Blog

  • විශ්‍රාම ගිය හෙද හෙදියන්  නැවත සේවයට

    විශ්‍රාම ගිය හෙද හෙදියන් නැවත සේවයට

    විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

    හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබිණි.

    මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අදහස් පළ කළහ.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ.

    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙන්වා දුන්නාය.

    දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන්ව අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයි ද අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේය.

    විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි සෞඛ්‍ය ඇමතිතුමියට මෙහිදී දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා, හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය විමසා සිටියේය.

    හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා මෙහි දී අනාවරණය කළේය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයේ නිරත සියලුම කාර්යය මණ්ඩල මේ වනවිට විශිෂ්ට සේවයක් ඉටුකරමින් සිටින බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ව එන්නත්කිරීමේ කටයුතු ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසුවේය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනාට පාහේ මේ වනවිට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම මේ වනවිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතා ඊට පිළිතුරු දුන්නේය.

    සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන  පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    හෙද උපාධිය ලබා දීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය ඇමතිවරියට දැන්නුවේය.

    මේ වනවිට හෙද උපාධිය ලබා දීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට  යොමු කර ඇති බව මෙම හමුවේ දී හෙළි වූ අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙහි දී තීරණය විය.

    අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ දී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩිකර නැතැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ, එම දීමනාව වැඩි කර දෙන්නැයි ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අය-වැය තුළින් එය ඉටු කර දිය හැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ඩී කල්‍යාණි, උප සභාපති ආර්.කේ බටුවිට, උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා, කඳාන හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ කීර්ති මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

  • ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි

    ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙසේ ඔබේසේකර මහතා නම් කොට තිබේ..

    මේ අතර ‍අභි‍යාචනාධිකරණ විනිසුරු කේ.පී ප්‍රනාන්දු  මහතා අභි‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීම සඳහා එවා තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස  පත් කිරීම නිසා ඇතිවන අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුව සදහා  මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාව එකඟ වූ බව ද මහලේකම්වරයා පැවසීය.

    එයට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ  පුරප්පාඩුව සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා  පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාව සිය එකගත්වය පළකොට තිබේ.

    මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහSharing is caring!

  • යසිරු ඇප මත නිදහස් කරයි

    යසිරු ඇප මත නිදහස් කරයි

    “ජනාධිපති  ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

    ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගල මහතා නියෝගය මතය.

    ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අදාළ තරුණයා එම පුවත පළ කර තිබුණි.

    නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.

    භාෂණයේ නිදහස උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ මහජනයා නොමග යවන සුළු ප්‍රකාශ පළකිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රජයේ හා රාජ්‍ය ආයතනවල කටයුතු අකර්මණ්‍ය කරන ආකාරයෙන් ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

    එබැවින් මින්මතුවට මේ ආකාරයෙන් කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය.

    එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

    එම ඇප ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර සිටියේය.

    සැකකරු අන්තර්ජාලය හරහා පළ කර ඇති පුවත මඟින් මෙරට ආර්ථිකය අකර්මණ්‍ය කොට රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක් තිබුණේ දැයි සැක මතු වී තිබෙන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

    මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම සැකකරු නඩුවට පාදක වන රජයේ ආයතනවල වෙබ් අඩවි තුළට අනවසර ආකාරයෙන් ඇතුළු වී තිබීම හෝ ඒවායේ මුර පද අවභාවිතා කිරීම සිදුකර තිබේ දැයි ප්‍රශ්න කර සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ,  විමර්ශනවලදී එවැනි කරුණක් අනාවරණය වී නොමැති බවය.

    එසේ නම් පරිගණක අපරාධ පනතේ 6, 10 සහ 12 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට අදාළ නොවන වගන්ති ඇතුළත් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට පවා අසීරු වනු ඇති බව කියා සිටියේය.

    ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේ දී පරිගණක අපරාධ පනත යටතේ එම සැකකරු වරදක් සිදුකර ඇති බවට බැලූ බැල්මටම කරුණු අනාවරණය නොවන බවය.

    එමෙන්ම කිසියම් වරදක් අනාවරණය කර ගන්නා තුරු සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

    –අද දෙරණ–

  • Covid-19 Local Hot: මෙරටින් වාර්තා වූ ඉහළම  මරණ සංඛ්‍යාව වාර්තා කරයි

    Covid-19 Local Hot: මෙරටින් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

    කොවිඩ්-19 ආසාදිත මරණ 54ක් අලුතින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ වාර්තා වී ඇත්තේ මැයි 10 – මැයි 31 සහ ජූනි 02 -07 යන දින අතරය.

    මෙම මරණ 54ත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1843ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මිය ගිය පුද්ගලයින් 54 දෙනාගෙන් 32 දෙදෙනකු පුරුෂයින් වන අතර 22 දෙනකු කාන්තාවන්ය.

    මෙම පුවතට අදාළ සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.

    covid-death-jun-8

  • ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි

    ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි

    එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

    අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

    මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙන අතර එම තරග අංශයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කරන ලද දසුන් ශානක සංචිතයේ සිටියදීම සුදු පන්දුවෙන් පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග අංශ වල නායකයා ලෙස කුසල් පෙරේරාව නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

    ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දුර, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.  

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත් වෙනවා. පළමු 20/20 තරඟය ජූනි 23 වනදා කාඩිෆ් හි පැවැත්වීට නියමිතයි.

  • සංචරණ සීමා ඉවත් කිරීම: යුද හමුදාපති ‘බෝලය‘ විශේෂඥ කණ්ඩායම්වලට පාස් කරයි

    සංචරණ සීමා ඉවත් කිරීම: යුද හමුදාපති ‘බෝලය‘ විශේෂඥ කණ්ඩායම්වලට පාස් කරයි

    රට විවෘත කිරීමට පෙර කොවිඩ් -19 ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    ජූනි 14 වැනිදා දක්වා බලාත්මක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුවන්නේ ද නැද්ද ? යන්න පිලිබදව අද (08) මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය ගැන විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක්  ලබන 14 වැනිදා විවෘත රට කිරීම ගැන සලකා බැලිය හැකි බවත්ය.

     මහාචාර්ය අර්ජුන ද සිල්වා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය අනුව ලබන 21 වැනිදා දක්වා රට වසා දැමිය යුතු බවයි. දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා ඵලදායි නොවන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

    ‘මේ වන විට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා විහිළුවක් බව මේ වන විට පැහැදිලිව පෙනී යනවා. අද ගාල්ලේ සිදු වුණ සිදුවීම මීට හොද සාක්ෂියක්. ඒ නිසා අපි රජයට අවධාරණය කරන්නේ මීට වඩා තීරණාත්මක පියවරකට යා යුතු බවයි‘ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියා.

  • ගාල්ලේ එන්නත් හොරා කන්න ‘කොළඹ කාක්කන්ට එරෙහිවත්‘ නීතිය ක්‍රියාත්මක කරන්න

    ගාල්ලේ එන්නත් හොරා කන්න ‘කොළඹ කාක්කන්ට එරෙහිවත්‘ නීතිය ක්‍රියාත්මක කරන්න

    අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

    පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන සමාජමාධ්‍යවල මේ පිළිබද දැඩි විවේචන පළ වන අතර මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාට අද පාර්ලිමේන්තුවේ පැවැති රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදයේදී උත්තර බැදීමට ද සිදු වුණා.

    ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ තමන් බලා සිටියදීම පිටපළාත්වලින් පැමිණි පිරිස් එන්නත ලබා ගත් බවයි.

    ප්‍රදේශවාසීන් කරන මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොවිෂිල්ඩ් එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත කිරීමට බවත් එනිසා කොහෙන් ආවත් එන්නත ලබා දෙන බවයි.

    ‘‘ දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි. නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා‘‘ යැයි ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

    ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසක් පිළිකුලෙන් හෙළා දුටු අතර එය නින්දිත ප්‍රකාශයක්, වගකීම් විරහිත ප්‍රකාශයක් ආදි වශයෙන් විවේචනයට ලක් වුණා.

    මේ අතර අද (8) පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ ගැන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාගෙන් දැඩිව ප්‍රශ්න කළා. එහිදී රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ පළාත් අතර දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    ‘‘ අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ එන්නත්කරණ වැඩසටහනේදී සිදු වූ බව කියන මේ සිදුවීම දැන ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවීමට පියවර ගෙන තිබෙනවා. එම විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා තිබෙනවා. විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා‘‘

    එහෙත් රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් දක්වන්නේ අප්‍රසාදයක්. ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර පිළියන්දල අගුළු දැමීමේ සිදුවීමේදී ඇමැති ගාමිණි ලොකුගේ මහතා ක්‍රියාකළ ආකාරය ගැන සෙවීමට ද මෙවැනි නිලධාරීන් පිටත්කර යැවූ නමුත් සිදු වූ දෙයක් නැති බවයි. මොරටුව, කුරුණෑගල ආදි සිදුවීම් ගැන ද ඔවුන් සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා ඉදිරියේදී නතර කිරීමට නම් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බවයි.

    ‘‘වගකිව යුතු නිලධාරීන්ගේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා වහාම නතර කළ යුතුයි. රට පුරා එන්නත්කරණ වැඩසටහන් දියත් වන විට මෙවැනි ක්‍රියා තවත් ව්‍යාපත්වීමට ඉඩ තිබෙනවා. එය සමස්ත එන්නත්කරණයට හානියක්. එනිසා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාට එරෙහිව දැඩිව විනය පියවර ගත යුතයි‘‘ මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් කියා සිටියා.

    මේ අතර මේ සිදුවීම ගැන අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනකු පැවසුවේ කොළඹින් ගොස් අදාළ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ද එරෙහිව සංචරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි. ‘‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, යුද හමුදාපතිවරයා දිනපතාම මාධ්‍ය ඉදිරියට ඇවිත් සංචරණ නීති කඩ කළ පිරිස් ගැන බයිලා කියනවා. ඉතිං ඇස් පනාපිටම පළාත් අතර සංචරණ නීති කඩකළ පිරිසක් ඉන්නවා. ඔවුන් ගාල්ලට ගිහින් එන්නත් ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ පළාත් අතර සංචරණ නීති කඩ කරලා. ඔවුන්ව පහසුවෙන් හදුනා ගන්න පුළුවන්. එක නීතියක් තිබෙනවා නම්, සංචරණ නීති ගැන ඔච්චර උනන්දු නම් අනික් අයට පාඩමක් ඉගෙන ගන්නත් එන්නත ගාල්ලේ එන්නත් හොරා කන්න ගිය කොළඹ ඉහළ පන්තියේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ගිහින් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නොමෙයි ඉහළ අය. ඔවුන් තමයි සංචරණ නීතිය බල්ලට දාලා බාල් නටන්නේ‘‘

    (ඉහළ ඡායාරූපය සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවේ)

  • X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය.

    පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.

    නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    X-PRESS PEARL නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07) යළි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

    නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.

    නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මෙම සිද්ධියට අදාළව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් X-PRESS PEARL නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබාදුන්නාය.

    මුහුදේ ගිලෙමින් ඇති X-PRESS PEARL නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට නියෝගයක් නිකුත් කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තාය.

    පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ.

  • බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

    බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

    පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට  උපදෙස් ලබාදී ඇත.

    අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා තබන බව නිවේදනය කර තිබුණි.‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත් ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතය පැතිර යෑම පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර සහ සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී ඇත.

    මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතුය. වැඩ වාර සටහනකට අනුව සේවකයන් ගෙන්විය යුතු වන අතර ඒ ඒ බැංකු ශාඛාවේ බැංකු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව නිශ්චිත දිනවලදී බැංකු විවෘත කළ යුතු වේ.

    බැංකු කළමනාකරුවන් ළඟම පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර බැංකුවේ සේවකයන්ට ගමනා ගමනය කිරීම සඳහා අවසර ලිපියක් ද ලබා දිය යුතු වේ.

    මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා/ඉල්ලීම් යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වේ.

  • ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

    ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    අරලියගහ මන්දිරයේ සිට  අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.

    එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි,

    අද අපි මේ මුලපුරන්නෙ කොළඹ සහ මහනුවර අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා.

    මේ ස්ථානවල තිබෙන රථවාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද ? කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් මේවාට දුන්නෙ නැහැ.

    මිත්‍රවරුනි,

    කාලය කියන දේ අපි හැමෝටම වටිනවා. මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන්නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා. 

    අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉඳිවන මේ රටේ 8වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්.  එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.

    මන්තීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවනවිට, කොළඹ රථවාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් එමගින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.

    මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.

    මිත්‍රවරුනි,

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.

    ජනතාවට මතක නම්, මේ එක වසංගතයක් වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසිම වැඩක් නොකර හිටියෙ. අද ඒ අයම අපෙන් අහනවා, අපි මොනවද කරන්නෙ කියලා.

    මිත්‍රවරුනි,

    වගකිවයුතු රජයක් විධියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.

    සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තම මැරෙනවා කියල එහෙමත් කිව්වා ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.

    හොඳ දේ හොඳ විධියට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගෙ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන්නෙ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතුවෙලා මුහුණදෙන්න.

     සංචරණ සීමා පැනෙව්වාම මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක්ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙලට ඔබේ සහය ලබාදෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂාවන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. එවිට මුළු රටම ආරක්ෂා වෙනවා.

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.

    මිත්‍රවරුනි,

    දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා.  ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම දෙනාත්  ඊට හොඳ ශක්තියක් ලබාදෙන බව අපි දන්නවා. පසුගිය දා  මධ්‍යම අධිවේගී මාර්ගයේත්  රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භකරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.

    ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි  සමඟ කිව්වා.

    මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධවී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැළසුම් කළ  දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.

    ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙල අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා.

    මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා.

    දැනට එන්නත ලබා දෙන්නේ කාටද?

    • සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්
    • වයස 60ට වැඩි පුද්ගලයන්
    • වයස 30ට වැඩි පුද්ගලයන්
    • ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ඔබට ලබා ගත හැකි එන්නත කුමක්ද සහ එය තෝරා ගත හැකිද?

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලබාදෙන එන්නත්:

    • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා
    • රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී
    • චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම්

    මේ අතරින් තමන් කැමති එන්නතක් තෝරා ගැනීමේ හැකියාවක් නොමැත.

    කෙසේනමුත්, පළමු මාත්‍රාව ලබා ගත් එන්නතෙන් දෙවෙනි මාත්‍රාව ද ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස විශේෂඥයෝ පවසති.

    අතුරු ආබාධ සහ රුධිරය කැටි ගැසීමේ අවදානමක් තිබේද?

    දැනට වාර්තා වී ඇත්තේ සුළු අතුරු ආබාධ පමණක් වන අතර, දින කීපයකට පසු ඒවා සම්පූර්ණයෙන්ම නැති වී යයි.

    ශරීරය එන්නතට ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ:

    • උගුරේ රිදීමක්
    • වෙහෙසකාරී බව
    • උණ
    • හිසරදය
    • අසනීප ගතිය

    අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් සුළු පිරිසක් අතරින් වාර්තා වීමත් සමග එක්සත් රාජධානිය ඇතුළු ලොව සමහර රටවල වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ක්‍රියා කරයි.

    මෙම තත්ත්වයට හේතුව එන්නත දැයි පැහැදිලි නැති නමුත් ලේ කැටි ගැසීම් වැඩි ගණනක් වාර්තා වූයේ තරුණ පිරිස අතරින්ය.

    නමුත් අනෙක් සියල්ලන්ටම ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු අනෙකුත් එන්නත්වලින් ප්‍රතිලාභ ලැබෙමින් පවතී.

    Question and answers about coronavirus vaccines

    ඔබ එන්නත ලබා ගත යුතුමද?

    එය අනිවාර්ය නොවේ. නමුත් තමන් මෙන්ම තම පවුල, මිතුරන් සහ පුළුල් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙක ලබා ගන්නා ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි.

    එන්නත් ලබා ගැනීමෙන්;

    • වෛරසය ව්‍යාප්තිය අවම කළ හැකිය
    • වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත

    එන්නත නොමැතිව ඔබට විදෙස්ගත වීමට හෝ ඇතැම් රැකියා කිරීමට ද නොහැකි වනු ඇත.

    අසාත්මිකතා ඇති පුද්ගලයින් කුමක් කළ යුතුද?

    ඔබට අසාත්මිකතා ඇත්නම් එන්නත ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡා කළ යුතුය.

    ගැබිණි මවුවරුන්ට එන්නත ලබා ගත හැකිද?

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමේදී සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රථම වටයේදී එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

    එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගර්භණී කාන්තාවන් රෝහල් කරා නොඑන ලෙසත්, එන්නත ලබාගැනීමට අදාළ දිනය, ස්ථානය සහ වේලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

    Question and answers about coronavirus vaccines

    එන්නතෙන් වඳභාවය ඇති විය හැකිද?

    කොවිඩ් 19 එන්නත නිසා පුරුෂයන් හෝ කාන්තාවන්ගේ සරුබව සම්බන්ධයෙන් ගැටලු ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී තිබිණි.

    ඇත්තෙන්ම සිදුවන්නේ කොරෝනාවෛරසය වැළඳීමෙන් පුද්ගලයන්ගේ සරුබවට බලපෑම් ඇති වීමය.

    එන්නත ඔසප් වීමට බලපාන්නේද?

    සමහර කාන්තාවන් පවසන්නේ ඔවුන්ට අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනයක් අත්විඳීමට සිදු වූ බවය. නමුත් එන්නත එයට හේතුවදැයි තවමත් පැහැදිලි නැත.

    කෙසේනමුත්, එය බිය වීමට හේතුවක් නොවේ යැයි විශේෂඥයෝ පවසති.

    කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝකාලීනව තිබේ නම් කුමක් කළ යුතුද?

    මෑතකදී කළ අධ්‍යයනයකින් කියැවෙන්නේ එන්නත ලබා දීමෙන් දීර්ඝකාලීන කෝවිඩ් රෝග ලක්ෂණ අවම කළ හැකි බවය. මෙම අධ්‍යයනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

    මෙම එන්නත් මඟින් ශරීරය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති.

    Question and answers about coronavirus vaccines

    එන්නත ලබා ගැනීමෙන් පසු මත්පැන් පානය කළ හැකිද?

    ඔබට මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය නැති නමුත් එන්නතේ අතුරු ආබාධ තිබේ නම් දින කීපයක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් නොගැනීම වඩාත් සුදුසුය.

    ඉඳිකටු ශරීරයට විදින විට බියක් දැනෙන්නේ ද?

    ඔබ ඉඳිකටුවලට අකැමති බව එන්නත විදින සෞඛ්‍ය සේවකයාට පවසන්න. ඉන්පසු එන්නත විදින තෙක් ඉවත බලා සිටින්න.

    බොහෝ දෙනා පවසන්නේ එන්නත වේදනා රහිත බවත් එය විදීමට කාලයක් ගත නොවන බවත්ය.

    තරුණ පිරිසට එන්නත ලැබේද?

    එක්සත් රාජධානිය තුළ අවුරුදු 16ට වැඩි තරුණ පිරිසට ෆයිසර් එන්නත අනුමත කර ඇති අතර, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්, අවුරුදු 18ට වැඩි අය සඳහා අනුමත කර තිබේ.

    වයසින් වැඩි තරුණ අයට කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇත.

    ශ්‍රී ලංකාව තුළ ද වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව දක්වමින් රජය විටින් විට නිවේදන නිකුත් කර තිබේ.

    දරුවන්ටත් එන්නත ලැබේද?

    දරුවන් වෛරසයෙන් රෝගාතුර වීම අවම මට්ටමක පවතී. නමුත් වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීම සඳහා දරුවන්ට එන්නත ලබා දිය යුතු බවට තර්ක ඉදිරිපත් වී තිබේ.

    කෙසේ නමුත්, ලොව පුරා බොහෝ වැඩිහිටියන්ට තවමත් එන්නත නොලැබී ඇති නිසා මෙම තර්කය සදාචාර විරෝධී බව සමහරු පවසති.

    බොහෝ එන්නත් නිෂ්පාදකයන් මේ වන විට ද ඒවා දරුවන් මත පරීක්ෂා කරමින් සිටිති.

    මේ අතර, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර්-බයෝන්ටෙක් එන්නත භාවිත කිරීම එක්සත් රාජධානිය අනුමත කර ඇති බව ජුනි 4 වෙනිදා වාර්තා විය.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි.

  • රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

    රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

    පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 2020 අංක 6 දරන විසර්ජන පනතේ  8 වැනි වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

    එදින මධ්‍යහ්න 12.00 සිට පස්වරු 4.30 දක්වා  විපක්ෂය විසින් ගෙන එනු ලබන රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද දසනායක මහතා කීවේය.

    එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබිමක්ද සිදු නොවන බවද මහ ලේකම්වරයා පැවසීය.

  • Covid-19 Local hot: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

    Covid-19 Local hot: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

    ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර ජූනි 06 වැනි දිනට අදාළව කොවිඩ් ආසාදිත මරණවල වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාව අනුව මැයි 17 වැනි දින සිට ජූනි 05 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් වන අතර කාන්තාවන් 23ක් සහ පිරිමින් 23ක් එසේ මියගොස් තිබෙනවා.

    මෙසේ මිය ගිය 46 දෙනා අතරින් 13 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර 02ක් රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා. මරණකරුවන් අතරින් 15 දෙනකු වසය අවුරුදු 70-79 කාණ්ඩයේ පසුවෙනවා.

  • වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

    වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

    අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි

    ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

    එළවළු සහ පලතුරු වගාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කටයුත්තකි. දේශීය හා අපනයන වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගා කිරීමේ හැකියාව ඉහළ ය. මෙම අංශයේ සංවර්ධනය සහ දේශීය හා අපනයන වෙළඳපොළට සපයන පලතුරු හා එළවළු වල ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම වැදගත් ය.

    එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

    අස්වැන්න නෙලීමෙන් පසු සිදුවන  පසුඅස්වනු හානි (postharvest losses) හා අස්වැන්න නෙළන ලද පලතුරු හා එළවළු වල රසායනික අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් ගුණාත්මකභාවයට සිදුවන බලපෑම පිළිබඳ පුළුල් මහජන අවධානයක් යොමුව ඇති ප්‍රශ්නයක් වී තිබේ. මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ.

    අලෙවිකරණ ක්‍රියාවලියේදී අස්වැන්න ලබා ගත් අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා ඕනෑම අවස්ථාවක පසු අස්වනු හානි සිදුවිය හැකිය. ගොවීන් සහ ප්‍රවාහනය කරන්නන් විසින් සිදු කරන අක්‍රමිකතා හේතුවෙන් අස්වනු නෙළන ලද නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙත ළඟා නොවේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත. කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි. ‍

    පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

    ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

    කෘෂිකාර්මික නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සඳහා විසඳුමක් ලෙස යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices -GAP) වැඩසටහන 2015 දී හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන යටතේ පොහොර, පළිබෝධනාශක හා වල් නාශක, අස්වනු නෙලීම, සැකසීම, ප්‍රවාහනය, ශ්‍රේණිගත කිරීම, ඇසුරුම් කිරීම, අගය එකතු කිරීම, ලේබල් කිරීම, බෙදා හැරීම සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ, ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය, ඒ ඒ ආයතනවල විශේෂඥභාවය මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරමාණුක බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රේගු – නිරෝධායන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී තිබේ. මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති අතර ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

    1980 අංක 26 දරණ ශ්‍රී ලංකා ආහාර පනත (Sri Lanka Food Act No. 26 of 1980) ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට අදාළ ප්‍රධාන ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායක ලේඛනයයි. ආහාර පනත මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ( Director Health Services – DHS) හරහා පළාත් පාලන ආයතන සහ කලාපයේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ( Medical Officer of Health –MOH) හරහා ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යනු ආහාර උපදේශන කමිටුවේ (Food Advisory Committee – FAC) සභාපතිවරයා වන අතර පනතේ විවිධ අංශ ක්‍රියාත්මක කරන විවිධ ආයතනවල නියෝජිතයින් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.

    වගුව: ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ගැටළු සහ  හේතු සාධක

    මූලික ප්‍රශ්නහේතු සාධක
    එළවළු හා පලතුරුවල දුර්වල අස්වැන්න සහ අස්වැන්න නෙළීමට පෙර භාවිතයන් බලපායිදුර්වල ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය සහ පෙර අස්වනු රෝග
    නුසුදුසු අස්වනු නෙලීමේ ක්‍රමඅස්වනු පරිණත වීමේ නිවැරදි අවධියට පෙර අස්වනු නෙලීම, නුසුදුසු වේලාවන්හිදී අස්වනු නෙලීම හා අස්වනු නෙලීම සඳහා නුසුදුසු ක්‍රම භාවිතා කිරීම
    වර්ග කිරීමේ හා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද භාවිතා නොවීමවර්ග කිරීම හා ශ්‍රේණිගත කිරීමකින් තොරව ගොවීන් තම නිෂ්පාදන විකුණනු ලැබේ.
    ප්‍රවාහනයේදී නුසුදුසු ලෙස හැසිරවීම සහ ඇසුරුම්කරණ දුර්වලතාපසු අස්වනු හානි වැඩි වශයෙන් සිදුවන්නේ ප්‍රවාහනයේදී නිසි පිළිවෙත් අනුගමනය නොකිරීමේ බලපෑම් නිසා ය. ප්‍රවාහනය සඳහා ශීතකරණය කළ වාහන නොමැතිවීම, හිරු එළිය සහ වැසි සඳහා නිරාවරණය වීම ගැටලු ඇතිකරයි
    වෙළඳපොළවල ගබඩා පහසුකම් නොමැතිකමපාර අයිනේ ඇති අනාරක්ෂිත සිල්ලර වෙළඳසැල් තුළ සහ අනෙකුත් වෙළෙඳපොළවල අතිරික්ත සැපයුම් ගබඩා කිරීමට සුදුසු ඉඩ පහසුකම් නොමැතිවීම
    වෙළඳපොලේ ඇති ඉල්ලුම පිළිබඳ දැනුමක් ගොවීන්ට නොමැතිකම
    පලතුරු ඉදවීමේදී නුසුදුසු පිළිවෙත් අනුගමනය කිරීමපලතුරු ඉදවීම සඳහා කැල්සියම් කාබයිඩ් (industrial calcium carbide) වැනි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම
    එළවළු වල පළිබෝධ නාශක  අපද්‍රව්‍ය අන්තර්ගත වීමගොවීන් නිර්දේශයන්ට වඩා පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීම

    එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි.

    1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
    2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
    3. පවත්නා තොග හා සිල්ලර වෙළඳපොළවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.
    4. පවත්නා එකතු කිරීමේ හා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ගබඩා පහසුකම් ඇති කිරීම.
    5. පලතුරු සහ එළවළු ප්‍රවාහනය සඳහා පළාත් මට්ටමින් ශීතකරණ පහසුකම් සහිත ප්‍රවාහන පද්ධතියක් සකස් කළ හැකි අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිට අස්වනු ප්‍රවාහනය සඳහා ශීත කළ වෑන් රථ ආරම්භ කළ හැකිය.
    6. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
    7. සුදුසු පළිබෝධනාශක හා මාත්‍රාව තෝරා ගැනීම පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් (කුපනිස) සඳහා පුහුණුව ලබා දීම සහ ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ඔවුන් පුහුණු කිරීම.
    8. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
    9. පළිබෝධනාශක පනත දැඩි ලෙස බලාත්මක කිරීම සහ පළිබෝධ නාශක අපද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා පවත්නා විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම
    10. GAP වැඩසටහන් සඳහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම. GAP නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළ සංවර්ධනය කිරීම.
    11. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
    12. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
    13. ආනයනික පලතුරු වල ගුණාත්මකභාවය පිළිබඳ වඩා හොඳ නියාමනයක් ක්‍රියාත්මක කිරීම වැදගත් ය.
    14. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.

    රුවිනි විදානපතිරණ – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, අලෙවිකරණ, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු  කිරීමේ ආයතනය

  • කළු දිලීර: දියවැඩියාව පිටුපස තිබේද?

    කළු දිලීර: දියවැඩියාව පිටුපස තිබේද?

    ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි.

    මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉන්දියාවේ රෝගීන් වර්ධනය වන බවයි.

    කළු දිලීර ඇති රටවල් මොනවාද?

    කොවිඩ් වසංගතයට පෙර, අවම වශයෙන් ලොව පුරා රටවල් 38ක්වත් කළු දිලීර ලෙස හඳුන්වන මුකෝර්මිකෝසිස් mucormycosis රෝගීන් වාර්තා කර ඇත. ප්‍රමුඛ ජාත්‍යන්තර දිලීර අධ්‍යාපනයට අනුව ඉන්දියාව සහ පාකිස්ථානයෙන් වාර්ෂිකව මිලියනයකට රෝගීන් 140 ක් පමණ වාර්තා වේ.

    වැඩිවන අවස්ථා සමඟ, මුකෝර්මිකෝසිස් රෝගීන් සඳහා විශේෂ වාට්ටු පිහිටුවා ඇත
    ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක විශේෂ මුෙකෝමිකෝසිස් mucormycosis වාට්ටුවක්

    දිලීර ආසාදන පිළිබඳ විශේෂඥයෙකු වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඩෙනින් පවසන්නේ ඉන්දියාවේ කළු දිලීර රෝගීන් (වසංගතයට පෙර පවා ) “ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා සිටි බවයි ”

    “මුකෝර්මිකෝසිස් දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමඟ දැඩි ලෙස සම්බන්ධයි. ඉන්දියාවේ දියවැඩියා රෝගීන් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා මේ අවදානම ගැන අප පුදුම විය යුතු නැහැ‘‘ වෛද්‍ය ඩේවිඩ් පවසයි.

    ගෝලීය වශයෙන් සිදුවීම් පිළිබදව සොයා බැලීමේ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව කොවිඩ් -19 ආසාදනයෙන් සුවය ලබන නමුත්  දිලීර ආසාදනයට ලක් වූ රෝගීන්ගෙන් 94% ක් දියවැඩියාවෙන් පෙළෙති. කළු දිලීර රෝගීන්ගෙන් බහුතරයක් (71%) ඉන්දියාවෙන් වාර්තා වේ.

    දියවැඩියාවට සම්බන්ධයක් වෙනත් රටවල දක්නට ලැබේද?

    ඒක පුද්ගල දියවැඩියාව ඉහළම මට්ටමක පවතින රටවල් ද (ඉන්දියාව හැර) මුකෝමිකෝසිස් රෝගීන් වාර්තා කර ඇත.

    ප්‍රධාන රටවල් ඒක පුද්ගල දියවැඩියාව පෙන්වන තීරු සටහන

    ඉන්දියාවේ අසල්වැසි රටවල් වන පාකිස්තානය (ලෝකයේ දෙවැනියට ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතය ඇති රටවල් අතර දෙවැනි තැන ගන්නා) සහ බංග්ලාදේශය ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතයක් වාර්තා කළත් එම රටවලින් කළු දිලීර රෝගීන් සැලකිය යුතු පිරිසක් වාර්තා වී නැත. බංග්ලාදේශයෙන් වාර්තා වූ සැක කටයුතු එක් රෝගියෙකුගේ වාර්තාව මේ දක්වා නිකුත්ව නැති අතර එම සැක කටයුතු රෝගියා ද දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍යවරු බීබීසීයට පැවසූහ.

    පකිස්තානය ද මෑත සතිවල දී කළු දිලීර රෝගීන් 5 ක් වාර්තා කර ඇති අතර මැයි 12 වන විට සිව්දෙනෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රසීලය මේ වන විට රෝගීන් 29 ක් වාර්තා කර ඇත, නමුත් ඔවුන් අතරින් කීදෙනකු කොවිඩ් සහ / හෝ දියවැඩියා රෝගීන්ද යන්න තවමත් පැහැදිලි නැත.

    රුසියාව විසින් මෑතකදී කොවිඩ් රෝගීන් තුළ “හුදකලා” ශ්ලේෂ්මල පටල ඇති බවට වාර්තා කර ඇත – නමුත් මේ දක්වා කොපමණ සංඛ්‍යාවක් අනාවරණය වී තිබේද යන්න පැහැදිලි නැත.

    එක්සත් ජනපදයේ දියවැඩියාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර ජනගහනයෙන් 9.3% කට දියවැඩියාව ඇති බවට ගණන් බලා ඇත. ගෝලීය වශයෙන් වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ද එක්සත් ජනපදයෙන් වාර්තා වේ. නමුත් එක්සත් ජනපදයේ කළු දිලීර රෝගීන් ඉතා දුර්ලභ ය.

    දියවැඩියාව අවදානම් සාධකයක් විය හැක්කේ ඇයි?

    ගෝලීය වශයෙන් හඳුනා නොගත් දියවැඩියාවේ වයස අවුරුදු% වගුව

    ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල දියවැඩියාවෙන් පෙළෙන අයගෙන් 57% ක් පමණ හඳුනා නොගත් රෝගීන් බව ජාත්‍යන්තර දියවැඩියා පෙඩරේෂනය විසින් (IDF) ගණන් බලා තිබේ. පාකිස්තානයේ ද රෝග විනිශ්චය නොකළ දියවැඩියාව ඉහළ මට්ටමක පවතින බවට ගණන් බලා තිබේ.

    කිර්ගිස්තානයේ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය හරිප්‍රසාත් ප්‍රකාශ් පවසන්නේ “ඉන්දියාවේ පාලනයකින් තොරව දියවැඩියාව ඇති බැවින් මිනිසුන් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු නොකරන” බවයි.

    ඔහු පවසන්නේ දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් “වෙනත් සෞඛ්‍ය සංකූලතා මගින් සොයා ගන්නා ලද” ඒවා වන අතර ප්‍රතිකාර නොකරන බවයි.

    දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමහර දිලීර ඇතුළු සමහර ආසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    අප්‍රිකානු කලාපයේ ද හඳුනා නොගත් දියවැඩියාව 60% කට ආසන්න මට්ටමක පවතින නමුත් ඇස්තමේන්තු වලට අනුව කළු දිලීර ආසාදන අනුපාතය 3%කි.

    ආචාර්ය ඩෙනින් පෙන්වා දෙන්නේ “එය විය හැක්කේ රෝග විනිශ්චය නොකිරීම නිසා විය හැකිය. එය හඳුනා ගැනීම පහසුම දෙයක් නොවේ.”

    පටක නියැදි එකතු කිරීමේ දුෂ්කරතාවය සහ රෝග විනිශ්චය පරීක්ෂණවල සංවේදීතාව නොමැතිකම හේතුවෙන් කළු දිලීර රෝග විනිශ්චය නොකෙරෙන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

    කළු දිලීර ඇතිවීමට තවත් හේතු මොනවාද?

    සමහර කෝවිඩ් ප්‍රතිකාර සඳහා ස්ටෙරොයිඩ් අවිනිශ්චිත ලෙස භාවිතා කිරීම නිසා කළු දිලීර හෝ වෙනත් දිලීර ආසාදන සමඟ සම්බන්ධ විය හැකි බවට විශේෂඥයෝ යෝජනා කරති.

    ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිසා ඇතිවන දැවිල්ල අඩු කිරීම සඳහා ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සඳහා පුළුල් ලෙස ස්ටෙරොයිඩ් (steroids) වර්ග දෙකක් (ඩෙක්සමෙතසෝන් dexamethasone සහ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් methylprednisolone ) භාවිතා කරයි.

    කළු දිලීර ග්‍රැෆික් නිරූපණය

    කෙසේ වෙතත්, රෝහල් සහ වෛද්‍යවරුන් වැඩිවෙමින් පවතින රෝගීන් සංඛ්‍යාව නිසා, මෙම ස්ටෙරොයිඩ් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ගන්නා බවට සාක්ෂි තිබේ. එවැනි ස්වයං ඖෂධවලට එරෙහිව ඉන්දීය බලධාරීන් මෑතකදී අනතුරු අඟවා ඇති අතර එය බරපතල හානිකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව වෛද්‍ය ඩෙනින් පවසයි.

    එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන් 2000ක් පමණ යොදා ගෙන කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේ ඩෙක්සමෙතසොන් dexamethasone මධ්‍යස්ථ හෝ දරුණු ආසාදනයක් ඇති අයගේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට උපකාරී වන නමුත් මෘදු ආසාදනයක් ඇති අයට හානිකර විය හැකි බවයි.

    රෝහල් පසුබිමක භාවිතා කරන විට ස්ටෙරොයිඩ් වල කාර්යක්ෂමතාව එම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත්, ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල නිවාස හුදකලා කට්ටල සමග ඩෙක්සමෙතසොන් මහජනයාට බෙදා දී ඇති බව වාර්තා වේ. 

    “වැඩි ස්ටෙරොයිඩ් වඩා හොඳ නොවන බව (අධ්‍යයන හරහා) ඉතා පැහැදිලිය,” ආචාර්ය ඩෙනින් පැවසීය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිළිබද මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවත් හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා පත් කළ අතර ඔහු වසරකට ආසන්න කාලයකින් පසු ඉල්ලා අස්විය. ඉන් පසු නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.බී රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන ලදි.