Category: සුපිරි Walks

  • පාපුවරුවේ සිට දුරකථන ඇමතුම ගත් තරුණයා දුම්රියෙන් වැටී මරු දකී

    දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි 17 හැවිරිදි තරුණයෙකු පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී එතැනම මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

    කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනයවූ ශීඝ‍්‍රගාමි දුම්රියෙන් වැටී එසේ මියගොස් ඇත්තේ යාපහුව කෝන්වෑගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. කසුන් ලක්මාල් හේරත් 17 නැමති තරුණයෙකි.

    මියගිය අය එම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පෙරේදා 17 උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළී වී ඇත. මෙම පිරිස රාගම දුම්රිිය ස්ථානයෙන් මහව බලා යාමට මෙම ශීඝ්‍රගාමී දුම්රියට නැඟ තිබේ. මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මියගිය අය දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් පසුව දුම්රියේ සිටි පිරිසක් කවුදෝ වැටුණා කියා කෑගසා දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී සිටිනු දැක ඇත.

     [rns_reactions]
  • වාහන මිල ගණන් පහලට…

    ජයේ නිලධාරියකු විසින් 2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබේ.

    මෙම නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 25,000/- ට වැඩි නමුත් ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර තිබේ.

    මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 ක් විය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

    [rns_reactions]

  • මීතොටමුල්ල කාබනික පෝර කම්හලේ වැඩ කොටඋඩ

    කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින් තිබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා එම ගොඩනැගිලිවල සවිකර තිබූ යන්ත්‍ර කොටසක් ගලවා ඉවත්කරගෙන ගොස් තිබෙන අතර කොටසක් කුණු කන්දට යටවී ගොස් ඇතැයි කියති. මීතොටමුල්ලේ අක්කර දෙකක පමණ භූමියක ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වසර දෙකක පමණ කාලයක් සාර්ථකව පවත්වාගෙන ගොස් පොහොර නිපදවීමක් කර පසුව අත්හැර දමා ඇත.

    කොලොන්නාව නගර සභාවේ පාලනය යටතේ තිබූ මෙම කාබනික පොහොර කම්හල වසා දැමීමට සිදුවූ හේතු සම්බන්ධයෙන් විමසූ විට කොලොන්නාව නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ගුත්තිල සිල්වා මහතා
    මෙසේ පැවසීය. කොලොන්නාව නගර සභාව කළ ඉල්ලීමකට අනුව 2010 වසරේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ මේ ගොඩනැගිලි ඉදිකළේ කසළවලින් පොහොර නිපදවීමේ අරමුණින් බව කියන්න ඕනෑ.

    වසර දෙකක පමණ කාලයක් පොහොර නිපදවා නගර සභාව ආදායමක් ලබාගත්තා. එවකට සිටි පරිසර ඇමැති පාඨලී චම්පික ඇමැතිතුමා මේ සඳහා අවශ්‍ය මුදල් ලබාදුන් බවත් කියන්න ඕනෑ. පසුව මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න ඉඩ ලැබුණේ නෑ. වෙනත් යෝජනා ඇවිත් කඩාකප්පල් වුණා. කොළඹ නගර සභාව යටතට කසළ අංගණය ගත්තට පස්සේ පොහොර කම්හල වැහිල ගියා. විශාල වියදමක් දරලා ඉදිකළ ගොඩනැගිලි හතර දිරාපත් වෙමින් තිබෙනවා. මේ ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන ගියේ නම් කුණු ප්‍රශ්නය දිග්ගැසෙන්නේ නෑ.

    මේ වනවිට කොලොන්නාව නගර සභාවට කසළ දාන්න ප්‍රදේශයේ තැනක් නෑ. මීතොටමුල්ලට නැවත කුණු දාන්නත් බෑ. නමුත් මේ ගොඩනැගිලිවලින් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ.

    හිටපු නාගරික මන්ත්‍රී සාලිය වික්‍රමසිංහ මහතා:
    පිළිසරු ව්‍යාපෘතියට නිසි සහයක් ඉහළ තැන්වලින් නොලැබුණු නිසා එය නතර කරන්න සිදුවුණා. ගොඩනැගිලි හා යන්ත්‍ර විනාශ වුණා. කොලොන්නාව නගර සභාව එයට වන්දියක් ඉල්ලුවා. කොළඹ නගර සභාවට අපේ විරෝධය පළකළා. පසුව තවත් ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නා.

    කොම්බිටෙක් කියන ජර්මන් තාක්ෂණයට අනුව කසළවලින් ගෑස්, විදුලිය, පොහොර හා අයිස් හදන්න සැලසුම් කරලා තිබුණා. භූගත ක්‍රියාවලියක් මගින් කර්මාන්තය කරන බව ඒ ගැන දැනුම තිබූ අය කිව්වා. මේ වැඩපිළිවෙළට ඒකමතිකව සියලු මන්ත්‍රීවරු කැමැත්ත දුන්නා. ජර්මනිය සියයට 75ක අරමුදල් දෙනවා කිව්වා.

    මේ කර්මාන්තය සඳහා අක්කර 3ක ඉඩමක් ඕනෑ වුණා. අපිට ඉඩමයි කසළයි දෙකම තිබුණා. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම නොදී සිටියා. ගොවිජන සේවා අධිකාරිය සහාය දුන්නේ නෑ. ඒ නිසා ඒ ව්‍යාපෘතියත් කෙරුණේ නෑ. සමහරු කිව්වා පාරිසරික ප්‍රශ්න එනවා කියලා. සෞඛ්‍යයට තර්ජනයක් කිව්වා.

    කසළ කළමනාකරණය සඳහා ගෙනා හොඳ යෝජනා සියල්ල කඹ ඇදීම් නිසා කෙරුණේ නෑ. කසළ ගොඩගහලා තියලා වැඩක් නෑ. කොලොන්නාවේ කර්මාන්ත කලාපයක් කරන්න තිබූ තැන මේ වනවිට අවදානම් කලාපයක් වෙලා. එය කනගාටුවට කරුණක්.

    පිළිසරු ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ගොඩනැගිල්ලට සිදුවූ හානිය ගැන පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. කොළඹ නගර සභාවටත් මේ ගැන දන්වලා තිබෙනවා. ඒ අතර පරිසර අධිකාරියටත් දන්වලා තිබෙනවා. ඔවුන් මෙහි තක්සේරු වටිනාකම ලබාදෙනවා කියලා අපිට කිව්වා. එය තවමත් ලැබුණේ නෑ.

    එය ලැබුණ පසු වන්දියක් ඉල්ලන්න කටයුතු කරනවා යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොලොන්නාව නගර සභාවේ ප්‍රධානියෙක් පැවසීය.

    [rns_reactions]

  • නැවත දැනුම්දෙන තුරු පෞද්ගලික රෝහල්වල රුධිර පරීක්ෂණ අද සිට පහලට

    පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. 

    පවතින තත්ත්වයත් සමග සිදු කරන රුධිර පරීක්ෂණ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

    මෙම තීරණයත් සමග රෝගීන්ට වඩා පහසුවක් හිමිවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ. 

    රජය විසින් තීරණයක් අරන් තිබෙනවා ඩෙංගු රෝගය සඳහා කෙරෙන පූර්ණ රුධිර පරික්ෂාව රුපියල් 250ක උපරිමයකට සීමාවක් පණවන්න. නැවත දැනුම් දෙන තුරු. 

    ඒ වගේම මේ ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව රුපියල් 1000කට සීමාකර තිබෙනවා. 

    මේ පිළිබඳ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා. 

    මෙම මිළ සංශෝධනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

    [rns_reactions]

  • රස ගුණ සපිරි රඹුටන් – කන්න කලින් කියවන්න..

    මේ දිනවල වෙළෙඳපොළේ සුලබව දැකිය හැකි පලතුරක් ලෙස රඹුටන් හඳුන්වා දිය හැකිය.

    වසරේ සෑම දිනකම අපේ ඇස නොගැසෙන පලතුරක් වන මෙය දැක ගත හැකි වනුයේ ජූනි, ජූලි මාසවලදීය. පලතුරක් ලෙස ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ රඹුටන් පිළිබඳ ඇතැමුන් කෙබඳු මතයක් පිළිපැද්ද ද ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවක් සේම ඉන් ලැබෙන පෝෂණීය ගුණය ද අතිමහත් වේ.

    ඇතැම් පුද්ගලයන් දරන වැරැදි මත නිසා රඹුටන් ආහාරයට නොගැනීමෙන් එහි රස නොවිඳින්නේ ඔබ බියට පත්ව ඇති බැවිනි. රඹුටන් කෑමෙන් උෂ්ණය අධික වේය යන්න පැරැණි මතයකි. අපි මෙහි ඇත්ත නැත්ත දැන ගනිමු.

    රඹුටන්වල අහිතකර බලපෑම් –

    රඹුටන් ඇට කෑම නුසුදුසුය. යම් හෙයකින් ඔබට එය විස විය හැකිය.

    ශාකයේ පල හට ගන්නා කාලයට මී මැස්සන් වැඩිපුර එන බැවින් ඔබ මී මැසි උවදුරින් පරෙස්සම් වන්න.

    බිම වැටී ඇති පල අනුභවය නුසුදුසුය.

    රඹුටන් කටින් කඩන්නේ නැතිව අතින් කඩා ආවරණය ඉවත් කර ගන්න.

    බඩ රිදුම් ඇති රෝගීන් මෙම පලතුර අනුභවයෙන් වලකින්න.

    බඩ වියළී ඇති පුද්ගලයන්ටද සුදුසු නොවේ.

    දිනකට සුදුසු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් උණ වැනි ආසාදන තත්ත්ව ඇති විය හැකිය. එසේ වන්නේ රඹුටන් ගුණයෙන් වැඩි වීම නිසා වැඩි ප්‍රමාණය උෂ්ණය ලෙස සිරුරෙන් ඉවත් වීමයි.

    රඹුටන්වල ගුණ –

    මෙය සීනි සහිත පලතුරකි. ස්වාභාවිකව සොයා ගත හැකි සීනි වර්ග 02ක් වන ‘Fructose ‘ සහ ‘sucrose ‘යන දෙවර්ගයම අඩංගු වේ. එම නිසා කුඩා දරුවන්ට වුවද දිය හැකි පලතුරකි.

    අඩු කැලරි ප්‍රතිශතයක් අඩංගු වීම තුළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තද සිරුරේ බර ප්‍රමාණය වැඩි නොවේ.

    විටමින් සී, ඩී, ඒ, පොටෑසියම්, බේටා කැරොටින් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වේ. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, සෝඩියම් සහ ආහාර ජීර්ණයට අවශ්‍ය කෙරෙන කෙඳි හොඳ ප්‍රෝටීන වර්ගද අඩංගු වේ. අනාදිමත් කාලයක සිට මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ඖෂධයක් ලෙසද භාවිත කොට ඇත. ඊට අමතරව බඩේ අමාරු තත්ත්ව ආදියටද ඔසුවකි.

    තායිලන්තයේ ‘chiang mai ‘ විශ්වවිද්‍යාලය කළ පර්යේෂණවලට අනුව රඹුටන්වල flavonoibs වැඩිපුර ප්‍රතිශතයක් අඩංගු වේ. flavonoibs විසහරණ ක්‍රියාවලියේදී විශාල මෙහෙයක් ඉටු කරයි. එය කොලෙස්ට්‍රෝල්, පිළිකා සහ අනෙක් රෝග පීඩාදියෙන් ආරක්ෂිත පටලයක් ලෙස ක්‍රියාත්මක වේ.

    කාබනික ආහාරවල ඇති gallic acid ද්‍රව්‍යය මගින් අපේ සිරුරට ඇතුල් වන විසෙන් ආරක්ෂා කරයි. විටමින් සී දිනකට අවශ්‍ය ප්‍රමාණය වන්නේ 75mg – 90 mg වේ. මෙම ප්‍රමාණය දිනකට රඹුටන් ගෙඩි 10ක් පමණ කෑමෙන් ලබා ගත හැකිය. යකඩ සිරුරට අවශෝෂණය කිරීම සඳහා අනිවාර්යෙන්ම විටමින් සී තිබිය යුතුය. විටමින් සී ඌනතාව ඇති පුද්ගලයන්ට යකඩ ඌනතාව ඇත.

    රඹුටන්වල කොපර් කුඩා ප්‍රමාණයකින් අඩංගු වන නිසා රුධිරානු සෑදීමේ කාලයේදී එය විශාල කර්තව්‍යයක් ඉටු කරයි. රතු රුධිරානු ඌනතාව නිසා අපේ සිරුරේ ඇති සුදු රුධිරානු ප්‍රතිශතයේ ඉහළ යාමක් සිදුවේ. එම තත්ත්වය රුධිරය ආශ්‍රිතව හට ගන්නා රුධිර පිළිකා ආදියට අත වැනීමකි.

    ඒ අනුව රඹුටන් කෙතරම් ගුණදායී පලතුරක්ද යන වග පෙනෙනවා නේද?

    [rns_reactions]

  • අපි පාරක් ගැහුවේ නැති පුතා මැරුවේ ඔළුවට පරාල ඇණ ගහලා – ත්‍රිමාවිතානගේ මව

    පද්මසිරි ත්‍රිමාවිතානගේ මව ලෙබනනයේ යුද බිය මැද රැකියාවට ගොස් ඇත්තේ වසර 5 ක කොන්තරාත් කාලයක් සඳහාය. ත්‍රිමාවිතාන නිතරම තම ලිපි මගින් දන්වා සිටියේ වසර 5 ම සේවය කොට ත්‍රිමාත් තම නංගිලා මල්ලිලාටත් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. තම නිවසින් වසර 4 1/2 ක් ගිය මුත් කිසිම දවසක ලංකාවට එන ලෙස දන්වා නැති නිසා ත්‍රිමාගේ මවට යම් ගුප්ත සිතුවිල්ලක් මෙන්ම සැකයක් ඇතිවන්නට විය.

    ‘‘මට ලොකුම ප්‍රශ්නය වුණේ ලෙබනනයේ මම සේවය කළ නිවසේ හිමියන් දාලා එන එක. මම අවුරුදු 4 1/2 ක් පවුලේම කෙනෙක් වගේ හිටියේ. මිනිස්සු මැද පෙරදිග ගිහින් අසරණ වුණාට මට නම් හොඳම තැනක් ලැබුණේ. මගේ දරුවන්ගේ වාසනාව නිසා වෙන්නැති. මං එනවා ආයි ලංකාවට කිව්වම ඒ ගෙදර අය ඔක්කොම ඇඬුවා. උඹ ආපහු ලංකාවට ගිහින් එනකම් උඹ වගේම හොඳ කෙනෙක් නවත්තලා යන්න කියලා මට කිව්වා. මට කිව්වෙම ආපහු වරෙන් කියලා. මට ලෙබනනයේ ඉන්න කොටම තේරුණා ත්‍රිමා පුතා වෛද්‍ය වෘත්තීය අධ්‍යාපන කඩ බවට පත් වීමට වගේම ඉන්දියාව ලංකාවට එල්ල කරන තර්ජන බලපෑම් ගැන කැකෑරෙන වෛරයෙන් ඉන්න බව. එයා එයට විරුද්ධව රත්නපුරේ පැත්තේ දේශන පවත්වනවා කියලා නම් කීයටවත් හිතුවේ නැහැ.’’

    කටුනායක ගුවන් තොටට පැමිණි සැණින් ත්‍රිමාගේ මව විමසා ඇත්තේ තම ලොකු පුතා පද්මසිරි ත්‍රිමාවිතාන ගැනය. තම සැමියාට අමාරු බව කිව්වත් තම පවුලේ අය හංගන යම් බලගතු කාරණයක් ඇති බව ත්‍රිමාගේ මවට දැනෙන්නට විය.

    මහ ගෙදර ඇවිත් දවස් 2-3 ක් ගත වූ මුත් පද්මසිරි පුතා තමන් බලන්නට නොපැමිණීම ත්‍රිමාගේ මවට මහත් ප්‍රශ්නාර්ථයක් විය.
    අහල පහල නිවැසියන් තමන් හමුවට පැමිණ කතා කරන විට යම් සංයමයකින් කතා කිරීම ඇය තුළ ඇති කළේ කුතුහලයකි.

    ටික දවසක් යන කොට ගෙදර කට්ටිය ගංගන්නම බැරි තැන මගේ ජීවිතයේ එකම බලාපොරාත්තුව පද්මසිරි පුතාට අත්වුණු ඉරණම මට කිව්වා. ඒක මට දරා ගන්න බැරි වේදනාවක් වුණා. පුතා දිවි පිදුවේ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණයට එරෙහිව.

    මට ලෙබනනේට එන්න කියලා තිබ්බේ තුන් මාසේ දානේ දෙන්න. මගේ තරුණ ජීවිතයම මම ලෙබනනයේ කැඹුරුවේ මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ කාලේ මගේ පඩිය ඩොලර් 100 යි. ලංකාවේ සල්ලිවලින් රු. 2500 /- යි. පුතා පද්මසිරි කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නොමෙයි. පවුලටම ආදරෙයි. මම ලෙබනන් ඉන්න කොට ඇටසැකිල්ලක් ගන්න රු. 500/- ක් ඉල්ලල එවල තිබුණා. මං ලංකාවට ආපු අලුත පුතාගේ කාමරේ ඒ ඇටසැකිල්ල එල්ලල තිබුණා. ලෙබනන් යුද්දෙ නිසා එහෙ වැඩ කරපු අපි වගේ අයගේ පඩිය 50% කින් කැපුවා. ඒත් පද්මසිරි පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නේ මේ පඩි සල්ලිවලින් කිව්වාම ලෙබනන් ගෙදර අය පඩිය සතයක් කපන්නැතුව අතටම දුන්නා. ගෙදර මහත්තයා මම එනකොටත් කිව්වේ ‘‘උඹේ ළමයි ඉගෙන ගන්නවනේ. ආපහු වරෙන් කියලා.’’

    පද්මසිරි ත්‍රිමාවිතාන අද ජීවතුන් අතර සිටියා නම් ඔහුගේ වයස 53 කි. ත්‍රිමාගේ මව කියන්නේ තම සැමියා මිය යනතුරුම ලොකු පුතා පද්මසිරි ගැන මතක් කළ බවය.

    ත්‍රිමාවිතාන යන නම මෙරට වෛද්‍ය සේවයේ කෙතරම් කිඳා බැස ඇති නමක්දැයි ඔහුගේ මව අපට කියූ කතාවකින් අපට මනාව වැටහී ගියේය.

    ඉස්පිරිතාලේ බේත් ගන්න පෝලිමේ ඉන්න කොට මගේ නම “ත්‍රිමාවිතාන” කියලා දැනගත්ත ගමන් දොස්තරලා මාව ඉස්සරහටම ගන්නවා පෝලිමෙන් අයින් කරලා. ත්‍රිමා පුතා වෛද්‍ය විද්‍යාලය පෞද්ගලීකරණයට එරෙහිව දිවි පුදපු එක ගැන දොස්තරලා පුදුම ගෞරවයක් තියෙන්නේ. සමහර දාට පුතා එක්ක ඉගෙන ගත්ත දොස්තරලත් කලාතුරකින් හම්බෙනවා. ත්‍රිමා පුතා හිටියා නම් මටත් වෙදකම් කරයි නේද කියලා මට එතකොට ඉබේම හිතෙනවා. පද්මසිරි පුතාට අපි පාරක් ගහල වත් හැදුවේ නැහැ. පත්තරවල තිබුණලු පුතාට පරාල ඇණ ගහලය මරලා පුච්චල තිබුණේ කියලා. අපි කොච්චර හොඳට දරුවෝ හැදුවත් දේශපාලනයට ගියාම හික්මීමක් නැති වෙනවා. අද ත්‍රිමා පුතා හිටියනම් දොස්තර කෙනෙක් විදියට රටටත් සේවයක් කරලා පවුලටත් සේවයක් කරනවා.’’
    ත්‍රිමාගේ මවගේ කතාව අසා සිටි විට අපට ප්‍රශ්නයක් වූයේ ත්‍රිමාවිතාන සමග දේශපාලනයේ යෙදුන පුද්ගලයින්ගෙන් ඇයට යම් රැකවරණයක් නොලැ​ෙබන්නේ ද යන පැනයයි. ඒ ගැන ඇය පවසා සිටියේ තමන් අසරණ මුත් තම අනෙක් දරුවන් සමග ඇය තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවය.

    ත්‍රිමා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම එයාගේ සමකාලීනයින්ගේ යුතුකම. මම කාගෙන්වත් මුකුත් ඉල්ලන්නේ නැහැ. මට මහත්තයගේ පෙන්ෂන් එක තියෙනවා. ලොකු පුතා ඇඳපු චිත්‍ර, ලියපු ලිපි, කවි ගොඩක් මං ගාව තිබුණා. එක එක්කෙනා ගෙනත් දෙන්නම් කියලා ගෙනිහිල්ලා දැන් මුකුත් මං ගාව නැහැ. මට ඒ ටික ලැබුණොත් ඇති.

    ත්‍රිමාවිතාන වෛද්‍ය ශිෂ්‍ය ඝාතනය සිදු වී ඇත්තේ මීට වසර 29 කට පෙර 1988 දීය.

    මේ ඝාතනය ගැන මුලින්ම පුවත් පත් වාර්තාවක් පළ කොට ඇත්තේ 1988 ඔක්තෝබර් 27 වැනිදා දවස පුවත්පතේ මුල් පිටුවේය.
    මළ සිරුරු තුනම අද යළි ගොඩ ගනී.

    වැල්ලවායේ මැදගොඩ කොස්ලන්ද කැලෑවේදී මරා පුළුස්සා දමා තිබියදී ගොවියකුට හමු වූ නාඳුනන තරුණයින් තිදෙනාගේ මළ සිරුරු තුන අද උදේ යළි ගොඩ ගැනීමට පොලිසිය මගින් කටයුතු යොදා ගෙන යනු ලැබීය.

    ඉකුත් ඉරිදා (23 වෙනිදා) සොයා ගන්නා ලද මෙම නාඳුනන මළ සිරුරු තුනම වැල්ලවායේ පොදු සුසාන භූමියේදී ආරක්ෂක අංශ මගින් භූමිදානය කරනු ලැබ ඇත.

    මෙම මළ සිරුරු තුන පිළිබඳව රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයේ නියමයක් මත මෙම ගොඩගැනීම සිදු කෙරෙනු ඇත.

    මරා දමා සිටි තරුණයින් තිදෙනාගේ කලිසම් කමිස ආදිය වැල්ලවාය පොලිසියට ඊයේ උදේ පැමිණි ඥාති මිත්‍රාදීන් කීප දෙනකු විසින් පරීක්ෂා කර බලා එම ඇඳුම් හඳුනා ගැනීමෙන් පසුව පොලිසිය විසින් මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබීය.

    ත්‍රිමා විතාන ඝාතන සිද්ධිය ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර ඇත්තේ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතාය. ඒ ගැන ද ඒ දින දවස පුවත්පත මුල් පිටුවේම වාර්තා කර ඇත්තේ මෙසේය.

    සිසුන් 3 ගේ මරණ ගැන පරීක්ෂා කරනවා ජාතික ආරක්ෂක ඇමැති කියයි.

    රත්නපුරයේදී පැහැර ගෙන ගොස් පුළුස්සා මරා දමන ලද ශිෂ්‍යයන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
    විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ උදේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇතුලත්මුදලි මහතා මෙම පරීක්ෂණය කිසිදු හේතුවක් නිසා හෝ හෝ පසුබෑමකින් තොරව සිදු කරන බවත් මෙම සිද්ධියට අදාළ යම් පුද්ගලයින් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇති බවත් කීය.
    1988 ඔක්තෝබර් 28 වැනි සිකුරාදා දවස පුවත් පතේ ප්‍රධාන පාඨයට පාදක වී ඇත්තේ ත්‍රිමාවිතාන ඇතුළු 3 දෙනෙකුගේ සිරුරු ගොඩ ගැනීමයි. එම ලීඩ් එක ලියා ඇත්තේ සමන් සුමනසේකර විසිනි. වැල්ලවායේදී ගොඩ ගත් සිරුරු 3 පරීක්ෂාවට කොළඹට ගෙනේ. සබරගමු මහ ඇමතිගේ පුතා රිමාන්ඩ් යනුවෙන් එහි සඳහන්ය. එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

    රත්නපුර නගරයේ දී ඉකුත් 28 දා විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (26 දා) සවස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සබරගමුව පළාතේ මහ ඇමති ජී.වී. පුංචි නිළමේ මහතාගේ පුත් සුසන්ත පුංචිනිළමේ මහතා නොවැම්බර් 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් ටියුඩර් ගුණරත්න මහතා ඊයේ නියෝග කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය එක් සරසවි ශිෂ්‍යයකුගේ ඥාති සහෝදරයකු විසින් රත්නපුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සුසන්ත පුංචි නිළමේ මහතා කොළඹදී පෙරේදා (26 දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

    රත්නපුර පොලිස් අධිකාරි සිරිසේන හේරත් මහතාගේ උපදෙස් මත පෙරේදා කොළඹ බලා පිටත් වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹදී පුංචි නිළමේ මහතා සැකපිට අත්අඩංගුවට ගත් අතර එදිනම රාත්‍රි ඒ මහතා රත්නපුරයට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය. වැල්ලවාය පොලිසියට සැතැපුම් භාගයක් පමණ ඈතින් වැල්ලවායේ සුසාන භූමියේ වළ දමා තිබූ මෙම සිසුන් තිදෙනාගේ මළ සිරුරු ඊයේ (27 දා) උදේ පොලිසිය විසින් නැවත ගොඩ ගනු ලැබූ බව පොලිසිය කියයි.

    ​ෙගාඩ ගනු ලැබූ මෙම මළ සිරුරු සිරිමල් විතාරණ, ඩී.ඩී. බන්ධුවර්ධන හා රංජිත් පෙරේරා යන සිසුන්ගේ බවට ඔවුන්ගේ ඥාතීන් විසින් ඊයේ උදේ වැල්ලවායේදී හඳුනා ගනු ලැබූ බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් කීය.

    සිසුන් තිදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් ඊයේ උදේ මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් බී.එච්.එස්. ජයසේකර මහතා විසින් මළ සිරුරු ගොඩ ගත් ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර වැල්ලවාය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර කේ. තිස්වරම්පිල්ලේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

    මිය ගිය සිසුන් තිදෙනාගේ මළ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ සවස හෙළිකොප්ටර් යානයකින් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන ඒමට නියමිතව තිබූ බව මොණරාගල සහකාර පොලිස් අධිකාරි ලලිත් ලේකම්ගේ මහතා “දවස” ට පැවසීය.
    ඊයේ සවස වැල්ලවාය රෝහලේ දී කොළමට ගෙන ඒම සඳහා මළ සිරුරු පෙට්ටිවල දමා මුද්‍රා තැබූ බවද ඒ මහතා කීය. මෙම සිසුන් තිදෙනා ඉකුත් 22 දා රත්නපුර නගරයේදී කළු පැහැති පැජරෝ රථයක දමා ගෙන පැහැර ගෙන ගොස් ඇති අතර පසුව මරා පුළුස්සා දමා තිබූ ඔවුන්ගේ මළ සිරුරු වැල්ලවාය කොස්ලන්ද තිබී හමු වී ඇතැයි විපක්ෂයේ නායක අනුර බණ්ඩාරනායක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා පැවසීය.

    සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට රත්නපුර හා වැල්ලවාය යන ප්‍රදේශවල වෙළෙඳසල් ඊයේ වසා දමා තිබූ අතර නිවෙස්වල සුදු කොඩි දමා තිබූ බව වාර්තාවේ.

    ත්‍රිමාවිතාන ඝාතනය කළ දිනය ලෙස සැලකෙන්නේ 1988 ඔක්තෝබර් 22 වැනිදාය. ඊට දින 9 කට පසු ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 31 වැනිදා දවස පුවත් පත වාර්තා කොට තිබුණි. එහි පරාල ඇණ හිසට ගැසීමක් ගැන සඳහන් නොවුණත් ඔහුගේ දෙපා කැඩී තිබූ බව නම් සඳහන්ය. මෙම අධිකරණ වාර්තාව හේමචන්ද්‍ර නානායක්කාර සහ ලොකු බණ්ඩාර මුණසිංහ විසින් වාර්තා කොට තිබුණි. එය වාර්තා කොට ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ කට උත්තරයක් ලෙසය.

    සිසුන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුරුවල වෙඩි වැදුණ හා පිලිස්සුම් තුවාල තිබුණා.

    වැල්ලවායේ මරා දමා තිබි හමු වූ සිසුන් තිදෙනාගේ සිරුරුවල වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද ත්‍රිමා විතානගේ සහ රංජිත් පෙරේරාගේ පාද කැඩී තිබූ බවද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඇම්.ඇස්.ඇල්. සල්ගාදු මහතා සිය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර සල්ගාදු මහතා මෙම මළ සිරුරු තුන සම්බන්ධව පෙරේදා දෙවන වරටත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.

    පද්මසිරි ත්‍රිමාවිතානගේ හිසට වෙඩි වැදුණ තුවාල සහ ඔහුගේ පාද දෙකේත් දණ හිසත් කඩා දමා ඇති බවද බන්ධුවර්ධන​ෙග් පිටට වෙඩි වැදුණ තුවාල සතරක් ද අත් දෙක කැඩී තිබූ බවද සිරුරු පුරා පිලිස්සුම් තුවාල තිබූ බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
    රංජිත් පෙ​ෙර්රාගේ සිරුරේ වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද කකුල් දෙකම කැබී බිඳී තිබූ බවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

    සරසවි සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධව දෙවන වරට කොළඹදී පවත්වන ලද පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ මෙම කරුණු සඳහන් වාර්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ලක්ෂ්මන් සල්ගාදු මහතා ඉදිරි දින කීපය තුළ දී මොණරාගල මහේස්ත්‍රාත්වරයාට යැවීමට නියමිතය.

    මෙම මළ සිරුරු තුන පොලිතින් කඩදාසිවල ඔතා තිබුණ බව සිරුර ගොඩ ගත් අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරී සහ වැල්ලවාය පොලිසියේ නිලධාරීන් සොයා ගෙන ඇත.

    අවසානයේ ත්‍රිමාවිතානගේ සිරුර තැන්පත් කරන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේය. ඔක්තෝබර් 31 වැනිදා අවමඟුල් පෙරහරට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ.

    ‘‘මගේ පුතාගේ මුහුණවත් මට බලා ගන්න බැරි වුණා’’ යි ත්‍රිමාවිතානගේ මව බලා ගත් අත සිතුවිලි සයුරේ කිමිදෙන්නට වූවාය. අපට ඉන් පසු දැනගන්නට ඕනෑ වූයේ පද්මසිරි ත්‍රිමාවිතානගේ දේහය අදාහනය කළේ කොළඹ බැවින් ඔහුගේ අළුවලට සිදු වූයේ කුමක්දැයි කියාය. අධි ​ෙචා්දනා 13 ක් මත රත්නපුර අධිකරණයේ විනිසුරු කේ.ටී. මිත්‍රසිරි ඉදිරියේ විභාගයට ගැනුන ත්‍රිමා, බන්දු, රංජිත් ත්‍රිපුද්ගල නඩුවේ සුසන්ත පුංචි නිළමේ අවසානයේ නිදොස් කොට නිදහස්වූ බව අද රහසක් නොවේ. ත්‍රිමාගේ අළු නිවසේ භූමියේ කොනක තැන්පත් කර ඇති බව දැන ගන්නට ලැබුණි.

    අපේ ගමනට ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරිය සමග රියදුරු නන්දලාලුත් එක් විය. අප ආපසු පැමිණෙන විට පාර කියූ ත්‍රිමාගේ මව අපෙන් ඉල්ලීමක් කළාය.

    ‘‘ත්‍රිමා පුතාගේ අළු තැන්පත් කරපු තැන අදත් ඇන්තූරියම් මලක් පිපිලද බලන්න.’’

    ත්‍රිමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති තැන ඉහළට එසවුණ ඇන්තූරියම් ගහේ රතුම රතු ඇන්තූරියම් මලක් පිපී අප දෙස බලා සිටින්නේ දිගු කතාවක් කියාන්නාක් මෙන් යයි අපට හැඟිනි.

    ත්‍රිමාගේ මව වසර 29 පණ වගේ සඟවා ගෙන සිටි අතීතය “ඉරිදා ලංකාදීප” සුවහසක් පාඨකයන් වෙනුවෙන් පැහැර ගත් අපි ඇයට සමු දුන්නෙමු.

    [rns_reactions]

  • ජුලි මස 01 වැනිදා සිට බස් රථ සඳහා අලුත් නීතියක් තදින් ක්‍රියාත්මක වන ලකුණු..

    නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

    ලබන ජූලි මස 01 වැනි දා සිට මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    එවැනි බස් රථ හඳුනා ගැනීම සඳහා දීප ව්‍යප්ත වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි. 

    [rns_reactions]

  • ලංකාවේ මිනිසුන්ගේ දුක දැනුනේ නැති ඉන්දියාවේ මිනිසුන්ගේ දුක දැනුන සංගක්කාර (VIDEO)

    මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොව එක්සත් ජනරජයේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරනා ඉල්ලීමකි.අපි කුහකයන් නොවෙමු.සමස්ථ මිනිස් සමාජය වෙනුවෙන්ම එක්සත් රාජධානියේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරන සේවය අගය කරන්නෙමු.

    2015 දෙසැම්බර් චෙන්නායි ගංවතුවර වෙනුවෙන් සංගා මිලියන 6ක්ද මුරලි මිලියන 10ක්ද ප්‍රධානය කලේ ඉන්දියානු ජනතාවගේ හිත්වල වීරයන් වෙමිනි. නමුත් සංගක්කාරලා මුරලිලා වෙනුවෙන් ජයගෝෂා නැංවූ සංගක්කාරලා මෙවර තමන්ගේම තමන්ට් ආදරය කරනා ලක්ෂ සංඛ්‍යාත සහෝදර ශ්‍රී ලාංකිකයන් ගංවතුරෙන් අවතැන් වෙන විට උදව් කලා නම් ඉතා අගනේය.

    තමන් වෙනුවෙන් කෑමොර දුන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කඳුලු නො එන සංගලාට එංගලන්තයේ මෙන්ම ඉන්දියාවේ මිනිසුන් අඬද්දී කිරි එරෙයි. අපේ මිනිසුන් වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.

     

    [rns_reactions]

  • බලධාරීන් දොයි. උසස්පෙළ සිසුන් 700ක් පැදුරේ හිඳ අකුරු කරයි..

    බුද්ධික කුමාරසිරි)

    හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති.

    ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයට එම විද්‍යාලයෙන්ම පෙනී සිටි සිසුන් 673 දෙනකුගෙන් 668 දෙනෙකුම  විශිෂ්ඨ ලෙස සමත් වූ සමත් වූ තම දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමෙන් තම දරුවන් දැඩි කම්පනයට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.

    2010 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ උසස් පෙළ පංති පැවැත්වුවද විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට උසස් පෙළ පංති සදහා යොමු කෙරෙන පළමු අවස්ථාව මෙය බැවින් විශාල සිසුන් පිරිසක් එකවර විද්‍යාලයට ඇතුළත් වී ඇති බවත් ඔවුහූ පවසති.

    අවශ්‍ය ඩෙස් පුටු සංඛ්‍යාව පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වසර එකහාමාරකට පෙර දැන්වූවද මෙතෙක් ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි විද්‍යාලයීය සංවර්ධන සමිතියේ නිළධාරියෙක් පැවසීය.
    මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගෙන් කළ විමසීකදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මේ ගැන මාධ්‍යයට කිසිවක් පැවසීමට නොහැකි බවත්ය

    [rns_reactions]
  • කුණු අදින්න යුධ හමුදාව යොදවන්නේ නෑ..

    කසල කළමණාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැණුනද කිසිසේත් ඔවුන් කසල එක්රැස් කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා.

    හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ දෛනිකව කසල වැඩි වශයෙන් එක්රැස්වන ස්ථාන පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම පමණක් යුද හමුදා සාමාජිකයන් මගින් සිදුවන බවයි.

    ඒ සඳහා කොළඹ නගරය ආශි‍්‍රතව යුද හමුදා භට කණ්ඩායම් යොදවා තිබෙනවා.

    නීතිවිරෝධීව කසල බැහැර කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද විවිධ ස්ථානවලට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

    එම නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදීමද යුද හමුදා භට කණ්ඩායම් විසින් සිදුකරනු ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න වැඩිදුරටත් කියාසිටියේ.

    [rns_reactions]

  • ජනපතිගේ උපදෙස් පරිදි පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය කරනවා – රාජිත සේනාරත්න

    පෞද්ගලික රෝහල්වල නේවාසික, පරීක්ෂණ ගාස්තු ඇතුළු සියලුම අයකිරීම් ඉදිරි කාලයේදී නියාමනය කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පවසයි.

    පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනත යටතේ පැවරී බලතල අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක ගාස්තුව රු.800-900ක් පමණ වන බවත්, එම ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩුකළ හැකි බවත්, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජෙන් පරීක්ෂණය රු.4000 ක් පමණ වන අවස්ථා වාර්තා වන බවත්, එය උපරිමය රු.1000ක්  කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව අද පුද්ගලික රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කොට ලබන සඳුදා වන විට ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.

    ඩෙංගු රෝගය ව්‍යාප්තවීම  හදිසි තත්ත්වයක් ලෙස සලකා කසළ ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමට යාමේදී සෞඛ්‍ය නිලධාරීන්ට ඉඩම් හිමියන්ගෙන්, බලධාරීන්ගෙන් විවිධ බලපෑම් එල්ලවන බවත්, ඒ නිසාම යුනිෆෝම් සහිත හමුදා නිලධාරීන්ගේ සහය ලබාගන්නා විට එම බලපෑම් අවම වන බවත් ඔහු සඳහන් කළේය.

    ඩෙංගු රෝගය සඳහා අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවත්නා බවත්, ඒවා තායිලන්තයෙන් ගෙන්වා ගනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් බවත්, වෙළෙඳපළ හරහා නොවන බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය.

    මේවන විට ඩෙංගු රෝගීන් 63,984ක් වාර්තා වී ඇති බවත්, රෝගීන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මේවන විට ඩෙංගු රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඩෙංගු මදුරුවන්ගේ ඩෙංගු බැක්ටීරියාව විනාශ කිරීමට ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක් සාර්ථකව අත්හදා බලා ඇති බවත්, ඉදිරියේදී එය මෙරටට ගෙන්වීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    අනෙක් අතට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය සේවයට අලුතෙන් 412ක් බඳවාගෙන ඇති බවත්, 1500ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

    ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය තවත් බරපතළ විය හැකි බැවින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවත්, හමුදා සහය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග හෙට දිනයේ සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    මේ අතර මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මෙම මාධ්‍ය හමුවට එක්වුණු විශේෂඥ වෛද්‍යවරයෙකු කියා සිටියේ ඩෙංගු රෝගීන්ට වේදනා නාශක ඖෂධ ලබාදීමෙන් වැළකිය යුතු බවයි.

    පැරසිටමෝල් විශේෂයක් හැර ඩෙංගු රෝගීන් වේදනා නාශක භාවිතා කිරීමෙන් ජීවිත අවදානමක් ඇති විය හැකි බවත්, ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ට වේදනා නාශක ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් එවැනි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියා මාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    [rns_reactions]
  • මුදල් නිසා මවුබිමට ද්‍රෝහි වෙන්න එපා..! අගරදගුරු හිමිගෙන් ඉල්ලීමක්

    ආගම අතකොලුවක් කරගනිමින් එකිනෙකා පහත්කොට සැලකීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හොමු වීම රටට කරන ද්‍රෝහිකමක් බවත්, දශක තුනක යුද්ධය අවසන්ව රට යළි ගොඩනැගෙන පසුබිමක ආගම පදනම් කරගනිමින් දිගින් දිගටම භේද ඇති කරගැනීම සුදුසු නොවන බවත් රදගුරු හිමියන් පෙන්වා දෙනවා.

    පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එක්තරා නීතිඥවරයෙකු ප්‍රකාශ කළේ කතෝලික පල්ලි 166 කට මේ වනවිට ප්‍රහාර එල්ල වී ඇති බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, කතෝලික දේවස්ථානවලට පහරදීම් ගැන හෝ එවැනි සිදුවීම් වාර්තා වී ඇතැයි කියන අදාල සංඛ්‍යාලේඛන පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.  කතෝලික සභාවට අදාලව පසුගිය සමයේ එවැනි සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බව ද කාදිනල් හිමියෝ සඳහන් කළා.

    දේශපාලනයට සම්බන්ධ බලවේග ආගම යොදාගනිමින් භේද ඇතිකිරීමට උත්සාහ ගැනීම ඉතිහාසය පුරා සිදු වූවක් බව ද පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ආගම නිවැරදිව අදහන්නේ නම් ආගමික ගැටුම් හටගැනීමේ හැකියාවක් තිබිය නොහැකි බවයි.

    [rns_reactions]

  • මෙරට දේශපාලන ගෝලබාලයන් පිරිසකගේ රැවටීමකට හසුව මහපාරට වැටුණු සුද්දි

    මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක්‌ අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්‌ටි්‍රයානු ජාතික කාන්තාවක්‌ ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්‌ නොව ඇයට සිදුවූ පාඩුව කෝටි ගණනකි. ඇය ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටියදී ඇයට අයත් හෝටලයේ භුක්‌තිය අධිකරණය හරහා ලබාදීමට නීතිඥ තුෂාර ද සිල්වා මහතා කටයුතු කළේය. මෙම කාන්තාව රෝස්‌මරිය. ඇයව බලහත්කාරයෙන් විවාහ කරගත් පෙම්වතා රෝසමරිගේ ව්‍යාපාරික ස්‌ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන තිබිණි.

    ඇත්තටම මෙම විදේශීය කාන්තාව මට හමුවෙන විට කන්න බොන්න පවා නැතිව අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. විසා දිර්ඝ කරගන්න පවා මෙම කාන්තාවට මුදල් තිබුණේ නැහැ. පසුව ඇයට අධිකරණය මගින් යම්කිසි සහනයක්‌ ලබා දෙන්න මා කටයුතු කළා. හෝටලයේ භුක්‌තිය ලබාදුන්නා .පස්‌සේ ඇය ව්‍යාපාර කටයුතු කරගෙන ගිහින් යම් ආදායමක්‌ ලබා ගත්තා යෑයි නීතිඥ තුෂාර ද සිල්වා කීවේය. එහෙත් අප මේ කියන්නට යන්නේ රෝස්‌මරි තුන්වැනි වතාවටත් වංචාකරුවන් පිරිසකට හසුවූ කථාන්දරයයි. මෙවර ඇය හසුවූයේ එසේ මෙසේ පිරිසකට නොව ප්‍රබල දේශපාලනඥයකුගේ ගෝලබාලයන් පිරිසකටය.

    නීතිඥ තුෂාර ද සිල්වා මහතා විසින් අධිකරණය මගින් ඇයට යම් සහනයක්‌ ලබා දුන්නද ඇය ගැටලු රැසකට මුහුණ දී සිටියාය. ඇයව බලහත්කාරයෙන් විවාහකරගත් පුද්ගලයා නිසා රෝස්‌මරි දැඩි පීඩනයට ලක්‌ව සිටියාය. මේ අතරතුරේ රෝස්‌මරිට මෙරට ප්‍රබලතම දේශපාලනඥයකුගේ හිතවතෙකු අහම්බෙන් මුණගැසුණේය. ඔහු තම බලපුළුවන්කාරකම් ගැන රෝස්‌මරි සමග මහත් ආඩම්බරයෙන් කීවේය. අනේ මට උදව් කරන්න, මම ඉතා අසරණවෙලා ඉන්නේ. මෙරට ව්‍යාපාර පටන් ගන්න ඇවිත් කෝටි ගණනක මුදලක්‌ නැතිවුණා. මාව රවට්‌ටලා කසාද සහතිකයක්‌ද ලියාගෙන තියෙනවා. ඇය කියාගෙන ගියාය.

    කිසිදෙයකට භය වෙන්න එපා. මම ඇසුරු කරන්නේ ප්‍රබල දේශපාලනඥයෙක්‌. ඔහුට කරන්න බැරිදෙයක්‌ නැහැ. දේශපාලන බලය යොදාගෙන මට ඕන දෙයක්‌ කරන්න පුළුවන් දේශපාලනඥයාගේ හිතවතා තම දේශපාලන බලපරාක්‍රමය ගැන මහත් උජාරුවෙන් රෝස්‌මරිට කිවේය. එක්‌දිනක්‌ මෙම පුද්ගලයා තවත් පිරිසක්‌ සමග රෝසමරි හමුවීමට පැමිණියේ සුඛෝපභෝගි රථ පෙළකිනි. තමන්ට දේශපාලන බලය තිබෙන බව මෙම පිරිස රෝස්‌මරිට පෙන්වීය.

    ටික දිනකින් රෝස්‌මරි දේශපාලනඥයාගේ ගෝල බාලයන්ගේ සමීප හිතවතියක්‌ බවට පත්ව සිටියාය. ඇයට අවශ්‍ය වුයේ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් යොදාගෙන තම ප්‍රශ්න විසඳා ගැනීමටය. දියේ ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන බවට කියමනක්‌ අපේ ජනවහරේ ඇත්තේය. රෝස්‌මරි ද ඒ තත්ත්වයට පත්ව සිටියාය. එක්‌ දිනක්‌ රෝස්‌මරි නීතිඥ තුෂාර ද සිල්වා හමුවිමට පැමිණියාය. හෝටලය සම්බන්ධව තියෙන ලිපි ලේඛන ඇතුළත් ලිපිගොනුව මට දෙන්න ඒක අපේ තානාපති කාර්යාලයට අවශ්‍ය වේලා තියෙනවා රෝස්‌මරි තුෂාරට කිවාය. රෝස්‌මරිට අවශ්‍ය වූයේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාගෙන්ද ඈත්වී දේශපාලනඥයාගේ හිතවතුන් සමග සම්බන්ධ වීමටය.

    අපි හදපු ලියවිලි ඇතුළු සියලු දේ තියෙන්නේ මේ ලිපිගොනුවේ ඔයා මේ අරගෙන යන එකට නම් මා කැමති නැහැ. ඔයාටත් හරි හැටි ආරක්‌ෂාවක්‌ නැතිව ඔයා කොහොමද මේ ලිපි ගොනුව ආරක්‌ෂා කරගන්නේ මම හිතන්නේ මේ ලිපිගෙනුව මගේ භාරයේ මගේ කාර්යාලයේ තිබෙන එක වඩා හොඳයි කියලා. තුෂාර ද සිල්වා රෝස්‌මරිට කිවේය.

    අනේ ටික දවසකට තමයි මේ ලිපිගොනුව අරගෙන යන්නේ මේ ගැන පරික්‍ෂා කරලා මම ඔයාට නැවත මේ ලිපිගොනුව ගෙනවිත් දෙන්නම් රෝස්‌මරි තුෂාර ද සිල්වාට කිවාය. ඔයා දෙවතාවක්‌ වංචාකාරයින්ට රැවටිලා ඉන්නේ. කල්පනා කරලා බලා සුදුසු දෙයක්‌ කරන්න තුෂාර කිවේය. රෝස්‌මරි තුෂාර භාරයේ තිබු ලිපිගොනුව රැගෙන ගියාය. ඉන්පසු රෝස්‌මරි තුෂාර සමග තිබූ සම්බන්ධකම් නතර කර දැමුවාය. ඇය දේශපාලඥයාගේ ගෝලබාලයන් මහ ඉහළින් පිළිගත්තාය. දේශපාලන බලපරාක්‍රමය පෙන්වමින් රෝස්‌මරිගේ විශ්වාසය දිනා ගැනීමට මෙම ගෝලබාලයන් සමත්ව සිටියහ. රෝස්‌මරි හෝටලය ගැනද මොවුන් සමග කථාබස්‌ කළාය.

    හරි හෝටලයේ තියෙන සියලු ප්‍රශ්න අපි නිරාකරණය කරලා දෙන්නම්. එලවන්න ඕන කෙනෙක්‌ ඉන්නවානම් එකත් කරලා දෙන්නම් කාගෙන්ද කරදර කියලා අපට කියන්න දේශපාලනඥයින්ගේ හිතවතුන් රෝස්‌මරිට කීහ. “හොර ඔප්පුවක්‌ හදාගෙන මාව බලහත්කාරයෙන් විවාහකරගත් පුද්ගලයා විවාහ සහතිකය හා හොර ඔප්පුව ඉදිරිපත් කරලා හෝටලය අයිති කරගන්න හදන්නේ. මට මේ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න” රෝස්‌මරි කිවාය.

    ඕක සුළු දෙයක්‌ පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා අපට මේ ස්‌ථානයට ඇතුල්වෙන්න ඔයාගේ පොඩි අවසරයක්‌ ඕන එක ලියවිල්ලකින් අපට දෙන්න දේශපාලනඥයාගේ හිතවතුන් කිහ. එක කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඔයාලා වගේ පිරිසක්‌ ඉන්න එක මටත් හයියක්‌ මගේ නීතිඥවරයෙක්‌ ඉන්නවා. ඔහු හමුවේලා මේ වැඩකටයුතු කරමු රෝස්‌මරි දේශපාලනඥයාගේ හිතවතුන්ට කීවාය. නැහැ එක හරියන්නේ නැහැ. කොළඹ ඉන්නවා අපේ හිතවත් නීතිඥවරයෙක්‌. ඔයා එන්න කොළඹ යන්න අපි මේ විදියට කරමු අවුරුදු තුනකට බදු ඔප්පුවක්‌ ලියලා දෙන්න. ඔයාට හෝටලයේ සන්තකයත් අරන් දෙන්නම් බිස්‌නස්‌ එකත් හදලා ඔයාට මුදලකුත් දීලා අවුරුදු තුනකින් පසු නැවත ඔයාට හෝටලය භාර දෙනවා දේශපාලනඥයාගේ හිතවතුන් රෝස්‌මරිට කිහ.

    දේශපාලනඥයින්ගේ හිතවතුන් සැලසුම් කළේ රෝස්‌මරිට අයත් මෙම හෝටලය උපක්‍රමශීලී ලෙස අත්පත් කරගැනීමටය. රෝස්‌මරිගේ උපක්‍රමය වූයේ දැනට මෙකී හෝටලය අයිතිකර ගැනීමට වලිකන තම ප්‍රේමවන්තයා මොවුන් හරහා එලවා දැමීමටය. ඒ අනුව රෝසමරි කිසිදු චකිතයකින් තොරව වසර තුනකට දේශපාලනඥයන්ගේ ගෝලබාලයන්ට හෝටලය බදු දුන්නේය. හෝටලය බදු දුන්නද ඇය හෝටලයේ එක්‌ කාමරයක නතර වී සිටියාය. මේ අතර දේශපාලනඥයාගේ හිතවතුන් තම දේශපාලන බලය පමණක්‌ නොව පොලිසියේ ද සහයෝගය ලබාගෙන මෙකී හෝටයේ අයිතිකරගැනීමට වලිකන රෝස්‌මරිගේ ප්‍රේමවන්තයා එලවා දමනු ලැබිය. පසවු දේශපාලනඥයාගේ හිතවතුන් හෝටලය සිය භාරයට ගෙන එහි අලුත්වැඩියා කටයුතු කරනු ලැබීය.

    හෝටලයේ අලුත්වැඩියා කටයුතු කරනු ලැබුවේ මහා පරිමාණයෙනි. අවුරුදු තුනකට තමයි බදු දුන්නේ ඇයි මේ අය හෝටලය සම්පූර්ණයෙන් වෙනස්‌ කරලා අලුත්වැඩියා කරන්නේ රෝස්‌මරිට මේ ගැන සැකයක්‌ද ඇති වූවාය. ඕ මේ ගැන දේශපාලනඥයින්ගේ හිතවතුන්ගෙන් ඇසුවාය. නමුත් රෝස්‌මරිට ඒ ගැන හරිහැටි පිළිතුරක්‌ ලබා දුන්නේ නැත.

    ඔයා මේ හෝටලයේ ඉන්න එකත් අපට කරදරයක්‌ ඔයාගේ ප්‍රේමවන්තයා ඇවිත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ඔයා මරණ බවත් කියලා තියෙනවා. ඒ නිසා හෝටලයෙන් ඉවත්වෙලා වෙනත් තැනකට ගියොත් තමයි හොඳ. දේශපාලනඥයාගේ ගෝලබාලයින් රෝස්‌මරිට කීහ. මොවුන්ගේ කීම විශ්වාස කළ රෝස්‌මරි වෙනත් ස්‌ථානයකට ගියාය. එහෙත් ඇය වරින්වර හෝටලයට පැමිණ එහි කටයුතු පරීක්‌ෂා කළාය. නමුත් රෝස්‌මරිට හෝටලයට එන්නට ලැබුණේ ටික දිනකි. ඔයා මේ පැත්ත පළාතක එන්න එපා. මේ හෝටලය අයිති අපට දේශපාලනඥයාගේ හිතවතුන් රෝස්‌මරිට තර්ජනය කොට ඇයට හෝටලයට එන්නට ඉඩ ලබා දුන්නේ නැත. රෝස්‌මරිට සිදුවුයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩකි.

    මේ අයගේ දේශපාලන බලය කෙතරම්ද යත් රෝස්‌මරි විසින් දමනු ලබන පැමිණිලි පොලිසිය භාරගත්තේ නැත. ඇය පොලිසියට පැමිණි විට පොලිස්‌ නිලධාරීන් විසින් ඇය එළවා දමනු ලැබිය. නමුත් දේශපාලනඥයාගේ හිතවතුන්ට පොලිස්‌ ආරක්‌ෂාව පවා ලබාදීමට පොලිසිය කටයුතු කළේය. පසුව රෝස්‌මරි විසින් බදු ඔප්පුව ලියනු ලැබු නිතිඥවරයා හමුවුවාය. ඇය ලිපි ලේඛන පරික්‌ෂා කිරීමේ දි අනාවරණය වුයේ අවුරුදු තුන වෙනුවට බිංදුවක්‌ දමා බදු ඔප්පුව වසර තිහකට ලියාගෙන ඇති බවය. රෝස්‌මරිට වූයේ ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ වැඩකි.

    ඇය තමන්ට හැමවිටම පිහිට වූ නීතිඥවරයා වන තුෂාර ද සිල්වා හමුවීමට පැමිණියේ හඬාගෙනය. තුෂාර ද සිල්වා හමුවීමට පැමිණෙන විට ඇය මානසික වශයෙන් දැඩි ලෙස වැටී සිටියාය. සිරුර වැහැරි තිබුණාය.

    “මට බැහැ මේකට ඉදිරිපත්වෙන්න. උඹ මාවත් රවට්‌ටලා නේ ලිපිගොනුව අරගෙන ගියේ. වැඩේ අනාගත්ත නම් කරන්න දෙයක්‌ නැහැ” නීතිඥ තුෂාර ද සිල්වා කීවේය. මේ සඳහා ඉදිරිපත්වන ලෙස රෝස්‌මරි තුෂාර ද සිල්වාගෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව නීතිඥ තුෂාර ද සිල්වා දේශපාලනඥයින්ගේ හිතවතුන්ට එරෙහිව අධිකරණයේ නඩුවක්‌ පවරා ඇයට හෝටලයේ සන්තකය යළි අත්පත් කරදීමට කටයුතු කළේය. ආණ්‌ඩු වෙනසත් එක්‌ක දේශපාලනඥයින්ගේ හිතවතුන්ගේ බලයත් බිඳුණා. ඒ නිසා සාමාන්‍ය රටේ නීතිය යටතේ නඩුවක්‌ පවරලා දේශපාලනඥයින්ගේ හිතවතුන් අධිකරණ බලය යටතේ හෝටලයෙන් අයින් කිරීමට හැකිවුණා. නමුත් මෙම කාන්තාවට තම දේපළ ආරක්‌ෂා කරගැනීම සදහා දැන් නඩු දෙකකට පෙනී ඉන්න සිදුවෙලා තියෙනවා. මේ වන විට ඇය රුසියානු ජාතිකයකු සමග හවුලේ හෝටලය කරගෙන යනවා. නීතිඥ තුෂාර ද සිල්වා කීවේය.

    [rns_reactions]

  • පෙරහරේ අලියාට බිලිවූ කටානේ හාමුදුරුවෝ – සම්පුර්ණ කතාව මෙන්න..

    පොසොන් සමය කෙමෙන් ගෙවී යමින් පවතී. එහෙත් ජුනි 11 ඉරිදා දින කටාන ප්‍රදේශයේ ජනතාව උද්‍යෝගිමත්ව අලුයම පිබිදුණේ තම ප්‍රදේශය ඔස්සේ 8 වැනි වරටත් ගමන් ගන්නා විචිත්‍ර පොසොන් මහා පෙරහර දැක බලා ගැනීමේ භාග්‍යය එදින උදාවන නිසාය. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව මෙන්ම විශේෂයෙන් ප්‍රදේශයේ තරුණ පිරිස ඉතා උද්‍යෝගිමත්ව කටයුතු කරමින් සිටියහ. පෙරහර ගමන් ගන්නා මාර්ගය දර්ශනීය ආකාරයෙන් සරසා තිබූ අතර, මෙම පෙරහරට සහභාගිවීම සඳහා අලි ඇතුන් 5 දෙනකුද මේ වනවිට පෙරහර ආරම්භ කරන කටාන මංසන්ධිය අසල ඇති වතුවල බැඳ දමා තිබුණි.

    පෙරහරට සහභාගිවන්නන්ට සංග්‍රහ සත්කාර කිරීමට මග දෙපස දන්සැල් කීපයක්ම සූදානම් කළේ ඉතා යුහුසුළුවය. 11 වන ඉරිදා කාලය කෙමෙන් ගෙවී යන්නට විය. කටාන පොසොන් පෙරහර ආරම්භ කිරීමට නියමිත වෙලාවද ආසන්න වෙමින් පැවතුණි. සවස 6.00ට පමණ මෙම පෙරහර ආරම්භ කිරීමට සංවිධායකවරුන් තීරණය කර තිබුණද, මෙම සංවිධාන කටයුතුවලදී මතු වී ආ යම් යම් ගැටලු නිසා මෙම පෙරහර ආරම්භ කිරීම රාත්‍රී 7.30 දක්වා පසුපසට ඇදී ගොස් තිබුණි.
    අලි ඇතුන් 5 දෙනකු පිරිවරා ගත් කටාන පොසොන් පෙරහර ඒ ආකාරයට රාත්‍රී 7.30ට පමණ තම ගම් පියස වටා වූ මාර්ගය ඔස්සේ වීදි සංචාරය කිරීම ආරම්භ විය. නැටුම් කණ්ඩායම්, සංවිධායකවරුන්, අලි ඇතුන් මෙන්ම කටාන ශ්‍රී වර්ධනාරාම මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාත් මෙම පෙරහරට සහභාගි වී සිටියහ, ප්‍රදේශවාසී ජනතාව දහස් ගණනින් මාර්ගය දෙපස රැස් කමින් පෙරහර නරඹන්නට සැදී පැහැදී සිටියහ. 6/11 දින මධ්‍යම රාත්‍රිය පසුවී 6/12 දින උදාවෙමින් තිබුණි. ඒ වනවිට 6/12 දින අලුයම 12.30ට ආසන්න වෙමින් තිබුණි. පෙරහර ඒ වනවිට කටාන මරිය රාජනී විද්‍යාලය සමීපයට පැමිණ තිබුණි. එම ප්‍රදේශය කටාන ගුහාව පල්ලිය අසල ප්‍රදේශයයි. තවත් දන්සලක් ඒ අසල තිබූ අතර, එහි කිරිබත් සූදානම් කර තිබුණි. එම දන්සල කොළ පැහැ අමු පොල් අතුවලින් සරසා තිබුණි. ඒ දන්සැල අසල ශ්‍රී වර්ධනාරාමය මහා විහාරයේ කුළසැන්දෑවේ රාහුල හිමි සිටියහ. ඒ වනවිට කටාන පොසොන් පෙරහර එම ස්ථානයට ළඟා වී තිබූ අතර “මැණිකා” කෙනෙරද එම දන්සල අසලින් ගමන් කරමින් සිටියාය. එකවරම මැණිකා කෙනෙර කුළසැන්දෑවේ හිමියන් තම ඉදිරිපස පාද දෙක අතරට ඇද ගත් අතර, ඒ සමඟ භික්ෂුන් වහන්සේ බිම ඇද වැටුණි. ශ්‍රී වර්ධනාරාමය විහාරයේ කුළසැන්දෑවේ රාහුල හිමි ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අපවත් වූහ.

    මෙවන් සිදුවීම් ශ්‍රී ලංකාවේ දුර බැහැර අලි ඇතුන් ගහන ප්‍රදේශවල සුලභ සිද්ධීන් වුවද, බස්නාහිර පළාතේ මෙතරම් ජනාකීර්ණ ප්‍රදේශයක දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ගමන් ගන්නා පෙරහරක හස්තියෙකුගේ ප්‍රහාරයකට විශේෂයෙන් හිමිනමක් භාජනය වීම ඉතාමත් විරල සිදුවීමකි.

    රාහුල හිමියන්ගේ දේහය ශ්‍රී වර්ධනාරාම මහා විහාර මන්දිරයේ ප්‍රධාන සාලය තුළ තබා තිබූ අතර, එම දේහයට සිව් දිශාවෙන් එම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් සිව් දෙනෙක් මුරායුධ අතැතිව, නමා ගත් හිසින් යුතුව දේහය අසල රැඳී සිටියහ.

    ශ්‍රී වර්ධනාරාමය මහා විහාරයේ නායක කරඹේ සුමන හිමියන් එම විහාර මන්දිරයේ පිටුපස ශාලාවක අසුන් ගෙන සිටියහ. මේ සිද්ධිය පිළිබඳව උන්වහන්සේ මෙසේ පැවසූහ.

    මේ අපවත් වෙලා ඉන්නේ මගේ පළමු සහ ප්‍රධාන ගෝලයා. ඒ වගේම මගේ එක කුසේ උපන් අක්කගෙ පුතා. අක්කට දරුවො තුන් දෙනයි. ඔවුන් යාපහුව, කරඹ, කුළසැන්දෑව ගමේ පදිංචි කරුවන්. මේ රාහුල හිමියන්ගේ වයස අවුරුදු 26යි. උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන, දැන් යළිත් එම විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ලබාගන්න ලියාපදිංචි වෙලා කටයුතු කරමින් සිටියේ. ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවකුත් පසුගිය වසරේ හදාරා තිබුණා. එයා හරිම ආසයි සංගීත විෂයයට. මගෙත් එක්ක කියා සිටියේ සංගීත විශාරද උපාධිය ගන්න ඕනෑ කියලයි. ප්‍රදේශයේ ආගමික වැඩසටහන්වලට කවි බණ කියනවා. උන්වහන්සේ හුදෙකලාව විවේකීව ඉන්න හරිම ආසයි. පොතට පතට හරිම ලැදියි. කවදාවත්ම බොරු කියන්නේ නැහැ. මොනම හේතුවකටවත් කේන්ති ගන්නේ නැහැ. රණ්ඩු වෙන්නෙ නැහැ. විශාල ඉවසීමක් උන්වහන්සේට තිබුණා.

    අලියා නැමෙන කොට තමයි ඇත්ගොව්වා සිද්ධිය දැක්කේ

    ඔය පෙරහරට අපේ පන්සල කිසිම සම්බන්ධයක් නැහැ. ඕක සංවිධානය කරන්නේ ඔය හන්දියේ තරුණ පිරිසක්. අපි උදව් කරන්නේ නැහැ. හැබැයි ඒ අය ඉල්ලුවා අපේ භික්ෂුන්වහන්සේලාට පෙරහරේ යන්න එන්න කියලා. අපේ පන්සලේ සියලු භික්ෂුන්වහන්සේලා එයට සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි පෙරහරට අලි මදියි කියලා එයාලා මට කිව්වා. මම ගුරුගේ මහත්තයට කථා කරලා එයගෙ අලියා ලබාදීමට කටයුතු කළා.

    මේ සිද්ධිය මගේ ඇහින් දැක්කෙ නැහැ. නමුත් ඒ සිද්ධිය දැකපු කෙනෙක් තමයි මට කිව්වේ. එයා කිව්වා එයා පෙරහරේ මැද ඔය කෙනෙරට පිටුපසින් එයාගෙ වාහනය ධාවනය කළා. ඔය කෙනෙර ගමන් කළේ එයාගෙ වාහනයේ ආලෝකයෙන්. එතකොට අපේ රාහුල හාමුදුරුවෝ රාත්‍රී 12.30ට විතර මරිය රාජිනී විද්‍යාලය අසල වතුර බෝතලයක් අතේ තියාගෙන හිටගෙන ඉඳලා තියෙනවා. කෙනෙර එකපාරටම අර වතුර බෝතලය ගන්න හාමුදුරුවෝ ඇදලා අරන් තියෙනවා. ඉස්සරහ කකුල් දෙක ගාවට ඇදල අරන් වතුර බෝතලය ගන්න හොඬවැලෙන් උත්සාහ කරත්දී හාමුදුරුවෝ වැටිලා තියෙනවා. එතකොට කෙනෙරගෙ ඉස්සරහ කකුලට හාමුදුරුවෝ පෑගෙන්න යනකොට, කෙනෙර කකුල අයින් කරගෙන තියෙනවා. ඒත් යන්තමට කෙනෙරගෙ කකුල හාමුදුරුවන්ගේ පපුවේ වැදිලා තියෙනවා. ඒ එක්කම ඇත්ගොව්වා හයියෙන් හෙණ්ඩුවෙන් ඇදලා කෙනෙරව අයින් කරලත් තියෙනවා.

    ඒ සමගම නැට්ටුවෝ හාමුදුරුවෝ උස්සලා පොලිස් ට්‍රැපික් කාර් එකට දාලා මීගමුව මහ රෝහලට අරන් ආව. ඒ එන අතරේ ඒ කාර් එකේ හිටපු පොලිස් නිලධාරියකුගෙන් හාමුදුරුවෝ අහලා තියෙනවා අයියේ මං මැරෙයිද කියලා. එතකොට මමත් පෙරහර බලලා ආපසු පන්සලට එන්න කාර් එකට නැගලා හිටියෙ. මමත් කෙලින්ම මීගමුව රෝහලට ආවා. මම රෝහලට එනකොට වෛද්‍යවරුන්, හෙදියන් වට කරගෙන ප්‍රතිකාර කරනවා. මම කිව්වා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කීයක් ගියත් කමක් නැහැ. මම ගේන්නම්. මට හාමුදුරුවෝ බේරලා දෙන්න කියලා රාහුල හාමුදුරුවෝ මගේ අත තදින් අල්ලා ගත්තා. මම පිරිත් කියන්න පටන් ගත්තා. වෛද්‍යවරු ලේ දුන්නා. සේලයින් දුන්නා. හාමුදුරැවෝ බේරාගන්න උපරිම උත්සාහ කළා.
    මං දැක්කා හාමුදුරුවන්ගේ පපුව ප්‍රදේශයේ අලියගෙ දූවිලි තැවරුණු කකුල් පාර තියෙනවා. ඒ වගේම හාමුදුරුවන්ගේ දකුණු කකුලෙ කලවා ප්‍රදේශයේ පොඩි සීරීම් පාරවල් කීපයක් තිබුණා.ඒ අර වතුර බෝතලය උදුරා ගන්න අලියා උත්සාහ කළ වෙලාවෙදි ඇති වුණ සීරීමක් වෙන්න ඇති. මං දැක්කා හාමුදුරුවන්ගේ උදරය ප්‍රදේශය ක්‍රමයෙන් පිම්බී ගෙන එනවා. ඒ පපුවට ලේ බහිනවා වෙන්න ඇති. සුළු මොහොතකින් ඔක්කොම ඉවර වුණා. රාහුල හාමුදුරුවෝ මීගමුව මහ රෝහලේදී අපවත් වුණා. මම මේ අලියා පිළිබඳව විස්තර දන්නේ නැහැ.

    මෙම සිද්ධිය පිළිබඳව රටේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ තනතුරක් දැරූ පුද්ගලයකු සඳහන් කළේ මෙවැනි කරුණු රැසකි.

    මේ අලියා මද කිපිලා ඉඳලා තියෙන්නෙ. ඒ වගේම මේ පෙරහරට එන්න පෙර එක දිගට පෙරහර 5 කට ගිහිල්ලයි මේ පෙරහරට ඇවිත් තියෙන්නෙ. කකුල් හතරටම විලංගු දාලයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම ඇත්ගොව්වාත් බීලයි ඉඳලා තියෙන්නෙ. අලියට ඒ දින ගණනාවක ඉඳලා හරිහමන් කෑමක් ලැබිලා නැහැ. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අමු පොල් කොළවලින් හදාපු දන්සලක් ළඟදී. අලියා ඒ පොල් අතු කන්න උත්සාහ කරද්දී තමයි ඔය හාමුදුරැවෝ මේ සිද්ධියට මැදිවෙලා තියෙන්නෙ. ඇත්ගොව්වා අලියට හෙණ්ඩුවෙන් තදින් ඇනලා තමයි හාමුදුරුවෝ බේරාගෙන තියෙන්නෙ.

    මේ හාමුදුරුවෝ රෝහලට ගෙනියන්න පැය එකහමාරක් පමණ කාලයක් ගතවෙලා තියෙනවා. පෙරහර සහ ඒ අවට පැවති අධික වාහන තදබදය නිසා හාමුදුරුවෝ කඩිනමින් රෝහලට ගෙනියන්න හැකිවෙලා නැහැ. මේ පහරදීමෙන් පස්සේ පෙරහර යළිත් පන්සල දක්වා නැටුම් ගැයුම් සමඟ පැමිණ තියෙනවා. ඒ වගේම පෙරහරට සහභාගි වූ අලි ඇතුන්ට අදාල පශු වෛද්‍ය නිර්දේශ වාර්තාද නොතිබුණු බවත් දැනගන්නට ලැබුණා.
    මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සුප්‍රකට ඇත් රජු නැදුන්ගමුවේ රාජා ඇතාගේ හිමිකරු හර්ෂ ධර්මවිජය මහතාගෙන් විමසූ විට කියා සිටියේ, අලි මේ දවස්වල පෙරහරට සම්බන්ධ වෙලා නිදි මරලා මහන්සි වෙලා. ඒ වගේම අලියගෙ වැරැදි පැත්තෙන් අලියා අසලින් ගමන් කරනවා. නැතිනම් අලියට අනවශ්‍ය විධියට සමීප වීමට උත්සාහ කරනවා. ඒ නිසා අලියා පහරදීමට පෙළඹෙනවා. ඒ වගේම කෙනෙරකට මද කිපීමේ තත්ත්වයක් ඇති නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම පෙරහර සංවිධානය කළායැයි පැවසෙන කටාන පන්සල් හන්දිය තරුණ සමිතියේ සභාපති සමන් අනුරුද්ධ මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු මෙසේ කීය,

    මේ පෙරහර 8 වැනි වරටයි සංවිධානය කරලා තියෙන්නෙ. මෙහි මූලිකත්වය අපේ කටාන ශ්‍රී වර්ධනාරාම විහාරය විසිනුයි දරනු ලබන්නේ. අපේ සමිතියේ අනුශාසක පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒ පිළිබඳව උන්වහන්සේගේ සීල් ගැසූ, අත්සන යෙදූ ලිපි ලේඛන ඕනෑතරම් අප සතුව තියෙනවා. එදා පෙරහර පටන්ගත්තේ පන්සලෙන්. මංගල හස්තිරාජයාට පෙරහර කරඬුව තැන්පත් කළෙත් නායක හාමුදුරුවෝ.

    හාමුදුරුවෝ කීපසැරයක්ම අලියා ළඟින් එහාට මෙහාට ගිහින්

    ඔය කෙනෙර මීරිගම ප්‍රදේශයේ. එයාට අපි රුපියල් 35,000/= ක් ගෙව්වා. කරඬුව වැඩමවූ රිදී විහාරයේ ඇතාට අපි රුපියල් 45,000/= ක් දුන්නා. මේ අලි ගෙනාපු දා ඉඳන්ම රාහුල හාමුදුරුවෝ ඇතුළු පිරිස අලි සමීපයෙමයි සිටියේ. උන්ට කන්න බොන්න පවා දුන්නා. එදා පෙරහර දා හාමුදුරුවෝ ඇඳලා හිටියෙ කොළ පාටට හුරු දුඹුරු පාට සිවුරක්. ඔය සිද්ධිය වෙනකොට මම හිටියෙ මීටර් 50 ක පමණ දුරින්. හාමුදුරුවෝ ළඟ වතුර බෝතලයක් තිබුණෙ නැහැ. මේ සිද්ධිය වුණේ සාන්ත අන්තෝනි මාවතේ මරිය රාජිනී විද්‍යාලය ඉදිරිපිටදී. එතකොට වෙලාව රාත්‍රී 12.15 පහුවෙලා. හාමුදුරුවෝ කීපවිටක්ම අලියට සමීපව වාගෙ වම් පැත්තෙන් ඉස්සර වුණා එතකොටම අලියා හාමුදුරුවෝ ඇදලා ගත්තා. අලියා නැමෙන කොට තමයි ඇත්ගොව්වා සිද්ධිය දැක්කේ. මේ අලියා දිඹුලාගල ප්‍රදේශයේ පෙරහරකට සහභාගි වෙලයි මේ පෙරහරට ඇවිත් තියෙන්නෙ. මේ සිද්ධිය වුණාට පස්සේ පෙරහර නටන්නෙ නැතුව ඉක්මනින් පන්සලට ආවා. ඒක කිලෝමීටර් 2 ක තරම් දුරක්.

    මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ මීගමුව කොච්චිකඩේ පොලීසියයි. එහිදී එම නිලධාරීහු මෙසේ ප්‍රකාශ කළහ.

    මේ පෙරහරට අලි 5 ක් සම්බන්ධ වෙලා හිටියා. ඒ හැම අලියෙකුටම ඇත්ගොව්වන් දෙදෙනෙකු බැගින් සිටියත්, මේ අලියට සිටියේ එක් ඇත්ගොව්වෙකු පමණයි. මේක අහඹු සිදුවීමක්.

    මේ කෙනෙරක්. නම මැණිකා. වයස අවුරුදු 38යි. මෙයාගෙ ඇත්ගොව්වා මීරිගම කණ්ඩලම පදිංචි 48 හැවිරිදි කංකානම ගමගේ චන්ද්‍රපාල. මේ ඇත්ගොව්වා මේ කෙනෙර බලාගන්න ඇවිත් සතියයි වෙන්නෙ. අපි මේ ඇත්ගොව්වා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාම මේ මස 15 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග ලැබිලා තියෙනවා. මේ අලියා මීට පෙරත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට වාර්තා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න හිටපු ඇත්ගොව්වා සහ මේ අලියාගේ හිමිකරු පොලිසියට කැඳවා තියෙනවා. එදා මේ හාමුදුරුවෝ කීප විටක්ම පෙරහරේ විවිධ අවස්ථා වලදී මේ අලියගෙ වම් පැත්තෙන් අලියා පසුකරගෙන ගිහිල්ලා තියෙනවා. එහිදී තමයි මේ පහරදීම සිදුවෙලා තියෙන්නේ.

    මේ සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණරත්න, පොලිස් සැරයන් 33544 කරුණාරත්න, අධිකරණ පොලිස් සැරයන් 45557 වීරසිංහ, පොලිස් කොස්තාපල් 40290 රුවන් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

    [rns_reactions]

  • ලගට එන්න හදපු පොඩිත්තන්ව ඇමති වජිර නවතයි. රනිල් අත වනමින් යන්න යයි…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගංවතුරෙන් සහ නායයාම් වලින් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඒ මහතා ගමන් කල හෙලිකොප්ටරය ක්‍රීඩා පිටියට ගොඩබෑ පසු පාසල් සිසුන් (කුඩා දරුවන්) පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමීපයට පැමිණීමට උත්සාහ කරන අයුරු අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ වීඩියෝවක දැක්වෙනවා.

    නමුත් ඒ මොහොතේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන විසින් එම දරුවන්ට සීමාවෙන් එහාට නොපැමිණෙන ලෙස දැනුම්දෙන අතර අග්‍රාමාත්‍යවරයා දරුවන්ට ආයුබෝවන් යැයි බවසා එම ස්ථානයෙන් නික්ම යනවා.

    රටේ දරුවන්ට ජනාධිපති, අගමැති යනු තමුන්ගේ භාරකරුවායි. ඔවුන් රූපවාහිනියේ දකින ඒ චරිත තමුන් අසලට ආ විට ඔවුන් අසලට පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ අවස්ථාවලදී ඒ දරුවන්ට සීමා මායිම් දැමීම නුසුදුසු ක්‍රියාවක්.

    එම වීඩියෝව පහතින් දැක්වේ

    https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1053301774769328/

    [rns_reactions]