Category: සුපිරි Walks

  • මහමගදී පාසල් සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයාට වෙච්ච දේ මෙන්න….

    මහමගදී පාසල් සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයාට වෙච්ච දේ මෙන්න….

    දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පාසල් නිවාඩු ලබා දුන් දිනයේදී පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පිලිබඳ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.

    වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

    සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය අත පත ගාන්නට උත්සහ කල අතර අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන්ට එම තරුණයා අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා.

    තරුණයා පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති අතර පොලිස් පරීක්‍ෂක මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.

    පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන මස 04 දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස නියෝග කළා.

  • අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා…  දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා… දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

    පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

    කොහොමවුනත් නැවත ඒ ගැන කතාබහක් ඇතිවී තිබෙන්නේ ශලිනි ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කර තිබෙන අයුරු සමාජ ජාල මාධ්‍යයන්ට යොමු කර තිබීමත් සමගයි.

    මේ නිසා එම ඡායාරූපයට ඇගේ ප්‍රේක්ෂකයින් විවිධ අදහස් දක්වා තිබුණා.

    මේ අතර එම ඡායාරූපයට අයෙක් අදහස් දක්වා තිබුණේ “අරූව මරාගත්තානේ” කියලායි. එම අදහසට ප්‍රතිචාර ලෙස ශලිනි දක්වා තිබුණේ “ගොන් පාර්ට් දාන්න එපා මල්ලි තාමත්” කියලායි.

  • දෙක පටලවාගෙන කෑගහන්න එපා… දකුණු ආසියාවේ මන්දපෝෂණය අඩුම රට ශ්‍රී ලංකාව….

    දෙක පටලවාගෙන කෑගහන්න එපා… දකුණු ආසියාවේ මන්දපෝෂණය අඩුම රට ශ්‍රී ලංකාව….

    දකුණු ආසියාවේ සෙසු රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාව මන්දපෝෂණය අඩුම රට ලෙස යහපත් වාර්තාවක් දිනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය අවධාරණය කරයි. මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි රට ලෙස වාර්තා වී ඇතැයි පළ වන ප්‍රවෘත්තිය අසත්‍ය හා සාවද්‍ය ආරංචියක් යැයිද ඇය අවධාරණය කරයි. මන්දපෝෂණය අඩුම රට ලෙස ශ්‍රී ලංකාව දකුණු අාසියාවේ ඉහළින්ම සිටින බවත් ඇය පෙන්වා දෙයි.

    ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකළ අධ්‍යක්ෂවරිය මෙසේද පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ 2017 වාර්ෂික වාර්තාවෙහි ආසියා කලාපීය රටවල් අතර “ශ්‍රී ලංකාවට මන්දපෝෂණයෙන් දෙවැනි තැන හිමි” වන බවට පසුගියදා පුවත්පතක පළ වූ වාර්තාව ඉංග්‍රීසියෙන් සඳහන් එම ප්‍රතිඵලය වරදවා සිංහලයට නැඟීමෙන් පළ කරන ලද සාවද්‍ය වාර්තාවකි. ඉංග්‍රීසියෙන් පළ වූ උක්ත වාර්තාවෙහි එම කාරණය සඳහන් වන්නේ under Nutrition යනුවෙනි. එහි අරුත පුද්ගලයකු දිනකට ලබාගන්නා ආහාර ප්‍රමාණයෙන් එම පුද්ගලයාගේ දෛනික ශක්ති අවශ්‍යතාව සපිරෙන තරම් පෝෂණයක් නොලැබීම යන්නය. මේ වාර්තාව පරිවර්තනය කිරීමේදී එම අදහස සාවද්‍ය ලෙස “මන්ද පෝෂණය” යනුවෙන් සඳහන් කර ඇති නමුත්, මන්දපෝෂණය යන්නෙහි ඉංග්‍රීසි අර්ථය Mal nutrition යන්නයි.

    එකී වාර්තාවෙහි Mal nutrition යන අංශය යටතේ දත්තද සඳහන් කර ඇති නමුදු මෙකී පුවත්පත් වාර්තාවෙහි ඒ තොරතුරු සඳහන් කර නැත. ඒ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මන්දපෝෂණ තත්ත්වය 14.7%කි. එය ඉන්දියාවේ 38.4%ක් වන අතර, ඇෆ්ගනිස්තානයෙහි 40.9%ක්, බංග්ලාදේශයේ 36%ක්, භූතානයේ 33.6%ක්, නේපාලය 37%ක් සහ පාකිස්තානයෙහි 45%ක්ද වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන සංඛ්‍යාව දකුණු ආසියා කලාපයේ සෙසු රටවල් සියල්ලට වඩා අඩුය. කෙසේ වෙතත් මේ වාර්තා විවිධ රටවලින් ලබාගත් දත්ත අනුව සකස් කරන ලද ඒවා වන හෙයින් ඒවායෙහි නිවැරැදි භාවය පිළිබඳ 100% ක් තහවුරු කළ නොහැකි බවද එම වාර්තාවෙහි සඳහන් වේ.

    ඉහත ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය තොරතුරු සඳහන් වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු යොදා ඇතැයි ද අධ්‍යක්ෂකවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

    2016 දී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජන විකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට කෙටිකාලීන මන්දපෝෂණය 15.1%ක් වන බවද අධ්‍යක්ෂවරිය කීවාය.

  • කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්

    කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්

    අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා.

    CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.

    හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි පදනම මෙන්ම් ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමඟ බෞද්ධයා නාලිකාවේ හා සම්බෝධි පදනමේ පාලනය අත්පත් කර ගැනීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කළ බවට පසුගිය කාලය පුරාම විවිධ වාර්තා පළ වූ අතරම මේ වන විට එම තත්ත්වය උග්‍ර අතර හැරි ඇති බවයි සඳහන් වන්නේ.

    මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට විහාරස්ථානයේ වගකිව යුතු පුද්ගලයෙක් සම්බන්ධ කර ගැනීමට අප විසින් දැරූ උත්සහය ද ව්‍යර්ථ විය.

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

  • සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

    අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා. මේ  දෙදෙනාගේ ගීතය හොඳයිනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න.

    Posted on
  • තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා බොහෝ බක්මහ උළෙල සංවිධානය වී තිබුණා.

    ඒ අතර තවත් එක් බක්මහ උළෙලක් සංවිධානය කළේ, තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින්.

    ඒ අනුව පසුගිය (22) දවස පුරා ආගරපතන පොලිස් වසමට අයත් මෙම බක්මහ උළෙල පැවැත්වුනා.

    බක් මහ උළෙලට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් හැද පැමිණ සිටි සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පැවසෙනවා.

    එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ, අවුරුදු උත්සවය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ නැගණිය විසින් එලෙස බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය හැද සිටි බවයි.

    මේ සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, අදාළ සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් වන බවයි.

    මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

  • මේපාර හිතූමනාපෙට දන්සල් බෑ – දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න..!

    මේපාර හිතූමනාපෙට දන්සල් බෑ – දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න..!

    එලබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තාවන අතර ඒ අනුව මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ.

    මේ ඒ පිළිබදව  කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.

    එම නිර්ණායක නම්,

    01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

    02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

    03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

    04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

    05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

    06. සැදැහැ සිතින් හා  ආචාරශීලිව කටයුතු කිරීම.

    ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.

  • “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.

    එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.

    ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?

    ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
    දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.
    බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.
    එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
    කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.
    එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.
    තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
    මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.
    මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.
    ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.
    කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
    “ළඳුනේ…… ළදුනේ
    ඔබේ දෑස් දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ …
    දෙනෝ දහක් අතගත්තද
    සැමියෙකු නැති ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ……”
    මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?
    ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?
    ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
    එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.
    එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
    කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.
    එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.
    ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.
    මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.
    ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.

  • “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
    ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
    කොහොම වුණත් එහි සඳහන් වුණේ රජයේ වියදමින් ඔවුන් මෙම සංචාරයට එක්වූ බවයි.
    ඒ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
    ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.
    දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
    ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
    මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.

     

  • පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව..

    “මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා”

    ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස් ගෙඩියක් වෙනුවෙන් සිගමන් යදින පුංචි පිරිමි ළමුන් බොහොම සුලබ දර්ශනයක්.

    අදට වුනත් මේ තත්වයේ ලොකු වෙනසක් නෑ.ජැමෙයිකාව පුරාම මේ දුප්පත්කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබුනා.ඒ තමයි ක්‍රිකට්.කෝටු කැබලි ටිකක් සිටුවලා,ලෑලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජමෙයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයාගන්න පුළුවන්.

    මෙන්න මෙහෙම ළමයින්ට ආධාර ලබාදෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා.ඔන්න විකට් එකක්.දැවී ගියපු පුංචි දරුවා සිමෙන්ති බංකුවක් මත නිදා උන් ඒ වයසේම පිරිමි ළමයෙකු ඇහැරවාගෙන පිටියට ගෙන ආවා.

    ඔයාගේ නම මොකද්ද?
    ක්‍රිස්

    සම්පුර්ණ නම?
    ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
    ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?
    කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.

    අන්න එහෙම පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න පැමිණි ක්‍රිස්ටෝපර් තමයි අද ඔබේ ක්‍රිකට් ලොව අසහාය වීරයා ක්‍රිස් ගේල්.අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල්ගේ බලය,ගේල් කුණාටුව,ලෝක බලවතා,විශ්ව බලවතා,හයේ මැෂිම,ස්පාර්ටන් වැනි විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව පිටියේ හැඳින්වෙනවා.ඔහුගේ සුන්දර,ප්‍රීතිමත් සිනහව පිටුපස එවන් කතාවක් තිබේවි යයි ඔබ මොහොතකටවත් සිතුවද?එහෙත් සත්‍ය එයයි.

    ගේල් උපදින්නේ ජැමෙයිකාවේ.ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක්.පියා පමණක් රැකියාව කල මේ නිවසේ තිබුනේම අඟහිගකම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය.සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා.

    කන්න දෙයක් සොයාගත්තේ එහෙමයි.ක්‍රිකට් හැමදාම නැහැ.එවන් දිනවල ආහාර සොරකම් කිරීමට පවා ගේල් පෙළඹී තිබෙනවා.කුමක් කරන්නද?දුප්පත්කම නිසානේ.

    මෙහෙම උන්නු ගේල්ට සිම්සන් අන්ඩිරියාස් නම් මහත්මයා තමයි ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්තාවක් ලබාදෙන්නේ.එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවකු වන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කරලියට එන්නේ බටහිර ඉන්දීය කොදෙවු පිලට එක්වීමත් සමගයි.

    ලෝකය හමුවේ පොහොසත්ම හා දක්ෂතම ක්‍රිකට් තරුවක් වන ගේල් තම ළමා කාලය ගැන සිහිපත් කරන සෑම විටකම බොහොම සංවේදී වෙනවා’

    ගේල්ගේ දුප්පත්කම නිසා ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කරනු ලැබූ අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.ඒ වගේම තම වැටුප නියමිත පරිදි ලබා නොදුන් අවස්ථා ගැනිය නොහැකි තරම් බවත් ගේල් පවසන්නේ කලකිරීමෙන්.

    ඒ සියල්ල තමා නතර කිරීමට කරන ලද දේවල් බව ගේල් දැනගෙන සිටියා.ජීවිතයේ එන හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ගේල් අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා.අද ඔහු ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.

    තමන් ගැන කිසි විටක උඩඟු නොවන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම,කෙනෙහිලිකමකටම හොදම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරීම.ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

    උපුටා ගැනීමකි

  • GOSSIP “බොරු නොකර හිටපං, උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ, මට කරදර කරනවා අම්මා ඇස් දෙකෙන්ම දැක්කා”

    GOSSIP “බොරු නොකර හිටපං, උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ, මට කරදර කරනවා අම්මා ඇස් දෙකෙන්ම දැක්කා”

    හිරගෙදර ජීවිතය දුකක්” ඒ හිරේ දුක් විඳින්නවුන් කියන කතාවකි.
    මේ එවන් දුකක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි.

    “ජීවිතේ කවදාවත්ම දැක්කේ නැති මනුස්සයෙක් උදේ පාන්දරක අපේ ගේ දොරකඩ හිටගෙන හිටියා. අම්මා ඒ මනුස්සයාගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.”

    “ඇයි?”

    හුඟක් වෙලාවකට පස්සේ තමයි අම්මා ඒ ප්‍රශ්නෙ ඒ මනුස්සයාගෙන් ඇහුවේ.

    “මේ පියසෝමගේ ගෙදරද?”

    ඒ මනුස්සයා අම්මගෙන් ඇහැව්වා.

    “ඔව් . . . මේ එයගේ ගෙදර. ඒත් මහත්තයා ගෙදර නැහැ. වැඩට ගිහිල්ලා”

    “එහෙමද?”

    ඒත් එක්කම අර මනුස්සයා අම්මගෙ ඇඟට කඩාගෙන පැන්නා.

    “ඇයි මොකද?”

    ඒ මනුස්සයා අම්මට මෙහෙම කිව්වා.

    “නෝනා මේ මුකුත්ම නොදන්නවා ඇති. මෝනගෙ මහත්තයා දැන් ඉන්නේ මගේ ගෑනිත් එක්ක.
    මම අවුරුදු ගාණක් රට හිටියේ. ඒත් මම හිටපු කාලෙ එයා ඉඳලා තියෙන්නේ නෝන‍ගේ මහත්තයා එක්ක. මම රට ඉඳලා එවපු සල්ලි හැමදේම මට නැති වුණා.
    අන්තිමට මගෙ ජීවිතෙත් නැති වුණා. මගේ දරුවා මට නැති වුණා. ඒ ළමයා අසනීප වෙලා මැරුණේ අවුරුදු හතේදි.
    දැන් ඉතිං මට තවත් නැති වෙන්න දේවල් නැහැ. මං ආයෙත් රට යනවා. මං නෝනට කියලා යන්න ආවේ මේ දරුවන්ට තාත්තව ඕන නම් දැන්මම මොනව හරි කරන්න කියලා.”
    අම්මා නාඳුනන පිරිමියා කියන කතාව අහගෙන හිටියේ පුදුමයෙන් වගේ.
    අන්තිමට අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ මනුස්සයා ගෙදරින් යන්න හැදුවා.

    ඒ මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අම්මා එකපාරටම ඒ මනුස්සයා යන පැත්තට දිව්වා.
    “මට කියන්න කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ කියලා.
    ඔයා ඇවිල්ලා කියනතුරු මං ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා මට කිව්වේ දුර පළාතකට මරුවක් ලැබුණා කියලා විතරයි”
    ඒ මනුස්සයාට අම්මා අඬ අඩා කියන්න ගත්තා. අන්තිමට ඒ මනුස්සයා යන්න ගියා. එදා ඉඳන් වරු ගණනාවක්, දවස් ගණනාවක් අම්මා එක දිගටම ඇඬුවා. හරි හමන් කෑමක් බීමක්වත් ගත්තේ නැහැ. එක දවසක් හිමිදිරි පාන්දර අම්මා මා අවදි කළා.

    “ඇයි අම්මෙ කොහේ යන්නද?”
    මං අම්මගෙන් ඇහුවේ නිදිමතේ ඔලුව කසමින්.

    “අපි යමු තාත්තා බලන්න”
    ඒ වන විටත් තාත්තා මාස ගණනාවකින් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. අපි උදේම අනුරාධපුරයේ යන කෝච්චියෙන් තාත්තා බලන්නට ගියා. තාත්තාගේ කන්තෝරුවේ අය අම්මාත් මාත් දෙස බැලුවේ පුදුමයෙන් වගේ.

    “මේ අය පියසෝම මහත්තයාගේ කවුද?”
    “නෝනයි, දුවයි”
    අම්මා කීවේ ගොත ගසමින්.
    “එතකොට . . .”
    කෙනෙකු අප ඉදිරියට පැමිණ කියන්නට ආ දෙය ගිලගත්තා.
    “මට මහත්තයා ඉන්න ගෙදර පෙන්වන්න”
    අම්මා එහෙම කිව්වත් කවුරුවත් තාත්තා ඉන්නේ කොහේද කියලා පෙන්වන්න කැමති වුණේ නැහැ.
    අම්මට එදා ගෙදරට ආව මනුස්සයා ලියලා දුන්න ලිපිනය හොයාගෙන අපි තාත්තා ඉන්න ගේ සොයාගෙන ගියා. අපි කොහොම හරි ඒ ගේ හොයා ගත්තා. අප යනකොටත් තාත්තා ඒ ගෙදර මිදුල අතුගාමින් හිටියේ. අම්මාත් මාත් දැක්ක තාත්තාගේ මුහුණ කළු වෙලා ගියා.

    “සන්ධ්‍යා මොකද මෙහෙ”
    එයා පසුපසින් තවත් ගැහැනියක්. ඇය දරුවකු ලැබීමට සිටින කාන්තාවක්. කිසිවක් නොකී අම්මා මා ද අතින් අල්ලාගෙන ඒ නිවෙසින් පිටවුණා.
    “උඹ නැත්නම් මං වහ ටිකක් කනවා” මඟට ඇවිත් අම්මා මට එහෙම කිව්වා. අම්මත් මාත් ආයෙත් ගෙදර ආවත් වෙනදා අම්මා තුළ වූ සතුට ඊට පස්සේ මම දැක්කේ නැහැ.
    “දැන් ඉතිං උඹටයි මටයි ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා”
    ඉන්පසු අම්මා ගෙවල්වලට එහායින් තිබූ තේ කොළ පැක්ටරියකට වැඩට ගියා.

    “ඔය සිද්ධිය වෙන කොට ඔයාගේ වයස කීයද?”
    “මට ඒ කාලේ අවුරුදු දාහතරක් විතර ඇති. අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. හැමෝම අම්මට කිව්වා තාත්තගෙන් වන්දියක් ගන්න කියලා.
    ඒත් අම්මා එහෙම දේකට ගියේ නැහැ. අම්මා ගාමන්ට් එකේ රස්සාවට ගියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තනියම ගෙදරට වෙලා හිටියේ.

    “විභාගේ පාස් වුණාද?”
    “නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි පාස් වුණේ. ඊට පස්සේ අම්මා මාව එයාගේ මහ ගෙදර ගිහින් ඇරලුවා. නමුත් අම්මා නැතිව ඉන්න බැහැ කියලා මම ආයෙත් අම්මා ගාවටම ආවා.
    “ඊට පස්සේ

    මොකද වුණේ?”
    “මගේ අම්මා තරුණයි. ඒ වෙනකොටඅම්මගෙ වයස අවුරුදු හතලිහක් විතර ඇති. අම්මා ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති හුඟක් දෙනා අම්මා පස්සෙන් ආවේ. නමුත් සිරි මාමා විතරයි අපේ ගෙදර නිතර ආව ගියේ. ඒ අම්මගේ ඥාති වෙන අයියා කෙනෙක්.
    අන්තිමට සිරි මාමා අපේ ගෙදර නතර වුණා. මගේ නම් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ සිරි මාමා අපේ ගෙදර නතර වෙනවාට. ඒ වුණත් එයා නිතර නිතර මා ළඟට එන එක තමයි මට ඉවසන්න බැරි වුණේ. දවසක් මං අම්මට කිව්වා සිරි මාමා මට කරදර කරනවා කියලා.
    “බොරු නොකර හිටපං. උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ”
    අම්මා මට එහෙම කිව්වා.
    ඉන් පස්සේ මම අම්මට මුකුත්ම කියන්න ගියේ නැහැ. ඔය අතරේ තමයි දවසක් සිරි මාමා මට කරදර කරනවා අම්මා දැක්කේ. අම්මා කොහේදෝ තිබුණ මන්නයක් උස්සගෙන ඇවිල්ලා සිරි මාමට ඒකෙන් කෙටුවා. ඊට පස්සේ මටත් අම්මා හොඳටම ගැහුවා.

    “ඉන් පස්සේ?”
    “මං කාමරේ දොර වහගෙන අඬන්න ගත්තා. ඒ වෙනකොට ගමේ මිනිස්සු අපේ ගෙදරට ඇවිත් හිටියා. පොලීසියෙනුත් ආවා. මං කාමරෙන් එළියට ආවා. ඒත් අම්මා පේන්න හිටියේ නැහැ. පොලීසියෙන් මගෙන් වෙච්ච දේවල් ඇහුවා.
    මං හැමදේම කිව්වා. මාව පොලීසියට අරගෙන ගියා. සිරිමාමාගේ මිනිය ඉස්පිරිතාලේ ගෙනිච්චා.
    ඒත් අම්මා හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පොලීසියෙන් කිව්වා අම්මා ගඟේ පැනලා මැරිලා කියලා.
    ඒ වෙලවේ මං පරිවාස නිවාසේ දෙදරන්න කෑගහලා ඇඬුවා. හැමෝම ඇවිත් කිව්වා අඬන්න එපා කියලා. අම්මගෙ මරණය කෙරුවේ රජයේ වියදමින්.

    “ඔයාට මොකද වුණේ?”
    මගේ ජීවිතේ අපායක් වුණා. මට සිරි මාමා නිසා දරුවෙක් ලැබුණා. ඒ දරුවා හදාගන්න කෙනෙකුට දුන්නා. ඉන් පස්සේ මම ඉබාගාතේ ඇවිද්දා. දකින දකින මිනිස්සු මාව අරගෙන ගියා. සමහර දවස්වලට මාව පොලීසියට අහු වුණා. උසාවි දැම්මා. හිරේ ගියා.
    දැන් මම කුණුවෙච්ච අඹ ගෙඩියක් වගෙයි. කාටවත් මගෙන් පලක් නැහැ. ඒත් පාරේ හිටියොත් බේරුමක් නැහැ. එහෙම දවසක තමයි මාව පොලීසියට අහු වුණේ. මාස තුනක දඬුවමක් ලැබුණා.

    “ඔය රස්සාවෙන් අයින් වෙන්න බැරිද?”
    දැන් මේ රස්සාව කරන්නේ වේලක් කන්න. හිරේ ආවාම තුන්වෙලම සැපයි. පාරේ ජීවිතේ එපා වුණාම පොලීසියට අහුවෙන්න ඉන්නවා.
    ගංජා සුරුට්ටුවක් දෙකක් තියන් ඉඳලා අහුවුණාම මාස තුන හතරක් හිරේ ලැගලා සැප විඳින්න පුළුවන්.
    ඒකයි මම කිව්වේ එළියට වඩා හිරගෙදර සැපයි කියලා. අනිත් ගෑනුන්ට හම්බ වෙන විසිට්වලිනුත් මට නොයෙක් කෑම හම්බ වෙනවා. කරදරයකුත් නැහැ. ඇය පවසන්නට වුණේ සැහැල්ලුවෙනි..

  • රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

    මේ සිද්ධි සියල්ලන්ටම මෙහෙයවීම පිළිබඳව චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතයි.

  • හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ධුරයට සුදුසු යයි කිසිවෙකු කියන්නේ නම් ඔහුට මඩු වලිගයෙක් තැලිය යුතු යයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්දයට බයෙන් රටින් පැන ගොස් වසර 15ක් සැගවී සිටි පුද්ගලයෙක් යයිද ඇමතිවරයා සදහන් කරයි.

    එමෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් නමුත් පෙර පැවති පාලනයම නැවත ගෙන ඒම එයට විසඳුම නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ජනතාවගේ අවශ්‍යතාවය අනුව ආණ්ඩුවේ ඇතැම් වෙනස්කම් සිදුකර ජනතාව අතරට යා යුතු බවත් එසේ නොවුන හොත් එක්සත් ජාතික පක්ෂයේ අපට කණගාටු වීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා කැබිනට්ටුව තුළත් ආණ්ඩුවටත් අපලයක් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් එතුමන් ඇතුළු දෙමළ දේශපාලඥයින් ප්‍රතිපත්ති මත දේශපාලනය සිදු කරන බවත් දකුණේ දේශපාලඥයින් එසේ නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

  • ගල්කිස්සේ කනත්තේ හොල්මන් ගැන කනත්තේ පාලක කිව්ව අමුතු කථාව මෙන්න…

    ගල්කිස්සේ කනත්තේ හොල්මන් ගැන කනත්තේ පාලක කිව්ව අමුතු කථාව මෙන්න…

    රු අහසේ ගිනි ගනිමින් තිබේ.මධ්යාහ්නයට තවත් ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර තිස්ගණනක් පමණක් විය යුතුය

    මා දැන් සිටින්නේ ගල්කිස්සේ මහ කනත්තේය.මළවුන් අතර ගැවසෙමින් මම ඒ පටු මාවත් දිගේ සැරිසරමි.සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන ථූම්භගෙය අබියසදි මට පෙනෙයි

    බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
    දෙණිපෙත හඬන හිරියා මල්
    පිපුණාවේ

    මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ

    එතුමා විසින් ම පරසතු මල් චිත්රපටයට ලියූ සුන්දර කවියක් එහි කොටා තිබිණ.මළවුන්ගේ බිමේ හිණිහිසේ සිටින්නේ ප්රවීණ ගුවන් විදුලි නිවේදක හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපති ලලිත් එස්.මයිත්රීපාලයන්ගේ සොහොනය

    සනත් ගුණතිලකගේ මව හා පියාගේ සිරුරු මිහිදන්ව ඇත්තේ කනත්තේ මැද පිහිටි අරලිය මල් සෙවණ යටය

    බෙන් සිරිමාන්න සී.ටී ප්රනාන්දු සාගරිකා ගෝමස් දොන් සිරිසේන එම්.එස්. ප්රනාන්දු චන්ද්රා වයමන් ‘ඇස්දෙක’ ලියූ සෝමපාල රණතුංග විකට ශිල්පී ඇන්ටන් ජූඩ් මේ කනත්තේ තැන් තැන්වල සමාදානයේ සැතපෙති

    මෙහි නිදන සියලු ම කලාකරුවන්ගේ නාමාවලිය ලියන්නට ගියා නම් එය මීටත් දිගය.දෙහිවල ගල්කිස්සේ මහ ඉහළින් වැජැඹි වියාපාරිකයන් නීතිවේදින් මතු නොව ඇතැම් දේශපාලකයෝ ද මෙහි සැතැපී සිටියහ

    මා ලියන්නට යන්නේ ඒ කනත්තේ වගතුග නොවේ

    මරණය කියන අකුරු හතරට කවරදාවත් බිය නොවූ මරණය යන නියත දහම බණක් ලෙස නිතර මෙනෙහි කළ අපූරු මිනිසෙක් ගැනය

    අද විශ්රාමිකයකු වුව ඔහුගේ අත්දැකීම් ගොන්න කවදාවත් ඉසුබු නොලබයි.වත්මනේ තටු ගසමින් හේ මා අබිමුව බොහෝ දේ කියයි

    ගල්කිස්ස හිටපු සුසාන භූමි පාලක උදිත ලක්ෂ්මන් ප්රනාන්දු නම්වර ලත් හෙතෙම ලලිත් එස්.මයිත්රීපාලයන්ගේ එක කුස ඔත් සහෝදරයාය

    ගල්කිස්ස පොදු සුසානය විතරක් නොවේ.මා යටතේ තවත් සුසාන භූමි ගණනාවක් පාලනය වුණා.ගොනාකෝවිල කොහුවල නැදිමාල අත්තිඩිය සොහොන් පළ ආදියත් මා යටතේ තිබුණෙ

    උදේ පාන්දර බුදුන් වැඳලා හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්ඩ රාජකාරියට ආවත් උදේ හිට රෑවන තුරු මගේ වචන කෝෂයේ ප්රධාන වචනය මරණය

    මරණ පත්රිකා මරණ දැන්වීම මරණ ආදාහන මරණ භූමදාන මරණාධාර ආදි වශයෙන් උදේ ඉඳන් ඇස ගැටෙන වචනයත් මරණය.බිම් කළුවර වැටෙනවාත් එක්ක මරණය පිළිබඳ ස්මාරක අපේ හිතේ රැව් දෙනවා.ඒත් මරණය කියන අකුරු හතර මට සාමාන්යයි

    අපට මේ මරණ චාරිත්ර බොහොමයක් ආවෙ ඉන්දියාවෙන්.ඉන්දියාවේ මුහුදුබඩ ප්රදේශවල වැසියන්ගේ චාරිත්‍රයක් තිබුණ මරණ (මිනී) කැලේ හංගන්ඩ ගියාම වැලි ගෝනියක් අරන් යන එක

    අද වගේ භූමදාන හෝ ආදාහන ඒ කාලෙ තිබුණෙ නෑ.සොහොන් පිටි වගේ කැලේ පිහිටි විල්ලු වගේ තැන්වලට ගිහින් මේ මිනී වීසි කරලා එනවා

    බොහෝ විට මේ විදියට මිනී වීසි කරන්ඩ ගියාම ඒ අයටම ආපසු එන්ඩ පාර මතක නෑ

    අර විදියට මිනී විසිකරන්නේ සතුන්ට ආහාරයක් වෙන්නයි.පාර මතක නැති වන හින්දා කැලයට යන තැන සිට මුහුදු වැලි අහුරු ගණන් වීසි කරන එක ඒ අය කළා

    ඒ විදියටයි අවමංගල රථ කනත්තට ගෙන යන විට ඉදිරියෙන් යන කරත්තයකින් වැලි දමන සිරිත අපටත් ආවෙ

    ගොවි බිම්වල අය මේ විදියට කැලේට මිනී ගෙනියනකොට පොරි (වී බැදලා ගන්නා) වීසි කළා.එනවිට සත්තු ඒවා කාලා තිබුණොත් කියලා කොළ අතුත් මග දිගට කඩාගෙන ගිහින් අන්තිම කොළ අත්ත මිනිය වීසි කළ තැන ගහලා ආවා.ඒ නිසයි පොරි වීසිකිරීම කොළ අතු වලේ ගසන සිරිත අපට ආවෙ

    මේ කැලෑවල ඒක සාටක තපස්වීන් විශේෂයක් හිටියා.ඒ අය බොහෝ විට ඇන්දේ මළ මිනී ඔතලා වීසි කරලා දමපු රෙදි සෝදලා පිරිසුදු කරලයි

    ඒ අය ස්නානය කළේ නිරුවතින් ගඟ දිගේ පිහිනමින්.ඒ අඟහරුවාදා හා සිකුරාදා දවස්වලට.මළ මිනී වීසි කරන්ඩ එන අය නිසා ඔවුනගේ නෑමට කරදරයි

    ඒ නිසා ඒ අය මතයක් ඇති කළා අඟහරුවාදා සිකුරාදා කැලේ මිනී වැළලීම කරන්නේ නෑ කියලා.ඒවත් හරි හැටි තේරුම් ගන්නෙ නැතිව අපි එලෙසම ගත්තා.ඒත් අඟහරුවාදා සිකුරාදා මිනියේ වැඩ කරන මිනිස්සුත් අප අතර නැතිවාම නොවෙයි

    කෙනෙකුගේ මරණයෙන් තමන්ගේ අභිමානය ඇති කරගන්ඩ යන අය මා අනන්තවත් දැක්කා.සමහරු ආදාහනාගාර තියෙද්දි වෙනම චිතකයක් හදලා පුච්චන්ඩ කතා කරනවා

    බලපත්රය ගත්තාම ඒවාට අවසර ගත හැකියි.තමන්ගේ අම්මා තාත්තා ඉන්නකොට සලකන්නෙ නැති දරුවො ඒ අය මළාම නම්බුවට තට්ටු හතක රන්සිවිගෙය ගහලා පුච්චන්නෙ

    ඊට පස්සෙ කියනවා අපේ තාත්තා පිච්චුවෙ තට්ටු හතක රන්සිවිගෙයක් ගහලා.පෙට්ටිය විතරක් 55000 යි ආදි වශයෙන්.මහත්මයාගේ මිනිය කනත්තට ඇතුළු කරනකොට මැරෙන්ඩ හදන විලාප නගන සමහර අම්මණ්ඩිලා කටයුතු අවසන් වුණාම වෙනත් මහත්වරුන්ගේ තඩි කාර්වල හිනාවෙමින් යනවා මා දැකලා තියෙනවා

    එක අවමංගල පත්රිකාවක් මා දුටුවා.දුව එංගලන්තෙ අහවල් රස්සාව.බෑනා අහවල් රටේ අහවල් රස්සාව පුතා මෙහෙමයි.නංගි මෙහෙමයි.ඔක්කොම ලොකු ලොකු තානාන්තර දාලා මැරුණු මනුස්සයාගේ පින්තූරය ඉතාම පොඩියට

    ඒකම පත්තරවලත් පළ කරනවා. ගුණ කථන බොහොමයි.ඉවරයක් කරගන්ඩ බැරි අරවගෙ මළගමක් මට මතකයි

    රජ පෙළපතින් සියල්ල තිබුණෙ අනේ! පහුවෙනිදා අපි බලන් ඉන්නවා.ඊට පහුවෙනිදත් මේ විදියට සතියක්.අර මැරුණු මනුස්සයාගේ අළු ටික ගන්නවත් අර රජ පැටව් කවුරුවත් නෑ.ජීවිතය දකින්ට හොඳම තැන තමයි මේ රස්සාව

    සමහර සල්ලිකාරයො බලපත්‍ර අරගෙන මිනී චිතකයෙ වැඩ කටයුතු අවසන් වන තුරු වැඩ ටික කරන්ඩ අවමංගල ශාලාවලට කොන්ත්රාත් බාර දෙනවා.දවසක් මහ රාත්රී අපේ මුරකරුවෙක් ඇවිත් මට කියනවා.සර් අර අවමංගල ශාලාවෙ රථයටයි මිනිස්සුන්ටයි හන්දියෙ කට්ටියක් ගහනවා කියලා.මාත් දුවගෙන ගියා බලන්ඩ

    අනේ! බලනකොට චිතකය දැල්වෙද්දි ඒ කටයුතු බලන්ඩ අවමංගල ශාලාවකින් ‘හර්ස්’ එකක් ඇවිත්.ඒ මිනිස්සු විටින් විට මහ රාත්රී 11 ට විතර කනත්තේ ඒ ඉසව්වට යනවා එනවා.හන්දියෙ කට්ටිය හිතලා තියෙන්නෙ ‘හර්ස්’ එකක් ඇවිත් අලුත් පෙට්ටි උස්සන්ඩ කියලා.මං කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය බේරාගත්තා.මිනී පෙට්ටියක් ගිනි පෙට්ටියක් වගේ උස්සන් යන්ඩ බෑ කියලා මිනිස්සු තේරුම් ගන්නෙ නෑ

    තවත් දවසක් ‘නයින් තර්ටි’ ෂෝ එක ඕඩියන් එකේ බලලා පාරෙ යන කට්ටියක් මාව හොයාගෙන ආවා.“මහත්තයො යක්ෂණියක් අර අලුත මිනියක් පිච්චෙන තැන ඉඳගෙන මිනී මස් අරගෙන තලු මර මරා කනවා අපි දැක්කා බලන්ඩ” කියලා.මාත් දුවගෙන ගියා.ඇත්තටම මහ බියකරු රූපයක්.කොණ්ඩය අපිළිවෙළට දිගට තිබුණා.බලනකොට මේ ගෑනි පිස්සු ගැහැනියක්.අර චිතකයෙ පිච්චෙන අඟුරුවලට කොස් ඇට දාලා ඒවා පිච්චුණාම අරගෙන කනවා.මේකට අර මිනිස්සු හිතුවෙ අර විදියටයි

    තවත් දවසක හොඳට හඳ පායලා තිබුණා.මුරකාරයා මට කතා කළා.රාත්‍රි 11 ට විතර.සර් මිනී වලකින් අතක් උස්සනවා.පහත් කරනවා.මේක නම් හොල්මනක් කියලා.සාමාන්යයෙන් අලුත තැබූ පෙට්ටියක් අවස්ථා 3 කදි ගිලා බහිනවා වළ ඇතුළට.ඒ පෙට්ටිය දිරනකොට.ඊළඟට මිනිය දිරනකොට.අන්තිමේ ජරපත් වුණාම

    එතකොට වළ උඩහ තරමක හිදැසක් ඇති වෙනවා.මාත් ගිහින් ටිකක් බලන් හිටියා.ඇත්ත එකපාර අතක් ඉස්සුණා.ඊළඟට පහළට වැටුණා.තව ටික වේලාවකින් ආයිත් අත ඉස්සුණා.ආයිත් පහළට වැටුණා.මං පුරුෂ වීර්යය අරන් ඒ වළ ළඟට ගියා.බලනකොට බ්‍රීෆ්කේස් එකක් වළ උඩ.මහත්තයෙක් හොඳට බීලා වළ ඇතුළෙ නිදි

    කොච්චර වටේට ගේට්ටු තාප්ප තිබ්බත් පිටිපස්සෙන් එන්නත් පුළුවන්.මිනිහව මදුරුවො කනවා.මිනිහා අත උස්සලා නිදි මතේ ම මදුරුවන් තළනවා.මං ඇහැරලා කතා කළා.බලනකොට පෙරදා හවස පුච්චලා තියෙන්නෙ එයාගෙ යාළුවෙක්.එයා හිතේ අමාරුවට බීලා.බීලා වැඩිවෙලා පාරෙ වැටුණා කියලා මිනිහා හිතලා තියෙන්නෙ.කැරකෝප්පුව කීවාම මිනිහාගේ වෙරි හිඳුණා

    ‘හොල්මන්’ කියන්නෙ මහත්තයො හෙලවෙන මනසනේ.ඒත් මං නම් මේ අවුරුදු 34 ටම හොල්මන් කියන අවතාර වැනි දෙයක් දැක්කෙ නෑ.ඒත් මගෙ මුරකාරයො අහලා තියෙනවා.පුංචි දරුවෙක් කෙම්මුරදා රාත්රීවලදි ‘අම්මා’ ‘අම්මා’ කියලා අඬනවා.පුංචි දරුවන්ගෙ මරණ මට හරිම සංවේදීයි.එදාට මං ටිකක් බැහැර වෙලා අනෙක් අයට කියනවා කටයුතු බලන්ඩ කියලා

    ඒ ශබ්දය ඇහෙන්නෙ පුංචි දරුවෙක් වළ දාපු තැනකින්.ඊට ටිකක් එහායින් තිබෙන්නේ ගබ්සා වූ දරුවන් ශල්ය කර්මයකින් ඉවත් කරන කොටස් වළදාන තැනක්.මං දරාගන්ඩ බැරි නිසා ඒ පැත්ත නම් බලන්ඩ යන්නෙ නෑ.තව දවසක් අපේ මනුස්සයෙක් දැකලා තියෙනවා මනමාලියකගෙ පහළ කොටස.මිනිහා තරමක් හිස පහත් කරගෙන ඉන්න වෙලාවක

    එයා ඔළුව උස්සලා ඉහළ කොටස බලන්ඩ ගියෙ නෑ.මහ රාත්තිරියෙ දොළහට පමණ වන නිසා.ඒ ළඟම මනාලියගේ වේලය රැගත් සුන්දර තරුණ ළඳක් වළ දමා තිබෙනවා.ඒ සොහොන් කොතෙත් මනාලියගේ රූපයෙන් ඇය පෙනී සිටිනවා

    හැම මාසෙම එක දවසක මාර්ග සංවර්ධන අධිකාරියෙ මහත්මයෙක් එයාගේ නෝනගෙ වළ ළඟට ඇවිත් දවස පුරා හඬලා මල් ගහලා ඉටිපන්කම් පත්තු කරලා යනවා.දැන් ඒ මහත්මයත් මැරිලා.එයාගෙ වගතුග බලන්ඩ ගියාම එයා කිව්වෙ අපි හරිම ආදරෙන් හිටියා.දරුවො වුණත් එයා වගෙ මගෙ දිහා බලන්නෙ නෑ

    මං මැරෙනකම් එයාට මේ රෝස මල් පොකුර අරන් හැම මාසෙම එයා මැරුණ දාට එනවා කියලයි.අනේ මහත්තයො මාවත් මළදාට මෙතැනම වළලන්න එයා කිව්වා.ඒත් එයා කොහේ වැළලුවාද දන්නේ නෑ.කවරදාවත් එයා මා විශ්රාම යනකම් ආවෙත් නෑ.ජීවිතේ හැටි එහෙම තමයි

    මගෙ ජීවිතේ ත්රුප්තිමත්ම දවස 1996 මැයි මාසෙ උදාවුණේ.ගල්කිස්ස ධර්මපාලාරාමෙ වැඩ හුන් කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො වැඩමවලා මං කනත්තේ මළවුන් වෙනුවෙන් බණක් කියෙව්වා.මළවුන් වෙනුවෙන් හාමුදුරුවන් 20 නමක් වැඩමවලා ධර්මපාලාරාමයෙ දානයකුත් දුන්නා.පිරිකර ලබා දුන්නේ මළමිනී අයිතිකාරයෝ

    සබන් කැටයක් හරි දෙන්න කිව්වා.එළවළු වෙළෙන්දෝ එළවළු දුන්නා.මාළු වෙළෙන්දෝ මාළු දුන්නා.හාල් වෙළෙන්දෝ හාල් දුන්නා.මේවගෙ එක එක අය මේ පින්කමට විවිධ විදියට දායක වුණා.මේක තමයි ඉතිහාසයේ පළමු වතාවට මළවුන්ට බණ කියූ කනත්ත

    මෙහෙ හිටපු එක්තරා දේශපාලනඥයෙක්ගෙ අපූරු පුරුද්දක් තිබුණා.එතුමා උදේ ඉඳන් අපට ඇමතුම් දීලා අහනවා.මරණ ලැයිස්තු.අද ගෙනෙන ඒවා.තියෙන ලිපින ආදිය.හැන්දෑවට එයා කනත්ත ළඟට ඇවිත් ඉන්නවා.ඒ අවමංගල පෙරහරවලට එකතු වෙලා අපුරු කතා පවත්වනවා.ඉතින්! සහභාගි ඡන්ද සියල්ල එයාට

    නොවැම්බර් මාසය මළවුන් සමරන මාසය.ඒ කාලෙට කතෝලිකයන් මෙහි පිරිලා.ඉටිපන්දම් පත්තු කරනවා.යාච්ඤා කරනවා.මළවුන්ගෙ අවුරුදු දවස වගෙයි.වෙසක් දවසටත් එහෙමයි.පහන් පත්තු කරනවා.සමහර බවුද්ධයො කරන කැත පුරුදු තියෙනවා.ඒ තථාගත බුදු රජුන්ගේ ඡායාරූප තමන්ගෙ මියගිය ඥාතියාගේ වළ වටේ ගහනවා

    ඒක කෙතරම් නරක දෙයක් ද කියලා මා පැහැදිලි කරලා දෙන්ඩ ගියාම එක දරුවෙක් කිව්වා අනේ මහත්තයො අපි බුදු හාමුදුරුවො කියලා කෙනෙක් දැකලා නෑ.ඒත් අපේ අම්මාව නම් දැකලා තියෙනවා කියලා

    1988 – 89 කාලෙ තරුණ කොල්ලන්ගෙ මිනී පාරවල් අයිනෙ පිච්චෙන්ඩ ඉස්සෙල්ලා අපේ තාප්පයට උඩින් කනත්තට මිනියක් වීසි කරලා තිබුණා.මළ මිනියෙ මුළු ඇඟම සීබ්රාවෙක් වගේ.හැම තැනම දරුණු කැපුම් තුවාල.නිර්වස්ත්ර මේ සිරුර අපි පළාතේ ඒ.එස්.පී.ට පෙන්නලා වගකීමෙන් ආරක්ෂා වීමේ පනත යටතේ වැළලුවා.ඒ කාලේ පොලිස් අධිකාරිට සහකාර පොලිස් අධිකාරිට මහේස්ත්රාත් බලතල දීලා තිබුණා

    තව දවසක් ඩබල් කැබ් එකක් රාත්රී ඇවිත්.ලොකු අධි ශීතකරණයක මොනවාදෝ තියාගෙන කනත්තට වීසි කරන්ඩ ලෑස්ති වෙනවා.මං ගියා.සොයා බලනකොට මේ නරුමයො නරක් වෙච්ච ඉස්සො තොගයක් සොහොනට වීසි කරන්ඩයි ලෑස්ති වෙන්නෙ.මං ගිහින් බැන්නා.ඕයි මේක තියෙන්නෙ මිනී වළලන්ඩ මිසක් තමුසෙලාගෙ ඉස්සො බල්ලො වළලන්ඩ නොවේ.මං සද්දෙ දානකොට සෙනඟ පිරෙන බයට ඩබල් කැබ් එක ඇදලා ගියා

    තවත් සෙල්ලමක් තිබුණා.රාත්රී දොළහට එකට විතර ආදාහනාගරයේ කූල් රූම් පැත්තට ගණිකාවො අරන් පාදඩයො එන වැඩක්.උදේට එතැන තිබුණු යට ඇඳුම් ආදිය අරන් දාන්ඩ ඕනෑ අපේ සේවකයන්

    මං රැකලා අල්ලන්ඩ බැලුවා.ඒක තේරිලා කවුරුවත් ආවෙ නෑ.ඊළගට මං කළේ ඒ පැත්තෙ තිබුණු පයිප්පෙ ගලවලා දාන එක.එතකොට වතුර නෑනේ.කොහොම හරි මේ සිද්ධිය දුරදිග ගියා.කොච්චර තාප්ප ගේට්ටු දැම්මත් කළුවර වැටුණු ගමන් දුරාචාර ක්රියාත්මකයි.මං සැක හිතෙන තරුණ රංචු යනකොට කෑගහලා බැන්නා.මාත් දෙහිවල ගල්කිස්සෙ මිනිහෙක්.මගෙ අම්මා දෙහිවල තාත්තා ගල්කිස්සෙ.තුට්ටු දෙකේ වැඩවලට එන්ට එපා කියලා

    තව දවසක් මහ රාත්තිරියේ මට දැනුම් දෙනවා.මගේ කාමරේ ඇතුළෙ කවුරුදෝ පෙරළනවා කියලා.මං ඒ රාත්රියෙම ගියා.ගිහිල්ලා ටික වේලාවක් එළියෙ ඇහුම්කන් දීගෙන නිශ්ශබ්දව හිටියා.කතාව ඇත්ත.මගෙ කාර්යාලයෙ මේස පුටු පෙරළන ශබ්ද.මං දොර ඇරියා.බලනකොට මේසය තියා කඩදාසියක්වත් හෙලවිලා නෑ.කවුරුවත් නෑ.ශබ්ද තරංග තිබෙන්ඩ පුළුවන්.එහෙත් දැකීම ද්රුෂ්ටිය සිද්ධ වෙන්ඩ බෑ

    1989 – 90 කාලෙ පුදුමාකාර දෙයක් වුණා.මට ආරංචියක් ආවා.ජේ.වී.පී.ලීඩර් කෙනෙක්ගෙ දේහයක් පුච්චන්ඩ මහ රාත්රී මෙහෙ එන බව.ගේට්ටුවට ඉබ්බා දාලා මාත් ගෙදර ගිහින් අපේ නෝනට කියලා බැරිස්ටර් මහත්මයකුගෙ ගෙදර ගිහින් හැංගුණා

    රෑ ඒ කට්ටිය ඇවිත් අගුල් කඩලා ඇතුළු වුණාම ආදාහනාගාරය අරින්ඩ බැරි වුණා.මාව හොයාගෙන ගෙදර ආවත් මාත් ගෙදර නෑ.ටෙලිෆෝන් නිහඬයි.ඒ නිසා ඒ සිහි විසඥ දේහය අරගෙන ඒ අය කොළඹ කනත්තකට ගිහින්.ඒ වැඩේ කළ බව මට ආරංචි වුණා

    1940 කාලෙ මේ සොහොන් භූමියට මළ මිනියක් තබා අවසන් ගෞරව දක්වන්ඩ ථූම්භ ගෙයක් තිබුණෙ නෑ.වැල්ලවත්තෙ කට්ටියක් තමන්ගෙ අම්මාගෙ මිනිය අරගෙන ඇවිත් මහ වැස්සකට කොටු වෙලා මිනිය තබා ගන්ඩ තැනක් නැතිව දුක් විඳලා තියෙනවා.ඒ අය ඒ සිද්ධිය නිසාම මෙතැන ථූම්භ ගෙයක් හැදුවා

    දැන් ඒ දරුවො ඉන්නෙ කැනඩාවෙ.එංගලන්තෙ වැනි රටවල.මෙහෙ ආවාම අපෙන් අවසර අරන් ථූම්භ ගෙය පිළිසකර කළ අවස්ථා තියෙනවා.ඒ ථූම්භ ගෙය ඇතුළෙ දෙපැත්තෙ පුන්කලස් දෙකේ තියෙන්නෙ ඒ අයගෙ අම්මගෙ හා තාත්තගෙ අළු

    මිනියක ඔළුව බස්නාහිරට තබන්නෙ ඇයි?හදිසියේම මම ඔහුගෙන් ඇසුවෙමි

    ඕනෑම සුබ කටයුත්තකට නැ‍ඟෙනහිර හොඳයි.සුබ කටයුතුවලට හිරු ප්රධානයි.එළිය ගෙනෙන්නේ නැ‍ඟෙනහිර.අඳුර ගෙනෙන්නෙ බස්නාහිර.මරණය සුබ කටයුත්තක් නොවෙයි.ඉපදීමයි සුබ කටයුත්ත.මරණයකදී ඔළුව බස්නාහිරට තබන්නෙ ඒ නිසයි

    සොහොන් භූමි පාලකයෙක් නිසා ඔහුට සමාජය තුළ මහත් පිළිගැනීමක් තිබේ.නඩුකාර හාමුදුරුවන්ගෙන් පවා ඔහුට ලැබුණු වරදාන ගැන ඔහු මට කී යමක් මතකය.ඕනෑම කාර්යාලයක රජයේ දෙපාර්තමේන්තුවක ඔහුට උදව් කරන්නෝ ද සිටිති

    දෙහිවල ගල්කිස්ස නගරයේ විවිධ ක්ෂේත්රවල සිටින්නෝ ඔහු හොඳින් හඳුනති.ඔහුට දරුවන් තිදෙනෙකි.පුතා උගත්තේ කොළඹ තර්ස්ටන් විද්යාලයේය.ඔහු උසස් රැකියාවක් කරයි.දියණියන් දෙදෙනා ද සමාජයේ ඉහළ පුරවැසියන් ය

    ළමයින්ට දෙයියන්ගෙ ලෙඩ හැදුණා.ඒත් මං රස්සාවට ගිහින් ආවා.දෙහි හෝ කහ ගාගෙන නාලා පිරිසුදු වෙලා ගෙට ආවා.විසබීජ තමයි කිල්ල කියන්නේ.අපේ හිතේ කිල්ල ඇති කරගන්ඩ එපා.මළවුන්ගේ ලෝකය ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ කියා දෙනවා. මං ඔබට කිව්වේ ඒකෙන් ටිකක් විතරයි