Category: සුපිරි Walks

  • මාධ්‍යයට ගර්ජනා කල සමිති සමථයට.. දුම්රිය වර්ජනය අත්හිටුවයි

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු (20) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව කල් දමා තිබේ.

    බලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

    ඒ අනුව සියළුම දුම්රිය ධාවනයන් සුපුරුදු පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි

     

    [rns_reactions]

  • තිස්ස අත්තනායකට දුව බැලීමට අවසර

    විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාටඕස්ට්‍රේලියාවට යාම සඳහා මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනම අද මහාධිකරණය විසින් නැවත සළකා බැලූ අවස්ථාවේදී. 

    තිස්ස අත්තනායක මහතා ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ දියණිය බැලීමට යාම සඳහා මෝසමක් මගින් මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා.

      ඒ අනූව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මේ මස 23 වැනි දා සිට ලබන මස 12 වැනි දා දක්වා විදෙස් ගතවීමට අද අවසර ලබා දුන්නා.

    [rns_reactions]

  • මහින්ද වැනසු ශ්‍රී ලංකන් Air Lines සුක්කානම හැරී ජයවර්ධන අතට.

    ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායක හැරී ජයවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සහ එහි 49%ක කොටස් හිමිකාරිත්වයක් ලබාගැනීම සඳහා ජපානයේ ANA සහ JAL යන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමග හවුල් එකඟතාවයකට පැමිණ ඇත.

    ඩේල් එෆ්ටී පුවත්පතට දැනගන්නට ලැබුණු අන්දමට මේ බව මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ද දැනුම් දී ඇති අතර එම ව්‍යාපාරික හවුල, පොදු පුද්ගලික හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවයේ හිමිකාරිත්වය ලබාගැනීම සඳහා මුලපිරීමට උනන්දුවෙන් පසුවෙයි.

    ඕල් නිපෝන් එයාවේස් කෝපරේෂන් ලිමිටඩ් හෙවත් ANA සමාගම ජපානයේ විශාලතම ගුවන් සේවා සමාගම වන අතර ජැපෑන් එයාලයින්ස් හෙවත් JAL සමාගම ජපානයේ දෙවන විශාලතම ගුවන් සමාගම වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැරී ජයවර්ධන අමුත්තෙකු නොවන්නේ මෙම ගුවන්සේවය සැලකිය යුතු දියුණුවක් ලැබූ සමයක හැරී ජයවර්ධන එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බැවිනි.

    හැරී ජයවර්ධනගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට සංචාරක කර්මාන්තය, ගුවන් ගමන් සහ ගමන් කටයුතු සංවිධානය කෙරෙහි විශාල උනන්දුවක් දක්වන එයිට්කන්ස් ස්පෙන්ස් සමාගම මෙන්ම ඉස්කාගාර ඇතුලු මූලික ආයෝජන රැසක ප්‍රධානත්වය උසුළන මෙල්ස්ටා කෝප් වැනි සමාගම්  අයත් වේ. තවද තේ සහ ආහාර පාන ලොවේ දැවැන්තයෙක් වන ස්ටැසන් ගෲප් ද ඔහුගේ පාලනය යටතේ පවතියි.

    මේ අතර එයිට්කන්ස් ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රාජන් බ්‍රිටෝ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරයි. මීට පෙර ද ඔහු එහි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කර තිබේ.

    හැරී ජයවර්ධනගේ මූලිකත්වයෙන් යුත් ජපන් කොන්සෝටියම මෙම අවස්ථාව උදා කරගත්තේ ලෝකයේ ලොකුම ගුවන්සේවය වන එමිරේට්ස් ගුවන්සේවය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග වාණිජ ගිවිසුමකට එළඹීමට එකඟතාවය පළ කර තිබෙන අතරවාරයේ ය. අතීතයේ ශ්‍රී ලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන් කළමනාකාරිත්වය පිළිබඳ ගිවිසුමක් සහ සුළුතර කොටස් හිමිකමක් දැරූ මෙම සමාගම, හිටපු ජනපති රාජපක්ෂගේ සමයේදී අපකීර්තිමක් අන්දමින් එළවා දැමූ නිසා ඔවුන් දැන් ජපන් කොන්සෝටියම මෙන් පොදු-පුද්ගලික හවුල්කාර ගිවිසුමකට එළඹෙන්නට උනන්දුවක් දක්වන්නේ නැත.

    කෙසේ නමුත් මෙකී පාර්ශවයන් ද්විත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් දක්වන උනන්දුව, ගුවන්සේවා විශ්ලේෂකයන්ට අනුව ණය බරෙන් මිරිකී ඇති සහ පාඩු ලබමින් තිබෙන ජාතික ගුවන්සේවය නැවත නගා සිටුවීම සඳහා වන ආණ්ඩුවේ සැලසුම්වලට විශාල පිටිවහලකි.

    ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කොටස්කරුවන් වීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට අර්පණ කැඳවූ අවස්ථාවේදී පාර්ශව 14 ක් එයට ප්‍රතිචාර දක්වා තිබූ අතර පුද්ගලික කොටස් සමාගමක් වන TPG ද කෙටි ලැයිස්තුගත වී තිබිණි. කෙසේ නමුත් නිසි උද්‍යෝගයක් නොපෙන්වීම මත වාණිජමය සහ වෙනත් හේතු දක්වමින් පසුව මෙම සමාගම එකී අභිලාෂය ඉවත් කර ගත්තේය.

    සමීප මූලාශ්‍රයන්ට අනුව මෙම යෝජිත පොදු පුද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම යටතේ ආණ්ඩුවට ශ්‍රී ලංකන් ගුවන්සමාගමෙන් 51% ක කොටස් හිමිකමක් ලැබීමට නියමිත ය. තවද නව කොටස් සහ කළමනාකාරිත්ව කොටස්කරුවෙක් සමගින් ජාතික ගුවන්සේවය ණය බරෙන් මුදවා ගැනීමට ද ආණ්ඩුවට මෙමගින් අවස්ථාව ලැබේ.

    ශ්‍රී ලංකන් ගුවන්සේවය පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හවුල් ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ගුවන්සේවයේ පාඩු ලැබීම 2013/14 වසරේ පැවති රුපියල් බිලියන 31.3 සිට 2016/17 වන විට රුපියල් බිලියන 27.7 දක්වා බෙහෙවින් අඩු වූ බවයි. 2011 සහ 2015 කාලය අතරතුර ගුවන්සේවය ලබා ඇති පාඩුව රුපියල් මිලියන 92 ක් වේ.

    තවද මීට පෙර ගුවන්සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එළඹුණු අතිශය වැඩි පොලී ලීසිං ගිවිසුම් හේතුවෙන් ද ගුවන් සේවය විශාල මුදලක් ගෙවමින් සිටියි. නොවටිනා උපරි මිලකට ලබාගෙන තිබූ  A 350-900 වර්ගයේ ගුවන් යානා 4 ක කල්බදු ගිවිසුම් අවසන් කිරීම මගින් 2017 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 14.3 ක දැරිය නොහැකි තරම් බරක් ගුවන් සේවය වෙත පැටවී ඇත.

    ජපානයේ ඕල් නිපෝන් ගුවන් සමාගම පසුගිය වසරේ වියට්නාම් ගුවන් සේවය වන ඒඑන්ඒ ගුවන් සේවයෙන් ද සුළුතර කොටසක් මිලදී ගත්තේය. ලෝකයේ ගමනාන්ත 227ක් වෙත පියාසර කරන නිපෝන් ගුවන්සේවය ස්ටා එලායන්ස් හි කොටසකි. ජපානයේ ජාතික ගුවන් සේවය වන JLA  ද එහි කොටසක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එහි සාමාජිකයෙකි.

    නිපෝන් ගුවන් සේවය විසින් උප ප්‍රධාන ගුවන් සේවා ගණනාවක් ද ක්‍රියාත්මක කරයි. කලාපීය ගුවන්සේවාව වන ඒඑන්ඒ වින්ග්ස් සහ එයා ජැපෑන් ද එයට ඇතුළත් ය. එයා ඩූ, වැනිලා එයා, ඇලෙක්ස් කාගෝ සහ බජට් ගුවන් සේවාවක් වන ‘පීච්’ ද එයට ඇතුළත් ය.

    JAL  සමාගම් සමූහයට ජැපෑන් එයාලයින්ස්, J එයා, ජැපෑන් එයා කමියුටර්,  ජැපෑන් ට්‍රාන්ස්ඕෂන් එයා සහ ගෘහස්ථ ගුවන් ගමන් සඳහා භාවිතාකරන රුයිකියු එයා කමියුටර්, JAL කාර්ගෝ සහ තැපැල් ගුවන් සේවාවන් ද එයට අයත් ය.

    මෙම සමාගම් සමූහය සතුව ලෝකයේ රටවල් 35ක ගමනාන්ත 220 ක් වෙත පියාසර කරනා ගුවන් යානා 279ක් තිබේ.

    [rns_reactions]

  • ‘එජාපය අද කොන්දක් නැති නපුංසක ගොට්ටන්ගේ ගවමඩුවක්’ – එජාප මන්ත‍්‍රී අනුරාධ කියයි

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

    ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ බව කියා සිටී.

    [rns_reactions]
  • සියල්ලන් අභිබවමින් සුදර්ශන, ගුවන්විදුලියේ මුල් පුටුවට.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කර තිබේ.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔහු ‘රයිට්ස් නව්‘ නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

    ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරීය.

    නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ.

    2005 දී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්  අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වූ ඔහු, 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සදහා විදේශ කටයුතු ඇමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය.

    සංහිඳියා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි.

    ජර්මනියේ සුලූතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යයනය කිරීම සදහා 2016 සැප්තැම්බර් මාසයේදී එරට රජයෙන් ආරාධනා ලැබීය. 2014දී ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සදහා වන  ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහායි.  ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දී නැගෙනහිර තිමෝරය සහ 2000 දී කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය.

    ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමනාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි. 2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයතු කරයි.

    [rns_reactions]

  • බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. 

    නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බවයි. 

    සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

     
     [rns_reactions]
  • ජැක්සන්ට වැඩ වරදී…

    මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

    මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

    [rns_reactions]
  • ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

    ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

    “මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

    ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

    “ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

    ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය.

    අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න)

    Shafa
    Image caption15 හැවිරිදි වියේ දී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ෂෆා ට සැමියාගේ පහරදීම් හේතුවෙන් දරු ගැබ ද අහිමි විය

    එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

    දරු ගැබ අහිමිවෙයි

    අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

    “කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

    Muslim school children
    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති

    කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

    එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

    “බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

    ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

    “එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

    එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

    පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

    Shafa's mother
    “මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”

    ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

    ‘ගණිකාවක්’

    “පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

    ෂෆා එය ප්‍රතික්ෂේප කළාය.

    එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

    “‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

    ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

    ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

    Shafa's hands
    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

    “දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

    එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න)

    සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.

    සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

    සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

    “එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

    අහිමි වූ ළමා විය

    සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

     
    මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

    විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

    බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

    වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

    මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

    රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

    BM Arshad of Thawheed Jamaath
    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

    කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

    එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

    සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

    ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

    තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය

    මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත
    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත

    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

    “ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

    “විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

    “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

    එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

    The woman running the community centre where Shafa is getting help hides her identity for protection
    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”

    මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ක්‍රියාධාරිනියන්ට තර්ජන

    එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

    බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ.

    “මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

    Shreen Saroor
    ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්

    අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

    ‘ස්ත්‍රී දූෂණයක්’

    මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

    නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

    “ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

    මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

    Shafa with her mother
    බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි

    “ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

    “කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

    සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

    තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

    එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

    “ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

    ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි.

     
    “කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා”

    [rns_reactions]

  • 2017.06.10 දින සිට වාහන බදු වෙනස් වන හැටි මෙන්න

    2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබෙනවා.

    නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර ඇත.

    මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

    [rns_reactions]

     

  • ත්‍රීරෝද රථ රියදුරන්ට ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් – සෝලංගආරච්චිට තවත් ජයක්..

    ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි  ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසයි.

    කෙසේවෙතත් මේ අරගලය පසුපස ජනාධිපතිවරයා පසුපස සිටිමින් අවශ්‍ය පරිදි මුලික ක්‍රියාමාර්ග සියල්ල ගනු ලැබුවේ කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි.

    මේ අතර වීරක්කොඩි  අමාත්‍යවරයා  පවසා සිටියේ මෙවන් අදහසක්,

    අද අපි තරුණයන්ට ජීවනෝපායක් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම සිදුකරනවා. තරුණයන් පමණක් නොවේ අද තරුණියන්ද ඒ සදහා එක්වීම පිළිබදව සතුටුවෙනවා. ත්‍රීරෝද රථ සදහා පුහුණුව ලබන්න ඉදිපත් වී ඇති අයගෙන් මම ඉල්ලීමක් කරනවා වයස 18 සම්පුර්ණ වනු ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රීරෝද රථයක් අරන් හංදියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි. ත්‍රීරෝද පුහුණුව ලබන සියළු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම සඳහා යොමු කරනවා. වැඩි ආදයමක් ලබා ගැනීම අපගේ අරමුණයි. නැතිනම් බොහෝ දෙනෙකුගේ ජීවිත තාවකාලික තෘත්තිය කරා ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා. අද ගෙදර වයර් එකක් ගැඩුනාම හදාගන්න කෙනෙක් නෑ, ටැප් එකක් කැඩුනාම හදාගන්න කෙනෙක් නෑ. ත්‍රී රෝද රථ රියදුරෙකුට ඒ හැකියාව ලබා තිබේනම් ත්‍රීරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා.

    රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ. වැල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20 දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පුර්ණ කරගතහොත් රැකියාව එලියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. (CGTTI) සීජීටීටීඅයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න. ඒවගේම ඉදිරියේ දී බැකෝ යන්ත්ර) පුහුණු පාඨමාලාවක් ලබන 25වන ඉරිදා ගාල්ල බටපොල ප්‍රදේශයේදී ආරම්භ කරනවා. ඒ සඳහාත් අයදුම්පත් යොමු කරන්න. මට ඇමතිකම ලැබුනාට පසුව රටේ අනෙකුත් වැඩ කරන අතරතුර ගාල්ලේ දරුවන්ගේ අනාගතයට ජයගන්න මුල් තැන දෙනවා. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි. දුප්පත්කම අඩුවෙන්ම තුරන්වන දිස්ත්රි.ක්කය ගාල්ල දිස්ත්‍රීක්කයයි. දුප්පත්කම නැතිකරන්න නම් සියළුදෙනා රැකියගත කරන්න වෙනවා. රැකියා ගත කරන්න නම් පුහුණුවක් අවශ්‍ය ඇයි. ඒ සඳහා අපේ වැඩසටහන් ඉදිරියෙදි ආරම්භ කරනවා. අපි හෙට සිට රියදුරු පුහුණුව ආරම්භ කරනවා. තවත් පුහුණු කරුවෙකුගේ සහයෝගය ලබාගෙන දින හතේම පුහුණුව ලබාදී හොද පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    අපි තරුණයන්ගේ හා දරුන්ගේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙනයි සිටින්නේ. සියළු දෙනාගේ දෑතේ සවියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් රැකියවාක් ලබාදීමට නිපුණතාවයක් ඇතිකිරීමේ වගකීම මේ රජය ආරම්භ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් ආපු මිනිසුන්ගේ දුක හදුනාගත් නායකයෙක් හැටියට රාජ්‍ය නායකයා හැටියට අමාත්‍යවරයා හැටියට මට මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න උපරිම  සහයෝගය ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ගන්න අපි රටවල් කිහිපයක් සමගම සාකච්චා කරා. ඒ වගේම පුහුණුවෙන් පසුත් සියළු රැකියා සඳහා රටවල් වලට යන්නත් විදේශ රැකියා අමාත්‍යාංශයත් සමගත් අපි සකච්චා කර තිබෙනවා. අපේ අරමුණ තරුණයන්ට රැකියා ලබාදීම හා මේරටේ දුප්පත් කම තුරන් කිරීමයි.

    [rns_reactions]

     

  • ඇස් දන්දීමෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම අංක එකට!

    ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.

    එම සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලොව වෙනත් රටවල් වෙත වැඩියෙන්ම ඇස් දන්දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවය.

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් 1964 වසරේ සිට මේවන තෙක් ලොව රටවල් 54 ට ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් 75,388 ක් පරිත්‍යාග කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    එම ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇස් 47,225 ක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් 40,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ.

    ඇසේ ප්‍රශ්නයක් ඇති ඕනෑම රෝගියකු තම ඇස වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීමෙන් අනතුරුව එම වෛද්‍යවරයා හරහා ඉල්ලීමක් කළහොත් ඇසක් ලබාදිය හැකි බව ඔහු පැවසීය.

    ශ්‍රී ලාංකිකයන් සඳහා මෙය නොමිලේ සිදුකරන බවත් විදේශිකයන් නම්, ඇස් සකස් කිරීමට යන වියදම පමණක් ලබාගන්නා බව ඔහු කියා සිටියේය.

    [rns_reactions]

  • බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්පත් වලින් මාසයේ දින 19කට මිලියන 209810ක් ඉල්ලයි..

    ජුනි මාසයේ ගතවූ දින 19 තුළදී රුපියල් මිලියන 209810ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්බත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කර තිබේ.

    මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20දා) සිට 27 දා දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

    මීට අමතරව ජුනි මස 01 දා රුපියල් මිලියන 29000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07 දා රුපියල් මිලියන 45000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්, ජුනි 09 දා රුපියල් මිලයන 26000ක් වටිනා භාණ්ඩාගා බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16 දා රුපියල් මිලියන 30500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.

    [rns_reactions]
  • අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙනවා අපි ටින් මාළු පිටරටින් ගෙන්නනවා

    Tess Group අවුරුදු 35 ක සිට මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටිනවා. විශේෂයෙන්ම කෙලවල්ලෝ තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නෙ. ඒ වගේම මේ වන විට අපි ටින් මාළු කර්මාන්තයටත් පිවිස සිටිනවා.

    දේශීය ටින් මාළු කර්මාන්තය මේ වන විට මොන වගේ මට්ටමකද තිබෙන්නෙ? අප සමාගම ඇතුළුව තවත් සමාගම් 3ක් දේශීයව ටින් මාළු කර්මාන්තයේ නිරතව සිටිනවා. ඒ තමයි Happy cook lanka food (pvt )Ltd,Quality Fish Processing Lanka (pvt) Ltd ,S L I C LANKA (pvt) ltd යන සමාගම්. ඒ සමාගම් සියල්ල මේ වන විට ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය විදිහට එකතු වෙලා සිටිනවා. එහි සභාපති ලෙස කටයුතු කරන්නෙත් මම. රට වටා අපේ සැපයුම් ජාල තිබෙනවා. අපේ නිෂ්පාදන නියම ප්‍රමිතියෙන් යුතුව සිදු වෙනවා. අපි මේ කර්මාන්තයට එනවිට ටින් මාළු කර්මාන්තය මුළුමනින්ම ආනයන මත රැඳී තිබුණේ. නමුත් අපි අද වන විට ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා.

    දේශීය ටින් මාළු ඉල්ලුම පිරිමසන්නට ඔබලාට හැකියාව තිබෙනවද?
    ඇත්තටම පුළුවන්. ලංකාවේ දවසකට ටින් මාළු පරිභෝජනය වෙනවා සාමාන්‍යයෙන් ටින් 125,000 ක් විතර. Tess Group සමාගම ලෙස අප තමයි මේ කර්මාන්තයේ විශාලම නිෂ්පාදනය සිදු කරන්නෙ. අපි දවසකට ටින් 25000ක් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවා. ඒ සාමාන්‍ය වැඩමුරයක් හරහා පමණයි. රාත්‍රී වැඩ මුරයකට ගියොත් මේ නිෂ්පාදනය අපට දෙගුණ කරන්න පුළුවන්. ඒ හරහා සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට අවශ්‍ය සැපයුම සිදු කිරීමට අප සංගමයට හැකියාව තිබෙනවා.

    පසුගිය සමයේ ආනයනික ටින් මාළු සඳහා බදු සහනයක් ලබා දෙනවා. එය මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ තත්ත්වය දේශීය ටින් මාළු කර්මාන්තයට මොන වගේ බලපෑමක් ද සිදුකර තිබෙන්නෙ?

    ඇත්තටම ඒ සිදු වුණේ අපි හිතුවෙවත් නැති දෙයක්. කලින් ආනයන ටින් මාළු කිලෝ එකකට රුපියල් 102.00 ක බද්දක් තිබුණා. ඒ බද්ද රුපියල් 52.00 කට අඩු කිරීමක් තමයි එතැන දී සිදු වුණේ. අපි මේ ගැන ඇත්තටම එවකට මුදල් අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා. එතැන දී මුදල් අමාත්‍යවරයාගේ අදහස වුණේ පාරිභෝගිකයාට අඩු මුදලට ටින් මාළු දීම වෙනුවෙන් අදාළ බදු සහනය දෙන්න ඕන කියන එකයි. ඒ වගේම අපිට සහනයක් වශයෙන් කියලා, සතොස ආයතනයට අපේ නිෂ්පාදන සපයන්න අවස්ථාව හදලා දුන්නා. ඇත්තටම ඉන් දේශීය ටින් මාළු නිෂ්පාදකයන් හැටියට අපට කිසියම් සහනයක් සැලසුණා තමයි. ඒත් ඒ තුළ කර්මාන්තය සංවර්ධනය කරන්නට තිබුණ අවස්ථාවට සීමාවක් වැටුණා. මොකද අපේ නිෂ්පාදනයන් පුළුල් කරන්න විදිහක් නෑ. සතොස සඳහා හැර අනිත් සෑම අවස්ථාවකදීම අපට ආනයනික ටින් මාළු සමඟ තරගයක් හැදුණා. අපි මේ කර්මාන්තයට සම්බන්ධ වෙන්න තීරණය කළේ රජය විසින්ම සිදුකළ යෝජනාවකට අනුව. මොකද ටින් මාළු ආනයනය සඳහා අපේ රට වාර්ෂිකව රුපියල් බිලියන 20ක් පමණ වැය කරනවා. ඒ වියදම සීමා කරගැනීම සඳහා තමයි යෝජනාව එන්නෙ දේශීයව ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කරන්න කියලා. අපිත් ඒ සමයේ මිලියන 200ක් පමණ වියදම් කරලා දේශීය ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කළා. අපි හිතුවා මේ හරහා අපට පුළුවන් වෙයි කියලා දේශීය ටින් මාළු වෙළෙඳපොළ ස්වයංපෝෂිත කරන්න. මම ඉහතත් පෙන්වාදුන් ආකාරයට අපිට දැනටමත් දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුම සිදු කරන්න හැකියාව තියනවා. ඒත් දැන් එය සීමා සහිත වෙලා.

    ආනයනික ටින් මාළු සඳහා බදු සහනය ලබා දී තිබෙන්නේ පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න කියන අදහසින් නම් එහි වරදක් නෑ නේද?

    මිල පාලනයක් සිදු කිරීම තුළ පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා. අපි කියන්නෙ නෑ එහෙම දෙයක් කරන්න එපා කියලා. නමුත් මෙතන ප්‍රශ්නය වෙන්නෙ ආනයනික ටින් මාළුවලට අදාළව දී තිබෙන බදු සහනය වැඩි වීමයි. එය කලින් තිබුණ ගණනටවත් ඉහළ දමන්න ඕන. එතැන දී තමයි දේශීය නිෂ්පාදකයාට දේශීය වෙළෙඳපොළ
    තුළ මෙන්ම ටින් මාළු අපනයනය කිරීම දක්වා කර්මාන්තය වර්ධනය කරන්නට හැකි වෙන්නෙ. ඒ වගේම තමයි අපි බලන්න ඕන මේ කර්මාන්තය වර්ධනය වීම සඳහා සහය දීම තුළ තවත් කොපමණ ප්‍රතිලාභ රටට ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන දේ තමයි, අපි කියන්නෙ ටින් මාළු මිල පාලනය කිරීම වැරැදියි කියලා නෙවෙයි. ආනයනික ටින් මාළු සඳහා දී තිබෙන බදු සහනය හේතුවෙන් දේශීය ටින් මාළු කර්මාන්තයේ වර්ධනයට පැනවී තිබෙන සීමාවන් ඉවත්කර ගන්න ඕන කියන යෝජනාවයි අපි කරන්නෙ. ඇත්තටම අනෙක් කර්මාන්ත වගේ නෙවෙයි ටින් මාළු ව්‍යාපාරය සාර්ව ආර්ථික අරමුණුවලට සෘජුවම බලපෑමක් කරනවා.

    ඒ ගැන තවදුරටත් පැහැදිලි කරොත්?

    දේශීයව ටින් මාළු නිෂ්පාදනය තවදුරටත් වැඩි කරන්නට අවස්ථාව සැලසීම තුළ දේශීය මාළු නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිවැසුමක් ඇති වෙනවා. මහා පරිමාණ පිරිවැසුම් ඇති වෙද්දී සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. ඒ විදිහට ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වුණාම වැඩිපුර නිෂ්පාදනය වෙනවා. එමඟින් අපනයන වෙළෙඳපොළ පුළුල් කරගන්න වගේම දේශීය පරිභෝජන අවශ්‍යතාව මුළුමනින්ම සපුරන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි අපි වැඩිපුර ආනයනය කරනවා කියන්නෙ අපේ මුදල් පිටරටට ඇදී යාම. ඇත්තටම මේ මොහොතේ රටට අවශ්‍ය විනිමය අපේ රටට වැඩිපුර ගෙන්වා ගැනීමයි. ඇත්තටම ඇයි අපි දූපත් රාජ්‍යයක් වෙලත් මාළු ආනයනය කරන්නේ?

    අපි ඒ ප්‍රශ්නයට ඔබෙන්ම පිළිතුරු අපේක්ෂා කරනවා. ඇත්තටම ඇයි අපේ රට මාළු ආනයනය කරන තැනට වැටිලා තිබෙන්නෙ?

    ඇත්තටම අපේ රට මේ ගැන දක්වන උනන්දුව මදි කියලයි මං හිතන්නෙ. රටේ ආර්ථිකයේ විශාල පිබිදීමක් කරන්න ධීවර කර්මාන්තය හරහා අවස්ථාව තිබෙනවා. දැන් බලන්න අපේ රටට අයත් සමුදුර කලාපය කොච්චර විශාලද? වර්ග කිලෝමීටර් 517,000 ක මුහුදු කලාපයක් තියනවා. ඒත් තායිලන්තය අරගෙන බලන්න. තායිලන්තයට තිබෙන්නෙ වර්ග කිලෝමීටර් 316,000 ක
    වගේ මුහුදු කලාපයක්. පසුගිය දශක තුන පුරාවට තායිලන්තය සැලකිය යුතු මට්ටමකින් ඔවුන්ගේ නිෂ්පාදනය වර්ධනය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනය ටොන් අටලක්ෂයක් පමණ වනවා. එතුළ ඔවුන් ටින් මාළු ලෝක වෙළෙඳපොළේ 45%ක පමණ කොටසක් අත්කරගෙන සිටිනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ටින් මාළු කර්මාන්තයේ නියුතු සමාගම් ආශ්‍රිතව ලක්ෂ 4 ක පමණ සේවක පිරිසක් සිටිනවා. මේ තැනට ඔවුන් පත්වෙන්න, කර්මාන්තය වර්ධනය කරන්න විශාල දිරිගැන්වීම් ප්‍රමාණයක් හරහා තායිලන්ත රජය සහය වුණා. ඒ කියන්නෙ ඔවුන් අපිට වඩා කුඩා මුහුදක් සහිත වුවත් අපට වඩා වැඩි දියුණුවක් වෙත ගිහින් තියනවා. ඒ වගේම තමයි චීනයත්. ඔවුන් තම රටේ සිටින මත්ස්‍ය අපනයනයකරුවන්ට විශාල දිරි දීමනා ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට සඳහන් කළොත් චීනයේ සිටින එක් ටින් මාළු අපනයනකරුවෙකුට ඔහු කරන අපනයනයේ වටිනාකමින් 13% ක් නැවත චීන රජය ඔහුට ලබා දෙනවා. මොකද ඒ අපනයනය හරහා රටට ඩොලර් ගෙනෙන නිසා.
    නමුත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. බදු සහනය විසින් අපව විදේශීය තරගකරුවන් සමඟ තරගයකට යොමු කරවලා. අපිට අපේ වෙළඳපොළ තුළත් තරග කරන්න වෙලා. නමුත් ඒ සහන දේශීය මත්ස්‍ය නිෂ්පාදනය නංවන්න දෙනවා නම් මේ රටට කොපමණ ආදායමක් ලබන්න පුළුවන්ද? නමුත් එය තේරුම් ගන්නෙ නෑ. කණගාටුවෙන් වුනත් කියන්න ඕන සමහර වගකිවයුතු පාර්ශ්ව හරිම කැමතියි ටින් මාළු වගේම ගොඩක් දේවල් ආනයනය කරන්න. මාසෙකට චීනෙන් විතරක් මාළු කන්ටේනර් 60ක් විතර ගෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, ආරක්ෂක අංශ ඇතුළුව ටින් මාළු මහා පරිමාණයෙන් ලබාගන්නා ආයතනවලට පවා ආනයනික ටින් මාළු තමයි ගන්නෙ. අපි අහන්නෙ ඇයි දේශීය නිෂ්පාදකයන්ට ඒ අවස්ථාව දෙන්න බැරි. ඒ ඇයි කියලා ඇත්තටම පැහැදිලි නෑ. මොකක්ද අපේ නිෂ්පාදනවල තියන ගැටලුව? කොහොම නමුත් ඒ නිසා මේ වෙනකොට අපේ රට කරවල පවා ආනයනය කරන තැනට ඇදගෙන වැටිලා.

    ටින් මාළු කර්මාන්තය වර්ධනය කරන්න මොනවද ඔබ කරන යෝජනා?

    ඇත්තටම මුලින්ම කියන්න ඕන ආනයනික ටින් මාළු වෙනුවෙන් ලබා දී ඇති විශේෂ බදු සහනය වෙනස් කරන්න ඕන. විශේෂයෙන් ටින් මාළු ආනයනය අඩු කරන්න ඕන. එතැනින් තමයි අපිට ටින් මාළු නිෂ්පාදනය නංවන්න පුළුවන් වෙන්නෙ. අපිට ඒ හරහා අපේ ධීවරයන්ට මාළු සඳහා හොඳ මිලක් ගෙවන්න පුළුවන්. දැන් බලන්න ධීවරයෝ කොපමණ ප්‍රමාණයක් ධීවර කර්මාන්තයෙන් ඉවත් වෙලාද? බොහෝ පිරිසක් අද කර්මාන්තය අත්හැර කුලී වැඩ, කුඹුරු වැඩ වගේ වෙනත් කාර්යයන්ට යොමු වෙලා. ඒ නිසා මේ වෙනකොට අපිටත් ටින් මාළු සඳහා ප්‍රමාණවත් මාළු තොග නැති වෙලා. එහෙනම් හොඳ මිලක් මාළුවලට දුන්නොත් අපිට පුළුවන් මේ හැර ගිය පිරිස නැවත ධීවර කර්මාන්තයට ගෙන්වන්න. ආනයනික ටින් මාළු නිසා අපිටත් බැරි වෙලා තියනවා අපේක්ෂා කරන මුදලවත් ධීවරයන්ට සපයන්න. ඒ විදේශීය තරගයට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියන නිසා. දැන් බලන්න යුද්ධය නිසා අපේ මුහුදෙන් 70% ක ධීවර කටයුතු කරන්න ලැබුණෙ නෑ. දැන් අපට අවස්ථාව තියනවා නේද 100% මුහුදු කලාපය තුළ ධීවර කටයුතු සිදු කරන්න. පොඩි ධීවරයා තමයි තමයි ටින් මාළු සඳහා අවශ්‍ය කුඩා මාළු සපයන්නෙ. මේ කර්මාන්තය නැංවීම හරහා ඒ කුඩා පරිමාණයෙන් ධීවර කර්මාන්තයේ නියැළෙන පවුල් කීයක ආර්ථිකය දැනට ඉන්න මට්ටමෙන් ඉහළට ඔසවන්න පුළුවන්කම ලැබෙනවද? ඒ සඳහා බොහොම පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නෙ. ඇත්තටම අපිට තියෙන්නෙ සරුසාර මුහුදක්. හොඳ මත්ස්‍ය සම්පතක් අපේ රට වටා තියනවා. නමුත් අපි ඒ අස්වැන්න අත්හැර දාලා ඉන්නෙ. බලන්නකෝ ඒ අතින් අපි හරි පුදුම රටක්. අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙන්න ඇරලා චීන හෝ වෙනත් ආනයනික ටින් මාළු ගෙන්වාගෙන කනවා. ඉතින් එහෙම වටපිටාවක අපි වැඩි දෙයක් ඉල්ලන්නෙ නෑ, රජය අපිට එක අවුරුදක් සහය දුන්නොත් අපිට පුළුවන් 2020 වන විට ටින් මාළු අපනයනය කරන තැනට මේ කර්මාන්තය පත් කරන්න. මේක ජාතික
    අපරාධයක්. ඒ වගේම තමයි මේ වෙනකොට අපි ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය ටින් සහ ලේබල් වෙනුවෙන් වැට් ගෙවීමක් සිදු කළත් නැවත එය ලබා ගන්න අපට අවස්ථාවක් නෑ. ඔය වගේ ප්‍රශ්න කිහිපයක් මත තමයි මේ රටට මහා පරිමාණයෙන් විදේශ විනිමය කැඳවා ගැනීමට හැකි කර්මාන්තයක් එකතැන ඇණහිට තිබෙන්නෙ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් වගකිවයුතු පාර්ශ්ව අපි කියන දේට ඇහුම්කන් දෙයි කියලා.
    අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙනවා අපි ටින් මාළු පිටරටින් ගෙන්නනවා
    රජය අපිට වසරක් උදව් කළොත් අපි 2020 දී ටින් මාළු අපනයනය කර පෙන්නනවා
    දේශීය ටින් මාළු ඉල්ලුමට අවශ්‍ය සැපයුම කරන්න අපිට පුළුවන්

    [rns_reactions]

  • ක්‍රෙඩිට් කාඩ් පොළී නගී

    ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ.

    මේ අනුව මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය සියයට 24 ක් විය.

    සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන මාසික ගිණුම් ප්‍රකාශ හරහා ආදාළ බැංකු විසින් දැනුම් දී සිටින්නේ මෙම පොළී අනුපාතිකය 2017 ජූලි 01 දින සිට සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බවයි.

    මෙම සංශෝධිත පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බව අදාළ බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මේ අතර 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙයින් 28,621 ක් දේශීය වශයෙන් පමණක් ගෙවීම් කළ හැකි ඒවා වන අතර 1,326,350 ක් ජාත්‍යන්තර ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි ඒවා වේ.

    තවද මෙම සියලූම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2017 අප්‍රේල් මාසය අවසාන වන විට ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 78,797 කි.

    [rns_reactions]

  • ඩෙංගු රක්‌තපාතයට ගොදුරු වන අවස්‌ථා මෙන්න..

    පැරන්හයිට්‌ අංශක සියයට වඩා (100 f) උණ ඇතිවී අධික හිසදරය, දැත් දෙපා වේදනාව පවතින විට අපට නිතැතින්ම සිහිපත්වන්නේ ඩෙංගු රෝගයයි.

    ඩෙංගු රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මතුවීම ඊට හේතුවය.

    ඩෙංගුද වෛරස රෝගයක්‌ බැවින් වර්තමානයේ වෛරස රෝගයක්‌ වැළඳුනවිට අප ප්‍රතිකාර ලබාගන්නේ ඩෙංගු යෑයි සිතමිනි.

    ඩෙංගු පිළිබඳව අප තුළ මේ තරම් අවධානයක්‌ යොමුව ඇත්තේ එය මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිරයාමත් මාරාන්තික තත්ත්වයට ඉතා ඉක්‌මනින් පත්වීමටත් ඇති අවස්‌ථාවත් වැඩිවී තිබීමය.

    ඩෙංගු පැතිරෙන අයුරු

    ඩෙංගු යනු වෛරස රෝගයකි. එය ඇති කරන වෛරස වර්ග 04 ක්‌ ඇත. එකම පවුලක සාමාජිකයන් වන මෙම වර්ග වෙනස්‌ වන්නේ ඉතා සුළු ලක්‍ෂණවලිනි. මෙම වෛරස වර්ග 04 ම එකවර මතුවීමක්‌ දක්‌නට නොලැබේ. බොහෝ විට එක්‌වරකට එක්‌ වර්ගයක්‌ පමණක්‌ මතුවේ.

    ඩෙංගු වෛරසය පැතිර යන්නේ ඊඩිස්‌ ඊජීප්ටයි (Aedes aegypty)) සහ ඊඩීස්‌ ඇල්බොපික්‌ටස්‌ (Aedes albopictus) කාණ්‌ඩවලට අයත් මදුරුවන් දෙදෙනා ගෙනි. එම නිසා මෙම මදුරුවන්ට ඩෙංගු මදුරුවන් කියා සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු.

    ඩෙංගු වෛසරය ශරීර ගතවීම

    ඩෙංගු වෛරසය සහිත මදුරුවකු අපගේ ශරීරය විද ලේ උරාබොනවිට වෛරසය ශරීර ගතවේ.

    එසේම ඩෙංගු මදුරුවකු ඩෙංගු රෝගියකුගේ ශරීරයේ ලේ උරාබොන විට රෝගියාගේ ශරීරයේ ඇති ඩෙංගු වෛරසය මදුරුවාගේ ශරීරයට ඇතුළු වේ.

    එවැනි මදුරුවකු වෙනත් අයකුගේ ශරීරයෙන් ලේ උරා බොනවිටදීද ඩෙංගු වෛරසය එම පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වේ.

    අපගේ රුධිරය හැඩගැසී ඇත්තේ ඉතා ඉක්‌මනින් කැටි ගැසීමටය. මදුරු තුඩකින් ඇතිවන රුධිර ගැලීමකදී ඩෙංගු වෛරසය ශරීර ගත වන්නේ කෙසේ දැයි කියා යමෙකුට සිතෙනු ඇත.

    මදුරුවන් අපගේ ශරීරයෙන් ලේ උරා බීම සඳහා සිරුර විදින විට ලේ කැටි ගැසීම වළක්‌වන ද්‍රව්‍ය උගේ කෙලමගින් පිටකරයි. ඉන්පසු ලේ උරා බොයි. මෙම අවස්‌ථාවේදී මදුරුවාගේ කෙල මගින් ශරීරයට වෛරසය ඇතුළුවේ.

    ඩෙංගු රෝගය මතුවීම

    වෛරසයක්‌ ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව පවතී. ඒ අනුව ඩෙංගු වෛරසය ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව ක්‍රියා කරයි.

    වෛරසයක්‌ ශරීර ගතවූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌තිය නිපදවා එය විනාශ කිරීමට කටයුතු කරයි. මෙම ප්‍රතිදේහ ක්‍රියා කිරීමේදී රුධිර පට්‌ටිකාද විනාශ වේ.

    එබැවින් වෛරස රෝගයකදී විවේකීව සිටීම ඉතා වැදගත්ය.

    සිරුරේ ඇති ලක්‌ෂ 1 1/2 ක්‌ පමණ වූ රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවූ විට රුධිරය කැටි ගැසීම දුර්වල වේ. එවිට රුධිර සංසරණයටද බාධා මතුවේ.

    ඩෙංගු රෝගයේදී අධික හිසරදය ඇස්‌ යට වේදනාව ඇඟපත වේදනාව, උණ ඇතිවීම යන රෝග ලක්‍ෂණ මතුවේ.

    ඩෙංගු රක්‌තපාතය

    ඩෙංගු වෛරසයට එරෙහිව ශරීරය ක්‍රියාකිරීමේදී ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වුවහොත් වෛරසය ප්‍රබලවී රුධිර පට්‌ටිකා දින දෙකක්‌ පමණ කාලයකදී ඉතා ඉක්‌මනින් විනාශ වේ. එවිට රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවී රක්‌තපාත තත්ත්වය හටගනී. එවිට සිරුර අභ්‍යන්තරයේ රුධිරය ගලායාමක්‌ සිදුවී මරණයට පත්විය හැකිය.

    ඩෙංගු රක්‌තපාතයට ගොදුරුවීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙස කුඩා දරුවන්, වැඩිහිටියන් රෝගී පුද්ගලයන් සහ වරක්‌ ඩෙංගු රෝගයට ගොදුරු වූවන් හඳුනාගෙන ඇත.

    ඩෙංගු සඳහා ප්‍රතිකාර

    එකදිගට උණ පවතිනවානම් ඇඟපත වේදනාව ඇත්නම් උණ ඇතිවී තෙවැනි දිනයේදී වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පට්‌ටිකා පරීක්‍ෂාවක්‌ හෝ සම්පූර්ණ රුධිර පරික්‍ෂාවක්‌ සිදු කළ යුතුය.

    එම වාර්තාව අනුව රුධිර පට්‌ටිකා විශාල ලෙස පහළ බැසීමක්‌ පවතී නම් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුය.

    රුධිර පට්‌ටිකා පහළ බැසීමේ අවදානමක්‌ දක්‌නට ලැබේ නම් පසු දිනයේදීත් රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ඒ අනුව රෝහල් ගත කිරීම පිළිබඳව තීරණයක්‌ ගනු ලැබේ. රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන විට රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා විශේෂිත සේලයින් වර්ගයක්‌ ලබාදේ.

    ඇඳෙන් බිමටවත් නොබැස විවේකීව තබයි.

    පැයකට වරක්‌ ජලය මිලි ලීටර් 100 ක්‌ (100 ml) බැගින් පානයට දී මුත්‍රා පිටවන ප්‍රමාණය පරික්‍ෂා කරනු ලබයි.

    මෙමගින් සිදු කරන්නේ අභ්‍යන්තර රුධිර වහනයක්‌ සිදුවන්නේ දැයි කියා පරික්‍ෂා කිරීමටය. පානය කරන ජලය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවේ නම් අභ්‍යන්තර රුධිර වහනය අවදානමක්‌ පවතී.

    ඩෙංගු රෝගය නිසා මියයැමට ඇති අවදානම වළක්‌වා ගැනීමට නම් දින තුනකට වඩා උණ පැවතීම ඇස්‌ යටින් මතුවන අධික හිසදරය, ඇ`ගපත වේදනාව යන අපහසුතා මතු වූ වහාම වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පරීක්‍ෂාවකට යොමුවී නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.

    [rns_reactions]

  • කිරි වැඩි වෙලා විසි කරන්නෙ රටටම කිරි ඉතිරිලා ද?

    මෙරට කිරි නිෂ්පාදනයේ ප්‍රධාන භූමිකාවේ නිරත වන මිල්කෝ සමාගම දිනපතා කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලදී. මේ අප එම කිරි අර්බුදය පිළිබඳව මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න සහ මෙරට කිරි නිෂ්පාදනයේ යෙදෙන අනෙක් සමාගම වන පැළවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක සමඟ කළ සාකච්ඡාවකි.

    බවුසර් ප්‍රමාද වුණාම කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා

    -මිල්කෝ සභාපති කීර්ති මිහිරි පැන්න-

    මිල්කෝ සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනක් විනාශ කරන බවට පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

    මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතරු මත පදනම් වූ පුවතක්. ශ්‍රී ලංකාවේ අතිරික්ත කිරි ප්‍රමාණය මිලදී ගන්න එකම ආයතනය තමයි මිල්කෝ. අපේ අඹේවෙල කම්හලේ දිනකට කිරි සැකසුම් ධාරිතාව ලීටර් ලක්ෂ 2යි. ඒත් අපි දිනකට කිරි ලීටර් 2,75,000ක් මිලදී ගන්නවා.

    ඉතින් සැකසීමට හැකි ධාරිතාවට වඩා කිරි මිලදී ගත්තොත් එය අපතේ යෑම සිදු වෙනවානේ.

    අපි වැඩි වශයෙන් කටයුතු කරන්නෙ දෙනුන් තුන් හතර දෙනා ඉන්න සුළු පරිමාණ කිරි ගොවියන් එක්කයි. ඇත්තෙන්ම අපි කිරි අතිරික්තයක් මිලදී ගන්නේ කිරි ගොවියාට සහන සලසන්න කටයුතු කරන හින්දයි. අපි ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්න මාසෙකට රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය කරනවා.

    කොහොම හරි මේ වැඩිපුර කිරි හලන්න සිදු වෙච්ච එක බොරුවක් නෙමෙයි නේද?

    මෙහෙම කිරි හලන මුල් වතාව මේක නෙමෙයි. කොහොම වුණත් කිරි ලීටර් ලක්ෂ ගණනක් හලන කතාව නම් බොරු. අපි මිලදී ගන්න කිරි අතිරික්තය පසුව
    නිෂ්පාදන කාර්යාවලියට යොදා ගන්නවා. නමුත් මේ අතරතුර කිරි එකතු කරන බවුසර් වල ප්‍රමාද වීම් වගේ බොහෝ හේතු නිසා කිරිවල නිසි ප්‍රමිතිය නැතිව යනවා. එතකොට ඒ කිරි නරක් වෙනවා. එහෙම වුණාම ඒ කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා. මොකද අපට නරක් වූ නිෂ්පාදන පාරිභෝගිකයාට දෙන්න බෑනෙ.

    ඔබ සමාගම මිලදී ගන්න අතිරික්ත කිරි සැකසුම සඳහා වැඩපිළිවෙළක් නැද්ද

    මේ සඳහා දැනටමත් අඹේවෙල කර්මාන්ත ශාලාව දිනකට තවත් කිරි ලීටර් ලක්ෂ 3ක් සැකසිය හැකි ආකාරයට වැඩි දියුණු කෙරෙනවා. තව මාස දෙක තුනකින් එහි වැඩකටයුතු ඇරඹේවි. ඒ වගේම බඩල්ගම දිනකට කිරි ලීටර් ලක්ෂ2ක් සැකසිය හැකි කම්හලක් ආරම්භ වනවා. එහි ධාරිතාව ලීටර් ලක්ෂ 4 දක්වා වැඩි කරනවා.

    ඔබ කිරි ගොවියන් නඟාසිටුවීම ගැන කතා කරද්දී රජය ආනයනික කිරිපිටි සඳහා වන බදු 225% සිට 45% දක්වා අඩු කිරීමට තීරණය කොට තිබෙනවා. මෙහෙම දේවල්වලින් දේශීය කිරි ගොවියන් නඟාසිටුවන්නෙ කොහොමද?

    ඇත්තෙන්ම එය නොවිය යුත්තක්. මේ බදු අඩු කිරීමෙන් රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කිරිපිට ආනයනය කෙරෙනවා. මේ ආනයනික කිරිපිටි කිලෝවක මිල වෙන්නෙ රුපියල් 450ක්. අපිට දේශීය වශයෙන් කිරි කිලෝවක් සකසන්න රුපියල් 660ක් වැය වෙනවා. බලශක්තියට රුපියල් 60ක් වැය වෙනවා. හැමදේම එකතු වුණාම කිරි කිලෝවක
    නිෂ්පාදන වියදම රැපියල් 850ක්. මේ හේතුව නිසා දේශීය කිරි ගොවියාට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය වෙන්නෙ නැහැ. මේක දේශීය කිරි ගොවියට විශාල අසාධාරණයක්. ඇත්තටම සිදුවිය යුත්තේ ආනයනික කිරිපිටිවල බදු මිල වැඩි කිරීමයි.

    අපේ රටේ නාන්න කිරි තියෙනවා ඒත් පිටරටින් ගෙන්වනවා

    -පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක-

    අපේ රටේ කිරි අවශ්‍යතාව හා එය සපුරාලීම පිළිබඳව ඔබේ අදහස

    කොටින්ම මේ රටේ නාන්න තරම් ප්‍රමාණවත් වන තරමට කිරි තිබෙනවා. ඒ කියන්නෙ කිරි අතිරික්තයක් තිබෙනවා. එහෙම තියෙද්දි නවසීලන්තය වගේ රටවල්වලින් ශ්‍රී ලංකාවට කිරි ගේන්න ඕනෙද? ගිය අවුරුද්දෙ ටොන් 90,000ක කිරිපිටි තොගයක් මෙරටට ආනයනය කරලා තියෙනවා. මම නං දකින්නෙ මේක මහා කාලකණ්ණිකමක් හැටියටයි.

    අපේ රටේ කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මිල්කෝ හැරුණාම අපේ විතරක් කර්මාන්තශාලා තුනක කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මීට අවුරුදු තුනකට කලින් ආනයනය කළේ කිරිපිටි ටොන් 60,000යි. මේ වෙද්දි ඒක ටොන් 30,000කින් ඉහළ ගිහින්. ඇත්තටම මෙහෙම තත්ත්වයක් යටතේ සිදුවිය යුත්තේ කිරිපිටි ගෙන්වන එක නතර කිරීමයි.

    මීට දශක කීපයකට පෙර එළකිරි පානය කළ ජාතියක් වූ අපි පිටිකිරිවලට හුරු වීමට බලපෑ හේතු මොනවාද?

    ඇත්තටම හුරුවුණා නෙමෙයි. කිරිපිටිවලට බලෙන් හුරු කළා. දැන් අපිටත් ඒක නතර කරගන්න බැරිවෙලා. ඉස්සර පාන් කන එක ලැජ්ජාවට හේතුවක්. දැන් ඒක විලාසිතාවක් වෙලානෙ. ඔය එළකිරි බොන එකටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි.

    ලෝකෙ කොහෙද පිටි කාලා තේ බොන්නෙ. කිරිපිටිවලට වතුර දාලා දියර කිරි හදාගෙන තමයි අපි තේ බොන්නෙ. පිට රටවල්වලින් කිරිපිටි කරලා එවන්නෙ ප්‍රවාහනයට පහසු හින්ද. ඒ වගේම ඒ පිටිවලට නොයෙක් අහිතකර දේවල් මිශ්‍ර කරලා තියෙනවා. ඉතින් අපේ රටේ වීසි කරන්න තරම් කිරි තියෙද්දී මොනවටද පිටරටින් කිරිපිටි ගේන්නෙ.

    අපි කිරි විසිකරන තැනට පත්වෙලා තියෙන්නෙ කොහොමද?

    අපේ රටේ ලක්ෂ 13ක එළදෙනුන් ගහනයක් ඉන්නවා. ඒ අතරින් කිරි ගන්නෙ 2,40,000ක පමණ දෙනුන් සංඛ්‍යාවකින් විතරයි. එහෙම ගන්න කිරි ශීත කරලා ගබඩා කරන්න පහසුකම් තියෙන්න ඕනෙ. ඒවා ප්‍රවාහනය කරන්න ශීතකරණ බවුසර් ඕනෙ. ඒ පහසුකම් අපට අවශ්‍ය තරමට නැහැ. අපි එළකිරි බීමට පුරුදු වුණා නම් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳෙනවා. මේ රටේ දේශගුණයට, රටට, ආර්ථිකයට මේ හැම දේටම ගැළපෙන ක්‍රමය තමයි ඒ. ඇත්තටම කරන්න ඕනෙ පිටින් ගේන එක නෙමෙයි, අපේ කිරි හා කිරි නිෂ්පාදන අපනයන කරන එකයි. අපි එහෙම කළ හැකි තත්ත්වයක ඉන්නවා.

    එහෙම අපනයනය කරන්නෙ කොයි රටවලටද

    ඇයි චීනය වගේ රටවල්වලට අපනයනය කරන්න පුළුවන්නෙ. අපි චීනෙන් කොයිතරම් දේවල් ගෙන්නනවද. ජපානයෙන් කොච්චර දේවල් ආනයනය කරනවද? අපි ඒ රටවල්වලින් ගන්න කොට ඒ රටවල්වලට අපෙනුත් ගන්න ගිවිසුම්වලට එළඹෙන්න බැරි ඇයි?

    මේ ප්‍රශ්නයට රජයට මැදිහත් වෙන්න බැරිද?

    කවදද ලංකාවේ ‘රජයක්’ තිබුණෙ? දේශපාලකයෝ ටිකක් එනවා. ඒ කට්ටිය යනවා. ආර්ථික ප්‍රතිපත්තියක් කියලා එකක් තිබුණද? එහෙම එකක් තිබුණනං මෙහෙම වෙනවද? අපි කන්නෙ, බොන්නෙ පිටරටින් ගෙනෙන දේවල්. රජයක් තියෙනව නම් අපේ නිෂ්පාදන

    තිබිය යුතුයි. අපේ රට සමහර පැතිවලින් ලෝකයේ පොහොසත්ම රටක්. අපිට කෑම බීම නිෂ්පාදනය කළ හැකියි. දවසට පැය 12ක් අව්ව වැටෙනවා. මුං ඇට, කුරක්කන් වගේ දේවල් මෙහෙ ඉතා හොඳින් වැවෙනවා. ඒත් ඒවත් අද පිටි රටින් ගෙන්වනවා. අපේ රටේ තියෙන්නේ ‘ලාභනං ගෙනල්ල කන්න’ කියන න්‍යාය. ඒකෙන් වෙන්නෙ රට නැති වෙන එක.

    කිරි කර්මාන්තය නඟා සිටුවන්න ඔබ යෝජනා කරන්නෙ මොන වගේ වැඩ පිළිවෙළක්ද?

    මුලින්ම පිටරටින් පිටි කිරි ගෙන්වන එක සීමා කරන්න ඕනෙ. එතකොට අපේ කිරි වීසි කරන්න සිද්ධ වෙන්නෙ නැහැ. ඉන් පස්සෙ අපි ඒක අතෑරලා ඉන්න දෙනුන්ගෙන් කිරි ‍ෙදාවන්න පටන් ගන්න ඕනෙ. එහෙම වුණොත් 2018 විතර වෙනකොට බටර් විතරක් නෙමෙයි අපිට කිරිත් පිටරට යවන්න පුළුවන්.