NGO කාක්කන්ගේ පිහිටින් මරණ දඬුවම යළි ඇඳෙයි..!

NGO කාක්කන්ගේ පිහිටින් මරණ දඬුවම යළි ඇඳෙයි..!
Spread the love

මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් අතුරින් තෝරාගත් සිරකරුවන් හතර දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් නීතිඥවරයෙකු වන කේ.එච්. ගීගනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අද (05) අධිකරණය ඉදිරියේ කරුණු දක්වා සිටියේය.

ඒ අනුව බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එසේ තෝරාගත් පිරිසකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද(05) කැඳවු ලැබුවේය.

මෙම ක්‍රියාදාමය තුළින් ආණ්ඩුක්ම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණීය දණ්ඩනය ශ්‍රී ලංකා නීතියට අනුකූල දඬුවමක් බව පෙන්වා දුන්නේය.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම නියෝගය තුළින් මූලික අයිතීන් කඩ වීමක් සිදු නොවන බවෙ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල තීන්දු කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ඔක්තෝබර් 29 සලකා බලන බවයි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වනදා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.