Lambda variant: බිහිසුණුම කොරෝනා වෛරසයේ අවදානම ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්

Lambda variant: බිහිසුණුම කොරෝනා වෛරසයේ අවදානම ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්
Spread the love

වර්තමානයේ භාවිතා කරන කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන කොරෝනා වයිරසයේ ලැම්බඩා ප්‍රභේදය (Lambda variant) රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති බැවින් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

ලැම්බඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ඔහු සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

COVID19 පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඩේලි මිරර් පුවත්පත සමග අද (06) දින ප්‍රකාශ කර ඇත්තේ ලැම්බඩා ප්‍රභේදය වෙනත් රටවල ව්‍යාප්ත වීම හේතුවෙන් මේ දක්වා නව පූර්වෝපායන් කිසිවක් සදහා උපදෙස් දී නොමැති බවයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවන ලද සංචරණ සීමා මේ සතියේ තවදුරටත් ලිහිල් කරන ලද නමුත් දැනටමත් ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු යැයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් තවමත් ලැම්බඩා ප්‍රභේදය පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, කිසියම් ප්‍රභේදයක් පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බව ද ඔහු පැවසීය.

“එය කුමන ප්‍රභේදයක් වුවත් කමක් නැහැ. පැතිරීම වැළැක්වීම සඳහා සාමාන්‍ය කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත්‘ ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ජානමය අනුක්‍රමණය මඟින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් එය හඳුනාගත හැකි බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තාවලට අනුව, ලැම්බඩා ප්‍රභේදය නොහොත් සී.37 පළමු වරට 2020 අගෝස්තු මාසයේදී පේරු රාජ්‍ය යේදී අනාවරණය වූ බවත් පැවසීය.

විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ජුනි මැද භාගය වන විට දකුණු ඇමරිකාවේ, විශේෂයෙන් ඉහළ ව්‍යාප්තියක් ඇති රටවල් 30 කට අධික සංඛ්‍යාවක මෙම ප්‍රභේදය අනාවරණය වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ප්‍රභේදයේ විකෘති මගින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි කිරීමට හෝ ප්‍රතිදේහ උදාසීන කිරීමට ඇති ප්‍රතිරෝධය වැඩි කිරීමට ඉඩ ඇති බවයි.