Blog

  • කොවිඩ් කාලයේ දකින සිහින ගැන සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ් කාලයේ දකින සිහින ගැන සුපිරි හෙළිදරව්වක්

    පසුගිය වසරේදී කොරෝනා වෛරසය ලොව පුරා පැතිර ගිය විට, අප දුටු සිහින අපව පීඩාවට පත් කළා පමණක් නොව ඇතැම් විට අපව විස්මයට ද පත් කළේය. කොවිඩ් -19 තර්ජනයට මුහුණ දුන් අපගේ මොළය යටපත් වී ඇති අතර ආතතිය අපගේ ජීවිතයේ වැඩි කොටසක් අල්ලා ගත්තේය.

    දැන්, වසරකට වැඩි කාලයක් තිස්සේ, බොහෝ අය වසංගතය සමග ජීවිතයට පුරුදු වී ඇති හෙයින්, ඔබේ සිහින ද “නව සාමාන්‍යයට” අනුගත වී ඇත්දැයි අපි ඔබෙන් අසමු.

    මුඛ ආවරණ, හිස් වීදි සහ සමාජ දුරස්ථභාවය දැන් අපගේ එදිනෙදා සිහිනවලට පසුබිමක්ද? ඔබ ඉවත්ව යන විට ඔබ දකින්නේ කුමක්ද?

    මෝරුන් රවුම් කිරීමේ සිට අත් සේදීම දක්වා

    කොවිඩ් ඩ්‍රීම්සයිල්ටේෂන්

    පාඨකයන් අප වෙත එවූ සිහින අතළොස්සක් මෙන්න.

    ස්කොට්ලන්තයේ ඩන්ඩි හි Fiona Ramage පවසන්නේ “මම මෝරුන්ගෙන් පිරුණු මුහුදු තීරයක් ඇති වෙරළක් දිගේ ඇවිදින්නෙමි‘‘ වසංගතය දැන් ඇගේ සිහින බොහොමයක පසුබිම වන අතර සමහර විට ඒවාට කොවිඩ් ආසාදනය වීම පිළිබද බිය ද ඇතුළත් වේ.

    සිය පවුලේ අය සමඟ ජපානයේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූ සයකා පවසන්නේ ඇගේ හත් හැවිරිදි දියණිය තමා දකින කොවිඩ් සිහින ගැන පවසන බවයි. “ඇය නිවසේමයි රැඳී සිටින්නේ ‘ සයකා පවසයි. ‘අපේ පවුලේ සියලුම දෙනා සිහිනෙන් පවා අත්සෝදනවා‘‘

    චිලියේ සන්තියාගෝහි මරීලා කෝර්ටෙස් පවසන්නේ ඇගේ සිහින වඩාත් ආශ්චර්යමත් හැරීමක් ගෙන ඇති බවයි. “මට මා අසල සිටින සහ දකින සියලුම සතුන් (බළලුන් සහ බල්ලන්) මුඛ ආවරණ පැළඳ සිටිනු දැකීමට අවශ්‍යයි. නමුත් ඒවා කිසිවක් ඔවුන්ට අවශ්‍ය නැහැ”

    අපගේ පාඨකයන්ගෙන් අපට ලැබුණේ සිහින නියැදියක් පමණි, නමුත් විද්‍යාඥයන් මේ පිළිබඳව මාස ගණනාවක් තිස්සේ පර්යේෂණ කරමින් සිටියි. එක්සත් ජනපදයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මනෝ විද්‍යාඥයකු වන ඩියර්ඩ්‍රේ බැරට් මාර්ගගත සමීක්ෂණයකින් මහජනතාවගේ සිහින 15,000 ක් පමණ එකතු කර ගෙන තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් දෙකක් පමණ කාන්තාවන් සහ තුනෙන් එකක් පිරිමින් ය.

    වසංගතයේ පළමු රැල්ල කෙරෙහි අවධානය යොමු කරන්නේ වසංගත සිහින ය ( Pandemic Dreams). ඇය පවසන්නේ එය වසංගතය මුලින් පහර දුන් විට බොහෝ අය කෘමීන් පහර දීම හෝ හුස්ම ගැනීමට නොහැකි වීම වැනි තර්ජන ගැන සිහින දුටු බවයි. අගුලු දැමීම් සහ ගෙදර සිට අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වූ පසු බොහෝ අය දුටු සිහිනවල පොදු තේමාවක් වූයේ සිරගෙදර සිරවී සිටීම හෝ පුදුම ගණිත පරීක්‍ෂණයක් කිරීමට බල කිරීම ය.

    කෙසේ වෙතත්, මාස හයකට පමණ පසු, වෛද්‍ය බැරට් අපට පැවසුවේ මුඛ ආවරණයක් ඇඳීමට අමතක වීම හෝ මුඛ ආවරණයකින් තොරව ප්‍රසිද්ධියේ සිටීම සහ වෙනත් අය මුඛ ආවරණයක් නොසිටීම පිළිබඳව සිහින විස්තර කරන පුද්ගලයින්ගේ සැලකිය යුතු වැඩි වීමක් තමා දුටු බවයි.

    වෛද්‍ය බැරට් යෝජනා කරන්නේ වෛරසය ආසාදනය වීමේ භීතිය ප්‍රකාශ කිරීමට නැඹුරු වූ ආරම්භක සිහින, සමාජ කාංසාව පිළිබඳ සිහින ඉහළ යන විට අඩු වූ බවයි.

    “බොහෝ සිහින ‘මට මගේ මුඛ ආවරණය අමතක වුණා’ සහ ඒ නිසාම සිහින දකින්නාට සමාජ ලැජ්ජාවක් ඇති වීම ගැනයි. ඔවුන් වැරැද්දක් කර ඇති බව කිසිවෙකු දැන ගැනීමට පෙර ඔවුන් එතැනින් පිටවීම ගැන වැඩි සැලකිල්ලක් දැක්වීය,” ඇය පවසයි.

    සුපිරි වෙළඳසැලේ මුඛ ආවරණ

    ග්‍රැෆික්

    සමාජ ලැජ්ජාව හෝ කාංසාව සම්බන්ධ සිදුවීම් ගැන ඔවුන් සිහින දුටු බව පාඨකයන් ගණනාවක් අපට පැවසූහ.

    “මම සාප්පු සංකීර්ණයක් වැනි ජනාකීර්ණ අවකාශයක සිටිමි. හදිසියේම මට සිහි වුණේ මට මුඛ ආවරණයක් නොමැති බවයි. මා අවට කිසිවෙකු මුඛ ආවරණ පැළඳ නොසිටින බව මට පෙනේ ‘‘ එක්සත් රාජධානියේ නොටින්හැම්හි ඩිලෙටා ඩි ක්‍රිස්ටෝෆාරෝ පවසයි.

    කේම්බ්‍රිජ්ෂයර්හි නයෝමි හාවි පවසන්නේ නීති ලිහිල් කිරීමට පෙර තම බෑණා වැළඳ ගැනීම ගැන තමා සිහින මැවූ බවත්, ඔහු වැළඳ ගන්නා විට ඇගේ පවුලේ අය ළඟට පැමිණි බවත් ඇයට හදිසියේම වසංගතය ගැන සිහි වූ බවත්ය. 

    “මම අවදි වූයේ නීති රීති කඩ කිරීම ගැන භීතියෙන් හා එකිනෙකා වෛරසයට නිරාවරණය වීමේ අවදානමකිනි.”

    ලන්ඩනයේ ඩයනා වෝක් පවසන්නේ වරක් ඇය සිහිනෙන් ආගන්තුකයෙකු වැළදගත් බවයි. ‘‘ මම වරක් වැරදීමකින් ආගන්තුකයෙකු බදා ගත්තා. මම සිතුවේ මම ඔහුව දන්නා බවයි. මම ඔහුව වැළද ගත් පසු එම පුද්ගලයා ද “භීතියට පත් වුණා. ඊට හේතුව වුණේ අපි දෙදෙනාම මුඛ ආවරණ පැළද නොසිටි නිසයි. අපි කිසිවෙකුට කොවිඩ් ආසාදනය වීමට අවශ්‍ය නැහැ‘‘ ඇය සිහිපත් කරයි. 

    ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක් වන වැල්දාස් නොරිකා (Valdas Noreika) පැහැදිලි කරන්නේ ‘‘අවදි වන මනස සහ නිදාගන්නා මනස (waking mind and the sleeping mind) අතර සංකීර්ණ සම්බන්ධයක් ඇති බවයි‘‘.

    “සමහර තේමාවන් අවදි වීම සහ නිදාගැනීම අතර ගමන් කරනවා. නමුත් එදිනෙදා ජීවිතයේ අප සිහින නොදකින සමහර දේවල් තිබෙනවා. උදාහරණයක් ලෙස අන්තර්ජාලයේ සැරිසැරීම,” ඔහු පැහැදිලි කරයි.

    ඔහු සහ සගයන් කොවිඩ් පිළිබඳ දිවා කාලයේ සිතුවිලි මිනිසුන් සිහින දකින දේට බලපා තිබේද යන්න විශ්ලේෂණය කරන අධ්‍යයනයක් සඳහා සිහින දිනපොත එකතු කරමින් සිටී. එය සාමාන්‍යයෙන් අපගේ සිහින තුළට ප්‍රබල හැඟීම් අවුස්සන දේවල් බව ඔහු පවසයි.

    “වසංගතයෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති අයෙකු ඉදිරි වසර ගණනාව තුළ ඒ ගැන සිහින දැකීමට වැඩි ඉඩක් තිබෙනවා. එය සිත්ගන්නාසුළු මෙන්ම කනගාටුදායකයි” ඔහු තවදුරටත් පවසයි.

    කොවිඩ් වයිරසය අපගේ සිහින වල පසුබිමට මිශ්‍ර වී ඇති බවට අපගේ අදහස ගැන කුමක් කිව හැකිද ? එය මුඛ ආවරණ සහ දුරස්ථව පවතින නමුත් ජීවිතයේ සාමාන්‍ය කොටසක් ලෙස තිබේද?

    ආචාර්ය බැරට් පවසන්නේ ඇය මෙතෙක් මෙවැනි සිහින දැක නොමැති බවයි. “බොහෝ විට තථ්‍ය කාල ප්‍රමාදයක් පවතී … අපි බොහෝ විට සිහින දකිනුයේ අපගේ අතීත කාලයන් ගැන මිස සැමවිටම වර්තමානය ගැන නොවේ” යනුවෙන් ඇය පැහැදිලි කරයි. එහෙත්, වසංගතය අවසන් වූ පසු, අපට මේ කාලය දක්වා සිහින දැකීමට අවස්ථාවක් ඇති බව ඇය තවදුරටත් පවසන්නීය.

    “මෙතැන් සිට අවුරුදු දෙක තුනක් ගතවන විට වත්මන් වසංගතය හා සම්බන්ධ සිහින දකිනු ඇති බව මට සහතිකයි. උදාහරණයක් ලෙස ඔහු මුඛ ආවරණයක් පැළදගෙන අවන්හල සිටීම වැනි‘‘ ඇය පවසයි.

    වසංගත සිහින වල නවතම තේමාවන්ගෙන් එකක් වන්නේ වෛද්‍ය බැරට් විසින් සටහන් කර ඇති එන්නත් ය. “එන්නත අනුමත වූ පසු, අපි එය සිහිනෙන් දැකීමට පටන් ගත්තා, නමුත් ඒවා අතිශයින්ම නිෂේධාත්මක ඒවා. නිදසුනක් වශයෙන්, යමෙකු ඔවුන්ගේ එන්නත ලබා ගැනීමට යන අතර සිරින්ජයේ සයනයිඩ් ලේබලයක් ඇති බව ඔවුන් වටහා ගනී” යනුවෙන් ඇය පැහැදිලි කරයි.

    ඇය මෙය එන්නත් කිරීම සඳහා බොහෝ දෙනෙකුට ඇති උපවිඥාන අකමැත්තට උත්තේජනයක් සපයයි.

    ඇය මෙතෙක් කළ පර්යේෂණවලින් පෙනී යන්නේ වසංගත සිහින වලින් 90% කට වඩා ඍණාත්මක ඒවා බවයි. නමුත් මෑත මාසවලදී සුළු පිරිසක් වෛරසයෙන් පසු ජීවිතය පිළිබඳ ධනාත්මක සිහින වාර්තා කර ඇත.

    “පරිසරය වඩා හොඳ තැනක තිබෙන සිහින ඇතැමුන් දැක තිබෙනවා. සාගරය අතිෂයින්ම පිරිසිදු වෙලා. එහි කසළ කිසිවක් නැහැ. යථාර්ථවාදී නොවන නමුත් විශාල තල්මසුන් වෙරළට ආසන්නව පිහිනමින් සිටිති.

    ‘‘එක් කාන්තාවක් වසංගතයෙන් පසු පළමු වරට පිටතට ගොස් බැලූ විට තල්මසුන් පියාසර කිරීමට ඉගෙනගෙන ඇති බවත් ඔවුන් අහස පුරා පියාඹා යන අයුරුත් සිහිනෙන් දැක තිබෙනවා‘‘

    සමහර පුද්ගලයින්ට, වසංගත කිසිදා ජීවිතයේ නොලද විවේක කාලයක් සහ සැහැල්ලු යුගයක් වී තිබේ.

    “මෙම දුෂ්කර වසර තුළ මගේ සිහින එකම ආකාරයකින් පැවතිය හැකියි. මිනිසුන් මුඛ ආවරණ පැළඳගෙන එකිනෙකා ස්පර්ශ කිරීමට නොහැකි වීම ගැන මම සිහිනෙන්වත් සිතුවේ නෑ. ඒත් එය තව දුරටත් මගේ සිහින ජීවිතයේ කොටසක් නොවේ” යැයි එක්සත් ජනපදයේ ලීසා එලිසතබෙත් පවසයි.

    බී.බී.සී වාර්තාවකි – සැලසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ඉන්දීය බොරදියේ මාළු බාන’ යෝගා ගුරු බාබා රාම්දේව්

    ‘ඉන්දීය බොරදියේ මාළු බාන’ යෝගා ගුරු බාබා රාම්දේව්

    ඉන්දියානු යෝගා ගුරු බාබා රාම්දේව් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් පවත්වාගෙන යයි

    කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ඇති ප්‍රබල අභියෝග අතර මිත්‍යාව සහ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරයෙන්ම සිටින බව රහසක් නොවෙයි. එය අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා වෛද්‍යවරු ඇතුළු විශේෂඥයෝ දැඩි පීඩාවටයි පවත්ව සිටින්නේ.

    මේ අතර කොවිඩ් වසංගතයෙන් අසීමිතව බැටකන ඉන්දියානුවන් තව දුරටත් ඊනියා දෙවියන් සහ යෝගීන්ගේ සරණ පතා යාම සමාජ අර්බුදයක් බවටත් කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ප්‍රබල බාධයක් බවටත් පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියනවා.

    ඉන්දියාවේ මේ මිත්‍ය ප්‍රකාශනයේ බලකණුවක් වන්නේ යෝගා බාබා රාම්දේව් කියන පුද්ගලයා බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. ව්‍යාපාර අධිරාජ්‍යයක් පවත්වා ගෙන යන මේ යෝගියාට ආර්ථික – දේශපාලන මෙන්ම සමාජයීය බලයක් ද තිබෙනවා. ඒ නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබෙනවා.

    මේ අතර නූතන වෛද්‍ය විද්‍යාවට එරෙහි මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු යෝගා ගුරු බාබා රාම්දේව්ට එරෙහිව චෝදනා එල්ල කළ බව අලුත්ම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

    ‘‘නවීන ඖෂධ ගැනීමෙන් හා ඔක්සිජන් සිලින්ඩර ලබා ගැනීමට තැත් කිරීම නිසා රෝගීන් දස දහස් ගණනක් කෝවිඩ් ආසාදනයෙන් මිය ගිය බව‘‘ ඔහු මෑතකදී ප්‍රකාශ කළා.

    මේ ප්‍රකාශයට එරෙහිව වහාම ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රතිචාර දැක්වීමෙන් පසු ගුරු සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා.

    නමුත් සමහර රෝග සඳහා නවීන වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාරයක් නොලැබීම නිසා ඔහු සඳුදා නැවතත් නවීන වෛද්‍ය විද්‍යාවට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්තා.

    නවීන වෛද්‍ය විද්‍යාව, ඇලෝපති (allopathy) ලෙසද හැඳින්වෙනවා. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව ඉන්දියාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ කොඳු නාරටිය වන නමුත් ආයුර්වේදය සහ හෝමියෝපති වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම ද ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රියයි. රාම්දේව් වැනි බොහෝ පිරිස් සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන විකිණීම සදහා සාර්ථක ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

    සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ ආයුර්වේද, යෝගා, යුනනි, සිද්ධා සහ හෝමියෝපති (ආයුෂ්) පිළිබද අමාත්‍යාංශයක් ද තිබෙනවා. (Ministry of Ayurveda, Yoga & Naturopathy, Unani, Siddha and Homoeopathy (Ayush) to promote traditional systems)

    ඉන්දියාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන ඉන්දියානු වෛද්‍ය සංගමය (The Indian Medical Association (IMA) වසංගතය මධ්‍යයේ ගුරුගේ “සංවේදී” ප්‍රකාශය විවේචනය කර තිබෙනවා.

    මිලියන ගණනක් අනුගාමිකයන් සිටින යෝගියෙකුගේ එවැනි ප්‍රකාශ “වගකීම් විරහිත සහ අධෛර්යමත් කරවන ඒවා” බව බීබීසීයට කතා කළ වෛද්‍යවරු පැවසුවා.

    මතභේදය කුමක්ද?

    ඔක්සිජන් සොයා ගැනීමට උත්සාහ කිරීම ගැන බාබා රාම්දේව් රෝගීන්ට සමච්චල් කරන වීඩියෝවක් මේ මස මුලදී වෛරස් වුණා. ඔහු එම ප්‍රකාශය කළේ කවදාද යන්න පැහැදිලි නැති නමුත් අප්‍රේල් සහ මැයි මාසවලදී නගර කිහිපයක ඔක්සිජන් හිඟය පිළිබඳව ඔහු සඳහන් කරනවා.

    “දෙවියන් වහන්සේ අපට නොමිලේ ඔක්සිජන් ලබා දී තිබෙනවා. ඇයි අපි එය හුස්ම ගන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ වායුගෝලය ඔක්සිජන් වලින් පුරවා ඇති විට හිඟයක් ඇති වන්නේ කෙසේද? මෝඩයෝ ඔක්සිජන් සිලින්ඩර සොයති. නිදහස් ඔක්සිජන් හුස්ම ගන්න. හිඟය ගැන ඔබ පැමිණිලි කරන්නේ ඇයි? ඔක්සිජන් සහ ඇඳන් සහ ආදාහනාගාර? ඔහු සමච්චල් ස්වරයෙන් කිව්වා.

    ඔහු පසුව මෙම ප්‍රකාශය සමාව ඉල්ලා සිටියත් කොවිඩ් රෝගීන්ගේ වෛද්‍යවරුන්ගෙන් සහ පවුල්වලින් දැඩි විවේචනයට ලක් වුණා.

    සති දෙකකට පසුව ඔහුගේ තවත් වීඩියෝවක් මතුවූ අතර, ඔහු වෛද්‍යවරුන් විවේචනය කිරීම සහ කොවිඩ්ගේ මරණවලට දොස් පැවරීම සිදු කළා.

    බොහෝ වෛද්‍යවරු ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීම සඳහා ට්විටර් වෙත ගිය අතර සමහරු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

    වෛද්‍ය වෘත්තිකයින් වෙතින් එල්ල වන පීඩනය වැඩිවීමත් සමඟම වෛද්‍යවරයකු වන ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බාබා ගුරුගෙන් ඉල්ලා සිටියා.

    “නවීන වෛද්‍ය විද්‍යාව සහ එයට අනුයුක්ත වෛද්‍යවරු මිලියන ගණනකට නව ජීවිත ලබා දී තිබෙනවා. මිනිසුන් නවීන වෛද්‍ය විද්‍යාත්මකව නිෂ්පාදනය කළ ඖෂධ පානය කිරීමෙන් මිය ගිය බව ඔබ පැවසීම අවාසනාවන්ත තත්ත්වයක්. මෛ සටන ජය ගත හැක්කේ එකමුතු උත්සාහයකින් පමණක් බව අප අමතක නොකළ යුතුයි. මෙම යුද්ධයේදී අපගේ වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබමින් සිටිනවා. මෙම අර්බුදයේදී මානව වර්ගයාට සේවය කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම අසමසම හා ආදර්ශවත් “සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

    පසුගිය ඉරිදා බාබා රාම්දේව් ට්විටර් පණිවුඩයක් මගින් සිය මතභේදාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කර ගත් නමුත් දිනකට පසුව ඔහු ඉන්දීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කරමින් දියවැඩියාව හා අධි රුධිර පීඩනය ඇතුළු රෝග 25 ක් සඳහා නවීන වෛද්‍ය විද්‍යාවට ප්‍රතිකාරයක් නොතිබුනේ මන්දැයි විමසුවා.

    මෙය යළිත් වෛද්‍යවරුන් කෝපයට පත් කිරීමට හේතුවක් වුණා. කෝවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කර ඇති ප්‍රකට විශේෂඥ වෛද්‍ය ඒ. ෆාතාහුදීන් බීබීසීයට පැවසුවේ ‘‘එවැනි ප්‍රකාශ මගින් සදාකාලික හානියක් සිදුවන බවයි‘‘.

    “වසරකට වැඩි කාලයක් තිස්සේ මා වැනි සෞඛ්‍ය සේවකයින් යුද්ධයට සමාන තත්වයක සේවය කරනවා. අපි දස දහස් ගණනක් ජීවිත බේරා ගෙන තිබෙනවා. එවැනි ප්‍රකාශ කියවීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්. සමස්ත වෛද්‍ය පද්ධතියටම කරන අපහාස හා හානියක්” ඔහු පැවසුවා.

    නූතන වෛද්‍ය විද්‍යාව වසර ගණනාවක් තිස්සේ නිරන්තර පර්යේෂණ හා අධ්‍යයනවලින් විකාශනය වී ඇති බව වෛද්‍ය ෆතහුදීන් මහතා පැවසීය. “අපි සාක්ෂි පදනම් කරගත් භාවිතයන් අනුගමනය කරන්නවා. ඕනෑම වේලාවක, පර්යේෂකයන් දහස් ගණනක් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. පිළිකා ප්‍රතිකාර සඳහා අප ලබා ඇති ප්‍රගතිය දෙස බලන්න. අප නිරන්තරයෙන් පරිණාමය වී ඉගෙන ගත යුතුයි‘‘

    බිහිසුණු වසංගතයක් මධ්‍යයේ ඖෂධ සහ එන්නත් පිළිබඳව අපට විශ්වාසයක් තිබිය යුතු විට එවැනි ප්‍රකාශ මිනිසුන්ගේ මනස තුළ සැකයක් ඇති කරන බවද ඔහු පැවසුවා.

    බාබා රාම්දේව් කවුද?

    ඔහුගේ රූපවාහිනී යෝග පංති නිසා ඔහු කීර්තියට පත් වුණා. මිලියන ගණනක් ඔහු පසුපස ගිය අතර යෝගා සහ සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඔහුට ලොව පුරා ප්‍රශංසාව හිමි වුණා.

    2006 දී ඔහු දේශීය ඖෂධ විකිණීම සඳහා Patanjali Ayurveda නම් දැවැන්ත ව්‍යාපාරික සමාගමක් ආරම්භ කළ අතර වසර කිහිපයකට පසු එය පිටි, සබන්, තෙල්, බිස්කට්, වැනි විවිධාකාර දේශීය ඖෂධ අලෙවි කරන ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරයක් බවට පත් වුණා. දේශීය වෛද්‍ය විද්‍යාව පදනම් කරගත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඔහුගේ ජනප්‍රියත්වය පරිවර්තනය කිරීමට ඔහු සමත් වුණා.

    කොරොනිල් සහ ස්වාසරි ටැබ්ලට්
    කොවිඩ් මර්දනය කිරීමට උපකාර වන බව කියන ඖෂධයක් බාබාගේ සමාගම විසින් නිෂ්පාදනය කළේය. මෙය විද්‍යාත්මකව තහවුරු නොකළ නිෂ්පාදනයකි.

    ඔහුගේ ව්‍යාපාරයේ ව්‍යාප්තිය ද හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය 2014 දී බලයට පත්වීම සමග සමපාත වීම විශේෂත්වයක්. බාබා රාම්දේව් භාරතීය ජනතා පක්ෂයට සහ අගමැති නරේන්ද්‍ර මෝදිට විවෘතව සහයෝගය ලබා දී ඇති අතර පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වුණා.

    ව්‍යාජ කෝවිඩ් සුව කිරීමේ හිමිකම්

    Patanjali Ayurveda සමාගම පසුගිය වසරේ ජුනි මාසයේදී සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඖෂධ පැළෑටි එකතුවක් වන Coronil නිෂ්පාදනය කළ අතර එයට කොවිඩ් සුව කළ හැකි බව කියා සිටියා. නමුත් එය ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරන බව පෙන්වීමට දත්ත නොමැති බව රජය පැවසීමෙන් පසු කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධයක් ලෙස අලෙවිකරණය නතර කිරීමට සිදුවුණා නමුත් එය නිෂ්පාදනය තහනම් නොකළ අතර ‘ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ‘‘ ලෙස අලෙවි කළ හැකි බව රජය පැවසුවා.

    පෙබරවාරියේදී පතංජලී ආධාරකරුවන් කියා සිටියේ කොරොනිල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවයි.

    පෙබරවාරි මාසයේදී බාබා රාම්දේව් සමඟ පැවති උත්සවයකට සහභාගී වීම පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යව ආචාර්ය වර්ධන් විවේචනයට ලක් වුණා.

    කොරොනිල් එක්සත් රාජධානියේ සමහර වෙළඳසැල් වල අලෙවි වන බව සොයා ගත් අතර එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය කියා සිටියේ එවැනි ඖෂධයක් සදහා තමන් අනුමැතිය ලබාදී නැති බවයි.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරින් සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • මහජනතාවගේ හැසිරීම ගැන බලධාරීන්ගෙන් විවේචන – ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර

    මහජනතාවගේ හැසිරීම ගැන බලධාරීන්ගෙන් විවේචන – ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර

    සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී ජනතාව හැසිරුණු ආකාරය පිළිබදව යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ජනතාවට චෝදනා කරද්දී සමාජමාධ්‍ය තුළ යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රායෝගික නොවන තීරණ ගැන හාස්‍යජනක කතා සහ දැඩි විරෝධයක් දැකගත හැකි වුණා.

    විශේෂයෙන් යුධ හමුදාපතිවරයාව දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක් කර තිබුණ අතර බොහෝ දෙනෙක් ඔහුගේ බිම් මට්ටම ගැන නිසි අවබෝධයකින් තොර තීන්දු ගැන විවේචනය කර තිබුණා.

    මේ තත්ත්වය වර්ධන වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු කටයුතු සදහා පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම ඇතුළු තීන්දු සම්බන්ධයෙන්.

    කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා කියා සිටියේ ‘ජනතාවගේ හැසිරීම හොඳ නැති බවයි‘

    ‘‘සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකියි. ඒ නිසා ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට රජයට සිදුවේවි. අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් එළිපිටම අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබුණා. මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලය ඉතාම පැහැදිලියි‘‘

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ජනතාවගේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශ කනගාවුට පත්ව සිටින බවයි.

    ‘‘රජය විසින් දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමටයි. ඒ සදහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ සහාය නැතිව මේක සාර්ථක කරගන්න බැහැ. සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වුණ ආකාරය අපි දැක්කා. මෙම තත්ත්වය කිසිසේත් යහපත් දෙයක් නොවෙයි. ජනතාවගේ මෙවැනි වගකීම් විරහිත හැසිරීම් මගින් කොවිඩ් වසංගතය තව දුරටත් ව්‍යාප්ත වෙනවා‘‘

  • ‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !

    ‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !

    චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි.

    මම දිනක් බෙහෙතක් ගැනීමට ෆාමසියකට ගියෙමි. එහි චීන ජාතිකයෙක් මහ හඬින් කැඩුණු ඉංග්‍රීසියෙන් කථා කරමින් සිටියේය.ඔහුගෙන් දැඩි දුගඳක් හමමින් තිබිණි. සිරුර පුරා දුවිලි තැවරී තිබුණි. ඇඳ සිටි ඇඳුම තැනින් තැනින් ඉරී තිබුණි. ඔහු ඉල්ලන්නේ මත් වෙන ඖෂධයක් බව මට වැටහිණි. ඔහු ඉල්ලන ඖෂධ නොදිය හැකි බව ඖෂධවේදියා පැවසූ පසු, චීන ජාතිකයා මහහඬින් කෑගසමින් ඉවතට ගියේය. ඔහු වරාය ගොඩනගන කම්කරුවෙක් බව ඖෂධවේදියාමා සමඟ පැවසීය.

    ඊට දින කිහිපයකට පෙර මම චීන සමාගමක කළමනාකරුවෙක්  දුටිමි. ඔහු ඇඳ සිටියේ ටයි කෝට්ය. ඔහු වරාය නගරය ගොඩනගන ආයතනයේ වැඩ කරන බව මම දැනගතිමි. මා ෆාමසියෙහි සිටින විට හමුවූ චීන ජාතිකයා ඇතැම්විට එහිම වැඩකරණ කම්කරුවෙක් විය හැකියැයි මට සිතුණි. සමාජවාදී රටකින් පැමිණි මේ දෙදෙනාගේ වෙනස ගැන සිතූ මගේ මතකයට ආවේ 1970 ගණන් වල අපේ ගම ආසන්නයේ ගිං ගඟ ගංවතුර වැලක්වීම ව්‍යාපාරයට පැමිණි චීන ජාතිකයන්ය. ඇඳුමෙන්ද  හැසිරීමෙන්ද ඔවුන්ගේ කම්කරුවන් සහ කලමණාකරුවන් වෙන්කර ගත නොහැකි විය. ඔවුන් අතිශයින් විනයානුකූල  සුන්දර මිනිසුන් විය. මේ වෙනස ඇතිවුයේ කෙසේදැයි සෙවීමට මම පෙළඹුනෙමි.

    මම වරාය නගරයෙන්ම වැඩ ඇරඹීමි. අන්තර්ජාලය මට පිහිට විය. කොළඹ වරාය නගරය තනන්නේ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් නම් පුද්ගලික සමාගමකිනි. හඩු පෙරාගත් චීන කම්කරුවාත්, කෝට් ඇඳි මැනේජරුත් වැඩකරන්නේ මෙම කොම්පැනියේය. මෙම කොම්පැනිය චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණි නම් පුද්ගලික කොම්පැනියකට අයිති අතුරු සමාගමකි.

    චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොවපුරා ඉදිකිරීම්,ගොඩකිරීම්,පාලම් තැනීම්, දුම්රිය මං තැනීම් සහ දියයට කැණීම් කරණ සමාගමකි. මෙම සමාගම ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ වැඩබිම් ඇති අතර  එහි අතුරු සමාගම වන චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් ලොව රටවල් අසුවක පමණ සියගණනක් ව්‍යපෘති කරයි.

    බහුජාතික චීන සමාගම යම් සමාගමක් රටවල් කිහිපයක ක්‍රියාත්මක වන්නේ නම් එය හදුන්වන්නේ බහුජාතික සමාගමක් ලෙසිනි. මෙම යෙදුම ඇසුණු සැණින්ම උපවාසයේ යෙදන දේශපාලකයන් සහ පැවිදි උතුමන් මගේ සිහියට නැගුණි. මෙම චීන බහුජාතික සමාගමේ ආදායම වසරකට ඩොලර් බිලියන 16 ක් පමණ වේ.

    චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි. මෙය දුටු මට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ චීන අධිරාජ්‍ය විරෝධීන් අතර ව්‍යාපාර කිරීමට, සාමකාමී සහජීවනය ගොඩනැගී ඇති සැටි මැනවින් වැටහිණි. එසේම සුන්දර සමාජවාදී චීනය පුද්ගලික කොම්පැණි තනා, තම රටෙහි සමාජවාදී පුරවැසියන් සූරාකන අයුරුද මට වැටහුණි.

    චීනයට මෙවැනි කොම්පැණි තනන්නට අවශ්‍ය ඇයි? ඒ රටකට ණය ආධාර දෙන අතරම, තම කොම්පැණි ලවා එම මුදල චීනයට නැවත ගෙන්වා ගැනීමටය. 1980 ගණන් වලට පෙර අපට ප්‍රදානයන් ලෙස ගිංගඟ ව්‍යාපාරය, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ලබා දුන් පරහිතකාමී චීනය අද නැත. මුදලම මුල් කරගත් රටක් අද එහි ඇත.

    චීන රජය අපට ණය ආධාර ලබාදෙයි. අපි  ඒ ණයෙන් චීන රජයට අයිති කොම්පැණි ලවා චීනය යෝජනා කරණ ඉදිකිරීම් කරමු. ණය පොලිය සමග ගෙවිය යුත්තේ අපය. ණය නොගෙවුවහොත්, චීනය අපෙන් ඔවුන් කල ඉදිකිරීම ඉල්ලා ගනියි. ඉදිකිරීම් කරන්නේ පුද්ගලික කොම්පැනියක් නිසා, කොම්පැණිය හරහා අදාළ අයට කොමිස් ගෙවීම හා අල්ලස් දිම කල හැක. එනිසා චීන රජය යහපත්ය, අවංකය. අල්ලස් ගෙවන්නේ පුද්ගලික කොම්පැණියකිනි.

    මෙම  චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් සමාගමත් චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණියත් රටවල් ගණනාවක සහ ලෝක සංවිධාන ගණනාවක අල්ලස් සහ දුෂණ ක්‍රියා වලට වැරදිකරු වී තිබේ. එහෙත් චීනය ඇතැමුන්ට තවමත් සමාජවාදීය. අධිරාජ්‍ය විරෝධීය.

    වික්ටර් වීරසිංහ

  • ගංඟා පහක් ආශ්‍රිත පහත්බිම්වලට ‘ගං වතුර අවදානමක්’

    ගංඟා පහක් ආශ්‍රිත පහත්බිම්වලට ‘ගං වතුර අවදානමක්’

    නිරිත දිග මෝසම සක්‍රීය වීම සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිව අති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා කියයි.

    • වැසි තත්වය ඉදිරියටත් පැවතියහොත් කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • කළු ගඟ ද්‍රෝණියේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අබේගම, ඇහැලියගොඩ, ඉංගිරිය, හොරණ, කලවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බෝපේ පෝද්දල සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
    • නිල්වලා ද්‍රෝණියේ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
    • අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, කටාන, මිනුවන්ගොඩ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර ඇතිවිය හැකි බවද සුගීෂ්වර මහතා කියයි.
  • ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

    විපක්ෂ නායකවරයාගේ ගරු ආර්යා තනතුර හොබවන ජලනි ප්‍රේමදාස කොළඹ ෂැංග්‍රීලා හෝටලය තුළ vvip සැලූන් සහ ස්පා එකක් පවත්වාගෙන යන බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එහි නම ‘Jalspa’ යන්නයි. සැලුන් එක සහ ස්පා එක ජලනිගේ වෘත්තීය ආදායම් මාර්ගයයි. රජය විසින් නිරෝධායන නීති යටතේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහ ස්පා වසා දමන ලෙස පවසා තිබියදීත් ජලනි ප්‍රේමදාස ගේ vvip ස්පා එක විවෘතව තබාගෙන සිය සේවාදායකයන්ට සේවා සපයන ලදී. සජිත්ගේ අතිජාත මිත්‍ර ටිරාන් අලස් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීය. ඔහුගේ සමීප හිතවත්කම මත මේ වනවිට ජලනි බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු දේශපාලන ඩීල් කාරියක් වී සිටින බව සමගි ජනබලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සැලවේ. එමනිසා ජලනිට නිරෝධායන නීතියට පිටින් ස්පා එක පවත්වාගෙන යාම ගැටලුවක් නොවන්නට ඇත.

    කෙසේ වෙතත් පසුගිය 14 වනදා එහි සේවය කල සියලු දෙනා කෝවිඩ් පොසිටිව් වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු විය. ඒ අනුව 15 වනදා ආයතනය වසා දැමීමට ජලනි ප්‍රේමදාස කටයුතු කරන ලදී. එහෙත් එදින සිට ස්වයං නිරෝධායනය විය යුතු ප්‍රේමදාස යුවළ එසේ නොකර එය රහසක්ව තබා ගනිමින් වගකීම් විරහිත ලෙස හැසිරී ඇත.

    ජලනි සමගිය අනතුරේ හෙලීම

    ජලනි ප්‍රේමදාස නිල නොවන පක්ෂ නායිකාව ලෙස ක්‍රියා කරන බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ සියළුදෙනාම දන්නා කරුණක් බවට පත්ව ඇත. පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගයේ නායිකාව වන්නේද ජලනිය. පක්ෂයේ නිල නොවන තීරණ ගන්නා කමිටුව (Kitchen Working Committee) රැස් වන්නේද ජලනිගේ ස්පා එක තුළය. ඒ සඳහා නිරූපා කරුණාරත්න, සුලක්ඛනා වැන්නියන් නිරන්තරව සහභාගීවේ. පක්ෂයේ නිල නොවන රැස්වීම් සිය ස්පා එක තුළ පවත්වද්දීත් ජලනිට වගකීම් සහගතව හැසිරී ස්පා එක මගින් පක්ෂයට කොරෝනා බෝ නොකිරීමට යුතුකමක් තිබිණි. එහෙත් ඇය එය පැහැර හැර ඇත.

    සජිත් නිරෝධායන නීති කඩමින් රණවිරු සැමරුමට එක්වෙයි.

    තත්ත්වය එසේ තිබියදී මේ සියල්ල රහසක් ලෙස තබා ගනිමින් වගකීම විරහිත ලෙස මැයි 22 රණවිරු සැමරුමට ද සජිත් සහභාගීවී තිබේ. ජනාධිපති, අගමැති ඇතුලු මැති ඇමතිවරුද ත්‍රිවිධ හමුදාපතිවරු ද සහභාගී විය.

    එලෙස මුලු රටක්ම වගකීම් විරහිත ලෙස ක්‍රියාකරමින් අනතුරේ හෙළීම නිරෝධායන නීතිය යටතේ බරපතල වරදකි. මේ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 262 සහ 264 වගන්ති යටතේ සජිත් සහ ජලනි යුවලට නඩු පැවරිය හැක.

    එහෙත් රාජපක්ෂලා සජිත්ට කෙසේ වෙතත් ජලනිට එසේ නොකර බව පෙනෙන්නට තිබේ. සජිත් නිවාස ඇමති කාලයේ රටපුරා සෑදූ නිවාස වලට සිමෙන්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ජලනිගේ මව බව මේ වනවිට දැනගන්නට ඇත. ඒ තුළින් ඇය විශාල මුදලක් හම්බකරගෙන ඇති බව ආරංචිය. එහෙත් රාජපක්ෂලා ඒවා සොයන්නේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදේ සිදුවූ වංචා පිළිබඳව ද කිසිඳු හාවක් හූවක් නැත. ඩීල් එක යන්නේ එහෙමය. මීට පෙර සජිත් ගේ අක්කා දුලාංජලී හොර නෝට්ටු මුද්‍රණය කර හසුවූ විට ඇයව බේරාගත්තේ ද මහින්ද රාජපක්ෂය.

    කෙසේ වෙතත් සාමන්‍ය ජනතාව නිකටෙන් පහලට මාස්ක් එක දැමූවිට එය හේතුකොටගෙන කුදලාගෙන යන පොලිසිය හෝ ඒවා වීඩීයෝ කරමින් ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කෙලෙසන මාධ්‍ය සජිත් සහ ජලනිගේ නිරෝධායන නීති උල්ලංඝනය ගැන මීක් කියන්නේ නැත. අපේ රටේ මාධ්‍ය, විපක්ෂය සහ ආණ්ඩුව යන සැමට පුරවැසියාට වඩා ඩීල් එක ලොකුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙව් රටක ඉපදීමේ පව ගෙවිය යුතු වන්නේ පුරවැසියාය.

    -සමගි ජන බලවේගය සුරකීමේ ව්‍යාපාරය-

  • අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

    අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

    සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    “1965” කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    ‘’අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයත් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායත් එකතු කරමින් අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් උපදෙස් පරිදි 1965 කෙටි දුරකථන ඇමතුම හරහා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනතා ගැටලු විසඳීම අරලියගහ මන්දිරය කේන්ද්‍රකරගනිමින් අපි අද ආරම්භ කරනවා.

    මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුහුණපාන ගැටලු විශේෂයෙන් සංචරණ සීමා කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දීත් පැන නගින ගැටලු ඒ ඒ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම හා ජනතාවට වඩා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කරගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස 1965 දුරකථන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා.

    සංචරණ සීමා කාලය තුළත් මෙම ව්‍යවසනයෙන් මේ රට මුදාගන්නා තුරුත් ඊට පසුවත් රටේ මහජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් තවත් සමීප කරවන තාක්ෂණය භාවිතා කරන ගමන් ඔවුන්ගේ අදහස් හා ඔවුන්ට අවශ්‍යතා තිබේ නම් අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර ඒවා ඉටු කරගැනීමට අවශ්‍ය පරිසරය හදන එක තමයි මේ මධ්‍යස්ථානයෙන් අපි බලාපොරොත්තු වන්නෙ.

    අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබට මේ කාල සීමාව තුළත් සංචරණ සීමා පැනවුණු කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය සේවා හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දීත් කොරෝනා ව්‍යවසනය නිසා තමන්ගෙ ජන ජීවිතය අඩාල වුණ අවස්ථා තිබෙනවා නම් හෝ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධීකරණ ගැටලු තිබෙනවා නම් ඒ වගේම ඒ කටයුතු කාර්යක්ෂම කරගන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔබ 1965 දුරකථන අංකයට කතා කරන්න.

    ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ජනාධිපතිතුමාගේත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් උපදෙස් පරිදි අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමෙන් ඒ හරහා අපට ඔබව අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

    විශේෂයෙන්ම අපි බලාපොරොත්තුවෙනවා ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශිය මට්ටමෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ප්‍රජා පොලිසිය එක් කරමින් ඒ ඒ ප්‍රදේශයේ ගැටලු සම්බන්ධීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර පවත්වාගෙන යන්න.

    ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය තවත් ඉදිරියට ගෙනයමින් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ සමඟ ජනතාව සම්බන්ධීකරණය කිරීමත් 1965 මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරගැනීම සඳහා සංචරණ සීමා පවතින කාලය තුළ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් 1965 අංකය භාවිතා කරන්න.

    ඒ එක්කම මේ අංකය භාවිතා කිරීමේ දී අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබව ඒ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම. එහිදී ප්‍රාදේශීය මට්ටමෙන් අපේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ ප්‍රාදේශිය සභාව නැතිනම් ප්‍රාදේශිය කමිටුව විසින් ඔබව දැනුවත් කරයි. එසේ සම්බන්ධ විය නොහැකි වුණොත් 1965 සමඟ සම්බන්ධ වෙන්න.

    මේ මධ්‍යස්ථානය පවතින්නෙ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රජයට හා රාජ්‍ය ආයතනවලට සහයෝගයක් දෙන්න. එම සහය ලබාදීම සඳහා අපට උදව් කරන්න කියන ඉල්ලීමත් කරනවා. ඔබේ ජන ජීවිතය පහසුකරවන්න පිහිටවූ මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍යතාව අනුව පමණක් ඇමතුම් දෙන්න.

    1965 මෙම මධ්‍යස්ථානය සංචරණ සීමා තිබුණත් නැතත් කොරෝනා වසංගතය තිබුණත් නැතත් අත්‍යවශ්‍ය සේවා සහ රටේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල හරහා ඉදිරියට යනවිට දිගින් දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ, සනත් නිශාන්ත, ජානක වක්කුඹුර මහත්වරු සහ රාජ්‍ය නිලධාරින් හා 1965 කෙටි දුරකථන මධ්‍යස්ථානයේ නිලධාරී මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

  • සංචරණ සීමා දීර්ඝ කිරීම – රජය විසින් නිකුත් කළ ‘සම්පූර්ණ නිල නිවේදනය‘ මෙන්න

    සංචරණ සීමා දීර්ඝ කිරීම – රජය විසින් නිකුත් කළ ‘සම්පූර්ණ නිල නිවේදනය‘ මෙන්න

    සංචරණ සීමා ජූනි 07 දක්වා   මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ

    • ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට
      එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර
    • ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින්
      ජංගම වෙළෙඳ රථ
    • ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ
    • සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම්

    පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි.

    හෙට (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒ අනුව හෙට (25) දින විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

    සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

    සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

    හෙට (25)  දිනයේ දී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ. කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය.

    • හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.
    • මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
    • මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04  අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.
    • ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
    • ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

    යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

    සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

    ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකය.

    ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි

    දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා, “හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. එහිදී වාහන පාවිච්චි කරන්න බෑ”.එසේම මැයි 31 වනදා සහ ජුනි 4 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට එක් අයෙකුට පමණක් නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙනවා‘‘.

  • මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

    මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

    ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව ලෝක කුසලාන සුපිරි ලීගයටට අදාළ ලකුණු මල්ලට තවත් ලකුණු 10 ක් එකතු කරගැනීමටද සමත්වූවේය.

    නායක සහ උපනායක කුසල්ලාගේ කඩුලු ඇතුළු ඉදිරි පෙළ කඩුලු 6 ක් ලකුණු 102 කදී දැවී ගොස් අසීරුතාවයට පත්ව සිටියදී අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ශ්‍රී ලංකාවට යම් කිසි අස් වැසිල්ලක් ගෙන ආවේය. ප්‍රමාදව පැමිණියත් අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු වනිඳු හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 60 කදී  වේගවත් ලකුණු 74 ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ යළිත් තරගය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

    පිටියට පිවිසි අවස්ථාවේදී දසුන් ශානකට එක්වූ වනිඳු පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් පන්දුවට පහර දෙමින් ඉනිම ගොඩනංවමින් සිටියදී දසුන් ලකුණු 14 කට දැවී ගියේය. එතැන් පටන් වනිඳුට එක්වූ ඉසුරු උදාන ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 211 ක් වන තෙක් රැගෙන ආ මොවුන් දෙපළ පිට පිට පන්දු දෙකකදී දැවී නොයන්නට ඇතැම් විට තරගයේ ඉරණම මීට වඩා ශ්‍රී ලංකාවට වාසි දායක වන්නට ඉඩ තිබිණ.

    පිටියට පිවිසි අවස්ථාවේ සිට බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු නිදහසක් ලබා නොදුන් වනිඳු පිටිය සිසාරා පහරවල් එල්ල කරද්දී වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට දෝලනයවිය. මොහොමඩ් සෆියුඩීන් යවන ලද 44 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවටත් මුස්තෆිසූර් රෙහ්මාන් යවන ලද 45 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටත් පිළිවෙළින් වනිඳු හස ඉසුරු දැවී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 47 ක් පමණක් බැවින් වනිඳුගේ උත්සාහයට නිසි වටිනාකමක් නොලැබිණ.

    කෙටි පන්දුවකට එල්ල කරන ලද පුල් පහර මිඩ් විකට් කළාපයේ පන්දු රැකි අෆීෆ් හොසේන්ගේ දෑත් අතර සිරවීමෙන් වනිඳුද මෙහෙදි හසන්ගේ විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඉසුරු උදාන ලකුණු 21 කට දැවී ගියේය.

    බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් මෙහෙදි හසන්ට අමතරව හොඳ රිද්මයකින් පන්දු යැවූ මුස්තෆිසූර් රෙහ්මාන් ලකුණු 34 කට කඩුලු 3 ක්ද මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 49 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    බංග්ලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී ධනංජය ද සිල්වාගේ ලකුණු 45 කට කඩුලු 3 ක් දක්ෂ පන්දු යැවීම කැපී පෙනිණ. කාසියේ වාසියත් සමග ඉනිම ඇරැඹි බංග්ලාදේශ කණ්ඩායම 23 වැනි පන්දුවාරය අවසන් පන්දු 2 දී ටමීම් ඉක්බාල් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු දවා ගනිමින් පීඩනය තර කිරීමට ධනංජය ද සිල්වා සමත්විය. එම කඩුලු දවා ගැනීමත් සමඟ එතෙක් වෙලා කඩුලු 2 කට ලකුණු 99 ක් ව තිබූ බංග්ලාදේශ ඉනිම ලකුණු 99 කට කඩුලු 4 ක් බවට පත්විය.

    අනතුරුව පිටියට පිවිසි මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් ආරම්භය බිඳ වැටුණු බංග්ලාදේශයට ජීවය එක් කරන ලද්දේ අර්ධශතක වාර්තා කරගනිමිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු එම අර්ධ ශතක සම්බන්ධතාවයේදී ලකුණු 109 ක් බංග්ලාදේශ පිලට එක් විය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 87 කදී ලකුණු 84 ක් රැස් කරගත්තේය. ලක්ෂාන් සඳකැන්ට එරෙහිව රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කවර් පොයින්ට්හි පන්දු රැකි ඉසුරු උදාන රැක ගැනීම නිසා ශතකයක් කරා යෑමට තිබූ පහසුම අවස්ථාව මඟ හැර දමා 40 වැනි අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට රහීම්ට සිදුවිය.

    රහීම්ට අනගි සහායක් ලබා දුන් මහමුදුල්ලා අද එක්දින තරග දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් සිය ග්‍රහණය තර කරමින් පන්දු යැවීම නිසා අදාළ සම්බන්ධතාවය අතරතුර මෙම පිතිකරුවන් දෙදෙනා එල්ල කරන ලද්දේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් වීම කැපී පෙනුණි.

    ඔවුන් දෙදෙනාගේ ඉනිමට අමතරව ටමීම් ඉක්බාල් විසින් රැස් කරන ලද ලකුණු 52 ත්,7 වැනි කඩුල්ල වෙනුවෙන් අෆීෆ් හොසේන් සහ මොහොමඩ් සයිෆුදීන් පන්දු 17 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 27 ක සම්බන්ධතාවයත් හේතුවෙන් ලකුණු 258 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

    පන්දු යැවීමේදී ධනංජය ද සිල්වාට අමතරව දඟ පන්දු යවන්නන් වුණු ලක්ෂාන් සඳකැන් සහ ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවා ගත්හ. වනිඳු හසරංගට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් සිය පන්දුවාර 10 ලකුණු 48 ක් පමණක් ලබා දී අවසන් කිරීමට හේ සමත්විය. දඟ පන්දු යවන්නන්ට ආරක්ෂාකාරී පිළවෙළක් අනුගමනය කළ රහීම් – මහමුදුල්ලා යුගලය 43 වැනි පන්දුවාරය වන විට ලකුණු 199 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූයේ අවසන් පන්දුවාර 8 තුළදී වේගයෙන් පන්දුවට පහර දිය හැකි වන තරමට අවශ්‍ය කඩුලු සංඛ්‍යාව ලකුණු පුවරුවේ ඉතිරි කර ගනිමිනි.

    Text by sl cricket
  • ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

    ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා.

    කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

    රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් මර්දන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙරට ධානපතියන්ගෙන් සහ විදේශගත ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙම අධිසුඛෝපභෝගී වාහන ‍තොගය ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම පුදුමය දනවන්නක්.

    උපුටා ගැනීම: මීමැස්සෝ ඩොට් එල්කේ

  • ආයුර්වේද රෝහල් 50ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ

    ආයුර්වේද රෝහල් 50ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කෙරේ

    දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද දින (23) තීරණය කරන ලදි.

    මෙම තීරණය ගන්නා ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී ය.

    දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ  ද සහභාගීත්වයෙන් යුතු ව පැවති මෙම සාකච්ජා‌වේ දී ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමග ඇඳන් 3500 ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා එක් වේ.

    මෙම සාකච්ඡාවේ දී කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සියළු සෞඛ්‍ය මණ්ඩල වලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබදව විධිමත් පුහුණුවක් ලබාදීමටත්, සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමටත් තීරණය කරන ලදි.

    එමෙන්ම ප්‍රතිකාර සේවාවන් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය  උපකරණ, ඖෂධ, පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල කඩිනමින් ලබාදීමටත්, කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාලව රෝහල්වල සිදු විය යුතු භෞතික වෙනස්කම් කඩිනමින් සිදු කිරීමටත්, ඒ් සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ හා මුදල් අමාත්‍යාංශය එක්ව ලබාදීමට ද එකඟතාව පළ කරන ලදි.

    තව ද ප්‍රතිකාර සදහා යොමු කරන රෝගීන් ඇතුලු  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, ප්‍රණීත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් එම කටයුතු නිසි අයුරින් සිදු වන බවට විමර්ශනය කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය, සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සේනක පිලපිටිය මහතා, පළාත් ආයුර්වේද කොමසාරිස්රු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • Sri Lanka Unites නමින් කල්ලියක් ‘කොවිඩ් ඇමතිනියගේ’ නම විකුණමින් සුපිරි ජාවාරමක !

    Sri Lanka Unites නමින් කල්ලියක් ‘කොවිඩ් ඇමතිනියගේ’ නම විකුණමින් සුපිරි ජාවාරමක !

    • රෝහල්වලට අවශ්‍ය වන උපකරණ යැයි සදහන් කරමින් තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන්න.
    • අවශ්‍ය උපකරණ අදාල රෝහල්වලට පමණක් ලබාදෙන්න

    කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒ්කක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබදව අමාත්‍යවරිය ඔවුන්වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටී.

    එහෙත් ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් මේ වසංගත අවස්ථාවේ අමාත්‍යවරියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සදහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇත. Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිතා කර ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන අතර ඒ සදහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබානොදෙන ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී. එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැත. මේ පිළිබදව විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුවද සම්බන්ධ කර ගැනීමට නොහැකිවිය. 

    මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාල රෝහල් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සදහා තමාගේ නාමය යොදාගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒ්වෙත යොමු කිරීම පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටී.  

  • Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ මේ සියලුම විද්‍යාත්මක කරුණු‘ දැන සිටියාද ?

    Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ මේ සියලුම විද්‍යාත්මක කරුණු‘ දැන සිටියාද ?

    • කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිශ්‍ර කළ හැකි ද?
    • සිනොෆාර්ම්, ස්පුට්නික් වී, ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන දැනගත යුතු තොරතුරු මොනවා ද?
    • ආසාත්මිකතා ඇති අයට එන්නත් සුදුසුද?

    පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.

    එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් පවතින ප්‍රතිශක්තියක් ලබා දිය හැකි ද යන්න සහ එන්නත් කිරීමේ ක්‍රියාදාමයට වඩාත් නම්‍යශීලී බවක් ලබා දීමේ පරමාර්ථයෙන් එක්සත් රාජධානිය තුළ මෙම පරීක්ෂණ පැවැත්වේ.

    පළමු වරට ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා ඇති වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තිබේ.

    මෙහි පළමු අදියරේ වාර්තාව මාර්තු 13 වෙනි දින නිකුත් කර තිබේ.

    එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ.

    විවිධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

    කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත.

    “එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ,” පරීක්ෂණ සිදු කරන කණ්ඩායමේ ප්‍රධානී ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

    මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව පවසා තිබේ.

    මහාචාර්ය මැතිව් ස්නේප් පැවසුවේ පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බවය. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වේ.

    ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බවය.

    ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙක ලබා දුන් අතර, ඔවුන් තුළ උණ ගතියක් නිරීක්ෂණය වී තිබේ. නමුත් ඕනෑම අනුපිළිවෙලකට ඔවුන්ට පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් දෙවෙනියට ෆයිසර් එන්නතත් ලැබුණේ නම්, උණ ගතියක් පෙන්වීමේ අනුපාතය 34% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    “සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, ව්‍යාධිය සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණවල ද අදාළ වෙනස්කම් ඇති වී තිබෙනවා” යැයි මහාචාර්ය මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

    “මෙයින් අපට පැවසෙන එක් දෙයක් නම්, පිරුණු වාට්ටුවක හෙද හෙදියන්ට වෙනස් එන්නත් මාත්‍රා ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක් යන්නයි. මොකද ඊළඟ දවසේ වැඩි දෙනෙක් වැඩට නොඑන්න ඉඩ තියෙනවා.”

    Covid vaccines in Sri Lanka

    ලොව තවත් රටවල් මිශ්‍ර මාත්‍රාවන් භාවිත කිරීම ගැන සලකා බලති. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය.

    පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා රුසියාවේ ස්පුට්නික් වී එන්නත තරමක් වෙනස් මාත්‍රාවන් දෙකකින් භාවිත කෙරෙයි.

    එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය.

    “එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්,” ඔහු බීබීසී සේවයට පැවසීය.

    කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත.

    ශ්‍රී ලංකාව තුළ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දෙන්නේ ද?

    කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ?

    පසුගිය සතියේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බවය.

    මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි.”

    මේ අතර, රට තුළ කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.

    Covid vaccines in Sri Lanka
    එන්නත ලබා ගන්න පෝලිමේ සිටින කඩුවෙල ප්‍රදේශවාසීන්

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට ෆයිසර් හෝ ස්පුට්නික් වී එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබා ගත හැකිද යන්න සලකා බලනු ඇත.

    නමුත් මේ ගැන තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති අතර ලොව පුරා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවය. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මනින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට වෛද්‍යවරිය බලාපොරොත්තු පළ කළාය.

    චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් (Sinopharm) එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවා ද?

    • මෙය ලබා දීම නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි. ශ්‍රී ලංකාව තුළ දැනට සයිනොෆාර්ම් එන්නත ලබා දෙන්නේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ටය.
    • සිනොෆාර්ම් එන්නතෙහි මාත්‍රාව වෙනත් කොවිඩ්-19 එන්නත් සමඟ මිශ්‍ර කර ගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. ඒ හේතුවෙන් මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිතා කිරීම නිර්දේශ කරයි. කෙසේනමුත්, ලොව පුරා සිදුවන පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය.
    • මෙම එන්නතේ අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගුය.
    • නිර්දේශිත මාත්‍රාව – මාංශ පේශි (ඉහළ හස්තය) තුළින් ශරීර අභ්‍යන්තරව ලබා දෙන මාත්‍රා දෙකකි (මිලි ලීටර් 0.5). මාත්‍රා දෙක අතර සති 3-4 ක කාල පරතරයක් නිර්දේශ කරයි.
    Covid vaccines in Sri Lanka
    • එන්නත සම්බන්ධයෙන් පවතින සැපයුම් ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සහ වෙනත් රෝග ඇති පුද්ගලයන්, වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
    • උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම පසුවට කල් දැමිය යුතුය.
    • ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සහ වෙනත් දරුණු රෝග ඇති පුද්ගලයන් සඳහා ද නිර්දේශ කර ඇත.
    • එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
    • ගර්භනී කාන්තාවන් සඳහා ද මෙම එන්නත ලබා දීමේ ගැටලුවක් නොමැති නමුත්, මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිර්දේශ කරයි.
    • අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහාද එන්නත භාවිත කිරීම සුදුසුය. එමෙන්ම එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.
    • ඔබට මින් පෙර කොවිඩ්-19 වැළඳී තිබුණත් ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගැනීමට හැකිය.
    • කොවිඩ් 19 වැළඳී සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගෙන PCR පරීක්ෂණයකින් තහවුරු කරන තෙක් අදාළ පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය.
    • එන්නත ලබා දීමෙන් පසු කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම දැනට නිර්දේශ නොකරයි.

    (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය)

    ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලේ කැටි ගැසීමක් සිදු වේද?

    කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.

    Covid vaccines in Sri Lanka

    එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න නිශ්චිතවම තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව “තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති.

    එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි.

    මේ අනුව එක්සත් රාජධානිය ඇතුළු රටවල් කීපයක් වයස අවුරුදු 40ට අඩු සියලුදෙනාට ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා වෙනුවට වෙනත් වර්ගයක එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

    කෙසේනමුත්, මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් වාර්තා වී ඇත්තේ ඉතා සුළු පිරිසකගේ පමණක් වන අතර, එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී.

    ස්පුට්නික් වී (Sputnik V) එන්නත

    රුසියාවේ ස්පුට්නික් වී කොරෝනාවෛරස් මර්දන එන්නත මගින් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබා දෙන බව ‘ද ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ වූ අවසාන අදියර අත්හදා බැලීම් ප්‍රතිඵලවලින් හෙළි විය.

    එය ආරක්ෂිත යැයි සලකනු ලැබ ඇති අතර, වෛරසය නිසා පුද්ගලයන් රෝහල් ගතවීම සහ මරණයට පත් වීමට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලබා දේ.

    අවසාන අත්හදා බැලීමේ දත්ත නිකුත් කිරීමට පෙර එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙම එන්නත මුලින් යම් මතභේදයකට ලක්විය.

    නමුත් විද්‍යාඥයින් පවසන පරිදි මෙම එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත.

    Covid vaccines in Sri Lanka
    රුසියාවේ ස්පුට්නික් වී එන්නත

    එය ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා සමානව සහතික කරන ලද එන්නතකි.

    නමුත් වෙනත් සමාන එන්නත් මෙන් නොව, ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් පිටපත් දෙකක් භාවිතා කරයි.

    එකම පිටපත දෙවරක් භාවිතා කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි.

    පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි.

    මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය.

    කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය යන රටවල මෙම එන්නත දැනටමත් භාවිත කරති.

    අසාත්මිකතා ඇති පුද්ගලයන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකිද?

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිලි කරන පරිදි:

    • ඔබට ලබා දෙන එන්නතෙහි අඩංගු ඕනෑම සංඝටකයකට ඔබට මින් පෙර දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇතිවී ඇත්නම් එන්නත ලබා ගැනීම සුදුසු නොවේ.
    • එන්නතෙහි පළමු මාත්‍රාවෙන් පසුව දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇති වුණි නම් එම පුද්ගලයින් එම එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා නොගත යුතුය.
    • එන්නත් හෝ එන්නත්වලට සම්බන්ධ නොවන අසාත්මිකතා උදා: ආහාර වර්ග,සුරතල් සතුන්, සර්ප විෂ, පාරිසරික සංඝටක හෝ රබර් නිෂ්පාදන වැනිදේ සඳහා මින් පෙර දරුණු අසාත්මිකතා (anaphylaxis) පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින් සඳහා ද කොවිඩ් 19 එන්නත ලබා ගත හැකිය (ඇමෙරිකා එක්සත් ජනපදයේ CDC ආයතනයේ නිර්දේශ).
    • ඖෂධ වර්ගවලට (උදා : Aspirin, Paracetamol, Ibuprofen, Amoxicillin වැනි ) අසාත්මිකතා ඇති අය හෝ පවුලේ දරුණු අසාත්මිකතා ඉතිහාසයක් (family history of anaphylaxis) ඇති පුද්ගලයින්ට ද එන්නත ලබා ගත හැකිය.
    • එන්නතක් ප්‍රතිකාරයකදී මින් පෙර ඔබට ක්ෂණික ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇති වී තිබේ නම් (දරුණු හෝ දරුණු නොවන ) ඔබට COVID-19 එන්නතක් ලබා ගැනීම සුදුසු දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. ඔබට එන්නත ලබා ගැනීම ආරක්ෂිත දැයි තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කරනු ඇත.
    • එන්නත ලබා ගැනීමෙන් පසුවද විනාඩි 15ක නිරීක්ෂණ කාලයක් තුළ ඔබ හට අසාත්මිකතා හටගැනීම පිළිබඳ නිරීක්ශණය කෙරෙනු ඇත (ඉතාමත්ම කලාතුරකින් ඇතිවිය හැකිය). එබැවින් එන්නත ලබා ගැනීමට බිය නොවන්න.

    අප වෙබ් අඩවිය සෞඛ්‍ය සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී හුදු උණුසුම් පුවත් වෙනුවට ජනතාව අතර ‘සෞඛ්‍ය සාක්ෂරතාව‘ වර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අනුව දැනුම, අධ්‍යාපනය, ආකල්පමය වෙනසක් ඇති කිරීම වගේම විද්‍යාත්මක සෞඛ්‍ය පුවත්, සෞඛ්‍ය පර්යේෂණ ගැන ද උපරිම අවධානයක් යොමුකරනවා. අපට අවශ්‍ය වන්නේ අපේ පාඨකයින්ට නිවැරදි, සමබර හා නිරවුල් සෞඛ්‍ය අධ්‍යාපනයක් හා පුවත් ලබාදීමයි. එමගින් තමයි ‘විශ්වාසනීයත්වය‘ බිහි වන්නේ. මෙහිදී අපි සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස ලොව පිළිගත් ප්‍රමුඛ වෙබ්අඩවි වලින් ලිපි උපුටා ගැනීම කරනවා. ඒ අතර බී.බී.සී සහ ෆෙමිනා ඉදිරියෙන්ම සිටිනවා. මෙහිදී අප අපගේ කාර්ය මණ්ඩලය ගැටලු හමුවේ ලෝ ප්‍රකට ප්‍රබලම මාධ්‍ය ආයතනය වන මහා බ්‍රිතාන්‍යයේ බී.බී.සී මාධ්‍ය ජාලයේ සිංහල වෙබ් අඩවිය වන බී.බී.සී සන්දේශය වෙතින් වාර්තා උපුටා ගැනීමට ප්‍රමුඛතාවක් දෙනවා. ඒ එම වාර්තා පරිපූර්ණ ඒවා වන නිසයි. ජනතාවට වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිසයි – ප්‍රධාන සංස්කාරක

  • ලොව මවිත කළ ‘ඊශ්‍රායල් – අරාබි සයදින යුද්ධයේ’ සුපිරි කතාව

    ලොව මවිත කළ ‘ඊශ්‍රායල් – අරාබි සයදින යුද්ධයේ’ සුපිරි කතාව

    ඊශ්‍රායලය හා පලස්තීනය අතර පසුගිය දිනවල පැවැති ගැටුම් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. ලංකාවේත් එසේමයි. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය දරුවන් ගැන සේම පලස්තීන වැසියන් ගැන ආණ්ඩුව ද නිවේදන නිකුත් කළා. මාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වීම ගැන මාධ්‍ය සංවිධාන නිවේදන නිකුත් කළා.

    අපි අදත් දකින – කියවන ඊශ්‍රායල් – පලස්තීන් අර්බුදය දශක ගණනාවක අතීතයට යනවා. කොටින්ම 1940 දශකවේ අභිනව ඊශ්‍රායල් රාජ්‍ය බිහි කිරීම දක්වා දශක 8ක අතීතයක් මේ නිමක් නැති ගැටුමට තිබෙනවා.

    මේ අතර ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේ හැරවුම් ලක්ෂයක් ලෙස 1967 ජූනි 05 වැනිදා ආරම්භ වූ ‘සය දින යුද්ධය‘ සැලකෙනවා. මෙතෙක් ලෝකයේ සිදු වූ අතිෂය තීරණාත්මක හා දීර්ඝ කාලීන බලපෑම් කළ යුද්ධ අතර මෙය ඉදිරියෙන්ම සිටිනවා.

    පහත දැක්වෙන දීර්ඝ ලිපිය මගින් ‘ලොව මවිත කළ ‘දින හයේ යුද්ධය’ -සැඟවුණු තොරතුරු‘ ඔබ වෙත ඉදිරිපත් කරනවා. දැඩි සංචරණ සීමා නිසා නිවසට වී අන්තර්ජාලය පීරමින් සිටින ඔබගේ තොරතුරු පිපාසයට මෙය කදිම අවස්ථාවක් වෙයි කියලා අපි හිතනවා.

    මීට අඩ සියවසකට පෙර ඊශ්‍රායලය සහ අසල්වාසී රාජ්‍යයන් අතර යුද්ධයක් ආරම්භ විය. යුද්ධය පැවතියේ දින හයකි. නමුත් ඉන් ලොවට ඇතිවූ බලපෑම අදටත් පවතී.

    ‘දින හයේ යුද්ධය’ හටගත්තේ 1967 දී වුවද ඊට මග විවර වීම ඊට දශක දෙකක් ඈතට විහිදෙයි.

    1948 වසරේ අවසාන භාගයේ දී අසල්වාසී අරාබි රාජ්‍යයන්, ඊශ්‍රායලය ආක්‍රමණය කළේ ‘නව රාජ්‍යය’ විනාශ කර දැමීමටය. නමුත් ඒ අරමුණ ඉටු නොවිණි. අරාබි හමුදා පරාජය විය.

    මෙම සටනේ දී ඊජිප්තු හමුදාවට ද දැඩි ප්‍රහාර එල්ල විය. එවක තිස් හැවිරිදි ගමාල් අබ්දෙල් නාසර් ඊජිප්තු හමුදාවේ මේජර්වරයෙකි.

    ඊශ්‍රායල් හමුදාවේ දකුණුදිග සේනාංකයේ මෙහෙයුම් ප්‍රධානියා වූයේ විසිහය හැවිරිදි යිට්ස්හාක් රබින් ය.

    සූවස් ඇල අරභයා ඇතිවූ අර්බුදයේ දී බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට සහ ඊශ්‍රායලයට අභියෝග කළ ඊජිප්තුවේ නව ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් වීරයෙකු බවට පත්විය
    සූවස් ඇල අරභයා ඇතිවූ අර්බුදයේ දී බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට සහ ඊශ්‍රායලයට අභියෝග කළ ඊජිප්තුවේ නව ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් වීරයෙකු බවට පත්විය

    “මහා විනාශය”

    හිට්ලර්ගේ නාසි හමුදාව විසින් යුදෙව්වන් මිලියන හයක් මරා දමනු ලැබ වසර කිහිපයක අවෑමෙන් තමන්ටම කියා රාජ්‍යයක් ස්ථාපනය වීම යුදෙව්වන්ගේ සිහිනය සැබෑ වීමකි.

    නමුත් පලස්තීනුවන් ‘1948’ වසර හැඳින්වුයේ “මහා විනාශය” ලෙසිනි.

    ඊශ්‍රායලය බිහිවූ භූමියෙන් පලස්තීනුවන් 750,000ක් පලා ගියහ. නැතහොත් පලවා හරිනු ලැබුණි. ඔවුන් කිසිවෙකුට නැවත එම භුමියේ පය තැබීමට අවසර නැත.

    එවක ‘ළදරු ඊශ්‍රායලය’ අතින් පරාජයට පත්වීම අරාබි හමුදාවන්ට මහත් දේශපාලනික කැළඹීමක් ගෙන දුන් මොහොතකි. එම කම්පනයෙන් මිදීමට වසර කිහිපයක් ගතවීත් අරාබි රාජ්‍යයන්ට නොහැකි විය.

    යිට්ස්හාක් රබින් (වමේ) 1967 වනවිට ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත්විය
    යිට්ස්හාක් රබින් (වමේ) 1967 වනවිට ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත්විය

    පරාජයේ වේදනාව

    1948 යුද්ධයෙන් සිව් වසරක් ගතවෙද්දී හමුදා කුමන්ත්‍රණයකින් ඊජිප්තුවේ රජු නෙරපා හරින්නට මූලික වුනේ ගමාල් අබ්දෙල් නාසර් ය. 1956 වනවිට ඊජිප්තුවේ ජනාධිපතිවරයා බවට පත්වූයේද නාසර් ම ය.

    එම වසරේදී ම සූවස් ඇල අරභයා ඇතිවූ අර්බුදයේ දී බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට සහ ඊශ්‍රායලයට අභියෝග කළ ඊජිප්තුවේ නව ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් වීරයෙකු බවට පත්වෙමින් මුළු අරාබි ලෝකයටම නායකයා විය.

    මේ අතරතුර සිරියාවේ වරින් වර හමුදා කුමන්ත්‍රණ දියත් වෙමින් තිබිණ.

    ඊශ්‍රායලයේ යිට්ස්හාක් රබින් තවමත් ඊශ්‍රායල් හමුදාවේ උසස් නිලධාරියෙකි. 1967 වන විට ඔහු ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත්විය.

    1948 දී ඊශ්‍රායලය අතින් පරාජයට පත්වීමේ වේදනාව තවමත් අරාබියෙන් පහව ගොස් නැත. අසල්වාසී අරාබි රාජ්‍යයන් එක්වී තමන් විනාශ කර දැමීමට ගත් උත්සාහ ඊශ්‍රායලයට ද කිසිදා අමතක කළ නොහේ.

    ඇවිලෙන ගින්නට පිදුරු

    නමුත් කොයි මොහොතක හෝ යළිත් යුද්ධයක් ඇතිවිය හැකි බව දෙපාර්ශවයම දැන නොසිටියා නොවේ.

    එකිනෙකා කෙරෙහි සැකයෙන් බැලීමටත් වෛරී සහගතව සිතන්නටත් ඊශ්‍රායලයට සහ අසල්වාසී අරාබි රටවලට ඕනෑතරම් හේතු සොයා ගත හැකි විය.

    ඇවිලෙන ගින්නට පිදුරු වැටුනේ 50 සහ 60 දශකයේ දී ඇමරිකාව සහ එවක ‘සෝවියට් සමූහාණ්ඩුව’ අතර පැවති ශීතල යුද්ධයෙනි.

    ඊජිප්තු ගුවන් හමුදාව නවීන ප්‍රහාරක යානා සහ අවි ආයුධවලින් පොහොසත් කරන ලද්දේ සෝවියට් සමූහාණ්ඩුව විසිනි.

    ඊශ්‍රායලය උණුසුම් ලෙස හාද වන්නේ එක්සත් ජනපදය සමග ය. නමුත් ඊශ්‍රායල හමුදාවට සැපයුම් ලබාදෙන ප්‍රධාන රට බවට ඇමරිකාව එවකට පත්ව නොසිටියේය. 1960 දශකයේ දී ඊශ්‍රායලය ගුවන් යානා මිලදී ගත්තේ ප්‍රංශයෙනි. යුද ටැංකි මිලදී ගත්තේ බ්‍රිතාන්‍යයෙනි.

    ජෙරුසලම, 1965 දී
    ජෙරුසලම, 1965 දී

    1948 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය තම පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිමක් නැතිව වෙහෙසෙන්නට පටන් ගත්තේය. දශලක්ෂයකට අධික සංක්‍රමණිකයන් පිරිසකට දොරටු විවර කළේය. හමුදාවට සේවය කිරීම තුළින් ඔවුන් ඊශ්‍රායල් ජාතියට එක්විය.

    ඊශ්‍රායලය, අතිශය ප්‍රබල හමුදාවක් කඩිනමින් ගොඩනගමින් සිටියේය. 1967 වනවිට ඔවුන් තමන්ගේම න්‍යෂ්ඨික අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් සහිත රාජ්‍යයක් බවට පත්වීමේ සන්ධිස්ථානයේ ආසන්නයට ම පැමිණ සිටියේය.

    ඊශ්‍රායලය එකම යුද්ධයකින් හෝ පරාජයවීමට සුදානම් නැත. හැම යුද්ධයක්ම ජයගත හැකි බවට හමුදාපති යිට්ස්හාක් රබින්ට දැන් අවිශ්වාසයක් නැත.

    යුද්ධයට සුදානම් වන ඊශ්‍රායල් සාමාන්‍ය ජනතාව, 1967 වසර
    ,යුද්ධයට සුදානම් වන ඊශ්‍රායල් සාමාන්‍ය ජනතාව, 1967 වසර

    ජනාධිපතිවරයාගේ මිතුරා ෆීල්ඩ් මාෂල්

    ඊජිප්තුව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වය වන සිරියාව තම හමුදාව පුහුණුකරවීමට එතරම් උනන්දුවක් නොදැක්වීය. ඒ වෙනුවට ඔවුන් පුරසාරම් දොඩවමින් සිටියේය.

    සූවස් ඇල පිළිබඳ ආරවුලේදී ඔවුන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය පරදවා දේශපාලනමය ජයග්‍රහණයක් වාර්තා කිරීම තුළින් 1948 දී ඔවුන් ලද යුද පරාජය අමතක වී තිබිණ.

    ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් තම වීරත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නව ව්‍යාපෘතියක නිරතව සිටියේය. ඔහු අරාබි ලෝකයේ ජාතිමාමක ව්‍යාපාරයකට අවතීර්ණ විය. ජනාධිපතිවරයා තම සමීපතම මිතුරා කර ගත්තේ තමන්ගේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා වූ ෆීල්ඩ් මාෂල් අබ්දුල් හකීම් අමිර් ය.

    ෆීල්ඩ් මාෂල් අමීර්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ සතුරාට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීම නොවේ. ජනාධිපතිවරයාට එරෙහිව හමුදා කුමන්ත්‍රණ සිදු නොවන ආකාරයට හමුදා නිලධාරීන් සතුටින් තැබීම ඔහුගේ පරම වෑයම විය.

    1967 දී ඊජිප්තුවට යේමනය සමඟ යුද්ධයක පැටලෙන්නට සිදු විය. ඇමරිකාවට වියට්නාමයේ දී අත්වූ ඉරණම, ඊජිප්තුවට යේමනයේ දී අත්විය. කෙතරම් හානියක් සිදුවුවත් ජනාධිපති නාසර් තම ත්‍රිවිධ හමුදාපති අමීර් ඉවත් කළේ නැත.

    ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා වූ ෆීල්ඩ් මාෂල් අබ්දුල් හකීම් අමිර්
    ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා වූ ෆීල්ඩ් මාෂල් අබ්දුල් හකීම් අමිර්

    අවි ගත් කුමාරයා

    සිරියානු හමුදාව ද දේශපාලනීකරණය වී හමාර ය. හමුදා කුමන්ත්‍රණ පෙළක ප්‍රතිඵල ලෙස ජනරාල්වරු පෙළක් වෙනස්වෙමින් පැවතිණි.

    කෙසේ නමුත් ඊජිප්තුව මෙන්ම සිරියාව ද ‘සෝවියට් සමූහාණ්ඩුවේ’ හිත මිතුරෝ වූහ.

    එකමුතුකම, සමානාත්මතාව, සහ ජාතිකත්වය පිළිබඳව අරාබි ලෝකය වැඩි වැඩියෙන් කතා කරති. නමුත් යථාර්ථය නම් ඔවුන් එකිනෙකා ගැඹුරින් භේද භින්න ය.

    ජෝර්දානයේ හුසේන් රජු මේ වනවිට බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ සමීප මිතුරෙකු බවට පත්වී සිටියේය. හුසේන් රජුගේ සීයා වූ අබ්දුල්ලා රජු සහ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වූ යුදෙව් කාර්යාංශ අතර රහසිගත සබඳතා පැවතුණි.

    1951 දී ජෙරුසෙලමේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට දී පලස්තීන ජාතිකයෙකු අතින් අබ්දුල්ලා රජු ඝාතනයට ලක් විය.

    එවක හුසේන් කුමරුගේ වයස අවුරුදු පහළොවකි. ඔහු තම සීයාගේ මරණය දුටුවේය. ඔහු පළමු වරට තුවක්කුවක් අතට ගත්තේ ය. හුසේන් කුමරු එවක් පටන් තුවක්කුවක් අතැතිව සිටියේය. වසරක් අවෑමෙන් ජෝර්දානයේ සිංහාසනය ඔහුට හිමිවිය.

    ජෝර්දානයේ හුසේන් රජු
    ජෝර්දානයේ හුසේන් රජු

    පූර්ණ සාමය ඇතිවීමට තරම් නොවුනත් ජෝර්දානය ටිකෙන් ටික ඊශ්‍රායලයට සමීප වෙමින් සිටියේය. හුසේන් රජු සමඟ ද රහසිගත කතා බහ පැවතුණි.

    ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර දේශසීමාව තරමක් නිහඬව පැවතිණි. නමුත් සිරියානු දේශ සීමාව අවට නිරන්තර අරගල සිදු විය. ඊශ්‍රායලය දෙසට ගලන ජෝර්දාන ගංගාව වෙනතකට හැරවීමට සිරියාව යත්න දරයි. ඊශ්‍රායලයට ජලය සැපයෙන්නේ ජෝර්දාන ගංගාවෙනි.

    මේ අතරතුර ඊශ්‍රායලයට වරින්වර පහර දී පලා යන පලස්තීන ගරිල්ලා සටන්කරුවන්ට සිරියාවේ රැකවරණය ලැබෙයි.

    1967 වනවිට ඊශ්‍රායල් හමුදාව කිසිදා නොවූ විරු තරමින් යුද්ධයකට සුදානම් ය. තම රට වෙනුවෙන් පෙරමුණ ගැනීමට සොල්දාදුවෝ පෙළ ගැසී සිටිති.

    කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යායුතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් කරන ලද්දේ ඊශ්‍රායලයේ කීර්තිමත් හමුදා ප්‍රධානියෙකු වූ මෝශේ දයාන් විසිනි
    කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යායුතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් කරන ලද්දේ ඊශ්‍රායලයේ කීර්තිමත් හමුදා ප්‍රධානියෙකු වූ මෝශේ දයාන් විසිනි

    යුද්ධයේ ‘ආරම්භක සංඥාව’

    දේශසීමා ආරක්ෂාව තර කෙරුණි. පලස්තීන ගරිල්ලන් වැට පැන පහර දී පලා යති. ඔවුන් තම රට ආක්‍රමණය කරන ත්‍රස්තවාදීන් ලෙස ඊශ්‍රායලය විසින් හඳුන්වනු ලැබිණ. ඊශ්‍රායලය පෙරළා පහර දෙති.

    ඊශ්‍රායල් – සිරියා දේශ සීමාව අවට ගැටුම් මහා යුද්ධයකට පාර කපමින් තිබුණි.

    සෝවියට් සමූහාණ්ඩුවේ මැදිහත්වීම හේතුවෙන් සියල්ල බරපතළ විය.

    1967 මැයි 13වැනිදා සෝවියට් සමූහාණ්ඩුව විසින් ඊජිප්තුවට අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබිණි.

    ඊශ්‍රායල් හමුදා සිරියානු දේශසීමාව දෙසට ගමන් කරමින් සිටින බවත් සතියක් ඇතුළත ප්‍රහාරයක් දියත් කරනු ඇති බවත් එම පණිවිඩයේ සඳහන් විය.

    යුද්ධයේ ‘ආරම්භක සංඥාව’ සෝවියට් සමූහාණ්ඩුවෙන් නිකුත්වූයේ මන්දැ’යි එවක් පටන් විවාදාපන්න ය.

    ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වන්නේ සෝවියට් රුසියාව හිතාමතා මෙම අර්බුදය ඇති කළ බවය. එමගින් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීම සෝවියට් රුසියාවේ යටි අරමුණ වී තිබූ බව එම ඉතිහාසඥයෝ පවසති.

    දත්ත

    පළමු වෙඩි උණ්ඩය

    ඊජිප්තු හමුදාව වහාම යුද්ධයකට පෙළගස්වන ලෙස, සෝවියට් රුසියාවේ පණිවිඩය ලැබී පැය 24ක් ඇතුළත ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවට ම අණදෙන ෆීල්ඩ් මාෂල් අමර් නියෝග කළේය.

    නමුත් මේවනවිට ඊජිප්තු හමුදාවේ අඩක් පමණ යේමනයේ සටනට එක්වී ඇති බැවින් මෙය තවත් යුද්ධයකට සුදුසු කාලය නොවන බව හමුදා ප්‍රධානීහු ෆීල්ඩ් මාෂල්ට දැනුම් දුන්හ.

    ෆීල්ඩ් මාෂල් අමර්ගේ පිළිතුර වූයේ යුද්ධයකට අවතීර්ණ වීම තම අභිප්‍රාය නොවන අතර මෙය ඊශ්‍රායලයේ තර්ජනය හමුවේ හුදෙක් “ප්‍රදර්ශනයක්” පමණක් බවය.

    දින දෙකක් ඇවෑමෙන් ඊජිප්තුව මෙම අර්බුදයේ පතුලට ම ඇද වැටුණි. ඊජිප්තු – ඊශ්‍රායල දේශ සීමාවේ මුර සංචාරය සඳහා යොදවා සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව එතැනින් ඉවත් කරන මෙන් ඊජිප්තුව නියෝග කළේය. එම නියෝගයෙන් සාම සාධක හමුදාව ඉවත් විය.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඌ තාන්ට් වහාම ඊජිප්තුවට පැමිණියේ සාම වෑයමක් උදෙසා ය. පළමු වෙඩි උණ්ඩය තමන්ගෙන් පිට නොවනු ඇති බවට ඊජිප්තු ජනාධිපති නාසර් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ප්‍රතිඥා දුන්නේය.

    මෙම ප්‍රතිඥාව ඇමරිකාවට සහ සෝවියට් රුසියාවට ද ජනාධිපති නාසර් විසින් දෙනු ලැබ තිබුණි.

    දත්ත

    ජෙනරාල් රබින්ගේ දුම් පානය

    මේ අතරතුර ඊශ්‍රායලයේ සෑම පුරුෂයෙකුටම හමුදා සේවය අනිවාර්ය කෙරිණි. ගතවූයේ දෙදිනකි. වයස අවුරුදු පනහට අඩු සෑම පිරිමියෙකුම පාහේ හමුදා ඇඳුමින් සැරසී සිටිනු දක්නට හැකි විය.

    මෙම තත්වය ඊශ්‍රායලයේ හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්ට ගෙන දුන්නේ දරාගත නොහැකි පීඩනයකි. හමුදාව කෙතරම් ශක්තිමත් වුවත් යුද්ධයකින් ඊශ්‍රායල් ජනතාව විනාශය කරා ගෙනයන බව ඔහුට ඒත්තු ගොස් තිබුණි.

    ජෙනරාල් රබින්ගේ දුම් පානය එන්න එන්නම වැඩි වන්නට පටන් ගත්තේය. එක් දුම් වැටියක් නිම කරන්නේ තවත් දුම් වැටියක් දල්වා ගැනීමෙනි. දිගින් දිගටම කල්පනාවේ නිමග්නව සිටි ඔහු අවසානයේ ස්නායු කම්පනයකින් සිහිසුන්ව ඇද වැටුණි.

    විසි හතර පැයක් නින්දට වැටී සිටි ඔහු සුවය ලබා අවදි වී නැවත සේවයට වාර්තා කළේය.

    මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී උණුසුම සමනය කිරීමට වෙහෙසෙමින් සිටියහ. පළමු වෙඩි උණ්ඩය තමන්ගෙන් පිට නොවන ලෙසට වග බලාගන්නා මෙන් ඇමරිකාව ඊශ්‍රායලයට දැනුම් දී තිබුණි.

    අරාබි ලෝකයේ වීරයා බවට පත්වී සිටින ඊජිප්තු ජනාධිපති නාසර් මේවනවිට ඊශ්‍රායලයට එරෙහිව මුළු අරාබිය ම පාහේ පෙළගස්වමින් සිටියේය.

    නමුත් ඊජිප්තු ජනාධිපතිවරයා පිළිබඳව ජෝර්දානයේ හුසේන් රජුට වැඩි විශ්වාසයක් නොතිබුණි. තත්ත්වය එසේ වී නමුදු, 1967 මැයි 30 වෙනිදා ජෝර්දානය සහ ඊජිප්තුව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම ජෝර්දානයේ හුසේන් රජුගේ අස්වැසිල්ලට හේතු විය.

    1967 මැයි 30: ජෝර්දාන් - ඊජිප්තු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හුසේන් රජු සහ ජනාධිපති නාසර්
    1967 මැයි 30: ජෝර්දාන් – ඊජිප්තු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හුසේන් රජු සහ ජනාධිපති නාසර් සතුටින්

    මිනී පෙට්ටි

    මේ අතරතුර ඊශ්‍රායලය මිනී පෙට්ටි තොග වශයෙන් සුදානම් කළේය. යුදෙව් ආගමික උද්‍යාන ‘හදිසි සුසාන භූමි’ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ලක්ෂ ගණන් ඊශ්‍රායල් ජනතාව රුධිරය දන්දීම සඳහා පෙළ ගැසුණි.

    ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කිරීමට තීරණය කළේය. ඊට කැබිනට් අනුමැතිය ලැබුණි. යුද්ධයේ ‘පළමු උණ්ඩය’ පිට කිරීමට ඊශ්‍රායලය තීරණය කළේය.

    ඔවුන්ගේ සැලසුම හිටි හැටියේ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමය. පළමු ප්‍රහාරය ඊජිප්තු ගුවන් හමුදාවට එල්ල කිරීමට තීරණය විය.

    මෙවැනි යුද්ධයකට ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ පුහුණු වෙමින් සහ සුදානම් වෙමින් සිටියේය. තම සතුරන්ගේ හමුදා කඳවුරු තිබෙන ස්ථාන මැනවින් හඳුනාගෙන තිබුණි. ඒ සඳහා ඔවුන් ගුවනේ සිට තොරතුරු රැස් කරමින් සිටියේ බොහෝ කල් සිට ය. දැන් ඔවුන් සතුරු ඉලක්ක හොඳින් හඳුනාගෙන තිබේ.

    ඊට අමතරව අරාබි හමුදාවල ඉහළ නිලධාරීන්ගේ කතා බහට රහසේ සවන් දෙමින් ඔවුන් වෙන් වෙන්ව හඳුනාගෙන හඬ පට රැස් කරගැනීමට ඊශ්‍රායල් ඔත්තු සේවාව සමත් විය. ඊජිප්තුවේ ෆීල්ඩ් මාෂල්ගේ හඬ ද දැන් ඔවුන් හොඳින් හඳුනයි.

    1967 ජුනි 05

    තත්ත්වය උණුසුම් වූ හෙයින් ෆීල්ඩ් මාෂල් අමර්, ඊජිප්තු හමුදාවේ ඉහළම තරු පළඳින ප්‍රධානීන් හදිසි රැස්වීමකට කැඳවීය. ඔවුහු ඊජිප්තු ගුවන් හමුදා කඳවුරකට රහසිගතව රැස්වීමට කතිකා කර ගත්හ. සාකච්ඡා මේසය වටා අසුන් ගන්නා මොහොතේදී ම ඊශ්‍රායලය සිය ප්‍රථම බෝම්බ ප්‍රහාරය දියත් කළේය.

    1967 ජුනි 05වැනිදා යුද්ධයේ ආරම්භය එසේ සනිටුහන් විය.

    ඊජිප්තු ගුවන් කඳවුරුවලට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරය
    ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණි

    ඊජිප්තු හමුදා ප්‍රධානීන් රැස්වූ ගුවන් හමුදා කඳවුරට බෝම්බ පතිත වන්නට විය. ෆීල්ඩ් මාෂල් අමර්ගේ යානය ගුවන්ගත කර ගැනීමට හැකි වූ නමුත් එය ගොඩ බෑමට තැනක් සොයා ගැනීමට අසීරු වූයේ ඒ වනවිට ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණු බැවිනි.

    දවස අවසානයේ ජෝර්දානයේ සහ සිරියාවේ ද ගුවන් කඳවුරු බොහෝ ප්‍රමාණයක් විනාශ කර දැමීමට ඊශ්‍රායලයට හැකිවිය. දැන් ගුවන් කලාපය සම්පුර්ණයෙන් ම පවතින්නේ ඊශ්‍රායල් පාලනය යටතේ ය.

    ඊජිප්තු ගුවන් යානා විනාශයට
    ඊජිප්තු ගුවන් යානා විනාශයට

    කිරුළ රැක ගැනීම

    ඊශ්‍රායලයේ සැලසුම පරිදි තමන්ගේ ප්‍රහාරය, සතුරාට අනපේක්ෂිත ප්‍රහාරයක් ම විය. දැන් ඔවුන්ට ඉතිරි වී ඇත්තේ ආරම්භ කළ රාජකාරිය නිම කිරීම පමණි.

    යුද්ධයට එක් නොවන ලෙස ජෝර්දානයේ හුසේන් රජුට ඊශ්‍රායලය අනතුරු ඇඟවීය. නමුත් එය නොතකා, පෙරළා පහර දෙන ලෙස ජෝර්දාන හමුදාවට හුසේන් රජු නියෝග කළේය.

    ඔහුට එසේ කරන්නට සිදු වූයේ තම කිරුළ රැක ගැනීම සඳහාය. එසේ නොකළේ නම් යුද්ධයේ ප්‍රතිඵලය කුමක් වුවත් තමන් සිහසුනෙන් බිමට ඇද දමා වෙනත් අයෙකු රජකරවන්නට අරාබි රාජ්‍යයන් පෙළ ගැසෙන බව හුසේන් රජු දැනගෙන සිටියේය.

    ගුවනින් යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායලය තම පාබල හමුදා ඉදිරියට යැවීමට පියවර ගත්තේය.

    ගෝලාන් කඳුවැටියේ ක්‍රියාන්විතය
    ගෝලාන් කඳුවැටියේ ක්‍රියාන්විතය

    පරාජිතයන්ගේ ප්‍රීති ඝෝෂා

    ඊශ්‍රායලය යුද්ධයේ ජයග්‍රහණයට ළඟා වෙමින් සිටියදී ඊජිප්තු ගුවන් විදුලිය නිවේදනය කර සිටියේ තම හමුදා යුද්ධයෙන් ජය ගත් බවකි. ප්‍රීතියෙන් ඉපිල ගිය ඊජිප්තු ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

    ඊජිප්තු ජනාධිපති නාසර් සහ ෆීල්ඩ් මාෂල් අමර් තම මන්දිර වෙත ගියෝය.

    යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව නොදැන ජනතාව පිරමිඩ මත නැග සතුටුවන ආකාරය ජනාධිපති නාසර් ට සිය කාමරයේ කවුළුවෙන් මැනවින් දර්ශනය වෙයි.

    ඊජිප්තුවේ ගාසා තීරයත් ‘සිනායි’ කතරත් ඊශ්‍රායලය අතට පත්විය. සිරියාවේ ගෝලාන් කඳුවැටියත් ඔවුහු අත්පත් කර ගත්හ. ජෝර්දානයේ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම ද ඊශ්‍රායලයේ පාලනයට නතු විය.

    ජෝර්දානයට අහිමි වූ බටහිර තීරය; පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත් පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ
    ජෝර්දානයට අහිමි වූ බටහිර තීරය; පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත් පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ

    ෆීල්ඩ් මාෂල්ගේ අභිරහස් මරණය

    එම පෙදෙස්වල සිටි පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත් පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ.

    මේ සියල්ල සිදු වූයේ දින හයක් ඇතුළත ය.

    ඊජිප්තු ජනාධිපති නාසර් පදවියෙන් ඉල්ලා අස්වූ නමුත් වීදි බට ජනතාවගේ ඉල්ලීම මත ඔහු නැවතත් ජනාධිපති පදවිය භාර ගත්තේය. 1970 දී අවසන් හුස්ම හෙළන තුරුම ඊජිප්තුවේ ජනාධිපතිවරයා වූයේ ගමාල් අබ්දෙල් නාසර් ය.

    ෆීල්ඩ් මාෂල් අමර් ගේ මරණය අභිරහසකි. පවුලේ ඥාතීන් පවසන්නේ ඔහුට වස දී මරා දමා ඇති බවකි.

    නැගෙනහිර ජෙරුසලම හුසේන් රජුට අහිමි වුවත් ඔහු තම කිරුළ රැක ගත්තේය. ඊශ්‍රායලය සමඟ රහසිගත කතා බහ දිගටම කරගෙන ගිය හුසේන් රජු 1994 දී සාම ගිවිසුමකට අවතීර්ණ විය.

    සිතියම

    යුද්ධයෙන් පසු

    සිරියාවේ ගුවන් හමුදා ප්‍රධානියා වූ හෆෙස් අල් අසාද් 1970 දී එරට පාලනය සියතට ගත්තේ හමුදා කුමන්ත්‍රණයකිනි. අනතුරුව පැවති ජනමත විචාරණයකින් ඔහු ජනාධිපති පදවියට පත්විය. වසර 2000 දී ඔහු මිය ගිය පසු රටේ බලය හිමිවූයේ ඔහුගේ පුත්‍රයාටය. ඔහු වත්මන් ජනපති බෂර් අල් අසාද් ය.

    1967 සිදුකළ ‘දින හයේ යුද්ධයෙන්’ ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතී.

    එම යුද්ධයෙන් අරාබිය ලත් අන්ත පරාජය පලස්තීන ජාතික ව්‍යාපාරයේ ආරම්භයට ලබා දුන්නේ ජවයකි. ඊට පෙර පලස්තීන විමුක්ති සංවිධානය පැවතියේ ඊජිප්තු ජනාධිපතිවරයාගේ රූකඩයක් ලෙසිනි.

    දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත
    දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

    යසර් අර්ෆත් ගේ පිබිදීම

    1967න් පසු යසර් අර්ෆත් සහ ෆටා සංවිධානයෙන් බිඳී ආ පාර්ශ්වය එක්වී තමන්ගේ පලස්තීන ප්‍රශ්නය තමන්ගේම දෑතට ගත්තේය. ඊශ්‍රායලය අත්පත් කරගත් පෙදෙස්වලට පැන ‘පහර දී පලායන’ ගරිල්ලා සටන් කලාව නැවත හිස ඔසවන්නට විය.

    1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ මෙහෙයුම දරුණු විය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය.

    නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත් ය. ෆටා සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සළකමින් මිහිදන් කෙරුණි.

    ඒ යසර් අර්ෆත් ගේ පිබිදීමයි.

    එම සිද්ධියත් සමඟ යසර් අර්ෆත් ‘ජාත්‍යන්තර චරිතයක්’ බවට පත්වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, ඊශ්‍රායලයට ‘ලොව දරුණුම ත්‍රස්තවාදියා’ විය.

    ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය
    ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට ‘අතට අත’ දුන්නේය

    සතුරාට අතට අත

    ‘දින හයේ යුද්ධය’ මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්, 70 දශකයේ මැද භාගය වනවිට රටේ අගමැතිවරයා ය. පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වුණි.

    1993 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට ‘අතට අත’ දුන්නේය.

    නමුත් මෙය ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්ට ශුභාරංචියක් නොවීය. ඔවුන්ගේ අදහස වූයේ ‘දෙවියන් විසින් තමන්ට ලබා දුන්’ භූමියේ පැවැත්මට මෙය අනතුරුදායක බවය.

    කෙසේ නමුත් පලස්තීනුවන් සමඟ ඇතිකරගත් ලෝක ප්‍රකට ‘ඔස්ලෝ සාම ගිවිසුමට’ අත්සන් තැබූ අගමැති රබින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තරම් ප්‍රබල විය.

    1995 දී ටෙල් අවිව් නුවරදී, අන්ත ජාතිකවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරට ලක්වී අගමැති යිට්ස්හාක් රබින් අවසන් ගමන් ගියේය. වෙඩි තැබූ පුද්ගලයා කියා සිටියේ ‘යුදෙව්වන් පාවාදුන් නිසා’ ඔහුට වෙඩි තැබූ බවය.

    දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත
    ,දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

    දරුවන්ගේ දරුවන්ටවත්

    1967 දී සිදු වූ ‘දින හයේ යුද්ධයෙන්’ පසු පනස් වසරක් ගතවීත්, බොහෝ ඇමරිකානු ජනාධිපතිවරුන් උත්සාහ කළ සේම ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමය උදා කරලීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අපේක්‍ෂාවයි.

    ඒ සිහිනය සැබෑවීමට නම් කතා කළයුතු වන්නේ දින හයකින් අල්ලාගත් භූමියේ අනාගතය ගැන මිස වෙනත් කිසිවක් නොවේ. මන්ද, එම භූමිය අතහැරීමට දෙපාර්ශ්වයම තවමත් සුදානම් නොවීමය.

    දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත. තවමත් එය නිරන්තර ගැටුම් සහිත, මිනිස් ජීවිතයට වටිනාකමක් නොමැති අනාරක්ෂිත කලාපයකි.

    ‘දින හයේ යුද්ධය’ ලෝක දේශපාලනයේ අනාගතය වෙනස් කළ සන්ධිස්ථානයකි.

    ලෝක බලවතුන්ට මැදපෙරදිග අරගලය වරෙක අභියෝගයකි. වරෙක හිසරදයකි.

    බීබීසී මැදපෙරදිග වාර්තාකරු ජෙරමි බෝවන් ගේ ලිපියක් ඇසුරෙනි.

    සම්පූර්ණ වාර්තාව උපුටා ගැනීම බී.බී.සී. සන්දේශය 2017 ජූනි 08

  • සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

    සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

    කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අවධාරණය කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීම කිසිසේත් ඵලදායී නොවන බවයි.

    මේ වන විට වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ හමුවේ ‘රට වසා දැමීම‘ ගැන ජනතාව අතර ද විශාල උනන්දුවක් තිබෙනවා. විපක්ෂය ද ඒ ගැන රජයට බලකරනවා.

    මේ තත්ත්වය තුළ රජය වත්මන් සංචරණ සීමා මැයි 28 වැනිදා දක්වා තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට පියවර ගත්තා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා තිබෙනවා.

    මේ අතර ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන, (හොංකොං ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික විද්වතෙකු වන) මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින කිහිපයකට පෙර වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ සාකච්ඡාවට එක් වෙමින් කළ ප්‍රකාශයක් වෛද්‍ය වෘත්තිකයින් අතර සේම සාමාන්‍ය ජනතාව අතර ද දැඩි උනන්දුවක් ඇතිකර තිබෙනවා.

    එම සාකච්ඡාවේදී මලික් පීරිස් මහතා විසින් සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක පදනම සහ අවශ්‍යතාව මනාව පැහැදිලි කළා. මේ එම පැහැදිලි කිරීමේ සිංහල පරිවර්තනයක්.

    “ශ්‍රී ලංකා රජය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පසුගිය දිනවල ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. ඒත් දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩි වෙන බව. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම මගින් කොවිඩ් වෛරසය ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. නමුත් සමහර විට පසුිය අප්‍රේල් මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් එය ප්‍රතිඵල දායක නැහැ.

    ඒ වගේම මේ වන විට රට වසා දැමීම (ලොක්ඩවුන්) ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. රට වසා දැමීමකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළම රැඳී සිටීමට සැලැස්වීමයි. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් සීමා වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නැහැ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බැහැ.

    ඒවගේම තමයි ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද කියන කරුණ පිටුපස විද්‍යාවක් තියෙනවා. අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක් කියලා. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා. ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා. 

    ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව ගැන. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින පහක් පමණ වෙනවා. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින පහක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින පහකට තවත් දින පහක් හෝ හතක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි.  අන්න ඒ නිසා තමයි දින තුනක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ.

    මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම ඉක්මනින් මේ වසංගත ව්‍යාප්තිය කණ්ඩනය කිරීමට අවශ්‍ය වෙලා තිබෙනවා. මොකද අපි අපේ සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදිය යුතුයි‘‘

    මේ අතර මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ද ඊයේ (22) මාධ්‍ය හමුවේ කියා සිටියේ සති දෙකක් රට වසා දැමීම මගින් මිස වත්මන් වසංගත ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බවයි.