සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..
Spread the love

ක්‍රිකට් සහ මුදල් අතර තියෙන්නේ හරි අපූර්ව සෙල්ලමක්…මේ සෙල්ලම ලෙල්ලම් වන අවස්ථාව ද ඕනැතරම් දකින්න තියෙනවා. ක්‍රිකට් ක්‍රිඩාකයන්ට හිමි වන සල්ලී එක්ක කරලියට එන කථාව තමයි පූද්ගලික කළමනාකරුවන්.

විටින් විට මේ කළමනාකරු ගේ අදුරු සෙවනැලී නිසා මෙරට ක්‍රිකට් වන ඉදිරියේ නම් තියෙන්නේ කලු පැල්ලම්. ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය පවා වරේක පවසා සිටියේ පුද්ගලික කළමනාකරුන්ගේ සේවය පිලිනොගන්නා බවයි.

කෙසේවෙතත් ක්‍රිඩයන්ට හිමිවන මුදලින් 10% මුදලට කැදරව මෙවර ක්‍රිකට් වලපල්ලට යවන ගමන් තමන්ගේ ක්‍රිඩායන් කණ්ඩායම ඇතුලට රින්ගවා ගැනිමයි මේ අයගේ එකම උත්සහය.

එහිදි කණ්ඩායම තුල තමන්ගේ ක්‍රිඩකයන් පිරිස වැඩි කරගනිමින් බල අල්ලන්නට උත්සහ කරන්නේ සෙසු කළමනාකරුගේ ක්‍රිඩායන්ට ද බලපෑම් එල්ල කරමින්.එ අතරින් ප්‍රමුඛ කළමනාකරුන් ලෙස සැලකෙන චාලී ඔස්ටින් ඇතුලු ඔහුට ගැතිකම් කරන පිරිසයි.

දැන් චාලී ඔස්ටින්, අසන්ක විජේවර්ධන සහ විල් කුයින් උපයෝගි කරමින් මේ වැඩේ රිසිසේ කරගෙන යන අතර ඉන් ලැබෙන ලාභය මේ අය අතරේ බෙදා ගැනීමයි සිදුවන්නේ. චාලීගේ නම එවිට කරලියට නොපැමිණන අතර ඔහු කරන්නේ බලලුන් ලබා කොස් ඇට භාගැනීමයි.

Field power sports ආයතනය හරහා මේ වැඩේ කරගෙන යන අතර එහි ලිපිනය ලෙස දක්වා ඇත්තේ No 228, Kew Road, Richmond, Surrey. TW9 3JX ලෙස එංගලන්තයේ ලිපියක්.

නමුත් මෙම ආයතනයේ ක්‍රිඩාකයන් පුහුණු කිරිම සදහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනබවට සදහන් කර තිබුනද එහි ඇත්තේ පුද්ගලික නිවසකි. එම නිවස අමරිකානු ව්‍යාපාරිකයකුට අයත් එකක්.

එමෙන්ම මෙම ආයතනය මගින් දැනට ශ්‍රිලංකා ක්‍රිඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වෑන්ඩසේ, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු ,ශම්මු අශාන්,භානුක රාජපක්ෂ සහ පැතුම් නිශ්ශංකනට කළමනාකරු සපයනු ලබයි. ඊට අමතරව චාලි ඔස්ටින් තවත් ශ්‍රිලංකා ප්‍රමුඛ පෙලේ ක්‍රිඩකයන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර මෙ අනුව ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින බහුතරයක් දෙනා මොහුන්ගේ බිල්ලට ගොදුරු වී හමාරයි.

පසුගිය ලෝක කුසලානයට ද එක්වූ තුන් ඉරියව්ව ක්‍රිඩකයකුගේ ද කළමනාකරු ලෙස චාලි ඕස්ටින්ට අයත් ඔස්ටින් management කටයුතු කල අතර මේ ක්‍රිඩකයා ගෙවුණු වසරේදී දකුණු අප්‍රිකාවේ දි පැවැති T20 තරගාවලියකට ද එක්වූනා.

එම තරගාවලියේ ගිවිසුමට ක්‍රිඩකයාගේ අත්සන වෙනුවට වෙනත් අත්සනක් යොදන්නට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඊට මුල්වී ඇත්තේ චාලි ඔස්ටින් සහ විල් කූයින්.

තවද ක්‍රිඩකයන්ගේ මුදල් වලට කෑදර වී ක්‍රිඩකයන් බිලී බා ගන්නට උත්සහ කරන්නේ අද ඊයේ සිට නොවේ නමුත් ක්‍රිකට් ආයතනයට ද බලපෑම් කරන්න්ට ඇතැම් කළමනාකරු කටයුතු කරන අතර ඔවුන් ඒ සදහා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් භාවිත කරනවා.

එහිදි ක්‍රිකට් ආයතනය Email යොමු කරන්නට මෙ හිටපූ ක්‍රිඩකයන්ගේ Email යොදා ගන්නා බවටයී ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වන්නේ. මහේල ජයවර්ධන සහ කුමාර් සංගාක්කාර පවත්වාගෙන යන ව්‍යාපාර හී එක් පාර්ශවකරුවකු ලෙස අසංක විජේවර්ධන කටයුතු කරන බව ද වාර්තා වනවා.

නමුත් අසංක පසුගියදා එක්තරා web අඩවියක් හරහා ඔහුගෙ නිර්දෝෂිභාවය ගෙන ප්‍රකාශ ද නිකුත් කර තිබුනා. පුලුල් හොරා කරේන් දැනේ යන්න අපට සිහි කරමින් චෝදනාවන් එල්ල වන්නටත් මත්තේ නිර්දෝෂිභාව ගැන ප්‍රකාශන් නිකුත් කිරිම ප්‍රශ්නාර්ථයක් ?…..

අපට කියන්නට ඇත්තේ ඉඩෝරයට පොද වැස්සක් සේ ක්‍රිඩකයන් ජය ගෙන්න එද්දී එයින් තම මඩිය තර කරගන්නා කළමනාකරුගේ කාර්යභාරය ගැන විදිමත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිම දැන් කාලය උදාවී ඇත.