වෙළඳ කලාප සඳහා පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ‘ජූලි මස මුල් සතියේ‘

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය. තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන්…
තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්වනු: ‘පොහොට්ටුව’ තෙල් ඇමැති ගම්මන්පිලට කියයි

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින්…
බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල ‘මිල ඉහළ දැමීමට සූදානමක්’

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි. අද (12) දින පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය…
කොවිඩ් පාලනයට GMOA වෙතින් නව යෝජනාවලියක්

කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11) ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය…
අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු ගබඩා කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු දින හතක කාලයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (11) අංක 2231/23, 2231/24 හා 2231/25 යන…
e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ…
කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ…
ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ‘ලංකා ආර්ථිකයේ’ අවසන් හුස්ම පොදත් ඉවරයි !

Inbox ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු…
නව මරණ 62ක් – කොවිඩ් ආසාදිත මරණ 2073 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 62ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ සමග කොවිඩ් ආසාදනයෙන්ම මෙරට මියගිය සමස්ත පිරිස 2073ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්…
පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ…
ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා…
ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති…
‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.   චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ. රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන්  වගබලා ගත යුතුයැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා…
ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ…
Covid-10 Local Hot: සංචරණ සීමා යළි දීර්ඝ කරයි

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ද එම තීරණය වෙනස් කර දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති…