Category: සුපිරි Walks

  • මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

    සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය

    ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

     

  • මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    වියළි මිරිස් කරළක උපායකින් සිය බිරිඳගේ අනියම් සැමියා අතටම අල්ලාගෙන බිරිය සමග සොර සැමියා ද බිරිඳගේ මව්පියන්ට භාර දුන් පුද්ගලයෙකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.

    මෙම පුද්ගලයා මැදිවියේ පසුවන පෙදරේරුවෙකුවන අතර තවමත් දරුමල්ලන් නොමැති ඔහුගේ බිරිඳ ද මැදිවියේ පසුවූවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමක් බව කියැවේ.

    සිය වෘත්තියේ දක්ෂතාව නිසාම ඔහුට දුරබැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබෙන අතර එවන් අවස්ථාවල දින 3ක් වැඩ කොට යළි පැමිණීම අනිවාර්ය කොටගෙන සිටියේ ය.

    මේ අතර ඔහුගේ බිරිඳ නිවස ආසන්නයේ සිටි තරුණයෙකු සමග අනියම් ඇසුරක් අරඹා ඇත්තේ සැමියාගේ දින තුනක නිවාඩුව ද ප්‍රයෝජනයට ගනිමිනි.

    මේ පිළිබඳ ඇසුණු ආරංචි පිළිබඳ සොයා බැලූ සැමියා එම ආරංචි සත්‍යයක් බව පසක් කරගත් පසු දුරබැහැර වැඩකට යන මුවාවෙන් නිවසෙන් පිට වී ගොස් ඇත්තේ සිය බිරිඳට ද කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙනි.

    එසේ ගිය ඔහු හදිසියේම දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ බිරිඳගේ මව්පියන් සහ සොයුරන්ද සමගිනි.

    එසේ පැමිණි ඔහු බිරිඳව නිවසෙන් එළියට කැඳවාගෙන තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වී ඇත.

    සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින්, කිවිසුම් අරිමින් නිවස තුළ සැඟව සිටි අනියම් පුරුෂයාට එළියට පැමිණීමට සිදුව ඇති අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇය ඇගේ දෙමාපියන්ට භාර කර තිබේ.

    ඉන් ද නොනැවතුණු ඔහු මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කිරීමට තමා සමග පසු දින පැමිණෙන ලෙස ඇගේ දෙමාපියන්ට සුහද ඉල්ලීමක් කිරීමට ද අමතක කර නැත.

     
  • ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
    මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.
    මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.
    sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.
    බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.
    අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.
    සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.
    ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය, කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත.
    පාරට්ටු කරගන්නේ නැත.
    උඬඟු වන්නේ නැත.
    ප්‍රේමය,
    අවිනීත නොවේ.
    ආත්මාර්ථාකාමී ‍නොවේ.
    හනික නොකිපේ.
    නපුර සිතේ ධාරණය කර නොගනියි.
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
    හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,
    සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි,
    විශ්වාසයට ඉමක් නැත,
    බලාපොරොත්තුවට නිමක් නැත,
    ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනිකය….
  • ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.

    රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.

    ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක්  විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් (30) රාත්‍රී අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කර තිබිණ.

    එම අවස්ථාවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතිගරු ජනාධිපතිතුමා එම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කිරීමට අදාල පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුතියද පළකර ඇත.

    මෙම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා එම පිළිම වහන්සේලා ගෙන්වූ බව කියන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් හෝ වෙනත් කිසිඳු වගකිව යුතු පාර්ශවයක් රේගු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිඳු ලිඛිත ඉල්ලීමක් කර නොමැති වාර්තාවේ.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙසේ පැවසුහ.

    ”අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන  මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා,  ඔවුන්  එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. 

    ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර  අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා. 

    ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ  චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.

    මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. 

    ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය  මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ. ”

  • වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. මෙවර මැයි දිනය වෙසක්‌ සතියේ යෙදීම හේතුවෙන් මහ නායක හිමිවරුන් විසින් රජයෙන් කළ ඉල්ලීම් මත මැයි දින සැමරුම් පෙළපාලි 07 වැනිදාට පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක්‌ විසින් අද දහවල් 02.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එස්‌. ඩබ්ලිව්. බණ්‌ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇතුළු කම්කරු නායකයන් සැමරීමේ සම්මන්ත්‍රණයක්‌ අද සවස 03.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    ජනතා විමුක්‌ති පෙරමුණේ සහ ලංකා ගුරුසේවා සංගමයේ මැයි දින සැමරුම අද යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මියගිය කම්කරු නායකයන් අනුස්‌මරණය කරමින් සැමරුම් උත්සවයක්‌ නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු සූදානම් කර තිබේ.

    මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ මැයි රැලිය මැයි 06 වැනි දා සුගතදාස ගෘහස්‌ත ක්‍රිඩාංගණයේ දී ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි රැලිය මැයි 07 වැනි දා මඩකලපුව චෙන්කල්අඩිහිදිත්, ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය මැයි 07 වැනි දා කොළඹ බී.ආර්. සී. පිටියේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිsය මැයි 07 ගාල්ල සමනල ක්‍රීඩාපිටියේදීත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිsය මැයි 07 තලවාකැලේදීත් එදින ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළි යේදීත් පැවැත්වීමට නියමිතයි.

  • රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා පල වෙයි.

    කණ්ඩායම් දෙකක් ලෙස වාර දෙකකදී ඇමති මද්දුම බණ්ඩාර හමුව ඇති මෙම මන්ත‍්‍රි පිරිස ඉල්ලා ඇත්තේ පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සදහා මෙම ඉල්ලීම පිලිගන්නා ලෙසයි.

    කෙසේ වෙතත් ඇමති මද්දුම බණ්ඩාර මෙම ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති අතර සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබෙතැයි එජාප පසුපෙල බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද පැවසෙයි.

    නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස නායකත්ව සටනට අවතීර්න නොවී ජ්‍යොතිෂය ගැනම විශ්වාසය තබමින් සිටින නිසා එජාප පසුපෙල විසින් මෙම යෝජනාව ඉදිරිත් කර ඇති බවද සදහන්ය.

  • අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ.

    එලෙස පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව අදාල අංශයන්ගෙන් අනුමැතිය රැගෙන පැමිණෙන ලෙස ද උන්වහන්සේ පැවසුහ.

    අදින් අවසන් කෙරුණු ශ්‍රීපාද වන්දනා සමයෙන් පසු නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    එහිදී අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් පැවසුයේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස අවසන් කෙරුණ බවයි.

    රජයේ මැදිහත් විමෙන් වන්දනාකරුවන් දැනුවත් කිරිම නිසා ශ්‍රි පාද පරිසරය පද්ධතිය මෙවර සැළකිය යුතු ආකාරකින් රැකගෙන ශ්‍රි පාද වන්දනා සමය පවත්වා අවසන් කිරිමට හැකි වු බවත් උන්වහන්සේ පැවසුහ.

    විස නැකත අනුව මෙවර වෙසක් තෙමඟුල අප්‍රේල් මාසයට යෙදි ඇති බවත් , ඒ බෞද්ධ දර්ශනයට හා නක්ෂත්‍ර අනුව හරිම වෙසක් මංගල්‍යය බවත් උන් වහන්සේ පැවසුහ.

  • ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා –  මහාචාර්යවරයෙක් කියු කතාව .!

    ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා – මහාචාර්යවරයෙක් කියු කතාව .!

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසනවා. 

    ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. 

    මේ බව කියූ  මහාචාර්යවරයා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. 
    එම සංවාදය පහතින් ,

    “වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.”

    “ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා,
    මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”

    “මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

    එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”


     

  • ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා  වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

    හෙළ සිනමා වංශකතාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අභාවප්ප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට එතුමා අවුරුදු 99 ක් වුනා.

    1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පිතර් විදුහලෙන්. අවුරුදු 17 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබනවා.

    පසුව 1947 වසරේදී සිය මවගේ උපදෙස් මත එංගලන්තය බලා යන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා එහිදී සිනමාව පිළිබඳව ඉගෙන ගන්නා අතර එහිදී මුණගැසෙන තවත් ශ්‍රී ලාංකිකයෙක් වන හර්වුඩ් ජෑන්ස් සමග එක්ව සිය පළමු කෙටි සිනමා චිත්‍රපටය 1949 වසරේදී නිපදවන අතර එයට සම්මානයක්ද හිමිවුවා.

    පසුව 1952 වසරේදී යලි සිය රට බලා  පැමිණෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, 1956 වසරේදී සිය පළමු චිත්‍රපටය ලෙස “රේඛාව” නිර්මාණය කරමින් හෙළ සිනමාවට පාතබනවා. එම චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීයවද ගෞරවයට පාත්‍රවනවා. මෙරට සිනමාවේ චිත්‍රාගාරයකින් පිට රූගත කල පළමු චිත්‍රපටය ලෙස හදුන්වන්නේ ” රේඛාව” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1957 වසරේදී අන්තර්ජාතික කෑන්ස් සිනමා උළෙලේ  Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වුවා. 

    1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත “ගම්පෙරළිය” චිත්‍රපටයට සරසවි සිනමා උළලේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවන අතර එම චිත්‍රපටය 3 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලද නියෝජනය කරනු ලබනවා.

    මෙරට සිනමාවට දයාද රැසක් තිලින කර දුන් අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරණ ලද චිත්‍රපට හා කෙටි චිත්‍රපටි සංඛ්‍යාව 25 කට අධිකයි.

    හෙළයේ මහා සිනමාවේදියාණනි ඔබට අප නිවන් සුව පතන්නෙමු….!!!

    (මුලාශ්‍රයන් විකිපීඩියා ඇසුරෙන්)

  • ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු 16ක් මෙන්න…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද?  එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද? එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද එමගින් ඔබට සිදු වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වේවි……….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • වැලිකඩ රැඳවූවන්ගේ වෙසක් නිර්මාණ කලාපයක් සහ දන්සැල්……

    වැලිකඩ රැඳවූවන්ගේ වෙසක් නිර්මාණ කලාපයක් සහ දන්සැල්……

    අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරවල රැදවූවන් 432 ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිවනවා.

    කෙසේවෙතත් ඔවුන්ගෙන් 23 දෙනෙකු වෙනත් වැරදිවලට නැවත බන්ධනාගාර ගත කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    සෙසු පිරිසට පිරිමි පුද්ගලයන් 405 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු අයත්. 

    ජනාධිපති පොදු සමාව යටතේ මෙලෙස නිදහස හිමිවූ සියලූ දෙනා  සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින්නන් බව බන්ධානාගර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියා සිටියා.  

    මීට අමතරව සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින වයස අවුරුදු 70 ට වැඩි රැදවූවන්ට වසරකට දින හත බැගින් දඩුවම් කාලය අඩු කිරිමටද කටයුතු කෙරෙන බවයි ඔහු පැවසුවේ. එම රැඳවූවන්ට පනවා ඇති දඩු මුදල් අහෝසි කිරිමටද කටයුතු කෙරෙනවා.

    මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට හෙට (30) සිට මැයි පළමු වැනිදා දක්වා වෙසක් කලාපයක් පැවැත්වෙනවා.

    සියළු බන්ධනාගාරයන්හි රැදවූවන් නිර්මාණය කළ පහන් කුඩූ එහිදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි. රැදවූවන් විසින් බත් දන්සැලක් සහ අයිස්කී‍්‍රම් දන්සැලක්ද මෙහිදී පවත්වනු ලබනවා. බත් දන්සැල ආහාර පිසින්නේද රැදවූවන් විසින වීම විශේෂත්වයක්. 

     

  • සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න

    සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න

    අදට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ සම්බුද්ධාගමනය තුළින් ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හැර අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බවයි.

    එමගින් මිථ්‍යාවෙන් අත්මිදුනු අධ්‍යාත්මික මිනිසෙකු සමාජ ගත වූ බවද ජනාධිපතිවරයා නිකත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

    මිනිසෙකු හෝ වසලයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ කි‍්‍රයාවන් මත බවත්, ඒ ඔස්සේ මිනිස් වර්ගයා එක රැහැනින් යා කෙරෙන සහජීවනයේ ප‍්‍රාණය ලැබූ බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • වෙසක් නිසා කොළඹ මාර්ගවල ධාවන සැලැස්ම වෙනස් වේ – වාහන ගාල් කරන ස්ථාන මෙන්න

    වෙසක් නිසා කොළඹ මාර්ගවල ධාවන සැලැස්ම වෙනස් වේ – වාහන ගාල් කරන ස්ථාන මෙන්න

    කොළඹ සහ අවට ප‍්‍රදේශවල අද (29) සහ හෙට (30) විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා.

    ඒ වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කෙරෙන විවිද සැරසිලි සහ කි‍්‍රයාකාරකම් හේතුවෙන්.

    ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ  රාති‍්‍ර 07.00න් පසු ඇතැම් මාර්ග වසා දැමීමට හෝ එම මාර්ගවල වාහන ධාවනය සීමා කිරිමට වරින් වර කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.

    කොම්පඤ්ඤවීදිය – ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, ශී‍්‍ර උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත එලෙස වසා දැමෙන හෝ වාහන ධාවනය සීමා කෙරෙන මාර්ග කිහිපයක්. එවැනි අවස්ථාවලදි රියදුරන්ට විකල්ප මාර්ග පෙන්වා දීමට පොලිස් නිලධාරින් විශේෂ රාජකාරීන්හි යෙදවීමටද සැලසුම් කර තිබෙනවා. 

    මීට අමතරව වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන වාහන ගාල් කිරීම සඳහාද ස්ථාන කිහිපයක් වෙන් කර ඇතැයි පොලීසිය සඳහන් කළා. ඒ අනුව කොම්පඤ්ඤවීදිය, කුරුඳුවත්ත, කොල්ලූපිටිය, කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල හා ග‍්‍රෑන්ඞ්පාස් යන ප‍්‍රදේශවල මෙලෙස රථ වාහන ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති බවයි පොලීසිය පැවසුවේ.

  • සම්බුදු තෙමගුල සමරන පින්බර වෙසක් පොහොය දිනය අදයි….

    සම්බුදු තෙමගුල සමරන පින්බර වෙසක් පොහොය දිනය අදයි….

    වෙසක් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා.

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කිරීම සහ සම්බුද්ධ පරිනිර්වාණයත් වෙසක් පුර පසලොස්වක පොහොය දිනයන්හිදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

    සම්බුද්ධ චරිතයේ මෙම සුවිශේෂ සිදුවීම් ඇසුරෙන් අද දිනයේදි ජීවිතය වඩා යහපත්ව වෙනස් කර ගැනීමට කල්පනා කරන්නේ නම් මෙම වෙසක් පුර පසලොස්වක පොහොය වඩා ඵලදායී වන බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. 

    සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධත්වය සඳහා නියත විවරණ ලැබූ බවත්, ඊට පෙර භවයකදි සිය මවගෙන් බුද්ධත්වය සඳහා පළමු විවරණ ලැබූ බවත් බෞද්ධ ඉගැන්විම්වල සඳහන් වනවා.

    සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කළේ දඹදිව බුද්ධ ගයාවේදීයි. අවබෝධ කරන ලද ධර්මය ලෝ වැසියන්ගේ යහපත උදෙසා දේශනා කිරීමටද උන්වහන්සේ වසර 45ක් පුරා කටයුතු කළා.  

    බුද්ධත්වය අවබෝධ කිරීම සිහිපත් කිරිමේදී උන්වහන්සේ විසින් දේශිත මෙම ධර්මයද සිය ජීවිතය තුළ පුහුණු කිරිමට උත්සහ කළ යුතු බවයි පූජ්‍ය මාකොල මංගල හිමියන් යෝජනා කළේ.

    වසර 45ක් පුරා ධර්ම ප‍්‍රචාරයේ යෙදුනු බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වුයේද ලෝ වැසියන්ට මග පෙන්වීමක් ලබා දෙමින්. 

    බෞද්ධ ඉතිහාසයට අනුව බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමන සිදුව ඇත්තේද, විජය කුමරු ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන්හිදීයි. දේවානම් පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සහ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීමද වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයන්හිදී සිදුවූ බවයි වංශ කථාවල සඳහන් වන්නේ.

  • බීමතින් තරුණයෝ එක්ක පිස්සු නටපු බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ දාපු අමුතු පාටිය මෙන්න .!

    බීමතින් තරුණයෝ එක්ක පිස්සු නටපු බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ දාපු අමුතු පාටිය මෙන්න .!

    ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වී පැවතුනු මත්පැන් සාදයක් පිළිබදව වාර්තා වේ. 

    සාදය පැවැතියේ මීටියාගොඩ, ගොඩගම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකය. පසුගිය 22 වැනිදා පැවැති සාදයට ෆේස්‌බුක්‌ හරහා හඳුනාගත් තරුණ, තරුණියන් දෙසීයක්‌ පමණ සහභාගි වෙමින් සිටියහ. මෙරට විවිධ ප්‍රදේශවල තරුණ, තරුණියන් සාදයට සහභාගි වෙමින් සිටි අතර, අනුරාධපුර, කොළඹ රත්නපුර සහ කුරුණෑගල ප්‍රදේශවලින් පවා මේ සදහා තරුණ තරුණියන් සහභාගී වී සිට තිබේ.. සාදයට පැමිණ සිටි සියලුම තරුණ, තරුණියන් අවුරුදු විස්‌සත්, හතළිහත් අතර වයස්‌වල පසු වන්නන් වූහ. එමෙන්ම සාදයට පැමිණ සිටි සියලුම සමාජිකයන් කාලයක සිට දැන, හදුනන පුද්ගලයන් සේ කතා බහා කිරීම ද එහි තිබූ විශේෂත්වයකි.
     
    උදෑසන ආරම්භ වූ සාදය වේග රිද්ම සංගීතය මැද සතුටු සාගරයක්‌ සේ ගලා ගියේය.තරුණියන් අඩ නිරුවතින් මුල්ම වරට හමුවූ තරුණයන්ද සිප වැළද ගති.  ඒ අතර විවිධ වර්ගයේ මත්පැන් බෝතල්ය. ඒ අතර ඉස්‌තරම්ම වර්ගයේ මත්පැන් බෝතල් ද නොතිබුණා නොවේ. නැටුම්, ගැයුම් අතරේ තරුණයන් සමඟ හරි, හරියට තරුණියෝ ද මත්පැන් බොති. ඒ තරුණියන්ට සාදයේ සිටි සියලුම තරුණයන් පෙම්වතුන්ය. මොහොතක්‌ එකෙකුට තුරුළු වී සිටින තරුණිය මොහොතකින් වෙනත් තරුණයකුගේ උකුළෙහි සිට මත්පැන් බොන්නීය. සිගරට්‌ උරන්නීය. 

    මත්පැන්වලින් බත් වූ සාදයට ගංජා, මත් පෙති ඕනෑවටත් වඩා තිබිණි. අවශ්‍ය කෙනෙකුට මත් පෙති, ගංජා ගෙනත් දීමට සංවිධාන කමිටුව වෙනම තරුණයන් ද යොදවා තිබිණි. උත්සව ශාලාව පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය නොතිබුණු අතර, ඒ ආසන්නයේ රහසිගතව සඟවා තිබුණු බවට සැක නැත. මත් පෙති හෝ ගංජා අවශ්‍ය තරුණයන් සංවිධාන කමිටුවේ සාමාජිකයකුට කියූ විට පැය භාගයක්‌ ඇතුළතදී එකී තරුණයාගේ අතට මත්ද්‍රව්‍ය ගුලි කිරීමට සංවිධාන කමිටුව යුහුසුළු විය. එහෙත් ෆේස්‌බුක්‌ සාදයට වෙස්‌ වළාගත් පොලිස්‌ නිලධාරීන් පැමිණ සිටින බව සංවිධාන කමිටුවට මොහොතකට හෝ නොසිතුණි.
     
    වෙස්‌ වළාගත් ෆේස්‌බුක්‌ හිතවතුන් ලෙස සාදය පැවැති හෝටලයට පැමිණි පොලිස් නිළධාරීන් සාදයේ උච්චතම අවස්‌ථාවේදී එයට වටලා තිබේ. 
     
    හෝටලයේ හිමිකරු ඇතුළුව සාදයට පැමිණ සිටි දෙසිය අටදෙනෙකු පොලිස්‌ අත්අඩංගුවට පත් වූහ. ඔවුන් අතරින් තිස්‌නවදෙනකු කාන්තාවන්ය. මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින තරුණයන් එකොළොස්‌ දෙනෙකි. ගංජා කැට, හසීස්‌, මත් පෙති, මත්ද්‍රව්‍ය අඩංගු කර නිෂ්පාදනය කරන ලද ලොලිපොප් ඇතුළුව දිවේ තියාගන්නා මුද්දර නමැති මත්ද්‍රව්‍ය ද තරුණයන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.