Blog

  • සංචරණ සීමාවන් ගැන ආණ්ඩුවේ අලුත්ම තීන්දුව

    සංචරණ සීමාවන් ගැන ආණ්ඩුවේ අලුත්ම තීන්දුව

    අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට 25 සහ 28 එක් අයෙකුට නිවසින් යාමට අවසරයක්

    කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව පසුගිය (21) රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අළුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරනවා.

    සංචරණ සීමා මේ ආකාරයෙන් දීර්ඝ කළ ද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකි අතර එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබෙනවා.

    මේ අතර වෛද්‍ය සංගම් සහ විශේෂඥයින් දිගින් දිගටම අවධාරණය කරනුයේ දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බවයි.

  • කොවිඩ්-19 ආසාදිත මරණ 46ක් – සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    කොවිඩ්-19 ආසාදිත මරණ 46ක් – සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    Covid-19 ආසාදිතයින්ගේ මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙම මරණ සමග ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178ක් බවට පත් වුණා. අදාළ මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව පහත පළ වෙනවා

    covid-death-may-22

  • ‘අපේ ඉරණම තීරණය වෙන්නේ ඉදිරි සති කිහිපයේදී’ – GMOA

    ‘අපේ ඉරණම තීරණය වෙන්නේ ඉදිරි සති කිහිපයේදී’ – GMOA

    ‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද (23) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹගේ මහතා මේ බව පැවසුවේය.

    මෙහිදී වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා, ‘ ලංකාවේ අපි අතිෂය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබෙනවා. ඉදිරි සති කිහිපය වසංගතය සම්බන්ධයෙන් අතිෂය තීරණත්මයි. අපේ ඉරණම තීරණය වන්නේ ඒ අනුවයි. ඔබ මේ ගැන තැකීමක් නොමැතිව කටයුතු කළහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වියහැකියි. රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද එකාමෙන් මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියාකළ යුතුයි.මේ පාර්ශව තුනෙන් කවුරු හෝ ක්‍රියකාරිත්වය අඩු කළොත් එය බරපතළ තත්ත්වයකට ඇදගෙන යාමක් විය හැකියි‘‘

    “මේ වන විට ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වෙනවා. මේ වෙද්දී රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අපහසුවෙන් කටයුතු කරන්නේ. එම නිසා මේ තත්ත්වය තේරුම් ගෙන වැඩකරන්න‘‘

    මේ වෙද්දී වසංගතයේ දරුණු බව එන්න එන්නම පෙනෙන්න තිබෙනවා. ආසාදිතයින් මෙන්ම මරණ වැඩි වෙලා තියෙනවා. මරණ 40 සීමාව ඉක්මවා යාම කියන්නේ සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි සෞඛ්‍ය උපදෙස්  අනුව කටයුතු කරන්න කියන්නේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වාම දැන් මෙය පැතිරෙමින් තිබෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමුකරන්න. ඒවගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන සිතා දවසම රූපවාහිනිය හෝ දුරකථන ඉදිරියේ නොසිට ඵලදායී ලෙස වැඩ කරන්න. මේ වසංගත තත්ත්වයත් එක්ක ආර්ථික අර්බුද, ආහාර අර්බුද වගේ තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ නිසා කාලය ඵලදායී ලෙස යොදවන්න.“

    ‘නිසි උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙම වසංගතය පාලනය කරගත හැකියි. ඒ නිසා පවතින දැඩි සංචරණ සීමා අතර දවසකට එය ඉවත් කිරීමෙන් තම තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩක් ලබාදී නොමැති බව ජනතාව වටහා ගත යුතුයි. අත්‍යවශ්‍ය දෙයක් සඳහා පමණක් නිවසින් බැහැරව යන්න ඒ ගියත් දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපදන්න වගබලා ගන්න. වගකීම තිබෙන්නේ ඔබ අතේම තමයි.

  • ‘ඔසප් සමයේ ලිංගික සතුට’ ලැබිය හැකි ක්‍රම ගැන ඔබ දැන සිටියාද ?

    ‘ඔසප් සමයේ ලිංගික සතුට’ ලැබිය හැකි ක්‍රම ගැන ඔබ දැන සිටියාද ?

    යුවළක් අතර සංවාදයේ වඩාත්ම ගැටුම්කාරී මාතෘකාවක් වන්නේ ඔබ ඔබේ ඔසප් සමයේ (period) සිටින විට ලිංගිකව හැසිරීම හෝ නොකිරීමයි.  කිහිප දෙනෙක් ඔසප් සමයේ ලිංගිකව එක්වන අතර සමහරු එම අදහස පිළිගන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්තේ ඔසප් දිනවල ආදරය කිරීම / ලිංගික කටයුතු සාමාන්‍ය දෙයක් වන අතර ආරක්ෂිත බවයි. මේ අතර කාන්තාවන්ගේ ඔසප් කාල පරිච්ඡේදය තුළ ඔවුන් ඉහළ සංවේදීතාවයක් සහ ප්‍රබෝධයක් අත්විඳින බව ද සොයාගෙන ඇත. 

    ඔබ තවම එය උත්සාහ කර නොමැති නමුත් ඒ ගැන කුතුහලයෙන් සිටී නම්, ඊළඟ වතාවේ ඔබට ඒ සදහා උත්සාහ කළ හැකිය. එසේම ඉදිරියට යාමට ඔබට දැනෙන්නේ නැත්නම් ඔබට පහසුවෙන් එය නතර කළ හැකිය. එහි කිසිදු පීඩනයක් නැත! 

    ඔබේ ඔසප් කාල පරිච්ඡේදය තුළ ලිංගිකත්වය භුක්ති විඳිය යුතු ආකාරය දැනගත් පසු, ඔබේ සතුටට සීමාවන් නොමැත. එය වඩාත් විනෝදජනක කිරීම සඳහා මතක තබා ගත යුතු උපදෙස් කිහිපයක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

    1. උණුසුම් ජලයෙන් ස්නානය කරන්න

    සම්බන්ධතාවය

    ඔසප් කාල පරිච්ඡේදයන් තුළ ලිංගිකව හැසිරීම මගින් විශේෂයෙන් කාන්තාවන් යම් කිසි අයුරකින් අපහසුතාවයට පත්විය හැකිය, එවැනි අවස්ථාවලදී වඩාත් සුදුසු ක්‍රමය වන්නේ උණුසුම් ජලයෙන් ස්නානය කිරීමයි. උණුසුම් ජලයෙන් (එය නැතිනම් සාමාන්‍ය ජලය) ස්නානය කිරීමේදී රුධිරය සේදී යන අතර ඒ සමග ඔබේ ලිංගික උත්තේජනය වැඩි කරන බව සොයා ගෙන ඇත.  දැන් ඔබට අවශ්‍ය වන්නේ එයම නොවේද ?

    2. ඔබේ ඇඳ සකස් කරන්න

    සම්බන්ධතාවය

    ඇඳ ඇතිරිලි මත රුධිර පැල්ලම් දැකීම ආතතියට කරුණක් නම්, ඒවා කල්තියා ඉවත් කරන්න! මනෝභාවයට පත්වීමට පෙර ඔබ සියලු පූර්වාරක්‍ෂක පියවර භාවිතා කරන බවට වග බලා ගන්න. ඇද ඇතිරිලි තෝරා ගැනීමේදී තද පැහැති වර්ණ තෝරා ගන්න. එය ඔබට සහනයක් ලබා දෙනු ඇති අතර ඒවා ඔබේ සහකරුගේ මනෝභාවය ඉහළ නංවයි. 

    3. ඍජුව හා අවංක හැගීම් ප්‍රකාශ කරන්න

    සම්බන්ධතාවය

    ඔසප් කාල පරිච්ඡේදය තුළ ලිංගිකත්වය ගැන බොහෝ විට කතා නොකරන අතර සමහරුන්ට එය අපහසුතාවයට පත්වන අදහසක් විය හැකිය. අධ්‍යයනවලින් පෙනී යන්නේ වැඩිහිටියන්ගෙන් 55%කට ආසන්න ප්‍රමාණයක් එම කාලය තුළ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට කැමැත්තක් දක්වන බවයි. ඔබේ සහකරු සහ ඔබ අනිවාර්යයෙන්ම තේරුම් ගෙන ඔබ ඒ ගැන සිතන්නේ කුමක්දැයි වටහා ගත යුතුය. 

    4. මනෝභාවය ඔසවන්න

    සම්බන්ධතාවය

    සාමාන්‍ය දිනවලට වා ඔසප් සමයේ ලිංගිකව හැසිරීම ටිකක් අවුල් සහගත නමුත් ඒ බව පිළිගැනීම ඔබ දෙදෙනාට වඩාත් සුවපහසු හා පුදුමයට කරුණක් වනු ඇත. සුවඳ ඉටිපන්දම් භාවිතා කිරීමට උත්සාහ කරන්න, එය මනෝභාවය ඉහළ නැංවීමට සහ ආදර හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ. දේවල් රසවත් කිරීම සඳහා, ඉදිරියට යාමට තරම් සුවපහසුවක් ලබා ගැනීම සඳහා ඔබේ පුරෝකථන කාලය වැඩි කරන්න. පසුව, ඔබ දෙදෙනාටම ගැලපෙන විවිධ මෘදු අත්දැකීම් අත්හදා බැලිය හැකිය.

    5. සැනසීමට පෙර ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න

    සම්බන්ධතාවය

    ඔබ ඔබේ ඔසප් කාල සීමාවන්හි සිටියත් නැතත් කමක් නැත, ආරක්ෂාව සදහා පූර්වාරක්ෂක ක්‍රම භාවිතා කිරීම අනිවාර්ය වේ. ඔබේ කාල පරිච්ඡේදයේදී ගැබ් ගැනීමට තවමත් හැකි අතර, කොන්ඩම් භාවිතා කරන්න. ඔසප් කාල පරිච්ඡේදය තුළ ලිංගාශ්‍රිතව බෝවන රෝග සඳහා ගොදුරු වීමේ අවදානම වැඩි බැවින් ආරක්ෂිත පියවර භාවිතා කිරීමට අමතක නොකරන්න. 

    ඔසප් කාල පරිච්ඡේදයන් තුළ ලිංගිකව විනෝද වීම ඔබේ ප්‍රමුඛතාවය විය යුතු නමුත් පසුව ඒ විනෝදය සඳහා ගෙවීම ඔබ දෙදෙනාට එතරම් සුදුසු නොවනු ඇත.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

    නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

    ‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, ‘‘රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට අප දැනුම් දී තිබෙනවා. ඔවුන් භාර ගැනීම රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක්. ඒ වගේම අපි කියන්නේ නේවාසිකාගාර වැනි තාවකාලික ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයන් එම ස්ථානවලම රැදී සිටීම තමයි වඩාත් යෝග්‍ය. ඔවුන් නිවාසවලට යාම නිසා තව දුරටත් රෝගය පැතිරීමට අනුබලයක් ලැබෙනවා‘‘

    මෙහිදී නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වය හා එයට මුහුණ දීමට ගතයුතු පියවර ගැන ද සදහන් කළ හේරත් මහතා කියා සිටියේ වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතු බවයි.

  • මුදලට එන්නත් විකිණීමේ ජාවාරම: සෞඛ්‍ය ඇමති පවිත්‍රා වෙබ්අඩවි වලට චෝදනා කරයි

    මුදලට එන්නත් විකිණීමේ ජාවාරම: සෞඛ්‍ය ඇමති පවිත්‍රා වෙබ්අඩවි වලට චෝදනා කරයි

    කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බවට චෝදනා කරමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බව අපගේ අවධානයට යොමු වී ඇත.

    එහිදී  එන්නත්කරණ වැඩපිළිවෙලෙහි විශ්වසනීයත්වය බිඳවැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව ඒත්තු ගන්වන අයුරෙන් සමහර වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටී.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවාදැක්වීමට සමාජ මාධ්‍ය ජාලා  සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් අප හෙළා දකින අතර එවැනි පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.

    නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබාදෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව දැනුම් දෙමු.

    එලෙසම එවැනි ව්‍යාජ එන්නත් ජාවාරම් සහ එම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ එන්නත් සඳහා විශ්වසනීයත්වයක් ඇති කිරීමේ පවිටු අරමුණින් යුතුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගරු අමාත්‍යතුමියගේ සමීපතයින් ඈඳාගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කරන සමහර වෙබ් අඩවි පිළිබඳව ද මේ වනවිටත් විමර්ෂණ ආරම්භ කර ඇත.

     සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ සිදුකරනු ලබන කොවිඩ් – 19 වසංගතය පාලනය සඳහා වූ එන්නත්කරණ වැඩපිළිවෙලට සියලුම මහජනතාවගේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. 

  • 25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම’ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල වාර්තාවලින් පසු

    25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම’ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල වාර්තාවලින් පසු

    මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11.00 සිට ලබන අගහරුවාදා ‍අළුයම 04.00 දක්වා පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පෙරවරුවේ දී පැවසීය..

    ‘‘ අපි මේ තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ වල වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ අනුව මෙම සංසරණ සීමා දීර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා‘ යැයි යුධ හමුදාපතිවරයා කීවේය.

    සති දෙකක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ඊයේ (21) ප්‍රමුඛ සෞඛ්‍ය වෘත්තීය සමිති 4ක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය.

  • Covid-19 Hot: ඉහළම දෛනික මරණ ගණන වාර්තා වෙයි

    Covid-19 Hot: ඉහළම දෛනික මරණ ගණන වාර්තා වෙයි

    කොවිඩ් – 19 වසංගතය ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) වාර්තා වුණා. එම ගණන 44ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වුණා. මෙම වරණ 44 සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වුණේ.

    ඊයේ මරණයට පත්ව ඇත්තේ ඇටවිරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ,ගල්පාත,කුඩාවස්කඩුව, පිහිඹුව,අනුරාධපුරය, මන්නාර,රත්ගම,ඉමදූව මග්ගොන, මතුගම,වේයන්ගොඩ, අතුරුගිරිය,සෙවනගල,මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර.පරගස්තොට,උතුරු කළුතර, වලල්ලාවිට, බේරුවල,පයාගල, කොළඹ 12, කොළඹ 02, පොල්ගස්ඕවිට, ගාල්ල, නක්කාවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොළ, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල, සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි කරවෝ වෙති.

    ඔවුන්ගෙන් 23 දෙනකු වයස අවුරුදු 71 ඉක්මවුවෝ වෙති. වයස අවුරුදු 61 සහ 70 අතර 11 දෙනකුද, වයස අවුරුදු 51 -60 අතර හත් දෙනකුද, 31 -40 අතර දෙදෙනකුද 21 -30 අතර එක් අයකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි. මියගිය අය අතර කාන්තාවෝ 14 දෙනෙක් සිටිති.

    covid-death-may-21

    මේ අතර දෛනික නව ආසාදිතයින් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වුණේ අද (21) දින වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 3,547ක් බවයි. මේ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 151,944ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • අද රාත්‍රී 11 සිට ‘අත්‍යවශ්‍ය සේවා’ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි !

    අද රාත්‍රී 11 සිට ‘අත්‍යවශ්‍ය සේවා’ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි !

    අද (21) රාත්‍රී 11.00න් පසු මැයි මැයි 25 වැනි අගහරුවාදා අළුයම 04.00 දක්වා දිවයින පුරා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ රජය විසින් අද (21) ප්‍රකාශයට පත්කළා.

    • සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය.
    • බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමි වේ.
    • 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නැත (මේ බව ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය)
    • ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව අවසර හිමි වේ.
    • ඇණවුම් මත පිසු ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ආපන ශාලාවලට අවසර හිමි වේ.
    • තොග වශයෙන් එළවළු පලතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මැයි 24 සහ 25 දිනවල දී ද මැයි 27 සහ 28 දිනවල දීද විවෘතව තැබීමට නියමිතය.
    • දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් එම දිනවල විවෘතව පවතී.

  • ආණ්ඩුවේ ගජමිතුරන්ට හම්බකර ගන්න ‘ආණ්ඩුව කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළා – ටිල්වින් සිල්වා

    ආණ්ඩුවේ ගජමිතුරන්ට හම්බකර ගන්න ‘ආණ්ඩුව කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළා – ටිල්වින් සිල්වා

    “අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා‘‘ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

    මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය ගැන ජවිපෙ ස්ථාවරය පැහැදිලි කළ ටිල්වින් සිල්ව මහතා,

    “අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා. අවුරුදු සමයේ විනෝද චාරිකාවලට ඉඩදුන්නා. ආණ්ඩුවේ නායකයින් ගිහින් විනෝද උත්සව සංවිධානය කළා. තවමත් ඔවුන් එය නිසි ලෙස පාලනය කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් ගණන් ගන්නේ නැහැ. අඩුම තරමින් එන්නත ලබාදීම සඳහා වුණු වැඩපිළිවෙළක් නැහැ. මිනිස්සුන්ට සහන ලබා දෙන්නෙත් නැහැ. දැන් කොරෝනා නිදහසේ පැතිරෙමින් යනවා. මේ රැල්ල පටන් ගනිද්දී දවසකට රෝගීන් හඳුනා ගත්තේ 1000ක් පමණයි. දැන් 3000 පැනලා රෝගීන් හමුවනවා. කොරෝනා භාර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය හඳුනාගන්නා රෝගීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ආසාදිතයින් සමාජයේ සිටින බව කියනවා. ආරම්භයේදී දිනකට මිය යමින් තිබුණේ රෝගීන් 08-10 වගේ ප්‍රමාණයක්. නමුත් දැන් 38ක් 40ක් රෝගීන් වාර්තා වනවා. ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේක ඇත්ත මරණ සංඛ්‍යාව නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ආණ්ඩුව කොරෝනා මර්දනය කිරීම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ආණ්ඩුව කොරෝනා පාලනය කිරීම වෙනුවට වෙන වැඩ කරමින් සිටිනවා. මෙවැනි තත්වයක් තිබියෙදී තමන් විරුද්ධ වන හඬවල් වැසීම සඳහා කොවිඩ් මර්දන නීති පාවිච්චි කරන්න හදනවා. මේකට ආණ්ඩුවට වගකියන්න සිද්ධ වෙන බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ විරෝධයන් හැමදාම මෙහෙම තිබෙන්නේ නැහැ. මේවා පුපුරා යන වෙලාවල් එයි.”

    “ආණ්ඩුව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී වරාය නගර පනත සම්මත කරගත්තා. මෙය රටට අතිශය බලපෑම් සහගත පනතක්. ඒ පිළිබඳව සමාජය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවකට, විරෝධයකට ඉඩ නොතබා ආණ්ඩුව විසින් මේ කොරෝනා අස්සේම, කලබලයේ එය සම්මත කරගනු ලැබුවා. ආණ්ඩුවෙන් ගෙන එන ඕනෑම දෙයකට අත උස්සන් සූදානමින් සිග්නල් කණු වගේ සිටින මන්ත්‍රීවරුන් විසින් මෙය සම්මත කරනු ලැබුවා. දැන් ආණ්ඩුවේ සිටින ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් දේශප්‍රේමී කතා ගැන පම්පෝරි ගහන්න බැහැ. ඔවුන් කාලයක් පුරා දේශප්‍රේමී ලෙස පෙනී හිටියා. එම්සීසී එන එක වලක්වන්න දිවි පුදන්න කතා කළා. උපවාස කරපු අය හිටියා. නමුත් දැන් ඔවුන් කුඩා හෝ විරෝධයක් දැක්වීමකින් තොරව මේ රට පාවා දෙන පනත අත ඔසවා සම්මත කළා. මෙය පැහැදිලිවන රට පාවාදීමක්. මීට පසුව ඔවුන් කිසිදු අයෙකුට දේශප්‍රේමී කතා කියන්න බැහැ. ඒ කාලය අවසන්. ඔවුන් පාවා දුන් අය ලෙස ඉතිහාස ගත වෙනවා.

    අත්තටම ආණ්ඩුව බලාපොරොත්තු වුණේ ගෙඩිය පිටින් චීනයට පාවා දෙන්නයි. අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර හැදූ පනතේ අනතුරුදායක බව අඩු කරන්න පුළුවන් වුණේ අපි ඇතුළු තවත් පක්ෂ හා පුද්ගලයන් ගණනාවක් ඊට එරෙහිව අධිකරණයට ගිය නිසයි. ඒ සඳහා ඉතිරි වී තිබුණේ එක් දිනක් පමණයි. ඒ වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා මේ මහා පාවාදීමෙන් යම් ප්‍රමාණයක් අඩු කරගන්න අපිට හැකිවුණා. ඒ අධිකරණ තීන්දුව ආණ්ඩුවේ පරාජයක් හා ජනතාවගේ යම් ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. කෙසේ වුවත් ආණ්ඩුව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර මෙය සම්මත කර ගත්තා. ඒ නිසා මැයි 20වැනිදා පාවාදීමේ දිනයක් ලෙස ඉතිහාසයේ සටහන් වේවි.

    පනත ගෙන ආ මොහොතේ සිටම එහි හානිය දුටු නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි එය විවේචනය කළා. අපි සීමිත ඉඩකඩ තුළ අධිකරණයට ගිහින් කරුණු දක්වලා පනතේ තිබූ ව්‍යවස්ථා විරෝධී කොටස් ඉවත් කර ගන්න අපේ දායකත්වය දුන්නා. ඒ වගේම ඡන්ද විමසීමේදී විරෝධය පළ කළා. මේ පනත පිළිබඳව මෙයට වඩා විරෝධයක් රට තුළ ගොඩනැගිය යුතුව තිබුණා. අධිකරණ තීන්දුව ආවට පසු මෙය කලබලේ සම්මත කර ගැනීමෙන් තොරව එය සංවාද කරගැනීමට කල් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ආණ්ඩුව එය නොතකා හැර කොරෝනා නිසා පැනවී තිබූ සීමාකම් මැදම එය අනුමත කර ගත්තා. වෙනත් කාලයක වුණානම් මීට එරෙහිව සම්මන්ත්‍රණ, රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි තිබෙනවා. හරිනම් ඊයේ පාර්ලිමේනතුව වට කළ යුතු දවසක්.

    එහෙත් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකිවූයේ නැහැ. කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබූ නිසාත් නිරෝධායන නීති නිසාත් කිසිවෙකුට මේ පනතේ විනාශකාරී බවට සාපේක්ෂව දැවැන්ත විරෝධයක් පළ කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි එවැනි තත්වයක් තිබියෙදීත් කිසියම් හෝ විරෝධයක් පළ කළ යුතු නිසා අපි පසුහිය 18වැනිදා මේ පනතට එරෙහිව සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කළා. එය පැවැත්වූයේ නිරෝධායන නීතිවලට අනුකූළවයි. ඒත් අපි ප්‍රවෘත්තියක් දැක්කා, පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ උද්ඝෝෂණයක් තබා කොරෝනා නීති කඩකර තිබෙන නිසා උසාවියට කරුණු ඉදිරිපත් කිරීමට යනවා කියලා.

    දැන් සිදු කරන්නට යන්නේ මොකක්ද? ආණ්ඩුව රට පාවා දීමේ පනතක් ගෙනැවිත් එයට කිසිදු විරෝධයක් පෑමට අවස්ථාව නොදී සම්මත කර ගනිද්දී නිරෝධායන නීතිවලට ගරු කරමින් විරෝධයක් පළ කළත් එම නීති ඊට එරෙහිව යොදා ගැනීමයි. දැන් විරෝධය පෑමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න හදනවා. මේ ආණ්ඩුව කරන්න හදන්නේ තක්කඩි වැඩක්. මේ හදනනේ විරුද්ධවාදීන් බියවැද්දීමටයි. නිරෝධායන නීති අවශ්‍ය වන්නේ කොරෝනා වසංගතය පාලනය කර ගැනීමටයි. නමුත් දැන් කාලයක් පුරා ආණ්ඩුව නිරෝධායන නීති පාවිච්චි කරමින් සිටින්නේ ආණ්ඩු විරෝධී මත යටපත් කිරීමටයි. ආණ්ඩු විරෝධීන් දඩයම් කර ගැනීමටයි. තමන්ගේ බැරිකම වසා ගැනීමටයි. ආණ්ඩුව කන්න ඕනැ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නවා. ආණ්ඩුව නිරෝධායන නීති පාවිච්චි කරමින් සිටින්නේ සත්‍ය ලෙසම කොරෝනා පාලනයට නෙමෙයි; ආණ්ඩුවට එරෙහි විරෝධයන් යටපත් කර මර්දනය කිරීම වෙනුවෙනුයි. මේ තත්වයට හොඳම උදාහරණයක් තමයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පහුගියදා නිකුත් කර තිබූ චක්‍රලේඛය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට මාධ්‍යවලට ප්‍රකාශ දෙන්න එපායැයි එයින් නියම කර තිබෙනවා. කොරෝනාවල ඇත්ත තත්වය ආණ්ඩුව සඟවමින් තිබෙනවා. ඇත්ත රෝගීන් ගණන, ඇත්ත මරණ ගණන, ඇත්ත අර්බුදය ආණ්ඩුව කියන්නේ නැහැ. ආණ්ඩුවේ අසමත්කම වසා ගනිමින් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ පිළිබඳ අවබෝධයක් තිබෙන අය ප්‍රශ්නෙ බරපතළකම ජනමාධ්‍යවලට කිවුවා. රෝහල්වල ඇඳන් නැතිකම, පහසුකම් නැතිකම, එන්නත ලබාදීමේදී මතුවූ ගැටලු වෛද්‍යවරුන්, පීඑච්අයි මහත්වරුන් විසින් පෙන්වා දුන්නා. මේ ප්‍රහ්නයේ බරපතළකම සමාජය දැන ගත්තේ මේ තත්වය නිසයි. ආණ්ඩුව තමන්ගේ වගකීම පැහැර හරිමින් සිටින බව රට දැනගත්තා. ආණ්ඩුව කළ යුතුච තිබුණේ මේ විචේචන දැකලා තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීමයි. ඒ වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ කතා කරන අයට මුඛවාඩම් දැමීමයි. කොරෝනා බෝවීමට අදාළව දමා ගත යුතු මුඛවාඩම ආණ්ඩුව විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න යොදා ගන්න හදනවා.

    අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා. අවුරුදු සමයේ විනෝද චාරිකාවලට ඉඩදුන්නා. ආණ්ඩුවේ නායකයින් ගිහින් විනෝද උත්සව සංවිධානය කළා. තවමත් ඔවුන් එය නිසි ලෙස පාලනය කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් ගණන් ගන්නේ නැහැ. අඩුම තරමින් එන්නත ලබාදීම සඳහා වුණු වැඩපිළිවෙළක් නැහැ. මිනිස්සුන්ට සහන ලබා දෙන්නෙත් නැහැ. දැන් කොරෝනා නිදහසේ පැතිරෙමින් යනවා. මේ රැල්ල පටන් ගනිද්දී දවසකට රෝගීන් හඳුනා ගත්තේ 1000ක් පමණයි. දැන් 3000 පැනලා රෝගීන් හමුවනවා. කොරෝනා භාර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය හඳුනාගන්නා රෝගීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ආසාදිතයින් සමාජයේ සිටින බව කියනවා. ආරම්භයේදී දිනකට මිය යමින් තිබුණේ රෝගීන් 08-10 වගේ ප්‍රමාණයක්. නමුත් දැන් 38ක් 40ක් රෝගීන් වාර්තා වනවා. ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේක ඇත්ත මරණ සංඛ්‍යාව නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ආණ්ඩුව කොරෝනා මර්දනය කිරීම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ආණ්ඩුව කොරෝනා පාලනය කිරීම වෙනුවට වෙන වැඩ කරමින් සිටිනවා. මෙවැනි තත්වයක් තිබියෙදී තමන් විරුද්ධ වන හඬවල් වැසීම සඳහා කොවිඩ් මර්දන නීති පාවිච්චි කරන්න හදනවා. මේකට ආණ්ඩුවට වගකියන්න සිද්ධ වෙන බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ විරෝධයන් හැමදාම මෙහෙම තිබෙන්නේ නැහැ. මේවා පුපුරා යන වෙලාවල් එයි.

    දැන් ඇත්තටම කොරෝනා නීති උල්ලංඝනය කරන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ වගකීමක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ලෙස කොරෝනා මර්දනය සඳහා උදව් කළා. පළමු රැල්ලේදී අපි උපරිම දායකත්වය ලබා දුන්නා. අදත් අපි අපිට හැකි උදව් කරමින් සිටිනවා. ජනතාවට මෙයින් ආරක්ෂා වන ලෙස කිවුවා. අපි අපේ වැඩකටයුතු බොහොමයක් සීමා කර ගත්තා. පහුගිය මැයි දිනය අපි තියන්න බලාපොරොත්තු වුණත් කොරෝනා බරපතළ වුණාම අපි එය ප්‍රසිද්ධියේ නොතියන්න තීරණයක් ගත්තා. අපේ සියලු උත්සව නතර කළා. අපි වගකීම් වරහිත ලෙස නීති කඩාගෙන වැඩකරන්න ගියේ නැහැ. ඇත්තටම මේ නිරෝධායන නීති කඩමින් සිටින්නේ ආණ්ඩුවමයි. පොලීසිය භාර ඇමතිවරයාට අපි කියන්නේ උසාවි අරගෙන යනවා නම් ආණ්ඩුවේ අයම අරගෙන යන්න කියලා.

    පළමු රැල්ල තිබියෙදී තොන්ඩමන් මහතා අවමඟුල් උත්සවය ආණ්ඩුව ඉහලින්ම ගත්තා. විශාල අවමඟුලක් තිබ්බා. ආණ්ඩුව ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ආණ්ඩුව තමන්ට අවශ්‍ය වුණාම නීති කඩා වැඩ කරන්නත් දඩයම් කිරීමට අවශ්‍ය වූ විට නීති ක්‍රියාත්මක කරන්නත් යන්නේනම් අපි මෙම නීති දඩයම් නීති බවට පත් කරගන්න සූදානම් නොවන ලෙස ආණ්ඩුවට කියනවා. දැන් මැයි දිනය ආපු වෙලාවේ මැයි දින සැමරුම්වලට අවසර නොලැබුණාට ප්‍රේමදාස සමරුව වෙනුවෙන් උත්සවයක් තිබ්බා. ආණ්ඩුව ඒ වෙනුවෙන් අවසර දී තිබුණා. නීතියක් නම් එය සියලු දෙනාට එකක් විය යුතුයි. සජිත් ප්‍රේමදාස මහත්මයලා කොළඹ ආර්. ප්‍රේමදාස පිළිරුව ළඟ සෙනඟ ගෙනත් උත්සවයක් තිබ්බා. මේ ඡායාරූප ඊට සාක්ෂි දරනවා. ආණ්ඩුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ පිස්සුවක් තිබුණා. එන්නත් ඇති ප්‍රමාණයට ජනතාව කැඳවනවා වෙනුවට ආණ්ඩුව එය දේශපාලනීකරණය කළා. ලංකාව තුළ තවමත් ප්‍රමුඛතාවට අනුව එන්නත් ලබා දී නැහැ. සාත්තු සේවිකාවන්ට, ලංගම හා පෞද්ගලික බස් රියදුරන්ට කොන්දොස්තරවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට මෙය ලබා දී නැහැ. නමුත් දේශපාලන නායකයින්ට ටික ටික ගමේ බෙදීම සඳහා ලබා දී තිබෙනවා. ඔවුන් එයට ප්‍රචාරය දී සෙනඟ කැඳවනවා. විශාල පිරිසක් පෝලිමේ සිට එන්නත් නොමැතිව හැරී යනවා. මේ ඡායාරූප ඒවාට සාක්ෂි දරනවා. මෙවැනි අවදානමකට ජනතාව ඇද දැමීම ගැන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාද? ඒත් අපි නිරෝධායන නීති ආරක්ෂා කර ගනිමින් අත්‍යාවශ්‍ය කටයුත්තක්ට, රට බේරා ගැනීමට, පවත්වන ලද විරෝධතාවයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා.

    ආණ්ඩුව මේ තුන්වැනි රැල්ලට දාපු නම අලුත් අවුරුදු පොකුරයි. මේ පොකුර හැදුවේ කවුද?. නුවරඑළියේ වසන්ත සැණකෙළියක් තිබ්බා. මේ වසන්ත සැණකෙළියේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ඔවුන් මුව ආවරණවත් පැළඳ නැහැ. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගත් නැහැ. පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා මැයි 10වැනිදා විශේෂ කාර්යබලකායේ උත්සවයක මුව ආවරණ නොමැතිව සිටිනවා. අපි පොලිස් මාධය ප්‍රකාශකතුමාට කියන්නේ ප්‍රසිද්ධියේ මුව ආවරණ නොමැතිවය සිටීමට මොහුව උසාවියට අරගෙන යන්න කියලා. දඹදෙනිය රෝහලට ඇඳන් දීලා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එය විවෘත කිරීමට උත්සව තබනවා. රාජගිරියේ හොස්ටල් එකක් පවරාගෙන රෝගීන් දාන්න සකස් කළා. ඒක විවෘත කිරීමට උත්සවයක් තියනවා. ඒකට නාමල් රාජපක්ෂ. බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමති පිරිසක් එනවා. විපක්ෂයේ අයට පාරේ විරෝධතාවයක් පළ කරන්න බැරි වුණාට ආණ්ඩුව උත්සව තබමින් සිටිනවා. පහුගිය දවසක් ආණ්ඩුව ධාවනය වන දුම්රිය ප්‍රමාණය හදිසියේම අඩු කළා. ඒ නිසා ජනතාවට පැමිණි දුම්රියවල විශාල ලෙස තෙරපෙමින් ගමන් කිරීමට සිදුවුණා. කොරෝනා නීති උල්ලංඝනය වුණා.

    මේවායින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ තක්කඩි හැසිරීමයි. ආණ්ඩුව කොරන්ටයින් නීති තබාගෙන සිටින්නේ විපක්සයේ වැඩකටයුතු සීමා කරන්නයි. මේවා කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කළනම් රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවිය හැකිව තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ කිවුවේ තමන් තමයි හොඳටම කර තිබෙන්නේ කියලා. ඒ බව අපිට හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. පළමුවැනි රැල්ලටම සිටියේ රෝගීන් 3000යි. දැන් දවසට 3000යි. හොඳටම කළ බව කියමින් රට විනාශ කර තිබෙනවා. දෙවැනි වර කොවිඩ් රටට ගෙන්නුවා. කොරෝනා පලනය වෙනුවෙන් හැමෝගෙම සහයෝගය ගන්නේ නැතුව විපක්ෂය පාලනයට කොරෝනා නීති පාවිච්චි කර ගන්න හදනවා. විරෝධතාවය පැවැත්වූ අවස්ථාවේ අප සියලු දෙනා මුව ආවරණ පැළඳ සිටියා, දුරස්ථභාවය රැක්කා. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් මෙයින් නිරෝධායන නීති කඩවෙන බව කිවුවේ නැහැ. දැන් හදන්නේ මේ විරෝධය නිසා අපව බියවැද්දීමටයි.

    අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ නිරෝධායන නීති පාවිච්චි කරලා තමන්ගේ විරුද්ධවාදීන් හඬ යටපත් කිරීමට උත්සාහ දැරීම නතර කරන ලෙසයි. මෙවැනි ආකාරයේ කුඩා කෙනිත්තිලිවලින් අපව බියවැද්දීමට හිතනවානම් ඒ ගැන කණගාටුයි. අපිට එහෙම කරන්න බැහැ. මේ මව්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට කළ හැකි මැදිහත්වීම අපි අනිවාර්යයෙන් කරනවා. ඒ වෙනුවෙන් හිරේ යන්න වෙනවානම් අපි සතුටින් භාරගන්න ලෑස්තියි. අපි ජනතාවට කියන්නේ ඔබව රකින්න ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව රටත් ජනතාවත් බිලි දෙනවා. ඒ නිසා ඔබ ආරක්ෂා වෙන්න. ආණ්ඩුවේ මේ තක්කඩිකමට ඔබට හැකි අයුරින් විරෝධය පළ කරන්න.”

  • මහ බැංකුවේ ප්‍රබලයින් අගමැති සමග හදිසි සාකච්ඡාවක

    මහ බැංකුවේ ප්‍රබලයින් අගමැති සමග හදිසි සාකච්ඡාවක

    රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කරන්නැයි උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන්වන ටී.එම්.ජේ.වයි.ටී ප්‍රනාන්දු, කේ.එම්.එම් සිරිවර්ධන,එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී නානායක්කාර,  ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

  • ‘ජනතාව බියපත් කරන මාධ්‍ය සංදර්ශන එපා’ – ජනපතිගෙන් බලධාරීන්ට අවවාද

    ‘ජනතාව බියපත් කරන මාධ්‍ය සංදර්ශන එපා’ – ජනපතිගෙන් බලධාරීන්ට අවවාද

    කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී  ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළැඹෙයි.

    කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය.

    සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය. ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

    මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට  රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

    ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ  වගකීම  අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.  

    ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට  තීරණය කෙරිණි.

    මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි. විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම්  ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය.

    මෙතෙක්  තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිවරයා  ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

    සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

    වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ‘දින 14ක් රට වසා දමන්න’ වෛද්‍ය සංගම් හතරකින් ඒකාබද්ධ ඉල්ලීමක්

    ‘දින 14ක් රට වසා දමන්න’ වෛද්‍ය සංගම් හතරකින් ඒකාබද්ධ ඉල්ලීමක්

    ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව අද (21) කොළඹදී පැවති වෛද්‍ය සංගම් හතරක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය විය.

    අද (21) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයරජයේ වෛද්‍යවරුන්ගේ සංගමයවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව සහභාගී විය.

    මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සදහන් කළේ පසුගිය සතිවල දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති තත්ත්වයක් බවයි.

    “පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්. වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව අපි අවධාරණයෙන් සදහන් කරනවා‘‘

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. ‘‘දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම බව අපගේ අදහසයි. දවස් තුනක ලොක්ඩවුන් එකකින් රෝගය පාලනය කළ නොහැකියි. අතරමැද්දේ නිවාඩු දින දීලා, ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට අපි රෝගය අලුතින් බෝකර හමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කළ නොහැකියි. මේ අනුව අපට හිතෙනවා දින 14ක ඇඳිරිනීතිය හෝ දැඩි සංචරණ සීමා පැනවිම මඟින් අපි සියල්ලම ගෙවල්වලට කොටුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ඉතා වේගයෙන් ළඟාවෙමින් තිබෙනවා. ඒ ගැනත් රජයේ අවධානය යොමුවිය යුතුයි‘

  • අසල්වැසියා මාරාන්තික අරගලයක: ශ්‍රී ලංකාව චීනය සමග මධුසමය ගත කරන හැටි BBC හෙළිකරයි

    අසල්වැසියා මාරාන්තික අරගලයක: ශ්‍රී ලංකාව චීනය සමග මධුසමය ගත කරන හැටි BBC හෙළිකරයි

    චීනය ශ්‍රී ලංකාවේ සහන සේවා වේගවත් කරමින් සිටින අතර විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි

    බිලියන දෙකකට ආසන්න ජනගහනයක් සිටින දකුණු ආසියාව, මෑත කාලීන මතකයේ දරුණුතම සෞඛ්‍ය අර්බුදයට මුහුණ දී සිටී. ඉන්දියාව සහ එහි අසල්වැසියන් කොරෝනා වයිරස් ආසාදනවල දරුණු වැඩිවීමක් දකින අතර ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත. කෙසේ වෙතත්, චීනය මෙම රටවල සිය සහන කටයුතු වේගවත් කරමින් සිටින අතර විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම ශක්තිමත් කළ හැකි බවයි.

    සිකුරාදා සිට දින කිහිපයක් ශ්‍රී ලංකාව දැඩි සංචරණ සීමා පනවනු ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාව පුරා නගර සහ නගරවල වීදි නැවත වරක් නිහඩ වනු ඇත.

    අසල්වැසියන් මෙන්ම, ශ්‍රී ලංකාවද පසුගිය වසරේදී මෘදු පළමු රැල්ල හරහා ගමන් කළ නමුත් මෑතදී කෝවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණේ එහි සෞඛ්‍ය සේවා පද්ධතිය අභිබවා යාමට තර්ජනය කරමිනි. ශ්‍රී ලංකාව දැන් දිනකට රෝගීන් 3,000 ක් පමණ වාර්තා කරමින් සිටින අතර මාසයකට පෙර තත්ත්වය අනුව එය 1000% කට වඩා වැඩි වීමකි.

    ශ්‍රී ලංකාවට කලාපයේ හොඳම මහජන සෞඛ්‍ය පද්ධතිය ලෙස සැලකෙන නිදහස්, පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදීත්, මිලියන 21 ක ජනගහනයක් සිටින දිවයිනේ රෝහල් වසංගතයට මුහුණ දීමට මහත් පරිශ්‍රමයක් දරයි.

    “ඉහළ යාමක් පාලනය කිරීමට අපට සීමිත ධාරිතාවක් තිබෙනවා. වසංගතයේ වැඩිවීමක් නොපවතින තාක් කල් සියල්ල යහපත්. අපේ සෞඛ්‍ය පද්ධතිය විශිෂ්ටයි. ඒත් ඒ සියල්ල සෞඛ්‍ය පද්ධතිය එතරම් අභියෝගයට ලක් නොවන තාක් කල් පමණයි ” මහජන සෞඛ්‍ය විශේෂඥ ශෂික බණ්ඩාර මහතා බී.බී.සී ය සමග පැවසීය.

    ග්‍රැෆික්

    එහෙත් පැතිරීම පාලනය කිරීමට ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද විවේචනයට ලක්ව තිබේ. නව වෛරස් ප්‍රභේදවල ප්‍රමාණවත් ජානමය අනුක්‍රමයක් නොමැත, එක්සත් රාජධානියේ ප්‍රභේදය පැතිරීමට වගකිව යුතු යැයි පුළුල් ලෙස විශ්වාස කෙරේ.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්-එලියා වැනි විශේෂඥයින් පවසන්නේ පසුගිය අප්‍රේල් මස සිට බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන B.1.617.2 හෝ ඉන්දියානු ප්‍රභේදය ද ප්‍රජාව තුළ පවතින බවයි‘‘

    ඉන්දියාවේ වාර්තාගත ලෙස වසංගතයේ ඉහළ යාමක් තිබියදීත්, දෙරට අතර “සංචාරක බුබුල” මැයි මස මුල වන තෙක් ක්‍රියාත්මක වූ අතර එය මහජනතාවගේ කනස්සල්ලට හේතු විය.

    බිත්ති බිතුසිතුවමක් පසුකර යන පුද්ගලයින් නිරූපණය කරන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනාට එන්නත් ඉඳිකටුවෙන් පහර දෙන ආකාරයයි
    ඉන්දියාවේ සියලුම අසල්වැසියන් කොරෝනා වයිරස් ආසාදන වැඩිවීමක් පෙන්නුම් කරයි

    ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් “ඉන්දියාව හා සමාන තත්වයකට” මුහුණ දෙන බවට මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අනතුරු ඇඟවීම් නොතකා, සංචාර සහ ගමන් බිමන් සඳහා සීමා පැනවීමට රජය සති ගනනාවක් පසුබට විය.  ශ්‍රී ලංකික සිංහල බෞද්ධ සහ හින්දු බැතිමතුන් සාම්ප්‍රදායික නව වසර සමරන බැවින් බොහෝ අය අප්‍රේල් මාසයේදී නිදහසේ සංචාරය කළහ. ආසාදිතයින් වැඩිවීමට එරෙහිව එන්නත් ලබා ගැනීමට ගත් උත්සාහයන් ද විවිධ බාධකවලට ගොදුරු වී තිබේ.

    ශ්‍රී ලංකාව මේ වසර මුලදී ජනතාවට එන්නත ලබා දීම ආරම්භ කළ අතර බොහෝ දුරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සැපයීම සඳහා ඉන්දියාව මත යැපුණි. එහෙත් ඉන්දියාවේ නරක අතට හැරීමත් නැව්ගත කිරීම නැවැත්වීමත් නිසා වැඩසටහන නතර කිරීමට සිදුවිය.

    මැයි 19 වන විට ජනගහනයෙන් 6% කට වඩා වැඩි පිරිසකට එක් එන්නතක් ලබා දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලැබෙන්නේ කෙසේද හෝ කවදාද යන්න පිළිබඳව විශාල අවිනිශ්චිතතාවයක් පවතී.

    චීනයට ඇතුළු වන්න

    මේ වන විටත් ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාවේ බොහෝ අසල්වැසි ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමක සිටින ආසියානු දැවැන්තයා සහන සේවා කටයුතුවලදී පෙරමුණ ගෙන ඇති අතර, එන්නත්, පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ), මුහුණු ආවරණ සහ පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කරමින් සිටී. “මුහුණු ආවරණ” රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලෙස හැඳින්වේ.

    සෞඛ්‍ය සේවකයෙකු කොළඹදී චීනයේ සිනොෆාර්ම් COVID-19 එන්නතෙහි පළමු වෙඩි තැබීමට සූදානම් වේ
    කලාපය තුළ ඉන්දියාව විසින් ඉතිරි කර ඇති එන්නත් හිඟය පියවීම සඳහා චීනය කටයුතු කරමින් සිටී

    එන්නත් ලබා දීමට ඉන්දියාවට නොහැකි වීමෙන් පසුව ඉතිරිව ඇති එන්නත් හිඟය පියවා ගැනීමට ද චීනය සමත් වී තිබේ. චීනය විසින් සීනෝෆාම් එන්නත් මිලියන 1.1 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර එය එන්නත් කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට උපකාරී වී ඇති අතර රුසියානු ස්පුට්නික් එන්නත සමඟ තවත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ.

    ප්‍රවීණයන් පවසන්නේ අතීතයේදී බෝවන රෝග සඳහා එන්නත් යෙදවීමේදී ශ්‍රී ලංකාව ආදර්ශවත් වී ඇති බැවින් ආසියාවේ වෙනත් තැන්වල මෙන් කෝවිඩ් -19 එන්නත පිළිබඳව ජනතාව පසුබට නොවන බවයි. චීන හා රුසියානු එන්නත් පිළිබඳව යම්කිසි කනස්සල්ලක් ඇති වූ නමුත්, සිද්ධීන් ඉහළ ගොස් ඇති හෙයින්, ඒවා ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම්වල සිටිති.

    වසංගතයේ පීඩනය යටතේ ආර්ථිකය අරගල කරන බැවින් බීජිනය දැනටමත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයයි. නමුත් සමහර ප්‍රතිපත්ති විශේෂඥයන් කනස්සල්ලට පත්වන්නේ මෙය ශ්‍රී ලංකාව පිළිබඳ චීනයේ “ග්‍රහණය” ලෙස විචාරකයින් හඳුන්වන දේ පමණක් ශක්තිමත් කරනු ඇති බවයි.

    ගෝලීය වෙළඳ සබඳතා පුළුල් කිරීම අරමුණු කරගත් පුළුල් යටිතල ව්‍යාපෘතියක් වන බීජිං හි බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනට ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, බීජිනය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් හා සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇත.

    චීන සමාගම් සහ චීන අරමුදල් විසින් හම්බන්තොට ඉදිකරන ලද වරාය සහ (එහි ණය වාරික ශ්‍රී ලංකාවට ආපසු ගෙවීමට නොහැකි වූ අතර එම නිසා එය බීජිනයට භාර දී ඇත) චීන ආයෝජන මතම රැදී සිටීමට නියමිත කොළඹ වරාය නගරය විපක්ෂයේ සහ වත්මන් ආණ්ඩුව බලයට පත් කළ ඇතැම් ජාතිකවාදීන්ගේ කෝපයට හේතු වී ඇත.

    චීනයේ ඊනියා උපායමාර්ගය (දකුණු ආසියාව තුළ සිය බලපෑම පුළුල් කිරීමේ උත්සාහයක්) මතභේදාත්මක වන අතර, කලාපීය ප්‍රතිවාදියා වන ඉන්දියාව ඒ දෙස බොහෝ කලක සිට විශේෂ සැකයකින් යුතුව බලා සිටියි. නමුත් ඉන්දියාව මේ මොහොතේ මාරාන්තික ලෙස කොවිඩ් වසංගතය සමග සටන් කරන හෙයින් කලාපීය ගැටලු ගැන යොමු කළ හැක්කේ අල්ප අවධානයකි.

    “චීනයේ එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශ්‍රී ලංකාවේ පවත්නා චීන යටිතල පහසුකම් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට තවත් තට්ටුවක් එක් කරනු ඇත. එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමඟ දිවයිනේ චීන බලපෑම් ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වනු ඇත” යැයි දේශපාලන විශ්ලේෂක අසංකෙ අබේගුණසේකර බීබීසීයට පැවසීය.

    එහෙත් ආචාර්ය රන්නන්-එලියා පවසන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට මේ වන විට චීනය අවශ්‍ය බවයි. මන්දයත් අවශ්‍ය පරිමාණයෙන් කොවිඩ් එන්නත් නිපදවන එකම රට එය වන අතර වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වයට එන්නත්කරණය අතිෂයින්ම වැදගත්ය.

    “විශාල වැරැද්ද නම් අපි චීන ක්‍රීඩා පොත බැරෑරුම් ලෙස නොසලකන” බවයි. බීජිංහි අගුලු දැමීම්, සම්බන්ධතා සොයා ගැනීම, දේශසීමා වසා දැමීම සහ මහා පරිමාණයෙන් එන්නත් ලබා දීම පිළිබඳ බහුවිධ ප්‍රවේශය ගැන ඔහු සඳහන් කළේය.

    “අපි බ්‍රිතාන්‍ය ක්‍රීඩා පොත පිටපත් කළා. නමුත් ඔබ නවසීලන්තය වැනි රටවල් දෙස බැලුවහොත් ඔවුන් චීනයද පිටපත් කළා”.

    බීබීසී ඇසුරිණි – දළ පරිවර්තනය – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කොවිඩ් ආසාදිත මරණ 38ක්

    කොවිඩ් ආසාදිත මරණ 38ක්

    ඊයේ (20) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 38 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    COVID-DEATH-MAY-20

  • කොවිඩ් මර්දනයට ලෝකෙන්ම ප්‍රශංසා ලැබූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක්ද?

    කොවිඩ් මර්දනයට ලෝකෙන්ම ප්‍රශංසා ලැබූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක්ද?

    කොවිඩ් වසංගතය ආරම්භයේදී සහ එය පළමු – දෙවැනි ආදි රැලි ඇතිවන විට වසංගත විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක් වූ රටවල් අතර තායිවානය සහ සිංගප්පූරුව ඉහළින්ම තිබුණේය. එම රටවල් දෙක වර්ණනාවට ලක් වුණේ කොවිඩ් ආසාදිතයින් ශූන්‍ය කළ හෝ තනි ඉලක්කමට ගත් රටවල් වශයෙනි.

    නමුත් මේ මාසයේ සිංගප්පූරුව සහ තායිවානය යන රටවල හදිසි හා ආක්‍රමණශීලී සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ සිංගප්පූරුව නව රෝගීන් 248 ක් වාර්තා කළ අතර තායිවානයේ දේශීය ආසාදන 1,200 ක් වාර්තා විය. මෙම රටවල් දෙකම සමාජ රැස්වීම්වල ප්‍රමාණය සීමා කිරීම සහ පාසල් වැසීම වැනි සීමාවන් ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය ප්‍රමිතීන්ට අනුව, මෙම සංඛ්‍යා කුඩා යැයි පෙනේ. නමුත් මෙම රටවල් සඳහා, මෙම සංඛ්‍යා මීට මාස කිහිපයකට පෙර සිතාගත නොහැකි තරම් වේ !. 

    ඉතින් තායිවානයට සහ සිංගප්පූරුවට හරියටම වැරදුනේ කුමක්ද?

    උදාසීන කතාවක්: තායිවානය

    චීනය වෛරසය මතුවූ බව වාර්තා වූ විගසම විදේශීය සංචාරකයින් තහනම් කළ පළමු ස්ථාන අතර තායිවානය ද විය. මෙම දැඩි දේශ සීමා සීමා තවමත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මේ සමග තායිවාන ජනතාව මෙන්ම රජය ද උදාසීන වීමට පටන් ගත්තේය.

    තායිවාන් ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ලින් හියන්-හෝ පවසන පරිදි, වෛරස් රෝගයේ පොදු රෝග ලක්‍ෂණයක් වන උණ රෝගීන් පවා රෝහල් විසින් පරීක්ෂා කිරීම අමතක කළේය. නැතහොත් නවතා දැම්මේය.

    බී.බී.සී ජාත්‍යන්තර දත්තවලට අනුව තායිවානය පෙබරවාරි මස මැද භාගයේදී පුද්ගලයින් 1000 කට වෛරස් පරීක්ෂණ 0.57 ක් සිදුකර ඇත. සිංගප්පූරුවේ අනුපාතය 6.21 ක් හා එක්සත් රාජධානියේ අනුපාතය 8.68 ක් විය.

    “කෝවිඩ් -19 ඇතිවීමේ සම්භාවිතාව අත්‍යවශ්‍යයෙන්ම ශුන්‍ය බව රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට පවා පොදු උපකල්පනයක් පැවතුණා,” වෛද්‍ය ලින් බීබීසීයට පැවසුවේය.

    ‘‘ තායිවානයේ ශක්තිමත් දේශසීමා හරහා වෛරසයට පැමිණිය නොහැකි බවට සෞඛ්‍ය අංශවලට දැඩි විශ්වාසයක් තිබුණා. වෛද්‍යවරු එය බැරෑරුම් ලෙස සැලකුවේ නැහැ. රෝහල් අවදියෙන් සිටියේ නැහැත ඔවුන් සම්බන්ධතා සොයා ගැනීමක් සිදු කළේ නැහැ. නිසැකවම යම් උදාසීන හැඟීමක් තිබුණා‘‘

    මෙය විශේෂයෙන් ඉස්මතු කර දැක්වුනේ තායිවානය එන්නත් නොකරන ලද ගුවන් නියමුවන් සඳහා නිරෝධායන අවශ්‍යතා ආරම්භක දින 14 සිට දින පහක් දක්වා ලිහිල් කළ විටය. ඊටත් පසුව එය දින තුනක් දක්වා පහත දැමුවේය.

    ටික කලකට පසු, තාඕආන් ගුවන්තොටුපල අසල නොවෝටෙල් හි නැවතී සිටි චයිනා එයාර්ලයින්ස් ගුවන් නියමුවන් අතළොස්සක් අතර කොවිඩ් පොකුරක් ඇති විය. මෙම පොකුරට සම්බන්ධ බොහෝ අය පසුව B.1.1.7 ලෙස හැඳින්වෙන එක්සත් රාජධානියේ ප්‍රභේදය ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී.

    වෛරසය පසුව ප්‍රජාව හරහා පැතිරී ගොස් අවසානයේදී තායිවානයේ වැඩිහිටි විනෝදාස්වාද ස්ථාන කරා ද ගමන් කළේය.

    වුආන් හුවා ප්‍රදේශයේ පැරණි රතු ආලෝක දිස්ත්‍රික්කය
    තායිවානයේ රතු එළිය දිස්ත්‍රික්කයේ සම්භාහන මධ්‍යස්ථාන

    “තායි වැඩිහිටි පිරිමින් විශාල වශයෙන් මේ සම්භාහන මධ්‍යස්ථාන වෙත එනවා. ඉතිං එක ස්ථානයක ආසාදිතයෙක් පසුව පහසුවෙන් පොකුරක් නිර්මාණය කරනවා. එය ඉතා විශාල සුපිරි පැතිරීමක්” යැයි වෛද්‍ය ලින් පැවසීය.

    වසංගත රෝග විද්‍යාඥයෙකු වන මහාචාර්ය චෙන් චියන්-ජෙන් පවසන්නේ ධනාත්මක බව පරීක්‍ෂා කළ බොහෝ දෙනෙක් තමන් එවැනි වැඩිහිටි විනෝදාස්වාදක ස්ථානවලට ගිය බව ප්‍රකාශ කිරීමට අකමැති වීම නිසා සම්බන්ධතා සොයා ගැනීම වඩාත් දුෂ්කර වූ බවයි.

    “එය අපට මතක් කර දෙන්නේ ජනගහනයෙන් ඉතා සුළු කොටසක් නීති කඩ කළත් එය කාන්දුවීම් වලට තුඩු දෙන බවයි” වෛද්‍ය චෙන් පැවසීය.

    ජපානයේ වැඩිහිටි විනෝදාස්වාද කර්මාන්තය දෙස බැලීමට තායිවානය අපොහොසත් වූ බවත් (එය එක්තරා කාලයකදී ආසාදනවල කේන්ද්‍රස්ථානයක් විය) එය වසා දැමීමට නියෝග කිරීමට තායි බලධාරීන් අපොහොසත් වූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

    “අපි ජපානයෙන් පාඩම ඉගෙන නොගත් අතර තායිවානයට ද මෙවැනිම ගැටළු ඇති බව පිළිබිඹු කරන්නෙමු,” ඔහු පැවසීය.

    සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඇලෙක්ස් කුක් පවසන පරිදි තායිවානයේ තත්වය “දේශසීමා පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සහ රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොවන උපාය මාර්ගයක නිරන්තර අවදානම පිළිබිඹු කිරීමකි”.

    බිත්තියේ ඉරිතැලීම්: සිංගප්පූරුව

    කෙසේ වෙතත් සිංගප්පූරුවේ එය වෙනස් කතාවකි.

    අඩු අවස්ථා තිබියදීත් එහි ආරක්ෂිත පියවර සෑම විටම දැඩි විය. මහජන රැස්වීම් උපරිම අටක් දක්වා සීමාකර ඇති අතර, සමාජ ශාලා විවෘත කිරීමට ඉඩ නොදුන් අතර මංගල උත්සව වැනි මහජන රැස්වීම් සඳහා තවමත් සීමාවක් තිබේ.

    එහෙත් එහි එන්නත්කරණයේ තවමත් හිඩැස් ඇති අතර, මැයි අග වන විට සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ (ජනප්‍රිය සාප්පු මධ්‍යස්ථානයක් ද වේ) මේ වසරේ රටේ විශාලතම කොවිඩ් පොකුර බවට පත්විය.

    ආසාදිත ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් දකුණු ආසියාව ඇතුළු අවදානම් සහිත රටවලින් සංචාරකයින් පැමිණෙන කලාපයක සේවය කරමින් සිටින බව බලධාරීන් පසුව සොයා ගත්හ.

    මෙම සේවකයින්ගෙන් සමහරක් පසුව ඔවුන්ගේ ආහාර වේල ගුවන්තොටුපලේ ආහාර රාක්කවල තබා ඇත. ඒවා මහජනතාව සඳහා විවෘතව පවති හෙයින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය.

    එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුව දැන් එහි මගී පර්යන්ත මහජනතාවට තාවකාලිකව වසා දමා ඇත.

    ආරක්ෂිත වෙස්මුහුණු පැළඳ සිටින සංචාරකයින් 2020 දෙසැම්බර් 15 වන දින සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපල පර්යන්තයේ සංක්‍රමණ ප්‍රදේශය හරහා ගමන් කරයි.

    ආසාදිතයින්ගෙන් බොහෝ දෙනෙක් ඉන්දීය ප්‍රභේදය ආසාදිතයින් බව පසුව සොයා ගන්නා ලදි. සිංගප්පූරුව දැන් ඉහළ අවදානම් සහිත රටවලින් සහ කලාප වලින් ගුවන් ගමන් සහ මගීන් අඩු අවදානම් ස්ථාන වලින් පැමිණෙන අයගෙන් වෙන් කරන බව නිවේදනය කර ඇත. කාර්ය මණ්ඩලය ද කලාප අනුව වෙන් කරනු ලැබේ.

    මාසයකට පමණ පෙර අනතුරු අගවා තිබූ ආකාරයට සිංගප්පූරුව විධිමත් ආරක්ෂක පියවර නොගත්තේ මන්දැයි ඇතමෙක් ප්‍රශ්න කරති. නමුත් එක් විශේෂඥයෙක් කියා සිටියේ නව ප්‍රභේදය සිංගප්පූරුවට පිවිසීම “නොවැළැක්විය හැකි” බවයි.

    “සිංගප්පූරු වැසියන්ගෙන් බහුතරයක් අතිශයින්ම අනුකූලව කටයුතු කර ඇති නිසා මිනිසුන් කලකිරීමට පත්වන්නේ මන්දැයි මට වැටහෙනවා” යැයි ජාතික මහජන සෞඛ්‍ය පාසලේ පීඨාධිපති මහාචාර්ය ටියෝ යික් යින් පැවසීය.

    “නමුත් අපි චීනය මෙන් නොව රටේ දේශසීමා සම්පූර්ණයෙන්ම වසා දැමිය නොහැකිය. එය රටක් ලෙස අපගේ කීර්තිය, අපගේ ආර්ථිකය, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස අපගේ ස්ථාවරය හා බැඳී පවතී. [එසේම] අපි පසුගිය වසරේ එක්සත් ජනපදයේ තත්ත්වය දෙස බැලුවහොත්, එහි දරුණුතම වෛරස් ආසාදිතයන් පැමිණියේ චීනයෙන් නොව යුරෝපයට ගිය සංචාරකයින්ගෙනි. ඉතින් සිංගප්පූරුවට දේශසීමා කීයක් වසා දැමිය හැකිද? ”

    එහෙත් මහාචාර්ය කුක් පවසන්නේ රට තවමත් “හොඳ තත්වයක” සිටින බවයි.

    “සිංගප්පූරුව තවමත් ක්‍රියාමාර්ග වේගවත් කර තිබියදීත්, ඉතා හොඳ තත්වයක පවතින බැවින්,” දේවල් වැරදී ඇති බව “පැවසීමට මම පසුබට වෙමි,” ඔහු පැවසීය.

    “අපි එය එක්සත් රාජධානිය හා සසඳන විට, ජනගහනයේ ප්‍රමාණය අනුව සකස් කිරීමෙන් පසු සාමාන්‍ය දෛනික අවස්ථා එක්සත් රාජධානියේ මට්ටමෙන් 10% ක් පමණයි‘‘

    මන්දගාමී එන්නත් කිරීම

    සිංගප්පූරුව සහ තායිවානය යන දෙවර්ගයටම බලපාන එක් ගැටලුවක් තිබේ: එන්නත්කරණය !

    තායිවානයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය දේ හොඳින් සිදුවන විට එන්නත ලබා ගැනීමට අවශ්‍ය නොවීය. තායිවානයේ දැනට ගබඩා කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා මේ බිය තව දුරටත් වර්ධනය වේ.

    කෙසේවෙතත්, වර්තමානයේ රෝගීන් වැඩිවීම යන්නෙන් අදහස් වන්නේ තායිවානයේ ජනතාව එන්නත ලබා ගැනීම සඳහා දැන් පැමිණෙමින් සිටින බවයි. එකම ගැටළුව නම් – එහාට මෙහාට යාමට තරම් ප්‍රමාණයක් නොමැත. මිලියන 24 ක ජනගහනයක් සඳහා තායිවානයට මේ දක්වා ලැබී ඇත්තේ එන්නත් 300,000 ක් පමණි !

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත
    තායිවානයේ බොහෝ දෙනෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන පසුබට වූහ

    “අපි ජාත්‍යන්තර සමාගම්වලින් එන්නත් මිලදී ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. නමුත් අපට එතරම් මුදලක් ලැබුණේ නැහැ. අපගේ සැපයුම පවත්වා ගැනීමට ඇති එකම ක්‍රමය අප විසින්ම එන්නත් නිෂ්පාදනය කිරීමයි. මෙය තායිවානයට ඉතා වැදගත්” යැයි වෛද්‍ය චෙන් පැවසීය.

    තායිවානය මේ වන විට දේශීය එන්නත් දෙකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ජූලි මස අවසානයේදී ලබා ගත හැකිය.

    එය සිංගප්පූරුවේ ද එවැනිම කතාවකි.

    ගිනිකොනදිග ආසියාවේ ඉහළම එන්නත අනුපාතය වන (අපේ ලෝක දත්ත වලට අනුව) 30% ක් පමණ දෙනාට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී තිබේ. නමුත් එන්නත සැපයුමෙන් රට සීමා වී ඇත. වසර අවසාන වන විට එහි මුළු ජනගහනයට එන්නත ලබා දීමට රජය අපේක්ෂා කරයි.

    “අවසානයේදී අපට සැපයුම සීමා වී ඇත. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය වැනි රටවල ඔවුන්ගේම එන්නත් නිපදවීමේ හැකියාවන් ඇත” යනුවෙන් මහාචාර්ය ටියෝ පැවසීය.

    “එන්නත් සඳහා අවශ්‍යතාවය දිගු කාලීනව පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එබැවින් අපගේම නිෂ්පාදන හැකියාවන් ඇති කර ගැනීම සඳහා අප ගමන් කරන්නේ ඒ නිසා ය”

    මහාචාර්ය ටියෝ තවදුරටත් කියා සිටින්නේ මෙම ස්ථාන දෙකෙහිම ඉහළ යාම දැන් ආසාදිතයින් අඩුවීමක් දක්නට ලැබෙන රටවලට පාඩමක් බවයි.

    “යුරෝපයේ රටවල් හෝ එක්සත් ජනපදය පියවර ලිහිල් කිරීමට පටන් ගන්නා විට, ඔවුන් ඉතා සුපරීක්ෂාකාරී විය යුතු අතර සිදුවන්නේ කුමක්ද යන්න ලොව පුරා සොයා බැලිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

    “සිංගප්පූරුවේ තායිවානයේ සිදුවී ඇත්තේ කුමක්ද – එය අපගේ ආරක්‍ෂාව අතහැර දැමිය යුතු නැති බවට ලකුණකි.”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ