ජනපතිවරණයට මැකො සූදානම්

ජනපතිවරණයට මැකො සූදානම්
Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ.

ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මැතිවරණ කටයුතු සුමටව සිදු කිරීම සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේය.