වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇත. මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජේ.එම්.මංගලතිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.සකලසූරිය මහතා, කෘෂිකර්ම, වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අයතන වල අධ්‍යක්ෂ ජනරාල්වරුන් විශ්වවිද්‍යාල වල පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් කිහිපදෙනෙකු ද ඇතුළත් වේ.