වයස අවුරුදු 14 ක සිසුවියක් සමුහ දූෂණයට ලක් වී ඇය ගැබිනියක් වීම සම්බන්ධයෙන් චීවරධාරියකු, යුද හමුදා බුද්ධි අංශයේ සෙබළකු සහ සිසුවියගේ පවුලේ ඥති සොහොයුරකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
සිසුවියගේ සමූහ දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුවියගේ ඥති සොහොයුරාගේ මවට සිසුවියගේ පියා පසුගිය 29 වැනිදා පහරදීම නිසා ඇය කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදුන් සිසුවියගේ පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ලිංගික අපයෝජනයට ලක් වූ මෙම පාසල් සිසුවිය පොලිස් පරීක්‌ෂණවලින් අනතුරුව පසුගිය 23 වැනිදා කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී වෛද්‍ය පරීක්‌ෂණයට ලක් කිරීමෙන් පසු ඇය ගැබිනියක් බව තහවුරු වී ඇති බවත් ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය.
ගැබිනියන් වී සිටින සිසුවියට ලිංගික අපයෝජන කළේ යෑයි පැවසෙන සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පසුගියදා (30 දා) කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බවත් වෛද්‍ය පරීක්‌ෂණ ප්‍රතිඵල මත සැකකරුවන් කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමු කළ බවත් පොලිසිය පැවසීය.
Category: සුපිරි Walks
-

චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?
-

සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ගම්මට්ටමින්, බිම්මට්ටමින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන අලුත්ම විදිය මෙන්න..
එක්සත් ජාතික පක්ෂයේ නායක්ත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා මේ වන එජාපයේම නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව නොරහසක් වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සූදානම් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ අවසන් මෙහෙයුම මේ වන විට සජිත් තම හාම්පුතුන් ඇතුළු ඩීල්කරුවන් වෙනුවෙන් සිදුකරමින් සිටින අතර ඊට අදාළ පිරිවැය සිය අමාත්‍යංශයෙන් සහ අදාළ හාම්පුතුන් විසින් දරමින් සිටින බවද ප්‍රසිද්ධියට පත්වෙමින් පවතී.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ මහලේකම්වරයා ඇති පක්ෂයේ වගකිව යුත්තන්ට හොරෙන් කැඳවා ඇති මෙම “සුහද හමුව” සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීධුර අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද කැඳවීම් කර තිබීම විශේෂිතය.
මහජන මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ සිදුකර ඇති මෙම දේශපාලන හමුව සඳහා වන පිරිවැය අමාත්‍යංශයෙන්ම දරන බවට තොරතුරු වාර්තාවේ. සජිත්ගේ මෙම රාජ්‍ය දේපල අවභාවිතාව සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු හඬක් නොනඟන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සිටින මැති ඇමතිවරුන් සිදුකරන සුළු අඩුපාඩුවක් පවා කෙන්ද කන්ද කරමින් සිදුකරන ප්‍රහාර තුලින් සජිත් සිදුකිරීමට යන දේශපාලන කුමන්ත්‍රණය මනාව පැහැදිලිය.

-

ඇමති රවීගෙන් රුපියල් බිලියනයක් ජනතාවට
“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
“ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පවසන මූල්‍ය වංචාවන් සහ වෙනත් අක්‍රමිකතා පිළිබදව පසුගිය වකවානුව තුලදී අසන්නට ලැබුණ බවත්, ඒ අනුව මෙම කටයුත්ත රටේ විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍යය කටයුත්තක් වන බැවින්, ජාතික ධනය අපතේ නොයන ආකාරයෙන්, පූර්ණ විනිවිදභාවයක් තුළින් සිදුකිරීමට තමා දැඩි තීරණයකට පැමිණි බවත් ” විෂයභාර අමාත්‍යවරයා පවසයි.
“ඒ අනුව මෙම ගල් අඟරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42 ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් පවසන විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනූව 2019/2020 වාරයේ පලමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් (රු. 992,966,940/=) රටට ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කර ඇති බවද” වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති උදිත දේවසුරේන්ද්‍ර මහතා,
“රවී කරුණානායක අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වනවිට අපි දෙවරක් ගල් අඟුරු මිලදී ගැනීම් සිදු කළා. මේ වසරේ පෙබරවාරි මාසයේ අපි ගල් අඟුරු ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. මෙම මිලදී ගැනීම, ගිය වසරේ නොවැම්බර් මස සිදුකරන ලද මිලදී ගැනීමට සාපේක්ෂව ඩොලර් 10 ක පමණ අඩු මිලකට ගැනීමට හැකිවුණා. මින් පෙර එනම් අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමට පෙර (2017 – 2018) කාර්තුවේදී මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 100.35 කට තිබු ටෙන්ඩරය ඇමතිතුමාගේ පත්වීමෙන් පසු මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලට ගන්නා ලදී. ඒ අනුව අපි මිලියන් 500 ක් වැනි අඩු මිලකට අපට ගල් අඟුරු මිලදී ගැනීමට හැකි වුණා. ඒ සමඟම අපි ගල් අඟුරු නැවක් හරවා යැවීමට කටයුතු කළා. මෙවැනි කටයුත්තක් සිදුවී ඇත්තේ ප්‍රථම වතාවටයි. ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ ගල් අඟුරු තොගයක් නිසයි අපිට එවැනි පියවරක් ගැනීමට සිදුවුණේ. බිලියන් එකක් වැනි අවම මිලකට අපිට එම ගල් අඟුරු තොගය ලබාගැනීමට අවස්ථාව තිබුණත්, ප්‍රමිතියෙන් තොර නිසා අපි එම තොගය නැවත හරවා යැවීමට කටයුතු කළා. අපට අවශ්‍ය වන්නේ වඩාත් ප්‍රමිතියෙන් ඉහළ ගල් අඟුරු සාධාරණ මිලකට ලබා ගැනීමටයි.
ඉන් අනතුරුව මේ අගෝස්තු මස අපි නැවත ගල් අඟුරු ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට අනුව මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලදී ගත් මිලට වඩා (2019/2020) පැවති ටෙන්ඩරය මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 63.45 ක මිල අඩුවකට ලබාගැනීමට හැකිවුණා. එමගින් මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42ක මුල්‍ය වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා .ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස සිදුකළ මිලදී ගැනීම් වලට සාපේක්ෂව, මේ වසරේ ගල් අඟුරු මිලදී ගැනීම තුලින් බිලියන් 02 ක් වැනි මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී තිබෙනවා. එය විශාල මූල්‍ය වාසියක්.
මුහුදේ පවතින රළු ස්වභාවය නිසා අපි සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරනු ලබන්නේ සැප්තැම්බර් මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ පමණයි. සැප්තැම්බර් මාසයේ 20 පමණ ගල් අඟුරු ටොන් 60,000 ක පමණ නැවක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. එය නියමිත දිනට වඩා දින 03 කට කළින් ලංකාවට පැමිණෙන බව අපට විශ්වාසයි. ඒ අනුව මේ දිනවල ප්‍රචාරය වන ආකාරයේ ගල් අඟුරු හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ” යැයි පැවසීය.
-

එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)
ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ තිලංග සුමතිපාල මහතා,
රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවයි.
යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.
-

තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති
කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබෙන අතර එවැනිම තවත් හමුවක් ගෙවී ගිය පැය 72ක කාලය තුල යළිත් සිදුව තිබේ. පළමු හමුව සම්බන්ධයෙන් සජිත් කල්ලිය දැන සිටියද දෙවන හමුව සම්බන්ධයෙන් ඔවුන් දැන සිට නැත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන ඇතිව තිබෙන වාතාවරණය සමනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡා සුහද මට්ටමින් පැවති ඇති බවද දැනගන්නට ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මෙම හමුව සිදුව ඇතැයි වාර්තාවේ.
මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ වෙන්ට ආර්යාව වන ජලනි පේ‍්‍රමදාස මැතිනියද සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි.
තමන් මතු ජනාධිපති වන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව යයි හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරමින් සජිත්ට නියත විවරණ දුන්නේ මැයයි.
-

රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි
මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.
එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවද කියා සිටියේය.
සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේදී එවකට හිටපු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කණට ගැසූවෙ යයි චෝදනා එල්ල විය.
-

සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බිහිකිරීම අල කරමින් මිනීමෝර පවුල් පාලනයක් වෙනුවෙන් රටම මරු කටට ඇදලා දාන තුරු නින්දක් නැතුව සිටින සජිත් කල්ලියේ නියම ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා.
ඊයේ දිනයේ (27) පැවැත්වූ කැබිනට් හමුව උනුසුම් කලේ ඒ සජිත්ගේ කුහක කල්ලියේ නියම ස්වභාවය නැවතත් තහවුරු කරමින්.
ඒ තමයි”සජිත් කල්ලියට එක්වන සෑම එජාප පසුපෙළ මන්ත්‍රීවරයකුටම බාර් ලයිෂන් දීමේ වැඩ පිළිවෙළ”.
සජිත් කල්ලියේ පිරිස වැඩිකර ගැනීමට යොදා ගෙන තිබෙන අලුත් අල්ලස් දීමේ ක්‍රමය තමයි ඒ.
යහපාලන ආණ්ඩුවට නිගාදෙන මේ තකතීරු වැඩේ කැබිනට් එකේදී ඇදලා ගත්තේ රවී කරුණානායක. ඒ නිකං නෙවෙයි. සජිත් කල්ලිය මේ වෙනකොට ඩීල් දාගෙන ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිගේ මූනටම ප්‍රශ්නය ඇදලා දාමින්.
“වැඩ සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ඔබතුමා ආරම්භ කරලා තියන මතින් තොර ශ්‍රී ලංකා වැඩපිළිවෙළට මොකද වෙන්නේ ? කාටද පුලුවන් මේවා අනුමත කරන්න”
වක්කඩ ඇරියාම වගේ රාජිත දුන්න දීමට රිදුනේ සුරාබදු දෙපාර්තමේන්තුව විෂය භාර මුදල් ඇමැති මංගල ට. ඒ වගේම ඇමතිවරුන් කිහිපදෙනකුම මේ කුජීත වැඩේ විවේචනය කරන්න ගත්තා.
මංගලගෙන් ජනාධිපති මෛත්‍රීපාලත් ඒ ගැන ඇහුවා.ඒකට උත්තර දෙමින් මංගල කිව්වෙ “කිහිපදෙනකු ඉල්ලා තියනවා. ඒත් තවම දෙන්න අවසන් තීන්දුවක් අරගෙන නෑ ” කියලා.
කොහොම උනත් දිගටම ඇමතිවරුන් මේ ගැන විවේචනය කළා. කැබිනට් එක එකම කාලගෝට්ටියකින් ඉවර වුනා. කැබිනට් එක කාලගෝට්ටියකින් ඉවරයි කියලා මඩකිං අනාවරණය ඉවර වෙන්නේ නෑ. වෙබ් සයිට් කිහිපයක් බැරි බැරි ගාණේ මේ නිව්ස් එක ගැහුවට ඒවායේ වැඩි විස්තර මොකුත් නෑ.
දැනට සූදානම් කරලා තියන ආකාරයට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුට බාර් ලයිෂන් දෙන්න නියමිතයි. ඒ මන්ත්‍රීවරුන් තුන්දෙනා වෙන්නේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා.
සජිත්ගේ කල්ලියට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට මේ බාර් ලයිෂන් අල්ලස දීමේ යෝජනාව මලික්ගේ. “ඊලඟ මහ මැතිවරණය සඳහා සල්ලි ඕන නේද ? යන්න මතක් කළොත් ඒකට බාර් ලයිෂන් දෙන්න සූදානම් කිව්වොත් වැඩේ ගොඩ ” කියලා තමයි මලික් මේ යෝජනාව දෙන්නේ.
ඒ වගේම සජිත් කල්ලියේ උපදේශකයන් ඒ යෝජනාව ඉහළින් අනුමත කරලා තියෙනවා. මුල් අවස්ථාවේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි , නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරුන් ට දීලා ඉතුරුවා සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගත්තාම දෙන්න තමයි සැලසුම. ඒ වෙනකල් එජාප මන්ත්‍රීවරුන් සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටන එළිපිට කරන්න ඕන. අන්න ඒකයි සජිත් කල්ලිය මන්ත්‍රීවරුන්ට දාපු කොන්දේසිය.
මේ යෝජනාව මුලින්ම ලැබුන නිසා තමයි හේෂා විතානගේ මහ සද්දෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා මුලින්ම මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ වගේම චමින්ද විජේසිරිවත් ළඟට ගන්නේ.
දැන් පැහැදිලියි නේද ? සජිත් ඕන , සජිත් නැතුව බෑ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරය ඉල්ලන්නේ සජිත් කියන සටන් පාඨ වල තියන රහස.
හේෂා විතානගේ මහ පොරක් වගේ පහුගියදා අධීක්ෂණ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනේ මේ රස ඉල්ලම ඔඩොක්කුවට වැටෙන නිසා.
මේ තමයි අපි දිගින් දිගටම හෙළිදරව් කරපු සත්‍යය.
සජිත් ප්‍රේමදාස කියන්නේ ආයෙත් ඉස්කෝලේ යවලා උගන්වන්න ඕන අකලට වයසට ගිය හාදයෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ බව ඔප්පු කරන්න සජිත්ගේ එක කතාවක් හොඳටම ඇති. සජිත් ඕන කියලා ඇවිත් වැල්ලේ ජරා කරන සෙට් එකම ඒ ඇත්ත දන්නවා.
දැන් එතකොට කිසිම නූතන දියුණු දැක්මක් නැති කට ඇරියොත් යම් හෝ දැනුවත්කමක් ඇති ඕන කෙනෙකුට අප්‍රිය හිතෙන , සජිත් වගේ මිනිහෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මැරීගෙන කට්ට කන්නෙ මොකටද කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා.
මේ සේරම පිටුපස තියෙන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා. එහෙමත් නැත්නම් සජිත් වටා ඉන්න කල්ලියේ අගමැති සිහින , ඇමැති සිහින නිසා තමයි මේ සේරම විජ්ජා .
දැනටමත් මුන් සජිත්ව ඕන කියන්න බාර් ලයිෂන් අරගෙන අවසන්. දැන් එතකොට ,
- එජාප නායකත්වය සජිත්ට දෙන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- එජාප ප්‍රමුඛ සන්ධානය අල කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- එජාප නායකත්වය දැඩි විවේචනයක් ලබන්නේ , පක්ෂය රැකගෙන ආණ්ඩුවක් හදන්න වෙහෙසෙන පක්ෂයේ ජේෂ්ඨයින්ට කුඩු වෙන්න මඩ වදින්නේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
දැන් එජාප පාක්ෂිකයන් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් , ලිබරල් නිදහස අනුමත කරන රාජපක්ෂ පවුල් වාදය සහ මිනීමෝර පාලනයක් ප්‍රතික්ෂේප කරන ජනතාවට හිතන්න දෙයක් තියනවා .
ඒ තමයි කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අපි මොකටද මෛත්‍රීපාල යවලා සජිත් ගේන්නේ යන කරුණ ගැන අවංකව සිතීම.
උපුටනය: මඩ කිං
-

පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)
පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වරින් වර මතුවන සහ ප්‍රකාශයට පත්වන දේශපාලනයට සමීප කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් යළිත් ඉස්මතුව ඇත්තේ කාදිනල් හිමියන් එසේ සිදුකළ ප්‍රකාශයකට රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දීමට යෑමත් සමඟය.
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම පාලනයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපතිවරයා විසින් දැඩි විවේචනයක් එල්ල කරයි.
අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ කතෝලිකයන්ගේ කදුළු මතින් දේශපාලනය නොකළ යුතු බවත් එසේ කරන්නට ආවොත් රෙද්ද ගලවලා යවන බවත්ය.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ අගරදගුරු තුමන්ගේ පොදු ඉල්ලීමකට මිස ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව නොවන බවයි.
අගරදගුරුතුමන් ද ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කරන ලෙසත් රජයෙන් මේ දක්වා කර ඇති පරීක්‍ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.
-

අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද..?
හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි.
ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වු බවට ද ඒ හිමියන් චෝදනා එල්ල කරයි.
හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම ගැන උන්වහන්සේ ජනාධිපතිවරයාට ස්තුතිය පල කල අතර නව යුධ හමුදාපති තෝරා ගැනීමේ දී අමෙරිකාව එල්ල කළ චෝදනා පිළිබඳව සිය විරෝධය ද පල කළේය.
-

“අපිට ගටක් දෙන්න සර්..”, “ඩීල්දාසයා ඇරපු ඇරිල්ල කොහොමද සර්” එජාප ප්‍රබලයෙක් රනිල්ට දුන් කෝල් එක ලීක් කරයි (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායමේ ප්‍රබලයකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජාලාවල සංසරණය වෙමින් ඇත.
පවතින තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගෙන යාමට ගටක් නැති බවත් කෙසේ හෝ ගටක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලනු එම එඬ පටයේ ඇත.
එසේම තමා එපා කියද්දී විජේදාස රාජපක්ෂයා නොහොත් “ඩීල්දාසයා” පක්ෂයට ගෙන අධිකරණ ඇමතිකම දුන් බවත්, ඩීල්දාසයා අපිට අරිමින් රාජපක්ෂලාගේ නඩු බඩු සමඟ වහන්න ඩීල් දැමූ බවද මෙහිදී ඔහු අගමැති මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහට සිහිපත් කර දෙයි.
තවද මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමට තමන් විරුද්ද වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්‍ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි.
-

ගෝඨා යළිත් සුපුරුදු අඩි පාරේ! බලයට එන්න පෙරම මාධ්‍යයට වාරණ දමයි! (වීඩියෝ)
ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොමැති බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර සිටියේ ඊයේ(24) නෙලුම් පොකුණ රඟහලේ පැවති එම උත්සවයේදීය.
මේ වනතුරු මුද්‍රිත මාධ්‍ය හැර විදෘත් මාධ්‍ය සමග ඔහු සජීවී වැඩසටහන් සමග එක්නොවන අතර දෙරණ, හිරු (රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය ආයතන දෙක) වැනි මාධ්‍ය ආයතන වල සජීවී වැඩසටහන් පවා ගෝඨාභය පෙනී සිටින්නේ පූර්ව පටිගත කිරීමෙන් අනතුරුවය.
මුද්‍රිත මාධ්‍ය පවා ගෝඨාභය රාජපක්ෂ සමග සම්මුඛ සාකච්ඡා ලබාගත් විට පවා එහි මුද්‍රණය සඳහා නිකුත්කරන පිටපත ඔහු වෙත යොමුකර අවසර ලබාගැනීම අනිවාර්යකි.
මින් පෙරද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කිසිඳු අවස්ථාවකදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොදුන් අතර සම්මුඛ සාකච්ඡා සඳහාද ඊට පෙර ප්‍රශ්න යොමුකොට අවසර ලබාගත යුතුව තිබිණ.
බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ගෝඨාගේ එම ක්‍රමවේදය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඒ හමුවේ පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්න හමුවේ ඔහු ක්ෂණික කෝපයට පත්වෙයි.
දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙම ස්වභාවය තවමත් පාලනය නොවීම හේතුවෙන් ඔහුව මාධ්‍ය වෙත විවෘත නොකිරීමට රාජපක්ෂ කඳවුර තීරණය කර ඇති බවක් නිරීක්ෂණය වන බවය.
-

වහාම විමසිලිමත්වන්න! ඔබේ ෆේස්බුක් ගිණුම් අවධානමක
ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියි .
ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ. මේ තත්වය පිලිබදව යම් ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් අප තොරතුරු තාක්ෂණ සංගමය වෙත සිදුකරණ ලද දැනුම් දීම් පිලිබදව සොයාබැලීමේදී හෙළිදරව් වුයේ නාදුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් වෙත පිවිස තමන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මුරපද මෙන්ම පරිශීලක නාමයන් ලබාදීම නිසා එම දත්ත නාදුනන පාර්ශවයකගේ ග්‍රහණයට ගොස් ඇති බවය.
එම දත්ත උපයෝගී කරගනිමින් නාදුනන පාර්ශවය ඒ අදාළ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වී එම ගිණුමෙහි ඊමේල් ලිපිනය හා මුරපදය වෙනස් කිරීමට ලක් කිරීමක් සිදුකරනු ලබන අතර එතැන් පටන් එම ෆේස්බුක් ගිණුමේ පාලනය එම ගිණුමේ හිමිකරුගෙන් මිදීගොස් නාදුනන පාර්ශවය ග්‍රහණයේ ගිණුමේ හිමිකරුගේ නමින් පාලනය වේ. මෙසේ නාදුනන පාර්ශවය ග්‍රහණයට නතුවූ ෆේස්බුක් ගිණුම් නැවත ලබාගැනීමක් සිදුකල නොහැකි අතර හිමිකරුගේ පාලනයෙන් තොරවූ ෆේස්බුක් ගිණුම් ෆේස්බුක් අඩවිය වෙත වාර්තාකොට ඉවත්කිරීම වලක්වාලීම පිණිස මෙලෙස ගිණුම් ග්‍රහනයට නතුකරගන්නා පිරිස් ඔවුන් විසින් ග්‍රහණයට ලක්කරගන්නා ෆේස්බුක් ගිණුම් තාවකාලික ලෙස අක්‍රිය කොට තැබීමක් අනුගමනය කරයි.
යම් කාලයක් අක්‍රීයව තබන ලද ෆේස්බුක් ගිණුම් යම් කාලසීමාවක් යනවිට නැවත සක්‍රිය කොට එම ගිණුම් යොදාගනිමින් එම ෆේස්බුක් ගිණුමේ සිටින ෆේස්බුක් පරිශීලක මිතුරන්ට ගිණුම් හිමිකරු ආකාරයෙන් යොමු බෙදාහැරීමක් හදුනානොගත් පාර්ශවය විසින් සිදුකරනු ලබයි. මෙසේ සමාජ මාධ්‍ය ගිණුම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුකරගැනීම Phishing ලෙස හදුන්වනු ලබයි.යම් පුද්ගලයෙකුගේ අසභ්‍ය චායාරූප අඩංගු කොට ෆේස්බුක් ගිණුමක් යම් පිරිසක් විසින් සාදා ඇති බවත් එය ඉවත් කිරීමට ඔවුන් විසින් ලබාදෙන යොමුවට පිවිස ෆේස්බුක් මුරපද ලබාදී එම ෆේස්බුක් ගිණුමට පිවිසෙන ලෙසත් මෙම නාදුනන පාර්ශවය පවසන අතර තමන්ගේ ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ලබාදීමේදී ඔබගේ වෙබ් බ්‍රව්සරයෙහි එම යොමුව www.facebook.com ලෙස සදහන් වනවානම් පමණක් ලබාදෙන ලෙසත් වෙබ් බ්‍රව්සරයෙහි යොමුව toddhelps.net හෝ වෙනත් නාමයකින් සදහන් වේනම් එවැනි යොමු සහිත වෙබ් අඩවි වලට ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ඇතුලත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප ජනතාවට අවවාද කරමු.
තවද ඔබගේ ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය පරිශීලක ගිනුමක ආරක්ෂාව ඉහල නැවීමට දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාවට අප සංගමය දැනුම්දෙන අතර මෙවැනි ආරක්‍ෂිත ක්‍රමවේද සමාජ ජාල මාධ්‍ය අඩවි විසින් ඔවුන්ගේ පරිශීලකයන්ට ලබාදෙන බවත් ජනතාවට යම් ගැටළු ඇත්නම් ඒ සදහා අප සංගමය සම්බන්ධ කරගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ප්‍රකාශ කරමු.
-

ශවේන්‍ද්‍ර සිල්වාට එරෙහි විදෙස් බලපෑම් අපි තරයේ හෙළා දකිනවා
නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි.
ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවත් පැවසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.
-

ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත්තා – ගෝඨාභය මාධ්‍ය හමුවේ කියයි (වීඩියෝ)
සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි ඔහු මෙම අදහස් පළ කළේය.
ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සඳහන් නව ගමන් බලපත්‍රයක් මේවන විට තමන්ට නිකුත් කොට ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම අසන්නට ලැඛෙන බවත් අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමේ කිසිදු බාධාවක් තමන්ට නැතැයිද එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
-

එජාප ජනාධිපති අපේක්ෂකත්වයේදී සජිත්ට වඩා කරු ඉදිරියෙන් බව සමීක්ෂණ වාර්තා තහවුරු කරයි! කරු තරඟ කළොත් ගෝඨා අමාරුවේ!
එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ.
රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් එජාප උප නායක කරු ජයසුරියට හැකියාව ලැබි තිබේ.
ගෝඨාභය,කරු සහ අනුර අතර සටනින් ජය කාටද?

ගෝඨාභය,සජිත් සහ අනුර සැසඳීමේදී සජිත්, ගෝඨාභය ඉදිරියේ පහසුවෙන් පරාජය වන අයුරු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් ඡන්දදායක ආකල්ප පිළිබඳව කරනු ලැබූ මත විමසුමකදි ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස හට නොහැකි බවත් ඒ සඳහා හැකියාව ඇත්තේ කරු ජයසූරියට බවත් අනාවරණය කොට ගෙන තිබෙනවා.
මේ මත විමසීමේ මූලික අරමුණ වූයේ දැනට පත් කර ඇති හෝ පත් කරනු ඇතැයි විශ්වාස කරන ප්‍රධාන පක්ෂ තුනේ එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් වලට අයත් අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීමයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තවම අපේක්ෂකයෙකු නම් කොට නොමැති වුවත් පත් කිරීමට හැකි බවට වඩා වැඩි ප්‍රවනතාවයක් හිමි අපේක්ෂකයන් දෙදෙනා මේ සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුව තෝරා ගත් අපේක්ෂකයක් වන්නේ,
01. ගෝඨාභය රාජපක්ෂ
02. අනුරකුමාර දිසානායක
03. සජිත් ප්‍රේමදාස
04. කරු ජයසූරියඑසේම මෙම සමීක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් ම උපකල්පන කිහිපයක්ද උපයෝගි කරගෙන ඇත. එනම්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන අතර ඔවුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වෙත සහය පල කරනු ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වුවද පක්ෂය කැඩී යන්නේ නැත.
සුළු පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත.
සමීක්ෂණය සඳහා අරමුණු නියැදියක් තෝරා ගෙන ඇති අතර සමාජ, ආර්ථික සහ ජනවාර්ගික වෙනසක් හා ප්‍රාදේශිය මට්ටමේ වැදගත් බේදීම් පදනම් කරගෙන නියදි ස්තර සකස් කොට ගෙන ඇත. එම නියැදි ස්ථර ලෙසට කොළඹ මහනගර ප්‍රදේශය, කොළඹ වෘත්තිය කලාපය, මහනුවර, ගම්පහ, ගාල්ල යන අතිරේක නාගරික ප්‍රභේද තුන, ග්‍රාමිය සහ බෞද්ධ කලාපයන් ( ගම්පහ, කෑගල්ල, උතුරුමැද, වයඹ සහ දකුණ බෞද්ධ ජනයා ජීවත්වන ප්‍රදේශ), මොණරාගල, හම්බන්තොට, වයඹ පළාත් වල ඇති අති දුෂ්කර ප්‍රදේශ, උතුරු නැගෙනහිර දෙමළ ජනයා බහුල ප්‍රදේශ, උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ, ක්‍රිස්තියානි ජනයා බහුල වශයෙන් ඇති ප්‍රදේශ තෝරා ගෙන ඇත.මෙම සමීක්ෂණයේදි ප්‍රධාන වශයෙන් වැදගත් නිගමන කිහිපයකට එළඹීමට හැකියාව ලැබී ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් එම හැකියාව ඇත්තේ කරූ ජයසූරිය මහතාට බවත් ය. ගෝඨාභය රාජපක්ෂ හා කරු ජයසූරිය අතර තරගයේදි කරු ජයසූරිය කලාප 7 ඉදිරියෙන් සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර සටනේදි සජිත් ඉදිරියෙන් සිටින්නේ කලාප 4 කදි පමණක් වන අතර එහි ඡන්ද ප්‍රතිශතයද කරූ විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩුය.
එසේම නාගරික ප්‍රදේශ වල සජිත් ප්‍රේමදාස වෙත ඇත්තේ අඩු ආකර්ශනයක් වන අතර ඔහු ගෝඨාභය රාජපක්ෂ හට පරාජය වීමට එයද හේතුවක් වී ඇත.
පසුගිය මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ වෙත වාසි දායක වූ සිංහල බෞද්ධ පදනමේ දි කරු ජයසූරිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා වැඩියෙ තරගකාරීත්වය ලබා ගෙන ඇති අතර ගෝඨාභය ට වඩා ඉදිරියෙන් සිටි. රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරූ ජයසුරිය මහතාට තීබීම එයට හේතුව වේ.
එසේම අනුර කුමාර දිසානායක තරග කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රි ලංකා පොදුජන් පෙරමුණට සමාන ලෙස පාඩු වන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට ඉදිරිපත් වුවද එහි සියළුම ඡන්ද පොදුජන පෙරමුණ ලබා නෙදන බවත් සමීක්ෂණයේදි නිගමනය වී ඇත.
එසේම සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා අනුර කුමාර දිසානායක මහතාට වඩා වැඩියෙන් වාසි විය හැකි බවත් මෙහිදි නිගමනය කොට ගෙන ඇත.
-

පැරෂුටය ක්‍රියාත්මක නොවී දක්ෂතම පැරෂුට් සෙබළා අවසන් ගමන් ගිය සංවේදී කථාව (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)
විශේෂ කාර්ය බලකායේ සුපිරි දක්ෂතා දැක්වූ පැරෂුට් සෙබළෙකු අද පුහුණුවකදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.
සිද්ධියෙන් මියගියේ බළලත් නිලධාරී චම්පික කුමාරසිංහ නමැති නිලධාරියායි. පිමි 900කට ආසන්න සංඛ්‍යාවක් පැන ඇති ඔහු යුද හමුදාවේ දක්ෂතම පැරෂුට් සාමාජිකයෙක්.
අද(20) පෙරවරු 8 ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පුහුණුවීම් කටයුතු සිදුව තිබේ.
අදාළ පුහුණුවීම් සඳහා වයි 12 කුඩා ගුවන් යානයට නැගි චම්පික සහ තවත් පැරෂුට් සෙබළෙකු බිමට පැන ඇත්තේ, අඩි දස දහසක පමණ උඩක සිටයි. එහිදී චම්පික කුමාරසිංහ නැමති බලලත් නිලධාරියාගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ.
යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ පුහුණුකරු කර්නල් විජිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, උහන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී චම්පික කුමාරසිංහ සොයාගැනීමට හැකි වූ බවයි. ඔහු අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.
දෙදරු පියෙකු වන 42 හැවිරිදි චම්පික කුමාරසිංහ කඹුරුපිටියේ පදිංචිකරුවෙක්. පැරෂුට් කණ්ඩායමේ වසර 12ක පමණ පළපුරුද්දක් ඇති ඔහු, මහා බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව සහ ඩුබායි රාජ්‍යවලදී ජාත්‍යන්තර පැරෂුට් සංදර්ශනවලට සහභාගි වී තිබේ. අවසන් වරට ඔහු පැරෂුට් භටයෙකු සිදුකරන දුෂ්කරම පාඨමාලාව වූ බේස් ජම්ප් හදාරා ඇත්තේ, ඔස්ට්‍රියාවේදීයි.
ඉන් පසු එය අත්හදා බලා ඇත්තේ, ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උළෙලේදී ෂැන්ග්‍රිලා හෝටලයේ සිට බිමට පනිමින්. මෙහිදී තෙවැනියා ලෙස බිමට පනින්නේ අද අනතුරින් මියගිය චම්පික කුමාරසිංහ මහතායි.