ජූනි 13 වැනි දින සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) තහවුරු කළ කොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ ගණන 57ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.
මියගිය අය අතර කාන්තාවන් 25ක් සහ පිරිමින් 32ක් සිටින අතර වසය අවුරුදු 30ට අඩු එක් පුරුෂයෙක්, අවුරුදු 31-59 අතර කාන්තාවන් 5ක් සහ පුරුෂයින් 6ක්, වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් 20ක් සහ පිරිමින් 25 දෙනෙක් මිය ගිය අතර සිටිනවා.
මරණකරුවන් වාර්තා වූ ප්‍ර දේශය සහ මරණවලට හේතු මෙම මාධ්‍ය නිවේදනයේ දක්වා නොතිබීම විශේෂත්වයක්.
මේ අතර අද (14) දින අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. ඒ අනුව අද දින අලුතින් ආසාදිතයින් 2259 දෙනක් වාර්තා වී තිබෙනවා.