Kg 400 කිරි පැකැට්ටුව රු. 135කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි !

Kg 400 කිරි පැකැට්ටුව රු. 135කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි !
Spread the love

කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 135කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. මේ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා විසින් ද තහවුරු කර තිබෙනවා.

‘‘කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යාම ආදි කරුණු කිහිපයක් ඔවුන් විසින් මිල වැඩි කිරීමට හේතු වශයෙන් දක්වා තිබෙනවා. නමුත් අපි මේ ගැන මෙතෙක් කිසිම තීරණයක් ගෙන නෑ‘‘ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර සතොස ආයතනය ද සිය භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ඊයේ ප්‍රකාශ කළා. සැපයුම්කරුවන් විසින් ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා මෙවැනි ඉල්ලීමක් කළ බවයි සතොස සභාපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් ද සිය මිල ගණන් ඉහළ දැමීම නිසා ඒ ඇසුරින් ද මිල ගණන් ඉහළ යාමක් සිදුවන බව වාර්තා වෙනවා.

මේ වන විට වෙළෙදපොළේ සහල් ඇතුළු සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල සැලකිය යුතු මිල ගණන් ඉහළ යාමක් වාර්තා වෙනවා.