Category: සුපිරි Walks

  • පුවත් මවන රන්ජන් රාමනායකගේ වීඩියෝවක් ලීක් වෙලා – (Exclusive)

    දිනෙන් දින පුවත් මවනා  ලංකාවම දන්නා  මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කිසිවෙක් නොදුටු  රහස්‍ය වීඩියෝවක් අපට ලැබී ඇත.

    බලන්න මෙම වීඩියෝව…

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449639108426972/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449640291760187/

    [rns_reactions]

     

  • ප්‍රයිවට් – ලංගම බස් දෙකක ගැටුමක් – ලංගම රියදුරුට බස් දෙකේම මගීන් පහරදෙයි (PHOTOS)

    හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද (12) දහවල් අනතුරක් සිදුවු අතර මේ අනතුරින් පසු බස් රථ දෙකේම මගීන් කුපිතවී ශ‍්‍රී ලංගම බස් රථයේ රියදුරාට පහරදී ඇති බව සදහන්.

    පසුව බස් රථ දෙකේම රියදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

    ශ‍්‍රී ලංගම බස් රථය අධික වේගයෙන් පැමිණ පෞද්ගලික බස් රථය ඉස්සර කර නතර කළ බවයි සිද්ධිය දුටුවන් කියා සිටියේ.

    එම අවස්ථාවේ පෞද්ගලික බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ශ‍්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව තිබෙනවා. බස් රථ දෙකටම අලාභ සිදුව ඇතත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

     

    [rns_reactions]

  • ආන්දෝලනාත්මක සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ලාංකිකයින් මව්බිමට..

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් මීට සුථ මොහොතකට පෙර මෙරටට පැමිණි අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිට පසුව නිදහස ලද ශ‍්‍රී ලාංකික නාවිකයින් අට දෙනා අද පස්වරු 05.12 ට පමණ මෙලෙස යළි මව්බිමට පැමිණි බව සදහන්.

    දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් මව්බිමට පැමිණියා.

    ඔවුන් පිළිගැනීමට ඥාතීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව ද සඳහන්.

    [rns_reactions]

  • ඔලුව උදුම්මා නොගත් ප්‍රවීන ගායක දයාන් විතාරනගේ සත් ක්‍රීයාවක් කරලියට..

    නුවරඑළියේදී පදික වේදිකාවක ගීත ගායනා කල අසරණයෙකුගේ ගායන හැකියාව ඇගයීමට එම ස්ථානයේ නතරවූ දයාන් විතාරණ ඒ පිලිබදව මුහුණු පොතේ සටහනක්ද තබා ඇත.

    [rns_reactions]

  • පිටරැටියන් අමන්දානන්දයට පත්කළ බක්මහ උළලේ තතු විත්ති මෙන්න..

    විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද (12) වෙන්නප්පුව – වයික්කාල සංචාරක හෝටලයකදී පැවැත්වු අතර එහි සුවිශේෂී නිමේෂයන් මෙන්න..  බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණා.

     

    [rns_reactions]

  • සම්බාහනයට මුවාවී ගණිකා වෘත්තියේ යෙදුනු 23 දෙනකුට 50,000 බැගින් ශරීර ඇප..

    පුජනීය අනුරාධපුර නගරයේ  ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් 23 දෙනකු අද(12) එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින්වු ශරිර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂන ධනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.

    කලක් තිස්සේ අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන ආයුර්වේද මධ්‍යස්ථාන වල සේවයේ නියුතු කාන්තාවන් ගණිකා වෘත්තියේ නිරත වන බවට ලද තොරතුරු මත අනුරාධපුර පොලිසිය විසින් ඊයේ(11) මෙම ආයුර්වේද සම්භායන ආයතන වටලා තිබුණි.
    උපාය දුතයන් යොදවා සිදුකළ මෙම මෙහයුමේදි සම්භාහන ආයතන හයක් වැටලූ පොලිසිය එහි සිටි කතුන් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය.

    අත් අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අනුරාධපුර කැගල්ල රත්නපුර යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

    [rns_reactions]

  • ගල්ගමුවේ හස්තියාට වෙඩි තබා මරා දමලා

    ගල්ගමුව ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගනිමින් ජීවත් වූ හස්තියෙකුට ඉකුත් 10 වැනිදා කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා මරා දමා තිබේ.

    කැලයේ සතුන් දඩයම් කරන්නට ගිය පුද්ගලයෙකු ඉතාමත් නින්දිත ආකාරයෙන් මෙම ඇතාට වෙඩි තබන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පහළ කරන අතර ඇතාගේ සිරුර දින දෙකකට පසුව ඉකුත් 12 වන දා ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත ගල්ගමුව වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ.

    මෙම හස්තියා මේ ආකාරයෙන් වෙඩි තබා මරා දමා තිබුණේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගනේ දිවුල්වැව ප්‍රදේශයේ කැලෑවක් තුලදීය. වනජීවී නිලධාරීන් පවසා සිටියේ ඇතාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් උස අඩි 08 ක් වන බවත් ය. එසේම මෙම ඇතා තරමක් විශාල දළයක් හා තරමක් කුඩා දළයක් සහිත බවද වනජීවී නිලධාරීන් අපට කියා සිටියහ.

    ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර – පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා විසින් සිදු කළ අතර එහිදී ඔහු සදහන් කර සිටියේ මෙම මරණය සිදුව ඇත්තේ වෙඩි වැදීමකින් බවයි.

    [rns_reactions]

  • බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය දැරිය දරුවෙක් සමගින් ගෙදර ගිහින්..

    උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා.

    කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

    හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    [rns_reactions]

     

  • ජෝඩු මාරු – අමුතු මාදිලියේ උප සංස්කෘතියක තොරතුරු එලියට.. පොලිස්පතිතුමාගේ අවධානයට..

    ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉතා පහසුවෙන් අලෙවි කරගත හැකි භාණ්ඩයකි ලිංගිකත්වය. ලංකාවේ සංස්කෘතිය වනසමින්  සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගන්නට පෙලබවන මන්දමානසිකයන් කණ්ඩායමක් පිලිබදව අපට තොරතුරු ලැබී ඇත. ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය යොදාගනිමින් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වේ.

    විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ තිබෙන අතර මෙලෙස මානසික ආතතියෙන් පෙලෙන  යුවළ සඳහා කාමර පහසුකම් සහ අවශේෂ වෙනත් සේව සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වී තිබේ.

    පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම් වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ. එම නිසා මෙවන් ජාවාරම් වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම මැවින් ක්‍රියා නීතියෙන්ද තහනම්ය.

    [rns_reactions]

     

  • පපුවේ අමාරුවට නූලක සරණ පැතු කත මරුට..

    වැලිකන්ද, බෝඅත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ට ඇති වුණු පපුවේ දැවිල්ල වැනි අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර වශයෙන් නූලක් සාත්තු කර ගැනීමට මුතුගල ගම්මානයේ කෝවිලට පැමිණි විට ජීවිතක්ෂයට පත් වී තිබේ. (10) සවස 3.30ට පමණ මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි අප්පුහාමි යෝගම්මා නැමැති කාන්තාවකි.

    මෘත ශරීරය මහේස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර පශ්චාත්මරණ පරීක්ෂණය  (11) සිදුකරන ලද බව සදහන්.

    වැලිකන්ද පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    [rns_reactions]

  • පොලිස්පතිත් රැවටුණු අරුම පුදුම පොලිස් නිවුන්නුන්ගේ කතාව මෙන්න..

    එකම අවුරුද්දේ එකම මාසයේ, එකම දවසේ නිවුන්නු ලෙස ඔවුන් ඉපදුණත් සෝමසිරි පෙරේරා ප්‍රේමසිරි පෙරේරාට වඩා විනාඩි පහක් ඉස්සරවී ලෝකය බැලුවේය. අයියා විනාඩි පහකට කලින් උපන්නා කියා විනාඩි පහක් පමාවී උපන් මල්ලි ඒ පමාව ජීවිතයට පමාවක් කර ගත්තේ නැත.

    එකට ඉස්කෝ‍ලේ ගොස් පසුව ඉස්කෝල දෙකකට ගියත් එකට උසස් පෙළ සමත් වී වෘත්තීන් දෙකක් තෝරා ගත්තත් අවසානයේ දෙදෙනාගේම වෘත්තිය එකක් වුණේය. තනතුරුද එකක් වුණේය.


    සෝමසිරි අයියා 88දී ‍පොලිසියට ගොස් අවුරුදු විස්සකට පසු ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකකම ලබද්දී ප්‍රේමසිරි මල්ලී 90 වසරේ ‍පොලිස් සේවයට එක්ව වසර දොළහකට පසු ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක තනතුරට පත් විය. අද ඔවුන්ගේ තත්ත්වය ද එකය. නිල ඇඳුමද එකය. ඒ සියල්ලටත් වඩා විශේෂත්වය වන්නේ ඔවුන්ගේ පෙනුමයි. නිවුන්නු වූ නිසාම එක සමාන හැඩරුවින් වූ ඔවුන් නොදන්නා අයට සේම එක්වරම දන්නා කෙනෙකුටත් හඳුනා ගන්නට අපහසුය. ඇතැම් විටෙක ‍පොලිසියේ ඉහළ නිලයන්ටත් ඔවුන් දෙදෙනා හඳුනා ගන්නට අපහසු වන අවස්ථා බොහෝ විය.

    “ඉස්සර ‍පොඩි කා‍ලේ අපේ අයටවත් නෑදෑයින්ටවත් යාළුවන්ටවත් එකපාරට අපි දෙන්නා අඳුරගන්න බැරි වුණා. ඒත් අම්මට නම් මොකක්දෝ හැකියාවක් තිබ්බා අපි දෙන්නා අඳුර ගන්න. අම්මා මට කිව්වේ කළු කියලා. මල්ලි සුදු. හැබැයි අපි දෙන්නා එහෙම කළු සුදු පාට දෙකකින් හිටියෙත් නෑ. රූපෙ වගේම පාටත් දෙන්නගෙම එක වගෙයි. ටිකක් ලොකු වෙනකොට නම් දන්නම අයට අඳුර ගන්න පුළුවන් පුංචි ලකුණු දෙකක් ආවා. මල්ලිට නළ දතකුත් මට පේර ගහකින් වැටිලා වම් කම්මු‍ලේ පුංචි තුවාල කැළලකුත් තිබ්බ හින්දා”

    නිවුන් සොහොයුරන්ගේ වැඩිමලා වූ සෝමසිරි පෙරේරා අවුරුදු පනස් එකකට එහා මතක ‍පොතක් දිගහැරියේය.

    ලංගම රියැදුරකු වූ ආර්.ඒ. ඩේවිඩ් පෙරේරාටත් ඩබ්ලිව්.ජී.ඒ. සෝමාවතීටත් දෙවැනි දරුවන් වූ සෝමසිරි හා ප්‍රේමසිරි ඉපදී හැදී වැඩුණේ මොනරාගලයි. ඔවුන්ගේ අයියා ප්‍රේමචන්ද්‍ර පෙරේරාය.

    මොනරාගල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයෙන් 5 වසර ශිෂ්‍යත්වය සමත් වන සෝමසිරි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ඇරඹීය. මොනරාගල රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වන ප්‍රේමසිරි ද බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.

    “‍පොඩි කාලෙ නම් එක ඉස්කෝලෙ එක පන්තියේ හිටියේ. ගුරුවරුන්ට අඳුරගන්න හුඟක් වෙලාවට අමාරු වුණා. අපි දෙන්නා ඇන්දෙත් එක වගේ. සපත්තු සෙරෙප්පු දැම්මෙත් එක වගෙයි. ලෙඩ වෙනකොට දෙන්නම ලෙඩ වෙනවා. පුංචි කාලෙ අම්මා කියනවා ‘අපි දෙන්නා එකට හදන්න බෑ. හැදුවොත් අසනීප වෙලා හරි එක්කෙනෙක් නැති වෙනවා’ කියලා. අම්මා ඔහොම කිය කිය ඉන්න කොට තමයි මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා කිංස්වුඩ් විද්‍යාලෙට ගිහින් නේවාසික වුණේ. මුල් දවස්වලහරි අමාරුයි ඉන්න.

    මල්ලි මතක් වෙනවා. නිවාඩු එනකල් මග බලාගෙන ඉන්නෙ. ඒ හින්දා ගෙදර යන්න.”
    සෝමසිරි ඉගෙන ගන්නවාට අමතරව බොහෝ ක්‍රීඩා කළේය. ඒ අතර රගර්, හොකී මෙන්ම මලල ක්‍රීඩාද විය. රගර් වර්ණ, හොකි වර්ණ මෙන්ම පාස‍ලේ හොකී තරුවද වී ඇත. එමෙන්ම වරක් පාස‍ලේ දක්ෂතම ක්‍රීඩකයා වන්නේද ඔහුය. ශිෂ්‍ය භට කණ්ඩායමේ මෙන්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරමින් ඔහු ඉගෙනීම් කටයුතු කරද්දී ප්‍රේමසිරි සාමාන්‍ය පෙළ විභාගය සමත්ව බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ඉගෙනුමට ගියේය. ඔහුද පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේය.


    “මම අයියාගේ ඉස්කෝලෙට ගියොත් හරි අයියා මගේ ඉස්කෝලෙට ආවොත් හරි අපි දෙන්නගෙම යාළුවෝ රැවටුණා අපි දෙන්නා අඳුරගන්න බැරුව. උසස් පෙළ විභාගෙන් අපි දෙන්නටම විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි වෙනවා. දෙන්නම උප ‍පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලනවා. ඔය 1986 දී. ඒත් ගමේ මනුස්සයෙක් ඉරිසියාවට බොරු කියලා පෙත්සමක් ගහලා අපි දෙන්නා ‍පොලිසියට යන එක නැවැත්තුවා. අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නටම ඒ පත්වීම් ආවත් ඒ කාලෙ දේශපාලන අධිකාරියෙන් එක පවු‍ලේ දෙන්නෙකුට උප ‍පොලිස් පරීක්ෂක පත්වීම් දෙන්න කැමැති වුණේ නෑ. ඒ හින්දා ඒ අවස්ථාව අයියට දුන්නා. ඒ වෙනකොට මං බදුල්ල තාක්ෂණික ආයතනයේ සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරමින් හිටියේ”

    88 වසරේ සෝමසිරි පෙරේරා උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස ‍පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණ අතර සැලසුම් ශිල්පී පාඨමාලාව අවසානයේ ප්‍රේමසිරි පෙරේරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී තනතුරක් ලැබුවේය. ඒ වන විට ඔවුන්ගේ ලොකුම අයියා ප්‍රේමචන්ද්‍ර ද යුද හමුදාවේ සේවය කරමින් සිටියේය.

    “අයියා එතකොට කොළඹ වරාය, ග්‍රෑන්ඩ්පාස් වැඩ කරලා කිලිනොච්චියේ හිටියේ. ඒ කා‍ලේ මගේ පරිපාලන නිලධාරි මට හැම වෙ‍ලේම කියපු කතාවක් තමයි මේ රස්සාව ගැළපෙන්නෙ නෑ. අයියලා වගේ හමුදාවට හරි ‍පොලිසියට හරි යන්න කියන එක. 1990 අවුරුද්දේ මමත් රැකියාවෙන් ඉවත් වෙලා ‍පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙනවා උප සේවා උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට”

    ඔහු පුහුණුවෙන් පසු බදුල්ල ‍පොලිසියෙන් රාජකාරි අරඹද්දී කිලිනොච්චියේ සිටි සෝමසිරි පෙරේරා කොළඹට පැමිණ බොරැල්ල ‍පොලිසියට අනුයුක්තව සේවය කළේය. අනතුරුව ‍පොලිස් විද්‍යාලය කළුතර, ‍පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය, කොළඹ ‍පොලිස් මූලස්ථානය, අපරාධ කොට්ඨාසය වැනි තැන්හි සේවය කළ සෝමසිරි 94 වසරේ ‍පොලිස්පති රථවාහන පාඨමාලාව හැදෑරීය. ඉන්පසුව කඩවත රථවාහන ස්ථානාධිපති ලෙස පත්වූ ඔහු මාස කිහිපයකට පසු 94 සැප්තැම්බර් මාසයේදී පෑලියගොඩ ‍පොලිසියේ රථවාහන අංශයට පත් වුණේය. ඒ අතරේ 96දී ‍පොලිස් පරීක්ෂක තනතුරට උසස් වන ඔහු 97 පෙබරවාරි මාසයේ පෑලියගොඩ රථවාහන ස්ථානාධිපති තනතුරට පත් විය.

    “ඔය කාලෙ වෙනකොට මාව ‍පොලිසිවල අය දන්නවා අඳුරනවා. මල්ලි වැඩිපුර කොළඹ රාජකාරි නොකළ නිසා මල්ලිව නමින්වත් රූපෙන්වත් කට්ටිය දැන හිටියේ නෑ. ඒත් අපේ බැඳීම් නම් පුංචි කාලෙ වගේම තිබ්බා. ලෙඩ අසනීප වෙනකොට ලෙඩ වෙන ඒවා එහෙම අඩු නැතුවම තිබ්බා.

    මල්ලි මොනරාගල එච්.කිව්.අයි. කා‍ලේ දවසක් පාන්දර හතරට විතර නින්දේ හිටපු මං ඇහැරුණා. එකපාරටම තුනටිය රිදෙන්න අරන් මොන විදිහකටවත් ඇඳේ ඉන්න බෑ. මෙට්ටේ බිමට දාලා නිදාගන්න හැදුවා. ඒත් බෑ. තුනටිය කැක්කුමයි. ඒ වෙලාවෙ මගේ ෆෝන් එක රින් වුණා. කතා කළේ තණමල්විල ‍පොලිසියෙන්. මල්ලි ඇක්සිඩන්ට් වෙලා. තුවාල මොකුත් පේන්න නෑ. ගොඩක් අමාරුයි. හම්බන්තොට ඉස්පිරිතාලෙට ගෙනියන ගමන් කිව්වා. ඒ තොරතුරු ඇහුවට පස්සේ මගේ ඇඟට දැනුණ අමාරුව නැතිව ගියා.”

    ඒ සෝමසිරි පෙරේරාගේ හා ප්‍රේමසිරි පෙරේරාගේ ජීවිතවල ඇස් මායිමට නොපෙනෙන බැඳීමක තොරතුරුය.

    බදුල්ලෙන් රාජකාරි ඇරඹූ ප්‍රේමසිරි පෙරේරා 98 වසරේ ‍පොලිස් පරීක්ෂක තනතුරට ද 2002 වසරේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක තනතුරටද උසස් වූ අතර ඇල්ල ස්ථානාධිපති විවිධ පැමිණිලි, මොනරාගල වැඩබලන මූලස්ථාන ස්ථානාධිපති, වැල්ලවාය ස්ථානාධිපති පාලන, අම්පාර ස්ථානාධිපති විවිධ පැමිණිලි, තණමල්විල ස්ථානාධිපති නොවිසඳූ අපරාධ, සියඹලාණ්ඩුව ස්ථානාධිපති, මඩකලපුව කොට්ඨාස රථවාහන ස්ථානාධිපති, එරාවූර් ස්ථානාධිපති රථවාහන, වාලච්ච්ෙන වැඩබලන ස්ථානාධිපති, කල්කුඩා වැඩබලන ස්ථානාධිපති ලෙසින් ‍පොලිස් ස්ථානවල රාජකාරි කර බණ්ඩාරවෙල ‍පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස පත් විය.

    සෝමසිරි පෙරේරා 2002 මාස 6කට යාපනේ ‍පොලිසියට පත් වූ අතර නැවත පෑලියගොඩ රථවාහන අංශ ස්ථානාධිපති ලෙස පත් විය. 2006 වසරේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක වූ අතර 2010 වසරේ පෑලියගොඩ මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක ලෙස පත් විය. 2011 වසරේ අප්‍රේල් මාසයේ දේශපාලන හේතූන් මත ‍පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර නැවත සේවයේ අවශ්‍යතාව මත 2013 ජනවාරියේ පෑලියගොඩ දිසා රථවාහන ස්ථානාධිපති ලෙස පත් විය. සේවයේ අවශ්‍යතාව මත වසර 21ක් එකම ‍පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටින සෝමසිරි පෙරේරාව නොදන්නා කෙනෙක් නැති තරම්ය.

    ඒ අතරේ වරක් ආසන පටි වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම නිසාත් රථවාහන ‍පොලිසිය සම්බන්ධව රූපවාහිනී වැඩසටහන්වලට සහභාගිවීම නිසාත් පාරවල් ඉදිවෙන අවස්ථාවල පවත්වන ඇතැම් සම්මන්ත්‍රණ නිසාත් සී.අයි. පෙරේරා ජනප්‍රිය චරිතයක් වුණේය. උදේටත් දවල්ටත් හවසටත් රථවාහන හසුරවමින් පාරේ කොතැනක හෝ සිටින සී.අයි. පෙරේරාට ඔහු වැනිම තවත් සහෝදරයෙක් ‍පොලිස් සේවයේ සිටින බව බොහෝ දෙනෙක් නොදනිති. එයින් වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ ප්‍රේමසිරි පෙරේරා ඕඅයිසී මහත්තයාය.

    “මම කියලා අයියට රැවටෙන අයත් ඉන්නවා. ඒත් වැඩිපුර ඉන්නේ අයියා කියලා මට රැවටෙන අය. මම වාලච්ච්ෙන හිටපු කා‍ලේ ඒ.එස්.පී. සම්මුඛ පරීක්ෂණයට ගියාම හිටපු ‍පොලිස්පති ඉලංගකෝන් මහත්තයත් එහි හිටියා. “කවද්ද පෑලියගොඩින් ගියේ” කියලා මාව දැක්කම ඇහුවා. මම කිව්වා “නෑ සර් ඒ මගේ අයියා” කියලා. “දෙන්නම එක වගේනෙ” කියලා ‍පොලිස්පතිතුමා හිනාවුණා.

    නියෝජ්‍ය ‍පොලිස්පති සරත් කුමාර මහත්තයා පෑලියගොඩ කාලයක් ඉඳලා තියෙනවා. බදුල්ල නියෝජ්‍ය ‍පොලිස්පති වෙලා ආවාම තිබ්බ කොන්ෆරන්ස් එකක් අවසානේ ඇහුවා මාත් එක්ක වැඩ කරපු කට්ටිය ඉන්නවද කියලා. මම නැගිට්ටේ නෑ, මම වැඩ කරලා තිබ්බේ නැති නිසා. එස්.පී.ලාට, ඒ.එස්.පී.ලාට, එච්.කිව්.අයි.ලට කතා කරලා කොට්ඨාස අපරාධ ඕ.අයි.සී. ලාට කතා කරන අවස්ථාව ආවා. මමයි බදුල්ලයි නැගිට්ටා. කොහේදීද මාත් එක්ක වැඩ කළේ කියලා මගෙන් ඇහුවා. මට තේරුණා මාව දන්නෙ නැතිව කියලා. මම කිව්වා සර්, ඒ අයියා, පෑලියගොඩ කියලා. ඒ වතාවේ ඩී.අයි.ජී. මහත්තයා කිව්වා ‘ඒත් මං බලන් හිටියා මේ මනුස්සයා මාත් එක්ක තරහ වෙලාද, නැත්නම් ලෙඩක් අසනීපයක්ද කියලා…

    ඩී.අයි.ජී. ප්‍රියන්ත ජයකොඩි සර්රුත් කොට්ඨාස අපරාධ විමර්ශන ඕ.අයි.සී.ලගේ රැස්වීමකදී “නේද පෙරේරා, අපි පෑලියගොඩ ‍පොලිසියේ වැඩ කරද්දී’ කියලා පරණ කතාවක් මතක් කළා. ඒත් ඉතින් මං කිව්වා ‘ඒ මං නෙවේ සර්, මගේ අයියා කියලා.”
    මම මඩකලපුව කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති හිටපු කා‍ලේ රථවාහන භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න සර්ගේ රැස්වීමකට ගියා අපි දෙන්නම. අයියා ආවේ බස්නාහිර පළාත උතුර දිසා රථ වාහන ස්ථානාධිපති විදිහට. නියෝජ්‍ය ‍පොලිස්පතිතුමා කාලයක් මොනරාගල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි විදිහට හිටියා.

    අපි දෙන්නගෙන් ඇහුවා ‘මගේ ළඟ හිටපු කෙනා කවුද?’ කියලා’
    ඔය වගේ හුඟක් සිද්ධිවලට මුහුණ දීලා තියෙනවා. ඩී.අයි.ජී. අජිත් රෝහණ සර්රුත් දවසක් රැවටුණා කටානේ පුහුණුවකදී මට අයියා කියලා.
    ‍පොලිසියෙන් විතරක් නෙවේ, අයියාගේ යාළුවෝ, බස්වල යද්දී රියැදුරන්, කොන්දොස්තරවරුන් වගේම ගෑනු ළමයිනුත් අයියා කියලා හිතලා රැවටිලා මට කතා කරනවා.

    ඉපදුණේ මුලින් වුණත් රැකියාව ලැබුණේ මුලින් වුවත් විවාහයේදී ප්‍රේමසිරි මල්ලි ඉස්සර වුණේය. ඒ නිසා දෙවැනි මනමාලයාට ඉන්නට වූයේ අයියාටයි. එන්.ඩබ්ලිව්.එස්. ධම්මිකා සමග විවාහ වී සිටින ප්‍රේමසිරිට පුතුන් තිදෙනෙකි. ඒ, දේලික චිනෙත්, උදිත රසාංග සහ මලිඳු තාරකයි. සෝමසිරි පෙරේරා විවාහ වී සිටින්නේ ආශා චාමරිකා ජයතුංග සමගයි. ඔහුගේ පුතා චාමරය. දියණිය ඉමාෂාය.

    අද බණ්ඩාරවෙල ‍පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා වන ප්‍රේමසිරි මොනරාගල පදිංචිව සිටින අතර බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වන සෝමසිරි පෙරේරා සපුගස්කන්දේ පදිංචිව සිටියි.

    [rns_reactions]

  • නවකයන්ට අමානුෂික නවක වදය දුන් පේරාදෙණියේ මන්දමානසිකයන්ට අදත් ඇප නෑ…

    ආන්දෝලනාත්මක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  ප්‍රධාන  මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඔවුහු පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ සිටිති.

    සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත්වරයා අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.-

    [rns_reactions]

     

  • මිනිස්සු එක්ක පෝලීමේ ඉඳල ටිකට් අරන් බස් එකේ යන අරුම පුදුම ලංගම සභාපති මෙන්න..

    මෙවර  අලුත් අවුරුදු නිවාඩුවට ගම බිම් බලා යන මගී ජනතාවට නිසි සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මේ දිනවල වැඩි වෙලාවක් සිටිනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ වන අතර ඊට අමතරව සාමාන්‍ය මගියකු ලෙසද ඔහු බස් රථ වල ගමන් ගන්නවා.

    [rns_reactions]

  • සයිටම් අවුල අවසන් – රජයේ විසදුම මෙන්න….

    ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ අවම ප‍්‍රමිතීන් ලේඛනයේ දැක්වෙනවා. 

    වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු මෙම අවම සුදුසුකම ඉකුත් 2011 වසරේ සිට නියමකර තිබුණු අතර එහි කිසිදු සංශෝධනයක් සිදු නොකල බවයි වෛද්‍ය සභාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 

    දැනට සකස් කර ඇති අවම ප‍්‍රමිතීන් ඇතුලත් ලේඛනය ඉදිරි සතියේදී වෛද්‍ය විද්‍යාල අටේම පීඨ මණ්ඩල වෙත යොමු කෙරෙණු ඇති. 

    වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, දේශන ශාලා, පුස්තකාල පහසුකම්, ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඇතුළු කරුණු රැසක් මෙම අවම ප‍්‍රමිතීන් ලේඛණයට ඇතුළත් වන අතර විද්‍යාලයට නියමිත රෝහල් සංඛ්‍යාව සහ සායනික පුහුණුව සඳහා වන පහසුකම් ආදිය ද ඊට ඇතුළත් බවයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කළේ. 

    මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන  ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම බලධාරියා ලෙස කටයුතු කරන බවයි. 

     

    වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්‍ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල යන රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප‍්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව යන විෂයන් යටතේ මාසය බැගින් වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙන අතර මෙම පුහුණුවෙන් අනතුරුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබන පරීක්‍ෂණයකට සයිටම් ශිෂ්‍යයන් මුහුණදිය යුතුය.

    [rns_reactions]

  • අලුත් අවුරුදු සමයේ ප්‍රවාහන තරගයට ලංගම සුදානම්…

    මෙවර  සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ මේ වන විට අතිරේක බස් රථ 50 කට අධික ප්‍රමාණයක් මගී අවශ්‍යතා සඳහා යොදවා ඇති බවයි.

    එළඹෙන 15 වැනිදා දක්වා මගී අවශ්‍යතා අනුව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන අතර යළිත් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට ද සැළසුම් කර ඇති බවත් පැවසුවා.

    මෙම කාලසීමාව තුළ අතිරේක බස් රථ 2000කට අධික ප්‍රමාණයක් යෙදවීමට බලාපොරොත්තුවන බවද සඳහන්.

    මේ අතර  මගී ජනතාවගෙන් වැඩි ගාස්තු අය කරන ලංගම බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද  ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් වහාම සිය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.

    [rns_reactions]

  • බක්පුර පසලොස්වක පොහොය දිනය අදයි.. (වීඩියෝ)

    බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙන අතර බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ දිනකදී සිදුව තිබෙනවා.

     

    [rns_reactions]