Covid-19 Hot: ඉහළම දෛනික මරණ ගණන වාර්තා වෙයි

Covid-19 Hot: ඉහළම දෛනික මරණ ගණන වාර්තා වෙයි
Spread the love

කොවිඩ් – 19 වසංගතය ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) වාර්තා වුණා. එම ගණන 44ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වුණා. මෙම වරණ 44 සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වුණේ.

ඊයේ මරණයට පත්ව ඇත්තේ ඇටවිරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ,ගල්පාත,කුඩාවස්කඩුව, පිහිඹුව,අනුරාධපුරය, මන්නාර,රත්ගම,ඉමදූව මග්ගොන, මතුගම,වේයන්ගොඩ, අතුරුගිරිය,සෙවනගල,මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර.පරගස්තොට,උතුරු කළුතර, වලල්ලාවිට, බේරුවල,පයාගල, කොළඹ 12, කොළඹ 02, පොල්ගස්ඕවිට, ගාල්ල, නක්කාවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොළ, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල, සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි කරවෝ වෙති.

ඔවුන්ගෙන් 23 දෙනකු වයස අවුරුදු 71 ඉක්මවුවෝ වෙති. වයස අවුරුදු 61 සහ 70 අතර 11 දෙනකුද, වයස අවුරුදු 51 -60 අතර හත් දෙනකුද, 31 -40 අතර දෙදෙනකුද 21 -30 අතර එක් අයකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි. මියගිය අය අතර කාන්තාවෝ 14 දෙනෙක් සිටිති.

covid-death-may-21

මේ අතර දෛනික නව ආසාදිතයින් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වුණේ අද (21) දින වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 3,547ක් බවයි. මේ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 151,944ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.