Category: සුපිරි Walks

  • පවුල් 02ක් එකතු කරන්න බිරිදට වැහුණු අපුරු සැමියාගේ ආත්මයට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    පවුල් 02ක් එකතු කරන්න බිරිදට වැහුණු අපුරු සැමියාගේ ආත්මයට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    අහිංසා යනු මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි රූමත් කාන්තාවකි.
    ඇගේ සැමියා සේනක කෝටිපති ව්‍යාපාරිකයෙකි.
    අහිංසාට මේ විවාහයෙන් වයස අවුරුදු හයක පුතෙක් ඉන්නවා.සේනක කලින් විවාහයෙන් දික්කසාද  වුණකෙනෙක්.  සචිනි නම් වූ ඇය ගණකාධිකාරීවරියකි.
    සචිනිගෙන් සේනක දික්කසාද වන විට තුන් හැවිරිදි හා පස් හැවිරිදි දරු දෙදෙනෙක් සචිනිට සිටියා.
    සචිනිගෙන් දික්කසාද වී අහිංසා සමඟ විවාහ වූ සේනකට මේ විවාහයේ සය හැවිරිදි පුතු සිටියදී හදිසියේ වාහන අනතුරකින් මිය ගියා.
    අහිංසා දැන් අසනීප තත්ත්වයකින් පෙළෙන්නීය.
    තදබල ඇඟ පත රුදාවකින් ද පෙළෙයි. ආහාර අරුචිය නිසා ශරීරය ද කෙට්ටු වී ඇත.
    රාත්‍රී නින්දෙන් තීගැස්සී අවදිවීම නිසා නිදි නොලබා රාත්‍රිය අවදි කරයි.
    නිවසේ රාත්‍රියට යමෙක් එහා මෙහා යන අඩි සද්ද ඇසෙන්නට විය. වරෙක කෙනෙක් එහා මෙහා ඇවිදින ඡායාවක් පෙනේ. කවුදෝ ඇයට කතා කරන, මුමුණන හඬක් ඇසෙයි. එහෙත් කියන දේ නොතේරෙයි.
    රෑ දවල් දෙකේ ම නිවසේ වරින් වර මහා දුර්ගන්ධයක් හමා යයි. මේ රෝග තත්ත්වයට, ඇඟ පත රුදාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවිණි. මනෝවෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එයින් ද සුවයක් නොවීය.
    මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට ලැබුණු පෙති පානය කළ විට නිදි සුවය නම් ඇය ලැබුවාය. විවිධ අභිචාර විධි කළත් ඒවායින් ද සුවයක් නොලැබු තැන ඇය අවසානයේ මව්පියන් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියාය.
    ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති රෝග තත්ත්වයන් හා නිවසේ පවතින අසාමාන්‍යතාව පැහැදිලි කළාය.
    ගවේෂකවරයා අහිංසාගේ රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. ඒ ඇඬිල්ලේ කෙළවරක් නැති බව වැටහුණු හෙයින් එසේ අඬන්නට ඉඩ දී අවසානයේ දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට නියම කළා.
    බෝධි පුජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියා. එදිනද භූතාත්මය අඬන්නට විය. මෙසේ හඬමින් භූතයාගේ දුක තුනී කරගන්නට ඉඩ දී තුන් වැනි දිනයේ නැවත පැමිණි විට අහිංසාට ආවිශ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළා.
    “කවුද මේ ශරීරයට ඇතුල්වෙලා අඬන්නේ?”
    “මම සේනක” යැයි භූතාත්මය උත්තර දුන්නේය.
    “කවුද මේ සේනක කියන්නේ? මොකක්ද මෙයා එක්ක තියෙන සම්බන්ධය?”
    “මම මේ අහිංසාගේ මහත්තයා. විවාහක සැමියා.”
    “ඇයි ඉතිත් මේ නෝනාට කරදර හිරිහැර කරන්නේ?”
    “මහත්තයා, මට කියාගන්න බැරි දුකක් වේදනාවක් තියෙනවා. ඒක කියා ගන්නයි අහිංසාගේ ශරීරයට ඇතුල් වුණේ.මගේ කලින් විවාහයේ නෝනා සචිනි. එයාගෙ ඇඟට රිංගන්න උත්සාහ කළත් ඒක බැරි වුණා. ඊට පස්සේ අහිංසාගේ ඇඟට රිංගුවේ මගේ දුක කියා ගන්නයි. මට සාධාරණයක් ඉෂ්ට කර ගන්නයි.”
    “ඔව්. ඔබේ දුක නිවන්න, අපටත් පුළුවන් දෙයක් කරන්න අපි සුදානම්. කියන්න බලන්න ඔබේ දුක?”
    “මහත්මයා මම කලින් විවාහ වෙලා හිටියෙ සචිනි එක්ක. සචිනි ගණකාධිකාරිණියක්. එයා සංවේදී නැහැ. සංසුන් නැහැ. මාත් එක්ක සංලාප නැහැ. අපි ව්‍යාපාරිකයොනේ මහත්මයා.
    හැන්දෑවට ගෙදර ආවාම සංතෝෂයෙන් ඉන්න තමයි කැමති. සචිනි ළඟ ආදරය කරුණාව ලෙන්ගතු කම තිබුණෙ නැහැ. මගේ දරුවෝ දෙන්නටත් ගහනවා. බනිනවා. නිතර සැරවැර. මටත් එහෙමයි.
    ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මම සචිනිගෙන් දික්කසාද වුණා. මගේ කොම්පැණියේ රැකියාව කළ කෙනෙක් තමයි අහිංසා. එයා සංවේදියි. අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිවෙලා මම අහිංසාව විවාහ කරගත්තා.
    කලින් විවාහයේ දරු දෙන්නටම නියමිත නඩත්තුව හැම මාසෙම නොවරදවා ගෙව්වා.”
    “ඉතින් මහත්මයා. මේ අහිංසා මගේ පුතාව සංතෝෂයෙන් හුරතල් කරනවා දැක්කම මට මගේ කලින් දරුවෝ දෙන්නාම නිතරම මතක් වුණා. මම මහා දුකකින් සංතාපයකින් දැවි දැවී හිටියේ. මම Accident එකෙන් මැරෙන වෙලාවෙත් ඒ දරු දෙන්නව මතක් වුණා.
    ඒ දෙන්නා සචිනිගේ බැණුම් තරවටු මැද්දේ දුක් විඳින හැටි මතක් වුණා. ගෑනියේ ඔය දරුවන්ට ඔය වගේ නපුරු විදිහට සලකන්න එපා කියලා සචිනි ළඟට ගිහින් මම කෑ ගහලා කිව්වා. එයාට මම කියන දේ ඇහුණෙ නෑ.
    ඒ පාර සචිනිගේ ඇඟට රිංගන්න උත්සාහ කළා. ඒකත් බැරිවුණා. ඊට පස්සේ අහිංසාගේ ඇඟට රිංගුවා. දැන් මගේ දුක කියා ගන්න පුළුවන්. සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්. ඒකට මට උදව් කරන්න මහත්මයා.” 
    එදිනට නියමිත ප්‍රතිකාර අවසන් කළ ගවේෂකවරයා නැවත පැමිණෙන දිනයට සචිනිගේ දරු දෙදෙනාත් දෙපාර්ශ්වයේම මව් පියනුත් කැඳවා ගෙන එන්නැයි අහිංසාට කිවුවා.
    ඊළඟ දිනයේ අහිංසා ගේ මව්පියනුත් සචිනිත් ඇගේ මව්පියනුත් දරු දෙදෙනාත් ගවේෂකවරයා හමුවට පැමිණියා. එදිනද අහිංසාට ආවිශ්ට වූ සේනකගේ භූතාත්මය අඬන්නට වුණා.
    “ඇති…. ඇති…. දැන් ඇඬුවා ඇති. ඔන්න අද කලින් නෝනයි දරු දෙන්නයි. ඇවිත් ඉන්නවා. සචිනි නැවත විවාහ වෙලාත් නෑ දරු දෙන්නා රැක බලාගෙන ඉන්නවා.”
    “අනේ… මගේ පුතේ. දුවේ! ඔය දෙන්නා නැතුව මම කොයි තරම් වේදනාවෙන් ද හිටියේ., අනේ, සචිනි මගේ දරුවෝ දෙන්නට කරදර කරන්න එපා. මට දරාගන්නම බැරි නිසයි ඔය ගොල්ලන් අතහැරලා ගියේ. ඒත් මම මගේ යුතුකම් ඉටු කළා.”
    භූතාත්මය අඬමින් දරු දෙදෙනා වැළඳ ගත්තා.
    “මගේ පුතේ. දුවේ. තාත්තට සමාව දෙනවා නේද?”
    භූතාත්මය දරුවන්ගෙන් ඇසීය.
    දරු දෙදෙනා ද “ඔව්… ඔව්…” කීහ.
    “මහත්මයා දැන් මගේ දුක් වේදනාව තුනී වෙලා ගියා. දැන් මම නිදහස්. මාව හොඳ තැනකට යවන්න.”
    භූතයා ගවේෂකවරයාට කීවා…
    පවුල් දෙකේම අය එක් වී සාංඝික දානයක් පිරිනමා සේනකට පින් අනුමෝදන් කොට ඔහුගේ භූතාත්මය අනුරාධපුරයට යවන්නට සුදානම් වී නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නා.
    ඔවුන් සාංඝික දානය පිරිනමා සේනකට පින් අනුමෝදන් කළහ. එදින අහිංසා සේනකගෙන් අයිති වූ ධනයෙන් මුදලින් රුපියල් කෝටි දෙකක්, හා මෝටර් රථයක් ද නිවසක් ද ඔහුගේ මුල් විවාහයේ දරු දෙදෙනාට ලියා ඔප්පු භාර දීමට තරම් සංවේදී වුණා. 
    ඒ පින්කමෙන් පසු යළිත් පැමිණි දිනයේ භූතාත්මය පළතුරු වට්ටියකට සම්බන්ධ කොට පවුල් දෙකේම ඥාතීන් සමඟ අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා පියවර ගත්තේය. දැන් අහිංසා සම්පුර්ණයෙන් සුවපත් වී ඇති අතර පවුල් දෙකේ සමගියක්ද ගොඩනැගී ඇත.
  • කේලම් කියා පවුල කඩපු පන්තියේ කෙල්ලට පාඩමක් උගන්වන්න ගියපු කොල්ලට වෙච්ච දේ මෙන්න…

    කේලම් කියා පවුල කඩපු පන්තියේ කෙල්ලට පාඩමක් උගන්වන්න ගියපු කොල්ලට වෙච්ච දේ මෙන්න…

    කේළම් කියා තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති වෙනත් තරුණියක්‌ දුටු 19 හැවිරිදි තරුණයකු බස්‌ රථයක්‌ තුළදී කතුරකින් ඇයගේ කොණ්‌ඩයෙන් අඟල් 19 ක කොටසක්‌ කපා දමා ඇත.

    පයාගල පොලිසිය මගින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මෙසේ කොණ්‌ඩය කපා ඇත්තේ මොහු සිතා සිටි තැනැත්තියගේ නොවන බවද හෙළිවී ඇත.

    සිද්ධිය වී ඇත්තේ 28 දා දහවල් 12.30 ට පමණ පයාගල ප්‍රදේශයේදීය.

     පයාගල පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරුන්ට උතුරු පයාගල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින විට කොළඹ සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක්‌ නතර කළ අතර එහි රියෑදුරු කියා සිටියේ බස්‌ රියේ සිටි 21 හැවිරිදි තරුණියකගේ කොණ්‌ඩය කතුරකින් කැපූ තරුණයකු බස්‌ රියෙන් බැස දිව ගිය බවයි.

     වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කලිසම් සාක්‌කුවක තිබී කතුරේ ප්ලාස්‌ටික්‌ කවරයද, බස්‌ රථය තුළ තිබූ අඟල් 19 ක්‌ දිගැති වරලස කොටස හා කතුරද අත්අඩංගුවට ගෙන ඇත.

     මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු පවසා ඇත්තේ තමා බළපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස්‌ පෙළද සමත් වූ අයෙකු බවත් තම පාසලේ සිසුවියක සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධය බිඳී ගියේ එක්‌තරා තරුණියක පෙම්වතියගේ මවට කී කේළම් බස්‌ නිසා බවත්ය.

     මෙසේ කේළම් කී තරුණියගේ හැඩරුව පෙම්වතිය තමා සමඟ පවසා ඇති බවත් එහෙත් තමා ඇයව මින් පෙර දැක නැති බවත් ඔහු පවසා තිබේ.

     සිද්ධිය වූ 28 වැනිදා තමා ත්‍රිරෝද රියක්‌ බැලීම සඳහා මොරටුවට ගොස්‌ ආපසු එමින් සිටියදී පෙම්වතිය කී හැඩරුව සහිත තරුණියක්‌ කටුකුරුන්ද හන්දියේ සිටිනු දැක ඇයට දඬුවමක්‌ ලබාදීමට සිතා එතැනින් බැස ඒ අසල වෙළෙඳසලකින් රුපියල් 60/} කට කතුරක්‌ මිලට ගත් බවද ඔහු පවසා ඇත.

     ඉන්පසු ඇය ඇල්පිටිය බලා යන බසයට ගොඩවූ බවත් තමාද බසයට නැග ඇය සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවී සිට ඇයගේ කොණ්‌ඩය කැපූ බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.

     මොහු මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ තමා මින් පෙර කිසිදු දිනක නොදුටු අයෙකුට බවත්, තම මනසේ ඇඳී තිබූ රුවකට සමාන රුවක්‌ ඇති අයකුට බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙම තරුණිය ඔහු සිතා සිටි තරුණිය නොවන බවද හෙළිවී තිබේ.

     මෙම සැකකරු ඊයේ (01දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

  • සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    දූලිකා මාරපන කියන්නේ කුවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්.පසුගිය දවසක සිද්ධ වෙච්ච වැඩක් නිසා ඇයට හුඟක් තරහා ගිහින්.මේ ඒ ගැන ඇය කියලා තිබුණු කතාව…

    ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද?
    ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා වූ ක්‍රමවේදය මට එතරම් ප්‍රිය නෑ. සමහරු මේ කලාව තෝරගන්නේ කරන්න වෙන කිසිම දෙයක් නැති වුණාමයි. පාරේ යන මිනිසුන්ට වැස්සට ගොඩවෙන්න තියෙන අම්බලමක් නෙවෙයි මේ. විෂය පිළිබඳ හොඳ හැදෑරීමකින්, නිවැරැදි අවබෝධයකින් පැමිණිය යුතු ගමනක් මෙය. මට ක්‍ෂේත්‍රය ගැන කලකිරුණා. වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා ටික කාලයකට නාට්‍යවලින් සමුගත්තා.

    ඔබයි සුජීවයි නිර්මාණය කළ ‘සුපර්ණා’ මේ වසරේදී ප්‍රේක්‍ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද?
    ඔව්. දැන් යන්නේ අවසන් අදියර. මේ දිනවල එහි සංගීතය පිළිබඳ වැඩ ටිකක් කෙරෙනවා. ‘සුපර්ණා’ තුළින් අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කතා නොකළ මාතෘකාවක්. අපේ රටට ආවේණික සියලු ශාකයන් අපිට අහිමි වෙමින් යනවා. පරිසරය රැක ගැනීම, අපේ රටේ සංස්කෘතික දායාද, මනුස්සකම් ආරක්‍ෂා කරගැනීම, මෙමඟින් කතා කරනවා. අද අපි කන්නේ ඇට නැති මිදි. ඇට නැති ‍ෙදාඩම්, ඇට නැති පැපොල්. ගම් මට්ටමින් අපේ දේ විනාශ කරලා. විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරලා. අපේ දේට ඉඩක් නෑ. අද අපි කන්නේ කිලෝ පේර. අල්පෝන්සු අඹ. එසේ විය යුතු ජාතියක් නෙවෙයි අපි. මේ ඛේදවාචකය ‘සුපර්ණා’ හරහා කතා කරනවා.

    ඔබ කවදත් කෙළින් කතා කරන කෙනෙක්. මේ කතාව හරහට හිටි අවස්ථාත් ඕන තරම් ඇති නේද?
    මගේ කට වැඩියි කියලා සමහරු ඒ අයගේ නිර්මාණවලට මාව නොගන්නවාත් ඇති. නමුත් එහෙම නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න බෑ. මට ඒ විදියට ඉන්න ඉගැන්නුවේ මගේ අත්තා. (අම්මාගේ තාත්තා.) මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ කොල්ලෙක් මට ගැහුවා. මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අත්තා මට කිව්වේ ගුටි කාලා නම් ගෙදර එන්න එපා. කවුරු හරි ගැහුවොත් ඒ කෙනාට දහ පාරක් ගහන්න කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඔහු කිව්වෙත් ඒ දේමයි. කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ දේ තමයි අදටත් මම පිළිපදින්නේ.

    ඔබයි සුජීවයි බොහොම ආදරණීය යුවළක්. නමුත් සුජීව ඔබේ පුතා නේද කියලා අහලා ඔබව අපහසුතාවට ලක් කරන්න හදන අයත් ඉන්නවලු නේද?
    සමහරු ඔහු මගේ සැමියා බව දැන දැනම පුතාද කියලා අහද්දී නම් මට තරහා යනවා. එතකොට මම කියනවා ඔව් ලොකු පුතා. හැබැයි මට වඩා අවුරුදු 3කට කලින් ඉපදුණේ කියලා. දැන දැන බොරු අහනවා. සුජීවගේ පෙනුම ඔහුගේ වාසනාවට හිමිවූ දෙයක්. හැමදාම ඔහු එක වගේ. වියපත් වන පෙනුමක් ඔහුට නෑ. නමුත් මම ඊටත් වඩා වාසනාවන්තයි.

    ඒ කිව්වේ?
    මට මගේ හැකියාව ගැන ආඩම්බරයි. මගේ වයසට කොහෙත්ම නොගැළපෙන අවුරුදු 80, 85 වයසක චරිත පවා මට රඟපාන්න ලැබිලා තියෙනවා.

    විදේශීය කාන්තාවකුත් සුජීව ඔබේ පුතාද කියලා ඇහුවාලු නේද?
    ඔව්. ගුවන්තොටුපොළකදී ගුවන් ගමන් බලපත්‍ර දෙකත් අතේ තියාගෙනම එහෙම ඇහුවේ. ඇයට අයිතියක් නෑ එහෙම අහන්න. මට හිතුණා ඇයි ‘පොට්ටද’ කියලා අහන්නත්. ඒ කාන්තාවත් හොඳටම බය වුණා. ඒ මම යම් නීතිමය පියවරක් ගනීවි කියලා. ශ්‍රී ලාංකික අපි ඒතරම් පහත් මට්ටමට වැටිලා නෑ. නමුත් අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවානේ, නානවා කියලා දැක දැක අහනවා නානවද කියලා. කනවා කියලා දැක දැක අහනවා කනවද කියලා. ඒ වගේ සැමියා බව දැන දැන අහනවා පුතාද කියලා. ඔන්න ඕවට තමයි කුණුහරුප කියන්නේ.

  • රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ (01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා.

    ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා ඇති බවයි.

    යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් කොට නොතිබීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් බව ජනතාව පැවසුවා.

    කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසට ජනතාව ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

  • අම්පාරේ තිබුනේ වඳ පෙති ඔප්පු කළොත් රුපියල් මිලියනයක තෑග්ගක්! දිනාගන්නේ මෙහෙමයි….

    අම්පාරේ තිබුනේ වඳ පෙති ඔප්පු කළොත් රුපියල් මිලියනයක තෑග්ගක්! දිනාගන්නේ මෙහෙමයි….

    මුස්ලිම්වරයකු විසින් අළෙවි කරනලද ආහාර හෝ රෙදිවල ප්‍රතිසන්ධිරෝධක (ගැබිගැනීම වලකන) ද්‍රව්‍ය ඇති බව ඔප්පු කරන්නේනම්, එම තැනැත්තාට තමන් රුපියල් මිලියනයක් ලබාදෙන බව, මොහොමඩ් නදිමුජීන් නම් මහාචාර්යවරයා ෆේස් බුක්හි සටහනක් තබමින් පවසනවා.

    ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වනවා.

    වඳ පෙති යනුවෙන් ඔහු තබනලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා. 

     

  • මැදින් පුර පසළොස්වක පෝයට පන්සල් යන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

    මැදින් පුර පසළොස්වක පෝයට පන්සල් යන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

    සිය නෑදෑ හිතමිතුරන්ට කෘතගුණ සැලකීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ඡන්ම වන කිඹුල්වත්පුරයට  වැඩම කළ මැදින් පුන් පෝහොය දිනය අදයි. එසේම  ශාක්‍යයන්ගේ මානය බිද හෙලීමට යමාමහ පෙළහර පෑම, කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම, යසෝධරා දේවිය උදෙසා චන්න කින්නර ජාතකය දේශනා කිරීම,රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් බුදුන් වහන්සේගේ කිඹුල්වත්පුරයට වැඩමවීමත් සමඟ සිදුවුනා.

    උතුම් වූ මැදින් පොහොය නිමිති කරගනිමින් අද දවසේ දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල දාන,ශීල,භාවනා පැවැත්වෙන්නේ සැදැහැති සිත් සනසාලමින්. කෙසේ නමුත් අද දවසේ පන්සල් යන්න සූදානම් වෙලා හැමදෙනාටම පන්සල් යන්න කලින් මේ දේවල් ගැනත් දැනගෙන ගියොත් හැමදෙනාගෙම ගෞරවය ලබන්න පුලුවන්.

    බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විහාරස්ථානය හා සම්බන්ධකම් පැවැත්විය යුතුයි. විහාරස්ථානය සමඟ සබඳකම් පැවැත්වීමට නම් අප නිරතුරුවම විහාරස්ථානයට යා යුතු වෙනවා. අතීතයේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි, සංකල්පය බිහි වුණේ ගම් වැසියන් නිරතුරුවම විහාරස්ථානය නැත්නම් පන්සල හා සමඟ තම සියලු කටයුතු සිදුකළ නිසයි. එහෙත් අද අප ඇත්තටම පන්සල් යන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැති බවක් ඇතැම්විට පෙනෙන්නට තිබෙනවා. පන්සලේ දී කළ යුතු වත් පිළිවෙත් පවා ඇතැම් විට හරියාකාරව දන්නේ නැහැ. සැබෑ බෞද්ධයකු නම් ‘පන්සල් යනවා’ කියන අදහස මනසට කා වදින කොටම ඒ පුද්ගලයා තුළ පන්සලේ තිබෙන පිරිසුදුකම තමන්ගේ සිතට කා වදිනවා.

    ඒ පිරිසුදු මනසක් සහ පිරිසුදු ශරීරයක් පන්සල් යන මොහොතටවත් තමන් සතු විය යුතුයි යන්න තේරුම් ගත යුතුයි. ඒ නිසා පන්සල් යන විට තමන්ගේ ශරීරය පිරිසුදු කර ගත යුතුයි. දෝවනය කළ යුතුයි. එමෙන්ම අඳින පලඳින දේ චාම් සරල විය යුතු යි. අප පන්සල කියන අර්ථය ගන්න තැන්හිදී ‘පණ්ණසාලා’ යන්න ගැන මෙහිදී සිහි කළ යුතු වෙනවා. පිදුරු ආදී දේ සෙවිලි කර ගනිමින් ඉතා ඈත අතීතයේ දී භික්‍ෂූන්ගේ වාසස්ථානය තමයි පන්සල බවට පත් වී තිබෙන්නේ.

    මේ පන්සලක නම සම්බන්ධව නවීන විග්‍රයකුත් තියෙනවා. ඒ සම්බන්ධවත් අප සලකා බැලිය යුතු වෙනවා.

    ‘පන්සල’ යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ අපේ ඉන්ද්‍රියයන් 5කින් ගනු ලබන මනසත් සමඟ ක්‍රියා කරනු ලබන දේ අත්හරින තැන ඔවුන් ‘පන්සල’ නමින් හඳුන්වනවා. සිතට සම්බන්ධ වූ ඇස, කනට සම්බන්ධ වූ සිත, නාසයට සම්බන්ධ වූ සිත, දිවට සම්බන්ධ වූ සිත, ශරීරයට සම්බන්ධ වූ සිත ආදී මේ සිතත් එක්ක සම්බන්ධ මේ පංචේන්ද්‍රියයන්ගෙන් ගෝචර කර ගන්නා දේ අත් හරින නැත්නම් හලන තැන ‘සල’ නමින් හඳුන්වනවා.

    පංචේන්ද්‍රියන් නිසා ‘පන්’ සහ අත් හරිනු ලබන නිසා ‘සල’ එකතු වී එයට ‘පන්සල’ යන අරුත දෙනවා. එම නිසා ඒ ස්ථානයට යන විට ඇස පිනවන දේ, නාසය පිනවන දේ, දිව පිනවන දේ, ශරීරය පිනවන දේ, සිත පිනවන දේ ඇසුරු කිරීමෙන් අප වළකිනවා. මේ නිසා අපගේ ඇඳුම ද එම ස්ථානයට සුදුසු පරිදි යොදා ගත යුතුයි. අප ඇඳුම පැලඳුම භාවිතා කළ යුත්තේ එය සිත්හි තබාගෙනයි.

    යම් කෙනෙකුගේ සිතට පිරිසුදුකම පිරිය ඇති කරන සහ චාම් පාට වන්නේ සුදු පැහැයයි. සුදු පැහැය පිරිසුදුකමත් සංවර බවත් ඇති කරනවා. ඒ නිසා ලෝකයේ බොහෝ ආගමිකයන් බොහෝ දුරට සුදු ඇඳීම ඉහළින් සලකනවා. බොහෝ දෙනා මේ චාම් බව අගයනවා. මේ නිසා එම ඇගැයීම උදෙසා ඊට උචිත ඇඳුමකින් ඔබ සැරසිය යුතුයි. මේ නිසා සුදු වත ම ඒ සඳහා අවශ්‍යයි.

    විශේෂයෙන් විවාහක කාන්තාව ඔසරිය අඳිනවානම් එය වඩාත් අගේ කළ හැකියි. මුළු රටේම කාන්තාවගේ ඇඳුම විය යුත්තේ ඔසරියයි. එය චාම් මෙන්ම හැඩකාරයි. පන්සලට පැමිණෙන කාන්තාවන් සියලු දෙනාම සුදුපැහැති ඔසරියකින් සැරසෙනවා නම් කොයිතරම් ලස්සනද? අද වෙලා තියෙන්නේ ඇතැම්විට මොනවා හරි සාය කෑල්ලක් හැට්ට කෑල්ලක් ඇඳගෙන යන එකයි.

    මෙය අප රූපලාවන්‍ය අංශයෙන් ද සොයා බැලිය යුතු වෙනවා. අත්තෙන්ම සාරිය ඔසරිය අඳින කාන්තාවන්ගේ උදර ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම අඩුයි. සායක් හෝ මොනවා හෝ ඇඳගෙන යන අයගේ උදරය ඉදිරියට නෙරා ඒම වැඩියි. අප ගුරු පුහුණු ආයතනයකට ධර්ම දේශනා පිණිස ගිය විට බොහෝ දුරට දකින්න ලැබෙන්නෙ සුදු ඔසරියකින් සැරසී ඉන්න කාන්තාවන් පිරිසක්. චාම් බව වගේම දැකුම්කලු බවක් එතැන තියෙනවා. ඒ වගේම අප යනවා හෙදියන් සිටින ස්ථානයක ධර්ම දේශනාවකට. එතැන ඇත්තටම කලින් තැනට වඩා අප වෙනසක් දකිනවා. ඔසරිය වලව්වේ හාමිනේගෙ ළමා තැනීගේ නැත්නම් උඩරට කාන්තාවගේ ඇඳුමක් පමණක් නෙමෙයි, එය හැම කාන්තාවක්ම ඔසරියෙන් සැරසී එනවානම් එය අපේ අනන්‍යතාව පෙන්වීමක් වනවා. පිරිමියා ද චාම් ඇඳුමකින් සැරසිය යුතු වනවා. අප හැම දෙනාටම හැකියාව තියෙන්න ඕන ජාතික ඇඳුමක් ඇඳගෙන යන්න. බුදු දහමේ පිළිවෙළ ඉතා අගය කරන දෙයක්. අපට හැකියාව තිබෙනවා එය කරන්න. නමුත් අපට වුවමනාවක් නැහැ. සමහර විට කඩේ යන ගමන්ම තමයි පන්සලේ පින්කමටත් එන්නෙ. ව්‍යාපාරයට යන ගමන්ම තමයි එතෙන්ට එන්නේ.

    ආගමික කටයුත්තකට සහභාගි වෙනකොට ඒ සඳහා උචිත ඇඳුම අනිවාර්යය වෙනවා. එමෙන්ම පන්සලට ඇතුළු වෙනකොට අප පාවහන් ගැලවීම ඉතා වැදගත් වනවා. මෙය ගෞරවයටත් වඩා අප සිත්හි තබා ගත යුතු වැදගත් කරුණක්. ‘විහාරස්ථානයට එනකොට ගිහි ගෙදරින් දූවිල්ලවත් ගෙන එන්නේ නැහැ’ යන සිතිවිල්ලයි මෙහි දී මුල් වන්නේ. ඒවා අපිරිසුදුයි කියලා. ඒ නිසා එතෙක් දාගෙන ආ පාවහන් හිස් වැසුම් ගලවා දමා ආගමික ආයතනයට ඇතුළු වෙනවා.

    එමෙන්ම ආගමික ආයතනයෙන් එළියට යන විට අප හොඳට කකුල් දෙක ගසලා තමයි යන්නේ. පන්සලේ තියෙන දූවිල්ලවත් ගිහි ගෙදරට ගෙන යන්නේ නැහැ. පන්සලේ තියෙන දේ ගෙදර රැගෙන නොයන චේතනාවයි එතෙන්ට මුල් වන්නේ. පන්සලට පමණක් නොවෙයි කුමන ස්ථානයට ගියත් පළමුව එහි අයිතිකරුවන්, හිමිකරුවන්, බාරකරුවන් හමුවීම අපේ සිරිතක්. එම නිසා පළමුව විහාරස්ථානයේ නායක හාමුදුරුවන් නැත්නම් පොඩි හාමුදුරුවන් හෝ හමු වී කතා කළ යුතු වෙනවා. නමුත් අද බොහෝ දෙනා පළමුව මල් ටික අරගෙන තෙල් අරගෙන සෘජුවම ගමන් කරන්නෙ චෛත්‍යය ළඟට. පන්සලේ ඉන්නේ කවුද කියලවත් හොයා බලන්නේ නැහැ. හරියට තමන්ගෙ අයිතියක් වගේ යන්නේ. බෝධි පූජාවක් තියන්න ඕන වුණහම තමයි ගිහින් පොඩි හාමුදුරුවන්ට කතා කරන්නෙ. පිරිකරක් පූජා භාණ්ඩයක් නැත්නම් අඩුම වශයෙන් වැඳ නමස්කාර කරන්නවත් ඕනෑ.

    එතෙන්ට ගිහිල්ල පහන් වැටිවලට තෙල් දාලා එනවට වැඩිය හොඳයි තමන්ම පහන් ,පොල්තෙල්, පහන් තිර අරගෙන යනවනම්. අද හුඟක් දුරට වෙන්නෙ තෙල් ටික අරගෙන යනවා. අරගෙන ගිහින් නිවිච්ච පහනකින් තිර අරගෙන හාමුදුරුවන්ගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලගෙන තමයි පහන් පත්තු කරන්නේ. තවත් කෙනෙක් හංගපු තෙල් ටිකක් තියෙනවනම් ඒක අරගෙන වඳින එක නෙමෙයි අප කළ යුත්තෙ. මුළු පහන් දැල්වීමේම ඔබ කොටස් කරුවෙක් විය යුතුයි.

    එක පසළොස්වක පොහෝ දිනක ඒ විදිහට පහන් සීයක් දල්වනවානම් පහන් අසූ හාරදාහක් පහන් පත්තු කරන පින්කමේ උත්සාහය දක්වා යන්න අපට යම් හැකියාවක් ඇති වෙයි. එක පසළොස්වකට පහන් සීයක් ඒ විදිහට දැල්වුවහොත් වසරකට පහන් 1200 ක් දල්වන්න පුළුවන්. අවුරුදු 10 කට අපට දල්වන්න පුළුවන් පහන් 12000 පමණයි. මේ නිසා අඩුම වශයෙන් පහන් 84000 ක් දල්වන්න බැරිවුණත් යම් අධිෂ්ඨානයක් ඇති කරගන්න ඒ අභියෝගය කරා යන්න.

    තමන් යන වාහනේ පොල්තෙල් ටිකක්, පහන් තිර ටිකක් තියා ගන්න. අඩුම වශයෙන් ගමනක් යන ගමන් හෝ එතැන්ට ගොඩවෙලා එතැන පහන් පත්තු කර යන්න පුළුවන්. එවිට අඩුම වශයෙන් පහන් 50000 කට කිට්ටු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්.

    අප කොහොමද මල් වට්ටියක් සකසා ගන්නේ. මල් පිළිවෙළින් සකසලා පැන් ඉස එය මනා ගෞරවයෙන් සකසා ගත යුතු වනවා. හඳුන්කූරු දල්වන්නේ සුවඳ වහනය කරන්නයි. එය ගිනිමැලයක් වගේ පොකුරට පත්තු කරන්න එපා. හඳුන්කූරු විහිදෙන පරිදි කිහිපයක් පමණක් දල්වන්න. එවිට ගිනි ගැනීමකට ලක් වෙන්නේ නැහැ. විහාරස්ථානයේ ඊට වෙන් කර ඇති ස්ථානවල පමණක් හඳුන්කූරු දැල්විය යුතුයි.

  • පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

    පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

    පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ.
    මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා සඳහන් කරයි.
  • රටම ගිනි තියපු හමුදා බස් රථ අත්බෝම්බයේ සැකකරු සිද්ධිය ගැන දීපු ප්‍රකාශය මෙන්න…

    රටම ගිනි තියපු හමුදා බස් රථ අත්බෝම්බයේ සැකකරු සිද්ධිය ගැන දීපු ප්‍රකාශය මෙන්න…

    දියතලාව ප‍්‍රදේශයේදී බස් රථයක ඉකුත් දා පුපුරා ගිය අත්බෝම්බය රැගෙන ආ බව කියන හමුදා සාමාජිකයා මේ වනවිට පියවි සිහියට පැමිණෙමින් ඇතැයි රෝහල් ආරංචි පවසනවා.

    තුවාල ලැබූ මෙම හමුදා සාමාජිකයා ප‍්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි.

    පසුව ඔහු බණ්ඩාරවෙල රෝහලට මාරු කෙරුණා.

    තවදුරටත් ඔහු ප‍්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි. කෙසේ වෙතත් ඔහු සිටින තත්ත්වයෙන් ලබා දුන් යම් ප්‍රකාශයක් පොලීසිය විසින් සටහන් කර ගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා.

  • රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..

    රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..

    රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පතුරවා හරිමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

    වෙබ් අඩවියක හා ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ එම ප්‍රචාරය සිදුව ඇති බවයි සංස්ථාව පවසන්නේ. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් එම අසත්‍ය ප්‍රචාර පතුරවනු ඇති බවයි සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ.

    කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතින බැවින් මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

    අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව පවසනවා.

  • සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි.! උපන්දින සාදයට මොණරෙකුත් එයි.!

    සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි.! උපන්දින සාදයට මොණරෙකුත් එයි.!

    පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා. ඒ උන්වහන්සේ වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.

    සතියක කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා  ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර තිබෙනවා.

    ඉතා උත්සවාකාරයෙන් සැමරූ සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අාශ්‍රමය ඉතා උත්සවාකාරයෙන් සරසා ඇති ආකාරයද දැක ගන්නට පුළුවන්ත එසේම එහිදී නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර පිංකම් මාලාව තුල අධ්‍යාත්මික ගී දැහැන නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා තිබෙනවා. එසේම මෙම පිංකම සඳහා තිස්ස අත්තනායක මහතාද ඇතුළු ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී තිබීම විශේෂත්වයක්.

    සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය නියෝජනය කරමින් ශ්‍යාමෝපලික වංශික මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන්, මල්වතු මහා විහාරිය අතිගරු දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන්, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර තැම්පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යය දර්ශනපති ගෞරවාර්හ වැලිවිට සෝරත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම නායක මාහිමිපාණන් වහන්සේ,  ඇතුළු ත්‍රයි නිකායික ස්වාමීන් වහන්සේලා 120 නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක්ද පිළිගන්වා තිබෙනවා.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • රෑ 11ට මක්කම පල්ලියේ බුරුවා ගහපු කතුන්ට වෙච්ච දේ මෙන්න…

    රෑ 11ට මක්කම පල්ලියේ බුරුවා ගහපු කතුන්ට වෙච්ච දේ මෙන්න…

    මක්කම නුවර පිහිටා ඇති ශුද්ධ වු පල්ලිය තුල රාත්‍රී 11ට පමණ කාඩ් ක්‍රිඩාවේ නිරතවන කාන්තාවන් හතර දෙනෙකුගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රචාරය වීමත් සමගම මහත් කතාබහක් ඇති වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

    පල්ලිය තුල යාච්ඥා කටයුතු කිරීමට පැමිණ සිටි පිරිසකගෙන් එල්ල වු බලපෑම් හේතුවෙන් බලධාරීන් පැමිණ කාන්තාවන්ට අවවාද කර ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    පල්ලිය තුල මෙවැනි සිද්ධියක් ඇතිවීමට ඉඩදී නිහඩව බලා සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවඅවට රැස්ව සිටි පිරිස් ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වාර්තා කළේය.

    සමාජ ජාල පරිශිලකයින් දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් සිය අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්ත වේ.

    “කාන්තාවන් හතර දෙනාට මම කිව්වා ශුද්ධ වු ස්ථානයක ක්‍රීඩා කරන එක නතර කරලා පිටවෙලා යන්න කියලා’’ යනුවෙන් පල්ලියේ ප්‍රධානිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.


  • මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

    මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

    රහතන්වහන්සේ නමකගේ යැයි සැක කෙරෙන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක්විසින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
    පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇතැයි සඳහන්.
    එම ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බවයි කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව  දියසේන හිමියන් පවසා ඇත්තේ.
    පාත්‍රය අතැතිව අහස දෙස බලා සිටින රහතන්වහන්සේ නමක් මින් පිලිඹිඹු වෙයි.
  • අද දහවල් වන තෙක් වසා තැබෙන කොළඹ මාර්ග මෙන්න….

    අද දහවල් වන තෙක් වසා තැබෙන කොළඹ මාර්ග මෙන්න….

    කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අද (25) සීමා කෙරෙනවා.

    ඒ, කොළඹ කොටුව, කොල්ලූපිටිය හා බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප‍්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩා තරගාවලියක් හේතුවෙන්. 

    ඒ අනුව අලුය5.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලූ මුවදොර මැද පාර, ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලූපිටිය දුම්රියපොළ මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

    එම මාර්ග වෙනුවට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. 

  • කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

    කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

    කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරිම ලබන 26 වනදා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    එම කාර්යාංශය සඳහන් කළේ අයදුම්පත් නිකුත් කිරිම ලබන මාර්තු මස 02 වනදායින් අවසන් වන බවයි.

    අදාළ අයදුම්පත් නිකුත් කිරිම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18කදී පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ සිදු කරන බව සඳහන්ය.

    ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණැගල, මහනුවර, රත්නපුර, වව්නියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, තංගල්ල, සහන පියස, පන්නිපිටිය යන ප්‍රදේශවල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන මගින් ලබා ගත හැකි වේ.

    මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පරිඝණක ආශ්‍රිතව පැවැත්වෙන අතර මෙවර විභාගය මගින් නිෂ්පාදන සහ ඉදිකිරිම් යන රැකියා ක්ෂේත්‍ර සඳහා පුද්ගලයින් තෝරා ගනු ලබන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    ඉදිරිකිරිම් ක්ෂේත්‍ර සඳහා වන තරඟ විභාගය මාර්තු මස 19 වනදා සිට මැයි මස 04 වන දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා වන විභාගය මැයි 25 වනදා සිට ඔක්තෝබර් 05 දක්වා පැවැත්වෙන බව එම කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේය.