Category: සුපිරි Walks

  • හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. 

    කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිදුවීමට මුහුණ දීමට තිබේ. ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.

    මේ අවස්තාවේදී එම ගුරුවරයා විසින් මේ සිසුවියගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබෙන බව සදහන්. පහර කෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්‍ෂා කර බලා රෝහලේ සිට නේවාසිකව ප්‍රතිකාර කිරීම අරඹා තිබේ.
     
    සිදුවීම පිළිබදව දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියටද පැමිණිලි කර තිබෙන බව සදහන්.

  • භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා.

    ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

    කොළඹ සිට තංගල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථයකට එක් ගමන්වාරයක ඩීසල් සඳහා වැය වන මුදල රුපියල් 11, 500 ක්. එම නගරාන්තර බස් රථයකට භූමිතෙල් සඳහා වැය වන්නේ රුපියල් 5,500 ක් පමණයි.

    මෙලෙස මුදල් ඉතිරි වීම හේතුවෙන් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී තිබෙනවා.

    මෙම බස් රථ භූමිතෙල් යොදා ධාවනය කරන්නේ සයිලන්සර් සහ ඉන්ජෙක්ටර් වෙනස් කරමින් බවයි පැවසෙන්නේ. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් වසරකට රුපියල් ලක්ෂ 24ක ලාභයක් හිමිවන බවයි එම බස් රථ සේවකයන් පවසන්නේ. 

    කෙසේ වෙතත් භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමෙන් එහි ගමන් ගන්නා මගීන්ගේ සෞඛ්‍යයට හානිදායක බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

  • ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

    ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි.

    පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආර්ථික සභාව සැළසුමක් ද ආරම්භ කර තිබෙනවා.

    පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට ප‍්‍රමාද වන බවත් පොහොර කලට වේලාවට ලබා නොදීම යන මූලික කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

    මේ අතර, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි පවසනවා.

  • උන්ට ඇපල් – අපිට පැපොල් – හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..

    උන්ට ඇපල් – අපිට පැපොල් – හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..

    හෙට (22)  උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බවයි සඳහන් වන්නේ.

    වැටුප් වැඩිවීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩිකර තිබුණද, තවම බෙදා හැරීමේ ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කරනවා.

     

  • රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ
    තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ…
    මේ කියන්න යන්නෙත් ආදරය උඩු දුවා රාගය ඇවිස්සී තැනක් නොතැනක් නැතිව අයාලයේ ගිය සිසුවියන් දෙදෙනෙක් කරපු හදියක් ගැනයි
    පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
    පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා
    ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ,
    අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රී රෝධ  රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා
    20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා
    බාලවයස්කාර සිසුවියන් දෙදෙනා  වැලිමඩ රෝහලට ඇතුලත් කරලා
  • විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්

    විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්

    බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,  ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.

    සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදුකළ බව උපාලි හිමියෝ පවසති.

    මෙය සූර්යය ශක්තියෙන් ක්‍රියාකරන බවත්,ධාවනයේදී  ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්‍ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරියවෙතම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බවද උන්වහන්සේ සඳහන් කරති. දැනට ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුමිකරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆඩයොක්සයිඩ් ආදී විෂ වායු පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.

    ඇවිදීමේ  අපහසුතාවන් ඇති සියලු දෙනාට මෙන්ම ව්‍යාපාරික පරීශ්‍රයේ නිතර එහාමෙහා ගමන් කරන නිලධාරීන්ට හා. කාර්යමණ්ඩලයට මෙම රථ මනා පිටිවහලක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

    සාමාන්‍ය ගමනාගමනයට වුවද, වියදම් රහිතව ‍මෙම රථය යොදාගත හැකිය. උපරීම වේගය පැයකට කිලෝමීටර් 30කි.  පුද්ගලයන් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.පැවිදි වීමට පෙර උන්වහන්සේ විදයා  ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල යෙදෙන උපාලි හිමියන් චතුර  දේශකයාණන් වහන්සේ නමක ලෙසද ප්‍රකටය. 

  • ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

    ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

    එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා.

    එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික බි‍්‍රතාන්‍ය හිපොප් ගායිකාවක් ලෙස ප‍්‍රකට මියා නොහොත් මාතාංගි මායා අරූල් ප‍්‍රගාසම්ගේ කථාවක් මෙම චිත‍්‍රපටයට ඇතුළත්.

    ඇයගේ පියා ඊරෝස් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු බවයි පැවසෙන්නේ. අවුරුදු 9යේදී ඇය සිය මව සමග බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙනවා.

    පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති මාතාංගි උතුරේ තත්ත්වය රූ ගත කර රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වසර 22කට පෙර එම රූගත කිරීම් සිදු කර ඇති බවද පැවසෙනවා. 

    මියා ලෙසින් ප‍්‍රකට ඇගේ සංගීත භූමිකාවේදීද ඇය විසින් ගැයූ ගීත වල ඇතුළත් වන්නේ ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින්ට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳවයි.

  • අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

    අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

    පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා ගැටලුවට භාජනයවී තිබේ.
    එයට එරෙහිව කොළඹ නාගරික හදිසිමරණ පරික්ෂිකා නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පොලිස්පතිවරයා වෙත පෙරේදා (19)පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පැමිණිලි කර තිබෙන බවද වාර්තා විය.

    බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් අපවත් වූ නාරාහේන්පිට රෝහල කොළඹ නාගරික බලසීමාවට අයත් නිසා මරණ පරික්ෂණය බොරලැස්ගමුවේ සිදුකිරීම නීති විරෝධි බවත් එය සිදු කරන්නට එපා යයි බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකවරියටත්, බොරලැස්ගමුව සහ නාරාහේන්පිට පොලිස් ස්ථානධිපතිවරුන්ට දැනුම් දී තිබියදී කිසියම් අයෙකුගේ බලපෑම මත පරීක්ෂණය බොරලැස්ගමුවෙන් සිදු කර මරණය පිළිබඳ තීන්දුව ලබාදී ඇති බවද වාර්තා විය.

    ඇය මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන්නට පෙර එය සැලවී ඊට ඉඩ නොදෙන ලෙසත්, එසේ කළහොත් එය නිති විරෝධී ක්‍රියාවක් සිදුවන බවත් දැනුම් දිමට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා දුන්නත් ප්‍රතිචාර දක්වා නැත.
    පොලිස් ස්ථානාධිපතිවරුන් ද ඇගේ දැනුම් දීම අනුව ක්‍රියා කළේ නැති නිසා ඒ ගැන පැමිණිලි කිරීමට අධිකරණ කොමිසන් සභාවටත්, කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පොලිස්පතිවරයාටත් ලිඛිතව දැනුම් දී තිබේ.
    බොරලැස්ගමුවේ සිදු කළ පරීක්ෂණය අනුව හිමියන්ගේ අපවත්වීම හෘදයාබාධයකින් සිදුවූ බවට නිගමනය වී තිබුණි.

  • “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි.

    රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව ආරම්භ කර තිබෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාපා යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වෙතන්ති‍්‍ර, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන්ගේ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මිට එක්ව සිටියහ.

  • රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

    රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

    වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.

    මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

    මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.

    දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

    රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.

    වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.

    එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ.

  • සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

    සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

    මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා.
    නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ ජනප්‍රිය නිළියකි.
    ටිකක කාලෙකින් ඔහුගේ වගා බිමේ පලදාවට සිදුවුයේ නොසිතු දෙයකි. ඔහු ඒ ගැන පැහැදිලි කළා. බලන්නකෝ ඔහු කීව විශ්මිත කතාව.

  • ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

    ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි.

    ලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    කෙසේවෙතත්  ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

  • යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ  ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

    යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

    යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා.

    අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා. තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කළේ බස් රථයේ සිදුවූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන ඇති බවයි.

  • අනිත් රටවල් ඉදිරියට යද්දී ලංකාව එක තැනම පල්වෙන්න හේතුව විද්වතෙක් හෙළිකරයි..

    අනිත් රටවල් ඉදිරියට යද්දී ලංකාව එක තැනම පල්වෙන්න හේතුව විද්වතෙක් හෙළිකරයි..

    ලෝක මව් භාෂා දිනය අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි.

    ඊට ආසන්නතම හේතුව වූයේ ඉන්දියානු කලාපයේ භාෂාව මුල් කර ගනිමින් රාජ්‍යයන් දෙකක් එකිනෙකට වෙන් වීමයි. ඒ අනුව, භාෂාව මුල් කර ගනිමින් බංග්ලාදේශය සහ පකිස්තානය වශයෙන් රටවල් දෙකක් වෙන්වීම පදනම් කර ගනිමින් භාෂාවක ඇති බලය ලෝකය විසින් පිළිගනු ලැබීම මෙහිදී සිදුවුණා. 

    අදවන් දිනෙක ශී‍්‍ර ලංකාවේ මව් භාෂාවට ඇති ස්ථානය පිළිබඳව අප සොයා බැලීමක් කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ “ඉංග්‍රිසි භාෂාව ලෝක භාෂාවක්වීම තුළ අප සමාජයත් යම් ඥානයක් ලබා ගන්නවා. ඉංග්‍රිසි භාෂාව අද සමාජයේ දැනුම දියුණු කර ගැනීමේ උපකරණයක් වෙලා තියෙනවා. නමුත් ඉංග්‍රිසි භාෂාවෙන් ලෝකයම ජයගත හැකි බවට අප සමාජය කල්පනා කිරීම නිසා සිංහලයා සිය මව් භාෂාව කෙරෙහි ඉතා උදාසීන තත්ත්වයක් තමයි දක්වන්නේ. මේ නිවට චින්තනය නිසා මව් බසට තියෙන ඇල්ම ජනවර්ගයා විසින් අමතක කරමින් යනවා.” යනුවෙනි.

    මව් භාෂාවේ වැදගත්කම පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    රටක් ලෙස මව් භාෂාව සුරැකීමේ වැදගත්කමද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙලෙස පැහැදිළ කලා.

    “ඕනෑම රටක මව් භාෂාව ඒ රටේ..ජාතියේ දියුණුවට අදාළ වෙනවා. මව් භාෂාවට තියෙන ඇල්ම නැතිවීම මිනිසාගේ චින්තනයට කෙරෙන බාධාවක්. මොකද තමන්ගෙ මව් බසින් තමයි හිතන්න පුළුවන් වෙන්නේ. හිතෙන දේ වඩාත් පැහැදිළිව ප්‍රකාශයට පත් කරන්න මව් බස තරම් වෙනත් බසකට බෑ.”

    ජාත්‍යන්තර මව්භාෂා දිනය සැමරීම වෙනුවෙන් මෙරට පවත්වන විශේෂ උත්සවය අද (21) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. 
     

  • රජයෙන් අලුත් වැඩක්… පේෂකර්ම හා ඇඟළුම් සිසුන්ට NVQ සුදුසුකම.

    රජයෙන් අලුත් වැඩක්… පේෂකර්ම හා ඇඟළුම් සිසුන්ට NVQ සුදුසුකම.

    පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා පේෂකර්මාන්ත ආශ්‍රිතව අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.

    ශ්‍රි ලංකා පේෂකර්ම ඇඟළුම් ආයතනය, ශ්‍රි ලංකාවේ පේෂකර්ම, ඇඟළුම් හා පාවහන් ආශ්‍රිතව ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන ඉහළම ආයතනවලින් එකකි. මෙම පුහුණු කිරීම් සඳහා නේවාසික පහසුකම් සහිත පේෂකර්මාන්ත හා ඇඟළුම් පුහුණු පාසල් 14 ක් පවතින අතර, මෝස්තර නිර්මාණ පාසල් 02 ක් ද තිබේ. මෙහි පාඨමාලා ඕනෑම අයෙකුට නොමිලේ හැදෑරිය හැකි අතර, පාඨමාලා කාලය තුළ එක් සිසුවෙකුට රු.100.00 ක දෛනික දීමනාවක් හා නිළ ඇඳුම් ද ලබා දේ. පසුගිය වසරේදී පමණක් මෙම පාඨමාලා හැදෑරීමට සිසුන් 2020 ක් ලියාපදිංචි වී සිටියහ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාතය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    “ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අත් යන්ත්‍ර රෙදි පිළි, ඇඟළුම් නිෂ්පාදකයාට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මේ ක්‍ෂේත්‍රයේ සිටින ව්‍යවසායකයින්ගෙන් වැඩිම පිරිස කාන්තාවන්. එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් සියයට 70 කට වඩා වැඩියි. ඔවුන් අතර ග්‍රාමීය කාන්තාවන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. පසුගිය වර්ෂය තුළ පමණක් මෙම ක්‍ෂේත්‍රයේ ස්වයං රැකියා 400 ක් පමණ ඇති කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා පහසුකම් මෙන්ම වෙළඳපොළ ලබා දීමටත් මගේ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. අපි ඔවුන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අපි මෙසේ පුහුණුව ලබන සිසුන්ට හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට වටිනාකමක් ලබා දෙන්න සහතිකයකට අමතරව ජාත්‍යන්තරය පිළිගත් ජාතික වෘත්තිය සුදුසුකම හෙවත් NVQ මට්ටමක් ද ලබා දීමට පියවර ගෙන තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වලින් ශ්‍රි ලංකාවේ අත් යන්ත්‍ර හා රෙදි පිළි සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම මත ලෝක වෙළඳපොළ ඉලක්ක කර අත් යන්ත්‍ර, රෙදි පිළි කීප ගුණයකින්ම වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

  • අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

    අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

    අභයාරාමය යනු පරාජිත මහින්ද රාජපක්ෂයන්ට තම බංකොලොත් දේශපාලණ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සපයන චීවරධාරීන් පිරිසක් වැඩ සිටින ස්ථානයක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. අභයාරාමයේ වායු සමීකරන කීයක් තියෙනවාද? අධික කාම සම්පත්ති බුදුරජාණන් වහන්සේ අනුමත කර තිබෙනවාද? නිවනට යන්නේ සැප විදලද? බලන්න මේ ඡායාරූපය…

    මේ ඡායාරූපයේ ඔබට පෙනෙන වායු සමීකරන ගණන විමසා බලන්න..වායු සමිකරන යන්ත්‍ර 10ක් පමන බැලු බැල්මට දක්නට ඇත. ස්වාමින් වහන්සේලා දුක් විදිය යුතුය යන්න අපගේ මතවාදය නොවේ. එහෙත් තම දායකයා හට අත්හැරිම කියාදෙන්නට ඉන්න ස්වාමින් වහන්සේලා අධික කාම සම්පත්ති බධා ගැනිමෙන් සිදුවන්නේ දායකයාද ඒ තත්වයට පත්වීම නොවේද? මහින්ද රාජපක්ෂට සිදුව ඇත්තේද එයම නොවේද? අභයාරාමයෙන් මහින්දට උගන්වා ඇත්තේ අත්හැරිම නොව බදා ගැනීම පමණි.

    ස්වාමින් වහන්සේලා උත්තරීතර බුදු දහම විකෘති කරන අවස්ථා වලදී ඊට එරෙහිව නැගි සිටිම සිංහල බෙෘද්ධ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස අප සලකමු.