අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDA) පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුල අහිමි කල උපාධි සමානතාවය යලි ලබා ගැනීම සදහා පසුගිය 2015 වසරේ ඔක්තෝබර් මස 29 වන දින සමස්ත ලංකාවේ HNDA සිසුන් එක්ව පැවැත්වු සාමකාමි විරෝධතාවයට උසස් අධ්‍යාපණ අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව යැයි පවසමින් පොලිසිය එල්ල කල ප්‍රහාරයට එරෙහිව අගතියට පත් සිසුන් ගොනු කළ නඩුව අද යලිත් කැදවු අතර එහිදි අධිකරණය විසින් පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශණයට ලක් කල බව අප අධිකරණ වාර්තාකරු පැවසීය..
මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ HNDA ශිෂ්‍ය එකමුතුවේ කැදවුම්කරු, උප ලේකම් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20ක් පමණ අද නඩුව කැදවු අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි අතර විත්ති පාර්ශවය වෙනුවෙන් කුරුදුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ…
2015 වසරේ සිදුවු මේ සිදුවීම පිළිබදව පොලිසිය ඉතා මන්දගාමීව කටයුතු කරන බව පැවසු විනිසුරුවරයා මේ සිදුවීම පිළිබදව පොලිසියෙන් කඩිනම් වාර්තාවක් බලාපොරොත්තුවීම හුදෙක් කාලය කා දැමීමක් පමණක් බව ප්‍රකාශ කිරිම සමස්ත පොලිස් දෙපාර්තුමේන්තුවට එල්ල වු කළු පැල්ලමක් ලෙස සදහන් කල හැක. සරසවියේ ඉගෙනුම ලබන සිසුනගේ කාලය කා නොදමන ලෙසත් හැකි ඉක්මණින් මෙහි විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළ විනිසුරුවරයා සිසුනඅධ්‍යාපණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි අවශ්‍යතාව මත පමණක් පදනම්ව සිසුන්ව අධිකරණයට කැදවන ලෙසත් නියෝග කරනු ලැබුවා.
නැවත පෙබරවාරි 19 ඉහත නඩුව යලි කැදවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනටවත් සියළු විමර්ශන නිමාකොට සම්පුර්ණ වාර්තාවක් සැපයීමට කටයුතු කරන ලෙස කුරුදුවත්ත පොලිසියට නියෝග කල බව සදහන්…
සරසවි සිසුනට පහරදීමේ සිදුවීමට අදාල ඡයාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.
[rns_reactions]



























