NMRA දත්ත ගිල්ලේ කවුද ?

NMRA දත්ත ගිල්ලේ කවුද ?
Spread the love

වසංගත තත්ත්වය පමණක් නොව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය සමයේදී මේ සම්බන්ධව මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවිය.

ජුලි මස මුල දිනකදී මේ දත්ත මැකී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.  මෙම සිද්ධිය පිටුපස සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ අදිසි හස්තයක් බවට වූ කතාබහක් මේ වනවිට නැවතත් ඉස්මතු වෙයි.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිටුපස සිටින ප්‍රබල චරිතය වන්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනු ලබන දේශපාලන බලවතෙකු යැයි පැවසේ.

ඔහු පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත. මෙමගින් සුවිශාල මූල්‍ය ලාභයක් ලබා ගැනීම මෙන්ම රටේ පවතින අර්බුද තවත් තීව්‍රර කරගැනීම මේ කුප්‍රකට දේශපාලකයාගේ අභිලාෂය වී තිබු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීහූ සැක පහළ කරති.

රට තුළ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක කොරෝනා රෝගීන්ට අවශ්‍ය අතවශ්‍ය ඖෂධ මෙරට තුළ නැති බව පැවසීම මෙන්ම ආණ්ඩුව එමගින් අපහසුතාවට පත් කිරීමද එහි යටි අරමුණක් වී ඇති බව මොවුන්ගේ මතය වී තිබේ.