GMOA හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

GMOA හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
Spread the love

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙට (21) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

වැඩවර්ජනය පවතින කාලය තුළ සියලුම රෝහල්වල හදිසි සේවා අඩාල නොවන බවත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහලේ කටයුතුවලට වර්ජනය බලපාන්නේ නැති බවත් ඔහු පැවසීය.

ව්‍යවස්ථාපිත වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල අනුමැතියකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛන සැකසීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම, 2022 වාර්ෂික ස්ථාන මාරුවීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම, නිලවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරේ.

“කෙසේ වෙතත්, එන්නත් සහ ප්‍රතිකාර ඇතුළුව COVID-19 සම්බන්ධ සේවාවන්ට කිසිදු බාධාවක් සිදු නොවනු ඇත,” වෛද්‍ය ආනන්ද වැඩිදුරටත් පැවසීය.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන ඇති අත්තනෝමතික පියවරට විරෝධය පළ කරමින් GMOA අද (20) දිස්ත්‍රික්ක පහක පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කළේය