Blog

  • ‘මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමුකරවන්න‘

    ‘මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමුකරවන්න‘

    • දීර්ඝ කාලීන රෝගබාධවලින් පෙළෙන වයස අවුරුදු 12 -19
      කාණ්ඩයේ දරුවන්ට ප්‍රමුඛතාවය…
    • එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලෙන් හෙට (24) සිට…
    • එන්නත ලබා දෙන සෑම දරුවෙක්ම ළමා හා කායික රෝග විශේෂඥ
      වෛද්‍ය අධීක්ෂණයට…
    • එන්නත්කරණය රෝහල් තුළදී පමණයි…
    • එන්න්තකරණය පිළිබඳ තහවුරුකරගත් තොරතුරු පමණක්
      ප්‍රචාරය කරන්න …
    • ගැටළු ඇත්නම් විශේෂඥයන් අමතන්න …

    මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

    ලෝකයේ සහ අපේ රටේ විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව එන්නත්කරණය සිදුකෙරෙන අතර ඒ පිළිබඳව අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලෙස ද ඔවුහු දන්වති.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (23) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.  “දරුවන් එන්නත්කරණය” අද සාකච්ඡාවේ තේමාව විය.

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හෙට (24) සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කෙරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. ඒ අනුව දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝගය, හෘද රෝග, තැලසීමියාව හා මුත්‍රා සහ ආහාර මාර්ගයේ රෝග ඇතුළු නිදන්ගත රෝග වලින් පෙළෙන දරුවන් ඒ සඳහා යොමු කරන ලෙස ඒ මහතා දෙමාපියන්ට දැන්වීය. ඔවුන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණිමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිතව දෙමාපියන්ගේ ද අවසරය ඇතිව එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

    මීට සමගාමීව ඉදිරි දිනවලදී සියලුම පළාත්, දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව සකස් කොට අවසන් බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.

    දරුවන් එන්නත්කරණය වයස් කාණ්ඩ තුනක් යටතේ සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා පළමුව එන්නත්කරණය සිදුකෙරේ. වයස අවුරුදු 15 – 19 කාණ්ඩයේ නිරෝගී දරුවන් සඳහා ඉදිරියේ දී එන්නත්කරණය සිදු කෙරෙන අතර වයස අවුරුදු 12 – 15 දරුවන් එන්නත්කරණයට විශේෂඥ නිර්දේශ ලැබුණු වහාම කටයුතු කරන බව ද වෛද්‍යවරු කියා සිටියහ.

    එන්නත්කරණයෙන් පසුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවන්ගේ සංකූලතා පිළිබඳව විමසිලිමත් වන බවත්, නිවෙස්වලදී යම් සංකූලතාවක් ඇති වුවහොත් උපදෙස් ලබාගැනීම සඳහා සෘජු දුරකථන අංකයක් හඳුන්වාදෙන  බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

    එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව  අනාවරණය කෙරිණ.

    එන්නත්කරණය පිළිබඳව විශේෂඥයන් නොවන පිරිස් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ පිළිබඳ කණගාටුව පළ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් එන්නත්කරණය පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරණයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ඊට සම්බන්ධ ආයතන, විශේෂ සේවා සපයන විශේෂඥයන්ගෙන් තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ඒවා ප්‍රචාරය කරන ලෙසයි.

    වෛරසයට වඩා වේගයෙන් මිත්‍යා මත පැතිර යාම බරපතළ හානියක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දරුවන් එන්නත්කරණය අපේ සමාජයේ ඉතා සංවේදී කරුණක් බැවින් එහිදී වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බව  පැවසීය.

    මාර්ගගත අධ්‍යාපනය තුළින් දරුවාගේ බාහිර කුසලතා වර්ධනයට බරපතළ බාධාවක් සිදුවෙන බව පෙන්වා දුන් ළමා රෝග විශේෂඥ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පාසල් ආරම්භ කළ ද සංජනනීය දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වන බවත්, ඉන් දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අවස්ථා අහිමි වීම එන්නත්කරණය තුළින් වළක්වා ගත හැකි බවත් කියා සිටියේය.

    දරුවන් එන්නත්කරණය පිළිබඳව ලෝකයේ අනිකුත් රටවල ආදර්ශයන් ඇත්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, එංගලන්තය වැනි රටවල් මේ වනවිටත් මෙම වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ලක්කර ඇති බවයි.

    දකුණු ආසියාවේ දියුණු සෞඛ්‍ය පද්ධතියක් සහිත ශ්‍රී ලංකාව එන්නත්කරණයෙහි විශේෂ පළපුරුද්දක් ඇති බැවින්, බියකින් සහ සැකයකින් තොරව එන්නත්කරණයට යොමුවන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

  • පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කියයි

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කියයි

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ (22) පැවසීය.

    එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා   ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද  සභාපතිවරයා සඳහන් කළේය.

    “අපේ ජනබල පක්ෂය” පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි දුන් අතර, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්  පැවැසුවේ දැනට පවතින මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා යෝග්‍ය බවයි. කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු සිටීමේ අවශ්‍යතාවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    සුළු ජාතික පක්ෂවල නියෝජනය සහතික කළ යුතු බවත්, මතවාදය අනුව දේශපාලනය සිදුකරන සංස්කෘතියක් රටේ නිර්මාණය විය යුතු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහිදී පැවසූහ.

    මැතිවරණ වියදම් පාලනයට අදාළව නිර්ණායක සැකසිය යුතු බවත්, දේශපාලන පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හඳුන්වා දිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කළහ.

    “සමගි ජන බලවේගය” වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය වෙනත් පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ අතර සංවරණ හා තුලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් චර්‍යා ධර්ම පද්ධතියක් පවතින බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී පැවසීය.පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයන් වෙනුවෙන්ද චර්‍යා ධර්ම පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව ඔහු කාරක සභාවේදී මතු කළේය.

    මැතිවරණවලට අදාළ සියලු ප්‍රතිසංස්කරණ තුළදි ජන්ද බලය ජනතාවගේ ස්වෛරීභාවයේ අංගයක් ලෙස තහවුරු විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එහිදී සහතික විය යුතු බවත් හෙතෙම කීවේය.

    සියලු මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අතිශය වැදගත් බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව ඔහු කාරක සභාවේදී අවධාරණය කළේය.

    මැතිවරණ ප්‍රචාරනයේ මූල්‍ය වියදම් නියාමනය සඳහා නව නීති සම්පාදනය විය යුතු බවත්, තරුණ හා කාන්තා නියෝජනය සහතික කළ යුතු බවත් හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    මැතිවරණ සඳහා තරඟ කිරීමට ද්විත්ව පුරවැසි බව නුසුදුසුකමක් විය යුතු බවටත්, සුදුසුකම් ලත් සියලුම ජන්ද දායකයන් නිසි ලෙස ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවටත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී යෝජනා කළේය.

    මැතිවරණවලට තරඟ කරන පාර්ශ්වයන් අතර, රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ගුවන් කාලය  සමාන ලෙස බෙදී යාමේ අවශ්‍යතාවද සමගි ජන බලවේගය මෙහිදී මතු කළේය.

    රටතුළ මැතිවරණ කාල සටහනක් පැවැතිය යුතු බවත්, එමඟින් ජනතාවගේ ජන්ද අයිතිය තහවුරු කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

    මෙම කාරක සභාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්.යූ.එම්.අලි සබ්‍රි යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක,  රංජිත් මද්දුම බණ්ඩාර,එම්.ඒ සුමන්තිරන්, රවුෆ් හකීම්,මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

    සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම්  ලබන 29 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

  • ඒලියන්ත වයිට්ගේ අවමගුලට ‘නිරෝධාන නීති වංලගු නෑ‘

    ඒලියන්ත වයිට්ගේ අවමගුලට ‘නිරෝධාන නීති වංලගු නෑ‘

    කොවිඩ් ආසාදිතව මියගිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) බොරැල්ල ආදාහනාගාරයේදී ආගමික චාර්ත්‍ර සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

    කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක සති ගණනක් ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ සවස මිය ගියේය.

    ආධ්‍යත්මික ශක්තියෙන් නැතහොත් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන්නෙකු බවට ප්‍රභූන් සහ ධනවතුන් අතර කීර්තියක් දිනා සිිටි වයිට් මහතා මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතව සහ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාම ගැන සමාජය තුළ විවිධ මත නිර්මාණය වී තිබේ.

    එසේම කොවිඩ් ආසාදිතව මියගිය සාමාන්‍ය පුද්ගලයින්ගේ සිරුර භූමිදානය කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකට වයිට් මහතාගේ ආදානහනය සිදු කිරීමට ගැන ද සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් හා විවේචනයක් ඇතිව තිබේ.

    ‘‘මේ සැලකිල්ල හා තත්ත්වය කොවිඩ් ආසාදිතව මිය යන සාමාන්‍ය පුද්ගලයෙකුට තිබෙනවාද ? ඇයි ප්‍රභූන්ට විතරක් එක නීතියක්‘ යැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණි.

    ඡායාරූප ‘ඩේලි මිරර් වෙබ් අඩවියෙනි.

  • රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් ආසාදනයෙන් මරුට

    රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් ආසාදනයෙන් මරුට

    මහින්ද රාජපක්ෂ මහතාගේ ‘රාජකීය වෛද්‍යවරයා‘ ලෙස අභිෂේක ලබා සිටි ඒලියන්ත වයිට් මහතා කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.   පසුගිය 2005-2015 මහින්ද රාජපක්ෂ යුගයේදී ඒලියන්ත වයිට් මහතා ‘මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා නැතහොත් රාජකීය වෛද්‍යවරයා ලෙස හදුන්වාදෙනු ලැබීය. ඒ අතර මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළේය. කොවිඩ් වසංගතය ආරම්භයේදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සමග කොවිඩ් වසංගතය දුරු කිිරීම සදහා ‘මුට්ටි ගගේ දැමීමට‘ උපදෙස් දෙනු ලැබුවේ ද ඒලියන්ත වයිට් මහතා විසිනි. එසේම තම ‘විශ්ව ශක්තිය‘ බලයෙන් කොවිඩ් ආසාදිත ගුවන් සේවිකාවක ඇතුළු විශාල පිරිසක් සුවපත් කළ බව ද ඒලියන්ත මහතා පසුගිය කාලයේ ප්‍රචාරය කළේය.

  • සුවය සහ සවිය ගෙනෙන ‘ප්‍රෝටීන් බහුල ආහාර ගැන‘ ඔබ දැනගත යුතුම සුපිරි කතාවක්

    සුවය සහ සවිය ගෙනෙන ‘ප්‍රෝටීන් බහුල ආහාර ගැන‘ ඔබ දැනගත යුතුම සුපිරි කතාවක්

    පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට භාජනය වුණ බව අපි හැමෝම දන්න සත්‍යයක්. මේ වෙනස්කම් එක්ක අපේ ජීවන විලාසිතාවත් වෙනස් වෙලා. 

    මේ විදියට අපේ ජීවිතවලට සිදුවුණු එක් සාධනීය වෙනස්කමක් විදියට සෞඛ්‍ය සම්පන්න වීම ගැන උනන්දුවක් ඇති වීම හඳුන්වන්න පුඵවන්. ගොඩ දෙනෙක් මේ ගැන උනන්දු වෙනකොට තැන තැන ශරීර සුවතා මධ්‍යස්ථාන වගේම ඇවිදින මංතීරු වගේ දේවල් ගොඩක් ජනප්‍රිය වුණා.

    මේ පිබිදීම කොයිතරම් වුණත් තාමත් අපි බොහෝ දෙනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන පෝෂණය ගැන ප්‍රමාණාත්මක දැනුමක් නොමැති බව ඔබ පිළිගන්නවාද ? උදාහරණයක් වශයෙන් සාර්වපෝෂකයක් වන ප්‍රෝටීන් ගැන සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික අප අතර දැනුවත්බව අඩු බව සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

    “සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් සම්මිතීන්ට අනුව පුද්ගලයෙක් නිරෝගී පැවත්මක් වෙනුවෙන් තමන්ගේ ශරීරයේ කි.ග්‍රෑ. 1 ක් වෙනුවෙන් දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.8 ක් ලබාගත යුතුයි. ඒ කියන්නේ කි.ග්‍රෑ. 60 ක් බර පුද්ගලයෙක් දවසකට ප්‍රෝටීන් ග්‍රෑම් 48 ක් දවසකට ගත යුතුයි. නමුත් ශ්‍රී ලාංකිකයෙක්  දවසකට ලබා ගන්නේ ග්‍රෑම් 44 ක වගේ ප්‍රමාණයක්” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් පෝෂණවේදී හිරෝෂන් ජයරංග මහතා පවසනවා.

    මුලින්ම අපි සලකා බලමු ප්‍රෝටීන් යනු මොනවාද ? සහ එහි වැදගත්කම කුමක්ද ? කියලා.

    ප්‍රෝටීන් කියන්නේ සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්. අපේ ශරීරයේ වැය වෙන සෛල නැවත අලුත්වැඩියා කිරීම සහ නව සෛල උත්පාදනය ප්‍රෝටීන්වල වැදගත්ම කාර්යබාරයයි. ප්‍රෝටීන්වල පමණක් අන්තර්ගත වෙන ඇමයිනෝ අම්ල මේ කාර්යභාරයේදී ඉතා වැදගත් වෙනවා.

    ප්‍රෝටීන් ඌණතාවයක් ඇති වෙනකොට ලේ වල හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම නිසා අධික වෙහෙස, විඩාව ඇති වීම, අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩුවීම වගේම හිසකෙස් වැටීම වගේ ශරීරයේ වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. අපේ ප්‍රතිශක්තීකරණ හැකියාව බිඳ වැටෙන නිසා අපි නිතර ලෙඩරෝගවලට ලක් වීම සිදු වෙනවා. මේ ටිකෙන් හිතා ගන්න පුඵවන් ප්‍රෝටීන් සුවපත් නිරෝගී ජීවිතයකට කොයිතරම් වැදගත් ද කියලා. විශේෂයෙන්ම පෝෂණය සම්බන්ධයෙන් ජීවිතයේ වැදගත්ම අවධිවල පසුවන කුඩා දරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වියපත් අය වගේම ගර්භණී කාන්තාවන්ට ප්‍රෝටීන් විශේෂයෙන්ම අත්‍යවශ්‍යයි.

    ජයරංග මහතා පෙන්වා දෙන්නේ මිනිස් සිරුරට අත්‍යවශ්‍යම ඇමයිනෝ අම්ල පරිපූර්ණ වශයෙන් ලබාගැනීමට නම් සත්ව ප්‍රෝටීන් නිසි ආකාරයන් ලබාගත යුතු බවයි. නමුත් ශ්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් ඇති නොදැනුවත්බව සහ වෙනත් හේතු කාරණා රැසක් මත ඇති තරම් සත්ත්ව ප්‍රෝටීන ලබා ගන්නේ නැහැ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ශ්‍රී ලංකාව වගේ රටවල වැසියන්ට සම්පූර්ණ ප්‍රෝටීන් අඩුවක් නැතිව ලබා දෙන ආහාර කාණ්ඩයක් වශයෙන් පෝල්ට්‍රි කාණ්ඩයට අයත් මාංශ වර්ග සහ බිත්තර වැදගත් වෙනවා. පෝල්ට්‍රී වශයෙන් හඳුන්වන්නේ කුකුඵ මස්, බිත්තර, තාරා මස්, කඵකුම් මස් වගේ පක්ෂී වර්ගවල මාංශ. අනෙකුත් බොහෝ සත්ත්ව ප්‍රෝටීන් ආහාරවලට වඩා පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම සහ මිලෙන් අඩු වීම මීට හේතුවක් වශයෙන් එම සංවිධානය පෙන්වා දෙනවා.

    පහතින් දැක්වෙන්නේ පෝල්ට්‍රි කාණ්ඩයට අයත් ප්‍රධානතම ආහාර වර්ග වන කුකුඵ මස්, කුකුඵ බිත්තර, තාරා මස් සහ කඵකුම් මස්වල අන්තර්ගත පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක්.

    කුකුළු මස්

    කුකුළු මස් පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් අධික ආහාරයක්. කුකුළු මස්වල කොලජන් (කුකුළු මස් සම සහ ඇට කොලජන් වලින් පොහොසත්) විශාල වශයෙන් අන්තර්ගත වන අතර මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව තිබෙනවා. ඒ වගේම කුකුළු මස් මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ අස්ථි සෞඛ්‍ය සම්පන්න කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ.

    • විටමින් බී 12, කොලීන්, සින්ක්, යකඩ සහ තඹ වැනි ඛණීජ ලවණ
    • ඇමයිනෝ අම්ල
    • ඔබට සතුට දනවන හෝමෝනය වන සෙරොටොනින් නිපදවන ට්‍රිප්ටෝෆාන් අඩංගු වේ.

    තාරා මස්

    අපේ රටේ එතරම් ප්‍රචලිත නැතත් තාරා මස් සම්පූර්ණ ප්‍රෝටීන් පෝෂණය ඔබට ලබා දෙන සුපිරි ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒ වගේම ඔබේ ආහාර වේලට වෙනසක් එක් කිරීමට හොඳ ක්‍රමයක්. තාරා මස් වල අසංතෘප්ත මේද, ඔමේගා -3/ඔමේගා -6 අම්ල බහුල වන අතර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල යහමින් පිරී තිබේ.

    • අත්‍යවශ්‍ය නොවන හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වලින් පොහොසත් උසස් තත්වයේ ප්‍රෝටීන් පෝෂණය.
    •  යකඩ, සෙලේනියම්, විටමින් සී සහ බී විටමින් යහමින් ඇත.
    • කාබෝහයිඩ්රේට් නැත.
    • සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදය, ඔමේගා -3 සහ ඔමේගා -6 මේද අම්ල.

    ටර්කි හෙවත් කඵකුම් මස්

    ටර්කි හෙවත් කඵකුම් මස් නත්තල් කාලයට යම් පමණකට දැකගත හැකි ඒත් වැඩි වශයෙන් අපේ රටේ ජනප්‍රිය නැති මස් වර්ගයක්. නමුත් කඵකුම් මස් සම්පූර්ණ ප්‍රෝටීන් සපයන ප්‍රභවයක් වශයෙන් ඉතාම වැදගත් මාංශ වර්ගයක්.  සාමාන්‍යයෙන් ටර්කි මස් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 28 ක් පමණ අන්තර්ගත වෙනවා. එය වැඩිහිටියෙක් නිර්දේශිත දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට සමත්.

    ප්‍රෝටීන් හැරුණු විට ටර්කි මස් වල පහත සඳහන් ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ:

    •  නියාසින්
    • කොලීන්
    • සෙලේනියම්
    •  සින්ක්
    • විටමින් බී -6
    •   විටමින් බී -12
    •  පොටෑසියම්
    • කැල්සියම්
    • මැග්නීසියම්
    •  යකඩ
    •  අසංතෘප්ත මේද අම්ල සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල

    බිත්තර

    බිත්තර යනු මිහිමත ඇති පෝෂ්‍යදායීම සහ ඉතා පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාර වලින් එකකි. මේ නිසා බිත්තර යනු සුපිරි ආහාරයක් ලෙසින් හැ`-දින්වීම නිවැරදියි. බිත්තරවල සෑම අත්‍යවශ්‍ය පෝෂකයකම කුඩා ප්‍රමාණයකින් හෝ අන්තර්ගත වන නිසා සමබර ආහාර වේලක ප්‍රධාන අංගයක් වීමට ඉතා සුදුසුය.

    • විටමින් ඒ (සම, අවයව හා ශ්වසන පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගනී)
    • විටමින් බී 12 (ආමාශ පද්ධතියේ ක්ෂුද්‍ර ජීවීන්, ටී සෛල නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ වර්ධනය සඳහා උපකාරී වේ)
    •  ආසාදන වලට එරෙහිව ආරක්ෂාව සපයන සින්ක් සහ සෙලේනියම්වලින් සමන්විතයි.

    මේ ප්‍රෝටීන් වලින් අපට තවත් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයක් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමෙන් ඔබේ කැලරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණ සංතෘප්ත වුවහොත් එය අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම මේ නිසා ප්‍රෝටීන් ගැන නිසි පරිදි දැනුවත්ව, ඒ දැනුම සැමට බෙදා දෙමින් අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වෙමු.

    පෝෂණවේදී හිරෝෂන් ජයරංග – BSc.(Hons) Food Science & Nutrition WUSL (Specialized in Applied Nutrition) MSc.Food Science & Nutrition  University of Peradeniya (R)

  • ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා

    ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා

    ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා,

    “පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබුවා. අද වනවිට පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ මෑත කාලීනව සහල් මෝල් වටලෑම, සතොස සුදුළුෑණු වංචාව, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම වැනි කාරණාවලදී වැඩි මැදිහත්වීමක් කළ ආයතනයක්.

    මේ ආණ්ඩුව රජයේ තනතුරුවලට පත්වීම් ලබා දෙද්දී දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කරගෙන යාමට දෙන බවත් සුදුසුකම් අනුව, විද්‍යාත්මක ක්‍රමවේද අනුව තනතුරු ලබා දෙන බව කිවුවා. නමුත් ඒ ආයතනවලට සිදුවූ දේශපාලන මැදිහත්වීම් නිසා නිලධාරීන් ගණනාවකගේ ඉල්ලා අස්වීම සිදුවුණා. සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩල සභාපති ධුරයෙන්, මහින්ද විදානපතිරණ මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙනුත්, ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, නාලක කළුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, අනිල් කොස්වත්ත මහතා ලිට්‍රො සමාගමේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධුරයෙනුත්, රේණුක පෙරේරා මහතා නිවාස අධිකාරියේ සභාපති ධුරයෙනුත් ආදී වශයෙන් නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. විශේෂඥ වෛද්‍යවරුන් කොවිඞ් කමිටුවලින් ඉල්ලා අස්වුණා. තානාපතිවරුන් ඉල්ලා අස්වුණා.

    දැන් අද දිනයේ තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපිය භාර දී තිබෙනවා. ආණ්ඩුව තමන්ට අවශ්‍ය ලෙස මේ ආයතන නටවන්න හදද්දී ඊට එරෙහි වන නිලධාරීන් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව වැඩ කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වී යනවා. මෙවැනි අස්වී යන නිලධාරීන්ගේ සිත් වේදනාව හිටපු මහ බැංකු අධිපතිතුමා වැනි කෙනෙකුගේ ප්‍රකාශවලින් අපට දැනගන්න ලැබුණා. විශේෂයෙන් තුෂාන් ගුණවර්ධන මහතාට ඉල්ලා අස්වීමට සිදු වන්නේ සතොස වංචාව හෙළිදරව් කිරීම සහ කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට අදාළ ඔහුගේ විරෝධය නිසයි.

    පසුගිය කාලයේ රේගුවේ සිරවී ඇති භාණ්ඩ ආනයනය කරන ලද මිලට නිදහස් කර ගෙන සතොසට ලබා ගැනීමේ තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව රේගුවේ සුදුළුෑණු කිලෝග්‍රෑම් 54,860ක් සතොස මගින් නිදහස් කරගත්තා. ඒ කිලෝ එකක් රු. 117ක මුදලකටයි. එය වෙළඳපොළේ තොග මිල ලෙස රු. 445ක් පමණ මුදලකට අලෙවි කළ හැකිව තිබුණා. කිලොවක සිල්ලර මිල 540ක් වුණා. නමුත් මෙම සුදුළුෑණු තොගය සතොස ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සතොස ලියාපදිංචි සුදුළුෑණු සැපයුම්කරුවෙකුටම කිලෝවක් රු. 135ක් වැනි අඩු මුදලකට වැලිසර සතොස ගබඩාවෙන් හොර රහසේ විකුණා තිබෙනවා. ඔවුන්ට එය නැවත සතොසටම විකිණීමට හැකියි. මෙම සිදුවීම පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තා වීමෙන් පසුව අද ඉල්ලා අස්වන විධායක අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය ඇතිව කණ්ඩායමක් ගොස් මෙම වංචාව හසුකර ගත්තා. ඔවුන් පසුගිය 09වැනිදා ලබා ගත් වැලිසර ගබඩාවේ ලොග් සටහන් අනුව මේ ගනුදෙනුව රාත්‍රියේ සිදුවී ඇති ආකාරය සොයා ගත්තා.

    රේගුවෙන් ලබා ගත් උඳුවලටත් සිදු වූයේ මෙම වංචාවමයි. උඳු කිලෝග්‍රෑම් 13,975ක් සතොස විසින් ලබා ගත්තා. මේ වන විට උඳු කිලෝවක සිල්ලර මිල 1100යි. නමුත් සතොස ඒවා ලබා ගත්තේ කිලෝවක් රු. 300ටයි. ඒ සඳහා වැය වුණේ රු. 41,92,500ක මුදලක්. සතොස මෙය ලක්ෂ 1,53,72,500කට මිල කළා. එය සතොස වෙළඳසල් මගින් විකිණීමට අදහස් කළා. ඒත් ඒවා වෙන සමාගම්වලට විකුණුවේ කිලෝව රු. 425ටයි. එයින් කිලෝවකින් ලාභ තිබුණේ රු. 125යි. නමුත් එමගින් සතොසට හැම කිලෝ එකකින්ම රු. 675ක පාඩු වුණා. ඒවා විකුණා තිබුණේත් සතොස සැපයුම්කරුවන්ටමයි. මේ අහිමි වූ රු. 94,33,125ක මුදල සතොසටත් පාරිභෝගිකයාටත් නැතිවුණා. ඒ මුදල ගියේ සමාගම්වලටයි. එයින් ජනතාවට සහන දෙන්න තිබුණා. අත්‍යාවශය භාණ්ඩ සාධාරණ මිලකට හිඟයකින් තොරව දෙන බව කියමින් සිදු කර තිබෙන්නේ යාළු මිත්‍රයින් අතරේ බෙදා ගැනීමයි. මේ සියලු කූට ගනුදෙනුවලදී පෙනෙන්නේ මේ තත්වයයි. එදා සීනි ගනුදෙනුවේදීත් සිදු වූයේ මෙයයි. රටේ අර්බුදයක් නිර්මාණය වන විට ඒ මැද පිනුම් ගහන ජාවාරම්කාර වළල්ලක් හැදෙනවා. ඒ ජාවාරම්කාර වළල්ල දේශපාලකයින්, ඇමතිවරුන් සමග එකතු වී ජනතාවට ලැබිය යුතුව තිබෙන සහන අතරමැදින් කොල්ලකනවා. මෙවැනි වංචාවලට එරෙහි වන, හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන්ට එළියට බැසීමට සිදු වී තිබෙනවා. අද ආණ්ඩුව ඉන්නේ කුමන පැත්තේදැයි අප අසන්නට සිදුවනවා.

    තවත් සිදුවීමක් වන්නේ ආණ්ඩුව, පාරිභෝගික අධිකාරිය සහ සමාගම් අතර කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට යාමට උත්සාහ කරමින් සිටීමයි. මේ යෝජනාව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණි අවස්ථාවේ භාණ්ඩාගාරයේ නියෝජිතයාත් අද ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාත් විරෝධය පළ කළා. පාරිභෝගික අධිකාරියේ බලතල අනුව සමාගම් සමග තනි තනි ගිවිසුම්වලට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබුණා. මිල වැඩි කිරීම සඳහා සමාගම්වලින් යෝජනා ඉදිරිපත් වූ විට දෙපාර්ශ්වය සාකච්ඡා කර එකඟතාවන්ට එළඹී තිබුණා. කොන්දේසි පැනවීමේ බලය පාරිභෝගික අධිකාරියට තිබුණා. පාරිභෝගික අධිකාරිය සිටියේ පාරිභෝගිකයාගේ පැත්තෙනුයි.

    නමුත් අද පාරිභෝගික අධිකාරිය පෙනී සිටින්නට යන්නේ සමාගම් වෙනුවෙනුයි. වෙළඳ මාෆියාව තොග සීමා කර, භාණ්ඩ හිඟයක් නිර්මාණය කර, විදේශ විනිමය අර්බුදය පෙන්වා මිල ඉහළ දාන්න අවසර ඉල්ලනවා. අද පාරිභෝගික අධිකාරිය තමන්ට පනතෙන් තිබෙන බලතල ගිවිසුම් අත්සන් කර තමන් විසින්ම අහිමි කර ගන්න හදනවා. නිලධාරීන් විරෝධය පළ කර තිබෙන්නේ එම තත්වයටයි. මේ ගිවිසුම් ගතවීම් සඳහා තීරණය කළේ කවුද? ඇමතිවරයා සිටින්නේ පාරිභෝගියා පැත්තෙද? නැත්නම් සමාගම් පැත්තෙද? ඔහු මේවාට මැදිහත් වුණාද නැද්ද ඔහු රටට කිව යුතුයි. අද ඇමතිවරු මේ නියාමන ආයතන නටවන්න හදනවා.

    ආනයනය සීමා කළ භාණ්ඩ සියල්ල සතොස මගින් ලබා දිය හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පහුගිය දවසක කිවුවා. රෙදිත් දෙන්න පුළුවන් කිවුවා. යට ඇදුම් දෙන්න කතා කරපු අය සුදුළුෑණු බිකටත් වැඬේ දෙන්න හදනවා. ඔවුන් දන්නේ ඇත්ත ප්‍රශ්නෙ යට ගහන්න මැජික් පෙන්නන්නයි. නමුත් ඇත්ත ප්‍රශ්න අළු යට ඇති ගිනි වගේ මතු වෙනවා. අද ආණ්ඩුව විවිධ ස්වරූපයෙන් ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. අපි දකින්නේ ඒවායේ ප්‍රතිඵලයි.

    අද නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. ජනතාව රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන බව කීවා. නමුත් අද ආණ්ඩුව ඒවාට පයින් ගසා තිබෙනවා. ජනතාව වසංගතයකින් පීඩා විඳින මොහොතක, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යමින් ඇති අවස්ථාවක ඒවා නියාමනය කරන ආයතනවල මෙවැනි තත්වයක් නිර්මාණය වීම අතිශය ඛේදජනක තත්වයක් වනවා. ඊට ආණ්ඩුව සහ ඇමතිවරුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේවා හුදකලා සිදුවීම් ලෙස නොදැක ඊට එරෙහිව තමන්ගේ අදහස් පළ කිරීමට පෙර එන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.”

  • සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්

    සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්

    දේශපාලන බලපෑම් හමුවේ ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව කියමින් රජයේ තනතුරු හා වගකීම්වලින් නිලධාරීන් අස්වීමේ සිදුවීම් ගණනාවක්ම පසුගිය දිනවල වාර්තා විය. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද ඒ අයුරින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඉල්ලා අස්වීමට බලපෑ පරිසරය හා එහි පසුපස ඇති මාෆියාව ගැන ඔහු සමඟ කළ සංවාදයකි මේ.

    ප්‍රශ්නය:- ඔබේ මේ ඉල්ලා අස්වීමට තුඩු දුන් මූලික සිදුවීම මොකක්ද?
    පිළිතුර:- සැප්තැම්බර් 9 උදේ මට ලංකා සතොසෙන් කෝල් එකක් ආවා. එතකොට මම සභාපතිවරයාත් සමග හිටියේ. වැලිසර තොග ගබඩාවකින් සුදු ලූනු කිලෝ පනස් දාහකට වැඩි තොගයක් පන්නන වැඩක් යනවා කියල තමයි තොරතුර ලැබුණේ.  මම ඒ වෙලාවෙම අපේ ටීම් එකක් එතැනට යවලා ඒ වැඩේට අදාළ ලේඛනවල ඡායාරූප ගන්න උපදෙස් දුන්නා. මොකද තොරතුරට අනුව එතැන වෙමින් තිබුණේ කලින් දවසෙ හොර රහසේ ව්‍යාපාරිකයකුට සුදු ලූනු කන්ටේනර් දෙකක් මුදාහැරලා ඒකට අදාළ ව්‍යාජ ලේඛන සැකැසීමක්. ඒ සඳහා ගිහින් තිබුණෙත් ලංකා සතොසෙ හෙඩ් ඔෆිස් එකෙන්. මේ ලූනු තොගය තිබුණේ මහජනතාවට විකුණන්නයි. මොකද දැන් තොග විකුණන්නැතිව මහජන අවශ්‍යතාවට සිල්ලරට දෙන්න කියලා කැබිනට් තීරණයක් තිබෙනවා. මෙතන බරපතළම කාරණය වුණේ කිලෝව රුපියල් 135 ගානේ බිල්පත් කිසිවක් නිකුත් කරන්නේ නැතිව තොග වෙළෙන්දට විකුණලා රුපියල් ලක්ෂ 73ක් සල්ලි අරගෙන. එහෙම කරන්න උපදෙස් දීලා තිබෙන්නේ සතොසෙ ප්‍රධාන කාර්යාලයේ කෙනෙක්. සල්ලි අරගෙන සේප්පුවේ දාලා.

    ප්‍රශ්නය:- තොග වෙළෙන්දා ඒ ලූනු තොගයට මොකද්ද කරන්නේ?
    පිළිතුර:- ඒක තමයි බරපතළම කාරණය. මේ වෙළෙන්දත් ලංකා සතොසේ සැපයුම්කරුවෙක්. මොහු සතොසෙන් කිලෝව රුපියල් 135ට ගත්ත ලූනු නැවත සතොසට රුපියල් 450 ගානේ විකුණනවා. ඒක තමයි ගේම් එක. මීට කලින් මේ විදියටම උඳු කන්ටේනරයක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ උඳු කිලෝ විසි පන්දාහක් විතර. මීටත් කලින් සීනි, පිටි, පාන්පිටි ආදී භාණ්ඩ රැසක්ම මේ විදියට එලියට විකුණලා තියෙනවා. ඒ කියන්නේ වරායෙන් ගේන බඩු තොග මිලට විකුණනවා හොර පාරෙන්. එක පුද්ගලයකුට මෙහෙම කිලෝ පනස් දාස් ගාණක් දෙන්න තීරණය කළේ කොහොමද කියන එකම ප්‍රශ්නයක්.

    ප්‍රශ්නය:- මේ සිදුවීමට ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නැති බවට සිදුවීම වාර්තා වූ විගස මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් වුණා. එහෙම ක්ෂණිකවම විනිශ්චය කළේ කොහොමද?
    පිළිතුර:- ඒක මහ විහිළුවක්. එතැන කාරණා දෙකක් තියෙනවා. අංක එක මූලික විමර්ශනයක්වත් නොකර එහෙම කියන්නෙ කොහොමද? අංක දෙක මොහොතකට එහෙම හිතුවත් ඉහළ කළමනාකාරිත්වය නොදැන මෙහෙම දේවල් වෙනවා නම් ඒ ඉහළ කළමනාකාරිත්වයෙන් වැඩක් නෑනෙ.

    ප්‍රශ්නය:- මේ සිදුවීම සාමාන්‍ය මිනිසුන්ට තවත් සරලව කිව්වොත්?
    පිළිතුර:- මිනිස්සුන්ගේ සල්ලිවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කරලා ඒවා වෙළෙන්ඳන්ට තොග ගානට විකුණලා ඒ වෙළෙන්ඳගෙන්ම නැවතත් වැඩි මිලට සතොසට මිලදීගැනීමේ කූට වැඩක්. මේ වැඩේ තේරුම මොකක්ද?

    ප්‍රශ්නය:- සිදුවීමට අදාළ අපරාධ විමර්ශනය තිබෙන්නේ කොතැනද?
    පිළිතුර:- තොරතුර ලැබුණ ගමන් මම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හොබවන නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් තොරතුර දුන්නා. ඔහු මට කිව්වේ ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියන එක. මේක මේ මොහොතේ සිදුවන දෙයක් නිසා මට පුළුවන් දෙයක් මම කරගන්නම් එහෙනම් කියල ඊට පස්සෙ රාගම පොලිසියට කතා කළා. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා හැකි සහායක් දෙන්න පොරොන්දු වුණා. ඒත් අපි අපේ රාජකාරිය කළා.

    ප්‍රශ්නය:- සිදුවීමට අදාළ සාක්ෂි පාරිභෝගික අධිකාරිය සතුයි. විමර්ශනයක් කරනවද?
    පිළිතුර:- අපි දැන් කරන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒක දැන් බාරගෙන තියෙනවනෙ. වෙළෙඳ අමාත්‍යාංශය සමහර විට ඒ අයට කියන්න ඇති.

    ප්‍රශ්නය:- මේ සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට බලය තිබෙනවා නේද?
    පිළිතුර:- මේක මහා පරිමාණ හොරකමක්නෙ. අපරාධ පරීක්ෂණයකින් මේකට සම්බන්ධ සියලු දෙනා අල්ලගන්න ඕනේ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එහා දෙයක් එතැන තියෙනවා.

    ප්‍රශ්නය:- කැබිනට් තීන්දුවක් ගත්තාම ඒකත් උල්ලංඝනය කෙරුණා නම් මේක කැබිනට්ටුවටත් උඩින් වෙන වැඩක්ද?
    පිළිතුර:- අනිවාර්යයෙන් මේ ගැන කැබිනට්ටුවේ අවධානයට ලක්වෙන්න ඕනෑ. මේක රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. මේක එක මනුස්සයෙක්ගෙ වැඩක් නෙවෙයිනෙ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙනම ආයතනයක්. සභාපති, අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක කියලා තනතුරුවලට පත්වීම් කරලා මේ වංචා නවත්තන්න කී දෙනෙක්ට පඩි ගෙවනවද? එතකොට මේ කිසි දෙයක් සාර්ථක වෙලා නෑනෙ.

    ප්‍රශ්නය:- මේක පෙට්ටි කඩයක වෙච්ච හොරකමක් නෙවෙයි. මේ වායේ පසුපස ඉන්නෙ කවුරු කියලද ඔබ හිතන්නේ?
    පිළිතුර:- මේක පොඩි තැනකින් වෙන දෙයක් නම් නෙවෙයි. විධිමත් පරීක්ෂණයක් කරල මේවාට සම්බන්ධ කට්ටිය හොයාගන්න ඕනෑ. ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නෑ කියල කියන්න ඉක්මන් නොවී සී.අයි.ඩී එක මේක කරාවි කියල මම විශ්වාස කරනවා. සිදුවීමක් වුණාම ඉහළ බලධාරීන් මම දන්නේ නෑ කියන එකත් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට මේවායේ වගකීම ගන්නේ කවුද? මේ මහජනතාවගේ සල්ලි. හරි නම් මේ දේවල්වලට සියලුම බලධාරීන් වගකියන්න ඕනෑ.

    ප්‍රශ්නය:- විමර්ශන ක්‍රියාවලිය ගැනත් විශ්වාසය තැබීම අපහසු නම් අල්ලස් හෝ වංචා දූෂණ කොමිසම වැනි තැන්වලට මේවාට ස්වාධීනව මැදිහත් විය හැකි නැද්ද?
    පිළිතුර:- ඔව්. ඒ අයට මේ සිදුවීමේ තවත්දුරට ගිහින් බලන්න පුළුවන්. වැඩේ තියෙන්නේ විමර්ශනය අන්තිමේදී කඩකාරයෙක් වගේ පොඩි මිනිහෙක් ඉස්සරහට දාලා අපි දන්නේ නෑ කිව්වොත් ඔක්කොම ඉවරයි. මේකට සම්බන්ධ අය තරාතිරම නොබලා අල්ලගන්න ඕනෑ.

    ප්‍රශ්නය:- දුරකතන දත්ත පරීක්ෂා කිරීම වැනි තියුණු විමර්ශනයක් කළොත් මේ හොරකමේ තෝරු මෝරු අල්ලන්න අපහසුයි කියල ඔබ හිතනවද?
    පිළිතුර:- අනිවාර්යයෙන්ම අල්ලන්න පුළුවන්. දැන් දියුණු තාක්ෂණයක් තිබෙනවා. අපරාධ විමර්ශනය ස්වාධීනව සිදුවෙන්න දුන්නොත් පුළුවන්. මට මතක නෑ වගේ දේවල් නොවුණොත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ මම දන්නේ නෑ මට මතක නෑ වගේ දේවල්. එහෙම බෑ. මිනිසුන් අතින් සමහර විට අතපසුවීම් වෙන්න වුණත් පුළුවන්. අඩු ගානේ තමන් වැරැද්දක් කරලා නැත්නම් ඉල්ලා අස්වීම වැනි පියවරකටවත් යන ශිෂ්ටසම්පන්න ක්‍රමයක් මේ රටට ඕනෑ.

    ප්‍රශ්නය:- තනතුරට පැමිණි දවසේ සිට මේ දක්වා කරපු වැඩ ගැන දැන් මොකද හිතෙන්නේ?
    පිළිතුර:- යම්කිසි වැඩ කොටසක් කළා. ඒ නිසා සතුටක් තිබෙනවා. අවුරුදු ගණන් ගොඩගැහිලා තිබුණු ලිපිගොනු පන්සීයකට අධික සංඛ්‍යාවක පැමිණිලි අවසන් කළා. විමර්ශන කඩිනම් කරන්න ක්‍රමයක් හැදුවා. අසාධාරණයට ලක් වූ පාර්ශ්වයන්ට බොහෝ සහන ලබා දුන්නා. පාරිභෝගික අධිකාරියට වෘත්තියභාවය ඇතිකරන්න අපට පුළුවන් වුණා. ඒ වුණාට ඉතින් තව වැඩ ගොඩක් කරන්න තිබෙනවා.

    ප්‍රශ්නය:- රජයේ සංස්ථා හා අධිකාරින්හි ඉහළ තනතුරුවල පුද්ගලයන් පත්කිරීමේදී මේ ආණ්ඩුව වෙනම කමිටුවකින්  සුදුස්සන් තෝරාගැනීමක් කළා. එහි ප්‍රතිඵලයක් වුණාද?
    පිළිතුර:- එහෙම තේරුවාට සුදුස්සන්ම තේරුණාද කියල දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයම ඒකට උදාහරණයක්. සුදුසුකම් නැතිව පාරිභෝගික අධිකාරිය වැනි ආයතනයක් දුවන්නම බෑ.

    ප්‍රශ්නය:- ආණ්ඩු හා පක්ෂ මාරු වුණත් ඇතැම් විෂයන්ට අදාළ දේශපාලන විධායක තනතුර සමහර තැන්වලදී දරල තිබෙන්නේ එකම පුද්ගලයෝ?
    පිළිතුර:- ඒක තමයි මම කියන්නේ අපේ දේශපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු විධිමත් වෙනසක් අවශ්‍යයි. දේශපාලකයන් සම්බන්ධ වෙලා කරන මේ වැඩවලදී වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඊට අවභාවිත වීම. ඒ වගේ පසුබිමක් ඇතුලේ රාජ්‍ය නිලධාරීන්ට කෙළින් වැඩ කරන්න ටිකක් අමාරුයි.

    ප්‍රශ්නය:- හැබැයි දේශපාලනීකරණය වූ රාජ්‍ය ආයතන පද්ධතියට වියතුන් පත්කර වෙනසක් කිරීම මේ ආණ්ඩුව බලයට එද්දී දීපු ප්‍රධාන පොරොන්දුවක්. මේ වගේ සිදුවීම්වලදී ඒ වියතුන් බේරාගන්න වැඩපිළිවෙළක් හදල තිබුණේ නැද්ද?  
    පිළිතුර:- නෑ. එහෙම වැඩපිළිවෙළක් හදලා තිබුණේ නෑනෙ. ඒක තමයි ප්‍රශ්නය. එහෙම බලපෑම් කණ්ඩායමුත් නෑ දැන්. ඒක දැන් ඔබලාටත් පැහැදිලිවම පේනවනේ.

    ප්‍රශ්නය:- පාරිභෝගික අධිකාරිය යටතේම ලියාපදිංචි වූ පාරිභෝගික සංවිධානම සිය ගණනක් තිබෙනවා. මෙවැනි දේකදි ඔවුන්ට තීරණාත්මක බලපෑමක් කරන්න බැරිද?
    පිළිතුර:- ඔවුන්ට විතරක් ඒක කරන්න බෑ. මෙවැනි තීරණාත්මක සිදුවීමකදී රාජ්‍ය පැත්තෙන් ගන්න ප්‍රවේශය වැදගත්නෙ. ප්‍රවේශය වැරැදි වුණාම එතැනින් එහාට ඔක්කොම වැඩ වරදිනවනෙ.

    ප්‍රශ්නය:- ඒ කාරණය තව පැහැදිලි කරන්න පුළුවන්ද?
    පිළිතුර:- අපි කියන්නේ මේක විවෘත ආර්ථික ක්‍රමයක් කියලා. හැබැයි දැන් මිල පාලනයක් කරනවා. අපට ආවේණික ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. හැබැයි ආර්ථික විද්‍යාවේ මූලික ප්‍රතිපත්ති කියල දේවල් තියෙනවා. ඒ දේවල් අභ්‍යාස කරන්නේ නැතිව රටක ආර්ථිකයක් අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද? ඒ කියන්නේ අපි එක පැත්තකින් ආයෝජකයන්ට එන්න කියනවා. තව පැත්තකින් සීමා පනවනවා. තව පැත්තකින් පෞද්ගලික අංශය සතුව තිබෙන ද්‍රව්‍ය වටලනවා. මේක පටලැවිල්ලක්. මෙහෙම වෙන්නේ රටකට ආර්ථික ප්‍රතිපත්ති නැතිවුණාම. මේ රටට ආර්ථික ප්‍රතිපත්ති හදල නෑ. එන එන ඇමැතිටයි ආණ්ඩුවටයි ඕනෑ විදියට ප්‍රතිපත්ති හදලා තිබෙන්නේ. උදේ නැගිටිද්දි තිබෙන ප්‍රතිපත්තිය රෑ නින්දට යද්දි වෙනස් වෙනවා නම් ඒ රටට ගමනක් නෑ.

    ප්‍රශ්නය:- මේ නූල් බෝලේ ලිහාගන්නෙ කොහොමද?
    පිළිතුර:- නූල් බෝලේ ලිහන එක නම් ටිකක් අමාරුයි දැන්. හැබැයි අඩු ගානේ අපි සෞභාග්‍යයේ දැක්ම හරහා ජනතාවට පොරොන්දු වෙච්ච වැඩ කොටස කළා නම් රට තරමක් හෝ දුරට හැදෙනවා. ජනාධිපතිවරුන්ටයි ඇමැතිවරුන්ටයි අවශ්‍ය දේවල් නැතිව රටට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිල පාලන දැම්මාම මොන ආයෝජකයද ඒ රටට එන්නේ? අපට නිසි ආර්ථික වැඩරාමුවක් ඕනෑ. අපේ ආර්ථිකය වැටෙන්න එක හේතුවක් කොවිඩ්. අනෙක බදු ප්‍රතිපත්තියේ අවුල. දැන් ලංකාවෙ ඍජු බදු ප්‍රතිශතය අඩුයි. වක්‍ර බදු වැඩියි. එතකොට භාණ්ඩවල මිල ඉහළ යනවා. මේක ලොකු ප්‍රශ්නයක්.

    ප්‍රශ්නය:- ඍජු බදු වැඩිකරන්න ආණ්ඩුව බය ද? නැත්නම් වෙළෙඳ මාෆියාවට යට ද?
    පිළිතුර:- හැම රටකම දේශපාලන හා වෙළෙඳ මාෆියාවක් තිබෙනවා. ඒ අය අතරෙ යම් මුදල් ගනුදෙනු වෙනවා ඇති. ප්‍රශ්නය ඒකමත් නෙවෙයි. එහෙම රටවල පවා යම් සංයුක්ත ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා. අපට එහෙම අනන්‍යතාවයක් නෑ.
    අද ලංකාවේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අල්ලසක්  විදියට ගෙයක් අරගෙන මට දුන්නේ තෑග්ගක් කියනවා. හැබැයි දියුණු ලෝකේ රටවල එහෙම දේශපාලකයන්ට තෑගි ගන්න බෑනෙ.

    ප්‍රශ්නය:- සෞභාග්‍යයේ දැක්ම ගැන ඇතැම් දේශපාලකයන්ගේ පැහැදිලි කිරීම්වල තිබෙන්නේ රාජ්‍ය උපරිමයෙන් මැදිහත් වන දේශීය ආර්ථිකයක් වැනි අදහසක් ?
    පිළිතුර:- ඒක වැරැදියි. ඒකෙ තිබෙන්නේ හොඳ පොරොන්දු මිටියක්. ප්‍රශ්නය තමයි පොරොන්දු දුන්නට ඒ වැඩේ කෙරෙන්නේ නැතිකම. ඇත්තටම මුල් මාස හයේ පොඩ්ඩක් කරගෙන ආවා. ඊට පස්සේ නතර වුණා.

    ප්‍රශ්නය:- ඒ ඇයි?
    පිළිතුර:- ඊට පස්සේ ඇමැතිලාගේ දරුවෝ පෞද්ගලික ලේකම්ලා වෙලා නටන්න ගත්තා. ඇමැතිලා වටේ ඉන්න මේ වහල්ලු ටික එලියෙන් තියන්න ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්තා. කිසිම සම්බන්ධීකරණ ලේකම්වරයකු රජයේ නිලධාරීන්ට දුරකතන ඇමතුම් නොදිය යුතු බවට චක්‍රලේඛයක් පවා ගැහුවා. හැබැයි දැන් වෙන්නේම එපා කියපු දේවල් ටික.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ප්‍රධාන ඡායාරූපය වෙනස්කර ඇත.

  • යුගදනවි කොටස් විකිනීමෙන් ආණ්ඩුවේ අවුල්  – විිශේෂ පක්ෂ නායක රැස්වීමකුත් සූදානම්

    යුගදනවි කොටස් විකිනීමෙන් ආණ්ඩුවේ අවුල් – විිශේෂ පක්ෂ නායක රැස්වීමකුත් සූදානම්

    යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත.

    මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

    සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වූ බව වාර්තා වේ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කර ඇත.

    ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද (21)දැනුම් දුන් බව අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

  • කොවිඩ් ආසාදිත මරණ අංක දෙකට බසී

    කොවිඩ් ආසාදිත මරණ අංක දෙකට බසී

    කොවිඩ්-19 ආසාදිතවූ පුද්ගලයින් 66 දෙනකු ඊයේ (20) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 

    මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර 11 දෙනෙක් අවුරුදු 60 ත් 30 ත් අතර වයසේ පසුවන අතර අවුරුදු 30 ට අඩු  දෙදෙනෙක් ද මියගිය අය අතර වේ.

    මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වන අතර ඊයේ වාර්තා වූ මරණ 66ත් සමග මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ්-19 ආසාදිත මරණ  සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • කොවිඩ් රෝගීන්ගේ අඩුවීම සමග වසංගත අවදානම පහවන ලකුණු

    කොවිඩ් රෝගීන්ගේ අඩුවීම සමග වසංගත අවදානම පහවන ලකුණු

    රෝගීන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවෙමින් තත්ත්වය සමනය වෙමින් පවතින පසුබිමක රෝගී උපකාරක සේවාවන් සදහා ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණයද අඩුවී ඇති බවද, ඇමතුම් වල ස්වභාවය වෙනස් වී ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සදහන් කළේය.

    ඔහු මේ බව සදහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම සේවා පද්ධතිය ඇරඹි දවසේ ඇමතුම් 9000කට ආසන්න ප්‍රමාණයක් ලද බවද, එමෙන්ම මුලදී ලැබුණු ඇමතුම් සියල්ලක්ම පාහේ හදිසි ඇමතුම් වන අතර මේ වන විට ලැබෙනුයේ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබදව හෝ එන්නත්කරණය පිළිබදව ලැබෙන ඇමතුම් බවද, එලෙස ලැබෙන ඇමතුම් වලින් තත්ත්වය යම් ආකාරයකට සමනය වීමක් සිදුවී ඇති බව කිව හැකි යැයිද ඔහු සදහන් කළේය.

    කොවිඩ් රෝගීන්ට උපකාර ලබාදීම සදහා සේවාවන් ගණනාවක් එක්තැන් කරමින් 247,1904 සහ 1990 යන දුරකතන අංක එකට සම්බන්ධ කර ඇතිකරගත් ක්‍රියා පටිපාටිය යටතේ මීට
    මාසයකට පෙර රටෙහි පැවති තත්ත්වය ඉතාම වෙනස් බව කිව හැකි යැයි සදහන් කරමින් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වැඩිදුරටත් සදහන් කළේ එම අවස්ථාවේ රෝගීන් වැඩි
    වහයෙන් වාර්තා වීම හේතුවෙන් මරණ වැඩිවීම්, ඇදන් ප්‍රමාණයෙහි ගැටලු මතුවීම් සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිවීම හේතුකොටගෙන සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ
    තර්ජනයකට මුහුණපෑ බවයි.

    එම අවස්ථාවේදී සාකච්ඡා වට කිහිපයක් පවත්වා අධි අවධානම් සහිත රෝගීන් ඉතා ඉක්මණින් හදුනාගෙන ජීවිත ගලවාගැනීමට ඉතා වැදගත් වන පියවරක් ලෙස ඔවුන්ව ප්‍රතිකාර වලට යොමු කිරීමට කටයුතු කළ බවද, දෙවනුව රෝහල්ගත වීමට නොහැකිව නිවෙස් තුළ සිටින රෝගීන්ට කුමක් කළ යුතුද සොයා බලමින් කුමන අවස්ථාවේ අවධානම හදුනාගත යුතුද යන්න දැනුවත් කර උපදෙස් ලබාදුන් බවද ඔහු පැවසුවේය.

    මෙම සියල්ල එකතු කරමින් මනා සම්බන්ධීකරණ සේවාව අගෝස්තු 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කරමින් ඇරඹූ බවද, එමගින් ක්‍රියා පටිපාටිය පැහැදිලි කළ බවද ඔහු කියා සිටියේය.

    247 මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ඇරඹූ රෝගී උපකාර සේවයක් බවද, මෙමගින් ඖනෑම රෝගියෙකුට දවසේ ඖනෑම අවස්ථාවක, ඕනෑම ප්‍රධාන ජංගම දුරකතන ජාලයකින් 247 අමතා වෛද්‍යවරයෙකු සමග කෙටි කලකින් සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවද, අසාද්‍ය රෝගියෙකු නම් ඒ ඔස්සේ ඉක්මණින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයට සම්බන්ධවෙමින් රෝහල්ගත කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු සදහන් කළේය.

    1904 කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මූලිකත්වයෙන් ඇරඹි බවද, කෙටි පණිවිඩ සේවාවක් වන මෙමගින් රෝගියාට තමන්ගේ තත්ත්වය තමන් විසින්ම නිශ්චය
    කරගනිමින් ඒ බී සී වශයෙන් කාණ්ඩ කර ඇති තමා අයත් යැයි සිතන කාණ්ඩය හදුනාගනිමින් කෙටිපණිවිඩය යොමුකළ හැකි බවද, මෙමගින් ඉක්මණින් රෝහල්ගත කළ යුතු ඒ කාණ්ඩයට වැටෙන රෝගීන් සදහා පැය භාගයක් තුළ වෛද්‍යවරයෙකු ප්‍රතිචාර දක්වමින් අදාල කටයුතු සම්පාදනය කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය.

    1990 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් ඇරඹි සුවසැරිය ගිලන් රථ සේවය මගින් දවසේ ඕනෑම වෙලාවක රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් සදහා ගිලන්රථ ගෙන්වාගැනීමේ පහසුකම
    සැලසෙන බවද ඔහු පැවසුවේය.

  • ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්

    ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්

    කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා  මහත්මිය ප්‍රකාශ කළාය.

    විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණයේ වත්මන් තත්ත්වය සහ ළමුන්, තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් එන්නත්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා  මහත්මිය පෙන්වාදෙන පරිදි කොරෝනා වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භනී කාන්තාවන් 5000ක ට පමණ කොරෝනා ආසාදනය වී ඇත. දැනට 200ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 52 දෙනෙක් මරණයට පත්වී ඇත. ‍සියලුම මරණ සිදුව ඇත්තේ 2021 මැයි මාසයන් පසුවය. ශ්‍රී ලංකාවේ වසරකට මාතෘ මරණ 100ක් පමණ වාර්තවන අතර කොරෝනා රෝගයෙන් පමණක් මාතෘ මරණ 52ක් සිදුව තිබීම කණගාටුවට කරුණකැයි වෛද්‍යවරිය කීවාය. එබැවින් ගර්භනී කාන්තාවන්ට එන්නත්දීම ආරම්භ කළ බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90ක් එන්‍නත ගෙන තිබෙන බවත් පැවසූ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය එන්නත ගැනීමෙන් ගර්භනි මාතාවන්ට ඇතිවිය හැකි සංකූලතා අඩු කර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ගන්නා ලෙස ගර්භනී මාතාවන්ගෙන් මෙන්ම තරුණ මහලු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියාය.

    ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 130 ක ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව දී තිබේ. පළමු මාත්‍රාව ගත් ජනගහනයෙන්  සියයට 50ක ට දෙවන මාත්‍රාව දී ඇත. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය දකුණු ආසියාවේ ඉතා ඉහළ ප්‍රතිශයක් හිමිකරගෙන ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය.

    රෝගී උපකාරක සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2021 අගෝස්තු මස 17දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආරම්භ කරන ලද දුරකථන අංක 247 සහ 1904 යන කෙටි පණිවුඩ සේවාව ඔස්සේ රෝගීන් රැසක් වෛද්‍යවරුන් සමඟ සමබන්ධවූ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා සෙසු සේවාවන් සම්බන්ධීකරණය කළ බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා  පැවසීය. මෙතෙක් ලැබී ඇති  සහ තවදුරටත්  ලැබෙන දුරකථන සහ කෙටි පණිවුඩ සලකා බැලීමේදී රෝගය යම්තාක් දුරට පාලනය වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාවට එක්වූ කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පශ්චාද් කොවිඩ් සමය තුළ සංකූලතා ඇති රෝගීන් රැකබලාගත යුතු ආකාරය පැහැදිලි කළාය.

    කොවිඩ් ආසාදනයවී සුවය ලැබුව ද අධි අවදානම් පසු කොවිඩ් තත්ව ලෙස සලකන කොවිඩ් නියුමෝනියාව, පෙනහැලි ධමනිවල ලේකැටි ඇතිවීම, පෙනහැලිවල ද්විතීයික බැක්ටීරියා ආසාදනය, හෘදයේ කිරීටක ධමනිවල කුඩා රුධිරනාල කැටි ගැසීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම, මෂ්තිස්ක පටකවල ආසාදන තත්ව ඇතිවීම විය හැකිය. එබැවින් රෝගියාට නියම කරන ලද ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදීම, දිනකට 04 වරක් තත්ත්ව සුපරික්ෂාව, දිනකට ලීටර 02ක් දියර වර්ග ලබාදීම, පෝෂණීය ආහාර ගැනීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරිය කියා සිටියාය.

    පශ්චාද් කොවිඩ් සමයේ හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම, අධික තෙහෙට්ටුව, හෘදය වස්තුවේ ස්පන්දනය වැඩිවීම සහ සමේ ලප ඇතිවීම ආදී සංකූලතා ඇතිවුවහොත් දුරකථන අංක 247 හෝ 1904 ඔස්සේ කෙටි‍ පණිවුඩයක් මගින් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය කීවාය.

  • දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

    ඖෂධ නියාමන අධිකාරියේ ( NMRA) දත්ත මැකී ගොස්  ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන්  පසුව යැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය.

    මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම  සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ  මතු කළ ප්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.

    ජාතික වශයෙන් අතිෂයින් වැදගත් කරුණක් හෙයින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ඔහු ලබා දුන් පිළිතුරු සම්පූර්ණයෙන් පහත පළ වේ.

    ප්‍රශ්න අංක 1

    නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගරු අධිකරණයට දැක්වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ෂණ මත පදනම් වූවත්, ඖෂධ මාෆියාව මෙරට තුළ 2015 – 2019 තුළ පෙර කිසි දිනක නොවූ විරූ පරිදි බලවත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසි සේ කටයුතු කිරීමට නොහැකි වී ඇති නිසා ඉච්ඡාභංගත්වය, අසීමිත මූල්‍ය වාසි නොලැබීම, හේතුවෙන් ඇති වූ ද්වේශය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකිය. මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන් ද යන වග අපරාධ පිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විමර්ෂණ මගින් අනාවරණය කෙරෙමින් පවති.

    විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e-NMRA දත්ත පද්ධතියට අදාළ සියලු උපදේශන සේවා සහ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය Information and Communication Technology Agency of Sri Lanka (ICTA) වෙතින් ලබාගෙන ඇත. මේ සඳහා ICTA සහ NMRA අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජුනි මස 25 වන දින  අත්සන් කර ඇත.

    මෙම දත්ත පද්ධතිය “සකස් කිරීම සහ සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා” NMRA විසින් 2018 වර්ෂයේ දී “Epic Lanka Technologies (Pvt) Ltd” ආයතන තෝරාගෙන ඇත. NMRA සහ EPIC ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිරිමානය කර, පවත්වාගෙන යාම සම්බන්ධයෙන් 2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇත. එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ එවකට NMRA සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, NMRA ප්‍රධාන විධායක නිලධාරී සහ EPIC ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ මහත්වරුන්ය (annex1)

    2021 ජූලි මස 10 වන දින සිට eNMRA තොරතුරු පද්ධතියෙහි ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මගින් මෙම පද්ධතියට 2019 සැප්තැම්බර් මස සිට 2021 ජූලි මස 09 දින දක්වා ඇතුළත් කර තිබූ NMRA ආයතනය වෙත ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාල අමතර ලේඛන (Supported Documents) වලට ප්‍රවේශ වීම අවහිර වී ඇත.

    2018 වර්ෂයේදී NMRA මගින් තෝරාගෙන තීබූ EPIC ආයතනයේ අපරික්ෂාකාරී, වගකීම් විරහිත සහ ගිවිසුම් ප්‍රකාරව Backup පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්වය උද්ගත වී ඇත.

    ICTA ආයතනය මගින් පවත්වාගෙන යන ක්ලවුඩ් පහසුකම තුල NMRA ආයතනයට වෙනම අවකාශයක් වෙන්කර ඇති අතර එම අවකාශය තුළ තොරතුරු පද්ධතියෙහි තාක්ෂණික මෙහෙයවීම් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කිරීම NMRA ආයතනනය වෙනුවෙන් EPIC ආයතනය විසින් සිදුකර ඇත.

    EPIC ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගබඩා කර තිබිය යුතු බැකප් දත්ත (Backups) ප්‍රයෝජනයට ගෙන යලි ප්‍රතිස්ථාපනය (Restore) කළ යුතුව තිබුනි. එහෙත් EPIC  ආයතනය මගින් ඒවැනි දත්ත Backup නඩත්තු නොකිරීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත ICTA ආයතනය පහසුකම් සපයන ලංකා රාජ්‍ය ක්ලවුඩ් Backup ප්‍රයෝජනයට ගෙන තොරතුරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම කරන අවස්ථාවේ අධිකරණ නියෝගයක් මත අදාළ කටයුතු නවතා දැමීමට කටයුතු කර ඇත.

    ඒ ඒ රජයේ ආයතන වල තොරතුරු පද්ධති කළමනාරණය කරනු ලබන්නේ එම රජයේ ආයතනයනහි අදාල තාක්ෂණික අංශ හෝ  මේ සඳහා තෝරාගත් තොරතුරු පද්ධති සේවා සපයන ආයතන මගිනි. මෙම හේතුව නිසා ICTA ආයතනය මගින් ක්ලවුඩ් පහසුකම් ලබා දී ඇති ඒ ඒ රාජ්‍ය ආයතන වලට අයත් තොරතුරු පද්ධති වලට කිසිම අනතුරක් සිදුවීමට ඉඩකඩක් නොමැති බව ICTA ආයතනය ප්‍රකාශ කර ඇත.

    ප්‍රශ්න අංක 02

    පිළිතුර:  ඒ සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් පවති. මෙයට අමතරව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය (School of Computing) මගින් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

    පිළිතුර: CERT ආයතනය මේ වන විටත් දත්ත ප්රතිස්ථාපනය කිරීම පිලිබඳ තාක්ෂණික වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය අනාගතයේදී සභා ගත කිරීමට කටයුතු කරනු ලැබේ.

    • ‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශවීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේද?

    පිළිතුර : නැත.

    ප්‍රශ්න අංක 03

    • ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද?

    පිළිතුර:

    ICTA ආයතනය NMRA ආයතනයේ ඉල්ලීම පරිදි මෙම පද්ධතිය ක්රියාවට නැංවීම සඳහා තාක්ෂණික උපදෙස් සපයන්නා ලෙස කටයුතු කරන අතර  හරහා පහත සඳහන් පරිදි දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා උපදෙස් ලබාදී ඇත.

    1. පද්ධතියේ සහ එහි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල වන සියලුම කොන්දේසි මෙම ගිවිසුමට එක් කරන ලද්දේ ICTA ආයතනයයි. මෙම ගිවිසුමට එක් කල  සියලුම කොන්දේසි සහ නිශ්චිත වගන්ති පහත 3 වන  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ලබා දී ඇත.
    2. ප්‍රසම්පාදන අවදියේදී EPIC ආයතනය මගින් ලබාදී තිබු යෝජනාවලියේ තිබු අඩුපාඩු සහ එම ආයතනය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එකඟ විය යුතු කරුණුවල තිබු අඩු ලුහුඩුකම් පෙන්වා දෙමින් උපදෙස් ලබා දී ඇත්තේ ICTA ආයතනයයි. මෙම පැහැදිලි කිරීම් ඉල්ලුම් කිරීම “Appendix J: Clarifications obtained during Bid Evaluation (ඇමුණුම 2 හි යොමුව 8)” ලබා දී ඇත.
    3. කාල පරිචේදයේදී (2018) NMRA ආයතනයට තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නොතිබුන අතර එලෙස පහසුකම් ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් (server room) හෝ නොතිබුණි. එසේම මෙම පද්ධතිය නිර්මාණය කර සේවා සපයන්නා ගේ තොරතුරු තාක්ෂණ යටිතල  පහසුකම් (server room facility of the service provider)  මත ක්‍රියාත්මක කිරීමට ද ICTA ආයතනය එකග නොවූ අතර,  ලංකා රාජ්‍ය ක්ලවුඩයේ මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම අනුමත කර ඇත. 
    4. යෝජනාවට අනුව NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්‍රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩයේ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි. 
    5. ලබාදුන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ එහි ස්ථාපිත මෘදුකාංග සහ දත්ත වල වගකීම සියලු ආකාරයෙන්ම අදාල ගිවිසුම් ගත ආයතනයට ගිවිසුම් සහ කොන්දේසි ප්‍රකාරව නිශ්චිතව පවරා දී ඇත.
    6. ඉහත සඳහන්  තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට බාහිරව බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වීම නවතාලීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩයේ “Firewall cluster” දෘඩාංග සහ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර සයිබර් ප්‍රහාරයන්ගෙන් වන බලපෑම කළමනාකරණය  සඳහා “Intrusion Prevention System” පද්ධතියක් ස්ථාපනය කර ඇත.
    • දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය EPIC Lanka Technology ආයතනය සමග අත්සන් කල ගිවිසුමෙහි දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඩ ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුලත් කර ඇත් ද ?

    පිලිතුර: ඔව්

    • ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුළත් කල කොන්දේසි ද?

    පිලිතුර: ඔව්

    නම් එම ගිවිසුම හා අදාළ වගන්ති සභා ගත කරන්නේද ?

    පිලිතුර: ඔව්, (ඇමුණුම 2)

    • නිශ්චිතවම ක්‍රියාත්මක කලේද යන්න පිලිබදව ICTA ආයතනය විසින් පසුවිපරම් සිදු කලේ ද?

    පිලිතුර: ඔව්

    • නම් Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩකරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද ?

    පිලිතුර:

    Disaster Recovery (ආපදා ප්රතිසාධනයයනු දත්ත මධ්යස්ථානය (data center) වෙනස් භූගෝලීය ස්ථානයන් දෙකක පවත්වාගෙන යාමයිමෙහිදී මුලිකවම බලාපොරොත්තු වන්නේ යම් භූගෝලීය ස්ථානයක සිදුවන විනාශයකින් දත්ත වලට වන හානිය අවම කිරීමයිනමුත් මෙම සිද්ධිය අදාළ වන්නේ Disaster Recovery සම්බන්ධව නොවේඅදාළ සේවා සපයන්නා විසින් ගිවිසුම්ගත කරුණු වලට පටහැනිව ක්රියා කර ඇති අතර ගිවිසුම පැහැර හැර ඇත.

    මෙම සිදුවීම2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇති EPIC ආයතනයේ අපරික්ෂාකාරී සහ නොසැලිකිලිමත් බව මත සිදු වූ සිදුවීමක් නිසාමෙසේ දත්ත backup නොකර  ඇති අවස්ථාවකදී, disaster recovery සේවාව ලබාදී තිබුනදවිනාශ වූ දත්ත ප්රතිස්ථාපනය කිරීමටවෝහාරික පරිගණක ක්රියාවලියකින්  හැර  අවකාශයක් නැත.

    ප්‍රශ්න අංක 04

    • පද්ධතීන් බිඳවැටීමකදී හෝ දත්ත මැකී යාමකදී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැතිද?

    පිලිතුර:

    ලංකා රාජ් ක්ලවුඩය තුල backup ලබා ගැනීම සඳහා සහ එම backup ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය (Restore)  සඳහා අවශ් වන මෙවලම් ලබාදී ඇතතවද ව්යසනකාරී තත්ත්වයකදී හෝ මනුෂ් අත් වැරදීමකින් වන හානියකදීබාධාවකින් තොරව ලංකා රාජ් ක්ලවුඩය තොරතුරු ප්රතිස්ථාපනය කිරීමට පහසුකම් සපයා ඇතනමුත් මෙම අවස්ථාවේදී EPIC ආයතනයලංකා රාජ් ක්ලවුඩය ලබාදෙන backup පහසුකම් භාවිතා කර  නොමැති අතර ගිවිසුම් ප්රකාර කොන්දේසි කඩකර ඇත.  ගිවිසුම්ගත EPIC ආයතනයෙහි නිලධාරිවරයෙක් පරිගණක කේත භාවිතා කරමින් ෆයිල් සේවරය මකා දැමීම ප්රශ්නයට තුඩු දෙන කරුණකිමේ පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්රියාත්මක වන අතර එම පරීක්ෂණ සඳහා ICTA ආයතනය සහය දක්වයි.

    • ඖෂධ නියාමන අධිකාරියේ  දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්  සිදු වු මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද?
    • ‍ය ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වු මෙම ව්‍යසනයට සාමුහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පවරන්නේ කවර පදනමකින්ද?

    පිළිතුර : නැත.

    ICTA ආයතනය තම වගකීම් ප්රකාරව කටයුතු කර ඇති අතර ඉහත ප්රශ්න අංක 3 යටතේ අසා ඇති ප්රශ්න සහ ඒවාට ලබාදී ඇති පිළිතුරු සහ සාක්ෂි මගින් ඒ බව සනාථ වේ.

    තවද ඉහත සඳහන් කල පරිදි, NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ් ක්ලවුඩ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි.  ලංකා රාජ් ක්ලවුඩයේ භාරකරු වන ICTA ආයතනයටඅදාල tenant අවකාශයට පිවිසීමට  හෝ කළමනාකරණය කිරීමට, IaaS ක්රමවේදය යටතේ අවසර නැත.

    තොරතුරු තාක්ෂණ ව්යසනකාරී තත්වයකදී (Catastrophic failure) හෝ මනුෂ් අත්වැරදීමක දී ICTA ආයතනය තොරතුරු කඩිනමින් ප්රතිස්ථාපනය කිරීමට බැඳී සිටී.

    මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් විමර්ශනයට භාජනය වන බැවින්මේ සම්බන්ධව අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගයන්ට යටත්වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත eNMRA පද්ධතිය ප්රතිස්ථාපනය සඳහා ICTA ආයතනය අවශ් තාක්ෂණික සහය ලබාදෙමින් දැනටමත්   ක්රියාත්මක වී ඇත.

    ප්‍රශ්න අංක 05

    • දත්ත අතුරුදහන් වීම මඟින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම,එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වලක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද?

    පිළිතුර :

    මෙම දත්ත මැකී යාමේ ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ,වෛද් උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාල ගොනු  පමණි (annex3)

     අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සහතික සහ බලපත් හෝ වෙනත් යම් අනුමැතීන්ට අදාල දත්ත පද්ධතියට (data base) කිසිදු හානියක් සිදු වී නොමැත.

    එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු  අවධානමක් ඇතිවිය නොහැක.

     අනුව මෙම ත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නොමැති අතර අත්යාවශ් ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන දැනට පවතින බලපත්වල වලංගු කාලය දීර්ඝකර ඇති බව මෙහිලා සඳහන් කරමි.  එමෙන්ම ඉල්ලුම් කරන නව බලපත්  සඳහා සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අවධාරණය කරමි.

    තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම යනාදී සියලු කටයුතු manual ක්රමවේදය ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම  පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී ත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්රකාශ කරනු කැමැත්තෙමි.

    ගරු විපක්ෂනායකතුමනි, ඇත්තටම දැන් ගොඩදෙනෙක් අහනව eNMRA පද්ධතියක් තිබෙද්දී ඇයි කියල කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළවෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ, ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායක තුමනි, මේ පද්ධතිය පටන්ගත්ත දවසේ සිටම මේක අබ්භගාත පද්ධතියක්, අසංවිධානාත්මක ක්‍රමානුකූල බවක් නැති ප්‍රතිපල දායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය භාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදිම මෙම සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ඖෂධ ආනයනයකරුවන් ෆාමසි ඔසු සැල් හිමියන්, සියලු දෙනා ඇවිත් කියු දේ තමයි මේ eNMRA පද්දධතියේ ‍ ෆේලියර් එකක්. මේකෙ වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිවුවා මේක ක්‍රමාණුකූල කරන්න කියලා. මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධාකාරියේ 2020/09/07 ලිපියක් භාර දුන්නා මේ ඇතිවෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියල. ඔවුන් මට දින වකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියල (annex.4). හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කටයුත්ත සිදුකරේ නෑ ගරු විපක්ෂ නායකතුමනි.

    ඒක නිසා මම නැවතත් 2020/10/20 එවකට සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලුම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කරනවා. මම කැමතියි ගරු කතානායකතුමනි, ඒක පැහැදිළි කරන්න (annex.5) මේක මම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ තමයි එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට සමත් වුනේ නැහැ එය නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නෙ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA  එකේ  බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ද වුනේ. නව කණ්ඩායමක් පත් කරන්න සිදු වුනේ. මේ eNMRA පද්ධතියේ තියන අකාර්යක්ෂම බව නිසා තමයි කොවිඩ් 19 රෝගයට අදාළ සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවලි ගෙනල්ල භාර දෙන්න කිව්වේ. කොටින්ම මේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් වුනාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හාර්ඩ් කොපි එක ගෙනල්ල දුන්නට පස්සේ ඒක නිසා තමයි අතින් ගෙනල්ල භාරදෙන්න කියල ඉවර වෙලා කිව්වේ  කොවිඩ් 19 රෝගයට අදාළ දේවල්.

    එතකොට මේ මැකිල ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිළි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015 – 2019 කාලයේ දී ඖෂධ මිල දී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ෂණයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වාගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

    මේ ඒ වගේ ඖෂධ කිහිපයක් ගරු කතා නායකතුමනි, Captopril 5mg Syrup එක 2019 දි මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00 කට ගරු කතානායකතුමනි, 138 වතාවක් මිල ඉහළයි Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957.00 කට මිල දී අරගෙන තියෙන්නේ, අපි ආවට පස්සේ රුපියල් 373.00 කට මිල දි ගත්තේ ගරු කතානායකතුමනි Metaraminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00 කට මිල දී ගත්තේ ඒක රුපියල් 3,875.00 කට අඩු වුනා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ෂණය සඳහා භාර දීල තියන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා (annex.7) ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිල දී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා.

    එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128 ක් වෙනවා. මේ අකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම  කියන්නම් කොයි වගේ දෙයක් ද කරල තියෙන්නෙ කියලා උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository  එක වේදනාවක් ඇති වුනාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49 ට, මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි.

    මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිල මැකුනේ. මේව ගැන විමර්ෂණ පටන්ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ෂණ පටන් ගත්තට පස්සෙ තමයි ඒ කියන ලිපි ගොනුව මේ  දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වාගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුනට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගරු කතානායකතුමනි.

  • ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සාමයට ප්‍රධාන අභියෝගයක්

    ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සාමයට ප්‍රධාන අභියෝගයක්

    රැඩිකලීකරණයට එරෙහිව සටන් කිරීම කලාපීය ආරක්‍ෂාව සඳහා පමණක් නොව කලාපයේ තරුණ පරම්පරාවන්ගේ දීප්තිමත් අනාගතය සඳහා ද අවශ්‍ය බව අගමැති මෝදි පැවසීය.

    ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් පෙන්නුම් කරන්නේ කලාපයේ සාමය හා ආරක්‍ෂාවට ඇති ලොකුම අභියෝගය රැඩිකල්කරණය බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.

    මෙම ප්‍රදේශයේ ඇති ලොකුම අභියෝග සාමය, ආරක්‍ෂාව සහ විශ්වාස හිඟය හා සම්බන්ධ බව ඉන්දීය අගමැතිවරයා වශයෙන් මම විශ්වාස කරන අතර මෙම ගැටලුවලට මූලික හේතුව රැඩිකලීකරණය වැඩි කිරීම ය. ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් මෙම අභියෝගය වඩාත් පැහැදිලිව පෙන්නුම් කළේය.

    රැඩිකලීකරණයට එරෙහිව සටන් කිරීම කලාපීය ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා පමණක් නොව කලාපයේ තරුණ පරම්පරාවන්ගේ දීප්තිමත් අනාගතය සඳහා ද අවශ්‍ය බව ඔහු පැවසීය.

    ඓතිහාසිකව, මධ්‍යම ආසියාවේ කලාපය මධ්‍යස්ථ හා ප්‍රගතිශීලී සංස්කෘතීන්ගේ හා වටිනාකම් වල බලකොටුවක් වූ බව අගමැතිවරයා පැවසීය. සියවස් ගණනාවක් පුරා සූෆිවාදය වැනි සම්ප්‍රදායන් මෙහි සමෘද්ධිමත් වී ඇති අතර කලාපය හා ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.

    මෙම කලාපයේ සංස්කෘතික උරුමයන් තුළ ඔවුන්ගේ බලපෑම අපට තවමත් දැකිය හැකිය. මධ්‍යම ආසියාවේ මෙම ඓතිහාසික උරුමය මත පදනම්ව, ෂැංහයි සහයෝගිතා සංවිධානය විසින් රැඩිකලීකරණයට හා අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා පොදු සැකිල්ලක් සකස් කළ යුතු බව, ” ඉන්දීය අගමැතිවරයා පැවසීය.

    ඛනිජ සම්පත් හෝ අභ්‍යන්තර ෂැංහයි සහයෝගිතා වෙළඳාම වේවා, රැඩිකලීකරණය සහ අනාරක්‍ෂිත භාවය හේතුවෙන් මෙම කලාපයේ අතිවිශාල ආර්ථික ශක්‍යතාවන් ප්‍රයෝජනයට නොගෙන පවතින අතර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව අවධාරණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඉන්දියාවේ විශාල වෙළඳපොල හා සම්බන්ධ වීමෙන් ගොඩබිම මධ්‍යම ආසියානු රටවලට විශාල වාසියක් ලබා ගත හැකි බව ඉන්දීය අගමැතිවරයා පැවසීය.

    අවාසනාවකට මෙන්, අන්‍යෝන්‍ය විශ්වාසය නොමැතිකම හේතුවෙන් බොහෝ සම්බන්ධතා අද ඔවුන්ට විවෘත නොවේ. ඉරානයේ චබාහාර් වරාය සඳහා වන අපගේ ආයෝඡනය සහ ජාත්‍යන්තර උතුරු-දකුණු කොරිඩෝව සඳහා වූ අපගේ උත්සාහය මෙහෙයවනු ලබන්නේ මෙම යථාර්ථය නිසා යැයි අගමැතිවරයා පැවසීය.

    චීනයේ තීරය(Belt) සහ මාර්ග මූලාරම්භය පැහැදිලිව හාරා බැලීමෙන් “සම්බන්ධතාවය සඳහා වන කිසිදු පියවරක් එක් පැත්තක මාවතක් විය නොහැකි ය. අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම සඳහා සම්බන්ධීකරණ ව්‍යාපෘති උපදේශන, විනිවිදභාවයෙන් සහ සහභාගීත්වයෙන් යුක්ත විය යුතුය. මේ සම්බන්ධයෙන් ගත් කල, සියලු රටවල භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම වැදගත් වේ. ”

    කලාපයේ සම්බන්ධීකරණ ව්‍යාපෘති සඳහා සුදුසු සම්මතයන් සකස් කරන ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටි ඔහු, “මෙම කලාපයේ සාම්ප්‍රදායික සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වේ. එවිට පමණක් සම්බන්ධතා ව්‍යාපෘති සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන අතර අප අතර ඇති දුරස්ථභාවය වැඩි නොවේ. . මෙම උත්සාහය සඳහා ඉන්දියාව සිය පැත්තෙන් ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම්. ” බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහ හි නව සාමාජික රටක් ලෙස ඉරානය පිළිගත් අතර සෞදි අරාබිය, ඊජිප්තුව සහ කටාර් එම කණ්ඩායමේ නව සංවාද හවුල්කරුවන් ලෙස මීට පෙර අගමැතිවරයා පිළිගත්තේය.

    indianewsnetwork

  • තරණයින්ගෙන් 60%කට කොවිඩ් එන්නත එපා වුණේ ඇයි ?

    තරණයින්ගෙන් 60%කට කොවිඩ් එන්නත එපා වුණේ ඇයි ?

    ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්

    COVID -19 ට එරෙහිව එන්නත් ලබා ගැනීමට වයස් 20-30 අතර වයස් කාණ්ඩ අතර උනන්දුවක් නොමැතිකම ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි කනස්සල්ල පළ කරති.

    ‘වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයේ සිටින බොහෝ දෙනෙක් කොවිඩ් එන්නත වඳභාවයට හේතු විය හැකි බවට බිය වන අතර සමහරු ඔප්පු නොකළ ස්වාභාවික පිළියම් වලට කැමැත්තක් දක්වනවා‘‘ එන්නත්කරණය හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසුවේය.

    ‘‘වයස අවුරුදු 20 – 30 දක්වා වන කාණ්ඩයෙන් එන්නත් ලබාගෙන ඇත්තේ ඇස්තමේන්තුගත පිරිසෙන් 40% ක් පමණ පිරිසක්. එය ඉතා දුර්වල ප්‍රතිශතයක්. තරුණයින්ගේ මෙම ආකල්පය නිසා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    සංඛ්‍යාලේඛනවලට අනුව, අගෝස්තු මාසයේදී පමණක් වෛරසයට ගොදුරු වූ අයගෙන් සියයට 95 ක්ම එන්නත් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව තරුණයින් අතර දිනකට අවම වශයෙන් මරණ 2 සිට 3 දක්වා වාර්තා වේ.

    ‘‘තරණ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් විද්‍යාත්මකව ඔප්පු නොකළ ආයුර්වේද ඖෂධ ඇතුළු පිළියම්වලට විශාල නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය නිසා ඔවුන් එන්නත්කරණයට යොමුවීම විශාල ලෙස අඩුවෙලා තිබෙනවා‘‘

    විදේශගත වීමට වැඩි නැඹුරුවක් ඇති තරණ ප්‍රජාවක් ජීවත් වන කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල තරුණයින් අතර පවා එන්නත්වලට එරෙහි මෙම ඍණාත්මක තත්ත්වය වාර්තාවීම විස්මයට කරුණක් බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

    ‘‘තරුණයින් අතර උනන්දුවක් නොමැතිකම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම එන්නත් මධ්‍යස්ථාන කටයුතුවලට දැඩි බාධා පැමිණ තිබෙනවා‘‘

    අනාගතයේදී විදේශගත වීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණයින් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අනාගතයේදී බටහිර රටවලට යාමට සිදුවිය හැකි හෙයින් ඔවුහු සිනොෆාර්ම් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. නමුත් සිනොෆර්ම් එන්නත් ද ඵලදායී බව ඉතා හොඳ බව ඔප්පු වී ඇත.

    ‘‘තරුණයින්ට ඔවුන්ගේ මනාපයන් තිබෙනවා. ඔවුන් විදේශගතවීමේ අපේක්ෂා නිසා ෆයිසර් සහ මොඩර්නා එන්නත්ම අපේක්ෂා කරනවා‘‘

    ‘‘එන්නත් නොකළ වැඩිහිටියන් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි රෝග ලක්‍ෂණ ඇතිවීමේ අවදානම පවතින අතර, එන්නත් නොකළ තරුණයින්ට ද සමාන අවදානමක් තිබෙනවා. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිශතය එන්නත්කර රට යථා තත්ත්වයට පත් වීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. තරුණ පිරිස් අතර තිබෙන මෙම ඍණාත්මක ආකල්පය හා පසුබෑම නිසා රට විවෘත කිරීමටත් ගැටලු ඇතිවෙනවා.

    ‘‘ මෙම වයස් කාණ්ඩයට ඉක්මනින් එන්නත් ලබා දිය යුතු ව තිබෙනවා. එසේ නොකර රට විවෘත කිරීමට නොහැකියි‘

    “ඔවුන්ට එන්නත ගැන කිසියම් බියක් තිබේ නම් වෛද්‍යවරයෙක්ගෙන් එය පැහැදිලි කරගත හැකියි. එන්නත ලබා ගැනීම වඳභාවයට හේතු වන බවට වන මිථ්‍යාවන් විශ්වාස නොකළ යුතුයි. ඒ වගේම තවත් වසර කිහිපයකින් සිදුවන විදේශගත වීමක් වෙනුවෙන් අද කැප නොකළ යුතුයි‘‘

    මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ තරුණයින් අන්තර්ජාලය තුළ බහුල ලෙස සැරිසැරීම නිසා මිත්‍යා මතවලට සහ ප්‍රතිකාරවලට දැඩිව යොමුවන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකි බවයි.

    ‘‘ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්‘‘

  • ‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති

    ‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති

    අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

    ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව  එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

    ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.

    එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.

    කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

    මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

    එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

    2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිළි කළේය.

    වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

    අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසීය.

    ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතියරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද  සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.

  • එන්නත ලබා නොගත් 30ට වැඩි පුද්ගලයින්ට අනතුරු ඇගයීමක්

    එන්නත ලබා නොගත් 30ට වැඩි පුද්ගලයින්ට අනතුරු ඇගයීමක්

    වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි.

    තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    “වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් විශාල පිරිසකට එන්නත් ලබා දී ඇති නමුත් විවිධ හේතුන් නිසා තවමත් එන්නත් ලබා නොගත් පුද්ගලයින් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් සඳහා එන්නත් මධ්‍යස්ථාන දිනපතා විවෘතව තැබීමට අපට නොහැකියි. මෙම පිරිසට එන්නත් ලබාදීය පසුගිය සතියේ දී අවසන් කිරීමට නියමිතව තිබුණා.  ඒ නිසා 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන මේ සතිය තුළදී අවසන් කිරීමට අවශ්‍යයි. එබැවින් මේ දක්වා එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙම සතිය තුළදී එන්නත් ලබා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා‘ යැයි රාජ්‍ය ඇමතිවරයා පැවසීය.