FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්

FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්
Spread the love

පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් යම් යම් දුෂණ වංචා පිළිබඳ නඩු කටයුතු සිදුවන අවස්ථාවල ඒවා පිළිබඳ විරුද්ධ පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය කාල වකවානුවේ පැවති නඩු කටයුතු වලදී ඇතැම් දූෂිතයන් නිදහස් වූයේ එවැනි තොරතුරු ලබාදීම් නිසාවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ අදාළ ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරන ඕමාන සමාගම පිළිබඳ පැතිර ගිය ව්‍යාජ ප්‍රචාර එරට ඛණිජ තෙල් අමාත්‍යවරයා මෙරටට පැමිණිමෙන් පසු නතර වු බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.