Blog

  • බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අනුව, හෙට (07) දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතව ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

  • ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    “ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

    “පොහොර ලබා දෙන ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් ගණනාවක් මේ වන විට ආණ්ඩු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. දැන් ඊට අමතරව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාත්න, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන්, ගල්ඒදණ්ඩ විජිතාරාමයේ විහාරාධිපති වීරකැටියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙනවා. මෙම මර්දනීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ වනවිට රට පුරා සියලු ජන කණ්ඩයම්වල විරෝධයක් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්වවිද්‍යාල දුවා දරුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත්වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා. මේ උද්ඝෝෂණ පැන නගින්නේ හුදෙකලාව නෙමෙයි. ආණ්ඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම නිසයි. මේ වන විට මෙම උද්ඝෝෂණයන්හි මධ්‍යස්ථානයන් වී තිබෙන්නේ ගොවි ජනපදයි. පහුගිය කාලය පුරාවටම එප්පාවල, අනුරාධපුරය, වැලිමඩ, ඇඹිලිපිටිය ආදී ගොවි ජනපද ගණනාවක ආණ්ඩුවට විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

    ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ තමන්ගේ කෘෂිකර්මාන්තය කරගැනීමට අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබා දීමට ආණඩුව අසමත් වීම නිසයි. මෙය ගොවි ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ අර්තාපල් වගාවයි. බිම් සකස් කර, බීජ අල ගෙනැවිත් තිබෙන නමුත් ඒවා සිටුවීමට අවශ්‍ය යෙදවුම් ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේ එළවළු ගොවීන් තමන්ගේ බටු අස්වනු විනාශ කරමින් සිටිනවා. ඒ අවශ්‍ය වන කෘමිනාශක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු නොකළ නිසයි. ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ වගාවන් විනාශ වෙමින් යනවා. අස්වැන්න ප්‍රමාණවත් තරමින් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එළවළු අස්වනු පණුවන් විසින් විනාශ කරමින් තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතය සමග ගැටගැසුණු ප්‍රධානතම ආර්ථිකය තුළ ඔවුන් ව්‍යසනයකට මුහුණපා තිබෙනවා.

    ආණ්ඩුව රසායනික යෙදවුම් නතර කර කාබනික යෙදවුම්වලට මාරු වීමට තීරණයක් ගනු ලැබුවා. ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නැහැ. එසේ නම් ආණ්ඩුව කාබනික යෙදවුම් නිසි කලට නිසි ප්‍රමාණයට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ කිරීමට අසමත් වුණා. ගොවීන්ට තමන්ගේ වගාවන් ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනු දකින්නට සිදුවුණා. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය එයයි. තමන්ගේ ජීවිතයේ දහසකුත් එකක් වියදම් පියවා ගැනීම සඳහා ඔවුනට තිබෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම පමණයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනා පීඩාවට ලක්ව තිබෙනවා. තමන්ගේ ජීවනෝපාය තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබියෙදී ඔවුන් කළ යුත්තේ කුමක්ද?

    ඔවුන් පාරට බැස පළ කරන්නේ ඔවුන්ගේ කැකෑරෙන වේදනාවයි. එහෙම නැතුව ගෙදර ඇඳේ වකුටු වෙලා සිදු වන විනාශය නෑසූ කන් ඇතිව සිටීමට ඔවුනට නොහැකියි. ඔවුන් ඊට සූදානම් නැහැ. ඔවුනට හඬ නැගීමට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. ඒ පීඩාවට පත්වන ජනතාවගේ දුක් ගැනවිල්ලට අප විසින් ඇහුම්කන් දිය යුතුයි. ඒවාට විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙන්. එය අපේ අත්හළ නොහැකි වගකීමක්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සංවිධායක සමන්ත විද්‍යාරත්න සහෝදරයා නායත්වය දුන්නේ ඒ වගකීම වෙනුවෙන්. ඔහු ඊට මැදිහත්වීම වැරදිද? ඒ වගේම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පිහිටුවා තිබෙන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට නායකත්වය දෙන නාමල් කරුණාරත්න සහෝදරයා සිටිනවා. ඔහු එම උද්ඝෝෂණයන්ට මැදිහත්වීම වැරදි වෙන්නේ කොහොමද? පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමේ ජනතාවට සිදුවී තිබෙන මේ අසාධාරණය දකිනවා. උන් වහන්සේ පෙරට එන්නේ ඒ නිසයි. දැන් ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම සඳහා උත්සාහ දරනවා. ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් අපි කියන්නේ ඔවුන් හිතනවානම් තමන්ට සුපුරුදු මර්දනීය ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ සාධාරණ විරෝධතා යටපත් කරන්න, ඒක ජනාධිපතිවරයා දකින දවල් හීනයක් විතරයි. මේ උද්ඝෝෂණ නතර කළ හැක්කේ මේ පීඩාවන්ට විසඳුම් ලබා දීමෙන් පමණයි.

    ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.

    මේ උද්ඝෝෂණවලට මැදිහත් වූ කිසිවෙක් තමන්ගේ පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් මැදිහත් වූවන් නෙමෙයි. ඔවුන් මැදිහත් වුණේ පොදු ජනතාවගේ සාධාරණ වුවමනාකම් දිනාගන්නයි. 2005-2015 කාලයේ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. රතුපස්වලදී, වැලිසරදී, හලාවතදී එය අපි දැක්කා. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී තමන්ගේ බැටෑලින් යොදවා සාමකාමී උද්ඝෝෂණකරුවන් ඝාතනය කළා. ආණ්ඩුවේ කරුණු එළිදරව් කළ මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතපය කැඩුවා. සමහරුන් ඝාතනය කළා. එවැනි කළු ඉතිහාසයක් මේ පාලකයින්ට තිබෙනවා. මේ උත්සාහ දරමින් සිටින්නේ ඒ කළු ඉතිහාසයට පණපොවන්නනම් ගෝඨාභය ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ එම සූදානම වහා හකුළා ගත යුතුයි. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔබේ හඬ අවදි කරන ලෙසයි. ඊට එරෙහිව පෙරට එන ලෙසයි.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “මා ජනාධිපතිවරයාට කියනවා දැන් පුළුවන්නම් ඔබ ගම සමඟ පිළිසඳර කරන්න කියලා. බොරලන්දට, එප්පාවලට, ඇඹිලිපිටියට, ගොවිජනපදවලට ගිහින් ගම සමඟ පිළිසඳර කරන්න. තමන් තෝරාගන්නා ලද පිරිසක් සමඟ කරන නාඩගම වෙනුවට ඇත්ත ගොවියන් සමඟ ඒක කරන්න. එතකොට ජනාධිපතිවරයාට තේරුම් ගන්න පුළුවන්වෙවි ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. ඔව් අපි පක්ෂයක් හැටියට ගොවිජනතාව පත්වී තිබෙන අසීරුතාවයන්ට එරෙහිව නැගෙන විරෝධයට නායකත්වය දෙනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා බලකරනවා. ඇයි ඒ? දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා එම ජනතාවගේ පීඩාවට එරෙහිව මැදිහත් වෙන්න. ගොවිජනතාව පෝස්ටරයක් ඇඳල දෙන්න කිව්වොත් අපි ඇඳල දෙනවා. පෝස්ටර් ගහල දෙන්න කිව්වොත් ඒක කරනවා. අපි ඔවුන් සමඟ උද්ඝෝෂණ කරනවා. මොකක්ද ඒකේ තියෙන වරද? පීඩාවට ලක්වෙන ජනතාව සමඟ වැඩ කරන එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය. නමුත් මෙය අපේ පක්ෂයේ සාමාජිකයින් පමණක් මුහුණ දී තිබෙන පීඩාවක් පමණක් නෙවෙයි. ආණ්ඩුව මේක පක්ෂයකට ලඝු කරන්න උත්සහ කරාට මේක තමයි ඇත්ත පොදු ජනතාවගේ පීඩාව.

    ආණ්ඩුවේ තර්කයට අනුව පොහොර සමාගම්වලින් ලොකුම කප්පම අරන් තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ. මොකද ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොහොර නොමිලයේ දෙනවා කිව්වා. ඒ නිසා ජවිපෙ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක ලාබම ප්‍රතිඋත්තර බැඳීමක්. විකාර කතාවක්. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වේ පොහොර සහනාධාරය වැඩි කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩු බීජ සම්පත විනාශ කරනකොට රසායනික යෙදවුම්වලින් අපේ පස විනාශ කරනවිට අපේ රටේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන අදහස් ප්‍රකාශ කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජවිපෙ. අපි පෙනී ඉන්නේ රසායනික යෙදවුම්වල ප්‍රතිශතය අඩුකරමින් කාබනික යෙදවුම් ප්‍රතිශතය වැඩිකිරීමේ ප්‍රතිපත්තියට. හැමදාමත් කොම්පැනිකාරයින්ගේ වුවමනාවට ප්‍රතිපත්ති හැදුවේ මේ ආණ්ඩු. කොම්පැනිකාරයින්ගේ අල්ලේ නැට වුනේ ඒ දේශපාලන ව්‍යාපාර. ඒ නිසා අපිට එම චෝදනා කිරීම තරම් බංකොළොත්කමක් තව නැහැ.

    මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් ලෙසින්. නමුත් මෙම පාලනය දිනපතා ඔප්පු කරමින් ඉන්නවා ඔවුන් මොනතරම් වංචනික ලෙස සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය හොරාකෑවද කියලා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට පංසල දෙවැනි තැනට දාලා සම්බාහන මධ්‍යස්ථානය පළමු තැනට එන්නේ. බාර් එක මුල් තැනට එන්නේ. කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේ සිට මේ ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග එක පැත්තනින් දුර්වලයි; අනෙක් පැත්තෙන් පරස්පරයි; අනෙක් පැත්තෙන් අසාර්ථකයි. ඒ වගේම ගත් තීන්දු අතහැරලා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ලෝකයේ ඕනෑම තැනක කොවිඩ් අලුත් ප්‍රභේදයක් හැදුනොත් සතියක් දෙකක් ඇතුළත එය ලංකාවෙන් හමුවෙනවා. ඒ නිසා අපිට පේන දේ තමයි ආණ්ඩුව කොවිඩ් මර්දනය අත්හැරලා වෙන වෙන දේවල් ගැන හිතමින් ඉන්න බවයි. මේ ආණ්ඩුව කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් දක්වන අවධානය අතිශය දුර්වලයි වගේම අතිශය විනාශකාරී මගකට පාර කපමින් තිබෙනවා.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ පසු ඊට එරෙහි අවි අමෝරාගත් ප්‍රධාන කණ්ඩායම වුනේ මේ ආණ්ඩුවේ කණ්ඩායමයි. ඒ අය කිව්වේ කේපී ගෙනාවා වගේ මහබැංකු හොරු කුදලගෙන එනවා කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවේ අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට්නෝට් දමමින් අර්ජුන මහේන්ද්‍රන්ලා, අලෝසියස්ලා, රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා මහබැංකු හොරුන්ගේ සතුරා බවට පත්වෙලා හිටියේ රාජපක්ෂ කණ්ඩායම. මිතුරන් වුනේ රනිල් වික්‍රමසිංහලා. අද අර්ජුන මහේන්ද්‍රන්ලාගේ, ඇලෝසියස්ලාගේ මිතුරන් බවට රාජපක්ෂලා පත්වෙලා. ඒ නිසා තමයි අද ඔවුන්ගේ සීල් තබන ලද අරක්කු ව්‍යාපාරවලට බදු සහන ලබාදෙන්නේ. ඒ විතරක් නෙවෙයි කෝටි 150ක් බදු ආණ්ඩුවට අහිමි කරගෙන සීල් තබන ලද මෙන්ඩිස් සමාගමට නැවත බිස්නස් එකට අවසර දෙනවා. ඒ නිසා රාජපක්ෂලා හැමවෙලාවෙම දූෂිතයින්ගේ මිතුරෝ. දූෂිතයින්ගේ ආරක්ෂකයෝ.”

  • ‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්

    ‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්

    අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෛ්ස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

    වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව ද අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය.

    මහේස්ත්‍රාත්වරියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවයි.

    15 වියැති බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය ඒ බව පෙන්වා දුන්නාය.

    ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවත් මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවයි.

    බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුට හා මූල්‍ය කළමනාකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද කීවාය. ඒ අනුව සැකකරුවන් විමර්ශන කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළාය.

    එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ගණිකා වෘත්තිය සඳහා යෙදවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

  • ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි

    ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි

    ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත්  මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය.

    ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකි බවයි ජනපතිවරයා සදහන් කළේ.

    එමඟින් විවෘත ආර්ථිකය සමඟ කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නඟා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා ‍දුන්නේය.

    ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදාහැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණයක් ලෙස සමූපකාරය ක්‍රියාකරයි. පොදු ජන හිතකාමී ආණ්ඩුවක් පැවති සෑම අවස්ථාවකදීම මෙරට සමූපකාර ව්‍යාපාරය ද ශක්තිමත්ව පැවතිණ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම තුළ සමූපකාරය ශක්තිමත් කිරීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පැවසීය.

    රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක්

    කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට සහ ඩොලර්ශ්‍ 5000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භානුකට නියම කර ඇත්තේ අත්හිටුවූ තහනමක් නිසා ඔහුට ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසන්නේ

  • පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

    පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

    මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කරන ලදී.

    මේ අනුව හෙට දිනයේ ( 06) පාර්ලිමේන්තුව පෙ.ව 10.00 රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයක් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයන්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩිකිරීමට අදාළ යෝජනාවක්ද   විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

    අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    ඉන්පසු දිනය වන ජූලි 07 වනදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2 ක්ද  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය. මේ අතර එදින ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    ජූලි 08 වන දින පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත , ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත, ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති  නියෝග විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    මේ අතර ජූලි 09 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා  පැවැත්වීමට මෙහිදී තීරණය විය.

    තවද පාර්ලිමේන්තුව රැස්වන දින හතරෙහිදීම  පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කොට ඇති අතර සිකුරාදා (09) හැර අන් දින තුනේදීම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කාලය වෙන් කර ඇත.

  • බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්

    බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වෙබ් අඩවි කිහිපයක් අද (05) වාර්තා කළා.

    බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම පිණිස ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වන අතර එසේ ඉවත් වන පුද්ගලයාට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරය හිමිවන බවයි එකී වාර්තා සදහන් කරන්නේ.

    මීට පෙර අප ද ඇතුළු වෙබ් අඩවි සහ ජාතික මාධ්‍ය බැසිල් රාජපක්ෂ මහතා 06 වැනිදා දිවුරුම් දෙන බව ප්‍රකාශ කිරීමත් විශේෂත්වයක්.

    බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන සමාජමාධ්‍ය වල දැඩි විවේචනයක් පවතින අතර මේ සම්බන්ධ පුවත් පළ වන සෑම අවස්ථාවකම එය දැඩිව විවේචනය වීම සුලභ සිද්ධියක් බවට පත්ව ඇත. සමාජමාධ්‍ය පරිශීලකයින් බහුතරයක් පවසන්නේ රාජපක්ෂ පවුලට තව දුරටත් රට දියුණු කිරීමට හැකියාවක් හෝ දැක්මක් නොමැති බවයි.

  • පොහොට්ටුවේ ස්ථාවරය කුමක් වුවත් ‘විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බෑ‘

    පොහොට්ටුවේ ස්ථාවරය කුමක් වුවත් ‘විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බෑ‘

    මෑතදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොවූවත් විපක්ෂයට බොරදියේ මාළු බෑමට ඉඩදිය නොහැකි බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

    69 ලක්ෂයක ජනතාවගේ සහය ඇතිව පිහිටුවන ලද රජය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව ඔහු අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    ඉන්ධන මිල ඉහළ නැංවීම වැළැක්වීමට කටයුතු කිරීමට විෂය අමාත්‍යවරයා අපොහොසත් වීමට එරෙහිව පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කළ කිරියාවසම් මහතා, ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මුලින් දැරූ ස්ථාවරය දිගටම පවත්වා ගෙන යන බව පැවසීය.

    “පක්ෂයක් වශයෙන් අපට අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා. මම පක්ෂයේ ස්ථාවරය ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කළා. ඒ විපක්ෂයට අනවශ්‍ය වාසි ලබා ගැනීම සඳහා නොවෙයි. විපක්ෂය විසින් උගුලට හසු වීමට අප සූදානම් නැහැ. බොරදියේ මාළු බෑමට අපි විපක්ෂයට ඉඩ දෙන්නේ නැහැ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ රජයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බලශක්ති ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද කාරියවසම් මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

  • ‘ෆයිසර් එන්නත: ජනපති ගෝඨාභයට යළිත් වැරදුණාද ?

    ‘ෆයිසර් එන්නත: ජනපති ගෝඨාභයට යළිත් වැරදුණාද ?

    ‘ෆයිසර් එන්නත ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව‘ යනුවෙන් අද (05) දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමේ පණිවුඩයක සදහන් වූ පුවත ‘සාවද්‍ය‘ බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

    එම වාර්තාවේ මෙසේ සදහන් වේ. ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමේ ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවේ. යුනිසෙෆ් සංවිධානයට අනුව මාලදිවයිනේ මහජනතාවට ලබා දුන් COVAX පහසුකම හරහා මාර්තු 25 වන දින මාලදිවයිනට ෆයිසර් එන්නත මාත්‍රා 5,850 ක් ලැබුණි. මෙමඟින් දකුණු ආසියාවේ ෆයිසර් ලබාගත් පළමු රට මාලදිවයින බවට පත්වේ.  මැයි 31 වන දින දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් දෙවන රට බවට බංග්ලාදේශය පත්විය. ෆයිසර් ලබාගත් දකුණු ආසියාවේ තුන්වන රට ශ්‍රී ලංකාවයි. ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමට නිකුත් කළ ට්වීට් එක මඳ වේලාවකට පෙර මකා දමා ඇත. (ජමිලා හුසේන්)

  • ‘දෑවැද්ද ගැන‘ ලෝක බැංකුව හෙළිකළ ‘සුපිරි රහස‘

    ‘දෑවැද්ද ගැන‘ ලෝක බැංකුව හෙළිකළ ‘සුපිරි රහස‘

    කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා ආදරයෙන් ජීවත් වෙන්න තමයි පෙම්වතුන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. එහෙම හිතන පතන අයට වටින්නේ පෙම්වතියගේ ආදරය පමණයි ! ඒත් සැබෑ ලෝකයේ ආදරය කියන තරම් සුන්දර හෝ සරල නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආදරය විවාහයකට පරිවර්තනය කර ගැනීම හිතන පතන තරම් පහසු නැහැ.

    අපි මේ කියන්න යන්නේ අපට ඒ තරම් අදාළ නැතැයි කියලා හිතුණත් ඇත්තටම අපටත් අදාළ කරුණක් ගැන කතාවක්. මාතෘකාව ‘දෑවැද්ද‘. ස්ථානය ඉන්දියාව. කාලය වර්තමානය. ගැටලුව ‘මනුෂ්‍යත්වය‘ !

    දෑවැද්ද ඉල්ලීම නීතියෙන් තහනම් වුව ද පසුගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ ගම්මානවල දෑවැදි ගෙවීම් තව දුරටත් 95%ක් වැනි අති විශාල ප්‍රතිශතයකින් සිදුවන බව ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. 1960 සිට 2008 දක්වා කාලය තුළ ග්‍රාමීය ඉන්දියාවේ සිදු වූ විවාහ 40,000 ක් පිළිබඳව පර්යේෂකයන් සොයා බැලීමෙන් පසුව තමයි මේ නිගමනයට පැමිණ තිබෙන්නේ.

    1961 දී ඉන්දිය රජය විසින් දෑවැද්ද ඉල්ලා සිටීම නීති විරෝධි කළා. නමුත් එදා සිට අද දක්වා ම ඉන්දියාවේ සිදුවන විවාහ වලින් 95% ක් සඳහා දෑවැද්ද ගෙවා ඇති බව ඔවුහු සොයා ගෙන තිබෙනවා.

    බොහෝ විට ‘සමාජ නපුරක්‘ ලෙස විස්තර කෙරෙන මෙම පුරුද්ද අඛණ්ඩව වර්ධනය වන අතර ගෘහස්ථ හිංසනයට හා මරණයට පවා කාන්තාවන් ගොදුරු වෙනවා.

    දෑවැද්ද ගෙවීම සහ භාර ගැනීම දකුණු ආසියාවේ සියවස් ගණනක් පැරණි සම්ප්‍රදායක් වන අතර මනාලියගේ දෙමව්පියන් මනාලයාගේ පවුලට මුදල්, ඇඳුම් හා ස්වර්ණාභරණ තෑගි කරනවා.

    මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 96%ක් ජීවත් වන ඉන්දියානු ප්‍රාන්ත 17ක දෑවැදි දත්ත මත යි. පර්යේෂකයින් ග්‍රාමීය ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කළේ ඉන්දියානුවන් බහුතරයක් දිගටම ගම්වල ජීවත් වන නිසයි.

    ආර්ථික විද්‍යාඥයින් වන එස් අනුක්‍රිති, නිෂිත් ප්‍රකාශ් සහ සුන්ගෝ ක්වොන් විවාහ වූ අවස්ථාවේ දී ලැබුණු හෝ ලබා දුන් තෑගි වල වටිනාකම පිළිබද තොරතුරු භාවිතා කර තිබෙනවා.

    ඔවුන් “ශුද්ධ දෑවැද්ද” ගණනය කළේ මනාලියගේ පවුලේ අය මනාලයාට හෝ ඔහුගේ පවුලට සහ මනාලයාගේ පවුල විසින් මනාලියගේ පවුලට ලබා දුන් තෑගි වල වටිනාකම අතර වෙනස මතයි. මනාලයාගේ පවුල මනාලියගේ පවුලට ඉතා සුළු මුදල් හා තෑගි ප්‍රමාණයක් ගෙව තිබෙනවා.

    සාමාන්‍ය ශුද්ධ දෑවැද්ද කාලයාගේ ඇවෑමෙන් “කැපී පෙනෙන ලෙස ස්ථාවර” වී ඇති බව ඔවුන් සොයා ගත් අතර 1975 ට පෙර සහ 2000 ට පසුව යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

    මනාලියගේ පවුල මනාලියගේ පවුලට තෑගි වශයෙන් සාමාන්‍යයෙන් රුපියල් 5,000ක් වැය කරන බව පර්යේෂකයෝ සොයා ගෙන තිබෙනවා. නමුත් මනාලියගේ පවුලේ අයගෙන් ලද තෑගිවල වටිනාකම රුපියල් 32,000ක් පමණ වෙනවා. එය 700%ක වෙනසක්. මෙයින් ගම්‍ය වන්නේ සාමාන්‍ය සැබෑ ශුද්ධ දෑවැද්ද රුපියල් 27,000ක් බවයි !

    දෑවැද්ද ගෘහස්ථ ඉතිරිකිරීම් සහ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනවා. 2007 දී ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය ශුද්ධ දෑවැද්ද වාර්ෂික කුටුම්භ ආදායමෙන් 14% ට සමාන වී තිබෙනවා.

    “ආදායමේ කොටසක් ලෙස, දෑවැද්ද කාලයත් සමඟ පහත වැටී ඇත්තේ ඉන්දියාවේ සාමාන්‍ය ග්‍රාමීය ආදායම ඉහළ ගොස් ඇති නිසා” යැයි ලෝක බැංකු පර්යේෂණ කණ්ඩායමේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය අනුක්‍රිති පැවසුවා.

    “නමුත් මෙය සාමාන්‍ය හිමිකම් පෑමක් පමණයි. සෑම ගෘහයකම ගෘහ ආදායමට සාපේක්ෂව දෑවැද්ද කොතරම් විශාලද යන්න ගණනය කිරීම සඳහා අපට ගෘහස්ථ ආදායම හෝ වියදම් පිළිබඳ දත්ත අවශ්‍යයි. නමුත් අවාසනාවකට අපට එවැනි දත්ත නැහැ”ෙ

    ඉන්දියාවේ විවාහය

    • ඉන්දියාවේ සෑම විවාහයක්ම පාහේ ඒකාකාරී ය
    • දික්කසාද අනුපාතය 1%ක් වැනි පහළම අගයකි.
    • මනාලිය / මනාලයා තෝරා ගැනීමේදී දෙමාපියන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි – 1960 සහ 2005 අතර විවාහ වලින් 90%කට වඩා, දෙමව්පියන් විසින් කලත්‍රයා තෝරා ගත්හ
    • යුවළයන්ගෙන් 90% කට වඩා විවාහයෙන් පසු සැමියාගේ පවුල සමඟ ජීවත් වේ
    • කාන්තාවන්ගෙන් 85% කට වඩා වැඩි ප්‍රමාණයක් තම ගමෙන් පිටත කෙනෙකු විවාහ කර ගනී
    • විවාහ වලින් 78.3% ක් එකම දිස්ත්‍රික්කයක් තුළ වේ

    මූලාශ්‍රය: විවාහ වෙළඳපොල සහ ඉන්දියාවේ දෑවැදි නැගීම – ගෞරව් චිප්ලුන්කර් සහ ජෙෆ්රි වීවර් විසිනි

    2008 සිට මේ දක්වා ඉන්දියාවේ බොහෝ වෙනස්කම් සිදුවී තිබෙනවා. “විවාහ වෙලඳපොළවල්, නීති, පිරිමින්ගේ හා කාන්තාවන්ගේ මානව ප්‍රාග්ධනය සහ කාන්තා ශ්‍රම වෙළඳපොළ ප්‍රතිඵල වල කිසිදු කැපී පෙනෙන වෙනසක් හෝ ව්‍යුහාත්මක බිඳවැටීමක්” නොතිබීම නිසා දෑවැදි ගෙවීමේ ප්‍රවණතා හෝ රටාවන් ද නොවෙනස්ව පවතින බව පර්යේෂකයෝ පවසනවා

    ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගමික කණ්ඩායම්වල පවුල් අතර දෑවැද්ද ඉල්ලීම හා ලබාදීම බහුලව සිදුවන බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා. කිතුනුවන් සහ සීක්වරු අතර දෑවැද්දෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය හින්දු සහ මුස්ලිම්වරුන්ට වඩා සාමාන්‍ය දෑවැද්දකට හේතු වී තිබෙනවා.

    තවත් සිත්ගන්නා කරුණක් වූයේ කාලයත් සමඟ ප්‍රාන්තවල සැලකිය යුතු වෙනස්කම් ඇති වීමයි. දකුණු කේරළ ප්‍රාන්තය 1970 දශකයේ සිට “දැඩි හා අඛණ්ඩ දෑවැදි ඉහළ යාමක්” පෙන්නුම් කළ අතර මෑත වසරවලදී එහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා. හර්යානා, පන්ජාබ් සහ ගුජරාට් වැනි අනෙකුත් ප්‍රාන්ත ද දෑවැද්ද ඉල්ලීමේ වර්ධනයක් වාර්තාකර තිබෙනවා. අනෙක් අතට, ඔඩීෂා (කලින් ඔරිස්සා), බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල සාමාන්‍ය දෑවැද්ද අඩු වීමක් නිරීක්ෂණය වී තිබෙනවා‍ෙ

    “මෙම වෙනස්කම් පිළිබඳව අපට නිශ්චිත පිළිතුරු නැහැ. ඉදිරි පර්යේෂණ වලදී මෙම ප්‍රශ්නය ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ආචාර්ය අනුක්‍රිති පැවසුවා.

    පසුගිය ජනවාරියේ ප්‍රකාශයට පත් කරන ලද  පර්යේෂණ වාර්තාව සම්පාදනයට ආර්ථික විද්‍යාඥයින් වන ගෞරව් චිප්ලුන්කර් සහ ජෙෆ්රි වීවර් පසුගිය ශතවර්ෂය තුළ ඉන්දියාවේ විවාහ 74,000 කට වැඩි සංඛ්‍යාවක දත්ත භාවිතා කර තිබෙනවා.

    1930 සිට 1975 දක්වා දෑවැදි ගෙවීම් ඇතුළු ඉන්දියානු විවාහවල අනුපාතය දෙගුණයක් වූ අතර දෑවැදි ගෙවීම්වල සාමාන්‍ය වටිනාකම තුන් ගුණයකින් වැඩි වූ බව පර්යේෂකයෝ සොයා ගෙන තිබෙනවා. නමුත් 1975 න් පසු සාමාන්‍ය දෑවැදි ප්‍රමාණය අඩුවී තිබෙනවා.

    1950 සිට 1999 දක්වා කාලය තුළ ඉන්දියාවේ දෑවැදි ගෙවීම්වල මුළු වටිනාකම ඩොලර් ට්‍රිලියන 4/1ක් බව ඔවුහු ගණන් බලා තිබෙනවා.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘කාම සූත්‍රය ගැන‘ සුපිරි හෙළිදරව්වක් !

    ‘කාම සූත්‍රය ගැන‘ සුපිරි හෙළිදරව්වක් !

    ලෝකයේ පැරණිතම කාමුක ආදර ග්‍රන්ථය ඉන්දියාවේ පොහොසත් උරුමයේ සාහිත්‍යමය සලකුණක් ලෙස මුදවා නිසි තැන ලබා දිය යුතුද?‘‘ චිකාගෝ විශ්ව විද්‍යාලයේ උගන්වන හා හින්දු ආගම පිළිබඳ පොත් දුසිම් භාගයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති ඇමරිකානු ඉන්දියානු විද්‍යාඥ වෙන්ඩි ඩොනිගර් නම් එය එසේ විය යුතු යැයි විශ්වාස කරයි.

    නමුත් ඇයි? වත්ස්‍යාන නම් දාර්ශනිකයා විසින් පුරාණ ඉන්දියාවේ සාහිත්‍ය භාෂාව වන සංස්කෘත භාෂාවෙන් ලියන ලද ‘කාම සූත්‍රය‘ ආදරය හා ලිංගිකත්වය පිළිබඳ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ග්‍රන්ථය විය හැකිය.

    ගූගල් හි කාම සූත්‍රය පිළිබද විස්තර සොයන්නෙකුට තත්පර 14 කදී ප්‍රතිඵල මිලියන 14 කට වඩා ලබා දෙයි. කාම සූත්‍ර කොන්ඩම්, සෙල්ලම් බඩු, අත් ඔරලෝසු, යෙදුම්, චොකලට්, රූපවාහිනී කතා මාලාවක් සහ චිත්‍රපට ලක්ෂ ගණනක් ඒ අතර තිබේ. කොස්මොපොලිටන් සඟරාව . Cosmopolitan magazine විසින් කොස්මෝ කම සූත්‍රය ප්‍රකාශයට පත් කරමින් “නවතම මෙට්ට-කම්පන ලිංගික මෝස්තර 12 ක්” ඉදිරිපත් කළේය.

    කාම සූත්‍රයේ පරිවර්තනයක් කර ඇති Wendy Doniger නම් ලේඛිකාව පවසන්නේ තම පරිවර්තනය ‘එය කාම සූත්‍රය නම් ග්‍රන්ථය ගැන බොහෝ දෙනා දරන වැරදි වටහා ගැනීම් නිරවුල් කිරීමට සහායක් ලබා දෙනු ඇති බව‘යි. “

    “ඔවුන් සිතන්නේ එය ලිංගික ස්ථාන පිළිබඳ කතා කරන මෝඩ පොතක් හෝ ලිංගික ස්ථාන පිළිබඳ හදුන්වා දෙන අපිරිසිදු පොතක් බවයි. එය කියවීමට ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා” ඩොනිගර් පවසයි.

    “එය ඉතා ශිෂ්ඨ සම්පන්න ලෝකයක පුරුෂයින් හා ස්ත්‍රීන් අතර ඇති සියුම් අන්තර්ක්‍රියා පිළිබඳ සිත්ගන්නාසුලු පොතක් බවත්, එය ගැඹුරු මානසික නිරීක්ෂණවලින් පිරී ඇති බවත්, විවාහ වන ආකාරය, විවාහ වී සිටින ආකාරය පිළිබඳ ඉතා හොඳ උපදෙස් ඇති බවත් එය කියවන ජනතාව දැන ගැනීමට මට අවශ්‍යයි‘ ඩෙනිගර් යළිත් පවසයි.

    ‘‘ඔව්, කාමමිථ්‍යාචාරය කරන්නේ කෙසේද ? කියා ඔවුන් නිවැරදිව දැනගත යුතුයි !

    එහි ප්‍රතිඵලය වන්නේ ඩොනිගර්ගේ ජනප්‍රියම නව ග්‍රන්ථය වන The Mare’s Trapය. එය කාම සූත්‍රයේ සාම්ප්‍රදායික අවබෝධය ලිංගිකත්වය හා ලිංගිකත්වය පිළිබඳ කුකී පොතක් ලෙස වෙනස් කිරීමට උත්සාහ කරයි.

    ඇය පවසන පරිදි, කාම සූත්‍රය නවීන හා ධෛර්ය සම්පන්න පාඨයක් වන අතර එය කාන්තාවන්ට යම් ආකාරයක ලිංගික නිදහසක් උපකල්පනය කරන අතර එය වර්තමාන පාරිශුද්ධ වාරණයන්හි අනවසරයෙන් ඉහළ යනු ඇත.

    ඇතැම් විචාරකයින්ට අනුව ‘කාම සූත්‍ර කර්තෘ වට්සයානා (Vatsyayana)  ප්‍රජනනය සඳහා ලිංගිකත්වය පිළිබඳ අදහස නොසලකා හරින අතර විනෝදය සඳහා වන ලිංගික ඉලක්කය ගැන පමණක් සැලකිලිමත් වේ‘‘

    එක්තරා ආකාරයකින් ඔහු සශ්‍රීකත්වය පිළිබඳ ධර්මය (හින්දු භක්තිකයෙකුගේ සදාචාරාත්මක යුතුකම් හා වගකීම්) අභියෝගයට ලක් කරයි. සාරවත් කාල පරිච්ඡේදයේදී (fertile period) තම බිරිඳ සමඟ ලිංගිකව හැසිරීම පුරුෂයාගේ යුතුකමක් බව පුරාණ හින්දු ග්‍රන්ථයක් වන මනුස්මරිතිය පවසයි.

    කම් සූත්‍රය
    කාන්තා ඉන්ද්‍රියයට පක්ෂව වට්සයානාගේ තර්ක “මෑතක් වන තුරුම යුරෝපයේ පැවති මතයන්ට වඩා සියුම් ය.”

    කාම සූත්‍රය තුළ කාමමිථ්‍යාචාරය පිළිබඳ විනිශ්චය අඩු බව ඩොනිගර් කියයි.

    ‘‘වට්සයානා ඇත්ත වශයෙන්ම මුළු පරිච්ඡේදයක්ම කැප කරන්නේ “කාමමිථ්‍යාචාරය කිරීමට කැමති මිනිසාට උග්‍ර උපදෙස් ලබා දෙමිනුයි. අනෙක් මිනිසුන්ගේ භාර්යාවන් සමඟ නිදා ගත හැකි උපායමාර්ග සිය ගණනක් ඔහු විස්තර කරනවා. ඒ අතරම ඔහු පුරුෂයින්ට එය නොකරන ලෙස අනතුරු අඟවා ඔවුන්ගේ භාර්යාවන් ආරක්ෂා කිරීම පිළිබඳව උපදෙස් දෙමින් ගැටුම් ඇති කරනවා‘‘

    කාන්තාවන්ගේ “ගෘහ අරමුදල් සඳහා ප්‍රවේශය, දික්කසාදය සහ වැන්දඹුව නැවත විවාහ වීම” පිළිබඳව මනුස්මිතිට වඩා කාම සූත්‍රය “විවෘත මනසක්” ඇති බව ඩොනිගර් පවසයි. ගෘහ මූල්‍යය පවත්වාගෙන යාමේදී කාම සූත්‍රයේ බිරිඳට දී ඇති පරම බලය, භාර්යාවකට “වියදම් කිරීමේදී ඕනෑවට වඩා නිදහස් අතක් නොතිබිය යුතුය” යන මනුස්මිතිගේ ප්‍රකාශයට වඩා වෙනස් ය.

    එසේම, ඇය තර්ක කරන්නේ, ස්ත්‍රී ඉන්ද්‍රියයට පක්ෂව වට්සයානාගේ තර්ක “මෑතක් වන තුරුම යුරෝපයේ පැවති මතයන්ට වඩා සියුම් බවයි”.

    තම ස්වාමිපුරුෂයා හැර වෙනත් පිරිමියෙකු සමඟ නිදා සිටින ඕනෑම කාන්තාවකට කුරිරු දඩුවම් ලබා දෙන ලෙස නිර්දේශ කරන පුරාණ ග්‍රන්ථවල සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යය කාම සූත්‍ර කතුවරයා ප්‍රතික්ෂේප කරයි. කාම සූත්‍රය, ප්‍රේම සම්බන්ධයක් අවසන් කිරීමේ ක්‍රම පිළිබඳ කාන්තාවන්ගේ චින්තනය පිළිබඳව සමානව තොරතුරු සපයන අතර, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පුදුම සහගත නවීන අදහස් හෙළි කරයි, සමලිංගිකත්වය පිළිබඳව සම්පූර්ණයෙන්ම විනිශ්චය නොකරන අතර ද්වි ලිංගිකත්වයට යොමු වන අදහස්ද ඇත.

    ‘පුදුම සහගත ලෙස නවීනය’

    “ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ කාම සූත්‍රයේ අදහස් අප දැනටමත් දැක ඇති පරිදි පුදුම සහගත ලෙස නවීන ය. එහි ස්ත්‍රී හා පුරුෂ ස්වභාවය පිළිබඳ ඒකාකෘති අනපේක්ෂිත ලෙස සියුම් ය,” ඩොනිගර් කියයි.

    “කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ ලිංගික නිදහස පිළිබඳ ආකල්ප සහ සමලිංගික ක්‍රියාවන් පිළිබඳ විනිශ්චය නොකරන අදහස්, පුරාණ ඉන්දියාවේ වෙනත් ග්‍රන්ථ වලට වඩා කැපී පෙනෙන ලෙස ලිබරල් වේ”

    කාමා සූත්‍රය යනු කාමුක ප්‍රේමයේ ස්ත්‍රීවාදී ග්‍රන්ථයක්ද?

    “මම එය ස්ත්‍රීවාදී පොතක් ලෙස දැඩිව කියන්නේ නැහැ. එහි මූලික අරමුණ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තර්ක කිරීම නොවෙයි. එහි වැඩි හරියක් පිරිමින්ට ආමන්ත්‍රණය කරනුයේ කාන්තාවන් හැසිරවිය හැකි ක්‍රම පිළිබඳව උපදෙස් ලබා දෙමිනුයි. නමුත් ස්ත්‍රීවාදීන්ට කාන්තාවන්ගේ සමානාත්මතාවය, ලිංගික සතුට සඳහා ඔවුන් දක්වන සමාන ප්‍රකාශය, කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට ඇති අයිතිය සහ ඇයගේ අභිලාෂයන් හා කුසලතාවන්ට අනුකූල වීම සහ තවත් බොහෝ දේ සඳහා එය ප්‍රයෝජනවත් වෙනවා.” ඩොනිගර් කියයි.

    මුම්බායි ජෝඩු
    ඩොනිගර් පවසන්නේ කාම සූත්‍රය වත්මන් ලෝකයට ද එකසේ අදාළ බවයි.

    ඩොනිගර් විශ්වාස කරන්නේ මෙම “විශ්මය ජනක නවීන පොත‘ වත්මන් යුගයට ද එකසේ අදාළ බවයි.

    “මූලික මනෝ විද්‍යාව නැවත නැවතත් සත්‍යයට පහර දෙන අතර, ලිංගික ආවේගයන්ගේ අඳුරු පැත්ත පාලනය කරන්නේ කෙසේද සහ අපගේ ලිංගික හවුල්කරුවන්ගේ හැඟීම්වලට ගරු කරන්නේ කෙසේද යන්න අපට කියා දීමට අපේ ලෝකයේ ලිංගික හිංසනයේ මට්ටම මෙවැනි පොතක් ඉල්ලා සිටී. ස්ත්‍රී දූෂණයකදී බොහෝ විට ප්‍රකාශ වන පාලනයකින් තොර ලිංගිකත්වයට එරෙහිව එය මිනිසුන්ට අනතුරු අඟවයි.එහෙත් ඔව්, එය 21 වැනි සියවසට ඉතා අදාළ යැයි මට හැඟේ‘‘ ඩෙනිගාර් සිය අවසන් විනිශ්චය ලබා දෙමින් කියයි.

    බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න

    බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න

    බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි.

    “ආගම රකිනවා කිව්වා, ජාතිය රකිනවා කිව්වා, මුරදේවතාවුන් වෙච්ච මහා සංඝරත්නයට පහුගිය ආණ්ඩුව හිරිහැර කළා කිව්වා, හිරේ විලංගුවේ දැම්මා කිව්වා. ඒවා සියල්ලම අකාමකා දාලා නිවැරදි ගමණක මේ රට අරගෙන යනවා කිව්වා. අපි නන්දසේන මහත්තයාගෙන් අහන්න කැමතියි, ගොවියන්ට පොහොර ඉල්ලලා ගොවියන්ගෙන් දං වළඳන, ගොවියන්ගෙන් ගිලන්පස ටික වළඳන, ගොවිබිම්වල ඉන්න මහා සංඝරත්නය ගොවිය වෙනුවෙන් පාරට බහිනකොට අන්න වැළිමඩ බෝගහ කුඹුරේ පොලීසියේ ලියලා ගල්ඒදන්ඩේ නායක හාමුදුරුවොත් අත්අඩංගුවට ගන්න කියලා.

    බලය ගන්න ගොවියො පාවිච්චි කළා. බලය ගන්න ආගම පාවිච්චි කළා. බලය ගන්න භික්ෂූන් වහන්සේලා පාවිච්චි කළා. දැන් ඒ සියල්ල අමතක කරලා රට ඩෝසර් කරන් යන ගමනක යන්න හදනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේ සටන අපි අවසන් කරන්නේ අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරල මිසක ආපස්සට අඩිය තියන්න අපිනම් සූදානම් නැහැ. හිරගෙවල් එකක දෙකක නෙවෙයි දාහක යැව්වත් මේ ගමන නවතින්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ගොවිජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න. කාක පිහාටු එල්ලීම්වලින් මේ ගමන් නවත්වන්න බැහැ.” යැයිද ඔහු එහිදී සඳහන් කරයි.

    සම්පූර්ණ වීඩියෝව පහතින්

    https://www.facebook.com/574466252642666/videos/349273670044220/?so=watchlist&rv=video_home_www_playlist_video_list

  • එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !

    එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !

    එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

    මේ අතර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එජාප නායකයා විසින් මීට පෙර ද මෙවැනි කමිටු කිහිපයක් පත්කළ බවයි. ඒ අනුව එන්.ජී.පී. පණ්ඩිතරත්න කමිටුව, පිටිපන කමිටුව, මනෝ – මලික් කමිටුව, කරු ජයසුරිය ප්‍රමුඛ නායකත්වය මණ්ඩලය සහ රුවන් විජේවර්ධන කමිටුව යනුවෙන් කමිටු කිහිපයක් පත් කිරීමටත් මීට පෙර එජාප නායකයා පියවර ගත් බව ඔවුහු පෙන්වා දෙති.

    ‘මේ කිසිම කමිටුවක යෝජනාවක් එජාප නායකයා විසින් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵල අපි පසුගිය මහ මැතිවරණයේදී දැක්කා. ඒ නිසා දැන් පත්කර ඇති අලුත් කමිටුවත් කිසිවක් කරයි කියලා අපට විශ්වාසයක් නෑ“ එජාප ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

  • පළාත් සංචරණ සීමා දීර්ඝ කරයි – ‘කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ‘ යළි අලුත් වෙයි

    පළාත් සංචරණ සීමා දීර්ඝ කරයි – ‘කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ‘ යළි අලුත් වෙයි

    කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා 05 වැනි දින සිට තවත් සති දෙකක කාලයකට, එනම් ජූලි 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) නිකුත් කරන ලද අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය සම්පූර්ණයෙන් පහත පළ වේ.

  • අමීර් ඛාන් දික්කසාදය නිවේදනය කරයි

    අමීර් ඛාන් දික්කසාදය නිවේදනය කරයි

    සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. වසර 15ක යුග දිවියකින් පසු යුවළ දික්කසාද වන විට ඔවුන්ගේ එකම දරුවා, අසාද් ‘හවුලේ හදා වඩා ගන්නා බවයි‘ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

    අද (03) උදෑසන අමීර් සහ කිරාන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටියා.

    “මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන ඇති අතර අපගේ සම්බන්ධතාවය වර්ධනය වී ඇත්තේ විශ්වාසය, ගෞරවය සහ ආදරය මත පමණි. දැන් අපි අපේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කැමතියි. ඒ තවදුරටත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස නොව, එකිනෙකා සඳහා සම-දෙමාපියන් සහ පවුලේ අය ලෙසයි. අපි කලකට පෙර සැලසුම් සහගත වෙන්වීමක් ආරම්භ කළ අතර, දැන් මෙම විධිවිධානය විධිමත් කිරීම සිදුවේ. වෙනම ජීවත්වීම මගින් අපට අපගේ ජීවිත බෙදා ගැනීම පහසුය. අපි අපේ පුතා අසාද් වෙනුවෙන් කැපවූ දෙමාපියන් ලෙස කටයුතු කරමු‘‘

    ඔවුන්ගේ ව්‍යාපාරවල ඉරණම ගැන කතා කරමින් ඔවුන් අනාවරණය කරන්නේ, “අපි චිත්‍රපට, පානි පදනම සහ අප උනන්දුවක් දක්වන වෙනත් ව්‍යාපෘති සඳහා සහයෝගිතාකරුවන් ලෙස දිගටම කටයුතු කරන්නෙමු. අපගේ සම්බන්ධතාවයේ මෙම වෙනස පිළිබඳව නිරන්තරයෙන් සහයෝගය දැක්වීම සහ අවබෝධ කර ගැනීම පිළිබඳව අපගේ පවුල්වලට සහ මිතුරන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.  අපි ඔබගේ සුබ පැතුම් ඉල්ලා සිටින අතර, අප මෙන්ම, මෙම දික්කසාදය අවසානයක් ලෙස නොව නව ගමනක ආරම්භයක් ලෙස ඔබ දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ස්තූතියි, ආදරය, කිරාන් සහ අමීර්. ” 

    අමීර් ඛාන් සහ කිරාන් රාඕ 2005 දී විවාහ විය.

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ‘කාබනික ගොවිතැන කියන තරම් සුපිරි නෑ‘ : ජාත්‍යන්තර පර්යේෂණ කරන ‘සුපිරි හෙළිදරව්ව‘

    ‘කාබනික ගොවිතැන කියන තරම් සුපිරි නෑ‘ : ජාත්‍යන්තර පර්යේෂණ කරන ‘සුපිරි හෙළිදරව්ව‘

    • අස්වැන්න අඩු නිසා මිල ඉහළ යනවා
    • පිළිකා අවදානම අඩුකරන කතාව බොරුවක්
    • පරිසරයට ලොකු ප්‍රතිලාභයක් නෑ
    • අද ලෝකයට කන්න දෙන්න තවත් 30%ක වගාබිම් ඕනෑ

    ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන, විවේචනය කරන සහ නිවැරදි අවබෝධයක් නැති කාබනික ගොවිතැන යනු කුමක්ද ? කාබනික ගොවිතැන අනුගමනය කරන පිරිවිතර හා ප්‍රමිතීන් මොනවාද ? කාබනික ගොවිතැනේ වාසි සහ අවාසි මොනවාද ? යන්න ගැන අපි නිවැරදිව සොයා බලමු.

    කාබනික ගොවිතැනේ අර්ථ දැක්වීම

    කාබනික ගොවිතැන යනු ‘ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන සහ සත්ව සුභසාධනය සඳහා දැඩි ප්‍රමිතීන් ඇති පාරිසරික භාවිතයන් සමඟ ඉහළ ජෛව විවිධත්වයක් ඒකාබද්ධ කරන කළමනාකරණ හා කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමයක්‘‘ ලෙස අර්ථ දැක්විය හැකිය. තවද, කාබනික ගොවිතැන ස්වාභාවික නිෂ්පාදන සඳහා පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට ප්‍රතිචාර දක්වන අතර තිරසාර ග්‍රාමීය සංවර්ධනයේ සන්දර්භය තුළ පරිසරය ආරක්ෂා කිරීමට සමගාමීව ඉඩ ලබා දේ. 

    කාබනික ගොවිතැන යන යෙදුම පහත සඳහන් නිෂ්පාදන කාණ්ඩවලට අදාළ වේ:

    • සැකසූ නිෂ්පාදන: එළවළු, ධාන්‍ය වර්ග, පලතුරු, කපු, මල්, සතුන්, බිත්තර හෝ කිරි;
    • මිනිස් පරිභෝජනය සඳහා සැකසූ නිෂ්පාදන: චීස්, පාන් හෝ ක්ෂණික ආහාර;
    • සත්ත්ව ආහාර ( කාබනික සෝයා කේක් වැනි)
    • ශාකමය ප්‍රජනනය සහ බීජ සඳහා ද්‍රව්‍ය.

    (සැකසූ කෘෂිකාර්මික නිෂ්පාදන Unprocessed products යන්නෙන් අදහස් කරන්නේ ඇසුරුම් කර නොමැති හෝ සිල්ලර වෙළඳාම සඳහා සූදානම් කර නොමැති ආහාර, තන්තු සහ වෙනත් කෘෂිකාර්මික නිෂ්පාදනයි)

    කාබනික ගොවිතැන් අර්ථ දැක්වීම

    කාබනික ගොවිතැනේ වඩාත් පොදු මූලධර්ම කිහිපයක් නම්:

    • “කෘතිම” රසායනික ද්‍රව්‍ය භාවිතා නොකෙරේ – එහෙත්, ඒවායේ “ස්වාභාවික සම්භවය – natural origin” අනුව පොහොර හෝ පළිබෝධනාශක භාවිතා කිරීමට අවසර ඇත.
    • ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවීන් genetically modified organisms (GMOs) භාවිතා නොකෙරේ;
    • සියලුම කාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම;
    • පාංශු පුනර්ජනනය වැඩි දියුණු කිරීම සඳහා බෝග මාරුව;
    • ජීව විද්‍යාත්මක කාරක මගින් පළිබෝධ පාලනය;
    • කාබනික ආහාර සමඟ පුළුල් ලෙස බෝ කිරීම සහ විකල්ප ඖෂධ සහ වැළැක්වීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම;
    • සත්ව සුභසාධනය සහතික කිරීම (පාංශු මතුපිට වාසයට සුදුසු විය යුතුය)
    • පරිසරයට ගරු කිරීම සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම;
    • ජෛව විවිධත්වය නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම (විවිධ විශේෂ වගා කිරීම සහ බෝ කිරීම)

    සාම්ප්‍රදායික ගොවිපලක් සහතික කළ කාබනික ගොවිපළක් බවට පරිවර්තනය කිරීම සඳහා සංක්‍රාන්ති කාලයක් අවශ්‍ය බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙම කාල සීමාව නිෂ්පාදන වර්ගය මත රඳා පවතින නමුත් සාමාන්‍යයෙන් එය වසර තුනක් දක්වා ගත වේ.

    කාබනික ගොවිතැන සඳහා පළිබෝධනාශක සඳහා අවසර තිබේද? කාබනික ගොවිතැන සඳහා අවසර දී ඇති නිෂ්පාදන මොනවාද?

    ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනිව, කාබනික ගොවිතැන පළිබෝධනාශක හා පොහොර භාවිතය තහනම් නොකරන අතර කාබනික ගොවිතැනේ බොහෝ ගොවිපලවල් පොහොර සහ / හෝ පළිබෝධනාශක භාවිතා කරයි. උදාහරණයක් ලෙස copper sulfate යනු කාබනික මිදි වගාව සඳහා භාවිතා කරන පළිබෝධ නාශකයකි. සමස්තයක් වශයෙන්, කාබනික ගොවිතැන සඳහා බලයලත් පළිබෝධනාශක හා පොහොර සිය ගණනක් ඇත.

    කාබනික හා සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අතර වෙනස පවතින්නේ භාවිතා කරන නිෂ්පාදනවල (පොහොර හා පළිබෝධනාශක) මූලාරම්භය තුළ ය. කාබනික ගොවිතැනේ දී, පළිබෝධනාශක සහ පොහොර “ස්වාභාවික සම්භවයක් -natural origin ” තිබිය යුතුය, එනම් ඒවා copper sulfate වැනි ස්වාභාවික ද්‍රව්‍යවල සොයා ගත හැකි නිෂ්පාදන විය යුතුය. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ දී ඒවා කෘතිමව, එනම් රසායනාගාරවල නිෂ්පාදනය කළ හැකිය.

    පාරිභෝගිකයින් සඳහා කාබනික ගොවිතැනේ වාසි සහ අවාසි

    කාබනික ගොවිතැන තුළ පාරිභෝගිකයින්ට බොහෝ වාසි ඇත. කාබනික නිෂ්පාදකයින්ට නිශ්චිත ගුණාත්මක නිර්ණායකයන්ට ගරු කිරීමට බල කරයි.  පොදුවේ ගත් කල, කාබනික ගොවිතැන සාම්ප්‍රදායික ගොවිතැනට වඩා පුළුල් ය: නිදසුනක් ලෙස, කාබනික ගොවිතැනේ ගොවිපල සතුන් සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශවල ජීවත් වන අතර ඇතැම් සතුන් සඳහා එළිමහනට අනිවාර්ය ප්‍රවේශය ඇත. මෙම පුළුල් ප්‍රවේශය වඩා රසවත් නිෂ්පාදන ලබා ගැනීමට ඉඩ සලසයි.

    අනෙක් අතට, කාබනික ගොවිතැනේ අස්වැන්න සාම්ප්‍රදායික ගොවිතැනට වඩා අඩුය. එබැවින් පොදුවේ ගත් කල, කාබනික නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා නිර්දේශිත සිල්ලර මිල සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ විකුණුම් මිලට වඩා ඉහළ අගයක් ගනී. මෙය ගැටළු ගණනාවක් මතු කරයි, විශේෂයෙන් දුප්පත් පරිභෝගිකයින්ට කාබනික ආහාර මිලදී ගැනීම අපහසුය.

    නමුත් සමහර කාබනික නිෂ්පාදනවල මිල විශාල වශයෙන් වෙනස් නොවේ, විශේෂයෙන් පළිබෝධනාශක නොමැතිව පහසුවෙන් වැඩෙන නිෂ්පාදනවල මිල ඉහළ අගයක් නොගනී. කෙසේවෙතත්, මස් හා කිරි වැනි අනෙකුත් කාබනික නිෂ්පාදනවල සැලකිය යුතු ලෙස මිල අධිකය.

    කාබනික ගොවිතැන සහ පෝෂණ සංයුතිය

    කාබනික හා සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදන අතර පෝෂණ වෙනස්කම් ඇගයීමට බොහෝ අධ්‍යයන උත්සාහ කර ඇත. එසේ වුවද, මෙම අධ්‍යයනයන් එකිනෙකට වෙනස් ප්‍රතිඵල හෙළි කළේය. කාබනික නිෂ්පාදනවල (මස් හා කිරි වැනි) ඔමේගා -3, අත්‍යවශ්‍ය මේද අම්ල හෝ ප්‍රතිඔක්ෂිකාරක සංයෝග ද ඇතුළුව ඇතැම් පෝෂක සාන්ද්‍රකරණය / අන්තර්ගතය වැඩි වී ඇති බව සොයාගෙන ඇත.

    සමහර පුළුල් විශ්ලේෂණයන්  මෙම වෙනස්කම් සැලකිය යුතු යැයි සලකන අතර  තවත් සමහරු විශ්වාස කරන්නේ ඒවායේ ආන්තික පෝෂණ වැදගත්කමක් ඇති බවයි. තවද, වෙනත් අධ්‍යයනයන් මගින් ධාන්‍ය නිෂ්පාදන හෝ පලතුරු වල ෆීනෝලික් හෝ ප්‍රතිඔක්සිකාරක සංයෝගවල ඉහළ අන්තර්ගතයක් ඓන්ද්‍රීයව වැඩී ඇති බව හඳුනාගෙන ඇති නමුත් මෙම වෙනස්කම් “සාමාන්‍ය” ලෙස හඳුනා ගනී.

    එබැවින් පොදුවේ ගත් කල, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට සාපේක්ෂව කාබනික ගොවිතැනෙන් ලැබෙන ආහාරවල පෝෂණ සංයුතිය මඳක් සම්පූර්ණ විය හැකි බවට ඇඟවුම් තිබේ. තවමත්, මෙම වෙනස එතරම් වැදගත් බවක් නොපෙනේ.

    කාබනික ගොවිතැන සහ පළිබෝධනාශක අපද්‍රව්‍ය

    අනෙක් අතට, අධ්‍යයන මගින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදනවලට වඩා කාබනිකව වගා කරන ලද නිෂ්පාදනවල පළිබෝධ නාශක අපද්‍රව්‍ය අඩු බවයි. (කැඩ්මියම් වැනි) සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ දක්නට ලැබෙන පළිබෝධ නාශක අපද්‍රව්‍ය ඉතා අඩු වුවද (වර්තමාන සනීපාරක්ෂක සීමාවන්ට වඩා බෙහෙවින් අඩු), සෞඛ්‍ය විද්‍යාත්මකව තවමත් තක්සේරු කර නොමැති විභව ‘කොක්ටේල් බලපෑමක්‘ ගැන ඇතැමුන් සැලකිලිමත්  වේ. එබැවින් කාබනික ආහාර පරිභෝජනය කිරීමෙන් මෙම බලපෑම් වලට නිරාවරණය වීමේ අවදානම සීමා කළ හැකිය.

    කාබනික ගොවිතැන සහ සෞඛ්‍යය

    කාබනික නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් ඇති වන සෞඛ්‍යමය බලපෑම් තක්සේරු කිරීමට අධ්‍යයන කිහිපයක්ම උත්සාහ කර ඇත. පොදුවේ ගත් කල, බොහෝ දෙනා එහි (සුළු වශයෙන්) ධනාත්මක බලපෑමක් ඇති බවට නිගමනය කරති. එහෙත්, මෙම ප්‍රතිඵල වැදගත් දැයි ඔවුන්ට නිශ්චිතව පැවසිය නොහැක.

    ඇත්ත වශයෙන්ම, කාබනික නිෂ්පාදන පරිභෝජනය බොහෝ විට වඩා හොඳ ආහාර වේලක් අනුගමනය කරන, ක්‍රීඩා කරන, සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන හෝ ඉහළ ජීවන තත්වයක් ඇති පුද්ගලයින්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සමඟ සම්බන්ධ වේ. මේ ආකාරයෙන්, නිරීක්ෂණය කරන ලද වෙනස්කම් කාබනික ආහාර දැඩි ලෙස පරිභෝජනය කිරීම හෝ මෙම සියලු සාධක නිසා දැයි පැවසීම දුෂ්කර විය හැකිය. 

    කාබනික නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් ඇති විය හැකි සෞඛ්‍යමය වාසි සනාථ කිරීම සඳහා වඩාත් ගැඹුරු අධ්‍යයන අවශ්‍ය බව දැනට පවත්නා අධ්‍යයන බොහොමයක් පවසයි.

    කාබනික ගොවිතැන සහ පිළිකා

    කාබනික ආහාර නිතිපතා පරිභෝජනය මගින් (විශේෂයෙන් කාන්තාවන්) ඇතැම් විශේෂිත පිළිකා අවදානම (25%) අඩු කරන බව හෙළිවී තිබේ. නමුත් බොහෝ විට ජනමාධ්‍ය මගින් සමාජගත කිරීමට උත්සාහා කරන ආකාරයට කාබනික ආහාර මගින් පිළිකා අවදානම ‘නිශ්චිතවම‘ අඩු කරන බවට අධ්‍යය මගින් හෙළිකර ගෙන නැත. නමුත් එම අධ්‍යයන අවධාරණය කරන්නේ කාබනික නිෂ්පාදන නිතිපතා පරිභෝජනය කරන පුද්ගලයින් තුළ ‘ලිම්ෆෝමා  පිළිකා‘ (non-Hodgkin’s lymphoma cancers) අඩු බවත් කාන්තාවන්ට වියපත් කාලය තුළ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු බවත්ය. 

    කෙසේ වෙතත්, මෙම “සෞඛ්‍ය” ප්‍රතිලාභය කාබනික නිෂ්පාදන පරිභෝජනයට කෙලින්ම සම්බන්ධ දැයි දැන ගැනීම දුෂ්කර ය. නැවතත්, එය වෙනත් සමාජ හා ආර්ථික සාධක සමඟ සම්බන්ධ කළ හැකිය (ජීවන තත්ත්වය, ආහාර හෝ වෙනත් සෞඛ්‍ය පිළිවෙත් වැනි)

    මෙම අධ්‍යයන වලට අමතරව කාබනික නිෂ්පාදන පරිභෝජනය කිරීම හා පිළිකා අවදානම අවම කිරීම අතර සම්බන්ධයක් පෙන්වීමට ස්වල්ප දෙනෙකුට හැකි වී තිබේ. 

    2014 දී මහා බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද පුළුල් අධ්‍යයනයක් මගින් හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා පිළිකා ( non-Hodgkin’s lymphoma cancers) හැරුණු විට කාබනික ආහාර නිතිපතා පරිභෝජනය සෙසු පිළිකා අවදානම අඩුවීම සමඟ සම්බන්ධ නොවන බව හෙළි කළේය. එබැවින් කාබනික නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් පිළිකා වැළඳීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු නොවන බව විශ්වාස කිරීමට හොඳ හේතුවක් තිබේ, නමුත් එය ලිම්ෆෝමා පිළිකා වර්ධනය සීමා කරයි.

    (ලිම්ෆෝමා පිළිකාවක් lymphoma cancers යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආසාදන-සටන් සෛල වලින් ආරම්භ වන පිළිකාවකි)

    කාබනික ගොවිතැන සහ පරිසරය

    කාබනික ගොවිතැන මගින් පරිසරයට වාසි රැසක් ඇත. පළමුව පැහැදිලිවම එය භාවිතා කරන පළිබෝධනාශක සංඛ්‍යාව අඩු කරයි. මක්නිසාද යත් සමහර “ස්වාභාවික සම්භවය / natural origin” සහිත යෙදවුම් සඳහා අවසර දී ඇතත්, කාබනික ගොවිතැන ඒවායේ භාවිතය දැඩි ලෙස නියාමනය කරයි. මේ අනුව, කාබනික ගොවිතැන මගින් ජෛව විවිධත්වයට හා පරිසර පද්ධතිවලට පළිබෝධනාශක  මගින් ඇති විය හැකි හානිකර බලපෑම් අවම කරයි.

    කෙසේ වෙතත්, කාබනික ගොවිතැන සමහර විට ගැටළු ගණනාවක් ඇති කරයි.

    පළමුව, කාබනික ගොවිතැනේ ඵලදාව සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ගොවිතැනට වඩා අඩු වන අතර එමඟින් ඉහළ මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවේ (එබැවින් විකුණුම් මිල ඉහළ යාම අනිවාර්යය වේ). 

    රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති නොහැකියාව නිසා ගොවීන්ගේ වැඩ ප්‍රමාණය තවදුරටත් ඉහළ යයි. වල් නෙලීම වඩාත් දැඩි ලෙස නියාමනය කරනු ලබන අතර සාමාන්‍යයෙන් වැඩි වැඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. 

    සාරාංශයක් ලෙස, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ දී මෙන් කාබනික ගොවිතැනේ දී සමාන ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට වැඩි උත්සාහයක් හා මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේ.

    මෙම අස්වැන්න නැතිවීම පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතු කරයි.  කාබනික කෘෂිකර්මාන්තය මගින් හිමිවන අස්වැන්න අඩු හෙයින් සාම්ප්‍රදායික ගොවිතැනෙන් නිපදවන ආහාර ප්‍රමාණයම නිෂ්පාදනය කිරීමට වැඩි ගොවි බිම් අවශ්‍ය වෙයි. න්‍යායට අනුව, මෙය පරිසර පද්ධති කෙරෙහි මිනිස් පීඩනය වැඩි කිරීම ද අදහස් කරයි. ඇත්ත වශයෙන්ම, කාබනික ගොවිතැන පිළිබඳ සිදුකරන ලද පුළුල් සංස්ලේෂණ අධ්‍යයනයකින් (large synthesis study) හෙළි වී ඇත්තේ කාබනික කෘෂිකර්මාන්තයෙන් පමණක් පෘථිවිය පෝෂණය කිරීම සඳහා තවත් අමතර වගා බිම් 30%ක් පමණ අවශ්‍ය බවයි.

    ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා කිහිපයක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ