Category: සුපිරි Walks

  • වැරදි පාරේ ගිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස 30 තෙක් රිමාන්ඩ්

    අකුණු සන්නායකයක්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

    කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

    [rns_reactions]

  • අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන දිරිය දියණිය

    වෙලාව දවල් 1.30යි. ඉස්කෝලෙ ඇරෙන්න ළඟයි. ඉස්කෝලෙ අරිනකල් මේ අම්මට ඉවසුමක් නැහැ. ඒ තමාගේ පණ සරි දියණිය එනකල්.

    අම්මා ඉන්නේ බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඇඳක් මත. එයාට නැගිටින්න බැහැ. ගොත ගහන්නේ නැතිව කතාකරන්නත් බැහැ. එයා අංශභාග රෝගියෙක්. දුව දැන් ඉගෙන ගන්නේ බල්ලකොටුව සුගත විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ.

    දියණියගේ නම ආර්.එම්. නිමේෂා (12). අම්මාගෙ නම මාලනී (46).

    ඉස්පිරිතාලේ ඉඳන් අම්මාට සාත්තු කරන ගමන් ඉස්කෝලෙ යන මේ පුංචි කෙල්ල දකින්න තවත් පැය දෙකක පමණ කාලයක් ඉස්කෝලෙ අරින්න තිබුණ නිසා, මම ඇය එන තෙක් රෝහලේ ඇති අසිරිය වින්දා.

    මේ රෝහල නම් හරියට අසරණයන්ට සරණ වෙන්නේ පන්සලක් වගේ.

    මම එහි යනවිට ධර්ම දේශනයක් පැවත්වෙමින් තිබුණා. නේවාසික රෝගීන් වගේම බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි සියයකට වැඩි පිරිසක් මේ ධර්ම දේශනාවට සහභාගිවෙලා හිටියා.

    රෝහලේ ඉන්න එකම දොස්තර මහත්තයා වන කැලුම් මනම්පේරි මහත්තයා මෙන්ම අට දෙනකු වන සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම ධර්ම දේශනාවට සහාභාගි වී සිටියා.

    ඊට පස්සේ තමයි වැඩ පටන් ගත්තේ. සමහරු කොටනවා. සමහරු අඹරනවා. තවත් සමහරු මිරිකනවා.

    මේ තම රෝගීන්ගේ බෙහෙත්, පවුලේ ඥාතීන් විසින්ම සාදා ගන්නා අපූරුවයි.

    වෛද්‍ය කැලුම් මෙන්ම ටී.එම්. අමරසිංහ මහත්තයා නිරන්තරයෙන් මේවාට උපදෙස් දෙමින් බෙහෙත් හදන හැටි පරීක්ෂා කරනවා.
    ඒ අතරේම තමයි වෛද්‍ය කැලුම් කඩියෙක් වගේ දුව පැන පැන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

    හරිම පුදුමයි මේ කැපවීම.

    මම නිහඬවම හෝරා දෙක තුනක් මේ සිතට වදින දසුන් නැරැඹීමෙන් පසු වෛද්‍ය කැලුම් එක්ක කතා කළා.

    මුලින්ම ඇහුවෙ රෝහලේ ඉන්න අම්මයි දුවයි ගැන.

    කැලුම් මහත්තය සියලු වැඩ මොහොතකට නතර කර ඉරිදා ලංකාදීපයට විස්තර කිව්වා.

    “නිමේෂා කියන 12 හැවිරිදි මේ දිරිය දැරිය ගැන මුලින්ම දැනගන්න ලැබුණේ, මගේ මිතුරකු වන වැලිමඩ (ජෙමිණි) ගාමිණි විජය බණ්ඩාරගෙන්.

    මෙයාලා ඌව පරණගම මැදවෙල මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව හා ජනමාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කරල තියෙනවා.
    හේම නලින් මහත්තය එය මෙහෙයවන ගමන් අහලා තියෙනවා, අම්මාට උදව් කරන දූලා ඉන්නව ද? කියලා.

    ඒ වෙලාවේ මේ ළමයා කියල තියෙනවා මම උදෙන්ම නැගිටලා තේ හදනවා. ඊට පස්සේ අම්මාගේ මූණ සෝදවලා, වැසිකිළි යවලා, කෑම හදලා අම්මටත් කන්න දීලා, ඉස්කෝලේ යනවා කියලා.

    ඒ වෙලාවේ කාටවත් අදහන්න බැරි වෙලා.

    අම්මාගේ අසනීප තත්ත්වය සුවපත් කළොත් මේ දරුවා මෙන්ම මව ද ගොඩගත හැකි බැවින් උදව් කරන්න කියල හේම නලින් මහත්තය මගෙන් ඉල්ලීමක් කළා.

    මේක මහා පින්කමක්. අපි සැණින් තීරණයක් ගත්තා, මේ දරුවා සහ මව බලන්න යන්න. මාත් එක්ක අමරසිංහ මහත්තයත් විජය බණ්ඩාර මහත්තයත් මැදවෙල විදුහලේ විදුහල්පති රත්නායක මහත්තයත් ඌවපරණගම ලුණුඅටුගම පදිංචි මේ අම්මයි දුවයි සොයාගෙන ගියා.

    ඒ යද්දි විදුහල්පතිතුමා තවත් දුක්බර කතාවක් කිව්වා.

    “මැදවෙල කනිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා මහා විද්‍යාලයට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දවසේ අනෙක් ළමයි දෙමාපියන් සමග ඇවිත් හිටියත් මේ ළමයා ඇවිත් හිටියේ තනියමයි.

    මේ ළමයා තනියම අදාළ ලිපි ගොනුව ඉතා නිවැරැදිව සකස් කර තිබුණා.

    හරිම දක්ෂ ළමයෙක්. අපි ඇහුවම මේ ළමයා මේ සියලු විස්තරය කියද්දි, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සියලු දෙනාගේ දෑස තෙත් වුණා.

    ඊට පස්සෙ අපි ගුරු මණ්ඩලය රුපියල් සියය ගණනෙ එකතු කරලා මාසිකව පරිත්‍යාගයක් කළා.” යැයි විදුහල්පතිතුමා කිව්වා.
    “අපි මේ ගෙදරට ගියාම, මේ දැරිය කරන මහා කාර්ය භාරය ඇස් දෙකටම දකින්න ලැබුණා.

    ඒක නම් හිතාගන්නත් බැරි තරම් වූ මාතෘ පූජාවක්.

    අම්මා ලෙඩ ඇඳේ පසුවෙද්දි සියලු ඇප උපස්ථාන කරන්නේ මේ දියණියයි.

    අපි කොහොම හරි මේ දෙන්නාම ගොඩගන්න ඕනැ කියන අධිෂ්ඨානය ඇතිව ආපසු ආවා.

    මම මගේ ප්‍රධානියා වන ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිව්. දිසානායක මහත්තයට මේ විස්තරේ කිව්වම එතුමත් කිව්වා කොහොම හරි උදව් කරමු කියලා.

    අපි ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහත්තයටත් මේ විස්තර කිව්වම, එතුමා බොහොම උනන්දු වෙලා, මේ අම්මයි දුවයි දෙන්නම රෝහලේ නතර කරගන්න අවශ්‍ය නීතිමය අවසරය ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය හරහා ලබාදෙන්න පියවර ගත්තා.”

    “ඉන්පසු අම්මයි දුවයි මෙහාට ගෙනැල්ලා, අම්මා මේ රෝහලේ දියණියත් එක්කම නතර කරලා, දුව රෝහලට නුදුරින් තියෙන බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයට ඇතුළත් කළා” යැයි ද වෛද්‍ය කැලුම් කීවේය.

    මම දෙමහල් වාට්ටු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට පිටත බැලුවෙමි.

    පාසල නිමවී ගෙදර යන සිසුන්ගෙන් මහ පාර පිරී ගියේය.

    ඔවුන් සිය නිවෙස් බලා යද්දී මා සොයමින් සිටි ආදරණීය කෙල්ල රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වී අම්මා සිටින වාට්ටුව වෙත දිව ගියාය.

    කැමරාව අටවා ගෙන මම ඇය පසුපසින් දුවගෙන ගියෙමි.

    ලෙඩ ඇඳේ සිටින අම්මාගේ මුහුණ සිනාවෙන් ආලෝක විය. දියණිය ඇඳටම ගොස් අම්මා බදාගෙන සිපගෙන සිපගෙන ගියාය.
    “ඔහොම තමයි හැමදාම ඉස්කෝලේ යන්න කලිනුත් මේ විදියටම හාදු දෙනවා” යැයි අසල ඇඳන්වල සිටි රෝගීන් මා සමග පැවැසුවේ සංවේදී සිතිනි.

    අම්මාට කෑම දී තමා ද ආහාරය ගෙන පාසලේ දී නියම කළ ගෙදර වැඩ කිරීමට මෙම දැරිය පුරුදු වී සිටින්නීය. ඒ සඳහා මේසයක් පුටුවක් ඇතුළු සියලු පහසුකම් ද සපයා තිබේ.

    ඇය රාත්‍රී නින්දට යන්නේ ද අම්මාගේ උණුසුමේය.

    මේ දිරිය දියණිය නිමේෂා අපට කීවේ මෙවැනි කතාවකි.

    “අපේ තාත්තා නැහැ. අම්මයි මමයි අපේ ගෙදර ඉන්දෙද්දි උදේ 5ට නැගිටල, කෑම උයලා, අම්මට කවලා අම්ම සෝදලා තමයි ඉස්කෝලෙ ගියේ.

    මම අම්මට හරිම ආදරෙයි.

    කැලුම් ඩොක්ටර් අන්කල් අපි දෙන්නම මේ ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ මට හිතුණා මේ කරන්නේ මොන තරම් ලොකු පරිත්‍යාගයක් ද කියලා.

    මම මැදවෙල ඉස්කෝලේ ඉන්දෙද්දි පන්තියේ 4 වැනියා. ඩොක්ටර් අන්කල් කියල තියෙන්නේ කොහොම හරි මේ පාර පළමු වැනියා වෙන්න කියලා. දැන් මම පළමු වැනියා වෙන්න උත්සාහ කරනවා” යැයි නිමේෂා දියණිය කීවාය.

    “මම කොහොම හරි මේ අම්ම සනීප කරනවා. ඊට පස්සේ අම්මගෙයි දුවගෙයි අනාගතය සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” යැයි වෛද්‍ය කැලුම් කීවේ මා ඔවුන්ගෙන් සමුගන්නා මොහොතේදීය.

    [rns_reactions]

  • අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට

    අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට
    උණ රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් ඊයේ(14) රාත්‍රීයේ සිට කිසිදු රෝගියෙකු අංගොඩ අයි.ඩී.එච් උණ රෝහල ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6 සිට රෝහල් ගේට්ටුවද වසා දමා ඇති අතර රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමටද කටයුතු කර තිබේ.

    උණ රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී යාමෙන් ඊයේ රාත්‍රී සිට අද(15) පෙරවරු කාලය දක්වා උණ රෝගීන් බාර නොගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    අයි.ඩී.එච් උණ රෝහලේ ඇදන් 220ක් පමණ ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති.

    මේ හේතුවෙන් රෝහලේ ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වේ.

    ගැටළුවට රාජිතගෙන් තීන්දු රැසක්

    මේ අතර අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවැතීම හේතුවෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කිරීම සදහා තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වලට මෙන්ම කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුලු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    එමෙන්ම කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක වැඩිදියුණු කිරිමට පියවර ගෙන ඇත.

    ඒ අනුව බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල් අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කර රෝගී සත්කාරක සේවා කළමණාකරණය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (15) පෙරවරුවේ උපදෙස් ලබාදී තිබේ.

    දැනට අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 450 ක් පමණ ප්‍රතිකාර ලබති. එම රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වීම ද විශේෂත්වයකි.

    අයි.ඩී.එච් රෝහලට අනුබද්ධ කරන රෝහල් සදහා ඇඳන් 200 ක් කඩිනමින් මිලදී ගැනීමට ද තීරණය කර ඇති අතර එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත. අයි.ඩී.එච් රෝහලේ තාවකාලික වැසිකිළි පද්ධතියක් පෞද්ගලික අංශයේ සහයෝගය මත ඉදිකිරීමට ද කටයුතු යොදා ඇත.

    ‍මේ අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ද රෝගීන් වැඩිවීම හේතුවෙන් දැනට නවීකරණය කරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක් රෝගීන් ඇතුලු කිරිම සදහා සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. තවද කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල් වල ද ඩෙංගු ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වන බැවින් එම රෝහල්වලට ද රෝගීන්ට ඇතුලත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටි.

    2017 වසරේ මේ වනවිට ඩෙංගු රොගීන් 62,000 ක් වාර්තා වී ඇත. අද (15) සහ හෙට (16) දෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නිවාස පරීක්ෂා කිරිම සහ ධූමායන කටයුතු සිදු කිරීම දිස්ත්‍රික්ක 21 ක් පුරා අද (15) පෙරවරුවේ ආරම්භ විය.

    එහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ කසල බැහැර කිරීම විධිමත්ව සිදු නොවන බවයි. දරුවන් පාසල් වලට සහ නිවාස වල රැදී සිටිය දී මදුරු විකාශක භාවිත කරන ලෙස ද, නිදා ගැනීමේ දී මදුරු දැල් භාවිත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ අතර සෑම සිකුරාදා දිනයකම උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත. එම කාලය තුල නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සදහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි.

    [rns_reactions]

  • අයිරාංගනී සේරසිංහ 90 වැනි උපන් දිනය සමරයි…

    අයිරාංගනී සේරසිංහ කියන්නේ සුවිශේෂි රංගන ප්‍රතිභාවක් සහිත රංගන ශිල්පිනියක බව අමුතුවෙන් කිවයුතු නැහැ. ළාබාල වියේදීම කලා ලෝකයට පිවිසි ඇය එතැන් පටන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවෙමින් ආ ගමන් මගේ කෙළවර හරියේදී මිත්තණියක විදිහටත් මතකයේ සැමදා රැඳෙන විදිහේ භූමිකා රැසක් නිරූපණය කළා. අපි මෙවර ඇයව හමුවුණේ එක්තරා සුවිශේෂි හේතුවක්ද නිමිති කරගෙනයි.

    මීට දින දෙකකට කලින් ඔබේ ජීවන ගමනේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් වුණා. මතක් කරමුද ඒ ගැන?
    මගේ උපන් දිනය ජුනි 9 වැනිදාටයි යෙදී තිබුණේ. දැන් මට අවුරුදු 90ක්.

    මේ විශේෂ අවස්ථාව උත්සවශ්‍රීයෙන් සමරන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
    මගේ උපන් දිනය දවසට නෑදෑයෝ යාළුවෝ වගේ අය මාව බලන්න ඇවිත් මගේ ළඟින් ඉන්නවා නම් මම හැමදාමත් කැමැතියි. හැබැයි මම සාමාන්‍යයෙන් උපන් දිනය වෙනුවෙන් සාද පවත්වලා ලොකුවට ඒක සමරන්න කැමැති නැහැ. අනික රටේ මිනිස්සු හුඟදෙනෙක් ගංවතුර සහ නායයෑම්වලින් අනාථවෙලා ඉන්දැද්දී මම කොහොමද සාද පවත්වලා සතුටු වෙන්නේ.

    මේ දිනවල ඔබ විවේක සුවයෙන්ද කාලය ගතකරන්නේ?
    අ‍පොයි ඔව්. දැන් නම් මුළු දවසෙම ඇඳේ වැතිරිලා ඉන්න තමයි මම කැමැති.

    හැබැයි ඔබ තවමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් නේද ඉන්නේ?
    ඒක ඇත්ත. ඒ වුණත් ඇඟට ඉක්මනට වෙහෙස දැනෙනවා. ඒ නිසයි ඉස්සර කරපු දේවල් මට කරන්න බැරි.

    නමුත් එදා කරපු සමහර දේවල් ඔබ තවමත් අත්හැර දාලා නැහැ නේද?
    අ‍පොයි ඔව්. ලොකුම කටයුත්ත තමයි පරිසරය ආරක්ෂා කරගැනීමේ වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන එක. මම ඉස්සර ඉඳන්ම ගහකොළ, සතා සිවුපාවුන්ට ආදරෙයි. හුඟක් අයට වැටහෙන්නේ නැහැ ස්වාභාවික පරිසරය රැකගැනීම කොතරම් වැදගත්ද කියන එක.

    ජීවන ගමන් මගේ 90 වැනි සැතපුම් කණුව පසුකරන මොහොතේ රංගන ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී මොනවද ඔබට හිතෙන්නේ?
    කුඩා කාලයේදී ඉඳන් රඟපෑමට මගේ තිබුණු ආශාව නිසයි ජනතාවගේ ආදරයත් දිනාගෙන කලා ක්‍ෂේත්‍රයේ මේ තරම් දුරක් මම අද ඇවිත් තියෙන්නේ. ඒ ආපු ගමන ගැන මට හරිම සතුටුයි.

    රංගනයට පිවිසුණු මුල්ම කාලය ඔබට මතකද?
    මොකද නැත්තේ. පාසල් වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරද්දී මට යන්තම් අවුරුදු හයක් විතර ඇති. එදා මම ඇඳගෙන හිටපු ඇඳුම පවා මට අදටත් මතකයි.

    සිනමාවේ, පුංචි තිරය සහ වේදිකාවේ යන මාධ්‍ය තුනෙන්ම දක්ෂතා පෙන්වූ නිළියක විදිහට වඩාත්ම කැමැති මොන මාධ්‍යයටද කියලා ඇහුවොත්?
    මම වැඩිපුරම කැමැති වේදිකාවට. චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල කැමරාවක් ඉදිරියේ රඟපානකොට සමහර වෙලාවට තනියම රඟපාන්න සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. වේදිකාවේ අනෙක් නළු නිළියන් එක්ක ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපාද්දී ලබන සතුට චිත්‍රපටවල සහ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ලබාගන්න අමාරුයි.

    සිනමා නිළියක විදිහට වඩාත්ම කැමැත්තෙන් කරපු රංගනය සිහිපත් කරන්න පුළුවන්ද?
    එවැනි අවස්ථා හුඟක් තිබුණා. නම් වශයෙන් කියනවා නම් මම මුලින්ම රඟපෑ “රේඛාව“ චිත්‍රපටය තමයි මට පළමුවෙන්ම සිහිපත් වෙන්නේ.

    අද කා‍ලේ නළු නිළියන් දිහා බලද්දී මොනවාද හිතෙන්නේ?
    වැඩ රාජකාරි වැඩිවීමත් එක්ක අද කා‍ලේ නළු නිළියන්ගේ ජීවිත හුඟක් සංකීර්ණවෙලා කියලයි මට හිතෙන්නේ. අපි තරුණ කා‍ලේ ගත කරපු විදිහට ‍නෙවෙයි ඒ අය අද ජීවත් වෙන්නේ.

    ඒ වගේම රංගන ශිල්පීන්ගේ අරමුණුත් කාලයත් එක්ක වෙනස් වෙලා නේද?
    අද හුඟක් අය සම්මාන බලා‍පොරොත්තුවෙන්ම රඟපාන බවක් පේන්න තියෙනවා. තමන් නියැළෙන්නේ ශිල්පයකැයි කියලා හිතට අරගෙන හොඳට රඟපානවා මිස සම්මාන බලා‍පොරොත්තුවෙන් රඟපාන්න එපා කියන එකයි මට ඒ අයට දෙන්න තිබෙන උපදෙස.

    අයිරාංගනී සේරසිංහ කියන ප්‍රවීණ රංගන ශිල්පිනියගේ දායකත්වය ඉදිරි කාලයේදීත් කලා ක්‍ෂේත්‍රයට ලැබේවි නේද?
    මාස තුන හතරකින් කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත්, මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක පුළුවන්කමක් තියෙනවා නම් ඒ ආරාධනාව බාරගන්නවා. හැබැයි අදටත් මම හොඳට පිටපත කියවලා තමයි ඕනෑම නිර්මාණයක් බාරගන්නේ.

    [rns_reactions]

  • මෝය කට විශාල වීම නිසා මුහුදු රළ ගොඩබිමට

    ගංවතුර බැස යාම සඳහා මෝය කැපීමෙන් ඇතිවූ රළ පහරට මෝය විශාල වීම නිසා මුහුදු රල ගොඩබිමට ගසාගෙන ඒමට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

    කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ගල්වැටි දැමීම ආරම්භ කර ඇති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ මීටර් 200ක පමණ දුර ප්‍රමාණයට දුම්රිය මාර්ගය ආරක්ෂා වීමට මෙම ගල්වැටි අතුරන බව ද සදහන්.

    ගංවතුර බැසීමට මෝය කැපීම නිසා විශාල වූ මෝය ගඟත් මුහුදත් එක සමාන වී මුහුදු රළ ගොඩබිමට ගසාගෙන ඒමට පටන්ගෙන ඇත.

    පොල් ගස් සහ විශාල ගස්කොලන් දැනටමත් විනාශ වී ජලයට පෙරලී තිබේ.

    [rns_reactions]

  • හානි වූ මුදල් නෝට්ටු පිළිබඳව මහ බැංකුවෙන් නිවේදනයක්

    විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ගෙවීම් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටී.
    එසේම මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින අතර එවැනි පුරුදුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එසේම දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා මෙන් ඉල්ලා සිටියි.

    [rns_reactions]

  • දැරියන් ගැහැණුන් වෙන සැඟවුණු රූම් වලට එහා ගිය 500 ට විකිනෙන එළිපිට හංස බෝට්ටු

    ටියුෂන් පන්ති යන්න එන කොල්ලෝ කෙල්ලෝ මුහුදු වෙරළ අසබඩ වැටකෙයි පඳුරු ඇතුලේ රිංගගෙන පෙම් සුව විඳින අතරේ සුරංගනා ලෝක වල තනිවෙනවා. එහෙම තනිවෙන බොහොමයක් පෙම්වතුම් අසීමිත හැඟීම් වලින් වල් මත් වී රාගයට ලොල් වී තුරුළු වී සිපගත්තත් සුරාන්තය දක්වා හැසිරීමට වටපිටාවෙන් බාධා පැමිණෙන නිසා සීමා සහිතව පාලනය වනවා.

    නමුත් සමහරක් සුළුතරයක් ටියුෂන් පෙම්වතුන් එම සීමාවත් පැන වැටෙකෙයි පඳුරු ඇතුලෙම අඹුසැමි සුව විඳිමින් අනාථ වනවා. එහෙම සිටියදී වෙනත් කාමුක පිරිමින්ගේ ගොදුරු බවට පත් වූ අවස්ථාද මාධ්‍ය ඔස්සේ ඕනෑතරම් වාර්තා වී තිබෙනවා. 2004 සුනාමි ව්‍යසනයේදීත් නිර්වස්ත්‍රව වැටකෙයියා ගාල් ඇතුලේ සිට ගම්මාන වලට දුව ආ මියගොස් සිටි පෙම්වතුන් අනන්තයි.

    මෙහෙව් බාධා වලින් ටිකක් එලියට පනින සමහර ටියුෂන් පෙම්වතුන් අපදන්නා වචනින් “ෆිල්ම් හෝල් වල බොක්ස්” ඇතුලේ සුරාන්තය සෙවීමට පොරකනවා. ඕනෑතරම් ජංගම දුරකථන වලින් වීඩියෝ කල කුඩා වීඩියෝ පට අන්තර්ජාල වල සමාජ මාධ්‍ය ජාල වල සැරිසරනවා.

    තවත් සමහර පෙම්වතුන් කාගේ හෝ පිළිසරණක් ඇතිව රූම් වලට ගොස් හිතුසේ පෙම්සුව විඳිමින් අඹුසැමියන් සේ හැසිරෙනවා. එය අද නොරහසක්. නමුත් වරින් වර සිදුකරන වැටලීම් නිසා කාමර පහසුකම් සපයන්නන් අවුරුදු 18න් පහල පෙම්වතුන්ට කාමර පහසුකම් දීමට මැලි කමක් දක්වනවා.

    ඊළඟට පෙමෙහි සුරාන්තය සෙවීමට මේ ටියුෂන් පෙම්වතුන් තෝරාගන්නා තැන්නම් කොපමණ තිබෙනවා ඇත්ද?

    බොරලැස්ගමුවේ දියත උයන අසල හංස බෝට්ටුවක් තියාගෙන තම දෛනික රැකියාව කරගත් කිහිප දෙනෙකුගේ රැකියාවේ මල්පල දරන්නේ කාමයෙන් වත්මත් වී මෙසේ පැමිණෙන පෙම්වතුන්ට පින්සිදු වන්නටය. ඔවුනට වයස ප්‍රශ්නයක් නැත. පැය භාගයකට අවශ්‍ය වන්නේ රු.500ක සුළු මුදලිකි. වතුරේ හංස බෝට්ටු පැදීමට පැය භාගයක් දී ඔවුන් තොටුපලේ සිටියි.

    කුලියට හංස බෝට්ටුව ගත් ටියුෂන් පෙම්වතා තම පෙම්වතිය එයට ගොඩ කරගන්නේ වැවෙහි සිරි නැරඹීමට වැව පුරා බෝට්ටුව පදින ආකාරයට. නමුත් බෝට්ටුව කෙලින්ම යාත්‍රා කොට වැව මැද පිහිටා ඇති දුපතේ ඉවුරක නතර වනු දක්කනට පුළුවන. පැය භාගයම දුපත් ඉවුරේ නැංගුරම් ලන හංස බෝට්ටුව ඇතුලේ ගෙදරින් ටියුෂන් පන්ති පැමිණෙන කෙල්ලන් ගැහැනුන් බවට පත්වෙයි. මෙහා තොටුපලට ඈත දුපත් ඉවුරේ නැවති ඇති බෝට්ටුව ඇතුලේ සිදුවන්නේ කුමක්ද නොපෙනෙයි. පෙම් සුව උපරිමෙන් විඳීමට ඉඩහැර තොටිල්ලක් සේ පැද්දෙමින් හංස බෝට්ටු නිහඬව සිටියි.

    නමුත් දුරදිග නොපෙනෙන ටියුෂන් පෙම්වතියන් තම ජීවිතය මේ හංස බෝට්ටු ඇතුලේ අනාථ කරගනියි. තම පතිවත තම අනාගත ස්වාමියාගේ වෙස් ගත් පෙම්වතෙකුට දුරදිග නොබලා පූජා කරයි. ඔවුන්ගේ කාමාශාවන් පැයභාගයක් තුල සිතුසේ ඉටුකරගැනීමට ඉඩහැර බලා සිටියි.

    මේ සියල්ල නොපෙනෙන බෝට්ටු හිමිකරුවන් පයභාගය ඉවර වූ පසු තම අතෙහි ඇති නලාව පිඹියි. එවිට සුවවිඳි පෙම්වතුන් නැවත තොටුපල වෙත පැමිණෙයි. මෙසේ පැමිණෙන බෝට්ටුවට ගොඩ වීමට තවත් පිරිස් පෝලිමේ බලා සිටියි.

    දිනෙන් දින බෝට්ටු හිමිකරුවන් ලාභ ලබද්දී ටියුෂන් පන්තියාමට පැමිණෙන දස දහසක් අහිංසක දැරියන් ගැහැනුන් බවට පත්වෙයි.

    ඔවුන්ගේ ඉරණම ලස්සනට හැඩ ගැන්වූ බෝට්ටුවක් පැය භාගයකදී තීරණය කරයි. රටේ මතු පරම්පරාවට නොමඟ යාමට ජිවිත අනාථ කර ගැනීමට බෝට්ටුවක් රුකුල් වෙයි.

    රූම් වලට පනින වැටලීම් අංශ මේ බෝට්ටුවලට පනින්නේ කවදාද?

  • සෙල්ෆිය පිස්සුවක් බව වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්…..

    සෙල්ෆි ඡායාරූප ගැනීමේ එක් පැතිකඩක් වන්නේ ඇබ්බැහි වීම බව ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා පවසයි.

    තමන්ගේම රූපයට තමන් පමණට වඩා ආදරය කිරීම රාගයෙන් මත්වීම වැනි තත්ත්වය තමා විසින් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට යොමුවී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරයා තවත් පිරිසක් තමන්ගේ පෞර්ෂය බාල නිසා ඌණ පෞර්ෂයකින් සිතා සිටින බවත් කියා සිටියේය.

    තමන්ගේ අඩු පෞර්ෂය අන් අයට නොදැනෙන්නට තමා වඩා පෞර්ෂමත් කෙනෙකු බව පෙන්වීමට දරන උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස වඩා අවදානම් අවස්ථාවන් වලට මුහුණ දෙමින් එම පුද්ගලයින් ‍සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙළඹී ඇති බවද වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ සිද්ධීන් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා විය.

    කෙසේ වෙතත් මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට සෙල්ෆි ඡායාරූප 03කට වඩා ලබාගෙන අන්තර්ජාලයට එක් කිරීම ඇතැම්විට අසාමාන්‍ය මානසික ව්‍යාකූලතාවයක් විය හැකි බවයි.

    [rns_reactions]

  • ආයුබෝවන්ඩ මහරජාණෙනි හොර රහසේම යුගදිවියට….

    ආයුබෝවන් මහ රජාණෙනි” ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතිණි.

    ඇයගේ අතිනත ගත් තරුණයා උදාර කපුකොටුව නැමැති වෛද්‍යවරයෙකි.

    සහේලි – උදාර යුවලගේ “සසර පෙරදා බැදුණු විලසේ” නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා ඇත. එම ගීතය රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත අතර සංගීත නිර්මාණය අනුෂ්ක දසනායක විසිනි.

    [rns_reactions]

  • යාලේ යලිත් අලි ගැටුමක්: තනි දළයාගේ පහරදීමෙන් “තිලක්“ මරුට

    යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලම ඇතා වූ “තිලක්“ නැමති හස්තියා පෙරේදා (14) සවස යාල වනෝද්‍යානයේ “තනි දළයා“ ලෙස හැඳින්වෙන් ඇතාගේ පහර දීමෙන් මිය ගොස් තිබේ.

    ඇතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකින් මෙම හස්තියා මියගොස් ඇති අතර ඇතාගේ උදර ප්‍රදේශයට තනි දළයා පහර දීමෙන් ඇති වූ තුවාලයක් හේතුවෙන් ඇතා මියගොස් ඇති බව වාර්තා වේ.

    යාල වනෝද්‍යානයේ සිටි මෙම “තිලක්“ නැමති හස්තියාට වයස අවුරුදු 50ක් පමණ වන අතර වයස්ගතව පසුවීම නිසා දුර්වල තත්වයේ සිටි බැවින් අනෙක් ඇතාගේ පහරකෑමට ලක් වී ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

    මෙහිදී දී ඇතාගේ පශ්චාත් මරණ කටයුතු 14 වනදා සවස ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    Image may contain: one or more people

    Image may contain: one or more people and outdoor

    Image may contain: outdoor and nature

    [rns_reactions]

  • ෆේස්බුක් සමාජ මාධ්‍ය නිසා ළමුන් අපයෝජනය ඉහලට…

     ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 67ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ය.

    පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධි 54 ක් පමණි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.

    මීට අමතරව ෆේස්බුක් ඔස්සේ සිදුවූ විවිධ අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් 221ක් දෙනෙකුට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළා ය.

    ඇය පැවසුවේ, මෙවැනි සිද්ධි වළක්වා ගැනීම සඳහා ළමයින්, ගුරුවරුන් හා මව්පියන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බව ය.

    [rns_reactions]

  • කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක්…

    කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    පොලීසිය හා හමුදාව එක්ව මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරයි. මීට අමරතව රහස් පොලිසියද යොදා ගන්නා අතර ඔවුන් කොළඹ නගරයේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි යොදවා ඇත.

    නගර සභාව පවසන්නේ දිනකට ටොන් 800ක් පමණ බැහැර වන කසල ප‍්‍රමාණය අවම කර ගැනීම මින් අපේක්‍ෂා කරන බවයි.

    [rns_reactions]

  • ඩෙංගු මර්දනයට වෙලාවක් වෙන්කරයි….

    ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි. 

    උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
    මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.  

    [rns_reactions]

  • ඇති අය හැකි පමණින් පුංචි පුතුට පිහිට වෙන්න…

    දෙමාපියන් දෙදෙනා වෙනත් විවාහයන් කරගැනිමෙන් පසු ආච්චි අම්මා ලග තනිවූ කුඩා දරුවෙකු පිළිබදව හුංගම උතුරු බටඅත රන්න නැගෙනහිර ග්‍රාමසේවා වසමෙන් වාර්තාවේ.

    මෙම දරුවා කුඩා කාලයේ දිම පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර පසුව මවත් තවත් විවාහයක් කර ගැනිම නිසා දරුවා ආචිචි ලඟ තනිවී ඇත.

    නිවසක් කියා පැවැසිමට වත් නොහැකි  ඉටිකොළ, පොලිඅතු, ටකරන් වැනි දෙයින් අහුරාගෙන තනාගෙන ඇති  කුඩා පැල්පතේ ලෑලි කිහිපයක් මත  අනාරක්ෂිතව කුසට අහරක් හරියට නැතිව අකුරු කරන්නට මේසයක් පුටුවක් වෙනුවට කොටන් දෙකක් යොදාගෙන මෙවුන් කටුක ජීවිතයක් ගතකරයි.

    හුංගම නගරයේ සිට ප්‍රධාන මාර්ගයේ  බටඅත රුවින්ගම හංදියට පැමිනි පසු ප්‍රධාන මාර්ගයේ වම් පැත්තේ ගල් කොරිය පාර හෙවත් වෙහෙරගල පාරේ දුෂ්කර මාර්ගයක කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය විට මේ අසරණ දරුවා සමඟ ආච්චි ජීවත්වන කුඩා පැල්පත හමුවේ මේ දුක් මුසු කථාවේ ආරම්භය ජී.ජී.කේ චන්ද්‍රා ආච්චි මෙසේ පවසයි.

    මට දුවෙක් සහ පුතෙක් සිටියා දුවගෙ දරුවා තමයි මේ ඉන්නේ  මේ දරුවා මාස තුනේ දි පමණ තාත්ත වෙන කසාදයක් කරගත්ත.

    ඊට පස්සේ දුව මම ලඟ සිටිය දරුව එක්ක ඉට පස්සේ දුවත් වෙන විවාහයක් කරගත්ත දරුවට දුව කැමැතියි ඒත් බාප්ප සමඟ දරුවා තියාගන්න බැහ කියල දරුවා මගේ ලඟ ඉන්නවා.
     
    දුව හිඳ හිට දරුවා බලන්න එනවා. ඒත් දරුවා වෙනුවෙන් සියල්ල කරන්නේ මම මම කුලියට ගඩොල් කපනවා. ඒත දැන් බැහ කොන්දේ කැක්කුමක් නිසා දරුවා හරි ආසයි ඉගනගන්න.
     
    ඉතින් මට සල්ලි නැහැ දරුවාට කන්න දෙන්නෙත් බෙහොම අමාරුවෙන් දරුවාට දැන් වයස අවුරුදු අටක් වෙනවා.
     
    දරුවව කිසිම පාසලකට ගත්තේ නැහැ පස්සේ දරුවව පිරිවෙනකට දැම්ම.  මට මොකුත් අවශ්‍ය නැහ මේ දරුවා ඉලන්නෙ ගෙයක් හදල හදල දෙන්න.
     
    මෙම අසරණ පවුලේ තත්ත්වය සම්බන්දව දැන ගැනිම සිදු වුයේ හුංගම හාතගල නිල්වලා විද්‍යාලයට තරිඳු මධුසංක ඇතුලත් කිරීමෙන් පසුය.
     
    හාතාගල රජමහා විහාරාධිපති  සුමංගල පිරිවෙනේ  හා නිල්වලා විද්‍යාලයේ  අධ්‍යක්ෂ පල්ලේගම ජිනරතන  නායක හාමුදුරුවො මෙසේ සඳහන් කලහ.
     
    ආච්චි අම්ම සමඟ මේ දරුවා අපේ පිරිවෙනට ආවා දරුවා ට පාසල් යවන්න අවශය බව කිව්වා මේ අය පදිංචි ප්‍රදේශයේ සිට පාසල් කිහිපයක් පහු කරගෙන පැමිනි නිසා ඇයි කියල ඇහුවම ආච්චි කිව්වා  ඒ කිසි ම පාසලකට දරුවා ගන්න බැහ කිව්වා කියල.
     
    දරුවා අපි නිල්වලා විද්‍යාලයේ බඳවා ගත්තා දෙවන වසරේ ඉගනුම ලබනව. පංතිභාර මිස් මට ඇවිත් කිව්වා මේ දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒත් ගෙදර මොනවා හරි ප්‍රශ්න ඇති බව දැනෙනනවා කියලා ගුරුවරයා ළමයාට සමිපවිම නිසා දරුවාගේ තත්ත්වය හඳුනා ගැනිමට එම ගුරුවරිය සමත් වු බව දැන ගත්තේ අපේ ගුරුවරු දෙන්නෙක්  නිවස සොයාගෙන ගොස් විස්තර දැන ගැනිමෙන් පසුවයි.
     
    අපිට කල හැකි උපකාර කරනවා. මේ ළමයාට ඉන්න ගෙයක් හදලා දෙන්න කියල තමයි ආච්චිත් ඉල්ලිම කරන්නේ.
     
    තරිඳු මධුසංක ඉගනගන්න පංතියේ  ගුරුතුමිය වන පුෂ්පා කරුනාරත්න මහත්මිය මෙසේ  පවසයි.
     
    මගේ පංතියට දේ දරුවා පැමිනි පසු මම දරුවා සමග කථා කලා වැඩ හොඳට පුළුවන් හැබැයි මොනවා හරි ගැටළුවක් ඇති බව මට පළමු දිනයේම වැට හුනා මම මේ දරුවාගෙන් විමසා සිටිය එවිට දැනගත්ත ආච්චි ලඟදරුවා සිටින  බව කවර හෝ ප්‍රශ්නයක් ඇති නිසා මම මේ බව විදුහල් පති තුමා දන්වලා ඒ මාර්ගයෙන් අපේ නායක හාමුදුරුවන්ට දන්වා සිටිය.
     
    අපේ සර්ල දෙන්නෙක් ගොස් නිවසේ පිංතූර අරගෙන ඇවිත් අපිට පෙන්නුව අපේ පපුව හෝස් ගාල ගියා  මේ වගේ දරුවන් ට දෙමාපියන් දක්වන සෙනහස පිළිබඳ කවි කථා කියා දෙන්නනේ කොහොමද කියලා මම මගේ හදවතින් ඇසුවා.
     
    මම ඉලන්නේ අනේ මේ ඉගන ගන්න පුළුවන් මල් කැකුලට පිපිදෙන්න ඉඩ දෙන්න පුළුවන් මහතුන් ඉන්නවනම්  නිවසක් හදල දෙන්න කියලා අපිත් ඉල්ලනවා. අපිටත් කල හැකි උපකාරයක් කරනවා. 
     ‍විමසීම් හුංගම හාතගල පිරිවෙන 0712581404
    [rns_reactions]
  • ගංවතුරත් සමගම දඹුල්ලේ එළවලු තොග මිල අශ්පගණන්…..

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමඟ විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දඹුල්ල වෙළෙඳපළට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රු. 150ත් 220ත් තොග මිලක් පවතින බවත් එම මිලටත් වඩා වැඩි මිලක් සිල්ලර වෙළෙඳපළේ පවතී.

    ගෝවා කිලෝවක් රු. 130ත්-140ත්, ලීක්ස් රු. 70ත්-90ත්, කැරට් 220ත් 270ත්, වම්බටු රු. 120-රු. 130ත්, නෝකෝල්, රාබු , දඹල ආදී එළවළු කිලෝව රු.100 සිට 160දක්වා මිල ගණන් පැවතියද බෝංචි කිලෝවක් රු.150ක්ද කැරට් රු. 230ක් ද, අමුමිරිස් රු. 450ක්ද, කරවිල රු.180 කටද, මාළු මිරිස් රු. 280කටද මෑකරල් රු. 120කටද, බීට් රු. 160කටද පැවතිණි.

    මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙඳපොළට ගොස් සොයා බැලීමේදී අනාවරණය විය.

    [rns_reactions]