Category: සුපිරි Walks

  • පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

    පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වැනි දා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    එදින පස්වරු 03.00ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියෝ ප්‍රකාශ කළහ.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ  අපවත් වනවිට 80 වියේ පසු විය.

    අද පස්වරු 03.00ට නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහර පේරාදෙනිය ශ්‍රී සාරානන්ද පිරිවෙන බලා නික්මෙන අතර, හෙට (21) උදෑසන දේහය අනුරාධපුරයේ ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත වැඩම කරවනු ලබයි.

  • මොරගහකන්දේ නිල් දියවරේ පිහිටෙන් වියලි කාලගුණය පරදා පැරකුම් සයුර වාන් මට්ටමට..!

    මොරගහකන්දේ නිල් දියවරේ පිහිටෙන් වියලි කාලගුණය පරදා පැරකුම් සයුර වාන් මට්ටමට..!

    වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි.

    පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් පවතින බවත් වාන් දොරටු විවෘත කිරිම සඳහා අක්කර අඩි එක් ලක්ෂ දාහත්දාහක් තිබිය යුතුය. මේ වන විට දිනකට වැවෙන් තප්පරයට ඝණ අඩි 200 ක් මුදාහරින අතර දිනකට පරාක‍්‍රම සමුද්‍රයට ඇළහැරින් තප්පරයට ඝණ අඩි 200 ක් සහ කලුගගෙන් තප්පරයට ඝණ අඩි 500 ක් වැවට ජලය ලැබෙන බව කියයි.

    ඉදිරි යල් කන්නය සඳහා කිසිදු බාධාවකින් තොරව පරාක‍්‍රම සමුදුයේ කන්න වගා කිරිමට හැකියාව ඇති බවත් මින්නේරිය ගිරිතලේ සහ කවුඩුල්ල වැව් සඳහා ඉදිරියෙදි වර්ෂාව ලැබුනොත් වැව් පිරවිය හැකි බව ඒ මහතා කීය.

    වර්ෂාව නොලැබුණත් මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනිමේ හැකියාව ඇති බැවින් ඉදිරි යල් කන්නයේ ජල හිගයකින් තොරව ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට හැකියාව ඇති බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා වැඩිදුරටත් කිය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිපලයක් වන මොරගහකන්ද මහා ජලාශය මගින් ගොවි ජනතාවට සෙත සලසන්නට මෙතරම් ඉක්මනින් හැකියාව ලැබීම සැබවින්ම ජනතාවගේ ජයග්‍රහණයකි…

  • “ඔබත් හැඳුනුම්පත් සෑදුවාද ? එසේ නම් ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ” – හෙලිදරවුව මෙන්න..

    “ඔබත් හැඳුනුම්පත් සෑදුවාද ? එසේ නම් ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ” – හෙලිදරවුව මෙන්න..

    රාජ්‍ය ආයතනයක නොසැලිකිලිමත්බව නිසා මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැකි අවස්තාවක් පිළිබදව සුපිරි ගොසිප් අපට වාර්තා වෙනවා.

    ඒ මහජනතාව හැදුනුම්පත් ආදි ලේඛන සාදා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන ඡායාරූප , උප්පැන්න සහතික ආදීය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ අනාරක්ෂිත ලෙස තැන්පත් කිරීම හේතුවෙන්.

    මෙම ලිපි ලේඛන එම ආපන ශාලාවට පැමිණෙන ඕනෑම අයෙකුට ලබා ගත හැකි වන අයු‍රින් ගබඩා කර තැබීම නිසා. උප්පැන්න සහතික , ග්‍රාම සේව සහතික , පොලිස් සහතික හා ඡායාරූප ඇතුලු ලියකිවිලි මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන අතර එම ලියකියවිලි පුද්ගලයෙකුගේ පෞද්ගලික ලිපි ලේඛන නිසා ඒවා අස්ථානගත වීම පෞද්ගලිකත්වයට බලපාන ගැටලුවක් විය හැකියි.

    එම ආපනශාලාවේ ලිපිලේඛන තැන්පත් කර තිබෙන අයුරු,

    මේ පිළිබදව සමාජජාලා ක්‍රියාකාරීන් පිරිසක් සකස් කළ විඩීයෝව පහතින් ,

  • හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

    දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති.

    අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇත්තේ එම පිරිස තමන්ට ඉපැයිය හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවයි. එසේ උපයා ඇත්තේ අල්ලස් ලබා ගනිමින්, දූෂණවල යෙදෙමින් බව සඳහන් වෙයි.

    අල්ලස් කොමිසම එසේ ලැබුණ පැමිණිලි පරීක්ෂාවට ලක්කර එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කර අදාළ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගනිමින් අවසානයේ ඒ සියලු ආදායම් ඉපැයූ ආකාරය පිළිබඳ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් එම වත්කම් ඉපැයූ ආකාරය හෙළිදරව් කිරීමට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

    එහෙත් ලක්ෂ, කෝටි ගණනින් ඉපැයූ එම ධනය පිළිබඳ අල්ලස් කොමිසමට පිළිගත හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් කර නොමැත.

  • “පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ” – රාමඤ්ඤ නිකායේ මහානායක මහනාහිමි

    “පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ” – රාමඤ්ඤ නිකායේ මහානායක මහනාහිමි

    ගෙට ගිනි ගත් පසු ළිඳ හාරා ඵලක් නොවන නිසා මේ අවස්ථාවේ සියලු දේශපාලන නායකයින් එක්ව ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා කටයුතු කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි මහනාහිමියන් පවසනවා.

    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ සඳහන් කළේ,

    අර කතාවක් තියනවා ආපදාවක් එන්න ප්‍රථම සිතන්න ඕනෙ කියලා. ගෙට ගිනි ගන්න පෙර ළිඳ හාරා ගන්න ඕනෙ. ගෙට ගිනි ගත්තට පසුව ළිඳ හාරලා වැඩක් නැහැ. ඒ නිසා දැන් රටේ ජනතාව වික්ෂිප්තව සිටින බව පේනවා. දැන් ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා සියලු දේශපාලන නායකයින් සෑම දෙනාම සිතට ගෙන කටයුතු කළ යුතුයි.

    පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ කියලා උපමාවක් තිබෙනවා. පරිත්‍යාගයක් කිරීමේ ප්‍රතිඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. ඒ වගේම අනෙක් ආගමික නායකවරුන්ගේ  ජීවිත කතා දෙස බැලූ විට ඒ අයත් පූජ්‍යත්වයට පත්ව තිබෙන්නේ ඒ පරිත්‍යාගය නිසයි. අද අප රටේ නායකයින් දෙස බැලූ විටත් පෙනී යන්නේ මේ නායකයින් පරිත්‍යාගය කරන්න උත්සාහවන්ත විය යුතුයි කියන එකයි.

    පසුගිය ඡන්ද ප්‍රතිඵල දෙස බැලූවිට ජනතාව යම් යම් අදහසක් දක්වා තිබෙන බව පැහැදිලියි. නමුත් අද වන විට ජනතාව නිශ්ශබ්දතාවයෙන් සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අනාගතයේ සුබ ලකුණක් රට තුළ පෙනෙන්නටවත් නැහැ. එය ඇති කරගැනීමට අපේ පාලන පක්ෂයත් අනෙක් සෑම දෙනාත් ඉතා හැඟීමෙන් යුතුව කටයුතු කරන්න ඕනෙ.  පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා පිළිබඳ හැඟීමෙන් ජනතාව කටයුතු කර තිබෙන බව පේනවා. ඒ නිසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා සාකච්ඡා කර රටේ ජනතාවගේ සිත් සතන් ප්‍රබෝධමත් වන ආකාරයට වැඩ කටයුතු කිරීම ඉතා වැදගත්. ජනතාව රටේ ඒකීය භාවය පිළිබඳ හැඟීමක් ඇතිව කටයුතු කරන බවක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා සියලු පාලකයින් දූරදර්ශීව  කටයුතු කළ යුතුයි.

  • “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    නවක රංගන ශිල්පිණි නයනතාරා වික්‍රමආරච්චි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලා කටයුතු පිළිබදව හෙළිකර තිබුණා. එම සංවාදය පහතින් ,
     

    නයනතාරා හා හා පුරා කියලා මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

    ඔව්. ‘එක දවසක අපි’ කියන්නේ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය. ඒක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් වීමත් වෙනම අත්දැකීමක්.

    පුංචි තිරයේ පෙනී ඉඳපු නයනතාරා සිනමාවට ආවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

    මාව පුංචි තිරයේදී දැක්කේ දඟකාර, කටකාර, පාසල් වයසේ ඉන්න චරිතයක් විදියට. ඉතින් ‘එක දවසක අපි’ චිත්‍රපටයේදී මගේ වෙනස ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මාව ගොඩක් ඇගයුවා.

    සිනමාවේදී පුබුදුගේ ආදරේ නයනතාරාට කොහොමද දැනුණේ?

    ඇත්තටම පුබුදු අයියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. එයා සිනමාවේ කාලයක් ඉඳලා වැඩ කරන කෙනෙක්. එයාගේ සහාය නොලැබුණා නම් මට මගේ චරිතය තුළ සාර්ථක වෙන්න බැහැ.

    ඒ කියන්නේ පුබුදු හොඳ ප්‍රේමවන්තයෙක්?

    ඔව්. පුබුදු අයියා හොඳ පෙම්වතෙක්.

    අනුරුද්ධ ජයසිංහ වැනි අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න නයනතාරාට පහසු වුණාද?

    ඔව්. ඔහු අපේ චරිත ඇතුළේ නිදහස් වටපිටාවක් හදලා දුන්නා. ඒ වගේම මේ නිර්මාණය තුළ හැමෝම අතර හොඳ සන්නිවේදනයක් තිබුණා. චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ හැමදේම බලපෑවා.

    පාරමී ආදරයෙදි අන්ධ වෙන චරිතයක්. නයනතාරාත් ආදරේදී අන්ධ වුණ කෙනෙක්ද?

    අම්මෝ නැහැ.

    හැබැයි ආදර කතාවක් නයනතාරගේ ජීවිතයෙත් ඇති?

    එහෙම ආදර කතාවක් තාම නැහැ. නිසි වයස ආවම ඒ වගේ ආදර කතාවක් පටන් ගනියි.

    ආරංචි විදියට තරුණයෝ නයනතාරා වටේ කැරකෙනවා වැඩියිලු?

    පිරිමි ළමයිනේ ඉතින්. එයාලා එහෙම තමයි. පව්නේ ඉතින් එයාලා. පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න. මටත් පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලගේ හිතේ වෙන අදහසක් තිබ්බත් වැඩක් නෑ. මම යාළුකම් තියා ගන්න අය එක්ක වෙන අදහසකින් ඉන්නේ නෑ.

    ක්ෂේත්‍රයේ කෙනෙක් නයනතාරාගේ හිත ඉල්ලුවොත්?

    ක්ෂේත්‍රයේ කෙනෙක්ද පිට කෙනෙක්ද කියන එක ගැන මම හිතන්නේ නෑ. හොඳ අනන්‍යතාවක් තියෙන, හොඳ කොලිටි එකක් තියෙන කෙනෙක් නම් සලකා බලනවා.

    නයනතාරාගේ 20 වැනි උපන්දිනය සමරපු විදියත් ගොඩක් අයගේ කතාබහට ලක්වුණා?

    ඔව්. මගේ ෆේස්බුක් යාළුවෙක් පොළොන්නරුවේ ආබාධිත මධ්‍යස්ථානයකට ගිහින් වීඩියෝවක් කරලා තිබ්බා. මම එදාම හිතුවා මගේ 20 වැනි උපන්දිනය සමරන්නේ එතැන කියලා. ඉතින් මම ඒ මධ්‍යස්ථානයට ගිහින් මගේ උපන්දිනය සැමරුවා. ගෙදර උපන්දිනය සමරනවට වඩා ඒ ළමයි එක්ක කතා කරලා, එයාලා එක්ක විනෝද වෙලා සමරපු උපන්දිනය මට වටිනවා. ඉතින් ඒක දැකලා ගොඩක් අය එතැනට දාන දෙන්න මගෙන් දුරකතන අංක ඉල්ලා ගත්තා.

    අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

    ආයේ මෙගාවලට සම්බන්ධ වෙන්නේ නෑ. චන්න පෙරේරාගේ කොටස් 50ක විතර නාට්‍යයකට සම්බන්ධ වුණා. ‘මා’ සහ ‘සිනෙ මා’ චිත්‍රපට දෙකටත් සම්බන්ධ වුණා.

    දැන් නයනතාරා සිනමාවට මුල් තැන දෙයිද?

    මම සිනමාවට කැමැතියි. ඒ නිසා සිනමාවට මූලිකත්වය දෙනවා. එහෙම වුණාට ටෙලි නාට්‍ය අතහරින්නේ නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන්ට ළං වුණේ ටෙලි නාට්‍යයෙන්. ටෙලි නාට්‍ය කියන්නේ ක්ෂේත්‍රයට එන අයට හොඳ අඩිතාලමක්. හොඳ දෙයක් කරලා ගියත් කමක් නෑ.

    ඒ කියන්නේ නයනතාරා ක්ෂේත්‍රයෙන් යයිද?

    නෑ නෑ. එහෙම යන්නේ නැහැ. හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයෝ අතර රැඳෙන්න මම කැමැතියි. නිදහස් පරිසරයක් ඇතුළේ හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.

     

  • සයිටම් ගැටලුව විසඳීමට ඒකාබද්ධ යෝජනා මාලාවක් අද ජනපතිට….

    සයිටම් ගැටලුව විසඳීමට ඒකාබද්ධ යෝජනා මාලාවක් අද ජනපතිට….

    මාලබේ සයිටම් ගැටලුව විසඳීම සඳහා වන යෝජනා මාලාවක් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත අද  (20) බාරදීමට නියමිතය. 

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය, මාලබේ වෛද්‍ය වීද්‍යාලීය දෙමාපිය සංසදය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒකාබද්ධව එම සංදේශය බාර දෙන බව සංවිධායකයෝ පැවසූහ.

    සයිටම් අර්බුදය නිසා අගතියට පත් ප්‍රධාන පාර්ශ්වයන් බවට සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් පත්ව තිබෙන අතර ඔවූන්ට සාධාරණයක් ඉටුවිය යුතුබවද ඔවූහූ කීහ.

  • රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

    රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

    රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී තිබෙනවා.

    කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වූ බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

    අපවත් වන විට උන්වහන්සේ 80 හැවිරිදි වියේ පසුවුණා.

  • ජාතික කොඩිය ගැන කියු කතාවත් එක්ක චිත්‍රාල් සෝමපාලට එරෙහිව බුකිය ඇවිලුණු හැටි මෙන්න

    ජාතික කොඩිය ගැන කියු කතාවත් එක්ක චිත්‍රාල් සෝමපාලට එරෙහිව බුකිය ඇවිලුණු හැටි මෙන්න

    නව පරපුරේ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා. එහිදි චිත්‍රාල් සෝමපාල පවසා තිබුනේ රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන මේ රටේ මිනිසුන් කාලය හා දැනුම විනාශ කරමින් සිටින බවයි. 

    චිත්‍රාල් සිය ගිණුමේ තැබු සටහන පහතින් ,

     


    කෙසේ වෙතත්ග් පසුව මෙම සටහ්‍යන චිත්‍රාල් විසින් ඉවත් කර ගෙන තිබු අතර සමාජජාලා මාධ්‍ය වලින් ඔහුගේ මෙම ප්‍රකාශයට දැඩි ප්‍රතිරෝධයක් එල්ලව තිබුණා. එවැනි නිර්මාණ කිහිපයක් පහතින් ,





  • දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

    දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

    පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ. 
    සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි.දැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු පවසති.
  • ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

    ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

    රාජකීය අවශ්‍යතා සඳහා යොදාගත් මීට වසර 800කට පෙර යුගයේ ‍ශෛලමය ජල බේසම් පිළිබඳව වූ එකම සාක්ෂිය මෙසේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳදමා විනාශ කිරීම අති මහත් කණගාටුවට කරුණකි.මෙම ජල බේසම අනාරක්ෂිත තත්වයක තිබෙන බවට පසුගිය කාලය පුරාවට නොයෙක් පුවත් පත් සහ වෙබ් අඩවි වාර්ථා කර තිබුණත් මෙය විනාශ වනතුරු මධ්‍යම සංස්කෘතික අරමුද‍ලලේ නිළධාරීන් හා පුරාවිද්‍යා නිළධාරීන් නිදා සිටීම කණාටුවකි.
    රාජකීය උද්‍යානය තුළ මෙවැනි ජල බේසමක් දක්නට ලැබෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් තාම හෙළිදරව් කරගෙන නොමැති යුගයක මේ අපූරු නිර්මාණය විනාශවීමට ඉඩහැරීම අපේ ඉතිහාසය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක්දැයි සැක කරන බව පොළොන්නරුවේ උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වත්හු කියා සිටී.
    ‍පොළොන්නරුව යුගයට අයත් සේ සැලකෙන මෙම ජල බේසම අඩි පහක් දිග අඩි 4ක් පළල හා අඩි 3ක් උස සියුම් ගල් කැටයමින් අලංකාර කළ ශෛලමය බේසමකි. රාජකීය උද්‍යානයේ කෙළිදෙලෙන් දුව පැන ඇවිදින කුමර කුමරියන් නැහැවීම සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන මෙම ජල බේසම බඳු ජල බේසම් දෙකක් ඇළහැර බුදුරුවගල කුමාර ඇල්ල ප්‍රදේශයේද දැකිය හැකි අතර ඉන් එකක් සම්පූර්ණයෙන් විනාශ කර ඇත.
    මේ පිළිබඳව ලක්බිම පුවත්පත ‍පොළොන්නරුව පුරාවිද්‍යා කලාප භාර නිලධාරිනි තනුජා අමරතුංග මහත්මියගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඓතිහාසික ‍පොළොන්නරුව වටදාගෙය සමීපයේ රාජකීය උද්‍යානයේ පිහිටි මෙම ඉපැරණි ජල බේසම කඩා දමා කියා අපට (17) වාර්තා වුණා. මෙවන් ජල බේසම් කිසිදු තැනක දකින්න නැහැ. කුමාර ඇල්‍ලේ තිබෙන ජල බේසම් හැර. ඒ තරම් වැදගත් හා වටිනා උරුමයක් තමයි මේ කුළුගෙඩියකින් හරි මොකකින් හරි ගහලා කඩලා තියෙන්නේ. අපි මේ ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට වාර්තා කළා. ‍පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ‍පොළොන්නරුව පුරාවිද්‍යා ස්මාරක වලට මේ සිදුවන විනාශකාරී ක්‍රියා නවත්වන්න මැදිහත් වීමක් අවශ්‍යයි යයි පිළිතුරක් ලැබී ඇත.
    කෙසේ වෙතත් ‍පොළොන්නරුවේ ප්‍රදේශවාසීන් කියන්නේ ඊට යාර කිහිපයකට මෙපිට සංස්කෘතික අරමුද‍ලේ මුරකුටියක් පවා තිබියදී මෙසේ ජල බේසම විනාශ කර ඇති බවයි.
  • වියළි කාලගුණය තව දුරටත්

    වියළි කාලගුණය තව දුරටත්

    මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් 23 වන දිනෙන් පසු මෙම තත්ත්වය වෙනස් වී යම් තරමක වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කරයි.

     

     

  • සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21  සිට නැවතත්

    සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21 සිට නැවතත්

    පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලබාදුන් පොරොන්දු වහාම ඉටුකරන ලෙසට වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

    සයිටම් ආයතනය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් දිනය පසු වී දින 50කට අධික කාලයක් මේ වනවිට ගත වී තිබුණත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

  • ජනපති නියමයෙන් සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

    ජනපති නියමයෙන් සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

    ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු 08.50 ට එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වන අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.30 ට එම දුම්රිය යළිත් කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

    මේ අතර, නඩත්තු කටයුතු හේතුවෙන් අද සහ හෙට කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසනවා. කැළණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වලට අමතරව ඒ ආශ‍්‍රිතව ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් දුම්රිය මාර්ගය අදාළ කාලසීමාවේදී වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ අප වෙත කියා සිටියේ.

    ලබන සඳුදා සිට එම මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බවද  අතිරේක දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.

  • විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

    විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

    රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.

    ” පසුගිය පළාත් පාලන මැතිවරණයට දින කිහිපයක්‌ තිබියදී රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා කළ පැහැදිලි කිරීම හා විග්‍රහය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂය කුපිත වී ඇතිවා පමණක්‌ නොව ඔහු බියවැද්දීම සඳහා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනඒමට දරණ උත්සාහය පිළිකුලෙන් යුතුව දූෂණ විරෝධී පෙරමුණ ලෙස හෙළා දකින්නෙමු. පසුගිය පාලන සමයන්හි දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති ණය කන්දරාව පිළිබඳව ඔහු කළ හෙළිදරව් කිරීම රටේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදය කොතරම් ද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයකි. එම පැහැදිලි කිරීම හා විග්‍රහය රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා ණය අර්බුදය පිළිබඳව ඇඟ කිළිපොලා යන විමතිය දනවන විග්‍රහයකි.

    එහිදී රාජපක්‍ෂ පාලන සමය තුළ රට ණය කර ඇති ප්‍රමාණය ඔහු පෙන්වා දුන්නා පමණක්‌ නොව වත්මන් රජය යටතේ ගෙන ඇති ණය ප්‍රමාණය ද ඊට පෙර පාලන සමයන්හි ණය පිළිබඳවත් ගෙවිය යුතු ණය හා පොලී ප්‍රමාණය පිළිබඳවත් ඒකපුද්ගල ණය ප්‍රමාණය පිළිබඳවත් පැහැදිලි කිරීමක්‌ කරනු ලැබූ අතර එම විග්‍රහයේදී රාජපක්‌ෂ පාලන සමයේ ලබාගත් ණය පිළිබඳව ඉදිරිපත් කළ ඉලක්‌කම් වලින් ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කෝපයට පත්ව ඇතිවා පමණක්‌ නොව විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සූදානම් වෙමින් ඇත. රාජපක්‌ෂ පාලන සමයේ ලබාගත් ණය කන්දරාව රට ණය උගුලක සිරවී ඇති ආකාරය පෙන්වාදීම නිසා විගණකාධිපතිවරයා ඔහුගේ ෙද්‍රdaහියෙක්‌ හා සතුරෙක්‌ වී ඇත. මේ විගණකාධිපතිවරයාම මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදුවී ඇති පාඩුව සංඛ්‍යා ලේඛන උපුටා දක්‌වන විට ඔහු එදා වීරයෙක්‌ වූවා පමණක්‌ නොව ඔහුගේ සංඛ්‍යා ලේඛන උපුටා දක්‌වන්නට ඒකාබද්ධ විපක්‌ෂය කටයුතු කරන ලදි.

    ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට දිවට හා කටට ප්‍රතිපත්තියක්‌ නැති බව මෙම විශ්වාසභංග යෝජනාවෙන් පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය සමග ඒකාබද්ධ විපක්‌ෂය මෙම විශ්වාසභංගය හරහා රජයේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, දූෂණ විමර්ශණ කටයුතුවල නිරත වන නිලධාරීන්, නීති කටයුතු කරන රජයේ නිලධාරීන් හා අධිකරණ විනිසුරුවන් ඇතුළු සමස්‌ත රාජ්‍ය යාන්ත්‍රණයට බියවැද්දීමට දරණ උත්සාහයක්‌ බව අවධාරණය කරන අතර විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිකුළෙන් හෙළා දකින අතර විගණකාධිපතිවරයා රැකගැනීම සඳහා මූල්‍ය යහපාලනය අගයන බලවේග ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.”

  • ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

    Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

    මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

    එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

    Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

    Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.