංකාවේ පුද්ගලික දත්ත එකතු කිරීමේ එකම අවසරය ‘රජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණක්’ නීතියෙන් ලබා දී ඇත්තේ සොරුන් වංචනිකයන් විසින් මිනිසුන්ගේ දත්ත එකතු කිරීමෙන් කරන විපත් ගැන දන්නා බැවිනි. එසේ නොමැතිව දත්ත එකතු කිරීමට බලය දෙන්නේ අධ්‍යාපනික ආයතනයක අධ්‍යාපනික කටයුතු වෙනුවෙනි. නැතහොත් ලියාපදිංචි පර්යේෂණ ආයතනයන්ට පමණි. ඒ ද සකළ පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට අවසර නැත. කළ හැක්කේ තෝරා ගත් නියැදියකට අවශ්‍ය ප්‍රශ්න කිහිපයක් යොමුකර පිළිතුරු ලබා ගැනීම පමණි. එසේ නොමැතිව පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට කිසිවෙකුට කිසිදු බලයක් නීතියෙන් ලබා දී නැත.

    තරුණ දේශපාලකයා සහ නාවික හමුදාවේ සිටි මලයා රුසියානුවන් සමග කළ‌ේ කුමක්ද?

    අනෙක් අතට ලබන 3 සහ 4 පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කරන ඉහත කී පක්ෂයේ සිටින තරුණ දේශපාලකයා සහ ඔහුගේ නාවික හමුදාවේ සිටි මලයා විසින් පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට පෙර රුසියාවට ගොස් පරිගණක විශේෂඥයන් හමුවිය. ඒ රහස් කතා මොනවාදැයි රටවැසියා නොදනී. ඉන්පසු නොවැම්බරයේ රුසියානු පරිගණක විශේෂඥයන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන් සමග කළ කටයුතු මොනවාදැයි කිසිවෙකු නොදනී. එමෙන්ම ඔවුන් අගෝ. 3 සහ 4 ලංකාවේ රටවැසියන්ගෙන් එකතු කරන දත්ත අවසානයේ කුමන රටකට සම්ප්‍රේෂනය කරන්නේදැයි කිසිවෙකුත් නොදනී.

    මෙය භයානක අනතුරකි. රටවැසියන්ගේ දත්ත එකතු කිරීමට රජයකට පමණක් ඇති අයිතිය ස්මාර්ට් දුරකථනයක් අතැතිව තම නිවසට එන නොදන්නා හුලිජ්ජ කෙල්ලන්ට කොල්ලන්ට පැවරීමට වගකිව යුතු රජයකට හැකිද?

    මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත්…

    මෙහි ඇති තවත් අනතුරකි. රටේ මුස්ලිම් දෙමළ සිංහල ජාතිකයන් වෙසෙන නිවාස මොනවාදැයි ඔවුනට අවශ්‍ය ඇයි? මැයි 13 දා සිදුකළා සේ මෝටර් සයිකල් වල නැගුණු මැර කල්ලි වලට ගිනි තැබීමට අවශ්‍ය නිවාස මොනවාදැයි ‘ස්මාර්ට්’ ලෙසම පෙන්වා දීමට ද? මෙය ජාතිවාදී කෝළහාලයකට කෙරෙන ‘ස්මාර්ට්’ කුමන්ත්‍රණයක පෙර සූදානමක්ද? නැතිනම් මැතිවරණයට පසුව තම විරුද්ධවාදීන් කව්දැයි ‘ස්මාට්’ ලෙස තෝරා පහර දීමට ද? එසේත් නොමැති නම් මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත් වන සන්තෑසිය කුමක්ද? එබැවින් අවිචාරවත් දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් සිංහලයාද, දෙමළාද, මුසල්මානුවාද අනතුරේ වැටීම වැළැක්වීමට නොහැකිය.

    හදිසි නීතිය යටතේ පරීක්ෂණ අරඹනු..!

    අද පවතින්නේ හදිසි නීති තත්ත්වයකි. ඒ අනුව ත්‍රස්තවාදයකට උඩගෙඩි ලැබෙන අගෝ. 3 සහ 4 සිදුකිරීමට නියමිත නීති විරෝධී දත්ත එකතු කිරීම පිළිබඳ වහා පරීක්ෂණ ආරම්භ කර රටවැසියා ත්‍රස්ත අනතුරකින් මුදා ගැනීම සියළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අත්හළ නොහැකි වගකීමක් ලෙස ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය සලකමු.

    වීරපරාක්‍රම ධර්මවර්ධන
    කැඳවුම්කරු
    ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය

  • සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

    සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ අනුගාමිකයින්ගේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ.

    මේ සඳහා සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් වේදිකාවල පවසන ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින් සිටින සජිත්ගේම සහචරයින් යොදාගැනීමට සැලැසුම් කර ඇති අතර 5000 ක පමණ එවැනි පිරිසක් බස් රථ මඟින් කොළඹට ඇද්දවීමට සූදානමින් සිටී.

    “සජිත් වෙනුවෙන් සිරිකොතට ගල් ගැසීමේ ව්‍යාපාරය” සඳහා මේ වන විට “එජාපයට එරෙහි කුරුඳු පොලු බලකාය”ද එක්ව සිටින අතර ඒ සියල්ල මෙහෙය වන්නේ සජිත්ගේ සහචරයින් විසින් වන අතර එය අද සජිත්ගේ කල්ලියක් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ කියා සිටියේය.

    ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බවට වූ ප්‍රබල තර්ජනයක් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් අටවා ගත් දුමින්ද බණ්ඩාරනායක නැමැති අයෙකු විසින් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළේය.

    2015 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුබලය ගෙනදුන් නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බව සජිත් වැනිම අටමගල කථාවක් සිදුකරමින් ඔහු සඳහන් කළේය.

    2018 ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධීව කොල්ලකන ලද එජාප ආණ්ඩුව යළි බලාගැනීම සඳහා ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් යන සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සිදුකළ අඹමල් රේණුවක තරම් දෙයක් ඔහුට සඳහන් කිරීමට නොහැකි විය.

  • ලැජ්ජා නැතිකම මුස්ලිම් ඇමතිවරුන්ටත් වඩා ලොකුයි ලූ..(වීඩියෝ)

    ලැජ්ජා නැතිකම මුස්ලිම් ඇමතිවරුන්ටත් වඩා ලොකුයි ලූ..(වීඩියෝ)

    පසුගියදා කුප්‍රකට මුස්ලිම් ඇමතිවරයෙකු සහ මහ ඇමතිවරුන් දෙදෙනකුට එල්ල වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ තිදෙනා වෙනුවෙන් ඉල්ලා අස්වූ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ(29) යළිත් කිසිඳු ලැජ්ජාවකින් තොරව යළිත් සිය ඇමතිකම් යළි ලබාගත්තේය. ඒ අනුව මුස්ලිම් නාමයෙන් පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දී ඇත.

    ඒ අනුව රවුෆ් හකීම් මහතා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

    රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් අබ්දුල්ලා මහරුෆ් මහතා වරායා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

    මේ අතර බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

  • සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි

    සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි

    ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි.

    සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

    පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

    මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.

  • සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

    රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

    සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

    අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.