අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Spread the love

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශී‍්‍ර දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ ශ‍්‍රී විද්‍යා විජය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශී‍්‍ර දේහයට අවසන් ගෞරව දැක්වූ අතර නිකායික භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ද, ලාංකීය සංඝ සමාජය ද ස්වකීය අසහාය බුද්ධියෙන්, ධර්ම ශාස්තී‍්‍රය දැනුමෙන් සහ අසීමිත ප‍්‍රඥා මහිමයෙන් සෝබමාන කළා වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී සිය දැඩි සංවේගය පළ කර සිටියේය.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටත්, අදාළ කටයුතු සඳහා වැය වන සියලු වියදම් රජය විසින් දැරීමටත් ජනාධිපතිතුමා විසින් මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

[rns_reactions]